The Best Lawyer ♟👀

The Best Lawyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lawyer ♟👀

05 🌼👀




ඒ මනුස්සයා එක පාරටම මැගසින් එක අයින් කරා. කයිය පැත්තකින් තියලා මෙතනින් යන්න තිබ්බ නම් හොදයි කියලා මට හිතුනෙ එතෝටයි.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖




ඔව් ඒ අර එදා හිටපු කෙනාමයි. එයා ලස්සනයි. හොද පාටයි. උගත් පාටයි. මොනා උනත් මනුස්සයෙක් පිටින් මනින්න එපා කියල අයියා මට කියලා දීලා තියෙන්නෙ 😌




මං දැක්කත් ඒ කෙනා නොදැක්ක ගානට හිටියේ කවදාවත් දැකලා නෑ වගේ සීන් එකක් පෙන්නගෙන. එයත් එතෝට ආපහු මැගසින් එක මූනට අරන් කියවන්න ගත්තෙ කට කොනකින් ආපු හිනාව මැගසින් එකෙන් වහ ගන්න වගේ.




" මිස් මොනාද ඕනි. මෙන්න මෙනූ එක සිලෙක්ට් කරලා කියන්න "




ඒ වේටර්ගෙ ඒප්‍රන් එකත් කැෆේ කරල් එකටම කහයි කලුයි එකක්. උස සුදු කෙට්ටු ඒ වේටර් මං ඉස්සරහට ඇවිත් මේස උඩින් මෙනූ එක තියලා අත් දෙක පිටිපස්සට මැදන් ඩීසන් එකේ හිට ගත්තෙ මාත් ඕඩර් කරන්නෝනි මොනාද කියලා කලින්ම හිතලා තිබ්බත් මෙනූ එක දිහා බැලුවෙ බොරුවට.




" ම්ම්ම්ම් මට බ්ලැක් කොෆී එකක් "




මං හිනා වෙලා කිව්වම වේටර් ඕකෙ මැඩම් කියලා එහා පැත්තෙ හිටපු කෙනා ගාවට ගියේ සර් මොනාද ඕනි කියාගෙන. ඒ කෙනා මිල්ක් කොෆි කියද්දි බිම බලන් හිටපු මං ඔලුව උස්සලා බැලුවෙ නිකමට වගේ.




මං එයාගෙ ඇස් දිහා බලන්ත් එක්කම එයා කරන්ට් එකක් වැදුනා වගේ ඇස් අහකට අරන් වේටර්ට හිනා වුනේ වේටර් මෙනූ එකත් අරන් එතනින් යද්දි.




කොෆී එක අරන් එනකම් කරන්න වැඩකුත් තියෙන්නෝනි නිසා මං ෆ්බී පැත්තෙ ගිහින් මගේ ලගම යාලුවො දාලා තිබ්බ එක එක විකාර පෝස්ට්ස්වලට හාර්ට් රියැක්ට් දදා ගියේ කම්මැලි කමේ.




ඒ අස්සෙ උන් එක එක ලව් පෝස්ට්සුයි විකාර පෝස්ට්සුයි දාලා තියෙද්දි ඔහේ හැම එකටම හාර්ට් රියැක්ට් දාද්දි පස්සෙ තමා මතක් වෙන්නෙ අර පෝස්ට් එකේ තිබ්බෙ වෙන දෙයක්නෙ, ඒකට හාර්ට් රියැක්ට් දාලා උන් එක්ක වසන්න හම්බෙන්නෑ කියලා.




ආයෙ ස්ක්‍රීන් එකේ උඩට ගිහින් ඒ පෝස්ට් එක හොයාගෙන හාට් රියැක්ට් එක අයින් කරලා හාෆින්ග් ඉමෝජි රියැක්ට් එක දාන්නෙ මට නම් පිස්සු කියලා මං මටම කියා ගද්දි.




එහා පැත්තෙ ඉන්න කෙනා අච්චර අර පිස්සු මැගසින් එකට ඔලුව ඔබන් මොනා කරනවද මන්දා. මං දිහා බලන් ඉන්නවයි කියලා දැනෙනකොට මං ඔලුව උස්සලා බලන්නෙ දැන් බලන්නද දැන් බලන්නද කියලා දහ සැරයක් විතර හිතලා.




අනේ එතන ඉදන් ඉන්නව කියන එක නම් ඇත්තමයි මාර අමාරු වඩක්. ඒ හිතලත් ඔලුව උස්සලා බලද්දි එයා මැගසින් එක දිහා බලන් ඉන්නවා දකිද්දි මට මොන විකාරයක් වෙලාද කියලා හිතිලා අත නලලෙ ගහ ගන්නෙ මට පිස්සු කියලා මටම ඔප්පු වෙද්දි.




