Spring is far away - 83

Spring is far away - 83

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 83  |  Come to reality


Previous


"නංගි.. ඔයාට මං එක්ක නිව් යෝර්ක් යන්නම වෙනවා. මුල් දවස් දෙක තුනට විතරයි ඔයාට මං එක්ක එහෙ මෙහෙ යන්න වෙන්නේ. ඊට පස්සෙ ඔයා මගෙ ෆ්‍රෙන්ඩ් කෙනාගෙ අර කිව්ව හවුස් එකේ නැවතිලා ඉන්න."


"සති කීයකටද ?"


"3 weeks.. ඊට පස්සෙ අපි ලංකාවට එනවා ආයේ."


මම සෝෆා එකෙන් ඉඳගද්දිම අක්කා එහෙම කිව්වා. අද අක්කයි අයියයි දෙන්නම මං එක්ක අපේ ගෙදර ඉන්නවා. ඇයි ඉතින් අපිට කවදාවත් එකට ඉන්න ලැබෙන්නෙ නෑනේ බිසී නිසා. අද ටිකක් සීතල දවසක් නිසා මම එයාලට කෝපි දෙකක් උණු උණුවෙම හදාගෙන ආවා.


"මම අනිවාර්යයෙන්ම එන්න ඕනිද ඕකට ?"


"ඇයි එන්න අකමැති ?"


"මට ඔයා නැතුව ඔයාගෙ ෆ්‍රෙන්ඩ් කෙනා එක්ක ඉන්නෙ කොහොමද."


"එයා එක්ක ඉන්න බය වෙන්න එපා. එයා එහෙම නරක කෙනෙක් නෙවෙයි. ඔයාට එහෙ නවතින්න වෙනම හවුස් එකක්නේ එයා දෙන්නේ."


"හ්ම්ම්.. බලමු."


"බලමු කිව්වෙ කැමති නැද්ද ඒකට."


"කැමතියි. හැබැයි ඒකට මට ගොඩක් කාලෙක ඉඳන් ලෑස්ති වෙන්න වෙයි වගේ."


"ඔව්.. මං දැන්ම ඉඳන්ම ඔයාට ගොඩාක් ඩිසයින් රෙඩි කරලා තියෙන්නේ, එහෙදි අඳින්න. මොකද ලංකාව නියෝජනය කරන්න ඉන්න එකම දෙන්නා අපි විතරයි නංගි."


"හ්ම්ම්.."


අයියා මොනවා කරනවද දන්නෙ නෑ. එයා මගෙ රූම් එකට ගියා. හේතුව මගෙ ලැප් එකේ පොඩි ප්‍රශ්නයක් ඇවිල්ලා ඒක හදන්න මම එයාට බාර දුන්න නිසා. මම දන්නවනේ එයාගෙ හැටි. සමහරවිට මගෙ ටේබල් එකේ ඩයරි එක අස්සේ තියෙන හේෂාන්ගෙ ෆොටෝ එක පවා හොයාගන්න බැරි නෑ. එයා මගෙ අයියා නිසා මම ආයෙ හේෂාන් එක්ක කනෙක්ෂන් තියෙනවාද කියලා හොඳට හොයලා බලනවා. මොකද එයාත් කැමති නෑ මම ඉස්සර මින්දි වගේ හේෂාන්ගෙ මතක වල පැටලිලා අඬනවාට.


"අයියේ.."


මම මගෙ රූම් එකට යද්දි අයියා කා එක්ක හරි කෝල් එකක. ඉතින් මම සද්ද නොකර එයාගෙ කෝල් එක අහගෙන හිටියා. කතා කරන විදිහෙන් මට තේරුණා අයියා කතා කරන්නේ සීක්‍රට් කෙනෙක්ට කියලා. නැත්තම් එයා මොකටද බැල්කනි එකේ කොනකට වෙලා ඉඳන් කතා කරන්නේ. හැමදෙයක්ම මගෙන් හංගන්නනේ එයා එහෙම කරන්නේ.


"මින්දිගෙ අම්මා මැරුණු විදිහ මට හොඳටම මතකයි. ඒකයි මම මගෙ නංගිවත් මේ තරම් පරිස්සම් කරන්නේ."


"ඔව් මම දන්නවා. ඒ මිනිහා නංගිව ටාගට් කරන් ඉන්නේ, අම්මා වගේම. මම එයාව පරිස්සම් කරන්නේ එයාටත් එහෙම දෙයක් නොවෙන්න."


"ඒ වීඩියෝ එක ඔයා ළඟ තියෙනවා කියන්නෙ ලොකු දෙයක්. පුළුවන් තරම් පරිස්සම් කරගන්න. ඒ වගේම ඒ මිනිහට ඒක අහුවෙන්න දෙන්න එපා මොන දේ කලත්."


"ඇත්තටම ඔයාට Thank you මල්ලි. ඔයා මම ගැන හිතලා මෙච්චර හෙල්ප් කරද්දි මට ඔයා වෙනුවෙන් කරන්න දේවල් නෑනේ. ඒකයි මට දුක."


