°|සහීනා|°

°|සහීනා|°

Senadhi ♥️

🖇 පෙරවදනට 👇

https://telegra.ph/%E0%B7%83%E0%B7%84%E0%B6%B1-10-29-2


***නුඹේ හුස්මත් තවරගෙන මන් සොයා යන්නම් ජීවිතේ***


🖇 1 කොටස




"සහී.........."


"ඕ......"


"යමන්කෝ දැන්වත් ඔය මදැයි හිටියා..."


"අනේ තා පොඩ්ඩක් ඉන්නම්කෝ....අනික අශියෝ මාර සැනසීමයි බන් මෙහෙම මෙහෙම ඉන්න එක"


"ඔව් උඹට සැනසීමයි.......මන් එපැයි අරූට උත්තර බඳින්න"


"කවුද ඒ අරූ"


"උඹට අරූ කියන්න වෙන එකෙක් නැහැ නෙහ්.....ඉන්නේ එකයි නේ ටෙනූ....නැතුව....වෙන මොකාද"


"ආ.....ඒක මිසක්"


"හෑ.....නෙවෙයි දැන් යං"


"හා යන්කෝ....ඒනම්"





සහී,


එහෙම නැත්නම් සහීනා කෞලවී මෙන්ඩිස්.තාත්තගේ ආදරය කිසිදා නොවිඳි ඈ මවගේ උණුහුම ලැබුවේද අවුරුදු 13 තෙක් පමණි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම කටකාර කම තරමක් තිබුණ අහිංසකාවියක් වූ ඈ දුටුවන් පිනවන රූප සම්පත්තියකින් හෙබි තරුණියක්.ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යලයේ වෛද්‍ය ශිෂ්‍යාවක්.


අශී,


අශිනි සිතාරා නානයක්කාර.සහීගේ හොඳ ම යෙහෙළිය.යෙහෙළියකට වඩා ඇය සහෝදරියක්.ප්‍රසිද්ධ ව්‍යාපරික පවුලක් එකම දියණිය ඇයයි.ඇයත් රූමත් තරුණියක්.ඒ වගේ ම කොළඹ විශ්වවිද්‍යලයේ වෛද්‍ය ශිෂ්‍යාවක්.අශීට සහීව හම්බවෙන්නේ අහම්බෙන්...ඒ කොහොමද කියලා කතාවෙන් බලමුකෝ.





"අශියෝ.......කෝ තාම අරූ නෑ නේ"


"මොකා"


"අරූ"


"එයි....එයි....වදේ..."


"මලෙන් උපන් සමනලී...

රෝස කැලෙන් හමුවුණි...

ටටරටරටරා..."


"ර්ර්ර්ර්ර්....ගෑනියේ කට පියන් ඉන්නවකෝ....බල්ලෝ බුරනවා ඔයිට වඩා ලස්සනයි බන්"


"හහ්....ඔයා....නෝටි....මගේ ගායන හැකියාවටද ඔය ගරහන්නේ ආ....ඉරිසියාව"


"හැහ්....මට වැඩේමයි...උඹට ඉරිසියා කරන්න"


"හාම්කෝ......"


"මේ අපි යමු බන්..... කෝ....තාම නෑ නේ"


"හුම් යං ඒනම්.....ඒ උඹේ ෆෝන් රාජයා වැලපෙනවා නේද....ඔය"


"අහ්...ඔව් නේ ටෙනුවා ගෙන්.....හී.....මන් දැක්කේ නෑ නේ"

දේ

"හෙලෝ...ටෙනූ කියහන්"


"අනේ බන්....එන්න වෙන්නේ නෑ මට....අශියෝ උඹ සහීත් එක්ක පරිස්සමෙන් ඇනෙක්සි එකට පලයන්"


"හාම් ඒමද.....හුම් යන්නම්...මේ මොකෝ දැන් එන්නේ නැත්තේ"


"ආ....මේ....අද මගේ පරණ යාලුවෙක් එනෝ එකයි මේ..."


"හා...හා එහෙනම් උඹත් පරිස්සමෙන් පලයන්...මන් තියනෝ"


"හ්ම්"




ටෙනූ ,

ටෙනුක ගිමහාන් පලිහවඩන.Palihawadana Holding හි අනාගත owner. ඔහුද කඩවසම් තරුණයෙක්. ඒ වගේ ම සහීගේ හොඳ ම යහළුවා.එහෙමත් නැත්නම් එයාගේ සහොදරයා....අශි,ටෙනු,සහී අතර තිබ්බේ යාළුකමකට වඩා සහෝදර බැඳීමක්.ඒ වගේ ම සහීගෙයි ටෙනුගෙයි Birthday එක තිබුණෙත් එකම දවසේ.





"මොකක්ද කිව්වේ ටෙනූ "


"කවුද....යාලුවෙක් හම්බෙන්න යනවාලු.....ඒ නිසා අද ගන්න එන්නේ නැතිලු"


"ඒමද...හුම් අපි යමු නැත්නම් තව රෑ වෙයි හලෝ"


"හ්ම්ම්"


"ළඟ ළඟට ම ඇවිත් ඔයා...

