Spring is far away - 80
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 80 | Stop this
මොනවා නැතත් තේෂාන්ට හේෂාන් ගැන ගොඩක් විශ්වාසයි. මොකද පොඩි කාලෙ ඉඳන්ම හේෂාන් එයාගෙ Dreams Achieve කරගන්න නොකරන දෙයක් නෑ. ස්ටඩීස් ඉවර උනාම හේෂාන්ට තිබුණ ලොකුම හීනේ කම්පැනි එක තමන්ගෙ අතට අර ගන්නයි මින්දිව මැරි කරන්නයි. එතනින් එක හීනයක් හැබෑ උනත් තවම ඉතුරු වුණ හීනයක් තියෙනවා. ඒ හීනෙත් හැබෑ කරගන්න හේෂාන් ඉහලින්ම උත්සහ ගන්න බව තේෂාන් දන්නවා.
"දැන් තාත්තාට මම මොකද කියන්නෙ අයියේ. මින්දි කිව්වට එයා උදව් කරන්නම් කියලා, තාත්තා මං ගැන Disappoint වෙයිද දන්නෑ."
"මම ඒක ගැන බලාගන්නම්. අම්මා වගේ නෑනෙ තාත්තා. එයාට තේරෙනවා ආදරයක් නැති තැන මැරේජ් එකක් සක්සස් වෙන්නෙ නෑ කියලා."
"එහෙනම් තාත්තා දන්නවා ඇති ඔයා රාදිතා අක්කට කැමතිත් නෑ කියලා 😦."
"ඔව්.. තාත්තා දන්නවා. ඒත් එයාත් ඇන්ඩෲස්ගෙ දැලට අහුවෙලා ඉන්නේ."
"සමහර විට එයා දැන ගත්තොත් මින්දියි ඔයයි ඒ කාලෙ ආදරේ කලා කියලා, එයා අනිවාර්යයෙන්ම ඒකට කැමති වෙයි."
"ඔව්.. තාත්තා අකමැති වෙන්නෙ නෑ කොහොමත් මින්දි අපේ පවුලට එනවා නම්. හැබැයි ෆර්නැන්ඩස් ෆැමිලි එක කැමති වෙන්නෙ නෑ කොහොමත් ඒකට."
"හ්ම්ම්.. වෙන දෙයක් හොඳින් සිද්ධ වෙයිනේ. එතනක් අපි බලන් ඉන්නවා."
"වුණේ නැත්තම් මම හරි බලෙන් හැම දෙයක්ම කරනවා."
කෝපි කෝප්පෙත් අරගෙන හේෂාන් එහෙම කියලා ගේ ඇතුලට ගියා. ඒ එක්කම යෙනුගියි තේෂානුයි දෙන්නත් ඇතුලට ගියා. හේෂාන් අහස් එක්ක එකතු වෙලා ගහන ප්ලෑන්ස් මොනාද කියලා හරියටම දන්නෙ නැති උනත් තේෂාන්ට අඩක්ම තේරිලා තියෙන්නේ හේෂාන් ඉදිරියට මොකක්ද කරන්න යන්නෙ කියලා. එයා මොන දේ කලත් මල්ලි විදිහට තේෂාන් එයාට ඕනිම දේකට උදව් වෙන්න බලාගෙන ඉන්නේ.
අලුත් දවසක් 🌞☁️🍃..
තැනින් තැනට නිල් පාට පොඩි මල් වැටුණු සුදුපාට දිග ඇඟට තද වෙන ගවුම ඇඳලා කොණ්ඩෙත් පීරලා මම ඉක්මනින් ගිහින් කාර් එකට නැග්ගා. හිතුවට වඩා පරක්කු උනා මට ලෑස්ති වෙන්න. දැන් හරියටම 8:33 යි. මීගමුවෙ තමයි දැන් හිරුෂාන්ගෙ වයිෆ් වුණ තිනුලි අලුතෙන් හම්බුණ හස්බනුයි කලින් බබායි එක්ක ඉන්නේ. මෙහෙ ඉඳන් ටික වෙලාවක් යනවනේ එහෙට යන්නත්.
