The Best Lowyer ♟👀

The Best Lowyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lowyer ♟👀

02 🌼👀



සෙකියුරිටිත් දුවන් එද්දි ඒ කා එකේ මනුස්සයත් බැස්සෙ මාත් කකා හිටපු අයිස් එකත් අතේ අරගෙනම කා එකෙන් බැස්සෙ එතන වැරැද්ද මගේ කියලා දැනගෙනමයි.



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



මං ඊලගට මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරුව බිම බලාගෙනම එතනට යද්දි සෙකියුරිට එතනට දුවන් අවේ එයාගෙ හරි මගේ හරි කා එක ගඟට පෙරලුනා වගේ.



" මොකක්ද මොකක්ද උනේ. මොන සිහියෙන්ද යන්නෙ. මේක කෝර්ට් එකක් කියන එක අමතක උනාද "



අපේ මූනවල්වත් බලන්නැතුව සෙකියුරිටි බනින්නෙ මගේ අතින් ඩැමේජ් උනා කා එක වටේ යන ගමන්.



" ඔව් සර් ! සර් සර්ගෙද කා එක. ඉන්නකො මං මේක හප්පු කෙනාට..... "



සෙකියුරිටි ඒ මනුස්සයාව දන්නවද කොහෙද. සෙකියුරිටි මාව දන්නවා ඇති ඒත් මං සෙකියුරි එක්ක වැඩි ෆ්‍රෙන්ඩ්ශිප් එකක් නැති හිංදා මෙතන අසාදාරනේ වෙන්නෙ මටයි. මට තාමත් බැරි උනා ඒ කා එකේ මනුස්සයාගේ මූන බලන්න. ඒ අස්සෙ අයිස් එකේ උඩට හැදිලා තියන නැට්ට දිය වෙන්න ඔන්න මෙන්න තියෙන්නෙ මගේ හිත මට " ඕක කාපන් " ගගා කෑ ගහද්දි.



" නෑ නෑ සෝමරත්න. එච්චර කලබල වෙන්න දෙයක් වෙලා නෑ. මාත් බැලුවා. සෝමරත්න යන්න දැන්. තෑන්ක් යූ "



හෙන ඩීසන් පිට ඒ මනුස්සයා ඒම කියද්දි මං ඔලුව උස්සලා බැලුවා නෙවේ බැලුනා. මං කොහෙදි හරි දැකලා තියන මූනක් උනත් ඒ කොහෙදිද කියලා මට කිසි මතකයක් නෑ. එයා ගැන ගොඩක් දේවල් මං දන්නවා වගේ හැඟීමක් ඒ වෙලාවෙ මට දැනුනේ දිය වෙච්ච අයිස් බිංදුවක් මගේ අතට වැටෙද්දි.



තවත් ඉවසන්න බැරි නිසාම මං අයිස් එක කෑවෙ සෙකියුරිටියි ඒ මනුස්සයායි දෙන්නම මං දිහා බලද්දි. ලැජ්ජාවක් නොදැනුනාම නෙවේ. ඒත් ඉතින් අයිස් එකක් කන්න මොකට ලැජ්ජ වෙනවද හුම් 😌



" අහ් මිස්. මිස්ව අඳුර ගන්නත් බැරි උනානෙ. මිස් අතින්ද මේක උනේ. හරි එක්කෙනා හරිම එක්කෙනාව තමයි හප්පලා තියෙන්නෙ "



සෝමරත්න ඒම කියද්දි ඒකෙ තේරුම හිතා ගන්න බැරුව මං විනාඩි දෙක තුනක්බලන් හිටියා.



" ඇයි සෝමරත්න ඒම කිව්වෙ " මං ඇහුවේ හිතා ගන්න බැරි නිසා.



" නෑ නෑ මිස් මොකුත් නෑ. මිස්ට අද කේස් එකක් තිබ්බ නේද. මං දැක්කා මිස් මේ ටිකේම කෝර්ට් එකට එනවා යනවා දුවනවා.... ගොඩක් මහන්සි උනනෙ. කොහොමද කේස් එක "



" ඒක වින් කරා සෝමරත්න " මං කිව්වෙ තවත් අයිස් එකෙන් කෑල්ලක් කඩා ගන්න ගමන්.



" සතුටුයි මිස් සතුටුයි " මට ඒම කියලා ඊලගට සෝමරත්න හැරුනේ ඒ මනුස්සයා පැත්තට. සෝමරත්න මෙතන හැසිරෙන්නෙ එයා පොර කියලා පෙන්නන්න වගේ.



" සර්.... සර්ව දැක්ක කල්. කවද්ද සර් ආපහු ලංකාවට ආවෙ. "



" දැන් මාස ගානක් වෙනවා සෝමරත්න "



" සර් නිසයි අද මාත් මෙතන ඉන්නෙ. සර් ගියා ගියාමයි ආයෙ කිසිම හැලහොලමනක් නෑ සර් ගැන. "



" එහෙ ඇති කියලා හිතුන සෝමරත්න. ඒ නිසා ආපහු ආවා. පුරුදු තැනනෙ "



ඒ දෙන්නා කතාව පාඩුවෙ කර ගත්ත දැන් කියලා මං අයිස් එකත් කටේ ගහගෙනම ආපහු හැරුනේ ෂේට් එකේ යා ගන්නත් පුලුවන් නිසා.