"හ්ම්ම්.. එහෙනම් මම තියන්නම්.. පරිස්සමින් ඉන්න. තව මොනවා හරි හම්බුණොත් ඔයා මට කියන්න."


මහීකට තමන් හොයාගත්තු දේවල් කියන්න කෝල් එක ගත්තු හේෂාන්, කෝල් එක කට් උනාට පස්සෙ ෆෝන් එක මේසෙ උඩින් තියලා තමන්ට ඉස්සරහා සෝෆා එකේ ඉඳන් ඉන්න අහස් දිහා බැලුවා. හදිස්සියක් නිසා ඒ දෙන්නම ඔෆිස් එකෙන් ගෙදරට ආවා. හේතුව රාදිතා හේෂාන්ව බලන්න ගෙදර එනවා කියලා කෝල් කරලා කිව්ව නිසා.


"ඔයා රාදිතාගෙන් කෙලින්ම අහනවද හේෂාන් ?"


"ඔව් මම අහනවා."


"ඒත් ඇන්ඩෲස් ?"


"ඕනි දෙයක් කරයිනේ. මම ලෑස්ති වෙලා ඉන්නේ ඕනිම දේකට මූණ දෙන්න."


"මොනවා උනත් ඔයා කතා කරන දේවල් ගැන පරිස්සමින්."


"මම ඒක බලාගන්නම්. මම දන්නවා දුවට කියලා දෙන්න ඕනි විදිහ."


ඒ දෙන්නා එහෙම කතා කර කර ඉද්දි දොර පැත්තෙන් හීල්ස් දෙකක සද්දයක් ඇහුණා. ඔව් ඒ රාදිතා. වෙනදා වගේම විච්චූරණයක් ඇඳගෙන දිළිසෙන බෑග් එකක් අරගෙන කතා වත් නොකර සාලෙට එනවා. අහස් රාදිතා දිහා බැලුවට හේෂාන් කෙල්ල දිහා බැලුවෙ නෑ බිම බලාගෙන හිටියා මිසක්.


"අද අහසුත් ඉන්නවනේ. මොකක් හරි ස්පෙශල් එකක් තියෙනවද ?"


"නෑ."


අහස් එහෙම කියද්දි රාදිතා හේෂාන් දිහා බැලුවා. වෙනදට තමන් දිහා බලාගෙන තමන් එක්ක හොඳින් කතා කරන කෙනා අද නිශ්ශබ්ද වෙලා බිමට ඇස් යොමු කරන් ඉද්දි කෙල්ලට අමුත්තක් දැනුණා.


"බබා.. Are you okay ?"


"Yeah."


"එහෙනම් ඇයි අවුලෙන් වගේ. අසනීප වැඩියි වගේද ?"


"මගෙ අසනීප ගැන ඔයා ආයෙ හොයන්න ඕනි වෙන එකක් නෑ රාදිතා."


"Why ?"


"මම මේ මැරේජ් එක නවත්තනවා."


"What 😨 ?"


රාදිතා සෝෆා එකෙන් නැගිට්ටුනේ ඉබේටමයි. කෙල්ල හිතුවෙ නෑ හේෂාන් මෙහෙම දෙයක් කියයි කියලා. මොකද මෙච්චර කාලයක් එයා මේ මැරේජ් එකට අකමැත්තක් පෙන්නුවේ නෑ දශමයකින් වත්.


"Are you kidding me bae.."


"මම කිව්ව දේ ඇහුනනේ. ආයෙ කියන්න අවශ්‍ය වෙන්නෙ නෑනේ."


"ඒත් ඇයි ඔයා මෙහෙම කියන්නෙ එකපාරටම. මොකක්ද මගෙන් උන වරද 🥺 ?"


"මට තවත් මුකුත් කියන්න බෑ රාදිතා. මේ හොඳටම ඇති ඔයාට තේරුම් ගන්න."


"මොනාද තේරුම් ගන්නේ ?"


"මම මේ මැරේජ් එකට කැමති නෑ කියලා."


"ඒත් බබා මම ඔයාට ආදරෙයිනේ. මම කිව්වනේ මම ඔයාව මැරි කරලා බලාගන්නම් කියලා. අනික ඔයා අසනීපෙන්. ඔයාගෙ ලෙඩේ හොඳ වෙන්න නම් මම වයිෆ් විදිහට ඔයා ලඟටම වෙලා ඉන්න ඕනි නැද්ද ?"


"නෑ.. ඕනි නෑ."


"ඇයි ?"


"මැරිලා ගියාවේ."


