Spring is far away - 84
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 84 | Yes, It's me
"හේෂාන්.. මොකද උනේ ?"
"No.. I'm okay."
මෙච්චර වෙලා ගල් ගැහිලා වගේ බලාගෙන හිටපු රාදිතා එයාගෙ සර්වියට් එකක් අරගෙන හේෂාන්ගෙ මූණ පිහදන්නයි ගියේ. ඒ එක්කම අහස් කෙල්ලගෙ අත ගසලා දැම්මේ ආපු දුකට.
"නවත්තනවා දැන්වත් ඕක."
එහෙම කියපු අහස් එයාගෙ සර්වියට් එක අරගෙන හේෂාන්ගෙ නහය ළඟින් තිබ්බා. බැරි වෙලාවත් බ්ලීඩ් වෙන එක නතර නොවුනොත් එයාට සිද්ධ වෙනවා හේෂාන් එක්කගෙන හොස්පිටල් එකට යන්න. මොකද එහෙම වෙන එක හොඳ දෙයක් නෙවෙයි.
"රාදිතා.."
සෝෆා එකෙන් නැගිටපු හේෂාන් රාදිතා ඉස්සරහට ගියා. තවමත් රාදිතා නිශ්ශබ්දයි.
"ඔයා ආයෙ මෙහෙ එන්න ඕනි නෑ. අපේ මැරේජ් එක මම කැන්සල් කරා කියලා මම නෝට් එකක් තියන්නම්."
"එපා."
"ඇයි එපා කියන්නේ ?"
"මට ඔයාව මැරි කරන්න ඕනි."
"මොකටද මාව මැරි කරන්නේ."
"උන දේවල් වලට මට සමාවෙන්න හේෂාන්. ආයෙ මම එහෙම කරන්නෙ නෑ. ප්‍රොමිස් වෙන්නම්. මට පුළුවන් ඔයාව බලාගන්න. ඉතින් අපි මේ මැරේජ් එක කැන්සල් කරන්න ඕනි නෑ."
"ඇයි බයද ඩැඩී ඒක දැනගත්තම බනීවි කියලා ?"
හේෂාන් එහෙම කියද්දි රාදිතා දෙපැත්තට ඔළුව වැනුවා. ඇත්තටම ඇන්ඩෲස් මේ ගැන දැන ගත්තොත් එහෙම හැසිරෙන විදිහ රාදිතාට මැවිලා පෙනුණා.
"ඔයා මේ දේවල් අපේ ගෙදරට ඇවිත් හොයා ගත්තා කියලා දැන ගත්තොත් කොහොමත් එයා......"
"මට මොනවා කරන්නද ?"
"ඔයා දන්නවානේ හේෂාන් මගෙ ඩැඩී කියන්නෙ කව්ද කියලා."
"ඔව් මම දන්නවා.. මම හොඳටම දන්නවා අනිත් අයට වඩා."
මේ වතාවේ හේෂාන්ගෙ මූණෙ තිබුණේ අමුතුම බැල්මක්..
"ඔයාගෙ ඩැඩීට මම ඉස්සර බයත් නෑ දැන් බයත් නෑ. මොකද මං ගාව ඔයාගෙ තාත්තාට විරුද්ධව ගොඩාක් එවිඩන්ස් තියෙනවා."
එහෙම කියපු හේෂාන් ළඟ ටේබල් එක උඩ තියෙන ෆයිල් එක උස්සලා පෙන්නුවා. රාදිතා ඒ දිහා හොඳට බැලුවේ බය පිරුණු ඇස් වලින්.
"මට පුළුවන් මේ සේරම පොලිස් ස්ටේෂන් එකට ගිහින් දෙන්න. නැත්තම් කේස් එකක් ෆයිල් කරලා ඔයාගෙ ඩැඩීගෙ මෙච්චර කාලයක් කරපු කෙරුවාවල් පෙන්නලා අවුරුදු දහයකට විතර ජේල් එකට යවන්න."
"එපා 😫."
හේෂානුයි අහසුයි හිතුවා වගේම රාදිතා තමන්ගේ තාත්තාගේ අතීතය, වැරදි ඉස්සරහා රබර් එකක් හා සමානව නැවෙන්න පටන් ගත්තා. මාස ගාණක් මහන්සි වෙලා තමයි ඒ දෙන්නා මෙහෙම ඇන්ඩෲස්ට එරෙහිව සාක්ෂි හොයා ගත්තේ.
"ප්ලීස් හේෂාන්.. ඔයා කියන ඕනිම දෙයක් කරන්නම් මම. හැබැයි මගෙ ඩැඩීව ජේල් එකට නම් යවන්න එපා."
