THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤


SPECIAL CHAPTER 🖤🍁

🖤🍁


CHAPTER 19🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-12


මන් ආය අපාට්මන්ට් එකට නොයා කෙලින්ම ගියේ මැන්චන් ස්ට්‍රීට් එකේ.මේ පාරෙන් අන්තිමට ගියේ මගේ දහ අට වෙනි උපන් දිනේ දවසේ.මන් අකමැතිම වගේම මන් හොදටම රැවටුනු හිත ගොඩක් රිද්ද ගත්ත දවසක් ඒක.




හිත හිතම මන් චර්ච් එකට ආවා.ඇතුලේ කවුරුත්ම නැහැ.එලියෙන් ගත්ත ඉටිපන්දම් වගයක් පත්තු කරලා මන් දනගහගත්තේ හිත නිදහස් කරගන්න හිතාගෙන.




එහෙමම ඇස් වහලා හිතේ තියන හැමදේම හොදින් වෙන්න ඕනේ කියලා ඉල්ලුවේ.



කෙවින්ට කිසි කරදරයක් නැති වෙන්න කියලත් එයාව ඉක්මනටම මට හම්බවෙන්න කියලයි මන් ඉල්ලුවේ.ඊටපස්සේ ශෙරාඩ්ගේ අම්මට ඉකමනට සනීප වෙන්න කියලා.



ඉතින් ප්‍රේ කරලා ඉවර වෙලා මන් නැගිට්ටා.


එහෙමම පිටිපස්සට හැරෙද්දී තමයි දැක්කේ අවුරුදු හතලිස් පහක විතර පිරිමි කෙනෙක් වාඩි වෙලා ඉන්නවා.



මට මෙයා ඇතුලට ආපු සද්දේ ඇහුනෙම නෑනේ.



මන් එයා දිහා බලලා හිනා උනේ නිකන් එයාව පහු කරගෙන යන එක හරි නැති නිසා.



"පල්ලියට අලුත්ද?"



මන් හිනා උනාම එයා නැගිටලා මන් ලගට එන ගමන් එහෙම ඇහුවේ.



"ආහ්.....නෑ පොඩි කාලේ නම් හැමදාම වගේ ආවා.මේ අන්තිම අවුරුදු තුනේ එන්නම බැරි උනා"



මන් එහෙම කිව්වේ එයත් මන් එක්කම එලියට ඇවිදන් එද්දී.



"මන් එඩී රේමන් රොද්‍රිගෝස්"



එහෙම කියලා එයා මට අත දුන්නා



"මන් එමා මැතිව්"



මාත් එයාට අත දීලා මාව හදුන්නලා දුන්නා.



"එමා මැතිව් නයිස් නේම්"


එයා එහෙම කියද්දී අපි දෙන්නම පල්ලියෙන් එලියට ඇවිදන් ඇවිත් හිටියේ.


"අවුරුදු තුනක් නොයා ඉදලා එකපාර අද එන්න තරම් මොකද්ද විශේශත්වේ.මන් ඇහුවට කමක් නැද්ද?"


එයා එහෙම ඇහුවම මන් ටික වෙලාවක් නිශ්ශබ්ද ව ඉදලා එයාට උත්තර දුන්නේ.


"මන් ගොඩක් ආදරේ කරන දෙන්නෙක්ට ප්‍රශ්නයක් ඒක ඉක්මනට විසදෙන්න කියලා ඉල්ලන්න මන් ආවේ"


මන් පොඩි හිනාවකින්ම එහෙම කිව්වේ එයා හොද අවදානෙකින් මන් කියන ඒවා අහන් ඉද්දී.


"ඔයාගේ දෙමව්පියෝද?"



එයා එහෙම ඇහුවම මට එකපාර හිනා ගියා.මන් කියලා එකෙක් ඉන්නවද මැරුනද කියලා දන්නේ නැති දෙන්නෙක් ගැන මන් එච්චර වදවෙන්නේ නෑ.


"නෑ නෑ,මේ වෙන දෙන්නෙක්"


මන් එහෙම කියලා පාඩුවේ හිටියා.



"මන් අවුරුදු තුනක් එක දිගට හැම බදාදාම මේ චර්ච් එකට එනවා මේ වෙලාවට,අද තමයි මන් එද්දී තව කෙනෙක් මේකේ ඉන්නවා මන් දැක්කේ.ඒකයි ඉදලා කතා කරන්නම හිතුනේ.කතාකරාට පාඩු නෑ ලස්සන චරිතයක් ඔයා හැඩරුවෙන් වගේම හැසීරීමෙන්"



එයා එහෙම කිව්වම මට මතක් උනේම කෙවින්ව.එයාගේ ලෙටර් එකෙත් එයා මන් ගැන මේ විදියටම කියලා තිබ්බා.