"මැඩම්.. ශෝර්ට් කට් එකක් තියෙනවා. ඒකෙන් අපිට නිගම්බු වලට යන්න පුළුවන්."
ටවුන් එකෙන් වෙන පාරකට හරවලා ඩ්‍රයිවර් එහෙම ඇහුවා. මෙවෙලෙ නම් ශෝර්ට් කට් නෙවෙයි මට පියාඹලා උනත් යන්න පුළුවන් නම් මම යනවා. මොකද තිනුලි 12:00 වෙද්දි ශූටින් වලට යනවා කියලා ඈශ්ලිට මැසේජ් එකක් දාලා තිබුණා.
"කොච්චර වෙලා යයිද ?"
"පැය එක හමාරක් විතර."
"එහෙනම් ඒකට දාන්න."
ටික දුරක් ගිහින් රබර් වත්තක් තියෙන පාරකට අපි හැරෙව්වා. ග්ලාස් එකට හේත්තු වෙලා මම පහුවෙන රබර් වගාව දිහා බලාගෙන ගියා. ඉමක් කොනක් නොපෙනෙන තරම් දුරට දෙපැත්තෙන්ම තියෙන රබර් වතු දැක්කම හිතට පොඩි බයකුත් ආවා. ඒත් මොන දේ නැතත් මට එදා ඉඳන් මං එක්ක වැඩ කරන ඩ්‍රයිවර් විශ්වාසයි.
"අපි මේ හරි රෝඩ් එකේද යන්නේ ?"
"ඔව් මැඩම්."
"තෙල් තියෙනවද ඇති වෙන්න ?"
"ඔව් මැඩම් බය වෙන්න එපා. මම උදේම ශෙඩ් එකට ගිහින් තෙල් ගහගෙන ආවේ."
"හ්ම්ම්."
මම අනන්තවත් ෆිල්ම් වල දැකලා තියෙනවා මේ වගේ පාළු පාරවල් වල මැදින් යද්දි කාර් එක පෙට්‍රල් ඉවර වෙලා හරි, භූත ප්‍රශ්න නිසා හරි නවතිනවා. ඊට පස්සෙ ඩ්‍රයිවර්ටයි මටයි අඩු වයසින් මැරෙන්නයි වෙන්නෙ භූතයෙක් හරි ඇවිත් ඇටෑක් කළොත් එහෙම 🤷.
විනාඩි දහයක් 100 ට විතර ගියත් රබර් වත්ත ඉවර වෙන ලකුණු නෑ. ඉස්සරහා බලද්දි තව දුරට කළුවරට පාර තියෙනවා. ඔහොම ටික දුරක් ගිහින් රබර් වත්ත ඉවර වෙලා කහ පාට වෙලකට සෙට් උනා. වෙල තිබුණෙත් ටික දුරයි. ඊට පස්සෙ පොඩි දේවාලයක් හම්බුණා නුග ගහක් එක්ක. එතනින් එහාට රබර් වත්තටත් වඩා ගණ කැලෑවක්. වෙනස් වෙනස් ගස් වලින් හැදුණු කාර් එක ඇතුලට පවා රැහැයියන්ගේ සද්දෙ ඇහෙන තරමට ලොකු කැළෑවක්. එන්න එන්නම ඇඟට අමුතු සීතලක් දැනෙද්දි හිතෙනවා ඊලඟ පාර නම් ශෝර්ට් කට් තියා එක්ස්ප්‍රස් වේ වත් එපා කියලා.
Screak..
එකපාරටම කාර් එක බ්‍රේක් කරා. කල්පනාවක ගියපු මම බ්‍රේක් පාරට කල්පනාවෙන් මිදිලා ඇස් එහෙට මෙහෙට හරවලා වටේ හැම තැනම බැලුවා. වටේම රැහැයියන්ගේ හඬ විතරමයි ඇහෙන්නෙ. කාර් එකත් නැවතිලා.