හේෂාන් එකපාරටම මූණ දිහා බලලා එහෙම කියද්දි රාදිතාගෙ ඇඟට අමුතුම සීතලක් දැනුණා. මොකද මීට කලින් දවසක එයාමයි ඇන්ඩෲස් ඉස්සරහා ඒ විදිහට හේෂාන් ගැන කතා කලේ. ඒත් හේෂාන් හරියටම තමන් කිව්ව වචනම අනිත් පැත්තට කියන්නෙ කොහොමද කියන එක රාදිතාට කුතුහලයක්.


"What ?"


"Yeah.. ඔයාගෙ හැම ගෝල් එකක්ම සක්සීඩ් උනාට පස්සෙ මම මැරිලා ගියත් එකයි කියලා කිව්වෙ ඔයා නෙවෙයිද ?"


හේෂාන් සෝෆා එකෙන් නැගිටලා ඇවිත් තමන්ගෙ මූණට ලං වෙලා එහෙම කියද්දි රාදිතා ඇහිපිය නොහෙළා බලන් හිටියේ ගල් පිළිමයක් හා සමානව. මේ දේවල් කොල්ලට ඇහුණේ කොහොමද කියලයි දැන් රාදිතාට හිතාගන්න බැරි එකම දේ. ටික වෙලාවක් යද්දි අහසුත් සෝෆා එකෙන් නැගිට්ටේ තරහා ගිහින් ඉන්න හේෂාන්ව සන්සුන් කරන්න හිතන්.


"යුවසිංහ ගෲප් එක අතට ලැබෙනවා නම් ඕනිම දෙයක් කරනවා කිව්වා.. ඩැඩී කිව්වොත් මාව මරන්න කියලා, ඒකත් කරනවා කිව්වා."


"අන්තිමට හේෂාන් කියන්නෙ නිකමෙක් කියලත් කිව්වනේ. මතක් උනාද ?"


රාදිතා කීයටවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක්. හේෂාන් මේ දේවල් දැනගත්තු විදිහ නෙවෙයි දැන් රාදිතාගෙ මනසේ තියෙන්නේ. මේ දේවල් දැනගෙන ඉන්න හේෂාන්ව සනසන්නෙ කොහොමද කියලායි එයා කල්පනා කරන්නේ. ඒත් අද හේෂාන් ඉන්න තත්වේ එක්ක බැලුවම රාදිතාට ඒක කරන්න අපහසු වේවි.


"බබා ඒක...."


"No.. ඔයා මට අමුතුවෙන් කියන්න ඕනි නෑ. මම ඔයා කරපු හැමදෙයක්ම දන්නවා රාදිතා. ඒ වගේම ඔයාගෙ ඩැඩී කරපුවත් මම හොඳට දන්නවා."


රාදිතා අහස් දිහා බැලුවා මේ මොකක්ද වෙන්නෙ අහන්න. ඒත් අහස් රාදිතාගෙ බැල්ම ගණන් ගත්තේ නෑ. අද ශෂීන්ද්‍රත් ගෙදර වැඩ කරන අයත් ගෙදර නැති නිසා වෙන කාටවත් එයාලාගෙ කතාබහ ඇහුණේ නෑ.


"ඉස්සෙල්ලාම මින්දිගෙ අත කැඩුවා, ඊට පස්සෙ එයාට ඇසිඩ් ගහන්න හැදුවා ඩැඩී එක්ක එකතු වෙලා. මතකද පාක් එකේදි කනටත් ගැහුවා. ඊට පස්සෙ අරුෂිව බොරු වැරැද්දකට පටලවලා සැලෝමිව ගෙන්නලා එයාගෙන් වැඩ ගත්තා, ඩැඩී එක්ක මිනිස්සු ටිකක් දම්මලා මින්දිගෙ ගෙදර හැමදෙයක්ම විනාස කරලා ඩයරි එක අරගෙන ගියා. අන්තිමට මගෙ පාර්ටි එක දවසේ එයාව හොටෙල් එකේ හිර කරලා තියන්න ට්‍රයි කලා. ඔයා හිතුවද රාදිතා මම මේ දේවල් ගැන නොදන්න නිකමෙක් කියලා ?"


"ඒවා මම කරපු දේවල් නෙවෙයි හේෂාන්.. ඩැඩී මට එහෙම කරන්න කිව්වෙ මගෙම හොඳට 🥺."


"ශුවර්ද ඩැඩීම මේවා කෙරෙව්වා කියලා ?"


"මම කිව්වනේ හේෂාන්."


"එහෙනම් මේ දෙක මොකක්ද කියනවද මට ?"


එහෙම කියපු හේෂාන් තමන්ගෙ දකුණු අතින් උස්සලා පෙන්නුවේ ලා දුඹුරුපාට, බාගෙට ඉරුණු කොළ දෙකක්. විශේෂත්වය තමයි ඒ කොළ දෙක හේෂාන්ට හම්බුණේත් රාදිතාගේ රූම් එකේ තිබිලාමයි.


"ඔය කියන්නේ ඔයා මේවා කරේ ඩැඩීට ඕනි නිසා කියලද ?"


