The Best Lowyer ♟👀

The Best Lowyer ♟👀

U_H
අසරණ වූත් ආදරය නිසා සතුට උදා කරගත් ඇය .



The Best Lowyer ♟👀

03 🌼👀



" ඇයි අයියේ ඔයා මං ගැන ඒම හිතන්නෙ. මටත් හිතක් පපුවක් තියන්වා. ඇයි මං අකමැති වෙන්නෙ. ඇයි ඒ ඔයාගෙ යාලුවෙක් නිසාද. හැමදේම දුන්නත්, කරත් ඔයාට මාව තාම අදුර ගන්න බැ..... "



ඉතුරු ටික කියන්න යද්දි අයියා කටට ඇගිල්ලක් තිබ්බෙ පිච්චිලා යන බැල්මක් දාලා.



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



" අප්පෝ ටකරම 😒 මේ නංගි මං තමුසෙට ආයෙ කියන්නෑ.... පොඩි දෙයක් අල්ලන් ඕම මාත් එක්ක කියවන්නෙපා මට තරහ යයි හරිද "



එයා කරේ රැව්ව එක. මං කරේ කටත් ඇද කරන් විරිත්තපු එක.



අපි නිදා ගන්න ගියා. අපි දෙන්නා නිදා ගන්නෙ උඩ තට්ටුවේ නෙවේ. ඒම නිදා ගන්න අපිට උඩ තට්ටුවක් නෑ. මායි අයියයි ළමා නිසාවෙන් අයින් වෙලා සල්ලිවලට ගෙයක් බලන දවසෙ තට්ටු දෙකේ ගෙවල් මට එපා කියලා අයියගේ අතේ එල්ලිලා මං ඇඩුවෙ අයියා මට පේන දුරින් හිටියෙ නැත්තම් මට බයක් දැනෙන නිසයි.



ඒත් ඒක එයාට කියන්න මට ඕනි උන්නෑ. එයා ඇහුවෙත් නෑ. සමහර විට ඒක එයා දන්නවත් ඇති. ගොඩක් වෙලාවට අයියයි මායි අතරෙ රහස් නෑ. රන්ඩු තියනවා ඉහටත් උඩින්. ඒත් අපි දෙන්නගෙ ප්‍රශ්න ඉස්සරහ අපේ රන්ඩු කූඹියෙක් ගානයි.



කෝම හරි අයියගෙ හොදම යාලුවා, ළමා නිවාසෙ ඉන්නකම් අයියට වෙනසක් නොකර අයිය එක්කම ඉදලා අයියා එක්කම මෙඩිකල් කොලේජ් ගිහින් අද අයියා එක්කම ගවර්මන්ට් හොස්පිට්ල් එකක වැඩ කරන හසිරු අයියගේ බර්ත්ඩේ පාර්ටි එක අපේ ගෙදර ඇරේන් කරන්න කතා උනා.



අයියා හෙට ශෝර්ට් ලීව් දාලා ගෙදර එන්නම් කිව්වෙ මට තනියෙන් ඔක්කොම කරන්න බැරි නිසා. ඔන්න මට වෙන්න නෑනෙක්වත් හිටියා නම් අයියව නිදහස් කරන්න තිබ්බා. ඒත් ඕකට ඔච්චර දෙයක් කර ගන්න බෑ කියලා මං දන්නවා.



උදේම නැගිටලා අයියට පොඩියට බ්‍රෙක්ෆස්ට් එක හදලා දීලා අයියව යැව්වට පස්සෙ මං ඉස්සෙලාම කරේ ගේ අස් කරපු එක.



ගොඩක් අය එන නිසා චූටි උනත් අපේ මේ ගෙදර පිළිවෙලයි ලස්සනයි කියනවා හන්න ඕනිම කෙල්ලෙක් වගේ මමත් කැමතියි.



කෝම හරි මාකට් එකට ගිහිං බීම, අයිසිං පවුඩර්, බයිට්, බැලූන්ස්, කැන්ඩ්ල්ස්, වගේ ඕනි කරන බඩු ටික අරන් ඇවිත් කලින් හදලා තියන්න පුලුවන් කෑම චුට්ට චුට්ට මං හැදුවා.



බීම එක හදලා ෆ්‍රිජ් එකට දාලා කේක් එක බේක් කරලා තිබ්බෙ අයියගෙන් අහලා පස්සෙ අයිසිං කරනවයි කියලා හිතලා. ග්ලාසස් ටිකයි ප්ලේට් ටිකයි හෝදලා ඔක්කොම ඇරේන්ජ් කරලා මාත් වොශ් දාලා ඒම හිටියේ අයියා එනකම්.



