THE MAFIA BOSS🖤

THE MAFIA BOSS🖤


CHAPTER 18🖤🍁

🖤🍁

CHAPTER 17🖤🍁

https://telegra.ph/THE-MAFIA-BOSS-04-09


 මන් බිම බලාගෙනම ඉද්දී මන් දැක්කේ මන් ලගම හිටන් ඉන්න එකාගේ කලු ශූස් දෙක.


ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිමීට ඔලුව උස්සලා බැලුවා.


"යන්"


එහෙම කියාගෙන මගේ අතෙන් ඇද්දා.


"මේක කොලේජ් එක"


මන් දත්මිටි කාගෙන හිමිට එහෙම කිව්වේ මේ වෙද්දී හැමෝම වගේ අපි දිහාම බලන් ඉන්න නිසා.


"කොලේජ් එක නිසා තමයි මන් මෙච්චර හරි ඉවසන්නේ."


මගේ අත අතාරින්නේ නැතුවම එයා කිව්වා.


"යන්"


ආය පාරක් එහෙම කියලා ඇද්ද පාරට මාව පුටුවෙනුත් නැගිට්ටුනා.


මෙතන මේ යකාඑක්ක රන්ඩු කරන්න බැරි නිසා මන් බෑග් එක අරගෙන එයත් එක්කම ගියා.හෝල් එක මැදින්ම මේකා මගේ අතෙනුත් ඇදගෙන යද්දී දැනෙන අපහසුතාවය නිසාම.මන් බිම බලාගෙනම හෝල් එකෙන් එලියට ආවා.


"ආය පටන් ගත්තද තමුන් සතියයි මට නිදහසේ ඉන්න දුන්නේ"


එලියට ආපු ගමන් මන් අත ගසලා දාලා කිව්වේ.මේ මිනිහව නොදැක ඉන්න එක තරම් සතුටක් වෙන නෑ.

මොකද මේ ඇවිත් හිටියේ ශෙරාඩ්.


"කතා කරන්න වෙලා නෑ කාර් එකට නගිනවා"


හැමසැරේම වගේ මන් කියන එක ගනන් නොගෙන මට අන කරන්න එන එක තමයි මට මුගේ පේන්න බැරි.


"ඇයි මේපාර මාව කාට විකුනන්නද?"


මන් අත් දෙකත් බැදගෙන එක ඇහි බැමැක් උස්සලා ඇහුවේ ශෙරාඩ් ලොකු හුස්මක් පහත දාද්දී.


"මන් තමුසෙට කිව්වා දැන් කතා කරන්න වෙලාවක් නෑ නගිනවා කාර් එකට"


යක්ශයා එලියට පැනලා ආය.මේකා කෑගහපු පාරට එතන හිටපු එකා දෙන්නත් මේ පැත්තම බලන් ඉන්නවා.


"තමුසෙ එක්ක මන් කොහෙවත් එන්නේ නෑ.තමුන් මට අච්චර දෙයක් කරලත් මන් තව තමුසේ කියන දේවල් අහයි කියලා හිතුවොත් ඒක තමුසෙගේ මෝඩ කමක්"


මන් එහෙම කිව්වේ හැමදාම මු කියන දේවල් වලට ඔලුව වනාගෙන හා කියන්න බැරි නිසා.


"හරි,තමුසෙට හේතුවක්නේ ඕනේ.මාම්ට එකපාර ඊයේ රෑ අමාරු උනා.දැන් එයාව ඇඩ්මිට් කරලා තියෙන්නේ අද හවස ඔපරේශන් එකට ගන්නවා ඊට කලින් තමුසෙව බලන්න ඕනෙලු එයාට"


ඒ ටික එක හුස්මට කියලා දාලා අහක බලා ගත්තා.


"ඉතින් දැන් ඒකට මන් මොනාද කරන්න ඕනේ"


ඔව් ඒක හිතක් පපුවක් නැති ගානට අහපු දෙයක් වෙන්න පුලුවන්.එයාගේ අම්මා එක්ක මගේ කිසි ප්‍රශ්නයක් නෑ.නෑ නැත්තෙම නෑ කියන්න බෑ.එයගේ අම්මා ට තිබ්බා මේ බූරුවට ගෑනු ලමයිට සලකන විදිය පොඩි කාලෙම කියලා දෙන්න.එතකොට මේකා මේ විදියට වෙන්නේ නැතුව ඉදලා ඇති.