දැන් රාදිතා බොරුවට හෝ ඇත්තට හේෂාන් ඉදිරියේ, මනසින් දණින් වැටිලා ඉවරයි.
"ඔයාට ඕනි ඒක නොවෙන්නද ?"
"ඔව් ප්ලීස්."
"එහෙනම් මම කියන දේ කරන්න."
"මොකක්ද මම කරන්න ඕනි ?"
රාදිතා කුතුහලයෙන් වගේ එහෙම ඇහුවා. ඒ එක්කම හේෂාන් අහස්ගේ අතට ෆයිල් ටික දුන්නා වැඩිදුර ආරක්ෂාවට.
"අපි අතර වුණ මෙ කන්වර්සේෂන් එක, ඔයාගෙ ඩැඩී කිසිසේත්ම දැනගන්න බෑ. Do you understand that ?"
"නෑ.. මම කියන්නෙ නෑ හේෂාන්. I promise."
"Glad to hear that from you. දැන් මෙතනින් යනවා. ආයෙ මේ මගෙ ඉස්සරහට එන්න හිතන්නවත් එපා."
එහෙම කියලා හේෂාන් රාදිතා දිහා හැරිලාවත් බලන්නෙ නැතුව තරප්පුව නැගලා උඩට ගියා. අහසුත් එතනින් යද්දි රාදිතා සාලෙ මැද්දෙ තනිවෙලා කල්පනා කලා අද තමාට උන ලැජ්ජාව ගැන. කෙල්ලට තරහයි කාගෙන්වත් චෝදනා අහන්න. ඒත් තමා මේ හැමදේටම වැරදි බව පිළිගන්නත් රාදිතාගෙ හිත ලෑස්ති නෑ.
'මට මේවා ඩැඩීට නොකියාත් බෑ. ඒත් කියලත් බෑ. මම දන්නවා දැන් හේෂාන් මං එක්ක තරහින් ඉන්නේ. ඉතින් එයා ඩැඩීට විරුද්ධව කේස් එකක් ෆයිල් කරන එක ගැන ආයෙ කතා දෙකක් නෑ. අනික එයා ගාව තියෙන මේ එවිඩන්ස් ටික රුයින් වෙලා යනකම් මගෙයි ඩැඩීගෙයි ලයිෆ් දෙකම අනතුරේ තියෙන්නේ' එහෙම හිතපු රාදිතා තවත් එතන ඉන්නෙ නැතුව එළියට යන්නයි හැදුවේ. ඒත්,
"රාදිතා."
එකපාරටම හේෂාන් එයාට පිටිපස්සෙන් ඇවිත් කතා කරා. ඒ නිසාම රාදිතා ආයෙමත් ඒ පැත්තට හැරුණේ කොල්ලා මේ වතාවේ මොකක් කරන්න යනවද කියලා බලන්න. ඒත් වාසනාවකට හේෂාන්ගෙ අතේ කිසිම දෙයක් තිබුණේ නෑ.
"ඔයා හිතනවා නම් මම ඔයාට ආදරේ කරයි කියලා, ඒක වැරදියි. හිත් බිඳුනාම ඒවා ආයෙ වීදුරු වගේ හදන්න බෑ."
"මම තාමත් ආදරේ මින්දිට. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි, ඉදිරියට වෙනස් වෙන්නෙත් නෑ. ඔයා වගේ කෙල්ලෙකුටවත් ටනාෂියා වගේ කෙල්ලෙකුටවත් මගෙ හිතේ මින්දිට තියෙන ආදරේ එහෙම උදුරගන්න බෑ. So.. Keep it in mind."
රාදිතා ගෙදරින් එළියට යද්දි හේෂාන් සෝෆා එකකින් ඉඳගත්තා. ඒ එක්කම අහස් හේෂාන්ගෙ ඔලුව අතගාලාම එහාපැත්තෙන් ඉඳගත්තා. සාමාන්‍යයෙන් හේෂාන් කිසිම මනුස්සයෙක්ට වරදක් කලත් කෑ ගහන කෙනෙක් නෙවෙයි. ඒත් රාදිතා ඉස්සරහා එහෙම නිශ්ශබ්ද වෙලා ඉන්න එක හරි දේ නෙවෙයි කියලා අහස් හේෂාන්ට පෙන්නලා දුන්නා.
"මම එයාට කෑ ගැහුවා වැඩියි වගේද ?"
"ඔයා කෑ ගැහුවෙ නෑ හේෂාන්. මේ වතාවෙත් ඔයා කනට නොගහා කන අතගාලාමයි කියලා දුන්නේ. හරිනම් ඔහොම නෙවෙයි කියලා දෙන්න ඕනි රාදිතාට."