හේෂාන්ගෙ අතේ තිබුණ කොළ දෙක දැක්කම රාදිතාට කෙල ගිලෙන්නෙත් නෑ වගේ.


"ඔයා මින්දිට කියපු දේවල්, තර්ජනය කරපු දේවල් හැමදෙයක්ම මේකේ මින්දිම එයාගෙ අත් අකුරෙන් ලියලා තියෙනවා. ඉතින් ඔයා කියන්නේ මේ දේවල් ඩැඩීගේ ප්ලෑන්ස් අනුව කරපුවා කියලද ?"


එදා ඇන්ඩෲස් මින්දි ගෙදරට පැනලා ඩයරිය අරන් ගිහින් මේ කොළ දෙක විතරක් ඉරලා දාලායි මින්දිට ආයෙමත් ඒක ගෙනවිත් දුන්නේ. හේතුව ඒ ඩයරි එක හේෂාන් දැක්කොත් තාත්තගෙයි දුවගෙයි කෙරුවාව අහුවෙන නිසා. ඒත් හේෂාන්ට මතු වුණ එක සැකයක් නිසා, එයා රාදිතාගේ ගෙදර ගියපු වෙලාවක මේ දේවල් හොයාගත්තා.


"ඔව් මම එහෙම කරා. මට ඕනි උනා මින්දිව ඔයාගෙන් අයින් කරලා දාන්න. ඒකයි මම එහෙම කලේ. ඒත් ඔයා එයාගෙන් කවදාවත් අයින් උනේ නෑ 😫."


රාදිතා මුළු සාලෙම දෙවනත් වෙන්න කෑ ගහලා එහෙම කිව්වා. වරදක් කරලා ඒ වරද අහු වුණාම ලැජ්ජාවෙන් හැසිරෙන මනුස්සයෙකුට වඩා අන්ත විදිහටයි රාදිතා හැසිරෙන්නේ. මනුස්සයෙක්ගේ ජීවිතේ නැති කරත් රාදිතා දන්නේ තමන් කරපු නිවැරදි දේවල් ගැන පාපොච්චාරණය කරන්න විතරයි. ඒක හේෂාන් එදා ඉඳන්ම හොඳින්ම දන්නවා.


"මම මින්දිගෙන් අයින් උනේ නැති නිසාද ටනාෂියා එක්ක ඇග්‍රීමන්ට් එකක් සයින් කලේ."


අහස් දුන්න ෆයිල් එකක් අරගෙන හේෂාන් කොළයක් එළියට අරගත්තා. ඒ කොලේ දැක්කම මතක් උනා රාදිතාට ටනාෂියාව හම්බුණේ කොහොමද කියලා, ඒ වගේම ටනාෂියා මොන හේතුවකට තමා යොදාගත්තද කියලා.


°•°•°•°•°


රාදිතා දැනගත්තා එක සැරයක් හේෂාන් ටනාෂියා එක්ක වැරදීමකින් පිසිකල් කනෙක්ෂන්ස් තිබ්බා කියලා. ඒ නිසාම රාදිතාට ඕනි උනා ආයෙමත් එහෙම දෙයක් නොවෙන්න, ටනාෂියා එක්ක කතා කරන්න.


"Hello.. ඔයා ටනාෂියා ජොස්ෆයින්ද ?"


ටනාෂියා ඉන්න ඔෆිස් එකට ගිහින් රාදිතා එහෙම අහද්දි ටනාෂියා ඔළුව ඇල කරලා බැලුවේ ඊළඟට ලංකාවෙන් මිස් යුනිවර්ස් යන්න ඉන්න කෙනා තමන්ගෙ ඉස්සරහා ඉන්නෙ කොහොමද කියලා.


"රාදිතා ෆර්නැන්ඩස් ?"


"Yes.. It's me."


"Come and take a seat."


"Thank you."


රාදිතා ටනාෂියාගෙ ඉස්සරහින් ඉඳගත්තා. එක දවසක් හේෂාන්ගෙ ඇඟේ තිබ්බ සලකුණක් දැකලා රාදිතා හැමදේකම අග මුල හොයා ගත්තේ හේෂාන්ගෙ ෆෝන් එකේ තියෙන ටනාෂියාගෙ නම්බර් එකෙන් ඩීටේල්ස් ගන්නකොට.


"ඔයා ආවේ එදා සිද්ධිය ගැන මං එක්ක කතා කරන්නද ?"


"ඔව්.. මම දැන ගත්තා ඔයා හේෂාන් එක්ක නයිට් එකකට ගියා කියලා."


"ඇත්තටම Sorry.. එයා එදා අන්කොන්ෂස් වෙලා හිටියේ. ඒකයි අපි අතර එහෙම දෙයක් උනේ."


"I know.. ඒත් මට හිතෙනවා ඒක ඔයා මං වෙනුවෙන් කරපු ලොකු උදව්වක් කියලා."


"What.. ඇයි එහෙම හිතන්නේ 😅."