"ඇයි මොකද උනේ ?"
"එකපාරටම බ්‍රේක් වැදුණා මැඩම්. කාර් එකේ මොකක් හරි අවුලක් උනා."
සාමාන්‍යයෙන් මගෙ කාර් එක ටෙක්නිකලි මොකක් හරි එරර් එකක් ආවොත් ඉක්මනින් බ්‍රේක් වැදිලා නවතිනවා. භූතයෙක් වත් රිංගුවද දන්නෙ නෑ කාබියුලේටර් එකටවත්. ඩ්‍රයිවර් කාර් එක දෙතුන් පාරක්ම ස්ටාර්ට් කරන්න හැදුවත් ඒක උනේත් නෑ.
"මැඩම් ඔහොම ඉන්න. මම පොඩ්ඩක් චෙක් කරලා බලන්නම්."
එහෙම කියපු ඩ්‍රයිවර් කාර් එකෙන් එළියට බැස්සා. දැන් 9:00 යි වෙලාව. හදිස්සි වැදගත් ගමනක් යද්දි තමයි කාර් එකත් පිස්සු නටන්නේ. මෙච්චර කල් හොඳට තිබ්බ මගෙ අලුත්ම කාර් එක. දැන් අයියා දැනගත්තොත් එහෙම කලබල වෙලා මාව හොයන්න දුවගෙන එනවා.
කාර් එක ඇතුළෙ ඉන්න බැරි නිසා මම එළියට බැස්සා. රැහැයියන්ගේ කෑ ගැහිල්ලට මගෙ කන් දෙක බීරි වෙන සයිස්. ඩ්‍රයිවර් කාර් එක චෙක් කරනවා. තවත් පරක්කු උනොත් මට තිනුලිව බලලා අනිත්පැත්තට එන්නයි වෙන්නේ. එයාට ඩයරි එක දීලා උන දේවල් කියන්නවත් වෙලාවක් නැති වේවි. කොහොමත් ගමනක් යද්දි මෙහෙම දේවල් වෙන්නෙ ගමන අසුභ නිසා කියලා මම වයසක මිනිස්සු කියනවා අහලා තියෙනවා. මේකත් එහෙම අසුභද දන්නෙ නෑ. මොකක් හරි හේතුවක් නිසා හරි.
"මොකද උනේ ?"
"එන්ජින් එකේ අවුලක් මැඩම්. කොච්චර ස්ටාර්ට් කරත් ස්ටාර්ට් වෙන්නෙ නෑනේ."
"එහෙනම් මම කාට හරි කෝල් කරලා එන්න කියන්නද ?"
"එහෙම තමයි කරන්න වෙන්නෙ මැඩම්. මේ ලඟ පාත ගැරේජ් එකක් වත් නෑනේ."
"හරි මම බලන්නම්."
මම එහෙම කියලා ෆෝන් එක අතට අරගත්තා. ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ ෆෝන් එකේ උඩ බාර් එකේ සිග්නල් නෑ කියලා රතු පාටින්ම රවුමක් වැටෙනවා. මගෙ අවාසනාව ගෙවිලා ගිහින් වාසනාව ආවත් තාමත් අවාසනාව කොටස් වශයෙන් එකේක වෙලාවට මතු වෙනවා වගේ. ඒත් කාට හරි කෝල් නොකර හිටියොත් මෙතන සදහටම තනි වෙන්නයි වෙන්නේ.