"ඒත් එයත් කෙල්ලෙක්."
"කෙල්ලෙක් නම් මේ වගේ වැඩ කරනවද හේෂාන්. මේ වගේ වැඩ කරන්නේ සල්ලි වලට තණ්හාවේ පිස්සු වැටුණු ගෑනු."
කලින් හේෂාන්ගෙ නහයෙන් බ්ලීඩ් උන නිසා අහස් එයා ගැන සැලකිල්ලෙන් ඉන්නේ. ඕනෑවට වඩා කතා කරන්න, මහන්සි වෙන්න එපා කියලා ඩොක්ටර් අවවාද කරලා තියෙද්දිත් හේෂාන්ට ඕනි උනා මාස ගාණක් තමන්ගෙ හිතේ පැහි පැහි තිබ්බ මේ කුණු ගොඩ නිදහස් කරලා දාලා සැනසීමෙන් ජීවත් වෙන්න.
........
නිව් යෝර්ක් යන්න ඕනි හැමදෙයක්ම මම ලෑස්ති කරගත්තා. ඒ අතරේ අක්කා මට අලුත් ඩ්‍රෙසස් ටිකක් අරන් තිබුණා. අක්කගෙ යාළුවාගේ ගෙදර කිව්වට ඒ ගෙදර තියෙන්නේ එයාලගේ ගෙවල් වලට ටිකක් එහයින්. ඉතින් මට ඉන්න බයක් දැනුණු නිසා අක්කා කිව්වා මාව හොටෙල් එකක නතර කරනවා කියලා. එයාට කොහොමත් මං එක්ක ඉන්න වෙන්නෙ නෑනේ අන්තිම වෙනකම්ම.
"අහ්.."
කල්පනාවේ ගියපු මම ඔෆිස් එකේ මගෙ රූම් එක ඉස්සරහින් යද්දි කාගෙද ඇඟක හැප්පුණා. වැදුණු වැදිල්ලට මාව පස්සට විසි වෙද්දි ඒ කෙනා මගෙ ඉනෙන් ඇදලා එයාට හේත්තු කර ගත්තේ වැටෙන්න නොදී.
"ඇවිදිද්දි සිහියෙන් ඇවිද්දොත් හොඳයි මිස් රූපසිංහ."
තියෝන්ගෙ කටහඬ ඇහුණු නිසා මම එයාගෙ මූණ දිහා බැලුවා. නිව් යෝර්ක් ගමන මාව එක්කගෙන යන එකට අයියා වගේම අකමැති උන කෙනෙක් එයා. හේතුව මම නිව් යෝර්ක් වලට බයයි කියලා එයාට කිව්ව නිසා. එයාත් කලින් නිව් යෝර්ක් වලට ගිහින් තියෙනවලු. ඒත් මම විතරයි ගිහින් නැත්තේ එක සැරයක්වත්.
"Sorry.. ඔයා......"
එයාගෙන් මම ඈත් වෙන්න හදද්දි මට ඇහුණා පැත්තකට වෙලා කවුරු හරි අපි දෙන්නා දිහා බලන් ඉන්නවා වගේ. ඡායාව පේන වම් පැත්ත බලද්දි ඈශ්ලි අපි දෙන්නා දිහා ගල් ගිලලා වගේ ඇස් දෙකත් ලොකු කරන් බලන් ඉන්නවා. ඔව් නේ. කෙල්ල මගෙ පස්සෙන් ආවනේ මගෙ ඔෆිස් එකට යන්න හිතන්.
"I.. I'm sorry mam."
එයා ගොත ගහලා වගේ එහෙම කියලා බිම බලාගත්තා. මාත් ඉක්මනින් තියෝගෙ ඇඟ උඩින් අයින් උනා. දකින අයට පේන්නේ අපි දෙන්නාගෙ අතර සීක්‍රට් එෆෙයා එකක් තියෙනවා කියලා. ඒත් මමනේ දන්නෙ මේ බූරු පැටියා එක්ක මගෙ තියෙන සම්බන්ධෙ අම්මයි පුතයි වගේ එකක් කියලා. ඇයි ඉතින් හැම එකම මට ඇන ඇන කියලා දෙන්න වෙනවනේ මෙයාට.
"ඈශ්ලි.. මගෙ ඔෆිස් එකට යන්න. මම එන්නම්."
"හරි මෑම්."
ඈශ්ලි අපි මැද්දෙන් දුවලා ගියේ මගේ රූම් එක ඇතුලට. එයා දිහා බලලා මේ පැත්ත බලද්දි තියෝ මගෙ මූණ දිහා බලාගෙන ඉන්නවා මුකුත්ම කියන්නෙ නැතුව. මේ නිශ්ශබ්දතාවය මම අනිද්දා යන නිසා වෙන්න ඇති.