ටනාෂියා එහෙම ඇහුවේ සමච්චලයට හිනා වෙලා වගේ. ඒ එක්කම රාදිතා ටනාෂියාගෙ ටේබල් එක උඩින් සල්ලි මිටියක් තිබ්බා. ඒක දැක්කම ටනාෂියා වියවුල් උනා. මොකද ටනාෂියාට හිතාගන්න බෑ රාදිතා මොකාට එන්න හදනවද කියලා.


"ඔයාට මතකද හේෂාන් එදා ඩ්‍රින්ක්ස් ගන්න හේතුව."


"ඔව් මට මතකයි. එයාගෙ Ex ලවර් එක්ක ගිවප් උන නිසානේ එයා එදා ක්ලබ් එකට ගියේ."


"ඔයා හරියටම හරි. ඒත් ඔයා දන්නවද මින්දි අමේලියාව ?"


"ඔව් මම ෆොටෝ වලින් දැකලා තියෙනවා එයාව."


"හ්ම්ම්.. එයා ආයෙමත් ලංකාවට ආවා. දැන් හේෂාන් ආයෙමත් එයා ගැන හොයනවා. හේතුව ඒ දෙන්නම එකම ඔෆිස් එකේ නිසා. හැබැයි මින්දි තාම දන්නෙ නෑ ඔයායි එයායි Blind Date එකකට ගියා කියලා."


"So ?"


"So මට ඕනි හේෂාන්ව එයාගෙන් ඈත් කරන්න. මොන හේතුවකට මම දන්නෙ නෑ හේෂාන් මට කැමති නෑ. ඒ නිසා මට මුකුත් කරන්න බෑ. ඒත් මම හිතනවා ඔයාට ඒක කරන්න පුළුවන් වේවි කියලා."


"මොකක්ද මගෙන් වෙන්න ඕනි ඔයාට ?"


"හේෂාන්ට මින්දිව අමතක වෙන්න, අපේ මැරේජ් එක වෙනකම් ඔයාට පුළුවන්ද එයා එක්ක එෆෙයා එකක් පටන් ගන්න ?"


"What ?"


ටනාෂියාට පුදුමයි රාදිතා කිව්ව දේ ගැන. සාමාන්‍ය කිසිම කෙල්ලෙක් කැමති නෑ තමන්ගේ ෆියන්ස් වෙන ගෑනු ළමයෙක් එක්ක සම්බන්ධකම් තියෙනවාට. ඒත් රාදිතාට ඒ ගැන සතයක වත් ගාණක් නැති වග ටනාෂියාට පෙනුණා.


"ඔයා ඉල්ලන ඕනිම ගාණක් දෙනවා මම. ඒකට ඔයාට කරන්න තියෙන්නේ හේෂාන්ව ඔයාගෙ පැත්තට නම්ම ගන්න එක. එයාව ඉන්ටොක්සිකේට් කරලා හරි ඔයා ළඟ තියාගන්න. පසුකාලීනව මේක මම හිමිහිට මින්දිට එළි කරනවා. ඊට පස්සෙ එයාට හේෂාන්ව එපා වෙන්න ගන්නවා. එතකොට මගෙ හැම ප්ලෑන් එකක්ම සක්සස් වෙනවා."


"හේෂාන් කියන්නේ ඔයාගෙ ෆියන්ස් නේද ?"


"Yeah.."


"එහෙනම් ඇයි ඔයා මෙහෙම එයාව වෙන ගර්ල් කෙනෙක්ට ලං කරන්න හදන්නේ 🙄 ?"


"මම එයාට ආදරේ නෑ. මට ඕනි එයාගෙ සල්ලි, එයාගෙ කම්පැනි එක, එයාගෙ වයිෆ් විදිහට ලේබල් වෙන්න විතරයි. ඉතින් එයා එක්ක කවුරු පිසිකල් කනෙක්ෂන්ස් තිබ්බත් මට අදාල නෑ. අනික ඒක සාමාන්‍යයිනේ Society එකේ. At least මට ඕනි එයාගෙන් මින්දිව ඈත් කරන්නයි, එයාව මින්දිට එපා කරවන්නයි."


"ඔයා නම් මාරම කෙනෙක් මිස් රාදිතා."


ටනාෂියා එහෙම කියලා සමච්චලයට වගේ හිනා උනා. රාදිතාට ඇන්ඩෲස් ඒ කාලෙම කියලා තිබුණේ යුවසිංහ ෆැමිලි එකේ අනාගත උරුමක්කාරයාගෙ අම්මා වෙලා මේ හැමදෙයක්ම තමන්ට අයිති කරගන්න විතරයි. නැතුව හේෂාන්ට ආදරේ කරන්නවත්, එයාව වෙන ගෑනු ළමයින්ගෙන් ආරක්ෂා කරන්නවත් නෙවෙයි.


"මොකද කියන්නේ ?"


"ඔයා හිතන තරම් ඒක ලේසි නෑ රාදිතා."


"Why ?"