"මටත් ඔයාව අදුර ගන්න ලැබිච්ච එක ගොඩක් සතුටුයි"


මාත් හිනා වෙලා එහෙම කිව්වේ.


"හරි එහෙනම් එමා මන් යනවා.දෙවියන්ගේ කැමැත්ත අනුව අපි ආය අනිවාර්යයෙන් හම්බවෙන්නත් පුලුවන්"


එයා එහෙම කියලා කාර් එක ලගට ඇවිදන් ගියා.


"ඔව් දෙවියන්ගේ කැමත්ත අනුව හැමදේම සිද්ද වෙයි"


මාත් එහෙම කියලා පල්ලියට එහා පැත්තේ තිබ්බ පොඩි පාරෙන් ඇවිදන් එන්න ගත්තේ මිස්ටර් රේමන් ගේ කාර් එක මෙයින් ස්ට්‍රීට් එක පැත්තට යද්දී.



යන ගමන් කෑම වලට ඕන බඩු ටිකත් අරන්ම ගියේ එතකොට ආයේ ඒවා ගන්න එන්න ඕන නැති නිසා.


බෑග් ටිකත් අරන් ගෙදර ඇතුලට ගියේ මොනා හරි පොඩියට හදන් කාලා බඩු ටික අස්කරලා දාන්න හිතන්.


රාමේන් එකක් හදලා අරන් ඒක කන ගමන් ටීවී එක දාගත්තා.


ඒකත් ඉක්මනටම කාලා.ගෙනාපු බඩු ටික අස්කරන්න ගත්තා.


ෆ්‍රිජ් එකට දාන ටික ඒකට දාලා අනිත් ඒවා පැන්ට්‍රි එකට දැම්මා.


කිචන් එක අස්කරලා ඉවර වෙද්දී පැයක් විතර ගියා.


ඊටපස්සේ මගේ රූම් එක.පරන ගෙදරේ වගේ නෙමෙයි මේකේ කින්ග් සයිස් බෙඩ් එකක් තිබ්බේ.ඒකටත් කබඩ් එකේ තිබ්බ අලුත් ශීට් එකක් දාලා.මගේ ඇදුම් ටික ලස්සනට නමලා කබඩ් එකෙන් තිබ්බා.


ඒ ටිකත් ඔක්කොම ඉවර කරලා බැල්කනී එකට ගියේ ෆෝන් එකත් අරගෙනමයි.


නිදිමතක් ඇත්තෙම නෑ.එතන තිබ්බ බෙන්ච් එකෙන් වාඩි වෙලා කලබලකාරී නිව්යෝර්ක් නගරේ බලන් හිටියේ හිස් හැගීමකින්.


එහෙමම ෆෝන් එක අරන් කෙවින් ගත්ත අපි දෙන්නගේ සෙල්ෆිය බලන්න ගත්තේ එයාගේ කියලා මතකකෙට තියෙන්නේ මේක විතරක්ම නිසා.


"ඔයා කොහෙද ඉන්නේ කෙවින්,ඔයා කොහේ හිටියත් පරිස්සමට ඉන්නවනම් ඒ ඇති,හැබැයි මන් ඔයාව කොහොමහරි හොයා ගන්නවා,ඒ තරමට මට ඔයාව වටිනවා"


ෆොන් එක පපුවටම තුරුලු කරන් මන් ඈත බලන් හිටියේ හැමදේම ඉක්මනට හරි යයි කියලා බලාපොරොත්තුවෙන්.







ඊලග දවසෙත් සුපුරුදු විදියටම ක්ලබ් එකේ වැඩ ඉවර කරලා එන්න අට විතර උනා.


එහෙමම ඇවිත් වොශ් එකක් දාගෙන කාලා ටීවී එක ඉස්සරහා වාඩි වෙලා හිටියා.කෑවට බඩ තාම පිරිලා නෑ වගේ ඩෙසට් එකට මොනවත් කාපු නැති නිසා වෙන්න ඇති.


අයිස්ක්‍රීම් එකක් කන්න පුදුම ආසාවක් ආවේ.ආය දෙපාරක් හිටන්නේ නැතුව කාර්ඩ් එකයි ෆෝන් එකයි අරන් ආවේ පල්ලෙහා සුපර්මාර්කට් එකෙන් අරන්ම එනවා කියලා හිතන ගමන්.