"ඇයි සයිලන්ට්.. මම යන නිසාද ?"
"එහෙම නෑ."
"එහෙනම් ?"
"ඔයාට එහෙ තනියම ඉන්න පුළුවන්ද ?"
"අක්කා කියන නිසා මට ඉන්න වෙනවනේ."
"ඔයාට බයයි වගේ හිතෙනවා නම් මාත් එන්නද ?"
එයා එහෙම කියද්දි මට හිනා ගියා. මෙයත් වෙලාවකට පුදුම කතානේ කියන්නේ. හරියට නිකන් මගෙ ආරක්ෂක භටයා වගේනේ පස්සෙන් එන්න හදන්නේ. හැබැයි පස්සෙන් එන්න දුන්නොත් එහෙම මොනවා වෙයිද දන්නෑ.
"ඔයා මෙහෙ ඉන්න මගෙ වැඩ ටික බලාගෙන. මම වැඩි කාලයක් ඉන්නෙ නෑනේ. ටූ වීක්ස් විතරයිනේ."
"ටූ වීක්ස් උනත් දිගයි වගේ දැනෙනවා ඔයාට Stranger ෆීලින්ග් එකක් දැනුනම."
"මම හිතන්නෙ නෑ ඒක මට ගොඩක් අවුල් යයි කියලා. Maybe ගිහින් දවස් දෙක තුනකින් හරි යාවි."
"Sure ?"
එයාට නැට්ට වගේ මගෙ පස්සෙන් එන්න ඕනි වෙලා තියෙන්නේ හේෂානුත් මාත් එක්ක යනවා වගේනේ. කොහොමත් තියෝ සැකෙන් ජීවත් වෙන නිසා එයාට හිතෙනවා ඇති මම එයාට බොරු කියලා හේෂාන් එක්ක ට්‍රැවල් කරන්න යනවා කියලා.
"Yes."
"එහෙනම් පරිස්සමින් ගිහින් එන්න. මම ඔයාව ඩ්‍රොප් කරන්නම් අනිද්දාට."
"හ්ම්ම්.. ඒකත් හොඳ අදහසක්."
මම හිනා වෙලා ඔෆිස් එකට යද්දිත් එයා මගෙ දිහා බලාගෙන. කලින් දවසක දුල් කිව්වා වගේම මට තියෝන් ගැන අමුත්තක් දැනෙනවා. හරියට නිකන් එයාගෙ හිතේ මං වෙනුවෙන් ආදරයක් තියෙනවා වගේ. නැත්තම් මොකටද පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් ගැන මේ තරම්ම හොයලා බලන්නේ, වද වෙන්නේ ?
අලුත් දවසක් 🌞☁️🍃..
හවස හතර වෙද්දි තියෝන් කාර් එක අරගෙන ආවා මාව එයාපෝර්ට් එකට ඩ්‍රොප් කරන්න යන්න. අද හොඳටම වැස්ස. ඉවරයක් පේන තෙක් මානෙක නෑ. කළු පාට අත් දිග ඩ්‍රෙස් එකක් ඇඳලා ඒකට ගැලපෙන ශයින් නෙක්ලස් එකකුත් දාලා මම බෑග් එකත් අරගෙන එළියට බැස්සා. අක්කාත් එයාපෝර්ට් එකට එනවා කිව්වා අයියා එක්ක. අයියා මාවත් ඩ්‍රොප් කරන්න එන්න ඇහැව්වත් මම කිව්වා තියෝ එනවා කියලා.
"මින්දි.."
එයාපෝර්ට් එකට ලං වෙද්දි එයා මට කතා කරා. එතකන්ම මම ග්ලාස් එකෙන් පේන තද වැස්ස දිහා බලාගෙන හිටියේ. මොකද මේ තරම් තද වැස්සක් මම ජීවිතේට දැකලා නෑ. මේ වැස්ස වහින්නෙ හරියට නිකන් වැහැලා වැහැලා ලෝකය අලුත් වෙන්න යනවා වගේ.
"කියන්න."
"මට ඔයාට කියන්න දෙයක් තියෙනවා."
තියෝන් එහෙම කියද්දි මම එයාගෙ මූණ දිහා බැලුවේ වියවුල් වුණ බැල්මකින්. එයා ඒක කිව්ව තාලෙ ඇහුනම මට මතක් උනේ මීට අවුරුදු දහයකට විතර කලින් මගෙ කනට ඇහුණු දෙයක්.