"තමුසෙ ඉතින් කියලා අහන්නේ මගේ මාම් අරහේ අමාරු වෙලා ඉන්නවා ඒ අස්සෙත් එයා තමුසෙව බලන්න ඕන කියනවා තමුසෙට තේරෙනවද ඒක"


ඇස් රතු කරන් කිව්ව විදියට නම් මිනිහට කේන්ති යාමේ උපරිම සීමාවේ කියලා හිතා ගන්න පුලුවන්.ඒත් මේපාර කවුරු වෙනුවෙන්වත් මන් අනුකම්පා කරලා මූට උදව් කරන්නේ නෑ.


"මට එන්න බැහැ.අනික මේක මගේ ප්‍රශ්නයක් නෙමෙයි.තමුසෙම බලාගන්නවා තමුසෙගේ ප්‍රශ්න"


මන් එහෙම කියලා යන්න හැරුනේ.


"තමුසේ ඒ කියන්නේ හොස්පිටල් එකට එන්නේ නෑ"


මන් හැරෙද්දිම ශෙරාඩ් එහෙම කිව්වම මන් ආය එයා දිහා හැරුනා.


"නෑ.තමුසේ මට කරපු දේවල් එක්ක මෙච්චර වෙලා මන් තමුසේ කියපු දේවල් අහන් හිටපු එකම ලොකු දෙයක්"


මන් එහෙම කියලා කොලේජ් එකෙන් එලියට ඇවිදන් ආවා.


ශෙරාඩ්ට බැනලා එලියට ආවට හිතට ටිකක් හරි නෑ වගේ.ඒ ශෙරාඩ්ගේ අම්මව මතක් වෙද්දී.මන් මෙහෙම කරපු එක හරිද?අනේ මන්දා.


හිත හිතම මන් එහෙමම ගියේ.ගෙදරට යන්න කලින් කොච්චර කැමැත්තක් තිබ්බත් දැන් හිතේ දුවන්නෙම ශෙරාඩ්ගේ අම්මා ගැන.


එහෙමම බබ්ල් ටී එකකුත් අරන් පාර අයිනේ තිබ්බ බෙන්ච් එකකින් වාඩි වෙලා ඒක බොන ගමන් ෆෝන් එක ගත්තා.


ඒක ඔන් කරාම තමයි දැක්කේ ඩේමියන්ගේ මිස්කෝල් 16 ක්.කෝකටත් කියලා ඩයල් කරා.


"හෙලෝ එමා"


"ඔව් කියන්න ඩේමියන්,මන් දැන් කොලේජ් එකෙන් එලියට ආවේ."


"ඔයා හොස්පිටල් එනවා නේද?ශෙරාඩ් ආවනේද ඔයාව එක්කන් යන්න"


ශෙරාඩ්වයි මාවයි ආය කිසිම දේකට සම්බන්ද කරන්නේ නෑ කිව්ව කෙනා මෙහෙම අහද්දී මන් මොනා කියන්නද.


"එයා ආවා ඩේමියන්,ඒ උනාට මන් එන්නේ නෑ හොස්පිටල් එකට,මට ශෙරාඩ් කරපු කිසිදෙයක් අමතක නෑ"


"හරි.මේ පාර විතරක් උදව් කරන්න එමා.ශෙරාඩ්ගේ අම්මට ගොඩක් අමාරුයි.ප්ලීස් එමා එක පාරක් ඇවිත් යන්න.එයා ඔයාව බලන්නම ඕනේ කිව්වා"

මට එයාට දෙන්න උත්තරයක් දන්නේ නෑ.ශෙරාඩ්ගෙන් පලි ගන්න මන් එයාගේ අම්මව ගාව ගන්නවද?මන් මේ තරම් නපුරු උනේ කවදා ඉදලද?හැමෝටම අනුකම්පා කරපු මාව මේ විදියට වෙනස් කරෙත් ශෙරාඩ්ම තමයි.


මන් ඩේමියන්ට මොකුත් කියන්නේ නැතුව කට් කරා.


මන් කරන දේ හරිද?මන් මගෙන්ම අහගත්තා.

බිබී හිටපු එකත් භාගයක් තියෙද්දිම බින් එකට දාලා නැගිට්ටා.

අලුත් අපාර්ට්මන්ට් එකට යන පාර පැත්තටම ඇවිදන් ගියේ.

හිත කියන්නෙම එකපාරක් හොස්පිටල් ගිහින් ශෙරාඩ්ගේ අම්මව බලලා එන්න කියලා.

