The time has passed
Massmello 🎭🕊️
Short story
https://telegra.ph/The-time-has-passed-06-08
Second episode
මං ඔෆිස් යන්න ලෑස්ති උනා අද ටිකක් පරක්කු වෙලා නැගිට්ටෙ මං
"සිනලි දුව හොදින් ඉන්නවද"
"ම්ම් චූටි කෙලි පැටියෙකුත් ඉන්නව එයාට"මං කිව්වෙ සාරියේ කට්ට ගහමින්
"අපි ඇස් පියාගන්න කලින් නම් මුණුබුරෙක් මිණිබිරියෙක් බලන්න බැරි වෙයි"
"අම්මා...."මං හයියෙන් කියද්දි අම්මා මට ගස්සලා ගියා
"හිතේ ඉන්න කොල්ල ගැන අපිට කියන්නෙත් නෑ තවත් අපිටම ගින්දර දිදි ඉදපම්"අම්මා යන ගමන් බනිනව මට ඇහුණා
මං නොදැනිම ගියේ අවුරුදු 14 ක් පස්සට
"බීච් යන්ද"සිනලි අහද්දි මාත් එක පයින් හා කිව්වා
අපි දෙන්නා ඒලෙවල් කාලෙ ඉදන් හොදම යාලුවො
"අඩෝ බලහන්කො හැමතැනම කපල් මගෙ සූටි හිත තූල වෙනව මේවා දැක්කම"
"ඊයා බන් හරියට කතා කරපන්"මං කිව්වෙ මුහුද දිහා බලමින්
"මේ ඒක නෙවෙ අර හැන්ඩි අයියා කෙනෙක් මල්සරා විද්දා වගේ බන් මේ පැත්තම රිදෙනව"අරකි පපුවෙ වම්පැත්තම අල්ලන් කියද්දි මං බැලුවෙ කවුද කියලා
"ම්ම් උබ කියන්නෙ සංකෙත් අයියා ගැනද"මං ඇහුවා
"එයාගෙ නම සංකෙත්ද උබ දන්නෙ කොහොමද මං නොදන්න පර්සන් කෙනෙක්😒"
"ඒ මං OL වෙනකම් ගියපු ස්කෝලෙ අයියා කෙනෙක් බන් ප්රිෆෙක්ට් හිටපු හින්දා මට මතකයි ලාවට උන් නම් අපිව දන්නෙවත් නැතුව ඇති"මං කිව්වෙ සංකෙත් අයියා දිහා බලමින්
"අඩෝ අරූ දැක්කා මං බලන් ඉන්නව"
"හරිම අගෙයි"මං හිනාවෙමින් කිව්වා
සංකෙත් අයියා කියන්නෙ මගෙ හිත මටත් හොරෙන් හොරකම් කරපු කෙනෙක් ඒත් කාලයක් යද්දි එයාව දැක්කෙ නෑ මොකද මං AL කරන්න කොලඹ ස්කූල් එකකට ගියා මේ අවුරුදු ගානකින් මං එයාව දකින්නෙ හිත අමුතුම තනුවක් වයනව ඒත් යාලුවට කියන්න හිත දෙන්නම නැ තාම
ඔහොම දවසින් දවස ගෙවෙද්දි අපි දෙන්නට සංකෙත් අයියව අහම්බෙන් හරි සතියට එක පාරක් හම්බ වෙනව
"ෂෙනා වරෙන් ඉක්මනට යන්න ඕනෙ අද"
"ඇයි උබේ මල් කුමාරයවත් එනව කිව්වද"
"ඒවගෙ තමා"
"මොකද උනේ කියපන්කො"
"අර බන් අපේ ගෙවල් ලඟ සුභාෂ් අයියා ඉන්නෙ මං එක්ක එයා institute එකේදි කතා කරනව නෙ එයාගෙන් සංකෙත් අයියා මං ගැන අහල"සිනලි කියද්දි මගෙ හිතට ලොකු බරක් දැනුනා ඒ කියන්නෙ තාමත් මං සංකෙත් අයියට ආදරේ කරනවද
"යන් එහෙනම් අපිටත් ලඟදිම වෙඩින් කේක් කෑල්ලක් කන්න පුලුවන් වෙයි නෙ" කවදත් මං හිතේ තියන දේ හංඟගෙන වෙන දෙයක් කියන්න පුලුවන් කෙනෙක්
අන්තිමට සංකෙත් අයියා ඇත්තටම සිනලිගෙන් යාලුවෙන්න ඇහුව සිනලිත් එකපයින් කැමති උනා
"උබ සංකෙත් අයියා එක්ක වරෙන් අද ඉක්මනට එන්න කිව්වා අම්මා මං යනව"කියමින් මං බස් එකට ගොඩ වුණේ මගෙ යාලුවට ද්රෝහිවෙන්න බැරි හින්දායි ඒ ඉස්සර තිබුණු ආදරේ රබර් බෝලයක් වගේ උඩට එන හින්දයි