ටිකකින් මගේ බැල්ක් කොෆී එකයි එයාගෙ මිල්ක් කොෆී එකයි ආවෙ එකම ට්‍රේ එකේ එකම වෙලාවට. ඉස්සෙල්ලාම මගේ එක දෙද්දි එයා මැගසින් එක වහලා පැත්තකින් තියනවා මං දැක්කෙ මගේ රබර් ඇහෙන්. ඊට පස්සෙ ට්‍රේ එක ඇල්ලුවේ එයාට.




එක්කෙනෙක් දෙන්නෙක් කැෆේ එකෙන් යද්දි මං බ්ලැක් කොෆී එක බොන්න ගත්තෙ මනෝ පාරක් ගහගෙන.




එක්කො මං බ්ලැක් කොෆීවල රස දන්නෑ. එක්කො මේ මිනිස්සු මට බ්ලැක් කොෆී කියලා දීලා තියෙන්නෙ වෙන මොනාදෝ. ඒක මිල්ක් රහයිනෙ. අනේ අයියෝ මං මිල්ක්වලට ආස නෑ. ඊයා. තව පොඩ්ඩෙන් මං කටට ගත්ත ටික එහෙම්මම එලියට දානවා.




දැන් මං කටට ගත්ත ඔක්කොම එලියට දැම්ම ගමන් ඔක්කොම මං දිහා බලන්න පටන් ගනියි. වේටර් දුවන් එයි. එහා පැත්තෙ ඉන්න මනුස්සයත් එබි එබී බලයි. ඔයා හදින්ද අරකද මේකද අහන්න ගත්තම ඊයා වස ලැජ්ජාවයි. ඊට වඩා හොදයි කටට දා ගත්ත එක එහෙම්මම ගිලලා ගෙදර ගිහින් ඕක ජීරණය කර ගන්නවා.




වැඩි දුර හිතලා එලියට දාන්න හදපු කොෆී උගුර අමාරුවෙන් ගිලලා දැම්මෙ අප්පිරියාවෙන්. ඒක බීලා කොෆී කප් එක මේස උඩින් තියලා මේසෙ උඩ තිබ්බ ප්ලේට් එකෙන් ස්‍ර්වියට් එකක් අරන් කටට තියා ගත්තෙ ඒ මොන ජරාවක්ද මංදා කියලා හිතන ගමන්.




අයියෝ මං ඉල්ලුවෙ බ්ලැක් කොෆී අප්පා. බ්ල්කැක් කොෆී එකේ කොහොමද මිල්ක් රහක් එන්නෙ. එතෝටයි දැක්කෙ එහා පැත්තෙ මනුස්සයාව. එයා එයාගෙ කොෆී එක දිහායි මං මේස උඩින් තිබ්බ මගේ ඔෆී එක දිහායි මාරුවෙන් මාරුවට බලන්නෙ එයත් කටට දා ගත්ත කොෆී උගුර ගිලින්න බැරුව වගේ ඉන්නකොට.




කොෆී දෙකේ ඔච්චර බලන්න තියෙන්නෙ මොනාද කියලා මාත් කොෆී දෙක දිහා බලකොටයි තේරුනේ මොකක්ද සීන් එක කියලා. අයියෝ මන්දා මේ මිනිස්සුන්ටත් හරිකට වැඩක් කර ගන්න බෑනෙ. මොන සිහියෙන් වැඩ කරනවද මන්දා 😒 මං මෙතනට ආපු එකයි තියන එකම වැරැද්ද.




➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



♾️ කමෙන්ට් 300ක් නම් තිබ්බෙ නෑ හැබැයි. ආ කමක් නෑ 🥲 හැබැයි අද ඕනි ඇහ්. ඊලග එක දෙන්නෑ ඔන්න දුන්නෙ නැත්තම් හුම්. ටිකක් දරුනු වෙන්නෝනි මොනා උනත් 😌


ඊයෙ එපිසෝඩ් එකට හිතුවට වඩා කමෙන්ට්ස් තිබ්බ. හැමෝටම තෑන්ක්ස්. මං හිතුවෙ කට්ටියට මතක වෙලා ඇති කියලා. කමෙන්ට් කරන හැමෝමට ගොඩක් තෑන්කස් ❤️🌼


♾ U_H


Report Page