අයියට කෝල් එකක් අරගෙන මම ෆෝන් එක කනේ තියාගත්තා. කෝල් එක යන්නෙත් නෑ සිග්නල් නෑ කියලා සිංහලෙනුත් කියනවා. මේක මොන ජාතියේ ශෝර්ට් කට් එකක්ද. ඇයි ඩ්‍රයිවර් එවෙලේ යනවද නැද්ද අහද්දි මම යමු කිව්වේ. මගෙ තමයි සම්පූර්ණයෙන්ම වැරැද්ද, මේ භූත පාර තෝර ගත්තට. ඒත් දැන් මම මේ දේවල් ගැන හිතලා වැඩක් නෑ. ගමනේ ඉතුරු ටික යන්න ඉක්මනින්ම ක්‍රමවේදයක් හොයා ගන්න ඕනි. පාරෙ යද්දි අපිට හම්බුණේම බයික් තුනක් විතරයි. තවම වෙන එක වාහනයක් වත් හම්බ වුණේ නෑ උදව්වක් වත් ඉල්ලන්න.
❝ කණගාටුයි.. ඇමතුම සම්බන්ධ කල නොහැක. කරුණාකර ඔබගේ සම්බන්ධතාවය පරීක්ෂා කර පසුව අමතන්න ❞
එකපාරටම ඈතින් කළුපාට කාර් එකක් වේගෙන් අපේ පැත්තට එනවා මම දැක්කා. කාර් එක ලඟට එද්දිම ඩ්‍රයිවර් අත ඇල්ලුවේ ඒක නවත්තන්න හිතාගෙන. ඒ අස්සෙන් මට මේ ෆෝන් එක පොලේ ගහන්න හිතෙනවා. දාන මැසේජ් එකක් තියා ඩොට් එකක් වත් යන්නෙ නෑ.
"කෝල් එක ගන්න බෑ සිග්නල් නෑ. පුළුවන් නම් ඔය එන කාර් එක නවත්තන්න බලන්න."
"හරි මැඩම්."
මම කිව්ව නිසා ඩ්‍රයිවර් ආයෙමත් වතාවක් අත වැනුවේ කාර් එක වේගයෙන්ම අපි ලඟට එද්දි. ඩ්‍රයිවර්ගෙ ඒ අත වැනිල්ල දැකලද කොහෙද කළු පාට කාර් එක නතර කලා අපි ඉස්සරහා. ඒ එක්කම මගෙ ෆෝන් එකට මැසේජ් එකක්. ඒක බලන්න මම ආයෙමත් කැලේ පැත්තට හැරුණා.
"මොකද උනේ ?"
"......"
ඒ හුරුපුරුදු කටහඬ අඳුගන්න මට වැඩි වෙලාවක් ගියේ නෑ. ඉතින් මම ෆෝන් එක අතේ තියාගෙන තත්පරයක් යන්නත් කලින් හැරිලා බැලුවා එයා දිහා. ලා නිල්පාට ඉරි ටයි එකක් දාලා කළු පාට කිට් එකක් ඇඳලා ඉද්දි එයා හරි ලස්සනට පෙනුණා. ඒත් එයා දැකපු වෙලේ ඉඳන් මගෙ බඩේ දැවිල්ලක් හැදුණා වගේ. ඒ නිසාම මම අනිත්පැත්තට හැරුණා.
"Sorry සර්.. මම හිතුවෙ නෑ සර්ගෙ කාර් එක කියලා."
"ඒකට කමක් නෑ.. මොකද වෙහිකල් එකට උනේ ?"
"එන්ජින් එකේ අවුලක් සර්. ස්ටාර්ට් වෙන්නෙ නෑ. මැඩම් මහීක සර්ව කන්ටැක් කරගන්න හැදුවත් මෙහෙට සිග්නල් නෑ කිව්වා."
ඩ්‍රයිවර් එහෙම කියද්දි එයාගෙන් කිසිම සද්දයක් නෑ. ටිකකින් මට ඇහුණා එයාගෙ සපත්තු දෙක තාර පාරේ වදින සද්දේ. ඒ ගැන ගණන් නොගෙන මම තව දුරටත් අක්කටයි අයියටයි දෙන්නටම කෝල් අරගත්තා. මේ වතාවෙත් සිග්නල් නැහැයි කියලා වැටෙනවා. දැන් නම් මට ඇති වෙලා තියෙන්නේ. අල්ලලා ගහන්න හිතෙනවා මේ ෆෝන් එක පොළවේ, කුඩු වෙලා යන්න.