එහෙමම එලියට යන්න දොර ඇරියා විතර්‍යි.ඒ දැක්ක දේන් අයිස්ක්‍රීම් කන්න නෙමෙයි වතුර බීලා නිදාගන්න හිතුනා.


ඉස්සරහම ගෙදරේ ඩෝර් එක ඇරගෙන එලියට ආවේ ශෙරාඩ්.


මන් එහෙමම ඇතුලට ගිහින් දොර වහගත්තා.


මාව දැක්කද එයා.එයා කොහෙද මෙහේ.එහෙමම දොරට හේත්තු වෙලා කල්පනා කරන්න ගත්තා.


"ඕ ශිට් තමුසේ වගේ මෝඩයෙක් එමා.ඔය ඉස්සරහා තියෙන්නේ ඩේමියන්ගේ ගෙදර වෙන්න ඕන,ඇයි මට ඒක මතක් උනේ නැත්තේ,ආය මන් ඉදලා ඉවර්‍යි ශෙරාඩ් මාව දැන් දැකලා ඇති.දැන් ඌ මට මෙතන ඉන්න දෙන එකක් නෑ,ඇයි මටම මෙහෙම වෙන්නේ"


මන් එහෙමම ෆෝන් එකයි කාඩ් එකයි මේසේ උඩින් විසික්කරලා එහෙමම ඇදට පැන්නේ කොහේ ගියත් ශෙරාඩ් සාපයක් වගේ පස්සෙන් පන්නන එක ගැන හිත හිත.








ඊලග දවසේ මන් ගෙදරින් එලියට බැස්සෙ ඉස්සරහ ගෙදර උන් ගැන ලොකු අවදානෙකින්.වැරදිලාවත් ඒ දෙන්නගේ ඇස් වලට අහු නොවී ඉන්න මන් ලොකු කට්ටක් කෑවා.



විටින් විට එලියට යන්නේ නැතුව එකපාරින්ම ගිහින් හැම වැඩක්ම කර ගන්න ඕනේ.



අද මන් උදෙන්ම නැගිටලා කොලේජ් එකට ගියා.පැය දෙකේ ලෙලෙක්චර් එකක් නිසා එකලොහා වෙද්දි ඉවර උනා.එලියෙන්ම කාලා එහෙමම ගියේ ලයිබ්‍රි එකට ඇසයිමන්ට් එකට ඕන පොත් වගයක් හොයා ගෙන එතනම ඉදලා භාගයක් ඉවර කරා.



එහෙමම ඒක ඉවර කරලා ක්ලබ් එකට ගියා එහේ එච්චර වැඩ නැහැ පැය දෙකකට එන්න කියලා කිව්වේ.ඒ වැඩත් ඉවර කරලා කෙලින්ම හතර වෙද්දී එලියට ආවා.



එහෙමම ඇවිදන් එද්දී පිටිපස්සෙන් කලු ජිප් එකක් එනවා දැක්කා.වැඩිය ගනන් නොගෙන මන් පාඩුවේ ආවේ මට නෙමෙයි කියලා හිතලා.



ඒත් මන් යන පැත්තටමයි ඒකත් ආවේ.ආපහු ශෙරාඩ් ගොබ්බයගේ වැඩක් වත්ද?



මන් එහෙමම පොඩ්ඩක් සෙනග ඉන්න පාරකින් දාලා ආවා.



එතකොටම ඒ ජිප් එකෙන් තින්දෙනෙක් බැස්සා.මූන වැහෙන්න කැප් එක දාන් තුන්දෙනාම ඇදන් හිටියෙත් කලු පාට.ශෙරාඩ් ගොබ්බයාම තමයි වෙන්න ඕනේ.


මන් කෙලින්ම ඇවිදන් ගියා.මගේ අපාර්ට්මන්ට් එකට නොයන්න මන් වග බලාගත්තා.


මන් කෙලින්ම ආවේ කොලින් ස්ට්‍රීට් එකේ අයිනට වෙන්න ලොකු ඉඩක හදලා තියන ෆුඩ් ෆෙස්ටිවල් එකට.හවස් වෙද්දී තමයි ඒකේ ගොඩාක් ස්ටෝල් ඕපන් කරන්නේ.ඒ නිසා මේ වෙද්දිත් ලොකු සෙනගක් හිටියේ ඒකේ.


මන් ඉක්මනටම ටිකට් එක අරගෙන ඇතුලට ගියේ ඒ වෙද්දිත් අර මිනිස්සු තුන්දෙනා මන් ලගටම එනවා දකිද්දී.