" ඒයි ඕම ඉන්නවා " ඒ ඇහුනෙ අර මනුස්සයාගෙ කට හඩ. එයාලා කතාව නවත්තන්නෙත් නෑ. මට යන්න දෙන්නෙත් නෑ. මං නැවතුනේ බයට නෙවේ නවතින එක යුතුකමක් නිසා 😌



" මං යන්නං සර් ඒනම්. මිසුයි සරි ප්‍රශ්නෙ කැමති විදිහකට විසඳන්නකො ඒනම්. හැබැයි සර් කාර් දෙකම ටිකක් එහායින් නවත්තලා ඕක කරා නම් තමයි ඉතින්.... "



" හරි ජරි අපි ඒක බලා ගන්නම් "



ඒ මනුස්සය ඒම කියද්දි මායි එයයි දෙන්නම කා දෙක කෝරෙට් එකෙන් එලියට ගත්තා. ආයෙ එලියට බහින්න කම්මැලි කමේ අයිස් එක ලෙව කකා ඉද්දි ක්ලෝස් කරලා තිබ්බ මගේ කා එකේ ෂටර් එකට අර මනුස්සයා ඇවිල්ලා තට්ටුවක් දැම්මෙ මට නිදහසේ අයිස් එකවත් කා ගන්න නෑනෙ කියලා හිත හිත මං කා එකෙන් බහිද්දි.



" ඔයා අතිනුයි මගේ කා එකෙ ග්ලාස් එක ඩැමේජ් උනේ " එයා කියද්දි මං බිම බලාගෙන හිටියේ මොනවා කියන්න ඕනිද කියලා හිත හිත නෙවේ එයා ඉස්සරහා අයිස් එක කනවද නැද්ද කියලා හිත හිත.



ලෝයර් කෙනෙක් විදිහට එයාගෙ කා එකට මේ මගේ අතින් වුන ඩැමේජ් එකට ගෙවන එක මට මහ දෙයක් නෙවේ. ඒත් නංගි කෙනෙක් විදිහට මට මගෙ අයියා අරන් දුන්න ඖඉස් එක කා ගන්න එක ඊට වඩා වටිනවා 😌



" හලෝ..... "



එක අතක් සාක්කුවේ දාගෙන අනිත් අත මගේ ඇස් ඉස්සරහින් එහා මෙහා කරද්දි මං මනෝ පාරෙන් එලියට ආවෙ එයාගෙ ඇසුයි මගේ ඇසුයි එකට එක හම්බෙද්දි.



ඒ ඇස් නිල් පාටයි. මං ඒ පාටට ආසයි. ඒ කොන්ඩෙ හරිම අකීකරු එකක්. පොඩි හුලගටත් එයාගෙ කොන්ඩෙ ඉස්සි ඉස්සි තියෙන්නෙ කෙල්ලෙක් දෙපාරක් හැරිලා බලන තරමට. ගානට මේන්ටේන් කරපු බොඩි ෂෙඩූල් එකට ෆුල් සූට් ඇදලා හිටපු එයාගෙ තිබ්බෙ ඩීසන් කමත් එක්කම එන අමුතුම ලස්සනක්.



" සො.... සොරි..... මං.... මං ඒකට ගෙවන්නම් "



" නෑ නෑ සල්ලි ඕනි නිසා නෙවේ ඒම කිව්වෙ. "



" ඒනම් මාව මේම නැවැත්තුවේ ඇයි " මං ඇහුවේ මගේ අයිස් එක දිහා බලාගෙන. කින්ඩිය වගෙ හිනා වුන එයා කතා කරේ විනාඩි දෙක තුනකට පස්සෙය්.



" සෝමරත්න ඉස්සරහ මං ඔයාට නිකම්ම යන්න දුන්නොත් ඔය මිනිහා රටේ නැති කතා කියනවා ඒකයි "



" මිනිස්සුන්ගෙ කාලෙ කනවා " මං මුනුමුනු ගගා ආපහු හැරුනත් ඒක එයාට ඇහුනා නේද් කියලා හිතුනේ ඊට පස්සෙ එයා කියපු කතාව නිසයි.



" මේ හලෝ. මං නෙවේ ඔයයි වැරැද්ද කරේ. කොහෙවත් යන කෙල්ලො නවත්තගෙන චූටි ග්ලාස් එකකට ගෙවන්න කිය කිය පස්සෙන් යනවට වඩා මටත් වැඪ තියෙනවා. "



" වැරැද්දක් උන. මං කිව්වනෙ ඒකට ගෙවන්නම් කියලා. පන්ඩිතකමට ඒක එපා කිව්වෙ තමුන්මගේ. අනික් මං කොහෙවත් යන කෙල්ලෙක් නෙවේ. ඒක දැන ගන්නව. 😒 " මං කිව්වෙ ආපු තරහටමයි.