අපාට්මන්ට් එක ලගටම එද්දී ෆෝන් එක වයිබ්‍රේට් උනු නිසා අරන් බැලුවා.ඩේමියන්ගෙන් මෙසේජ් එකක්.හොස්පිටල් එකක් ලොකේශන් එක.


ඒක දැක්ක ගමන් මන් ආය හැරුනේ හොස්පිටල් යනවා කියලා හිත හදාගෙනමයි.ශෙරාඩ් තරම් මට නපුරු වෙන්න බැහැ.මන් දන්නෙත් නෑ එහෙම ඉන්න.


ඉක්මනට කැබ් එකක් නවත්තන් ගියේ හොස්පිටල් එකට.


හොස්පිටල් එකේ රිසෙප්ශන් එකෙන් මිසිස් මිලාන් මොන වෝඩ් එකේද කියලා අහලා ඒකත් දැනගෙන ඉක්මනටම ගියේ වෝර්ඩ් එකට.


මන් ය්ද්දී ශෙරාඩ්ගේ පවුලම එලියේ.මන් පරක්කුයිද?තියටර් එකට අරන්වත්ද?


මන් ඒ කල්පනාවෙන් ඉද්දිම දැක්කේ ශෙරාඩ්ව.මන් මෙච්චරකල් දැක්ක ශෙරාඩ් නෙමෙයි ඒ.පුටුවටම බර වෙලා.ශර්ට් එක පොඩි වෙලා මූනම අදුරු වෙලා.


එයාව දකිද්දි මට බයක් ඇති උනේ එයාගේ අම්මට මොකක් හරි ප්‍රශ්නයක්ද කියලා.


"එමා....."


සෝෆි එකපාර අඩාගෙන ඇවිත් මාව බදාගත්තා.

එයා කෑගහන් ආපු පාරට හැමෝම හැරිලා බැලුවා.


ඒත් මන් බලන් හිටියේ ශෙරාඩ් දිහා.


සෝෆිගේ සද්දෙට එයා එකපාර ගැස්සිලා ගිහින් මගේ පැත්ත බැලුවේ.ඒ ඇස් මාව දැක්කම එකපාර මොනා හරිම උනා.ඒ සතුටටද දුකටද අනේ මන්දා.


"ශෙරාඩ් කිව්වා ඔයාට එක්සෑම් කියලා.ඒ නිසා අපි හිතුවේ ඔයා එන්නෙම නැති වෙයි කියලා.මාම් ඔයාව බලන්නම ඕනේ කිය කිය හිටියේ"


මාව තදින් බදාගෙනම සෝෆි එහෙම කිව්වේ.


ශෙරාඩ් එකපාර පුටුවෙන් නැගිට්ටා.මගේ පැත්තට ඇවිදන් ආවේ.මට බයකුත් හිතුනා මාව එලවලා වත් දායි කියලා.


"සෝෆි අයින් වෙන්න"


සෝෆිව උරහිසෙන් අල්ලලා මගෙන් ඈත් කරා.


"යන් මාත් එක්ක"

එහෙම කියලා මගේ අතින් අල්ලගෙන මාව එක්කන් ගියා.එයාලගේ පවුලේ හැමෝම දිහා මන් ලා හිනාවක් දාලා එයා එක්කම ගියා.


වෝඩ් එක ඇතුලට ගියාට ඒක ඇතුලෙන් තව රූම් එකකට යන්න තියනවා වගේ.


එතන හිටපු නර්ස් කෙනෙක් අපි දෙන්නවා නවත්තගත්තා.


"මිස්ටර්..."


"කතා කරන්න වෙලා නෑ ඔය ටික ඉක්මනට දෙන්න අපිට ඇතුලට යන්න"


ඒ නර්ස්ට කියන්න ආපු එක කියන්න නොදීම ශෙරාඩ් මැදින් පැනලා එහෙම කිව්වා.


ඒ නර්ස් වැඩි කතාවක් නැතුවම සේෆ්ටි කිට් දෙකක් මගේ අතටයි ශෙරාඩ්ගේ අතටයි දුන්නා.


මන් ඒක අරන් ශෙරාඩ් දිහා බලන් හිටියේ එයා අතට සැනටයිසර් ගානවා.


මමත් එයා දිහා බලලා සැනටයිසර් බෝත්ලෙන් ටිකක් අතට අරන් ඒක ගෑවා.ඊටපස්සේ ශෙරාඩ් ඒ කිට් එක අදින්න ගත්තා.මාත් මගේ කිට් එක ඇදගත්තා.මාස්ක් එක දාද්දිම


"යන්"


ශෙරාඩ් එහෙම කිව්ව නිසා.මන් ඒකත් ඉක්මනට දාගෙන එයා පස්සෙන් ගියා.