❝ මට ඔයාට කියන්න දෙයක් තියනවා මින්දි ❞
හේෂාන්ගෙ කටහඬ මගෙ මනස පුරා දෝංකාර දෙන්න ගත්තේ එදා මම ඉස්සෙල්ලාම එයාගෙ ආදරය පිළිගත්තු දවස මතක් කරලා. කොහොම අමතක වෙන්නද මේ වචන ටික මට.
"මම මේක ටික කාලෙක ඉඳන් කියන්න හිටියේ."
තියෝ ඉස්සරහා බලාගෙන එහෙම කියද්දි මම හිටියටත් වඩා සීතල වුණා වගේ. මට මතකයි එයා මේ වාක්‍ය කිව්වා වගේම හේෂානුත් මට එදා එහෙම කිව්ව විදිහ.
❝ මං මේක ඔයාට ඒ ලෙවල් කාලෙ ඉඳන් කියන්නයි හිටියේ ❞
ඒ කියන්නේ මේ වෙන්න යන්නේ තියෝනුත් මගෙන් එදා හේෂාන් කැමැත්ත ඇහුවා වගේ අහන්න යනවා කියන එකද. ඒත් කොහොමද මම එයාට මූණ දෙන්නේ. මම දන්නවා එයාට මට ආදරේ කරන්න බෑ හේෂාන්ට ඇර. අනික එයා මගෙ හොඳම යාළුවෙක්.
"මම ඒක ඔයාට ආවම කියන්නම්."
"ඇයි දැන්ම කියන්න බැරි ?"
"හේතුවක් තියෙනවා. ඔයා ඔයාගෙ වැකේෂන් එක එන්ජෝයි කරලා එන්න. මම බලන් ඉන්නම් එතකන්."
එයා එහෙම කියලා එයාපෝර්ට් එක ලඟම තිබුණු කාර් පාක් එකේ කාර් එක නතර කරා. එතනින් එහාට මමත් මුකුත් එයාගෙන් අහන්න ගියේ නැත්තේ නිදහසේ තියෙන මගෙ හිතත් එකපාරටම ඇවිලෙයි කියන බය නිසා.
"නංගි.."
මම තියෝ එක්ක ඇතුලට යද්දි අයියා මාව ඇවිත් තුරුලු කර ගත්තා. අදින් සති දෙකක් හෝ තුනක් විතර යනකම් එයාව මට දකින්න ලැබෙන්නෙ නෑ. ඒ වගේම අයියට මගෙ පස්සෙන් ඇවිත් මාව මෙහෙදි ආරක්ෂා කරා වගේ එහෙදි කරන්න වෙන්නෙත් නෑ. මොකද එයා අපි එක්ක මේ ගමන යන්න එන්නෙ නැති නිසා.
"අක්කා එක්ක පරිස්සමින් ඉන්න ඕනි හරිද. ඈශ්ලි එක්ක යන තැනක යන්න."
"හ්ම්ම්.. ඔයත් පරිස්සමින් ඉන්න අයියේ."
අයියගේ කකුල් දෙක අල්ලලා වැඳලා මම අක්කා ලඟට ගියා. මමයි අක්කයි, අක්කගේ සෙකට්‍රියි ඈශ්ලියි තමයි අද මේ ගමන යන්නේ. ඈශ්ලි මගෙ තනියට තමයි මම එක්ක ගෙන යන්නේ. ඉතින් තවත් පරක්කු නොවී අපි ටිකට් චෙක් කරන තැනට ගියා. මම දැක්කා අපි නොපෙනී යනකම්ම අයියා එළියට වෙලා හිටියා..
අක්කා අපි හැමෝටම බිස්නස් ක්ලාස් එකේ සීට්ස් බුක් කරලා තිබුණේ. ජීවිතේ පළවෙනි වතාවට මම මේ බිස්නස් ක්ලාස් එකක යන්නේ. කලින් සිඩ්නි වලට ගියෙත් මම එකොනොමි ක්ලාස් එකේනේ. මට මගේ පාඩුවේ තනියම යන්න පුළුවන් සීට් එකක් තියෙනවා කියන්නේ ගමන ඒකාකාරියි වගේ කියලා දැනෙන්නෙ නෑ කියන එක. ඉතින් අක්කා මට ලඟම සීට් එකට යද්දි මම මගේ සීට් එකෙන් ගිහින් වාඩි වෙලා ග්ලාස් එකෙන් පිටත බලා ගත්තා. ඉස්සෙල්ලා තිබුණු වැස්ස ගතිය අඩු වෙලා නිසාද කොහෙද ෆ්ලයිට් එක පරක්කු උනේ නෑ.
