The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

06 🌼👀




කොෆී දෙකේ ඔච්චර බලන්න තියෙන්නෙ මොනාද කියලා මාත් කොෆී දෙක දිහා බලකොටයි තේරුනේ මොකක්ද සීන් එක කියලා. අයියෝ මන්දා මේ මිනිස්සුන්ටත් හරිකට වැඩක් කර ගන්න බෑනෙ. මොන සිහියෙන් වැඩ කරනවද මන්දා 😒 මං මෙතනට ආපු එකයි තියන එකම වැරැද්ද.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




කොෆී දෙක වෙච්ච දෙන්නෙක් වගේ. දැන් ඉතින් ආයෙ ඕඩර් කරපන්කො. කොෆී එක දිහා බලන් හිටපු එයත් මං දිහා බැලුවෙ මාත් ඔලුව උස්සලා එයා දිහා බලද්දි.




" ඒක මගේ "




මාත් ඒක කියනකොටම මාත් එක්කම එයත් ඒකම කිව්වෙ නිදහසේ කොෆී එකක්වත් බොන්න දෙන්නෑනෙ මේ මනුස්සයා කියලා හිත හිත.




" එක්ස්කියුස් මී හලෝ.... මං ඔයාගෙ එක නෙවේ ඔයයි මගෙ එක ගත්තෙ "




මං ඇගිල්ලක් එයා දිහාට දික් කරලා කිව්වෙ ඒ මනුස්සයා හරියට කතා කරන්නෙ මං මේ එයා ඕඩර් කරපු කොෆී එක අරන් බලෙන් කටේ ගහ ගත්තා වගේනෙ 😒




" මං කොෆී එකක් ඕඩර් කරලා තියෙද්දි වෙන වෙන කෙල්ලොන්ගෙ කොෆී අරන් බොන්න මට වෙන වැඩ නෑ කියලා හිතුවද "




කින්ඩියට වගේ හිනා වෙලා කියද්දි මට ආපු තරහට මං රතු වෙන්නැති. යකෝ මූ බලහන්කො. එතෝට දැන් මෙතන මං විතරද වැරදි. ඇයි ඇස් දෙකක් තියන මූට බැරිද බොන්න කලින් ඕක බ්ලැක්ද මිල්ක්ද කියලා බලන්න.




" මේ මේ දැන් එතකොට ඔයා කියන්නේ..... මෙතන මං ඔයාගෙ කොෆී එක අරන් බිව්ව කියලද "




" මෙතන දෙන්නගෙම වැරද්දක් තියන්වා. ඔයා ඔයාගෙ වැරැද්ද බාර ගන්න. "




" මං මෙතන මොනාද කරේ. කොහෙවත් යන මිනිස්සුන්ගෙ කොෆී බලෙන් බොන්න මටත් පිස්සු නෑ "




" කොෆී එකේ ගෙම්බෙක් හිටියත් ඔච්චර තමා "




උඩට ඉස්සිලා තියන කොන්ඩෙ අවුස්ස අවුස්ස වෙන පැත්තක් බලාගෙන ඇහෙන නොඇහෙන ගානට කිව්වට ඒක මට ඇහුනා. මගේ ඇස් පෙනුනත් නැත්තත් තියන රුදාව මොකක්ද දන්නෑ 😏




" මේ ඕ..... "




" එක්ස්කියුම් මේ. මැඩම්... සර්.... ඩූ යූ හෑව් අ පොබ්ලම් "




වේටර් කෙනෙක් ඇවිත් අහද්දියි දැක්කෙ කැෆේ එකේ මිනිස්සු දෙතුන් දෙනෙක්ම අපි දිහා කන්න වගේ බලන් ඉන්නවා. මොනා උනත් කොලෙට ලතාවට ඩූ යූ හෑව් ගගා ප්‍රශ්නයක් තියෙන්වද අහන අර වේටර්ගෙ බෙල්ල මිරිකන්න තරම් මට තරහයි.




" පොබ්ලම්. පොබ්ලම් තමයි. මොන සිහියෙන්ද තමුසෙලා වැඩ කරන්නෙ අහ්. "




අර එහා පැත්තෙ හිටපු එකාත් එක්කත් තිබ්බ තරහයි ඔක්කොම දාලා අර වේටර්ගෙ පිටින් යැව්වෙ පස්සෙ ඒ වේටර් පවු කියලත් හිතෙද්දි.




" ඇයි මැඩම්. මොකක්ද අපෙන් වුන වැ.... " වේටර් කියලා ඉවර කරන්න කලින් මං කතා කරේ ඌ තව මෙතන හිටියොත් මගෙන් කනවා කියලා හිත හිත.




" වැරැද්..... "




" හෝව් හෝව් ලෝයර් මිස්..... කූල් ඩවුන් ප්ලීස්. දිස් ඊස් අ කැෆේ. දිස් ඊස් නොට් කෝර්ට් "





එයා ඒම කියද්දි මං එයාටත් රවලා අහක බලා ගත්තෙ කැෆේ එකේ හිටපු මිනිස්සු හැරි හැරී බලද්දි. දැන් මේ හැරී හැරී ඕපදූප හොයන මිනිස්සුන්ටත් මං දෙන්වා උඩින් යන්න ඇහ්😒 ඇයි යකෝ තොරන් තියන්වා කියලා හිතුවද දන්නෑ.