අයියා ආපු ගමන් අපි ගියේ හසිරු අයියට ගිෆ්ට් එකක් ගන්න. තේරුවේ මං 😌 ඒක දැන් තියන නිව් ඩ්‍රෑන්ඩ් එකෙන් ආව වොච් එකක්. එදා මගේ ඇතින් ඇක්සිඩන්ඩ් උන කා එකේ ඒ කෙනා දාන් හිටියේ ඒකෙ ඔරිජිනල්ම එකක්. ඒක මතක් වෙලා තමයි අයියට මං ඒ වොච් එක පෙන්නුවේ. මං ඒකක් අපේ අයියට අරන් දෙන්න පෙරුම් පිරුවා. හසිරු අයියත් මගේ වගේ තමා. ඒ නිසා දෙන්නගෙන් කාට තේරුවත් එකයි.



පාර්ටි එකට පැය දෙකක් විතර කලින් තියලා මං කේක් එක අයිසිං කරන්න ගත්තෙ අයිය කඩෙන් එකක් ඕඩර් කරන්න යද්දි.




" මං කේක් එකක් ඕඩර් කරන්නම් ඕයි ඕම ඉන්නවා "



" අනේ මේ ඕම ඉන්නවා. ඇයි අට බෑ කියලද හිතන්නෙ "



" අනේ ඕනි එකක් කර ගන්නවා "



අයියගෙ මගෙ ඔලුවට එකක් ගහලා ගියේ රෙඩි වෙන්න.



චොක්ලට් කේක් එකක් විදිහට කේක් එක වටේටම චොක්ලට් අයිසිං දාලා ලොකූ අයිසිං මල් හදන්න පුලුවන් නොසෙල් එකකින් කේක් එක උඩ වටේ ෆ්‍රේම් එක විදිහට මල් තියලා මැදට ගෙනාපු සුදු පබලු දලා ලේයර්ස් දෙකකට මං කේක් එක ඇරේන්ජ් කරා.



උඩම ලේයර් එකේ තිබ්බ අයිසිං මල් තිබ්බෙ ටිකක් චූටි නොසෙල් එකකින්. ඊට පස්සෙ කේක් එක වටේ ග්ලාස් එකේ හැපි බර්ත්ඩේ කියලා වැල් අකුරින් ලියලා එයාලට ඕනි විදිහකට කැන්ඩ්ල් ගහගන්න තියලා කේක් එක ඇරේන්ජ් කරේ මට පුලුවන් උපරිමෙන්.



මුලු පපුවම සුදු පාටින් ගැදර් එකක් තියලා අතට සාමාන්‍ය මහත පටියක් ගැට ගහන්න තිබ්බ ඒ ගවුම විලුඹ ගාවට එනකම්ම දිගයි. ඉනෙන් පහල කොටසට කඩා හැලෙන තද රතු පාටින් රැලි දාලා දනහිසෙන් චුට්ටක් පහලට එනකම් එ ගවුම පලලා.



ඒ ගවුමත් ඇදගෙන අතර රත්තරන් පාට බේස්ලට් එකක් දාගෙන කලු පාට ගොඩක් ෆ්ලැට් ශූස් දෙකක් දාගෙන මගේ ස්ට්‍රේට් කොන්ඩෙ පෝනිටේල් එකක් දාලා ෆෝන් එක විතරක් අතට අරගෙන මගේ රූම් එකත් ලොක් කරලා රෙඩි වෙලා එලියට ආවෙ ඒ වෙනකොටත් චුට්ට චුට්ට කට්ටිය ආපු නිසා.



බැලූන්ස් එල්ලලා ලයිට්ස් දලා මායි අයියයි හිතුවට වඩා හොදට ඇරේන්ජ් කරලා තිබ්බා. හිතුවට වඩා කට්ටිය ඇවිත් හිටියා. එලියට ගිහින් ඔලුව දාලා ආවත් එතන වැඩි වෙලා ඉන්න මට ලැජ්ජයි. එතන හිටපු සමහර අයව මං දැනන් හිටියත් ඒ අය එක්කත් වැඩි ෆ්‍රෙන්ඩ්ශිප් එකක් මට නෑ. අයියා යාලුවො එක්ක කතාව. එයාට ඩිස්ටර්බ් කරන එකත් හරි නැති නිසා ජූස් ටික ග්ලාසස් වලට දාන්න මං කීචෙන් එකට ආවෙ හම්බෙන අයට හිනාවෙලා.