ලංකාවෙන් ටිකෙන් ටික ඈත් වෙද්දි මම දැක්කා රටවල් වල හැම තැනම කහපාට, සුදුපාට ලයිට් රටා වගේ තියෙනවා. ඒ දසුන දකිනකොටත් අමුතු සැනසීමක් දැනෙනවා. එක තැනක 'Love' කියලා ලස්සනට බල්බ් වලින් හැඩ කරලා අහසට පේනවා රතු පාටට. තවත් තැනක හදවතක හැඩයක්. මිනිස්සුන්ට කලාත්මක හැකියාවන් තිබුණත් ඒවා ප්‍රයෝජනයට ගන්නේ අල්පයක් විතරයි.
එතන පාස් වෙද්දිම මම සීට් එකේ ඔළුව තියන් ඇස් පියා ගත්තා. පැය ගාණක් යද්දි අපි අතර මැද එයාපෝර්ට් එකකින් තවත් ෆ්ලයිට් එකකට මාරු උනා. අයියට තවම පර්මිට් ලැබිලා නෑ ප්‍රයිවට් ජෙට් එකක් ගන්න. එහෙම උනා නම් මෙච්චර කරදර නෑ. ඒත් තව අවුරුද්දක් දෙකක් ගියාට පස්සෙ අපිට හිතේ හැටියට යන්න පුළුවන් ඕනිම තැනක. අලුත් ෆ්ලයිට් එකෙන් කෙලින්ම නිව් යෝර්ක් වලින්ම බහින්න පුළුවන්.
"Welcome to New York all 😍."
අපි එයාපෝර්ට් එකෙන් එළියට යද්දිම අක්කගේ හොඳම යාළුවෙක් ඇවිත් අපිව පිළිගත්තේ මල් බොකේ එකක් දීලා. මගෙ මල් බොකේ එක උනේ ඩේසි මල් මිශ්‍ර කරපු ලා රෝසමල් බොකේ එකක්. අක්කගෙ එක තද රතුපාට රෝස එකක්.
"Hurry up guys.. Let's go to the hotel."
ආපු ගර්ල්ම අපිට එහෙම කියලා කාර් එක පැත්තට ගියා. ඒ එක්කම අක්කත් මට එයාගෙ බොකේ එක දීලා කාර් එකට නැග්ගා. ප්‍රමාණයෙන් ලොකු වගේම දිගින් වැඩි වෙනස්ම වර්ගයක ලක්ස්රියස් කාර් එකක්. මල් බොකේ දෙකත් අතේ තියාගෙන මම සුවඳ බල බල, ග්ලාස් එකෙන් වටපිට බලන ගමන් ගියා. නගරය හරිම ලස්සනයි. එකේක විදිහේ මිනිස්සුන්ගෙන් පිරිලා පාර දෙපැත්තම. විශේෂයෙන්ම මගෙ ඇස් වලට යොමු වුණ දේ තමයි ස්වීට්ස් තියෙන සාප්පු.
විනාඩි දහයක වගේ දුරක් ගිහින් කාර් එක ලොකු බිල්ඩින් එකක් ඉස්සරහා නැවැත්තුවා. මල් ටික ඇතුලේ තියලා මම අක්කා එක්කම කාර් එකෙන් එළියට බැස්සා. ඇතුළෙ ටේබල් එකකින් අක්කයි මායි ඉඳගත්තා. ඈශ්ලියි එලීනායි දෙන්නා අපිට පිටි පස්සෙන් වාඩි වුණා. මම දන්න ලෝක ප්‍රසිද්ධ මොඩ්ල්ස්ලා දෙන්නෙක් අක්කා එක්ක මොනවදෝ කතා කරා. මට ගොඩක් වචන වල තේරුම හොයාගන්න බැරි උනේ ඒවා මොඩ්ල්ස්ලා එයාලගේ රන්වේ වල යූස් කරන වචන නිසා.
"Maheesha.. You can board with us at this hotel. And stop your sister at our sub-branch."
"I wanted to do the same."
අක්කා මෙහෙ එයාගෙ ඇසිස්ටන්ට් එක්ක ඉද්දි මම මෙතනින් කිලෝමීටර් පහක් දුර, මේ හොටෙල් එකේම සබ් බ්‍රාන්ච් එකේ නවතිනවා. හැමදාම උදේට මාව එක්ක යන්න අක්කා ඩ්‍රයිවර් කෙනෙක් එවනවා කියලත් කතා වුණා. මොකද අක්කට ඕනි උනා ඒ අයට මාවත් අඳුන්නලා දෙන්න.
"Then we'll see you tomorrow, Maheesha.. Our shoot will starts tomorrow morning."
"Ok jenny."
