Spring is far away - 84 (Part 2)
Sachy Collins
ස්පීකර් එක ආයෙමත් ෆෝන් එක උඩින් තියලා මම බෑග් එක ලඟට ගියා. සේරටම කලින් ඇඳුම් ටික අස් කරන්න ඕනි කබඩ් එකට. ඒත් ඊටත් කලින් මම වොශ් එකක් දාගෙන නයිට් ඩ්‍රෙස් එකවත් ඇඳ ගන්න ඕනි. මේ ගවුම හිර කරන් ඉඳලා මට දැන් ඇති වෙලා.
ගවුමත් ගලවලා රොබ් එක ඇඳගෙන මම බාත්රූම් එකට ගියා. රෝස මල් පෙති පුරවපු ටබ් එක දැක්කම මට හිතෙන්නෙ ඒකට බහින්නමයි. ඒත් මෙවෙලෙ ශවර් එකෙන් වැටෙන වතුරෙන් හෝඳගෙන ගියොත් මගෙ ඇඟට ගුණයි. මොකද දැනටමත් නිකන් උගුර රිදෙනවා වගේ. මම ලංකාවෙන් එද්දි එහෙ තිබුණේ වැහි එක්ක සීත කාලගුණයක්. ඒත් එකපාරටම මෙහෙ දේශගුණය වෙනස් නිසා මගෙ උගුරත් වෙනස් වෙලා, ඇඟත් රස්නෙයි වගේ. උණ හැදුනොත් සේරම විනාසයි.
කොහොම හරි අවසානෙට ඇඟ හෝදගත්තා. ආයෙමත් රොබ් එක ඇඳගෙන මම එළියට ආවේ නයිට් ඩ්‍රෙස් එක දාගන්න කියලා. ඒත් එකපාරටම රූම් එකේ ලයිට් ගැස්සෙන්න ගත්තා. මට මතකයි මම බාත්රූම් එකේ ඉද්දිත් එතන ලයිට් එක තුන් පාරක් විතර ගැස්සුනා. සාමාන්‍යයෙන් මෙහෙම හොටෙල් එකක ලයිට් ගැස්සෙන්නෙ කොහොමද. එයාලා බලන්නෙ නැද්ද මේ ලයිට්ස් ගැන. එක්කො මෙතන මොකක් හරි භූත ප්‍රොබ්ලම් එකක් තියනවාද ?
"ඈව්ව්.."
ගැස්සිලා ගැස්සිලා එක පාරක් ලයිට් යන්නම ගියා. කළුවරේ මෙලෝ දෙයක් පේන්නෙ නැති නිසා මම අත් දෙකත් ගුලි කරගෙන ඇඳෙන් ඉඳගත්තා. ආයෙමත් තත්පර ගාණක් යද්දි ලයිට් ආවා. ඒත් ලයිට් එන්න එන්නම ඩිම් වෙනවා. අනේ ආයෙත් නම් කළුවර වෙන්න එපා, මම බයයි කළුවරට.
සලාං
එකපාරටම රූම් එකේ ඇඳ ළඟ තිබුණු බල්බ් එකක් ගිනි පුපුරක් විසි වෙලා බිඳිලා ගියා. ඒ එක්කම ආයෙමත් ලයිට් ගිහින් මුළු රූම් එකම අඳුරු වුණා. මේ පාරත් කලින් වගේම, තත්පර ගාණක් යද්දි ලයිට් එයි කියලා හිතුවට, ඇත්තටම ලයිට් ආවෙම නෑ විනාඩි පහක් විතර යනකම්. හොටෙල් සර්විස් එකට කෝල් කරන්න උනත් මට මෙලෝ දෙයක් පේන්නෙ නෑ. ඒ නිසා මම ඇඳටම වෙලා ඔහේ ඇස් පියාගෙන හිටියා.
"ස්ස්.. ස්ස්.."
බැල්කනිය පැත්තෙන් අමුතු සද්දයක් ආවා. මම ඉක්මනින් ඇඳෙන් නැගිටලා බැලුවේ කවුරු හරි ඉන්නවද කියලා. ඒත් එතන කවුරුත් හිටියේ නෑ. ඉතින් ආයෙමත් මම ඇඳ උඩට වෙලා ඇස් තදින් පියාගෙන නිශ්ශබ්දව හිටියා.
"ස්ස්.."
ආයෙමත් වතාවක් එහෙම ඇහුණු නිසා අම බැල්කනිය පැත්තට හැරුණා. ඒත් මේ වතාවෙ දැක්ක දේ නිසා මගෙ ඇඟම සීතල උනා වගේ. පේන ඡායාව ගහක හෙවනැල්ලක්ද කියලාවත් හරියට තහවුරු කර නොගත්තු මම කෑ ගහගෙන දොරත් කාඩ් එකෙන් ඇරලා එළියට දුවගෙන ගියා.
"අනේ මාව බේරගන්න."
දුවගෙන ගියපු මාව එකපාරටම ගලක් වගේ ශක්තිමත් ඇඟක ගිහින් වැදුණා.
"I'm sorry mister."
තත්පරයක් යන්නත් කලින් එයාගෙ ඇඟෙන් අයින් වෙලා මම රොබ් එක හදාගෙන ඒ මූණ දිහා බැලුවා. ලයිට් ඩිම් වුණ වෙලේ දැනුනට වඩා දැන් ඇඟ සීතල වුණා මගෙ ඉස්සරහා ඉන්න කෙනා දැකලා. සුදු පාට ශර්ට් එකට කළු පාට ඩෙනිමක් ඇඳලා, සුදු පාට ශූස් දෙක දාගෙන හිටගෙන ඉන්න මේ කෙනාට තිබුණේ හේෂාන්ගෙ මූණ. ඒත් කොහොමද එහෙම වෙන්නේ. එයා කොහෙද නිව් යෝර්ක් වල. නෑ මේ නම් මගෙ Ex උන හේෂාන් නෙවෙයි.
"Is there any problem ?"
........................................................... 🖤 ...
ප්‍රශ්නයක් තියෙනවද Readers 😁
මොකක්ද මෙතන මේ උනේ 🤔
Sachy Collins