මගේ හිත අවුස්සලා....."



"හයියෝ.....ආයි පටන් ගත්ත්ද...."


"ඔව්....ඇයි...."


"අනේ තොට සිංහල තේරෙන්නේ නැදද....වැස්සියේ"


"වැස්සි.....හහ්....මන් වැස්සි....එතකොට ඔයා කවුද"


"මන් මොකාද කියලා ඔයා දන්නෝ නේ නේ....මේ පාර......නැතුව උඹේ දේපළ නෙවෙයි නෙහ්"


"නෑ....මගේ දේපළ....මගේ සීයගේ ආච්චිගේ ආච්චි බැඳපු මිනිහාගේ පුතාගේ නැන්දගේ......."


"හාපෝ.....ඔය ඇති...."


"හී ඇති නේ"


"ඇති....ඇති..."


"ඒ අශීයෝ"


"ඒ පාර මොකෝ"


"ඒ අ..අ...ර ..අර බලපන්"




---------------------------------------------------------------------




"මොකක්ද අයිසේ මේ වැඩේ තේරුම.....අහ්.....


මන් තමුසෙලට කොච්චර details දුන්නද......ආ....අවුරුදු පහක් ගිහිල්ලත්....ශික්....උඹලට තාම හොයා ගන්න බැරි වුණානේ..."



"සොරි.....සර්....මං......"



"සොරි.....තියාගනින් තොගෙ සොරි....හහ්...උඹ දන්නවනේ මේ දයාල් ළඟ සොරි නෑ කියලා ආ...සිංහලෙන් කිව්වා උඹලට......බ#$% ඒ සල්ලී කදක්...මේ දැන් මේව බුක්ති වින්නදට මේවා අයිති ......................... උඹල හිතනවද මේක ලේසි දෙයක් කියලා ආ....."



මුළු කාමරේම දෙදරන්න ඔහු කෑ ගැසුවා.


"සුද්දා මෙහෙ වරෙන්.....මෙන්න මූව අරන් පලයන්.....ශික් මගේ කලේ කෑවා..."


"හරි සර්....මූට...."



"හහ්....මූ....මූ තියාගෙන් කන්නද බොලව්...ඉවරයක් කරලා දාපන්"


ඔහු එසේ ය. මනුෂ්‍යත්වය කියන නොහඳුනන්නෙක් වැනිය.



"අනේ....දයාල් සර්...අනෙහ් එපා....ආ...යි මෙහෙම වෙන් නෑ...සර්..."


දෙපා ළඟ වැඳ වැටුනද ඉන් පලක් වූයේ නැත.වියරු කෑ ගැසීමත් වෙඩි හඬත් සමඟ ඔහුගේ හුස්ම වාතයට මුහුවුණි.





දයාල්,


එහෙම නැත්නම් අමාත්‍ය දයාල් රණසිංහ. මැර වැඩ, drugs business වගේ අපරාධ ක්‍රියා ගණනාවකට leader වෙච්ච රටට ලෝකේට හොඳ මූණ දාන් ඉන්න ඇතුළින් තිරිසනෙක් වගේ මනුස්සයෙක්.ඒ වගේ ම මේ වැඩ වලට help එකට විශේෂ කෙනෙක් හිටියා.ඒක දැනන් හිටියේ දයාල් ම විතරයි.





"සර්"


"කියහන් මොකද"


"සර්....call...එකක්"


"තියලා පලයන්"


දයාල් කවුරු වුණත් සීයට සීයක් විශ්වාස කළේ නෑ.....එකයි ෆෝන් එක තියලා යන්න කිව්වේ.


"හෙලෝ"


"සර් මේ news එක හන්ඩ්‍රඩ් ප්‍රසන්ට් shuwar"


"මොකක්ද"


"සර්......................................................."


"මොකක් වෙන්න බෑ.....ඌ....ඌ ආයෙත්"




---------------------------------------------------------------------




"ඒ බ### උඹ කොහෙද ඉන්නේ.....මන් කීයේ ඉඳන් ද මේ ඉන්නේ"


"හා....රදියෝ මේ එන ගමන්"


"හා වරෙන් ඉක්මනට...නැත්නම් මන් මෙතන ගල් වෙයි"


"හරියෝ"




රදී,


රදිශ් යශ්වින් අබේවික්‍රම. Abewikrama Cunstruction හි අයිතිකාරයා.කඩවසම් පුරුෂ පෞරුෂයකින් යුත් තරුණයෙක්.තම මවගේත් පියාගේත් හදිසි මරණයත් සමඟම රටින් පිටවුණේ තව දුරටත් මෙරට රැඳීම අවදානමක් වූ නිසා.මොකද මවුපියන්ගේ මරණය මිනිමැරුමක් බවට ඔහු සැක කළා.ඒ නිසා තම මාමාට සියල්ල පවරලා තමයි ගියේ.