එහෙම කියපු අක්කා එයාලා එක්ක හෑන්ඩ් ශේක් කරලා මටත් එන්න කියලා හොටෙල් එකෙන් එළියට ගියා. වෙන්නෙ මොනවද නොදන්නවා උනත් මට ඕනි කොහෙ හරි නැවතිලා රෙස්ට් කරන්න. මොකද අපි මේ ආපු ගමන්ම නේ හෙට වැඩ ගැන ඩිස්කස් කරන්න ආවේ.
"නංගි.. ඔයා ඈශ්ලි එක්කන් මේ ඩ්‍රයිවර් එක්ක හොටෙල් එකට යන්න. එහෙ ඇසිස්ටන්ට් ඔයාට හොටෙල් එකේ රූම් එකයි, කී කාඩ් එකයි, අනිත් හැම දෙයක්ම පෙන්නයි."
"හරී."
"හදිස්සියක් උනොත් මට කෝල් එකක් දෙන්න. එහෙනම් පරිස්සමින් ඉන්න. මොන දේටවත් රූම් එකෙන් එළියට බහින්න එපා, ඩූ නොට් ඩිස්ටර්බ් දාගන්න එක හොඳයි."
"හරී.. ඔයත් පරිස්සමින් ඉන්න."
අක්කයි එලීනායි එයාගෙ කාර් එකේ එයා නවතින්න ඉන්න හොටෙල් එකට යද්දි මායි ඈශ්ලියි මට ලැබුණු කාර් එකේ අනිත් හොටෙල් එකට ගියා. ගොඩක් වටින හොටෙල් දෙකක් මේ දෙක. ලංකාවෙ ඉද්දි මම සර්ච් කරලා බැලුවා නිකමට. එතකොට මට හොයාගන්න ලැබුණා මේකෙ නවතින්න පුළුවන් මෙහෙට එන විදේශකයින්ට විතරයි කියලා. ඒකත් ලක්ස්රියස් ෆැමිලි වලට.
"මෑම්."
"ඔව් ?"
"මම ඒ දවස් වල හේෂාන් සර් එක්ක සෙල්ෆි එකක් ගැහුවා. ඒක මගෙ ප්‍රොෆයිල් පික්චර් එකට දැම්මට කමක් නැද්ද 🤧."
පාඩුවේ හිටපු මගෙ කනට 'හේෂාන්' කියන නම ඇහෙන්න සලස්වලා මගෙ හිතම බාගෙට ගිනි තිබ්බා වගේ දෙයක් ඈශ්ලි කලේ. ග්ලාස් එක වහලා මම ඈශ්ලි දිහා පොඩ්ඩක් රවලා බැලුවා.
"Sorry.. මෑම් කැමති නැත්තම් කමක් නෑ."
"හේෂාන් නෙවෙයි හේෂාන්ගෙ කවුරු එක්ක ගැහුවත් කමක් නෑ. ඒක දාන්න ආයෙ මගෙන් අහන්නත් එපා. ඔය නම මතක් කරන්නත් එපා 😤."
"Sorry මෑම්."
බලු පැටියෙක් කන් අකුලගෙන නකුට වන වන ගුලි වෙනවා වගේ ඈශ්ලි පැත්තකට උනා. ආයෙමත් මම එළිය බලද්දි මට පෙනුණා අද ඉඳන් මම නිව් යෝර්ක් වල නවතින ඒ ලක්ස්රියස් හොටෙල් එක. ලා දුඹුරුපාට බිල්ඩින් එකක තට්ටු දහයක් විතර තියෙනවා. පිටතින් බලද්දි පේන මොඩර්න් විදිහටම ඇතුලත් තියේවි කියලත් මම හිතනවා.
"Welcome to hotel Paradise, Madam."
හොටෙල් එකේ ඇසිස්ටන්ට් කෙනෙක් මට එහෙම කියලා ග්‍රීට් කලා. ටික වෙලාවක් යද්දි එයා මට හොටෙල් එකේ පහසුකම් ගැන කියලා දීලා මාව අටවෙනි ෆ්ලෝ එකට එක්කගෙන ගියා එලෙවේටර් එකෙන්. ඊට පස්සෙ මීටර් දහයක් පහලවක් විතර දිග කොරිඩෝ එකක් දිගේ ගිහින් 9 වෙනි රූම් එක ඉස්සරහා නැවතුණා. විශේෂත්වය උනේ මේ හොටෙල් එකේ රූම් වල නම්බර්ස් කවුන්ට් කරලා තිබුණේ උඩම තට්ටුවේ ඉඳන් පහත එකට වෙනකම්.
"This is your room madam."