" මං ඉල්ලුවේ මිල්ක් කොෆී. මේ මැඩම් ඕඩර් කරේ බ්ලැක් කොෆී. ඔයාලා ඒ දෙක මාරු කරලා දීලා. ප්ලීස් ටිකක් සිහියෙන් වැඩ කරන්න. කාට හරි මොනා හරි ඇලජික් උනානම් කේස් එක ඔයාලටමයි. අපේ ඔඩර් දෙක ආපහු ගේන්න ප්ලීස් "




සන්සුන් විදිහට එයා වේටර්ට කියද්දි මං තාමත් හිටියේ එලිය බලාගෙන තරහින්. වෙලාවටක හිතෙනවා එයා කතා කරපු විදිහට මාත් කතා කරා නම් කියලා. තරහ යනවා වැඩීද කොහෙද. භාවනා කරන්න්වත් ඕනි. නැත්තම් හැම තැනම ගිහින් මේම තරහ ගිහියොත් මට නම්බුවක් ඉතුරු වෙන්නැති වෙයි.




ටික වෙලාවකින් අපි බැනපු වේටර්ම අපිට කොෆී දෙක දීලා ගියේ මං එයාට රව රව කොෆී එක බොද්දි. හේතුවක් මං දන්නෑ මං රැව්ව ඉතින්. මං රවනකොට එයා කරේ කට කොනකින් හිනා උන එක. ඉතින් මට තරහ යන එක සාදාරන නැද්ද.




" මිස් මිස්.... මිස්.... "




මගේ ගවුමෙ පොටකින් ඇද ඇද චූටි කටහඩකින් කතා කරන්නෙ කවුද බලද්දියි දැක්කෙ දැන් මාස ගානකට කලින් මං හැඩ්ල් කරපු කේස් එකකින් මට හම්බුන චූටි හුරතල් ගෑනු ලමයෙක් කියලා. එයාව අදුර ගන්න මට වැඩි වෙලා ගියේ නැත්තෙ එයාගෙ කටකාරකමයි හුරතලෙයි මගේ හිතට වැදිලා තිබුන නිසා.




කොල පාට ලෙහෙන්ගා ටයිප් විලුබ ගාවට යනකම්ම දිගට තිබ්බ සායකුයි වැලමිට ගාවට එනකම් අත් තිබ්බ හැට්ටෙකුයි කොලයි කහයි මික්ස් වෙච්ච පාටකින් වලලුයි අත දෙකටම දාලා චූටි කොන්ඩයක් උඩට කරලා බැදලා හිටිය ඒ පුංචි දෙමල කෙල්ල හරිම හුරලත් පාටයි. ඒ තරම්මයි කටත් ඉතින්.




" මිස්ට මාව මතකද " එයා දෙමල නිසා සිංහල කතා කරේ අමාරුවෙන්. එයා හරිම කියුට් මට නම්.




" ඔව් පැටියෝ මතකයි "




" මේ ඉන්නෙ මිස්ගෙ රෝමියෝද " මගේ කනට ලං කරලා අහද්දි ඇත්තමයි එතන ලග කවුරුත් නැති එක ගැන මට දැනුන සතුට කියා ගන්න බැරි තරම්.




මං ඇස් දෙක ලොකූ කරලා එයා දිහා බැලුවෙ ඒ චූටි කෙල්ල එකපාරට අපහු එකට දෙන්න උත්තර මට මතක් උනෙත් නැති නිසා. මාව රතු වෙන්නැති. ඒ නිසා එයත් මං දිහා බැලුවෙ ප්‍රශ්නෙකට උත්තර අහන්න වගේ.




" නෑ නෑ පැටි...... " මං කියන්න ඉස්සෙල්ල ඒ චූටි කෙල්ල මගේ අත අතෑරලලා එයා ගාවට ගියේ මට මෙතනින් යන්න තිබ්බ නම් මං පියාඹලා යන්නෙ කියලා හිතෙද්දි.




" අංකල් අංකල්.... මිස්ව හොදින් බලා ගන්න "




ඒම කිව්වම එයත් ඔලුව වැනුවෙ හිනා වෙලා. ඊට පස්සෙ ඒ කෙල්ල ටික දුරක් දුවන් ගිහින් අතත් හදලා " නල්ලම් නල්ලම් " කියලා හිනා වෙලා කියලා ආපහු දිව්වෙ ඒ මොකක්ද උනේ කියලා හිතා ගන්න බැරුව මං එතනම ගල් වෙද්දි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



♾️ දෙසැරයක් විතරම කලින් එපිසෝඩ් ටික ඉල්ලලා තිබ්බා. සොරි ඊයෙ දෙන්න හිටියට අමතක උනා.

1🌼👀 https://telegra.ph/The-Best-Lowyer-04-08


2🌼👀 https://telegra.ph/The-Best-Lowyer-04-09


3🌼👀https://telegra.ph/The-Best-Lowyer-04-12


4🌼👀 https://telegra.ph/The-Best-Lawyer-05-01


5🌼👀 https://telegra.ph/The-Best-Lawyer-05-02


♾ U_H






Report Page