❦ Tips For Tele Writers ❦

❦ Tips For Tele Writers ❦

03

Telegra.ph Tips 03 ★ including videos

කලින් කොටස් දෙක කියවපු නැති අය පහල වචන දෙකෙන් ඒ කෑලි දෙක කියවන්න.


පළමු කොටස දෙවන කොටස


හරි එහෙනං. කලින් කොටස් දෙකෙන් වැඩක් උනා කියල හිතනව.


ඒත් එක්කම කලින් කියපු එකේ වීඩීයෝ එකත් බලන්න. screen share එකක් දැම්මෙ. තේරෙයි කියල හිතනව.


2.දෙවන ලිපිය (දැනටම publish කරපු telegraph එකකට channel join button එක ඇඩ් කරන හැටි)


3.දෙවන ලිපිය (Heading , sub-heading , quote mode , bold letters , italic letters හදන හැටි)


එහෙනං ඔය ටික බැලුවම තේරුනා කියල හිතනව.


අද අපි බලමු තව පොඩි tricks එකක් සහ ඔයාගෙ කතාවෙ හෝ article එකේ පිළිවෙල හදාගන්න විදිහ ගැන.



පොඩි trick එකක් සමගම කතාවෙ පිලිවෙල තියාගමු...


මෙන්න මේකයි ට්‍රික් එක. පහල පොටෝ එක බලන්නකො. ඔයාල සාමාන්‍යයෙන් කතාවක් පළ කරන්නෙ එහෙමනෙ. ඒ කියන්නෙ ඔයාලගෙ කතාව පිටට පේන්නෙ මෙන්න මෙහෙම👇.


ඉතින් කතාව ඇතුලත් පේනව වගේ පොඩ්ඩක් නේ. අවුල් වගේ නැද්ද නිකං.


දැන් බලන්න මෙහෙම පෙනුනොත්👇


පොඩි ගතියක් තියේ නේ.


instant view එහෙමත් නැත්තං මේ telegraph එකක මේ pop up look (පිටතට මෙහෙම පේන කොටස) ඇවිල්ල හරියට පොතක කවරයක් වගේ.


පොතක ඇතුලෙ තියෙන දේවල් එලියට පේන්නෑ වගේම අපි මේ අපේ telegraph එකේ අන්තර්ගතය එලියට පෙන්නන්න හොඳ නෑ. ඒ නිසා අපි මුලින්ම මෙන්න මේ එලියට පේන ලුක් එක එහෙමත් නැත්තං කවර් එක ගානට හදමු.


කතාවක හෝ ලිපියක තියෙනව මෙන්න මේ අත්‍යවශ්‍යම කොටස් ටික.

  1. කතාවේ හෝ ලිපියේ නමක්
  2. කී වෙනි කොටසද
  3. පොටෝ එකක්
  4. අන්තර්ගතයක්
  5. රචකයාගේ නම


මෙන්න මේ කොටස් වල අනුපිළිවෙල හදාගන්න ගමන්ම අපි කතාවෙ look එකත් වෙනස් කරමු.


දැන් බලන්න මෙන්න මේ පහල පොටෝ එකේ විදිහට කතාවෙ ආකෘතිය👇.

👆ඔන්න ඔය පිළිවෙලට කතාව පෙල ගස්සවන්න. ඔයාගෙ පොටෝ එක උඩින්ම දාන්න එපා. උඩින්ම දාන්න කතාවෙ කීවෙනි කොටසද කියල. ඒකට මම කලින් කිව්ව වගේ Heading format එක පාවිච්චි කරන්න.


ඊට පස්සෙ කතාවෙ පොටෝ එක දාල ඒ පොටෝ එකේ කැප්ශන් එකට ඔයා කැමති දෙයක් ටයිප් කරන්න. මේක අනිවාර්‍යයි. ඔයාට අර වගේ ලුක් එකක් ඕනි නං කතාවෙ ඇතුල පේන්නැතිවෙන්න හදාගන්න ඕනෙ නං පොටෝ එකේ කැප්ශන් එකට දෙයක් ඇතුලත් කරන්න ඕනෙ. ඔයාගෙ nick name එකක් දාන්නකො.


ඊට පස්සෙ මම අර කිව්ව වගේ කතාව ලියල යටින්ම ඔයාගෙ නම දාන්න.


මෙන්න මෙහෙම කලාම ඔයට පුලුවන් වෙනව අර මං කිව්ව වගේ ගානට කතාවෙ පොටෝ එකයි කී වෙනි කොටසයිද කියන එක විතරක් එලියට පේන්න හදන්න. තේරුන්නැත්තං පහල වීඩියෝ එක බලන්නකො.👇(පොඩ්ඩක් ලොකුයි වීඩියෝ සයිස් එක)

එහෙනං කලින් ඒවගෙත් වීඩියෝ දැම්ම.මේ ටිකත් තේරුනා කියල හිතනව.


ඊලඟ එකෙන් මම කියල දෙනව telegraph editing ඇප් එකක් ගැන. සමහරු දන්නව ඇති. නොදන්න අය ඉන්නව නං, ඒක ඕනි කියල හිතනව නං comment එකක් දාන් යන්න. මේ කියපු ටික තේරුනේ නෑ වගේ නං comment section එකේ දාල තියන්න මම උදව් කරන්නම්. ඊළඟට ඔයාල කලින් කොටසට කියල දාන ලින්ක් එක එක වචනයක් ඇතුලට දාන විදිහ කියල දෙන්නං...


කෙනෙක් අහල තිබ්බ telegraph account එකක් ඩිලීට් කරන්න පුලුවන් ද කියල. මම හොයල බැලුව. එහෙම තැනක් නං හම්බුනේ නෑ. අපිට පුලුවන් telegraph bot ගෙන් වෙන account එකකට මාරු වෙන්න. account 5k පුලුවන්. හැබැයි ඩිලීට් කරන්න බෑ. ඔයාට ඕනෙ නං publish කරපු telegraph post එකක් ඩිලීට් කරන හැටි කියල දෙන්නං ඊළඟ එකෙන්.

Report Page