එදා ඉදන් මං අතේ ඇගිලි ගානට සංකෙත් අයියව දැක්කෙ සිනලි සංකෙත්ව හම්බවෙන්න යන හැම දවසකම මගෙ කටේන් වතුර බොනව වගෙ බොරු පිටවුණා
මාසෙකට පස්සෙ අපි ඉදපු කුලී ගෙදර ප්රශ්නයක් වෙලා අපිට ගෙවල් මාරු කරන්න උනා මං එදා සිනලිට නොකියා ගෙවල් මාරු කරන්න තීරණේ කලා එ කවදාවත් එයාලා අතරට තුන්වෙනියෙක් විදිහට යන්න ඔනෙ නැති හින්දා
"මං වොෂෲම් එකට ගිහින් එන්නම්"මං කිව්වෙ සංකෙත් අයියයි සිනලි එක්ක කෑම ගනිමින් එද්දි
"මාත් එන්නද"සිනලි ඇහුවා
"පිස්සු නොකියා ඉදහන් මං පොඩි එකෙක් ඈ"කියමින් මං වොෂෲම් එකට ගියා
මගෙ අමුත්තක් සංකෙත් අයියා දැකලා තිබ්බා
"මේ බන් මගෙ කුඩේ කැෆේ එක ඇතුලෙ ඉදහන් අරන් එනකම්"කියමින් සිනලි කැෆේ එකට ගියා
"නංගි"සංකෙත් අයියා මට කතා කරද්දි මං ගොලු වුණා
අ..යි අයි...යෙ"
"ඇයි මං ඉන්න වෙලාවට අපි දෙන්නව මඟඇරලා දුවන්න හදන්නෙ"සංකෙත් අයියා අහද්දි මට දෙන්න උත්තර නෑ එයාට ඒ දේ දැනුනවත්ද මං කොහොමද දැන් සිනලිට මුණ දෙන්නෙ
"අහ් මං ආවා යමු"සිනලි කියද්දි මං හුස්ම ගත්තෙ
එදා ඉදන් සිනලිව මඟඇරපු මං මාසෙකට පස්සෙ බදුල්ලෙ පදිංචියට ආවා
"උබ අද වැඩට යන්නෙ නැද්ද"අම්මා අහද්දි මං අතීතෙන් මිදිලා ගෙදරින් එලියට ආවා
📞...............
"කියන්න සිනලි"
"මට උබව හම්බවෙන්න ඕනෙ පුලුවන් ඉක්මනට"
"මං අද ඔෆිස් ඇරිලා අවොත් මදිද සිනෙ"
"ම්ම් 4 ට වගේ එන්න බැයිද ටවුමෙ අයිනෙ තියෙන S&D එකට"
"හරි බන් මං එන්නම්"කියමින් මං ෆොන් එක කට් කලේ ඇයි එයා මට එන්න කිව්වෙ තේරෙන්නෙ නෑ හරි අමුතුයි එයා ඇයි මට එයාව මඟාරින්න හිතෙන්නෙත් නැත්තෙ
මං දවසම සිනලි ගැන කල්පනා කරමින් වැඩ කලා
ටී ටයිම් එකට ඕෆ් වුණ මං S&D එකට ආවා තාම සිනලි ඇවිත් නෑ
"මිස් මොනවද ඕනෙ"
"කෙනෙක් මාව හම්බවෙන්න එනව කිව්ව එයා ආවම මං ඕඩර් කරන්නම්"මං වේටර්ට කිව්වා
"සොරි බන් පරක්කු වුණ"
"ඒක්ට කමක් නෑ ඇයි මට උබ එන්න කිව්වෙ"
"ම්ම්ම් ඒක්ද් දිග කතාවක් ඉස්සෙල්ලා කියහන්කො ඇයි බැන්දෙ නැත්තෙ කියලා"සිනලිඅහද්දි මං ගැස්සිලා ගියා
"විශේෂ දෙයක් නෑ සිනේ අපේ ඔෆිස්වල පිරිමි හොර ගෑණු හුරතල් කරනව දකිද්දි බදින්නත් අප්පිරියයි"
"ම්ම්ම් උබ මං කියන දේ ජීවිත රහසක් විදිහට තියාගන්නව කියලා පොරොන්දු වෙයන්"සිනෙ කියද්දි මට දැනුනෙ අමුතු බයක්
"මොකද මේ බන් මට බයයි උබ ඔහොම කියද්දි"
"ඇත්ත අපි කවුරු පිලිගන්න ඕනෙ බන්"
"මොකක්ද ඇත්ත කියපන්කො මට"
"මට බ්රේන් කැන්සර් එකක් හතරවෙනි මට්ටමේ තියෙන්නෙ මට ජීවිත් වෙන්න පුලුවන් මාස ගානයි බන්"සිනේ කියද්දි මං ගොලු වුණා