ඇතුල වෙන වෙනම රූම්ස් එක දිගට තිබ්බේ ඒකෙන් තුන්වෙනි රූම් එකට අපි ගියේ.


අපි යද්දිත් ඇතුලේ ඩොක්ටර් කෙනෙක් ෆයිල් එකක් චෙක් කරන ගමන් හිටියේ.


"ඩොක්ටර් අපිට විනාඩි පහක් දෙන්න"

ඒක මේකා කිව්වේ නිකන් ඩොක්ටර්ට ගහන්න වගේ.


"තව විනාඩි පහකින් අපි මිසිස් මිලානව තියටර් එකට ගෙනියනවා"


එහෙම කියාගෙන ඩොක්ටර් එලියට ගියා.


මන් එහෙමම ගියේ ශෙරාඩ්ගේ අම්මා හිටපු බෙඩ් එක ලගට.


මන් එයාව දැක්ක දවසට වඩා එයා අද ඇදිලා ගිහින්.මූනෙන්ම පේනවා එයාට ගොඩක් අමාරු පාටයි කියලා.


"මාම් එමා ආවා"


ශෙරාඩ් මගේ එහා පැත්තෙන් හිටගෙන එහෙම කිව්වම එහා පැත්ත බලන් හිටපු ඒ ඇස් දෙක නතර උනේ මන් ලග.ඒ මුනේ ලස්සන හිනාවක් ඇදුනේ මාව දැකලා.කියාගන්න බැරි බරක් හිතට දැනුනා එයාව දැකලා.


"එමා........."


එයා කතා කරේ ගොඩක් හෙමින්.


"බය වෙන්න එපා ඔයාට ඉක්මනට සනීප වෙයි"


මන් එහෙම කිව්වේ හිනාවකුත් එක්කමයි.


"මට.....ඉස්සර......නම්......ඔපරේශන් ....... එකට කලින් ගොඩක් බයයි ඒ ශෙරාඩ් ගැන හිතලා.........හැබැයි අද එහෙම.......නෑ........ මොකද දැන් ශෙරාඩ්ට........ඔයා ඉන්නවා......... මන් එනකන් එයාව හොදට ............... බලාගන්න............ මන් නැතුව එයා.....ඉන්නේ ම.....නෑ......කොච්චර ලොකු උනත්.....තාම පොඩි ලමයෙක් වගේ........."


අමාරුවෙන් වගේ ඒ ටික කියලා එයා බලන් හිටියේ මගෙන් උත්තරයක් ලැබෙනකම්.


"මන්.....මන් බලාගන්නම්.ඔයා පරිස්සමට ඔපරේශන් එක කරලා එන්න.ඊටපස්සේ අපි හැමෝම ආය ලන්ච් එකකට එකතු වෙමු එදා වගේ."


ඔව් මන් එහෙම කිව්වා.ඒ මූන බලන් හිත රිදෙන්න දෙයක් කියන්න හිතුනේ නෑ මට.ඔපරේශන් එකට කලින් ඒ හිතේ බර ටිකක් හරි අඩු කරන්න විතරයි මට ඕන උනේ.


"තෑන්ක්ස් එමා"


ශෙරාඩ්ගේ අම්මා එහෙම කියනවත් එක්කම ඩොක්ටර් ඇතුලට ආවා.


අපි දෙන්නා පස්සට වෙලා ඩොක්ටර්ට ඉඩ දුන්නා.


තව නස්ලා දෙන්නෙක් ඇවිත් එහෙමම ශෙරාඩ්ගේ අම්මව අරන් ගියා.


ඩොක්ටත් ඒ පස්සෙන්ම ගියේ ශෙරාඩ්ගේ පිටට තට්ටුවක් දාලා.


අපි දෙන්නා විතරයි මේ රූම් එකේ දැන්.රූම් එකේම තිබ්බේ ඉදිකට්ටක් වැටුනත් ඇහෙන තරම් නිශ්ශබ්දතාවක්.


මන් නිකමට ශෙරාඩ් දිහා බැලුවේ.ඒ ඇස් මගේ දිහාමයි බලන් ඉදලා තියෙන්නේ.


මාස්ක් එක නිසා ඒ ඇස් වෙනදට වැඩිය අද කැපිලා පෙනුනා.හැබැයි වෙනදා වගේ තරහක් ඒ ඇස් වල තිබ්බේ නෑ.


