°|සහීනා |°

°|සහීනා |°

Senadhi ♥️
***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


චරිත පැහැදිලි කිරීම



ඔයාලට මේකේ කැරැක්ටර්ස් පැටලෙනවා වගේ නේද?


ඔව් ඉතිම් කැරැක්ටර්ස් වැඩියි නෙහ්....(ඉස්සරහට තවත් වැඩියි 😁)



ඉන්න මන් ඒ ගැන පැහැදිලි කරන්නම්..


දැනට මන් පොඩියට කියන්නම් එයාලා ගැන....


වැඩිපුර විස්තර කතාවෙදි.....




කතාවේ ප්‍රධන ම චරිත දෙකයි. එක්කෙනෙක් තමයි




සහීනා කෞලවී මෙන්ඩිස් (සහී) :- මෙයාගේ අම්මයි තාත්තයි දෙන්න ම නෑ. තාත්තා නම් නැතිවුණේ සහී ඉපදෙන්නත් කලින් ( ඒ වුණේ කොහොමද කියලා කතාවෙදි කියන්නම්) එතකොට සහීගේ අම්ම නැතිවුණේ එයාට අවු. 13දී . දැනට සහී ඉන්නේ අශී ළඟ.




එයාට හොඳ ම යාළුවෝ දෙන්නක් ඉන්නවා...එයාලා තමයි




අශීනි සිතාරා නානයක්කාර (අශී) :- සහීගේ හොඳ ම යාළුවෙක්. සහී ඉන්නේ මෙයත් එක්ක. අශිට සහීව හම්බුණේ නම් අහම්බෙන්.( ඒ ගැන කතාවෙදි කියන්නම්) අශිගේ පවුල ව්‍යාපරික පවුලක්.


ටෙනුක ගිම්හාන් පලිහවඩන (ටෙනූ) :- මෙයත් සහීගේ හොඳ ම යාළුවෙක්. මෙයත් ව්‍යාපරික පවුලක කෙනෙක්. සහී ටෙනූට සැලකුවේ අයියා කෙනෙක්ට වගේ




සහී , අශි , ටෙනූ තුන්දෙනා ම ඉගෙන ගන්නේ කොළඹ විශ්වවිද්‍යලයේ වෛද්‍ය පීඨයේ......



එතකොට මේ කතාවේ අනිත් ප්‍රධාන චරිතේ තමයි




රදිශ් යශ්වින් අබේවික්‍රම (රදී) :- අම්මයි , තාත්තයි දෙන්නම නෑ. එයාලා නැති වුණේ ඇක්සිඩන්ට් එකකින් ( ඒ වුණ විදිය කතාවෙදි කියන්නම්) තාත්තගේ බිස්නස් රදීගේ උනාට බලාගන්නේ නැන්දයි මාමයි. එත්කොට හැමෝටම රදී වුණා ට එක්කෙනෙක්ට යශ් වෙනවා ( කාටද කියලා ඉස්සරහ දි බලමුකෝ...දැන් ම කිව්වේ පැටලෙන නිසා )




ඊට පස්සේ කතාවේ දුෂ්ඨයෝ දෙන්නයි.එක්කෙනෙක් තමයි




දයාල් රණසිංහ :- මෙයා ඇමති කෙනෙක්. පිටට හොඳ මූණ දාන් හිටියට ඇතුළින් තිරිසනෙක් අන්ත කෙනෙක්. ( ඉස්සරහ්ට එයාගේ වැඩ කිඩ බලාගන්න පුළුවන් )




අනිත් කෙනා තමයි.....




විශාන් කල්පන රණසිංහ (ශාන්) :- නොම්මර එකේ සල්ලාලයෙක්. ඒ වගේ ම කොළඹ හොල්ලන් ඉන්න මැරයෙක්. මෙයත් ව්‍යාපරික පවුලක පුතෙක්.




අහ්...හරිනේ...නෑ....නෑ...තව දුෂ්ඨියෙක් ඉන්නෝ...




ෂයිනි ටානියා ආරියරත්න (ටානි) :- මෙයත් ව්‍යාපරික පවුලක දුවෙක්. ඒ වගේ ම රූපය පිළිබඳ අහංකාර වුණ තරුණියක්. තාත්තා වික්‍රම් ආරියරත්න , අම්මා ගයනි කුලසිරි. ( මෙයා දුෂ්ඨ කම් කරන්නේ කාටද කියලා බලමුකෝ)




ම්ම්ම්ම්......හරිනේ දැන්...මන් පැටලැවිල්ල ලිහුවා කියලා හිතනවා


කලින් කොටස් ටික 👇


🖇️ පෙරවදන 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-10-29-2


🖇️ 1 කොටස 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-10-31


🖇️ 2 කොටස 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-11-02



තේරුණාද කියලා කියන් යන්කෝ....☺️



මන් ,

✍ සේනාධි ❤️











Report Page