THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤


CHAPTER 19🖤🍁

🖤🍁


CHAPTER 18🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-10


(මේ කොටස යන්නේ ඩේමියන්ගේ පැත්තෙන්)


[අන්තිම කෑල්ල වෙනකන්ම කියවන්න]



" ඩේමියන් මන් යනවා මට පරක්කු වෙනවා.වෙන දවසක මීට් වෙමු"



ශෙරාඩ්ගේ ෆයිල් එක හොයන අතරේ එමා ඇවිත් එහෙම කිව්වම මන් හොයන එක පැත්තකින් තියලා එමා ගේ පැත්තට හැරුනා.



බෑ මට දැන්ම එයාට යන්න දෙන්න බැහැ.



"නෑ එමා තව විනාඩි පහක් දෙන්න"


කොහෙත්ම එමාව යන්න දෙන්න මට උවමනා කරේ නෑ.



"නෑ ඩේමියන් මන් දැන් යන්න ඕනේ"

මන් තව වචනයක් කියන්න කලින් එමා එහෙම කියලා එලියට ගියා.



එයාව නවත්තන්න මට බැහැ.එයත් එක්ක ආශ්‍රය කරපු ටික දවසට එයා කොයිතරම් මුරන්ඩුද කියලා මන් හොදට දන්නවා.කොච්චර මුරන්ඩු උනත් එයා මාර කිවුට්.



එමා ගැන හිතද්දිත් මට තනියෙන් හිනා යනවා.මන් ඒ කල්පනාවෙන්ම ආය ෆයිල් එක හොයන්න ගත්තා.



විනාඩි දහයකින් විතර මන් ගැස්සිලා ගියේ කවුරු හරි පිටිපස්සෙන් ඇවිත් මාව බදාගත්ත නිසා.



හදගැස්ම වැඩිවෙන්න ගත්තේ එමා කියලා හිතලා.ඒත් එමා මෙහෙම කරන්නේ නෑ කියලා හොදටම දන්න නිසා මන් ඒ අත් ගසලා දාලා හැරිලා බැලුවා.



මහ අමුතු බැල්මක් දාන් මොකියෙක්දෝ එකියක් හිටන් ඉන්නවා නැලවි නැලවී.මගේ යකා උපරිමේටම ඇවිස්සුනා ඒකිව දැකලා.



"පිස්සුද ගෑනියේ බදාගන්නේ.කවුද තමුසේ.කන පලාගන්නේ නැතුව එලියට පලයන්"



හයියෙන්ම කෑගහලා ඒකිට කිව්වේ.



"ඇයි ශෙරාඩ් ඔයාමනේ බ්‍රැන්ඩන්ට කෝල් කරලා මාව එවන්න කියලා තිබ්බේ."



ඒකී කතා කරන විදියට මල පනිනවා මට.ශෙරාඩ් මේකිට එන්න කියලා ඇත්තේ.



"මන් නෙමෙයි රෙද්ද ශෙරාඩ්.ඌ ඇති ඔය එහා පැත්තේ ගිහින් හොයාගනින් මට පව් නොදී"



ඒකිට එහෙම කියලා මන් ආය ෆයිල් එක හොයන්න ගත්තා.



කොහොමහරි මුලු කාමරේම පෙරලලා ෆයිල් එක හොයාගෙන ඒකත් අරන් කෙලින්ම ඔෆිස් එකට ගියේ ශෙරාඩ්ටත් කියන්නේ නැතුව.දැන් කොහොමත් ඌ වෙනම ලෝකෙක ඇත්තේ



කාර් එක ඩ්‍රයිව් කරන ගමන් මන් කල්පනා කරේ එමා ගැන.එමාව දැක්ක දවසේ ඉදලා මන් සෝෆි ගැන ඉස්සර තරම් හිතන එක අඩු කරා.එමා මාත් එක්ක කතා කරලා ෆිට් එකේ ඉන්න මේ දවස් ටිකට සෝෆි කියන චරිතෙව මන් මුලු හිතෙන්ම අයින් කරා.



තමුසේ මොනාද මට මේ කරලා තියෙන්නේ කිවුට් කෙල්ලේ.



