The time has passed

The time has passed

Massmello 🎭🕊️
නුඹෙ නොමැති මගෙ දිවියෙ නුඹෙ මතක තවම මකාවි මගෙ තනිය

Short story


First episode


"අනේ ප්ලීස් ප්ලීස් වරෙන්කො බන්"සිනලිගෙ ඇවටිල්ල හමුවේ මං රාත්‍රී කෑමවේලකට යාමට එකඟ වුණා



මං ශෙනාෂා වික්‍රමරත්න සිනෙලි කියන්නෙ මගෙ හොදම යාලුවා ඒත් මං එයාව හේතුවක් නිසා මඟ ඇරිය



'මට සමාවෙයන් බන් වැරැද්ද කලේ මං උබයි දුක් විදින්නෙ'මං හිතින් කිව්වෙ පණ වගේ උන්න යාලුවට



"වරෙන්කෝ අද මං ගානෙ උබට ස්පෙශල් බලහන් මේ අවුරුදු කීයකට පස්සෙද උබව හම්බුණේ කියලා"සිනෙලි වාහනේ ඩ්‍රයිව් කරමින් මට කියද්දි මං දුකින් එයා දිහා බලන් ඉදියා හැමදේටම මමයි වැරදි



"තව දුරද බන් මං ඉක්මනට යන්න ඕනෙ"මං කිව්වා




"අනේ මඟුලක් කතා කරන්න එපා උබ ම්ට හිතුනොත් රෑටත් අපේ ගෙදර තියාගන්නව උබව"සිනලි කියන්නෙ කන්නඩියෙන් මං දිහා බලමින්



"අනේ බෑ බන් අම්මා බලන් ඉදී"මං කිව්වෙ මූණ දෙක කරන්




"කටපියන් හිටු"


'මෙච්චර කල් ගිහින් මේකිගෙ ලමාගතිය ගිහින් නැති හැටි'මට මොහොතකට හිතුණා




"වරෙන් උබට ගෙට එන්න බුලත් දෙන්න ඕනෙද"සිනලි මට රවන් කියවනව



"අම්මී"මං ගැස්සිලා ගියේ අවුරුදු 10ක විතර කෙලිපැටියෙක් ඇවිත් සිනලිගෙ සායෙ එල්ලෙද්දි



"සි...නෙ..ලි"මං අමාරුවෙන් කියෝගත්තා




"ඔව් මේ මගෙයි සංකෙත්ගෙයි ලමයා උබ මං කියලා යාලුවෙක් ඉන්නවද කියලවත් මේ අවුරුදු පහේදි බැලුවෙවත් නෑනෙ"සිනලි කියද්දි මගෙ පපුව පිච්චිලා ගියා




"දෝණි එනවද පුංචි ලඟට"මං කියද්දි දෝණි සිනලිව අත ඇරලා මං දිහා බලන් ඉන්නව



"උබ පුංචි කියලා පොඩි එකීට හදුන්වලා දුන්නෙ පරණ දේවල් අමතක නෑ කියලා මයෙ අම්මා හැබැයි එකක් මතක තියාගනින් පහුගිය අවුරුදු ගාන උබ නැතුව විදවපු විදවිල්ලෙන් උඩු දුවපු තුවාල කවදාවත් හොද කරන්න බෑ"




"අනේ බන්"මං කදුළු පුරවන් සිනලි දිහා බලමින් කිව්වා



"පුංචි ඇයි අඩන්තෙ"




"ඔයාගෙ අම්මි මාව අඩවනවනෙ බබෝ"




"අම්මි නරකයි"පොඩි කෙල්ල කියද්දි කදුළු අතරින් මට සිනහ ගියා




"යකෝ මේකි අද දැක්ක පුංචි එක්ක එකතු වෙලා මට කොල්ලෙපන් කරනව"කියමින් සිනලි පොඩි කෙල්ලට කුචු කැව්වා



"වරෙන් කතාවෙන් කතාව උයන්නත් පරක්කු උනා ඒක නෙවේ උබ ආයි මාව දාලා අතුරුදහන් උනොත් අන්න එදාට උබේ යාලුව මැරුණා කියලා හිතාගනින්"සිනලි කියද්දි මං මුකුත් නොකියා කෙලි පැටියව හුරතල් කලා



"ඔය පොඩි එකත් උබ වගේ හිතුවක්කාරයි ෂෙනා"සිනලි කියද්දි මං පොඩි එකගෙ කම්මුල් දෙක සිප ගත්තෙ හිනාවෙමින්




"මාත් උදවු වෙන්නම් බන් නැත්නම් හුඟක් රෑවෙයි"




"අනේ මේ වාඩිවෙලා ඉදහන් මං උයනකම්"සිනලි කෑගහද්දි ආයිත් මං කෙල්ල එක්ක කාටූන් බලන්න ගත්තා




