වසන්තයේ නොආ නුඹ ගිම්හානයේ ඇවිත්

වසන්තයේ නොආ නුඹ ගිම්හානයේ ඇවිත්

Massmello 🎭🕊️
ජීවිතේ පුලුවන් අහඹු හමුවීම් අනන්තයි

පෙර කොටස

https://telegra.ph/%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B6%AD%E0%B6%BA-%E0%B6%B1%E0%B6%86-%E0%B6%B1%E0%B6%B9-%E0%B6%9C%E0%B6%B8%E0%B7%84%E0%B6%B1%E0%B6%BA-%E0%B6%87%E0%B7%80%E0%B6%AD-12-13-2

🖤විසි එක්වන කොටස🖤(Part 1 )


මාස තුනකට පසු


"මල්ලි ගෙදර ගිහින් ආව නම් මොකද"කෙල්ලගෙ අයිය ඇහුව


"හිතක් නෑ අයියේ"මං මැණික දිහා බලන් කිව්වා


"පැටවු තුන්දෙනා"මං ඇහුවා


"අම්මලා ලඟ"අයියා කිව්ව


අදට ඒ සිද්දිය වෙලා මාස තුනක් එදා ඇති උන ශොක් එකට මගෙ මැණික තාමත් කෝමා එකක පැටවු තුන්දෙනාව බලාගන්නෙත් අම්මා සිහිය ආවෙ නැතොත් ඩොක්ටර් කිව්වා මැෂින් ගලවන්න වෙනව කියල අද හෙට


කවුරු හරි එනව මං කදුළු පිට අල්ලෙන් පිහදාගත්තා


"අම්මා"


"ම්ම්"


"ඇයි මෙයාවත් අරන් ආවෙ"


"ඔයා වගේම මුරණ්ඩුයි ලමයෝ ගිරිය යටින් කෑගහනව එහෙම අඩල මොකක් හරි උනොත් කියලා මං අරන් ආවෙ"


"අනිත් දෙන්නා"


"තාත්තයි දූලගෙ අම්මයි තාත්තායි ඉන්න හින්ද දාල ආව"


ආයිත් ලොකූ අඩන්න ගත්තා


"කෝ දෙන්න අම්මේ"

මං අතට ගත්තම නැලවුනත් එයාගෙ අවධානෙ තිබ්බෙ මගෙ මැණික දිහාට


මං හිමින් සීරුවෙ බටන් දෙකක් පන්නලා ඒ පපුව මතින් ලොකූව තිබ්බා


ලොකූ මැණිකගේ පියයුරුවක් කටේ දාන් හෝ ගාල අදිනව


"මොකක්ද ලොකූ කරන්නෙ මෙහෙ එන්න"

ඒම කිව්වම රවලා ඒ පපුවටම තුරුල් වෙනව


'පොඩිකමටද යකෝ මෙකා රවනවත් එක්ක'


"ගන්න එපා ලමයෝ කිරි තියනව ද කොහෙද"


තප්පර කිහිපයකට පස්සෙ මගෙ මැණිකගෙ චලනයක් මං දැක්කා


තොල් හෙලවෙනව මගෙ මැණිකගේ පැටියව අම්මට බලාගන්න කියලා මං ඩොක්ටර් ව හොයාගෙන දිව්වා


........


"හ්ම් එයා රිකවර් වෙලේ මිස්ටර් මතකනෙ මේ දෙවැනි සැරේ උනේ මීට වඩා පරිස්සම් කරන්න ඕනේ වයිෆ් ව මං යන්නම්"


ඩොක්ටර් මැණිකව චෙක් කරලා මට උපදෙස් දීලා යන්න හැදුව


"අහ් තව දෙයක් ආයි දරුවො ගැන හිතන එක ඔයාගෙ වයිෆ්ට අවධානම් දරුවයි අම්මයි දෙන්නම බේරෙන්න තියන සම්භාවිතාවය 1% වගෙ මිස්ටර් ට මං කියන දේ තේරෙනව නෙ"


"ඔව් ඩොක්ටර් මට වයිෆ් වටිනව තව දරුවෙක් හදනවට වඩා"


"හොද තීරණයක් පුතා"කියමින් මගෙ උරිස්සට තට්ටුවක් දාගෙන ඩොක්ටර් කාමරයෙන් එලියට ගියා




අවුරුදු තුනකට පසු




"මැණික මගෙ ටයි එක දැක්කද"


"ඇද උඩ ඇති තේනු"මං උයන ගමන් කෑගැහුව


"සනා මට පරක්කු වෙනව ඇවිත් හොයල දෙනව"


මේ තේනු නම් මෙ පොඩි උන් තුන්දෙනාවත් මෙච්චර වද දෙන්නෙ නෑ


මං තේනුව හොයන් කාමරෙට යන්න හදනකොට දැක්කෙ පොඩී ටයි එක ඇග වටේ ඔතන් ඉන්නව


"හොර ගෙඩියා තාත්තාගෙ ටයි එක අරන් කොහෙද යන්නෙ"කියමින් මං පොඩීව වඩා ගත්ත


"ඔන්න තේනු හොරා ගෙඩියා"


තේනු පොඩීටත් රවල ටයි එක අරන් දාගත්තා


"ඔහොම රවන්න එපා පොඩි එකාට"


"රවන්න නෙවේ එල්ලන්න තියෙන්නෙ ඇයි යකො මගෙ බඩු විතරයි මේ කොල්ලට පේන්නෙම😒"