ශිට් අද ශෙරාඩ් නාඩගමක් නැටුවේ නැත්නම් එමාව එලියට එක්කන් යන්න තිබුනා.එයා ගැන තව දැන ගන්න තිබ්බා.



මන් එහෙමම කාර් එක පාර්කින් එකේ දාලා ඔෆිස් එකට ගියේ මේ ෆයිල් එක අදම භාර දෙන්න ඕන නිසාත් තව ඔෆිස් එකේ වැඩ වගයක් තියන නිසා.



ෆයිල් එක භාර දීලා තව අකවුන්ට් වගයක් බලන්න ගත්තා.



කොෆී එකක් ගෙන්න ගෙන ඒක බොන අතරේ ෆයිල් ටික චෙක් කරා.



දන්නෙම නැතුව හයත් වෙලා.කොහොමත් මේක ඉවර කරලම තමයි නැගිටින්නේ.අරූට අද කොහොමත් සිහියක් නෑ.මටම තමයි මේවා බලන්න වෙන්නේ.



මන් අට විතර වෙද්දී අපාට්මන්ට් එකට ආවා.



දොර ඇරගෙන ඇතුලට යද්දී තමයි සෝෆා එකේ මැරිලා වැටිලා වගේ ඉන්න ශෙරාඩ්ව දැක්කේ.



"මොකද උබ,මන් හිතුවේ අද දවසම අරකි එක්ක මගුල් නටයි කියලා"



මන් එහෙම කියාගෙනම ගිහින් ෆ්‍රිජ් එකෙන් වතුර එකක් අරන් එක උගුරට බී ගෙන ගියේ මාර වතුර තිබහක් තිබ්බ නිසා.



"අම්මගේ ඔපරේශන් එක කොහොමද?"



මන් වතුර එක බීලා ශෙරාඩ්ගෙන් ඇහුවේ ඌ තාම සෝෆා එක බදාගෙන ඉද්දී.



"ඒක සක්සස් බන්,දැන් ICU දාලා දවස් දෙකකින් බලලා කියන්නම් කියලා කිව්වා"



ඌ එහෙම කියද්දී උගේ මූනේ එලියට පෙන්නන්න බැරි දුකක් තියනවා කියලා මට තේරුනා.



"හරි,උබ දැන් කාලද ඉන්නේ.මන් ඕඩර් කරන්න බැලුවේ ලන්ච් එක ගන්නත් ඇරි උනා අද දැන් පට්ට බඩගිනියි මට"



මන් කිව්වේ අද ලන්ච් එක ගන්න අමතක උනා තිබ්බ වැඩ අස්සේ.



"උබ ඕඩර් කරන එකක් මටත් එක්ක දාපන්,මන් කාලත් නෑ"



ශෙරාඩ් එහෙම කියලා සෝෆා එකේ කෙලින් වෙලා වාඩි උනා.




"මන් වොශ් එකක් දාන් එන්නම්,ඕඩරේ දැම්මා ආවොත් ගනින් ඔතනම වැටීගෙන ඉන්නේ නැතුව"



මන් ඌට එහෙම කියලා වොශ් එකක් දාගන්න ආවා.



ශවර් එක යටට වෙලා ඉද්දී මට මතක් උනේ එමාව මොනා කරනවද දන්නේ නෑ.පස්සේ මෙසේජ් එකක් දාලා බලන්න ඕනේ.



වොශ් එකක් දාන් එද්දී ඕඩර් කරපු කෑම එක භාගෙට දිග ඇරෙගෙන ශෙරාඩ් ඉන්නවා.



"උබ කන්නත් ගත්තද?"

මන් අහද්දිත් කතා කරන්න බැරි තරමට කෑම කටේ මුගේ.



"මටත් බඩගිනී යකෝ,ඊයේ රෑ මාම්ට අසනීප උනත් හරි මට හරියට කන්නබැරි උනා."



මාත් ඌ ගේ එහාපැත්තෙන් වාඩි වෙලා කෑම එක ගන්න යද්දී තමයි මුගේ අත දැක්කේ.



"උබට එකපාර මොනා යකා ගහලද බන් ඔය අත තුවාල කරගත්තේ"


මන් අහද්දී ඌ කන එක නවත්තලා උගේ තුවාල උන අත දිහාම බලන් හිටියා.