"හේෂාන් මම හිතනවා වගේ බෝයි කෙනෙක් නෙවෙයි. එයා ටිකක් තදයි වගේම මුරණ්ඩුයි. එයාව මට එහෙම හැඬල් කරන්න බැරි වෙයි."


"ඉන්ටොක්සිකේට් කළොත් කොහොමද ?"


"ඩ්‍රග්ස් වලින්ද ?"


"ඔව්.. ඔයා ඩ්‍රග්ස් යූස් කරන කෙනෙක්නේ."


"හ්ම්ම්.. ඒත් එයාගෙ බොඩි එකට ඒක Harmful වෙන්න පුළුවන්. එයාට ලියුකේමියා තියෙනවා නේද."


"ඒක ප්‍රශ්නයක් වෙන එකක් නෑ. මට ඕනි කොහොම හරි මින්දිව එයාගෙන් අයින් කරන්න විතරයි."


"හ්ම්ම්.."


"මොකද කියන්නෙ ඔයා මේකට කැමතිද ?"


රාදිතා එහෙම අහද්දි ටනාෂියා සල්ලි මිටිය දිහා බලලා ටික වෙලාවක් කල්පනා කරා. ඒ වෙද්දි ටනාෂියාගේ හිතේ හේෂාන් ගැන ආදරයක් ඇති වෙලා ඉවරයි. ආදරයක් කිව්වට ඒකට ගැලපෙන නියම වචනය 'Lust' කියන එක.


"කොච්චර කාලයක්ද ?"


"මින්දිව ඉවරයක් කරන්න තමයි මගෙ ඩැඩී හිතන් ඉන්නේ. ඒත් හේෂාන් ඉක්මනින් ඔයාගෙ පැත්තට සිඩියුස් උනොත් ඒක කරන්න ඕනි වෙන එකක් නෑ."


"මම කැමති උනොත් ?"


"ඔයාට තව බෝනස් මම දෙන්නම්."


"Really ?"


"Yeah."


ටනාෂියා ආයෙමත් ටිකක් කල්පනා කරා. තමන්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කරගන්න හොඳම අවස්ථාව මේක නිසා කෙල්ල හිතුවා රාදිතාගෙ මේ තීරණයට එකඟ වෙන්න.


"මම කැමතියි ඒකට."


"හැබැයි ඔයාට බෑ එයාට ඕනෑවට වඩා ලං වෙන්න. ඒ වගේම එයාව යූස් කරන්න බෑ ඔයාගෙ දේවල් වලට. Do you understand that ?"


"හ්ම්ම්."


ඉතින් එදා ඉඳන් රාදිතා හිතුවා මේ ප්ලෑන් එක හරියයි කියලා. ඒත් වුණේ තව දෙයක්. හේෂාන්ට ආදරේ කරන්න පටන් ගත්තු ටනාෂියා රාදිතාගෙ රූල්ස් වලට පිටින් ගියා. ඒ වගේම එදා මින්දි ඒ දෙන්නා ඒ විදිහට හොටෙල් එකේ රූම් එකේ ඉන්නවා දැක්කේ ටනාෂියාගෙ වැරැද්දෙන්. ඒත් අතුරු ඵලයක් විදිහට ඒකෙන් රාදිතාගෙ බලාපොරොත්තුවත් ඉෂ්ට උනා.


°•°•°•°•°


"මාව මින්දිගෙන් ඈත් කරන්න කියලා ඔයා ටනාෂියා ලව්වා විකාර කරලා මාව මින්දිට එපා කරා. මින්දි කවද්ද දැනගන්නේ ටනාෂියා මට ඩ්‍රග්ස් දුන්නා කියලා. ඒකෙන් මම එයා ඉස්සරහා අන්කොන්ෂස් උනා කියලා. දැන් මින්දි දන්නේ මම ආසාවල් පස්සෙ දුවන මිනිහෙක් කියලා විතරයි. තමුන්ට ඒකනේ කරන්න ඕනි උනේ මට."


කල්පනාවෙන් පිටට ආපු රාදිතාට හේෂාන් කිව්ව දේ හොඳට ඇහුණා. කොච්චර කිව්වත් රාදිතා කවදාවත් තමාගේ වැරදි පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඒකට හේතුව එයා හැදුනේ විෂ වලින් පිරුණු මනුස්සයෙක්ගේ දුවෙක් හැටියට නිසා.


"දන්නවද රාදිතා. ඔයා මගෙන් පළිගත්තා. ඔයා මගෙන් පළි ගන්න සාර්ථකම ක්‍රමයක් හොයා ගත්තා. තමන් ආදරේ කරන කෙනා තමන්ව ප්‍රතික්ෂේප කරද්දි දැනෙන වේදනාව ඔයා මට මගෙ කකුල් දෙක ලඟටම ගෙනවිත් දුන්නා. මින්දි අදටත් හිතන් ඉන්නෙ මම, මාව කන්ට්‍රෝල් කරගන්න බැරි ජරා මිනිහෙක් කියලා."