'ඇත්තටම පොඩී දනගාන්න පුලුවන් කාලෙ ඉදන්ම එයාගෙ සෙල්ලම් බඩු පැත්තකින් තියල සෙල්ලම් කලේ තේනුගෙ බඩු එක්ක තමා😂


"කෝ අනිත් වසවර්තියො දෙන්න"


"ඉස්සරහ රූම් එකේ සෙල්ලම් කරනව"


"මේකට තමා බැරි මෙහෙ වර"කියමින් තේනු පොඩීව අරගෙන ඉඹිමින් කිචි කැව්වා


"මං යනව මැණික"කියමින් පොඩීවත් අරන් තුන්දෙනාට හදල තිබ්බ ප්ලේ රූම් එකට ගියා


තුන්දෙනාව ඉබලා මිසක් තේනු කොහෙවත් යන්නෙ නෑ


ඉදපියකො මහත්තයෝ රෑට ඇවිත් තුරුල් වෙන්න හොදයි උදේට මාවත් ඉබල ගිය නම් නරකයි


මං හොද්ද ලිපෙන් බාල පැත්තකින් තිබ්බෙ කේන්තියෙන්


ඒ එක්කම මගෙ බද වටා අතක් වැටුනා


"මොකෝ මගෙ වස්තුවට කේන්ති ගිහින් ඈ"


"දැන් කොහෙද යන්න නේද ලෑස්ති උනේ යන්න යන්න"


"ඊට කලින් වැඩක් තියනව"කියමින් තේනු මාව උස්සලා පැන්ට්‍රිය උඩින් තිබ්බා


"මොකද කරන්නෙ අනේ පැටවු තුන්දෙනා එයි"


"උන් ආවට මොකෝ මන් හුරතල් කරන්නෙ මගේ ගෑණිවනෙ"


"තේනු මං කියල තියනව නේද උන් මුන් කියන්න එපා කියලා"


"හරි හරි උන් සෙට් එක සෙල්ලම් කරනව ඉස්සර කාමරේ"ආයි උන් කිව්වා මං රැව්ව ලෙසටම


"රවන්න එපා මැණික දාල යන්න හිතෙන්නෙම නෑ"කියමින් තේනු මගේ තොල් දෙක අල්ල ගත්තා තොල්වලින් ලේ එනතුරු තේනු එය වින්දා තොල් අත ඇරපු තෙනු බ්ලවුස් එකේ බටන් දෙක තුනක් පන්නා මගේ බෙල්ලෙ සිට ලැම දක්වා හාදුවලින් තෙමුවා මාත් එය වින්දා


"ආව්"තේනු එක් පියයුරුවක් හැපූවිට මා පියවි සිහියට ආව


"මොකක්ද ඒ කලේ"


"ආස හිතුනා"


"යන්න යන්න මටත් අර තුන්දෙනාව නාවන්න තියෙනව"


"අනේ තව චුට්ටක්"තේනු කියනව


"බෑ බෑ යන්න"මං බ්ලවුස් එකේ බටන් ටික දාන ගමන් කිව්වා


තේනුව පන්නලා මං පොඩි සෙට් එකව නාවන්න ගත්තා මේ කොල්ලො තුන්දෙනාව ආම්බන් කරන මට සම්මාන දෙන්න ඕනෙ


"චුටි මෙහෙ එනව කොහෙද යන්නෙ හොරගල් අහුල අහුල"

මූණත් බෙරි කරන් එනව


තුන්දෙනාවම ලොකු බේසමක ඉන්දවල නාවන්න ගත්තා මං


නාවල ඉවර වෙනකොට මං මාත් භාගෙට නාල


නාවල කැව්වට පස්සෙ තුන්දෙනාගෙම මූණුවල නිදිමත් බේරෙනව


"අම්මා"මගේ සාය අදින ගමන් ලොකූ ඇස් පොඩි කරනව


"නිදිමතයිද මැණිකට කෝ එන්න අම්මා දොයි කරන්න"

තුන් දෙනාවම නිදි කරවල කොට්ටවලින් වට කරලා මං නා ගත්තා


තේනු හපපු එකේ පාර හිටලා දත් සෙට් එකම ලස්සනට වැදිලා


"හවස 6 වගේ වෙද්දි තේනු ආව පැටවුත් නැගිටලා අඩනව මං කිරි දුන්න චූටි නම් තාම නිදි


"පොඩි අම්මිව හැපුවද ඔයා නෝටි"ලොකූ කියනව


"මං හැපුවෙ නෑ ඔයයි හැපුවෙ නෝටි බෝයි"පැටවු දෙන්න මේ මොකට රණ්ඩු වෙන්නෙ කියල මතක් උනාම තිබ්බ නිදිමත කොහේ ගියා ද දන්නෙ නෑ


'නාගෙන ආපු දෙන්කෝ තේනු😑'


"කෝ දෙන්නම රණ්ඩුව නවත්තන්න"මං කියනවත් එක්කම තේනු බාතෲම් එකෙන් එලියට ආව


"මොකෝ දෙන්න රණ්ඩු වෙන්නෙ"තේනු අහනව


ඉල්ලන් කනවකෝ එනම් තේනු කියන මූඩ් එකෙන් මාත් බලන් හිටියා


"මල්ලි අම්මිව හපලා"ලොකූ අත් දෙකත් බැදන් කියනව


"නෑ අයියා තමා"පොඩී කියනව


කලබල අස්සෙ චූටිත් නැගිටල බලන් ඉන්නව මොකද වෙන්නෙ කියලා


සිද්ධිය මීටර් උනාම බලන්න එපෑ තේනුගෙ මූණ දෙල් ගෙඩියක් වගේ😂


Massmello🎭🕊️

Report Page