ඒ ඇස් වලින් කියන්න එන දේ කියවගන්න බෑ.මට ඒ දේ දැන ගන්න ඕනෙත් නෑ.


ඒ ඇස් වලින් මිදිලා මන් රූම් එකෙන් එලියට ආවේ මගේ වැඩේ ඉවර නිසා.


මාස්ක් එකයි අනිත් කිට් එකයි එතන හිටපු නර්ස් පෙන්නපු බින් එකට දාලා මන් එතනින් එලියට ආවා.


මන් එද්දී ඇන්ඩෲ එක්ක ඩේමියන් එලියේ හිටියේ.සෝෆි එයාලගේ තාත්තයි එතන හිටියේ නෑ.


මාව දැක්ක ගමන් ඩේමියන් හිනා උනේ මට තෑන්ක්ස් කියලා මුමුනන ගමන්.එයාටත් හිනා වෙලා මන් ඇන්ඩෲ දිහා බැලුවේ.ඒ මූනත් මැලවිලා ගිහින්.


එවෙලෙම පිටිපස්සේ ඩෝර් එක ඕපන් උනා.


"ආහ් උබ ආවද?"

ශෙරාඩ් එහෙම කියන් ආවේ ඩේමියන්ට.


"ඔව් මාත් එක්ක යමන් උබ ඇන්ඩෲ උබේ කාර් එක අරන් යයි.එමවත් එහෙමම ඩ්‍රොප් කරන් යන්"


ඒකට මන් බෑ කියන්න ගිහින් ආය කටවහගත්තේ ඇන්ඩෲ එතන හිටිය නිසා.


"යන්"

එහෙම කියන් ශෙරාඩ් ඉස්සරහ වෙද්දී අපිත් එයා පිටිපස්සෙන් පාකින් එකට ගියා.


අපි තුන්දෙනා ඩේමියන්ගේ කාර් එකට නගිනකන් ඉදලා ඇන්ඩෲ ශෙරාඩ්ගේ කාර් එකට නැග්ගා.


පාකින් එකෙන් එලියට ඇවිල්ලා කාර් එක මෙයින් රෝඩ් එකට දානකන්ම අපි තුන්දෙනා අතර කතාවක් තිබ්බේ නෑ.


ඒ නිශ්ශබ්දතාව ටිකකින් බින්දේ ඩේමියන්.


"තෑන්කස් එමා"


මිරර් එකෙන්ම මන් දිහා බලලා ඩේමියන් එහෙම කිව්වම මන් මොකුත් නොකියා හිනා උනා.


"එහෙමම ගෙස්ට් එකට දාපන් ෆයිල් එකක් ගන්න තියනවා."


ශෙරාඩ් එහෙම කිව්වම ඩේමියන් හා කියලා කාර් එක පොඩි පාරට හැරෙව්වා.


"ඩේමියන් මාව ඔතනින් දාලා යන්න."


මන් කිව්වේ ආය මෙයාලත් එක්ක ඉදලා වැඩක් නැති නිසා.


"නෑ නෑ මේ ෆයිල් එක අරන් මන්ම ඔයාව ඩ්‍රොප් කරන්නම් එච්චර වෙලා යන්නේ නෑ ගියා ගත්තා ආවා."


ඩේමියන් එහෙම කිව්වට මට ශෙරාඩ් එක්ක ඉන්න වෙන විනාඩි පහත් අපායේ හිටියා වගේ නිසා මන් ඒකට කැමති උනේ නෑ.


"නෑ ඩේමියන්......"


"නෑ නෑ මගින් කොහෙවත් දාන්නේ නෑ.මට ඔයා එක්ක ටිකක් කතා කරන්නත් තියනවා ඒ නිසා ආය කතා දෙකක් නෑ මාත් එක්කම තමයි ඔයා යන්නේ"


මන් කියන්න ගිය එක කියන්න නොදී ඩේමියන් එහෙම කියද්දී ශෙරාඩ් එකපාර ඩේමියන් දිහා බැලුවා මන් ඒක දැක්කා.


ආය මොකුත් නොකියා මන් පාඩුවේ හිටියේ තව මොනාහරි කියන්න ගියොත් ශෙරාඩ්ම මාව පයින් ගහලා එලියට දායි කියලා දන්න නිසා.



කාර් එක ගෙස්ට් එකෙන් නවත්තපු ගමන් ශෙරාඩ් බැහැලා ඇතුලට ගියා.


