පළමු පරම්පරාවේ ටයිටන්වරුන් දොළොස්දෙනා

පළමු පරම්පරාවේ ටයිටන්වරුන් දොළොස්දෙනා


#GreekMythology

Photo generated via AI


List of first Generation Titans




1. ඔශීනස් (Oceanus) සාගරයට සහ ජලයට අධිපති දෙවිවරයා

මේ තමයි වැඩිමල්ම ටයිටන්වරයා. මෙයා විවාහ වෙලා තියෙන්නෙ ඔහුගෙම ටයිටන් සහෝදරියක් උන තේටිස් (Thetis) සමගිනුයි. මේ දෙන්න එකතු වෙලා සාගර වල ඇලදොල වලට අධිපතියන් වුන ආත්මයන් 6000ක් පමණ බිහි කරල තියෙනව. කොහොම උනත් පස්සෙ කාලෙක මේ දෙපළ දික්කසාද වෙලා තියෙනව.


ඔශීනස් , ටයිටන්වරුන්ගේ සහ ඔලිම්පියන්ස් දෙවිවරුන්ගේ යුද්ධයට සහභාගි උනේ නෑ. එයා කිසිම පැත්තක් නොගෙන ඒකෙන් අයින් වෙලා හිටිය. ඒ වගේම ඔලිම්පියන්ස්ල ඒ යුද්ධෙන් දින්නට පස්සෙ , තමන්ගෙ අඩවිය උන සාගරය , ඔලිම්පියන්ස් දෙවිවරයෙක් උන පොසයිඩන්ට භාර දීල තියෙනව.


ඒත් සියුස් මොහුට දිගටම සාගරයේ භාරකාරිත්ව දරන්න ඉඩ දුන්න කියලත් සඳහන් වෙනව.


2. තේටිස් (Thetis) - නැවුම් ජලයට අධිපතිනිය

ග්‍රීක පුරාවෘත්ත ආරම්භය ලිපියෙන් අපි කිව්ව වගේ , ක්‍රෝනොස් විසින් ඔහුගේ දරුවන්ව ගිල දමනකොට , ඔහුගේ බිරිඳ උන රේයා විසින් තමන්ගෙ දරුවෙක් උන 'හේරා' ව ආරක්ශා සහිතව බාර කලේ තේටිස් ටයිටන්වරියටයි.


තේටිස්, හේරාව තමන්ගෙ දරුවෙක් වගේ බලාගත්ත බවට සඳහන් වෙනව.


3. හයිපීරියන් (Hyperion) - ආලෝකයට සහ සුපරික්ෂාකාරීත්වයට අධිපති

හයිපීරියන් විවාහ උනේ ඔහුගේ සහෝදරවරියක් උන තේයා(Thea) සමගිනුයි. මේ දෙපළ එකතු වෙලා දරුවන් තුන් දෙනෙක් බිහි කරල තියෙනව.

  • Helios (සූර්යයා)
  • Selene (චන්ද්‍රයා)
  • Eos (සූර්ය/චන්ද්‍ර චක්‍රය)

හයිපීරියන් සහ ඔහුගේ තවත් සහෝදරයන් තිදෙනෙක් එකතු වෙලයි දිව්‍ය ලෝකය උසුලන් ඉන්න කුළුණු හතර හැදුවෙ කියල සඳහන් වෙනව.


4. තේයා (Thea) - සූර්යයාට සහ ආලෝකයට අධිපතිනිය

ටයිටන්වරුන්ගෙන් සුන්දරම ටයිටන්වරිය හැටියට සැලකෙන තේයා , ආලෝකයට අධිපති ටයිටන්වරයා වූ හයිපීරියන්ට ගැලපෙනම සහකාරිය වෙලා තියෙනව.


5. කෝයස් (Coeus) - ප්‍රඥාවහි සහ දූරදර්ශී බවට අධිපති

කෝයස් කියන්නෙ හයිපීරියන් එක්ක දේවලෝකය උසුලන් ඉන්න , උතුරු කුළුණේ පාලකයා. මොහු විවාහ වෙලා තියෙන්නෙ ඔහුගේ සහෝදරියක් උන ෆීබි (phoebe) සමගින්. මේ දෙපළට දාව උපන් ගැහැණු දරුවන් දෙදෙනා වන Asteria සහ leto , පසු කාලීන ග්‍රීක මිත්‍යා වල මූලික චරිත වෙලා තියෙනව.


මේ ගැහැණු දරුවන් දෙදෙනාටම සියුස් විසින් බැල්මට් එක හෙලල තියෙනව. Asteria , සියුස්ගෙන් බේරෙන්න මුහුදට පැනල ගිලී ගොස් තියෙනව. ඒත් Leto , සියුස් එක්ක එකතු වෙලා Apollo සහ Artemis නම් බලවත් ඔලිම්පියන්ස් දෙවිවරු දෙදෙනට උපත ලබා දීල තියෙනව.


6. ෆීබි (Phoebe) - අනාවැකි සහ බුද්ධියට අධිපතිනිය

ෆීබි කියන්නෙ Apollo සහ Artemis ගෙ මිත්තණියයි. ෆීබි මේ apollo සමග දැඩි සම්බන්ධකමක් පැවැත්වූ බවක් සඳහන් වෙනව💀. කෝයස් ගෙ බිරිඳ උන , ෆීබිගෙ ප්‍රධානම බලය උනේ අනාවැකි පළ කිරීමයි.