කොයි වෙලේක හරි කේක් එකත් ඕනි වෙන නිසා ඒකත් කිචන් එකේ මේස උඩින් තියලා ෆ්‍රිජ් එකෙන් ජූස් බොට්ල් එක අරන් ට්‍රේ එකේ තිබ්බ ග්ලාස්වලට වක් කරද්දි එක කාරටම මගේ ඉන වටේ අත යවලා උරහිසට උඩින් නික්ට තියාගෙන කතා කරපු අයියා නිසා මං ගැස්සිලා ගියා.



" මොනවද මෝඩයෝ කරන්නෙ. තව පොඩ්ඩෙන් බීම ටිකත් ඉවරයි "



" අද ලසන්නයි "



" ඔව් ඉතින් අපි දෙන්නගෙ මහන්සියේ ප්‍රතිපල තියෙන්නත් එපැයි. මං දන්නවා පාර්ටි එක ලස්ස්නයි කියලා 😌 " මං කිව්වෙ හරිම සැහැල්ලුවෙන්. අයියා තාමත් මගෙ ඉන වටේ අත් දාගෙන ෞරහිසට උඩින් නිකට තියන් ඉන්නෙ පොඩි එකෙක් වගේ.



" නෑ මෝඩි. උබ ලස්ස්නයි කියලා කිව්වෙ 😒 "



" මොකද බටර් ගාන්නෙ. ඇයි මොනාද ඕනි " මං ඇහුවෙ පලවෙනි ට්‍රේ එකේ ග්ලාසස් ටිකට ජූස් දාලා ඉවර වෙන ගමන්.



" නංගි "



" ම්ම්ම් "



" තැන්ක් යූ "



" ඒ මොකටද "



" මට අම්ම කෙනෙක් වගේ ඉන්නවට " ජූස් බොට්ල් එක මේස් උඩින් තියලා අයියා පැත්තට හැරුනේ අයියගෙ කටහඩ් සීරියස් නිසා. මූනට මූනලා හිට ගත්තත් අයියා මගේ ඉන වටෙන් අත ගත්තෙ නෑ තවත් ටිකක් ලං කර ගත්තා මිසක්.



" අම්මියි තාත්තියි නැති උන දවසෙ ඉදන් මං මෙන්න මෙච්චරක් චූටි කාලෙ ඉදන් මට මාව බලාගෙන තාත්තෙක් වගේ හිටියට මමයි ඔයාට තෑන්ක් කරන්නෝනි. "



" මං ළමා නිවාසෙදි අපි දෙන්න හිටපු විදිහට කැමතියි "



" ඇයි දැන් ? " මං ඇහුවෙ එයාගෙ අත්වලින් ගැලවෙන්න ට්‍රයි කරන ගමන්.



" දැන් අපි බිසී. ඔයයි මායි දෙන්නම. අපි චූටි කාලෙ කරපු ගොං වැඩ දැන් අපිට මගෑරිලා. අපි ඒලෙවල් කරන්න අලුත් ඉස්කෝලෙට යද්දි ඒකෙ උන් ඔයා මගේ කෙල්ල කියලා රැවටුන දවසට මං තවත් කැමතියි "



" ඔයාට නං පිස්සු අයියා. ඒ අපි ඉස්කෝලෙ යන කාලෙ. දැන් අපිට රස්සාවක් තියනවා. ඒක නැතුව අපිට ජීවත් වෙන්න බෑ " මං කිව්වෙ අයියගෙ ඔලුවට තට්ටුවක් දාලා.



" මං වෙනුවෙන් එදා කරපු අද වෙනකනුත් කරන හැමදේටම තැන්ක් යූ "



" ඒව නංගිලාගෙ යුතුකම්. මොකද මේ ඔයාට වෙලා තියෙන්නෙ. ඇයි ඔච්චර සීරියස් කතා කරන්නෙ. මං කැමති නෑ ඒකට. හසිරු අයියා කොයි "



" ඌ කිව්ව ඔයා එයාගෙ නංගි උනා නම් හොදයි කියලා "



" ඇත්තක් 😌 " මං කිව්වෙ විහිලුවට.



" අනෙහ් පලයන් යන්න. කේක් එක අරන් යන්නයි ආවෙ. ඔයා කැන්ඩ්ල් ටිකත් පිහියයි අරන් එන්න ඉක්මනට "



ඒම කියලා අයිය ගියේ කේක් එකත් අරන්. අම්මයි තාත්තියි නැති උනේ මං අවුරුදු 8දි. අපි ළමා නිවාසෙක හිටියා අවුරුදු 18 වෙනකම්. එතනින් පස්සෙත් යන්න තැනක් අපිට තිබ්බෙ නෑ. ඒකම ඉදලා අයියා ඩිග්‍රී එක කම්ප්ලීට් කරා. හසිරු අයියගෙ උදව්වෙන් අපි අඩු ගානකට ගෙයක් ගත්ත.