"යන් එයා එනකන් ටිකක් එලියෙන් ඉමු"


ඩේමියනුත් එහෙම කියලා බැස්ස නිසා මාත් කාර් එකෙන් බැහැලා ඩේමියන් හිටපු තැනට ගියා.


"ගොඩක් තෑන්ක්ස් එමා ඒ කරපු හෙල්ප් එකට"


මන් දිහා බලන්ම ඩේමියන් එහෙම කිව්වේ.


"ඔයා දැන් කීපාරක් ඕඅ කිව්වද අනික ඕක එච්චර දෙයක් නෙමෙයි.මිසිස් මිලාන් වෙනුවෙන් මන් ඒක කරේ.මෙයා කරපු දේවල් වලට එයා පලි නෑනේ"


මන් එහෙම කියලා ඈත පේන වීව් එක දිහා බලන් හිටියේ.


"ඔයා ගොඩක් කිවුට් එමා"


ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා ඩේමියන් ඒ කිව්ව කතාවට මන් එයා දිහා බැලුවේ මොනා දොඩවනවද කියලා හිතන ගමන්.


"එකපාර ඔයාට මොකද උනේ"

මන් එහෙම අහද්දී මෙයා හිනාවෙනවා එකපාර.


"එකපාර තමයි හැමදේම වෙන්නේ මගේ ජීවිතේ "


එහෙම කියලා ආය හිනා වෙන්න ගත්තා.මොන පිස්සුද මන්දා මන් ආය මොකුත් නොකියා පාඩුවේ හිටියා.


ඊටපස්සේ එක එක කතා කිය කිය ඩේමියනුයි මායි හිටියේ නිකන් වැඩකට නැති ඩේමියන්ගේ කතා වලට උත්තර දෙන එක මන් කරේ.


දැන් ශෙරාඩ් උඩට ගිහිනුත් විනාඩි පහලොවක් ඇති මන් ගෙස්ට් එක ඇතුලේ නිකන් එබිලා බැලුවේ මේ මිනිහා එනවද කියලා.


එතකොටම වීදුරවක් කැඩුන වගේ සද්දයක් ආවේ


මායි ඩේමියනුයි මූනට මූන බලාගත්තේ මොකුත් හිතා ගන්න බැරුව.


"ශිට් මේ යකා නම්"


එහෙම කියාගෙන ඩේමියන් එකපාර ඇතුලට දුවන්න ගත්තා.


මාත් ඒ පස්සෙන් ගියේ වෙන්නේ මොනාද කියලා හිතා ගන්න බැරුව.


උඩ තට්ටුවට ඩේමියන් ගියේ.එදා ශෙරාඩ් කැතී එක්ක හිටපු රූම් එකට.


අපි ඇතුලට යද්දී ශෙරාඩ් ඉන්නවා එක අතක් ලේ පෙරාගෙන අනිත් අතේ බියර් කෑන් එකක්.


"පිස්සුද හු#&$* උබට"


එහෙම කියාගෙන ඩේමියන් ගියේ ශෙරාඩ් ලගට.


"මොනාද මේ උබ කරන්නේ ආහ් උබට පිස්සූ හැදීගෙන එනවද?"


ඩේමියන් එහෙම ඇහුවත් මේ මිනිහාගෙන් කිසිම සද්දයක් නෑ.


මන් එහෙමම බැලුවේ මේ මිනිහා මෙච්චර අතෙන් ලේ එන්න තරම් මොකද්ද කැඩුවේ කියලා.


වෝල් එකේ තිබ්බ ලොකු මිරර් එකට ගහලා තියෙන්නේ.පිස්සුද කොහෙදෝ මේකට.


"එමා ඔය කබඩ් එකේ ෆස්ටේඩ්බොක්ස් එක ඇති ටිකක් බලන්නකෝ"


ඩේමියන් එහෙම කිව්වම මන් එයා පෙන්නපු කබඩ් එක ලගට ගිහින් එක එක ලාච්චුව ඇරලා ඒක හොයන්න ගත්තා.


තුනකම බැලුවා නෑ.


"ඇයි නැද්ද?"


ඩේමියන් එහෙම කියලා මන් ලගට ආවේ මන් හතරවෙනි එක අරින්න ගද්දී.


"ඉන්න මේකේ බලමු"


මන් එහෙම කියලා ඒක ඇරියා.