"කොහොමද මම මේ ඇත්ත එයාට එළි කරන්නේ. ඔයා මෙච්චර කාලයක් මගෙන් හංගපු ඇත්ත, ඔයා එයාට කරපු දේවල් දැනුයි මම දැනගත්තේ කියලා මින්දිගෙන් සමාව ගන්නද. එයා නෙවෙයි, මේ දේවල් දන්න හැම කෙනෙක්ම මං ගැන දැන් වැරදි ප්‍රතිරූපයක් හදාගෙන ඉවරයි රාදිතා. ඒක තමයි ෆියන්සි විදිහට මම ඔයාට දුන්න ගෞරවයට ඔයා මට දුන්න ගෞරවය."


"මින්දි අද වෙනකම් කොච්චර අඬන්න ඇත්ද ඔයා කරපු දේවල් නිසා. ඔයා ටනාෂියා එක්ක ගහපු ප්ලෑන්ස් සේරම සක්සීඩ් උනේ මම හැම කෙනාටම හොඳ මනුස්සයෙක් වෙන්න ගිය නිසා. මගෙ තියෙන ඒ මනුස්සකමින් ඔයා ඔයාගෙ හැම ඩ්‍රීම් එකක්ම සක්සස් කරගන්නයි ට්‍රයි කලේ. හැබැයි ආයේ එහෙම දෙයක් වෙන්නෙ නෑ."


අහස් ආයෙමත් වතාවක් ඇවිත් හේෂාන්ව පිටි පස්සට ඇද්දේ රාදිතාගේ මූණ එන්න එන්නම වෙනස් වෙනවා දැකලා. ටික වෙලාවක් යද්දි බිම බලාගෙන හිටපු රාදිතා ඔළුව ඉස්සුවා.


"මින්දි ඔයාට මොනවද කලේ ?"


"ඔයා මහ ලොකුවට එයාට එයාගෙ ෆැමිලි එක හොයලා දුන්නට එයා ඔයා ගැන නිකමටවත් හොයලා බැලුවද. අම්මගේ ෆියුනරල් එකෙන් පස්සෙ ඔයා හොස්පිටල් ඇඩ්මිට් කරා. එයා ඔයාව නිකමටවත් බලන්න ආවද ?"


"ඔයා ඔය කියවන මින්දි ඔයාට ඔය තරම් ආදරෙයි නම් ඇයි දැන් ඇවිත් ඔයාට ආවතේව කරන්නෙ නැත්තේ ?"


රාදිතා එක දිගට ප්‍රශ්න වැලක් අහගෙන යද්දි හේෂාන්ට සමච්චලයට වගේ හිනා ගියා. මින්දිට අද වෙනකම් හේෂාන් ඇත්ත කිව්වෙ නැත්තේ ඒක එයාට දරාගන්න අමාරුවෙයි කියලා හිතපු නිසා. කවදා හරි මේ ගැන කියලා රාදිතා මින්දිව විවේචනය කරන බව කොල්ලා දැනගෙන හිටියා.


"ඇයි ඔයා මාව බලන්න ආවෙ නැත්තේ ?"


"මතකයිනේ එදා මට අමාරු උනාම මල්ලිට කියලා තිබ්බා ඔයා බිසී, ඕනි තරම් වැඩ තියෙනවා කියලා. එහෙම කරන ඔයාද මට මෙහෙම කියන්නේ ?"


මේ වතාවේ හේෂාන් ඇත්තම කතා කරද්දි රාදිතාගෙන් කිසිම සද්දයක් නෑ.


"ඉස්සර මම කොච්චර ටෙන්ශන් එකේ හිටියත් මින්දි මට හයියක් වුණා, එයා මං ගැන හොයලා බැලුවා. ඒත් ඔයා මොනවද කලේ. මට ලියුකේමියා කියලා දැන දැනත් ඔයා මං ගැන හොයලා බැලුවේ නෑ. මම වෙලාවට බෙහෙත් බොනවද, මගෙ Situation එක කොහොමද, මම රෙස්ට් කරනවද කියලාවත් ඔයා නිකමට හරි හොයලා බැලුවද. අඩුම තරමේ මගෙ ඔළුව අතගාලා වත් මාව සනසලා තියෙනවද ?"


"හැමදාම ඔයා ඇවිත් මාත් එක්ක ශොපින් කරන්න යන්න අහනවා, අරක කරමු මේක කරමු, අරක ගමු, අරෙහෙ යමු කියන වචන ටික විතරයි ඔයාගෙ කටේ තිබුනේ. මම ලෙඩෙක් කියලා ඔයාට ගාණක් වත් නෑ කියලා කොහොමද මම මගෙ තාත්තට කියන්නේ. නිකමට මගෙ රිපෝට් එකක් බලලා ඉදිරියට තියෙන ට්‍රීට්මන්ට් වලට මට හෙල්ප් කරන්නවත් හිතිලා තියෙනවද එක තත්පරේකට හරි ?"