මගෙ රූම් එකේ කාඩ් එකත් මට දීලා එයා ඇතුලට ගිහින් කර්ටන් එක ඇරියා. හරි පිළිවෙළට තියෙන ලස්සන රූම් එකක්. වීදුරු දොරක් එක්ක තියෙන බැල්කනිය, මල් වැල් පිරුණු අත්වැට, බැල්කනියෙ පැත්තක තියෙන පොඩි පැතලි සෝෆා එක, මට මගෙ ගෙදර මතක් කරලා දුන්නා. ගෙදරත් මම මගේ චොයිස් එකටම මේ විදිහටම හදාගෙන තිබුණා.
"This is the kitchen. You can prepare your own food if you want. Or you can order your food from our menu."
රූම් එකේ අයිනක පැන්ට්‍රි කබඩ්ස් තුනක් වගේම, එළවළු කපන්න පුළුවන් ටයිල් එකක්, කෑම කන්න සුදු මේසයක් තිබුණා. ඇඳත් ත්‍රිබල් එකක් සයිස් එකට තිබුණා, ගෙදරදි මම පොරවනවා වගේම සිනිදු පුළුන් පුරවපු බ්ලැන්කට් එකකුත් තිබුණා. ඈශ්ලි එයාගෙ රූම් එකේ ඇති මෙලහකට. මොකද එයාටත් බඩු ටික අස් කරගන්න ඕනිනේ.
"Then, Rest well madam. If necessary, ring the bell."
"Thank you."
ඇසිස්ටන්ට් ගියාට පස්සෙ මම බෑග් එකත් ඇඳ ලඟට ඇදගෙන ඇවිත් ඉඳ ගත්තා. පුදුම මහන්සියක් දැනෙන්නෙ මට. මේ මහන්සියට නම් මට මේ ඇඳේ හොඳට අතපය දිග ඇරලා නිදාගන්න ඕනි. නිදාගන්න නම් මම ඉස්සෙල්ලාම වොශ් එකක් දාගෙන එන්න ඕනි.
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
ඇඳෙන් නැගිටලා බෑග් එක අරින්න හදද්දිම රූම් එකේ තිබ්බ ෆෝන් එකට කෝල් එකක්. ඉතින් මම කෝල් එක ආන්ස්වර් කරලා ස්පීකර් එක කන ළඟින් තියා ගත්තා. කව්ද මෙවෙලේ කෝල් කරන්නේ ?
"Hello."
"නංගි.."
අයියනෙ මේ. මම ඒත් බැලුවා මේ වගේ වෙලාවක කව්ද හොටෙල් එකේ නම්බර් එකට කෝල් කරන්නෙ කියලා. මොකද හොටෙල් එකේ, මගෙ රූම් එකේ නම්බර් එකටම කතා කරන්න පුළුවන් ඒක දන්න කෙනාට විතරයිනේ.
"කියන්න අයියේ."
"ඔයා පරිස්සමට ගියා නේද."
"ඔව් මම දැන් ටිකකට කලින් හොටෙල් එකට ආවේ."
"එහෙනම් අවුලක් නෑ. අක්කා ෆෝන් එක ආන්ස්වර් කරන්නෙ නෑ. ඒකයි මම බැලුවේ ප්‍රශ්නයක්ද කියලා."
"අපෝ නෑ.. අක්කා බාත්රූම් එකේ ඇති. ඒ නිසා කෝල් එක ඇහෙන්න නැතුව ඇති."
"කොහොමද.. හොටෙල් එක අවුලක් නෑ නේද ?"
"අපෝ නෑ.. මේක හොඳටම හොඳයි. ගොඩක් දේවල් තියෙනවනේ. එහෙ ඒවා වගේත් නෙවෙයි."
"හ්ම්ම්.. තාම වොශ් එකක්වත් දාගත්තෙ නැද්ද ?"
"නෑ තාම නෑ. දැන් යන්නයි හැදුවේ."
"එහෙනම් වොශ් එකක් දාගෙන ටිකක් නිදාගන්න. පැය ගාණක් ෆ්ලයිට් එකේ ඉඳලා මහන්සි ඇතිනේ."
"හරී."
"මම පස්සෙ කෝල් එකක් දෙන්නම්. පරිස්සමින් ඉන්න."
"ඔයත්."
ස්පීකර් එක ආයෙමත් ෆෝන් එක උඩින් තියලා මම බෑග් එක ලඟට ගියා. සේරටම කලින් ඇඳුම් ටික අස් කරන්න ඕනි කබඩ් එකට. ඒත් ඊටත් කලින් මම වොශ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එකවත් ඇඳ ගන්න ඕනි. මේ ගවුම හිර කරන් ඉඳලා මට දැන් ඇති වෙලා.
ඉතුරු ටිකේ සප්‍රයිස් එකක් තියේ 😌,
https://telegra.ph/Spring-is-far-away---84-Part-2-01-25
Sachy Collins