Channel Join Button එකක් ඔයාගෙ telegra.ph එකට ඇඩ් කරමු
#Telegra.ph_Tips

1. Instant view මැසේජ් එකට ඔයාගෙ telegram channel එකේ join button එකක් ඇඩ් කරන්නෙ කොහොමද?
නිකං පොල්ලෙන් ගැහුව වගේද. තේරුන්නෑ නේ. මෙහෙම හිතමු. මගෙ telegram channel එකේ නම තමයි "Telegram tips" කියන්නෙ. දැන් මට ඕනෙ මගෙ මේ චැනල් එකට join වෙන්න button එකක් දාන්න මම මේ හදන article එකට. නිකංම ජොයින් වෙයන් කියල ලින්ක් එක දාන්න නෙවේ. ටිකක් professional විදිහට join button එකක් දාන්න. මම දැන් හදන්නෙ instant view එකේ උඩින්ම මගෙ චැනල් එකට join button එකක් ඇඩ් කරන්න. පහල පොටෝ දෙක බලන්නකො.


ඉතින් තේරෙනව නේද දෙකේ වෙනස. ඔයාගෙ චැනල් එක promote කරගන්න මෙන්න නියම චාන්ස් එකක්. එහෙනං දැන් අපි බලමු මේක කරන විදිහ.
මහා ලොකු මගුලක් නෑ. ඔයාට කරන්න තියෙන්නෙ Author name එකට ඔයාගෙ චැනල් එකේ නම හෝ කැමති නමක් දාල Author link එකට ඔයාගෙ චැනල් එකේ ලින්ක් එක දාන එක.
අපි step by step යමු. පහල තියෙන පොටෝ ටික බලාගන්න හොඳට.



මතක තියාගන්න. මෙතනදි ඔයාට ඔයාගෙ instant view එකට අර වගේ join button එකක් හදන්න ඕනෙ නං ඔයාට සිද්ධ වෙනව ඔයාගෙ චැනල් එකේ username එක හෝ channel link එක දීල send කරන්න.
ටෙස්ට් කරල බලන්න.
මතක තියාගන්න.
මේක කරාට ඔයා මේ වෙනකොටත් publish කරපු instant view වලට මුකුත් වෙනසක් වෙන්නෑ. මේක කරාට පස්සෙ ඔයා හදන අලුත් ඒවට අර විදිහට join button එකක් ඇඩ් වෙනව.