"හහ්..මන් ආවා බලමු මේ සැරේ..."ගැලරියේ තිබූ පින්තූරයක් දෙස බලා රදිශ් තමන්ට ම මුමුණ ගත්තා.




---------------------------------------------------------------------




"වාව්.......බබී....උඹ නම් මාරයි....ආ.......මාර ෆන්"


ඇඳ මත වැතිර සිටින අඩ නිරුවත් තරුණිය දෙස කෑදර බැල්මක් හෙලා විශාන් පැවසුවේ යටි තොලත් හපා ගෙනය.


ඒ සමඟ ම ඇය වෙත නැඹුරු වුණේ එකිනෙකාගේ සුව විදින්නට ය.




විශාන්,


එහෙම නැත්නම් විශාන් කල්පන රණසිංහ.මුදල් යහමින් තිබුණ පවුලක එකම පුතා.කඩවසම් තරුණයෙකු වුවත් ලස්සන හදවතක් තිබුණේ නෑ. බලයෙන් මානයෙන් උදම් ව සිටි මොහු මුදල් බලය නිසා ම විශාල අපරාධ ගණනාවකට ම අත පොවා තිබෙනවා. කා අතරත් "ශාන්" නමින් ප්‍රසිද්ධ මොහුට ඒ සමාන මිතුරු කැලක් ද සිටියා.ඒ වගේ ම රාත්‍රී සමාජ ජාල වල ගත කිරීමටත්, රූමත් තරුණියන් හා යහන් වැදීමටත් පුරුදු වී සිටියා ය.





"බබී.....අහ්....ඔයාට call එකක්"


"ඕ....ශික්....මට මේ මඟුල off කරන්න බැරි උනා නේ.....කිසි වැඩක් කරගන්න නෑ...."



"හෙලෝ කියහන්...."


"........................................................"


"මොකක්..........උඹ ඔය සිරාද කියන්නේ අහ්.....ආයෙත්"




---------------------------------------------------------------------




"මමී......"


"මොකද ටානි මේ කෑ ගහන්නේ"


"ඔයා kitchen එකේද...කෝ මේ ඩැඩී"


"ඩැඩී වැරන්ඩ් එකේ ඉන්නවා දැක්කා"


"ඩැඩී"


"ආ.....දුව කියන්න"


"ඩැඩී...මේ මට two laks ඕන"




ටානි,


ෂයිනි ටානියා ආරියරත්න.මුදල් බලය යහමින් තිබූ පවුලක එක ම දුව.ඒ වගේ ම රූමත් අහංකාර යුවතියක්.විශෙෂයෙන් ම ඇය ඇගේ රූපය පිළිබඳ ව අහංකාර වුණා.ඇය සිතුවේ ඇය තරම් ලස්සන තරුණියක් මෙලොව නැතැයි කියා ය.ඒ වගේ ම තම පියාගේ මුදල් මිතුරු සාද වලට හා සමාජ ශාලා වලට ගත කිරීමටත් නිකරුණේ යොදා ගත්තා.





"මොකක්.....two laks....මේ හදිස්සියේ....අනික....."


"අනේ වික්‍ර්‍රම්...ඔන්න ඕක දීලා දාන්න්....ඔයාට ඒක ඒ තරම් අමාරු නෑ නේ"


"අනේ ඩැඩී....plz..."


"ඔයා ට මන් credit card එකකුත් දීලා තියෙනවා...නෙද...එතකොට කෝ ඒක"


"ඒක තියෙනවා....ඒත් ඩැඩි"


"ගයනි මන් මේ කියන්නේ...මේ මොකටද එක පාරටම"


"ඔන්න ඕක දීලා දාන්න...අනික මෙයා වැරැදි වැඩ කරන්නේ නෑ නේ...party වලට enjoy කරන්න නේ ඉල්ලන්නේ"



"හා...කමක් නෑ....ඩැඩී...මන් credit card එකෙන් ගන්නම්"


"දුව....ඔයා දැන් ගානට වැඩි හරිද"


ටානි පියාටත් ගස්සගෙන් නිවසින් පිටව ගියා.


"දවසක ඔයා පසු තැවෙයි ගයනි දුවට මේ තරම් නිදහස දුන්න එකට....කාර් ‍රථය පිටව යන තුරු බලා සිටි වික්‍රම් එලෙස පවසා ගෙතුළට ගියා.


Enjoy කරන්න ඕන වයසෙදි enjoy කරන්නේ නැතුව වයසට ගිහින් කරන්නද......වික්‍රම් පිටව ගිය පසු තමාට ම කියා ගත්තා.




****************************************




ඔන්න පළවෙනි කොටස දුන්නා......


පොඩි හැඳින්වීමක් කළා විතරයි.....තාම enter වුණේ නෑ කතාවට.....


අදහසක් කියන් යමු......☺️🤗





පරිස්සමෙන් ඉන්න හැමෝම ❤️




මම ,

✍ සේනාධි ❤️


Report Page