"Sh!t."
ෆෝන් එක උස්සලා බිමට හයියෙන් දමලා ගහන්න හදද්දිම මගෙ අත එයාගෙ අතින් නැවතුණා. තව තත්පර ගාණක් යද්දි එයා මගෙ අතින් ඇදලා මාව එයාගෙ පැත්තට හරවගත්තා. මම දන්නවා. මම උදව් ගන්න ආසම නැති කෙනෙක් තමයි එයා. මොකද ආයෙමත් එයාගෙන් උදව් ගත්තොත් මම සදහටම එයාගෙ ණයකාරියක් වේවි.
"ෆෝන් එක පොළවේ ගැහුවට සිගන්ල් එන්නෙ නෑ."
මගෙ මැණික් කටුවෙන් අල්ලගෙන එයා ෆෝන් එක අරගත්තා. ඒත් එයා කොහෙද මෙහෙ. සාමාන්‍යයෙන් එයා නිගම්බු යන්නේ අම්මට සාරි ගන්න විතරයි. දැන් අම්මා නැති එකේ එයා බිස්නස් වැඩකටද එහෙ ගිහින් තියෙන්නේ ?
"ඔයා කොහෙද මෙහෙ ?"
"නිගම්බු වල ෆැක්ට්‍රි එකක ඕපනින් එකට මට ඉන්වයිට් කරලා තිබුණා. ඒකට ගියා."
"එහෙමද."
එයා මගෙ අතට ෆෝන් එක දුන්නා. ඩ්‍රයිවර් මගෙ දිහා බලන් ඉන්නෙ මට හේෂාන් එක්ක මේ ගමන යන්න කියනවා වගේ. ලේසියකට මේ පාරෙ වාහන යන්නෙත් නෑනේ. විනාඩි දහයටම ගියේ එයාගෙ කාර් එක විතරයි.
"ඔයා කොහෙද යන්නේ ?"
"ෆ්‍රෙන්ඩ් කෙනෙක්ගේ ගෙදරකට."
"කොහෙද තියෙන්නේ ?"
"නිගම්බු වල, ටවුන් එකෙන් ටිකක් ඇතුලට."
"එන්න මාත් එක්ක යමු."
"ආ ?"
මම කොහොමද එයා එක්ක යන්නේ. දැනටමත් මගෙ බඩ ඇතුලේ සමනල්ලු පියාඹනවා වගේ දැනෙනවා. එයා එක්ක නිගම්බු වලටම ගියොත් ඒ සමනල්ලු ටික මගෙ බඩ වැල් වල ඉඳන් කාලා දාවි. එතකොට ඊනෝ බීලාවත් හොඳ කරගන්න බැරි වේවි මේ දැවිල්ල.
"ඔයා දැන් ගෙදර යන ගමන් නේ."
"කමක් නෑ. දැන් ආයෙ වෙන අයව ගෙන්නන්නත් මෙහෙට සිග්නල් නෑ. මම ඔයාව එහෙට එක්ක යන්නම්."
"ඒත්.."
"අකමැති නම් කියන්න. මම යන්නම්."
එයා එහෙම කිව්වේ වෙනදා වගේම රවාගෙන. මම දන්නවා ඔයා තවමත් මං ගැන හොයලා බලනවා, මගෙ පරිස්සම ගැන හිතනවා. ඒත් මට හිතාගන්න බෑ ඔයාට මෙහෙම ලං වෙන එක මගෙ ප්‍රතිරූපයේ ශක්තිමත් බවට හානියක් වේවිද කියලා.
"එතකොට මගෙ ඩ්‍රයිවර් ?"