මිනිස්සුව තල්ලු කරගෙන මන් ඇතුලෙන් ඇතුලටම ගියේ හිතේ බයෙන්.මොකද මන් දන්නවා ශෙරාඩ් කියන්නේ කොයි වගේ සතෙක්ද කියලා.


කොහොමහරි උන්ට මාව මග ඇරුනද මට උන්ව මගඇරුනද කියන්න දන්නේ නෑ.හැබැයි මන් එයාලව දැක්කේ නෑ.


ඉතින් මන් එහෙමම එතන ලගම තිබ්බ ස්ටෝල් එකකින් ශවර්මා දෙකකුත් අරන්ම ආවේ ආවට පඩු නොවී ඉන්නත් ඕන නිසා.


ආපු පැත්තෙන්ම එලියට නොයා පිටිපස්සෙන් එලියට ආවා.


හොදට වටපිට බලලා කවුරුත් නෑ කියලා ශුවර් කර ගත්තට පස්සේ මන් ඉක්මනට අපාට්මන්ට් එකට යන්න ගත්තා.


එතනිනුත් ඩේමියන්වත් ශෙරාඩ්වත් නෑ කියලා බලාගෙන ගෙදරටම ගිහින් දොර වහගත්තා.


තිබ්බ බයටමද මන්දා මාව දාඩියෙන් නෑවිලා.


ගත්ත ශවර්මා බෑග් එක මේසේ උඩින් තියලා ඉස්සෙල්ලාම ලයිට් ටික ඔන් කරලා ඇරියා.වෙලාව හයයි හතලිහ උනාට කලින්ම අද ගොඩක් කලුවර වෙලා එහෙමම ඇදුමක් අරගෙන වොශ් රූම් එකට ගියේ හොදට නාගෙන එන්න.



නාලා කරලා වොශ්රූම් එකෙන් එලියට ආවා විතරයි.මුලු ගෙදරෙම ලයිට් ඕෆ් වෙලා.



පපුව ගැහෙන එකත් එකපාර නතර උනා වගේ තිබ්බේ.



මන් කලුවරේම ආය ස්විච් එක දාන්න ගියත් ගල් ගැහිලා වගේ නතර උනේ.මගේ ලගින් කවුරු හරිම ඇවිදන් ගියා කියලා දැනුනු නිසා.



කටෙන් වචන පිටවෙන්නේ නෑ බයටම.



ටිකකින් කිචන් එක පැත්තෙන් මොකක් හරිම වැටෙන සද්දෙට මන් කලුවරේම කාමරේට් දුවන්න ගියත් එතන තිබ්බ මොකටම හරි පැටලිලා බිම වැටුනා.



ටික වෙලාවක් මන් එහෙමම හිටියා.එක එක සද්ද ඇහුන එකත් නතර වුනා එවෙලෙම.



මන් සද්ද නොකර හිමීට නැගිට්ටා.


මේ ගෙදර අලුත් නිසා කලුවරේ මොකක වත් හැප්පෙන්නේ නැතුව යනවා කියන එක බොරු වැඩක්.



ඒත් කවුද මේක ඇතුලට ආපු කෙනා.


මොනා නැතත් මන් එක දෙයක් දන්නවා අද මොකක්ම හරි ලොකූ දෙයක් වෙන්න යනවා කියලා විතරක්.



මන් හිමීට නැගිටලා අඩිය අඩිය ඉස්සරහට තිබ්බේ කිසි දේක හැප්පෙන්නේ නැතුව ඉන්න පරිස්සම් වෙලා.



එකපාර පිටිපස්සෙන් කෙනෙක් මගේ කට තද කරලා වැහුවා.එයාගේ අනිත් අත මගේ බෙල්ල වටේට ගියේ.




එකපාර බලාපොරොත්තු උනේ නැති විදියට ඒ උන දෙයින් මන් ශොක් වෙලා හිටියේ.



මගේ අත් වෙව්ලන්න ගත්තේ පිස්සුවෙන් වගේ.



"මේ සෙල්ලම අද ඉවරයක්ම කරලා දාමු එමා මැතිව්"



කන ලගම එහෙම මුමුනලා ඒ මුන්ස්සයා මොකක්ම හරි දෙයක් බෑග් එකකින් එලියට අදින සද්දයක් විතරයි ඇහුනේ......


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁


Chapter දෙකක් එකට දුන්නා ඒ නිසා comment වෙනදට වඩා දෙගුනයක් ඕනේ.


Report Page