දෙවන පරම්පරාවේ ටයිටන්වරුන්
#GreekMythology

List of Second Generation Titans
• Asteria
Asteria කියන්නෙ Coeus සහ Phoebe කියන ටයිටන්ලට දාව උපන් දියණිය. ඇය Perses සමග විවාහ වෙලා, Hecate නම් දියණියක් බිහි කරල තියෙනව.
Asteria කියන්නෙ 'කඩා හැලෙන තාරකා වලට' සහ 'දිව්‍යමය උපදෙස් වලට' (Nocturnal Oracles කියන පදය නිශ්චිතවම අර්ථ දක්වල නෑ) අධිපති. සියුස් ඇය එක්ක සම්බන්ධයක් ඇතිකරගන්න ඇයව ලුහුබැඳගෙන ගිහින් තියෙනව. ඒත් ඇය සියුස්ගෙන් බේරෙන්න වටුවෙක් බවට පත් වෙලා, Aegean මුහුදට පැනල තියෙනව.
ඊට පස්සෙ ඇය ඒ පැන්න තැනම, දූපතක් බවට පරිවර්තනය උනා. සහ ඒ දූපත හඳුවන්නෙ "වටු දූපත", එහෙමත් නැත්තං, Quail Island කියල.
• Astraeus
Astraeus කියන්නෙ Crius සහ Eurybia කියන ටයිටන්වරු දෙපළගෙ පුතා. ඒ වගේම Astraeus කියන්නෙ දුහුවිල්ල සහ සුළඟ භාරව හිටපු ටයිටන්වරයා. Astraeus විවාහ උනේ Eos නම් ටයිටන්වරිය එක්ක. ඔවුන් දෙදෙන එකතු වෙලා දරුවක් රාශියක් බිහි කරල තියෙනව. එයින් කීපදෙනෙක් තමයි, Anemoi කියන සුළං ආත්මයන් හතර දෙනා.
• Eos
Eos කියන්නෙ Hyperion සහ Thea කියන ටයිටන්වරුන්ට දාව උපන් දියණිය. ඇය තමයි අලුයමට/හිමිදිරියට අධිපතිනිය. Eos ට තවත් සහෝදරවරුන් දෙදෙනෙක් හිටිය. ඒ තමයි සූර්‍යයාට අධිපති Helios සහ චන්ද්‍රයාට අධිපති Selene.
Eos විවාහ වෙන්නෙ Astraeus සමගින්. මේ දෙන්න එකතු වෙලා සුළං ආත්මයන් වල Anemoi ලට, උදෑසන තාරකාව (Morning star) වන Eosphorus ට, සහ ග්‍රහලෝක කීපයකට උපත ලබා දෙනව.
ඇයගෙ බාහිර පෙනුම විස්තර වෙන්නෙ, රෝස පැහැ ඇඟිලි සහිත, මල් වලින් වියන ලද ලා රෝස පාට ගවුමක් පැළඳ සිටින, විශාල සුදු පැහැ පියාපත් සහිත දෙවඟනක් හැටියට.
• Epimetheus And Prometheus
Epimetheus සහ prometheus කියන්නෙ lapetus සහ clymene ට දාව උපන් පුතුන් දෙපළක්.. ඒ වගේම ඔවුන්, atlas සහ menoetius ගෙ සහෝදරයන්. සාමාන්‍යයෙන් පෙනෙන විදිහට නං prometheus කියන්නෙ බුද්ධිමත් සහ epimetheus කියන්නෙ මෝඩ කෙනෙක්.
(Epimetheus සහ Prometheus සම්බන්ධ වන මිනිසාගේ මැවීමේ කතාව සහ Atlas පිළිබඳව වෙනම ලිපි වලින් බලාපොරොත්තු වන්න)
• Leto
Leto කියන්නෙ, Coeus ට සහ Phoebe ට දාව උපන් දියණියක්. සහ Leto කියන්නෙ සියුස් ගෙ මුල්ම කාලීන සහ කැමතිම ආදරවන්තියන් ගෙන් කෙනෙක්. සියුස්, හේරාව විවාහ කරගන්න කාලෙ වෙනකොටත්, සියුස් විසින් leto ව ගැබිණියක් කරල තිබ්බෙ. ඉතින් හේරා, Leto එක්ක හැකි සෑම විටම පැටළුනා.
(වැඩිදුර තොරතුරු අවශ්‍ය නම්, වෙනම ලිපියක් ඉල්ලීමක් කරන්න)
• Menoetius
Menoetius කියන්නෙ Lapetus ට සහ clymene ට දාව උපන් පුතෙක්. මේ නම ගොඩනැගිල තියෙන්නෙ, "menos" (might) සහ "Oitos" (doom) කියන පද දෙක එකතු වෙලා. සමස්ථ අර්ථය තමයි, doomed might හෙවත් "බලවත් විනාශයක්" කියන එක.
ඒ වගේම Menoetius, ක්‍රෝධයට, හදිසි තීරණ වලට සහ මිනිස් මරණයන්ට අධිපති හැටියට සැලකෙනව. Titanomachy යුද්ධය අතරතුරේදි, සියුස් විසින් menoetius ව විනාශ කරල Tartarus (පාතාල ලෝකයේ) ඔහුව හිර කරල දැම්මා.
• Pallas
Pallas කියන්නෙ Crius සහ Eurybia කියන ටයිටන්ලට දාව උපන් පුත්‍රයා. මෙයා විවාහ වෙන්නෙ, Styx සමග. මේ දෙන්න එකතු වෙලා Zelus, Nike, Kratos, Bia, Scylla, Fontes සහ Lacus කියන දරුවන්ට උපත ලබා දෙනව.
Pallas කියන්නෙ "යුධ යානා" වලට අධිපති උන ටයිටන්වරයා. Titanomachy යුද්ධය අතරතුරේදි මොහු, ඇතීනා (Athena) අතින් මරණයට පත් වෙනව.
• Perses
Perses කියන්නෙත් pallas ගෙම සහෝදරයා. ඔහු විනාශයේ සහ සාමයට අධිපති හැටියට සැලකුන ටයිටන්වරයා. ඔහු විවාහ උනේ Asteria දෙවඟන එක්ක. මේ දෙපළ එකතු වෙලා Hecate කියන දියණියට උපත ලබා දීල තියෙනව.
(Hecate කියන්නෙ මායාවන්ට, මායා කර්මයන්ට සහ පාළුකමට අධිපතිනිය)
• Selene
Selene කියන්නෙත් Helios සහ Eos ගෙ සහෝදරියක්. Selene චන්ද්‍රයාට අධිපති හැටියට කටයුතු කළ දෙවඟනක්. Eos, Helios සහ Selene කියන සහෝදර සහෝදරියන් තුන් දෙනා තමයි එදිනෙදා ජීවන චක්‍රයේ සූර්‍යයාගෙ, පෘථිවියේ සහ චන්ද්‍රයාගේ හැසිරීම නියමිත පරිදි පවත්වගත්තෙ.