ඒකා මුකුත් කිව්වෙ නෑ. අහක බලාගෙන හිනා වුනේ කින්ඩියට වගේ. මට තරහ ගියා එකට නම්. මුගෙ ගෑස් බල බල ඉන්නෙ මොකටද මං. එහෙම හිත හිත කා එකට නගින්න ඇරපු ඩෝ එක ආඵු සද්දෙට වහලා ඒ මනුස්සයට ඇගිල්ලක් දික් කරලා හොදට අමතන්න ගියත් මේ කොහෙවත් යන කොල්ලො නිසා මං කාලෙ නාස්ති කරන්නෙ මොකටද කියලා මට හිතුනා.



" තමුසෙව ආයෙ මීට් උනොත් ගහනවා දත් ටික බඩට යන්න " අත මිටි ගුලි කරලා ඒම කියලා අයිස් එකේ කූර පැත්තකට විසික් කරලා සාරි පොට ගස්සගෙන ඇවිත් කා එකට නැග්ගෙ ඒ වෙලාවෙ ගස්සන්න මට මගේ කොන්ඩෙ හිටියේ නැති නිසා.



ආයෙත් රවලා මං කා එක අරගෙන ආවෙත් ඒ වෙලාවෙත් ඒකා කරේ මට හිනා වුන එකයි.



~~~~~~~~~~~~~~~~~~~~~~~~



ගෙදර ඇවිත් වොශ් දාලා කෑම රෙඩි කරලා නයිට් ඩ්‍රස් එකත් ඇදගෙන සාලෙ සෝෆ එකට වෙලා ෆෝන් එක ඔබ ඔබා හිටියේ අයියා ඒ වෙනකනුත් ගෙදර ඇවිත් හිටියෙ නැති නිසා.



" නංගී..... ඒයි.... නංගි නැගිටිනවා..... ඇදට ගිහින් නිදා ගන්නවකෝ. නංගී... "



අයියා මගේ කම්මුලට ගගහා ඉන්න එක මට කරදරයක්. දන්නෙම නැතුම මට නින්දත් ගිහිල්ලා. අයියා වොශුත් දාලා. එයා ගාව හරිම සුවදයි. සෝෆ එකේ තිබ්බ චූටි කොට්ටෙ අයියගේ කකුල උඩ තියලා මං ඔලුව තියා ගත්තේ අයියා මල කෝලන් කියලා එයාගේ ෆෝන් එක අතට ගද්දි.



" මේ අයියා.... "



" ම්ම්ම් "



" කේස් එකත් ඉවර්‍යි. අලුත් එකක් ආවෙත් නෑ. දැන් මං ෆ්‍රී. "



" හ්ම්ම් "



" බකමූනා. හ්ම් හ්ම් ගාන්නෙ මාඅ කොහෙ හරි එක්ක යනවකෝ "



" හ්ම්ම්ම් "



" ඈ.... කොහෙටද " හ්ම්ම් ගාලා අයියා එක පාරට ඒම ඇහුවම මට හිනා ගියා.



" කොහෙ හරි..... "



" නංගී.... හෙට හසිරුගේ බර්ත්ඩේ එක. අපිට ඒක ඕගනයිස් කරන්න ප්ලේස් එකක් නෑ බං. "



" හානේ. කලින් කිව්ව නම් ගිෆ්ට් එකක්වත් ගන්න තිබ්බා. මේ රෑ කොහෙන් ගිෆ්ට් හොයන්නද. කමක් නෑ හෙට අරන් දෙමු. අහ් ඉතින් බර්ත්ඩේ පාර්ටි එක මෙහෙ ඕගනයිස් කරමුකෝ. ඒක හොද ගිෆ්ට් එකක් වෙයි හසිරු අයියට. මොනා උනත් ඔයාට වඩා හොද කොල්ල "



" තමුසෙ ඒකට කැමතිද. ඒක ඔයාට අමතර කරදරයක් නිසා අපේ උන් ටික ප්ලේස් එක විදිහට අපේ ගෙදර කියද්දි මං අදිමදි කරා. පවු උන් ටික. හෙට මොනා කර ගයිද දන්නෑ. ඔයා කැමතී කියලා දන්නවා නම් මං උන්ට හා කියන්වා. අපරාදේ "



" ඇයි අයියේ ඔයා මං ගැන ඒම හිතන්නෙ. මටත් හිතක් පපුවක් තියන්වා. ඇයි මං අකමැති වෙන්නෙ. ඇයි ඒ ඔයාගෙ යාලුවෙක් නිසාද. හැමදේම දුන්නත්, කරත් ඔයාට මාව තාම අදුර ගන්න බැ..... "



ඉතුරු ටික කියන්න යද්දි අයියා කටට ඇගිල්ලක් තිබ්බෙ පිච්චිලා යන බැල්මක් දාලා.



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



♾️කමෙන්ට් කරන්න යන්න 🌼❤️



♾ U_H

Report Page