ඒක ඇතුලේ තිබ්බ දේවල් එක්ක මන් ඒක වහන්නෙත් නැතුව බැලුවේ ශෙරාඩ් දිහා.ජරා මිනිහා ඒකට ගානක් නෑ ඔහේ බියර් එක බිබී ඉන්නවා.මේවා මෙච්චර තියන් ඉන්නේ විටින් විට කැතීව මෙහෙට එක්කන් එන නිසා වෙන්න ඇති.


මන් ඉක්මනට ඒක වහලා දැම්මේ එහා පැත්තේ ඩේමියන් ඉන්නවා කියලා මතක් වෙලා.මන් හිමීට ඩේමියන් දිහා බැලුවේ එයා ඒවා දැක්කද කියලා බලන්න.


ඩේමියන් ඒ ලාච්චුව දිහාම බලන් ඉදලා මන් දිහා බැලුවා.ඇති උන අපහසුතාවය නිසාම මන් අනිත් පැත්ත බලා ගත්තා.


ඩේමියන් කොහොමහරි ෆස්ටේඩ්බොක්ස් එක හොයලා අරන් ශෙරාඩ් ලගට අරන් ගියා.මාත් ඒ පස්සෙන්ම ගිහින් හිට ගත්තා.


ඔය අතරේ ශෙරාඩ්ගේ ෆෝන් එක එක දිගට රින්ග් වෙන්න ගත්තා.


"මේ මගුල මේ වෙලාවේ වද දෙනවා"


එහෙම කියලා බෙඩ් එකේ විසික්කරලා තිබ්බ ශෙරාඩ්ගේ ෆෝන් එක ඩේමියන් අතට ගත්තා.


"ශිට් මේක අමතක උනානේ,එමා මේ බෙහෙත් ටික දාලා අරින්නකෝ මේක ගොඩක් ඉම්පොර්ටන්ට් කෝල් එකක් මන් කතා කරලා එන්නම්"


ඩේමියන් එහෙම කියලා මගේ අතට ෆස්ටේඩ්බොක්ස් එක දීලා එලියට ගියා.


මන් ඒක අතේ තියන් කල්පනා කරේ දානවද නැද්ද දානවද නැද්ද කියලා.


ලේ ගොඩක් යන එක බලන් ඉන්න බැරි නිසාම මන් අයිනෙන් වාඩි වෙලා බෙහෙත් ටික එලියට ගත්තා.


මන් හෙමීට ඒ අත අල්ලලා ඉස්සෙල්ලම තිබ්බ වීදුරු කටු ටික අයින් කරා ඒ එක වෙලාවක වත් මන් ඒ මූන දිහා බැලුවේ නෑ.



කොහොමහරි බෙහෙත් දාලා ඉවර වෙනකන්ම ශෙරාඩ් මොකුත්ම කිව්වේ නෑ හරිම පුදුමයි.සමහර විට ගොඩක් රිදෙනවා ඇති ඒක වෙන්න ඇති ඔය කට වැහෙන්න හේතුව.



"තමුසෙට මාර සතුටු ඇති නේද?"

සද්දයක් නෑ කියලා හිතපු එකා කට ඇරියා.හැබැයි ඒ හොද දේකට නෙමෙයි කියලා තේරුනේ කිව්ව දේත් එක්ක.


"ඔයා කියන්නේ මොකක් ගැනද කියලා මන් දන්නේ නෑ හැබැයි අද දවසට උනු දේවල් එකක්වත් මට සතුටු වෙන්න තරම් දේකට උනේ නෑ."


මන් එහෙම කියලා එතනින් යන්න නැගිට්ටේ මේ මිනිහා එක්ක රන්ඩු කරන්න මට මූඩ් එකක් නැති නිසා.


"තමුසෙගෙ ඔය පන්ඩිතකම තමයි මට පේන්න බැරි.බලන් හිටපන් දවසක මන් ඒක බස්සන විදිය"


ශෙරාඩ් එකපාර යකෙක් වගේ එහෙම කිව්වම මන් හැරිලා බැලුවේ එයා දිහා.


අතේ තිබ්බ හිස් කෑන් එකත් පොඩි කරලා විසික්කරලා මන් දිහාම බලන් ඉන්නවා.


මන් මොකුත් නොකියා එතනින් ආවේ ඇත්තටම ඒ බැල්මට මට බය හිතුනා.


එතන දොර ලගම එලියට වෙලා හිටියා.


එවෙලෙම ඩේමියන් ආවා.


"ඇයි මොනා හරි කිව්වද ඌ"


ඩේමියන් මගෙන් එහෙම අහද්දී මන් මොකුත් නෑ කියලා ඔලුව වනලා පාඩුවේ හිටියා.