එකපාර ඌට යක්ශාවේශ වෙනවා කියලා උගේ මූනෙන්ම තේරුනා.පිස්සු මුට කියන්නෙත් නෑ කිසි දෙයක්.



"දැන් උබ ඇයි ඔය ආය උබේ යකාව එලියට අරන් ඉන්නේ.එක්කෝ කියපන් මොකද්ද උබේ ප්‍රශ්නේ කියලා.තෝ ඔක්කොම හිතේ තියන් ඉදලා නිකන් පිස්සෙක් වගේ හැසිරිලා වැඩක නෑ"



මන් කෑම එක කන ගමන් ඌට කිව්වම ඌ කෑම එක තියලා සෝෆා එකෙන් හොදට හේත්තු වෙලාමගේ පැත්ත හැරුනා.



අවුරුදු ගානක් මූත් එක්ක හිටපු මට දන්නවා මූ ඔක්කොම මට කියන්න තමයි මේ ලෑස්ති වෙන්නේ කියලා.



මාත් කෑම එක අරන් උගේ පැත්ත හැරුනේ හැමදාම වගේ උගේ කතාව අහන් ඉන්න බලන්.



"කියපන්"



මන් එහෙම කිව්වේ මූ සද්ද නැතුව හිටපු නිසා.



"හැමදේම අරකි නිසා බන්.ඒකි නිසා තමයි මේ ඔක්කොම.මට ඒකිව පේන්න බෑ"



හරි ඔය මූ කියන්න එන්නේ කවුද කියල මට තේරුනා.එමා ගැන.ඒ කෙල්ල මුට කරපු මගුලකුත් නෑ.



"ආය පටන් ගන්න එපා උබ"

මන් ඌට කිව්වේ මන් කකා හිටපු කෑම එක තිබ්බ ප්ලේට් එක සද්දෙට මේසේ උඩින් තියලා.



"ඇයි උබ ට මල පනින්නේ ඔච්චර"



උගේ නක්කල් හිනාව දාන් මන් දිහා බලන් ඌ ඒක ඇහුවේ.



"ඒකී උබට කරපු මගුලක් නැති නිසා,වෙන රෙද්දකට නෙමෙයි."



මන් කටින් එහෙම කිව්වට මගේ හිත ඒක පිලිගන්න කැමති නෑ වගේ.මොකද මේ වෙද්දිත් එමා ගැන මට විශේශ හැගීමක් ඇති වෙලයි තිබ්බේ.



"එහෙම රෙද්දක් නැත්තම් ඒක උබට හොදයි.ඔය වගේ එවුන්ගෙන් ඈත් වෙලාම හිටපන්"



මූ දන්න තරම තමයි.



"ඒ බ්ම්බුවක් ඕනේ නෑ,උබ කතාවට බැහැපන්කො වෙන මගුල් නොකියා"



බැරිම තැන මන් එහෙම කිව්වේ.මූ කෙල්ල ගැන වැරදි කියනවා ඇරෙන්න උන දේ කියන්නේ නැති නිසා.



"අද උදේ මන් ඒකිව එක්කන් එන්න ගියා කියලා උබ දන්නවනේ.ඒකී එන්න බැහැ කියලා ගත්ත ගමන් කිව්වා.අඩුම මන් මාම්ගේ සිටුවේශන් එක ඒකිට කියලත් ඒකී බෑ කිව්වා.අන්තිමට මොනවත් උනේ නැති ගානට ඒකී හොස්පිටල් එකට ආවේ.ඕකිට ඕනේ මන් ඒකිගෙන් වැද වැටිලා ඒකිව ගෙන්න ගන්න.එන්නේ නැත්තම් කොහොමත් එන්නේ නැතුව ඒකිට ඉන්න තිබ්බේ.ඇයි පරක්කු වෙලා ආවේ.ඒකි දන්නවා මේ වගේ වෙලාවක මාම්ගේ සිටුවේශන් එක පෙන්නලා මගේ ඇගේ එල්ලෙන්න.ඕකිට ඕනේ සල්ලි,සල්ලි විතරයි හැම ගෑනිම වගේ"



ඌ කිව්ව විකාරේ අහන් ඉන්නවට වඩා නැගිටලා යන්න හිතුනා.



