❦ Tips For Tele Writers ❦

❦ Tips For Tele Writers ❦

04

Telegra.ph Tips 04 ★ Mistakes, Answers & editing app

කලින් ලිපි තුන කියෙව්වෙ නැති අය පහල වචන තුනෙන් ඒ ටික කියවන්න.


පළමු ලිපිය දෙවන ලිපිය තෙවන ලිපිය




අද අපි කතා කරන්නෙ telegraph හදන ඕනෙම කෙනෙක්ට එන පොදු ප්‍රශ්න කීපයක් සහ ඒකට විසඳුමක් ලෙස පාවිච්චි කරන්න පුලුවන් ඇප් එකක්. අපිට එන සමහර ප්‍රශ්න.


  1. පොටෝ එකක් upload කලාට පස්සෙ ඒක අයින් කරගන්න බෑ මලාටවත්.
  2. publish කරපු telegraph එකක් ඩිලීට් කරගන්න විදිහක් නෑ.
  3. web browser එකෙන් edit කරන්න ගියාම එපාම වෙනව මගුල.
  4. අනික අපේ ඔක්කොම telegraph හොයාගන්නත් බෑ එකම තැනකින්.


ඔන්න ඕවනෙ අපිට එන මූලික ප්‍රශ්න. කාලයක් මමත් වැරදි පොටෝ එකක් upload උනාම ආපහු අලුතෙන්ම telegraph එකක් හැදුව. ඒ තරන් මල මගුලක් ඒක. අයින් කරගන්නත් බෑ මුකුත් බෑ.


ඉතින් එහෙනං අපි කතා කරමුද මේකට තියෙන හොඳම විසඳුම.


ඔව් ඒ අර ඇප් එක.


Telegraph x - publishing tool


මෙන්න මේ ඇප් එක පාවිච්චි කරල අපිට පුලුවන් මේ කියන ප්‍රශ්න වලට සරලවම පිළිතුරු හොයන්න.


හැබැයි ඇප් එකේ free version එකේ ගොඩක් features අඩුයි. ඒ නිසා අපි පාවිච්චි කරනව mod apk එකක්. ඇප් එක ඩවුන් කරගන්න👇


මතක තියාගන්න. මේක මම telegraph editor එකක් විදිහට හැඳින්වුවේ හේතුවක් ඇතිව. සමහර ෆෝන් වලට මේ ඇප් එකෙන් හදන telegraph වල හිස් රූලක් ගන්න බෑ.


පහල පොටෝ එකේ තියෙන්නෙ එහෙම මෙ ඇප් එකෙන්ම හදපු එකක්.👇.


ඔක්කෝම එක ගොඩේ නේ. ඉතින් අන්න ඒකයි මම කිව්වෙ. ලියන දේ මොනා උනත් ඉඩ ඇතුව ලියන්න ඕනෙ. ඒ නිසා මම නිර්දේශ කරනව මේක editor එකක් හැටියට විතරක් පාවිච්චි කරන්න කියල.


ඒ කියන්නෙ ඔයා සාමාන්‍ය විදිහටම web browser එකෙන් ලොග් වෙලා ඔයාගෙ කතාව ලියල ඊට පස්සෙ මේ ඇප් එකෙන් කැමති දෙයක් කරන්න. අපි දැන් බලමු එහෙනං මේ ඇප් එකට ලොග් වෙන හැටි.


(පොටෝ දානවට වඩා වීඩියෝ දැම්මම තේරෙනවනේ)

හරිනෙ ලොග් වෙන විදිහ තේරුනානෙ. ඇප් එක open කලා,

launch telegram --> telegram --> telegraph bot --> log in this device --> telegraph x --> done.


ඔයා මේ ඇප් එකට ලොග් උනාට පස්සෙ ඔයාට පෙන්නනව ඔයාගෙ telegraph acc එකෙන් publish කරපු හැම post එකක්ම. ඒ කියන්නෙ සරලමව ඔයාට ඔයාගෙ කතා හෝ ලිපි ටික එකම තැනකින් හොයාගන්න පුලුවන්.


මුලින්ම ඔයා note pad එකක ටයිප් කරල web browser එකට paste කිරීම හෝ කෙලින්ම web browser එකෙන්ම කතාව type කිරීම කරන්න.


ඊට පස්සෙ ඔයා ඒක එතනින් publish කරල මේ ඇප් එකට එන්න.


මේ ඇප් එකෙන් තමා අපි edit කරන්නෙ එහෙනං.


අපි මුලින්ම ඇප් එකේ ව්‍යුහය බලමු.

1.ඇප් එකේ පෙනුම


2. ඇප් මෙනු (menu) එක.


3. Account management එක


4. ඇප් එකේ telegraph edit කරන හෝ අලුත් එකක් හදන තැන පෙනුම


හරිනෙ. දැන් ඔයාල එහෙනං පහල වීඩියෝ එකත් බලල ඇප් එකේ කැමති දෙයක් කරන්න. පොඩ්ඩක් ඔබල බලන්න. අනං මනං කරගන්න නං එපා හොඳේ.


එහෙනං කතාව ලස්සනට ගලපගැනීම ඔයාලට භාරයි. ඔන්න මම basic එකේ ඉඳන්ම කියල දුන්න. මොකද ඇප් එක නැති කාලෙකත් ඒ දේවල් කරන්න ඉගෙන ගෙන තියෙන්නෙ ඕනි නෙ.


අමර කට්ටක් කාල මේක හැදුවෙ. දෙයක් ඉගෙන ගත්ත නං හෝ අලුත දෙයක් ලේසි දෙයක් මොකක්ම හරි මේ ආටිකල් සීරියස් එකෙන් හම්බුනා නං comment එකක් දාන් යන්න.


ජය වේවා.....

Report Page