හසිරු අයිය පෝසත්. අම්මයි තාත්තයි එයාට ආදරෙයි. අපි දෙන්නටත්. අපි හසිරු අයියට ණයයි. මායි අයියයි දෙන්නම ජොබ්ස් කරලා අවුරුද්දකින් ඉතුරු කරපු සල්ලිවලින් ඉස්සෙල්ලාම කරේ ඒ ණය ගෙව්ව එක. ඒත් සල්ලිවලින් ගෙව්වත් ඒ මනුස්ස කමට ණය පියවන්න අපිට කවදාවත් බෑ.



මං තාත්තිගෙ ආදරේ විදලා තියෙන්නෙ පොඩි කාලයක්. මට තාත්තිව අම්මිව දෙන්නම ඕනි උන වෙලාවල් ගොඩක් තිබ්බා. අයියා මට ඒ ආදරේ දුන්නා. ළමා නිවසෙ ජීවිතේ අපිට දුකක් උනා. ඒත් අපි දෙන්නා සතුටින් හිටියා. දැන් අයියට සමාජෙ තැනක් තියනවා.



එයා ඩොක්ටර් අකේශ් සනුල්‍ය බෝවත්ත වුනා. එයා ගැන මට ආඩම්බරයි. අපි ඉගෙන ගත්තෙ ආසවට් නෙවේ. අපිට ඒක ඇරෙන්න වෙන ගොඩ එන්න විදිහක් තිබ්බෙ නැති නිසයි.



මං දැන් මුලු රටක් දන්න ලෝයර් කෙනෙක්. මං හැන්ඩ්ල් කරපු ගොඩක් කේසස් මීඩියාවල ගියා. ගොඩක් දුරට මං මගේ ජොබ් එකෙන් සාර්තකයි කියලා මට දැනෙනවා.



ඒත් මට තව අල්ලන්න එක්කෙනෙක් ඉන්නවා. අපේ ජොබ් ෆීල්ඩ් එකේ එයා පිටරටවල්වල පවා ෆේමස්. හැන්ඩ්ල් කරපු කේසස් ගාන මගෙ වගේ දෙකුනයක්වත් ඇති. මං කවදාවත් දැකලා නැති උනත් ගොඩක් දේවල් අහලා තියනවා. එයා ලංකාවෙ කෙනෙක්. ඒ උනත් යූඑස් වගේ රටවලත් එයා කේසස් භාරගෙන තියනවා.



එයාගෙ නමේ කැල්ලක් මට මතකයි. නිමේශ්. හරියටම දන්නෑ. ඒත් එයාව පහු කරා නම් මට මගේ ජොබ් ෆීල්ඩ් එක ගැන තවත් ආඩම්බරයි.



එදා පාර්ටි එක හොදට තිබ්බ. මට අයියා එයාගෙ යාලුවො ඉන්ට්‍රඩිවුස් කරා. එය හොදයි. මං කැමතියි. මගේ වයස කෙල්ලෙක් හම්බුනා. එයා ටීචර් කෙනෙක්. හසිරු අයියගේ යාලුවෙක්ලු. හසිරු අයියත් ගොඩක් සතුටු උනා. අපේ ගිෆ්ට් එක ගැන එයා කොයි විදිහට හිතුවද කියල මං දන්නෑ. අපෙන් අඩුපාඩුවක් උනා නම් සොරි කියන්න වෙලාවක් මට හම්බුන්නෑ.



මට නැගිටින්න වෙලා ගියේ ඊයෙ රෑ ඔක්කොම අස් කරලා නිදා ගන්න වෙලා ගියපු නිසයි. අයියා මට කතා කරෙත් නෑ. සාලෙන් කටහඩක් ඇහුන නිසා මං වොශ් එකක් දාගෙන ඇදුම් චේන්ජ් කර ගත්තා.



➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖



♾️කමෙන්ට් අඩුයි වගේ. කතාව බෝරින් වගේද. සමහර විට මුල නිස වෙන්නැති. එකින් එක කමෙන්ට්ස්වලට රිප්ලයි කරන්න බැරි උනා. ඒකට සොරි 🥺 වෙලාවක් හම්බුන ගමන් රිප්ලයි කරනවා. කමෙන්ට් කරපු හැමෝටම තැන්ක්ස්🌼❤️



♾ U_H









Report Page