"Because ඔයාටයි ඔයාගෙ ඩැඩීටයි ඕනි උනේ හේෂාන් යුවසිංහගේ කොටසක් වෙන්න මිසක් හේෂාන් යුවසිංහ මැරිලද ජීවත් වෙනවද කියලා හොයලා බලන්න නෙවෙයි. ඔයාලට ඕනි උනේ මගෙ ඕරා එක ඔයාටත් ගන්න. එහෙම නෙවෙයිද ?"


රාදිතාගේ නිශ්ශබ්දතාවය රැකුණේ එයා වරදකාරියක් නිසා. මොකද වරදකාරියෙකුට වාද කරන්න තවත් දේවල් ඉතුරු වෙලා නෑ ඇත්ත එළි වෙද්දි. ටික වෙලාවක් යද්දි හේෂාන් රාදිතාගෙ අඳුරු වෙලා තියෙන මූණට ලං උනා.


"මින්දි අද වෙනකම් දන්නෙ නෑ මට ලියුකේමියා කියලා. මම එයාට ඒක කියන්න ගියෙත් නෑ. කිව්වොත් එයාට ඒක දරාගන්න අමාරුයි. මොකද ඇත්තටම ආදරේ කරන මිනිස්සුන්ට තමන් ආදරේ කරන කෙනාව අහිමි වේවි කියලා සැකෙන් ජීවත් වෙද්දි සැනසීමක් ලැබෙන්නෙ නෑ. මම කැමති නෑ එයාගෙ සැනසීමට මගෙ ලෙඩේ බාධාවක් වෙනවට."


එහෙම කියපු හේෂාන් එයාගෙ කොණ්ඩෙට අත තියලා කෙස් ගස් අහුරක් ඇදලා අතට අරගත්තා. රාදිතා ජීවිතේ දැකලා තිබුණේ නෑ කෙනෙක්ගේ කොණ්ඩෙ මේ තරම්ම ගැලවිලා අතට එනවා.


"එයා කවදා හරි දැනගත්තොත් මගෙ කොණ්ඩෙ මේ තරම් යනවා කියලා, එයාට කොහොම වේදනාවක් දැනෙයිද. මම දන්නවා ඒ වේදනාව ඔයාට දැනෙන්නෙ නෑ. මොකද ආදයන වචනෙ තේරුම දන්න මිනිස්සු ළඟ විතරයි හැඟීම් තියෙන්නේ."


"ඉතින් ඔයා දැන් මට කියන්නේ මින්දි මං වෙනුවෙන් මුකුත්ම කලේ නෑ කියලද. ඔයාට සම්පූර්ණයෙන්ම වැරදිලා රාදිතා. මින්දි මගෙ ලෙඩේ ගැන නොදන්න තාක්කල් මට බලන එකක් නෑ. ඒක එහෙම තමයි වෙන්න ඕනි. මොකද මම එයාට නොකියා මැරිලා යන එක තමා හොඳම."


"හේෂාන්.."


ලිමිට් එක පැනලා කියන දේවල් අහන් ඉන්න බැරි නිසාම අහස් හේෂාන්ගෙ උරහිසින් ඇද්දා. අහස් කොටින්ම කැමති නෑ හේෂාන් එයාගෙ ලෙඩේ නිසා මේ වගේ දේවල් හිතනවාට වගේම කියනවාට. මොකද ඒක අහන් ඉන්න එකත් කොල්ලට වේදනාවක්.


"මේ ලෙඩෙන් මාව මැරිලා ගියත් ඔයාලට කවදාවත් දුකක් දැනෙන එකක් නෑ. අල්පෙනෙත්තක් ඇනුණ තරම් වත් වේදනාවක් ඔයාලට දැනෙන එකක් නෑ.. ඔයාලා වගේ අය...... අහ්.."


එකපාරටම හේෂාන් පපුවත් අල්ලගෙන බිමට නැවුණේ කැස්සක් ආපු නිසා. ඒ එක්කම එයාගෙ නහයෙන් ලේ එන්න පටන් ගත්තේ අහස්ගේ ඇඟත් එක්කම සීතල වෙද්දි. සාමාන්‍යයෙන් එයාට බෑ වැඩිය කතා කරන්න, ඒ වගේම මහන්සි වෙන්න. එතකොටයි මෙහෙම බ්ලීඩ් වෙන්නේ.


"හේෂාන්.. මොකද උනේ ?"


................................................... 🖤 ...


මෙතනින් එහාට මම මුකුත් කියන්නෙ නෑ..


Thank You So Much අද වෙනකම්ම හැමදෙයක්ම ඉවසගෙන බලාගෙන හිටපු හැමෝටම. ඒ වගේම ඉවසීමෙන් කතා කරපු කමෙන්ට් කරපු අයට. That's all. 🩶


Sachy Collins

Report Page