"උබ ඒ කෙල්ල ගැන හිතන් ඉන්න විදිය වෙනස් කරපන්.එතකොට ඔක්කොම හරි.අනික මමයි එමාට කෝල් කරලා කිව්වේ.මේ පාර විතරක් මේ එක උදව්ව කරන්න කියලා.වෙන මගුලජට නෙමෙයි ඒකි ආවේ."



මන් මල පැනලා ඒක කිව්වේ.



"ඒකිට ඕනෙත් ඒකමයි,උබට තේරෙන්නේ නැද්ද?ඒකිට ඕනේ අපි ඒකිගෙන් උදව් ඉල්ලලා වැදවැටෙන්න.තෝත් ඒකිට ගැලපෙන්න ඒකිගේ තත්වෙටම බැහැලා ඒකී එක්ක ආශ්‍රයෙට යනවා.උබ උබේ රෙස්පෙක්ට් එක තියන් හිටපන්.තෝ නිකන් ඩේමියන් විතරක් නෙමෙයි කියලා මතක තියාගනින්,උබට ඒකෙන් එහා වෙනම චරිතයක් තියනවා ඒක ඔය ඔලුවට දාගෙන,ඒකට ගැලපෙන්න වැඩ කරපන්"



ඌ කිව්ව දේවල් වලට මන් මොකුත් කියන්න ගියේ නෑ.එහෙමම නැගිටලා රූම් එකට ගියේ ඌ අන්තිමට කිව්ව ඒවා හිත හිත.


"අනිද්දා පාර්ටියට යන්න වරෙන් අනිවා උබ.ඒක කොයිතරම් ඉම්පොර්ටන්ට් කියලා උබ දන්නවනේ"


මන් ඌට ඒකත් මතක් කරලා ආවේ ර



''ඒකට යන්න කලින් කෙවින් මැරුනා කියන ඉන්ෆොර්මේශන් එක අරූට යවපන්"



ශෙරාඩ් සීරියස් හඩකින් එහෙම කියනවා ඇහෙද්දී මන් ඇදට වැටුනා.




ඔව් මන් සමාජෙට ඩේමියන් විතරක්ම නෙමෙයි.මන් චරිත දෙකක්.



ඩේමියම් වෙලා ඉද්දී ඉන්න විදිය වගේම,

මුලාට් වෙලා ඉද්දී ඉන්න විදියත් මන් හොදට දන්නවා.



ඔව් මන් තමයි USA වල නම්බර් වන් මාෆියා ගෑන්ග් එකේ ලීඩර් විදියට පෙනී ඉන්න මුලාට්



මන් කොච්චර අකමැති උනත් ඒකෙන් ආය පස්සට එන්න මට බැහැ.


අද මැරෙයිද හෙට මැරෙයිද කියලා හරියට කියන්න බැරි ජීවිතයක්.ඒ තරම් මේ ෆීල්ඩ් එකේ අවදානම වැඩී.


ඒත් මගේ ජීවිතේම මුලාට් නෙමෙයි.ඒ චරිතේ වෙනුවෙන් මට ඩේමියන් කියන චරිතේ මරලා දාන්න බැහැ.


ඩේමියන්ගේ චරිතේ රගපාන්න මන් ගොඩක් ආසයි.


මුලාට්ගේ තිත්ත උනි චරිතෙන් මට විවේකයක් ගන්න පුලුවම් ඩේමියන් විදියට ඉදලා විතරයි.



ඇයි මන් මෙහෙම එකිනෙකට ගොඩක් වෙනස් චරිත දෙකකට පන දෙන්නේ.


හැමදේම උබ නිසා ශෙරාඩ්,උබ මගේ හොදම යාලුවා නිසා,මන් උබ කියන ඕන මගුලක් කරන නිසා.



මන් එහෙමම ඇදට වැටිලා ඇස් දෙක වහගත්තේ මුලාට් විදියට ඉන්න ගිහින් මගේ ජීවිතේට කොච්චර ජරා මතක එකතු උනාද කියලා හිතන ගමන්.


SPECIAL CHAPTER 🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-11


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

Report Page