"තාත්තී"කාටූන් බල බල ඉදපු මං ප්‍රධාන දොර වෙත ඇස් යැව්වෙ කෙල්ල දුවපු සද්දෙට



ඔව් ඒ සංකෙත් සිනලිගෙ අවුරුදු 15 ක ආදරේ




"ශෙනාෂා"සංකෙත් කිව්වෙ මාව දැකලා කෙල්ලව බිමින් තියමින්




"කොහොමද සංකෙත්"මං මවාගත්ත හිනාවකින් කිව්වා




"කොහෙද බන් මෙච්චර කල් ඉදියෙ අපේ එකී මැරුණෙ නැති එක විතරයි උබ නෑ කියලා"සංකෙත් කියද්දි මං මුකුත් නොකියා හිනා වුණා



"මං ඉක්මනට යන්න ඕනෙ සංකෙත් අම්මත් බලන් ඇති කොහෙද ඔයාගෙ නෝනා මට යන්න දෙන්නෙ නෑනෙ"




"ඔය නෝනා අද මෙහෙ නවත්තගන්නෙ නැතුව උබට යන්න දුන්නත් මං පුදුම වෙනව ෂෙනායා"සංකෙත් හිනාවෙමින් කියද්දි මං හිමින් මාරු වෙලා කුස්සියට ගියා



"මොකෝ බඩගිනිද සංකෙත් ආව නේද"




"ම්ම් ආවා"මං කිව්වෙ සිනලි බැදපු පපඩම් කැබැල්ලක් කටට ඔබාගනිමින්




සිනලිගෙ ඇවිටිලි හමුවේ මං බොහො අමාරුවෙන් බත් පිඩක් ගිල්ල



"රෑ වෙලා නෙ සංකෙත් ඔයාට පුලුවන් ද ශෙනාෂාව ගෙනිහින් දාන්න"සිනලි කියද්දි මට කකා ඉදපු වටලප්පමත් හිර වුණා




"කැහැ කැහැ"




"මොකද බන් පොඩි එකෙක් වගේ හිරකර ගන්නෙ"කියමින් සිනලි මගෙ පිට අතගෑවා




"හිරවෙන්නෙ නෑ බන් බඩේ ඉඩ මදි කියලා රිවස් ගහනව"මං කියද්දි සංකෙත් අයියත් සිනලිත් වගේම චූටි කෙල්ලත් හිනා වෙනව



"අනේ බන් බස් තියේ 9 යි ගාන වෙනකම් මට තනියම ගියැහැකි"මං කිව්වෙ සිනලිට




"අනේ මගෙන් මේ උබට අයියා එක්ක යන්න බැරි නම් හෙට වෙනකම් මෙහෙ ඉදපන් එච්චරයි"සිනලි කිව්වෙ මගේ තීරණේ මොකක් උනත් එයාට වැඩක් නෑ වගෙ



"පුංචි අද ඉන්නෝ මෙහෙ යේ යේ"නොසිතූ විදිහට පොඩි කෙල්ල කෑගහමින් මගෙ වටේ දුවද්දි සිනලි හොරෙන් හිනා වෙනව



"උබ කියොත් ඔය කෙල්ල අඩනව සිකුරුයි"සිනලි කියද්දි සංකෙත් අයියා මට දිව දික් කලේ ඇද්ද මං තොට කිව්වා වගෙ වර්ශන් එකෙන්



සිනලිගෙ ඇදුමක් ඇදගෙන හිතපු නැති විදිහට ඒ ගෙදර මට ඉන්න උනා



"මොකක්ද අම්මා මේ විකාරෙ අදත් පටන්ගත්තද"මං කෑගැහුවෙ අවුරුදු ගානක් සුපුරුදු දර්ශනයක් උන මඟුල් කපුවා ස්තෝප්පුවෙ වාඩිවෙලා තේ බොනව දැක්කම




"විකාර තමයි උබේ අම්මයි තාත්තායි කරන්නෙ අවුරුදු 39 වෙනව කොල්ලෙක් හොයාගත්තද උබ එක කොල්ලෙක් දිහා බලන්නෙ නෑ රස්සාව ජීවීතේ කියලා හිතන් ඉන්න උබට මෙව්වා තේරෙයි අපි මැරුණ දාට"අම්මා සායෙන් කදුළු පිහදාමින් කුස්සියට යද්දි මං හුස්මක් පිට කරලා කාමරේට ගියා



හැමදේම අමතක වෙන්න කියලා මං ගියේ නාගන්න



ඔව් මට අවුරුදු 39 ක් වෙනව මං ගෙවන්නෙ මගෙ ජීවිතේ මැදිවයස හැමෝම හිතන විදිහට දරු මල්ලෙක් හදලා ස්කෝලෙ යවන්න ඕනෙ වයස ඒත් මං තාම තනිකඩයි ඒකට මටම කියලා ලොකු හේතුවක් තිබ්බා



"දුවේ කෑම ලෑස්ති ඇවිත් කන්න"අම්මා වෙනද වගේම මං එක්ක කොච්චර රණ්ඩු වුණත් විනාඩි කිහිපයකින් ඒක අමතක කරලා කන්න කතා කරනවා එයාටත් අවුරුදු 69 ක් වෙනව දැන්


ටිකක් ඉන්ටකෝ


මට පේනව ඔබලා මං එක්ක බොහො තරහින්😂

Massmello🎭🕊️

Report Page