7. ක්‍රියස් (Crius) - තාරකා මණ්ඩලයට අධිපති

ක්‍රියස් (හෝ ක්‍රියෝස් - Krios) විවාහ උනේ ඔහුගේ අර්ධ සොයුරියක් උන යුරිබියා (Eurybia) සමගයි. යුරිබියා කියන්නෙ පළමු පරම්පරාවෙ ටයිටන්ල දොළස්දෙනා අතරින් කෙනෙක් නෙවෙයි. ඇය ගායා ගෙ දෙවනි විවාහයේ (පොන්ටස් සමග) දරුවෙක්. යුරිබියා සහ ක්‍රියස් එකතු වෙලා දරුවන් තිදෙනෙක් බිහි කරල තියෙනව.

  • Astraios (ඇස්ට්‍රයෝස්) - සන්ධ්‍යාවේ දෙවිවරයා
  • Pallas (පල්ලාස්) - යුධ යාත්‍රාවට අධිපති
  • Perses (පර්සස්) - විනාශයට අධිපති


ක්‍රියස් , ඔලිම්පියන්ස් සමග යුද්ධයට සහභාගි වෙලා , ඔලිම්පියන්ස්ලට විරුද්ධව සටන් කරපු ටයිටන් කෙනෙක්. ඒ නිසා යුද්ධෙන් පස්සෙ , ඔලිම්පියන්ස්ල විසින් ඔහුව ටාටරස් (පාතාලයේ) වල හිර කරල තියෙනව.


8. නෙමොසින් (Mnemosyne) - මතකයට අධිපතිනිය

නෙමොසින් ඇගේම සහෝදරයෙක් එක්ක විවාහ උනේ නෑ. ඒ වෙනුවට ඇය සියුස් සමග අඛණ්ඩව දින නවයක් යහන්ගත වෙලා තියෙනව. ඒකෙ ප්‍රථිඵලයක් හැටියට Calliope, Clio, Erato, Euterpe, Melpomeni, Polymnia, Ourania, Terpsichore සහ Thalia යන දරුවන් නව දෙනා බිහි කරල තියෙනව. ඒ දරුවන්ගෙ කාර්‍ය වෙලා තියෙන්නෙ , කලාකරුවන්ට අවශ්‍ය දිරිමත් භාවය ලබාදීම සහ ආශ්වාදයක් ලබා දීමයි.


9. ලපැටස් (Iapetus) - මරණයට අධිපති

ලපැටස් විවාහ උනේ ඔහුගේ ලේලියක් වන ක්ලයිමෙන් (Clymene) සමගයි. මොවුන් දෙදෙනා එක්ව දරුවන් හතර දෙනෙක් බිහි කරල තියෙනව. ඒ තමයි Atlas , Prometheus , Epimetheus සහ Menoetius. මේ දරුවන් හතර දෙනා තමයි "මනුශ්‍යත්වයේ" මුතුන් මිත්තන් හැටියට සඳහන් වෙන්නෙ. මේ දරුවන් හතර දෙනාගෙන් මිනිසුන්ට විවිධ ගුණාංග ලැබිල තියෙනව. ඒ ගුණාංග පිළිවෙලින් නිර්භීතකම , ධෛර්ය්‍යය , මෝඩකම , ප්‍රචණ්ඩත්වය යි.


10. තේමිස් (Themis) - නීතිය සාමය සහ යුක්තියට අධිපතිනිය

තේමිස් කියන්නෙ සියුස්ගෙ දෙවන බිරිඳයි. ඇය , සියුස්ට අනෙක් දෙවිවරුන් සහ සමස්ථ පෘථිවියම පාලනය කරන්න උදව් කරල තියෙනව. තේමිස් කියන්නෙ දෙවිවරුන්ගේ බලය ඇහිරෙන තරමටම නීති නිර්මාණය කරපු කෙනෙක්.


11. ක්‍රෝනස් (Cronus) - විශ්වයට අධිපති

ක්‍රෝනස් කියන්නෙ ගායා සහ යුරේනස්ගෙ බාලම සහ ශක්තිමත්ම පුත්‍රයායි. ක්‍රෝනස් විසින් යුරේනස්ව පරදල , විශ්වයේ බලය ඔහු යටතට ගත්තා. ඒ බව අපි ග්‍රීක පුරාවෘත්තයේ ආරම්භය යන ලිපියෙන් සඳහන් කලා.


ක්‍රෝනස් තමයි , තම සහෝදරියක් උන රේයා එක්ක එකතු වෙලා ඔලිම්පියන්ස් දෙවිවරුන්ට උපත ලබාදුන්නෙ.


12. රේයා (Rhea) - සක්‍රීකත්වයට අධිපතිනිය

ක්‍රෝනස් බිය උනා , තමන්ගෙ දරුවන් දවසක තමන්ව විනාශ කරල බලය අල්ලගනී කියල. ඉතින් ඔහු රේයා සමග බිහි කරපු හැම දරුවම ගිල දැම්මා. ඒත් රේයා විසින් ඔවුන්ගේ අවසන් දරුවා උන සියුස්ව , ආරක්ශිතව දූපතක සැඟෙව්වා. ක්‍රෝනොස්ගෙ රාජධානියේ සක්‍රීකත්වයට බලපාපු ප්‍රධානම සාධකය උන රේයා විසින් පසුකලෙක සියුස් ලවා , ක්‍රෝනස් ව විනාශ කරල ඇගේ අනෙක් දරුවන් (ඔලිම්පියන්ස්ලා) ව බේරගෙන තියෙනව.


දෙවන පරම්පරාවෙ ටයිටන්වරු - මෙතනින් පිවිසෙන්න


#Greek Mythology

Report Page