"මොකක්ද මයෙ අම්මා මේ කියන්නෙ උබ මගෙ ආයුෂත් අරන් ජීවිත් වෙන්න ඕනෙ එකියක් බන් සංකෙත් අයියට දෝණිට උබෙන් තොර ලෝකයක් තියේද මං අහන්නෙ"
"ඒක තමා බන් මාත් කියන්නෙ සංකෙත් අයියට මං කවදාවත් කියලා නෑ මේ ගැන ම්ට බයයි එයා මොනව කරගනීද කියලා කිව්වොත්"
"අපි හොදම ඩොක්ටර් කෙනෙක් චැනල් කරමු මෙහෙ බැරිනම් පිටරට හරි අනිවාර්යයෙන් උබට තව ඔක්ශන් එකක් තියෙන්න ඕනෙ"
"වැඩක් වෙන්නෙ නෑ බන් හැබැයි දෙයියො මට තව දෙයක් පෙන්නුවා"
"ඒ මොකක්ද"
"උබ අවුරුදු 14 ක් මගෙන් වෙන් වෙලා ඉදපු උබ අද මං ලඟ ඉන්නව මට පොරොන්දු වෙයන් මං නැති දාට උබේ පැටියෙක් වගේ දෝණිව බලාගන්නව කියලා"
"අනේ උබ මාව අඩවනව බං"
"උබේ මැරෙන්න ඉන්න යාලුවට මේ අහන ප්රශ්නෙට ඇත්තම කියනවද"
"ඔහොම කියන්න එපා බන් උබ මගෙ පණ"මං අඩමින් කියද්දි සිනලි සැහැල්ලුවෙන් ඉදියා ඒ අඩල අඩල අඩන්න කදුළු නැති හින්දා වෙන්නැති
"උබ සංකෙත් අයියට ආදරේ කලාද"සිනලි අහද්දි මගෙ ඇගේ වොට් 1000 ක් වැදුනා වගේ
"ම්ම් කැමැත්තක් තිබ්බා ස්කෝලෙ යන කාලෙ"
"ඇයි උබ මට කිව්වෙ නැත්තෙ උබට දෙන්න බැරු මුකුත් මං ලඟ කවදාවත් තිබිලා නෑනෙ"
"අනේ සමාවෙයන් බං මං එදා සංකෙත් අයිය දැක්කෙ අවුරුදු 7 කින් වගේ පරණ හැඟීම් මගෙ හිතේ වැලලියයි තිබ්බෙ මට ආයි පරණ දේවල් අදින්න වුවමනාවක් තිබ්බෙ නෑ"
"ගැනීයෙක් ලෝබම ආදරේට බන් මං මේක උබට කියන්නෙ හිතේ පොඩි හරි ඉරිසියාවක් තියාගෙන කියලා මං දන්නව ඒත් මට ඉස්සරහට යන්න පින නෑ අවුරුද්දකට කලින් හදහන බලද්දිත් කිව්වා මං විශ්වාස කලේ නෑ ඒත් මං අද විශ්වාස කරනව සංකෙත් අයියවයි මගෙ දෝණියවයි මං මැරුණ දවසෙ ඉදන් උබට බාරයි උබ මං උබේ හොදම යාලුව කියලා හිතෙනව නම් බාරගනින් මොකද මං උබෙන් කරන අන්තිම ඉල්ලිම මේක මට කියප්න් මං වෙනුවෙන් උබට කරන්න පුලුවන් ද උබේ ජීවිතේම මගෙ දෝණි වෙනුවෙන් කැප කරන්න පුලුවන් ද මං දන්නව මේක මහ ආත්මර්තකාමී ඉල්ලීමක් ඒත් මං පෙරේදත් උබේ ඇස්වලින් දැක්ක ඒ හැඟීම් උබ වලදැම්මා කියපු හැඟීම්"
"අනේ අපි ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු සිනේ හා ද මං දන්නව හොද ඩොක්ටර් කෙනෙක් අනිවාර්යයෙන් එයා ඔයාව හොද කරයි"මං වැදවැටිලා ඉල්ලද්දි සිනලි බලන් හිටියෙ අනුකම්පාවෙන්
"මේ බලපන් මැණික මං ඇදිලා ගිහින් කෙස් වැටිලා මං හරි අමාරුවෙන් බන් දවසක් ජීවත් වෙන්නෙත් මට හුඟක් මහන්සි තවත් නම් මැෂින් අස්සෙ දුක් විදින්න බෑ බන්"
"දෝණී සංකෙත් අයියයි වෙනුවෙන් උබ දාලා යන්න ලෝබ ඒ ජීවිත දෙක වෙනුවෙන් එනවද"මං අහද්දි සිනේට බෑ කියන්න බැරි වුණා අන්තිමට සිනේ කැමති උනා ඊලඟ දවසෙ මාත් එක්ක ඩොක්ටර් හම්බවෙන්න යන්න
Massmello🎭🕊️