ආය ෆෝන් එක දීලා ඩේමියන් එහා පැත්තේ රූම් එකට ගියේ ශෙරාඩ් කිව්ව ෆයිල් එක හොයන්න.


ඔය අතරේ ශෙරාඩ් කාට හරි කතා කරන සද්දේ මට ඇහුනේ.


මෙච්චර අසිහියෙන් මූ කාටද කතා කරන්නේ කියලා බලන්න ඕන නිසාම මන් එයා කියන එක අහන් හිටියා


"දැන් එවපන්."



"ඔව් විනාඩි දහයයි දෙන්නේ කාවම හරි එවපන්"


"ගාන ප්‍රශ්නයක් නෑ.ඉක්මනට වැඩේ කරපන්"


ඔය ටික ශෙරාඩ් කියනවා විතරයි ඇහුනේ.මොනවත් ඒකෙන් තේරුනේ නෑ හැබැයි.


තව විනාඩි දහයක් විතර මන් බලාගෙන හිටියේ ඩේමියන් එනකන්.ඒත් නෑ මේකා.


මන් බැරිම තැන ඩේමියන් ෆයිල් එක හොයන්න ගිය රූම් එකටගියා.



ෆයිල් ගොඩක් ඇදලා දාලා.



"මේ මගුල හොයා ගන්න නෑ.මේ බේබද්දා තිබ්බ තැනක් හරියට කියන්නෙත් නෑ"


මාව දැකලා ඩේමියන් එහෙම කිව්වා.


මන් මොකුත් නොකියා තව විනාඩි දහයක් විතර බලන් හිටියා.ඒත් මෙයා හොයාගත්ත පාටක් නෑ.



"ඩේමියන් මන් යනවා මට පරක්කු වෙනවා.වෙන දවසක මීට් වෙමු"


මන් එහෙම කිව්වේ තවත් මෙතන ඉන්න එක තේරුමක් නැති නිසා.


"නෑ එමා තව විනාඩි පහක් දෙන්න"


ඩේමියන් හොයන එක නතර කරලා මන් දිහා බලලා එහෙම කිව්වේ.


"නෑ ඩේමියන් මන් දැන් යන්න ඕනේ"


මන් එහෙම කියලා ඩේමියන් ආය මොකුත් කියන්න කලින් පල්ලෙහට ආවා.


අන්තිම පඩිය බහිද්දී ඇතුලට ආවේ කෙල්ලෙක්.


හරි දැන් මට හිතා ගන්න පුලුවන් ඩේමියන් කාටද කෝල් කරේ කියලා.


මේ ගෑනු කෙනාගේ අසාමාන්‍ය ඇදුම් රටාව දැක්කම මෙයා ආපු කාරනෙත් පැහැදිලී.


"ශෙරාඩ් කොහෙද ඉන්නේ"


ඇදලා පැදලා මගෙන් ඇහුවේ මන් ඒකි දිහාම බලන් ඉද්දී.


"උඩ ගිය ගමන් තියන දෙවිනි රූම් එකේ"


මන් ශෙරාඩ් හිටපු රූම් එක නොකියා ඩේමියන් ෆයිල් එක හොය හොය හිටපු රූම් එක පෙන්නලා කිව්වා.


"ආහ් තෑන්ක්ස්"


ඒකි එහෙම කියලා යද්දී මන් එතනටම වෙලා හිටියේ ඩේමියන් ගේ ප්‍රතිචාරය කොහොම වෙයිද කියලා බලා ගන්න.



"පිස්සුද ගෑනියේ බදාගන්නේ.කවුද තමුසේ කන පලා ගන්නේ නැතුව එලියට පලයන්"


ඩේමියන්ගේ සද්දෙත් එක්ක මන් හිනා වීගෙනම එලියට ආවේ ශෙරාඩ් කොයි තරම් ජරා මිනිහෙක්ද කියලා හිතන ගමන්.එදා කැතී අද තව කෙල්ලෙක් , දැක්කමයි මේ වගේ සතෙක්ව.


🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁🍁

500 Comment = Special Chapter🖤🍁


ඊලග Chapter එක ගොඩක් විශේශවෙයි.මොකද කතාව හරියටම පටන් ගන්නේ ඒ කොටසේ ඉදන්.මුලාට් කවුද කෙවින්ට මොකද උනේ මේ හැම දේම ඒකෙන් විසදෙයි.

 

Report Page