"ඉෂාන් ඉන්නවා කාර් එකේ. මම එයාවත් මෙතනින් දාලා යන්නම්. නිගම්බු වලට ගියාට පස්සෙ මම මෙකනිකල් කෙනෙක් මෙතෙනට එවන්නම්."
"ඒත් ඔයාට වැඩ ඇති."
"නෑ.. මම අද ෆ්‍රී."
එහෙම කියපු එයා කාර් එක ලඟට ගියා. දොළහ වෙන්න කලින් තිනුලි බලන්න යන්න ඕනි නිසා මට වෙන ගන්න ඔප්ෂන් එකක් නෑ. අනික එයා මාව කැමැත්තෙන්ම එක්ක යනවා නම් මම අදි මදි කරන්න ඕනිත් නෑ.
"ඉෂාන්.. ඔයා මෙයා එක්ක මෙතනින් ඉන්න. මම සිග්නල් සෙට් උනොත් කෝල් කරලා මෙකනිකල් කෙනෙක් එවන්නම්."
"කමක් නැද්ද සර්. සර්ට මහන්සි ඇති."
"කමක් නෑ."
එයා ඉෂාන්ගෙන් කාර් එකේ කී එක ඉල්ලගෙන කාර් එක ලඟට ගියා. තවත් වෙලා බලන් ඉන්නෙ නැතුව මම මගෙ හෑන්ඩ් බෑග් එකත් මගෙ කාර් එකෙන් අරගෙන එයාගෙ කාර් එක ලඟට ගියා. එතන ඉඳන් මගෙ කාර් එක දිහා හැරිලා බලද්දි මට හිතුනෙම ඒකට හොඳ පයින් පාරක් ගහන්න. මොකද මේ කාර් එකට පිස්සු නටන්න ඕනි උනේම මේ වගේ භූත පාරක. අවසානෙට ඒකෙන් උනේ මට ඉන්න අපහසුම කෙනා එක්ක ගමනේ ඉතුරු ටික යන්න.
"Let's go."
මම එයාට එහෙම කියලා කාර් එකට නැග්ගා. තියෝන්ට නම් කියන්න හොඳම නෑ අද මම හේෂාන් එක්ක ගියා කියලා. නැත්තම් ඒකටත් ඇනුම් පද කියලා මගෙ තරහා අවුස්සලා දායි.
ටික වෙලාවක් යද්දි අපි මේ භූත පාරේ කැළෑව පහු කරා. හැබැයි ඉස්සර වගේම එයා වන් හෑන්ඩ් ඩ්‍රයිවින් වගේම හයි ස්පීඩ්. කොහොමත් ඒ කාලෙ ඉඳන් එන ඒවා කවුරු කිව්වත් වෙනස් කරන්න බෑනේ. ඒ කාලෙ නම් කී වතාවක් මම කියලා තියෙනවද කාර් එක තියෙන්නෙ දෙසීයට පාගන්න නෙවෙයි කියලා. රාදිතා නම් කවදාවත් කියන්නෙ නැතුව ඇති ඒක. මොකද එයාට අදාල නෑනේ හේෂාන්ගෙ ඩ්‍රයිවින් ස්පීඩ් එක. එයාට අදාලම හේෂාන්ගෙ සල්ලියි කම්පැනි එකයි විතරයි.
"එදා රාදිතා කරපු දේට මම ඔයාගෙන් සමාව ඉල්ලනවා මින්දි."
"ඔයා මගෙන් සමාව ඉල්ලලා හරි යන්නෙ නෑ හේෂාන්. එයයි මගෙන් සමාව ගන්න ඕනි."
"ඔව්.. ඒත් එයා එහෙම කෙනෙකුත් නෙවෙයි. ඔයා කිව්වට එයාව හදාගන්න පුළුවන් කියලා, මම තේරුම් ගත්තා එයාව කාටවත් හදන්න පුළුවන් කෙනෙක් නෙවෙයි කියලා."
"එයාගෙ ඩැඩී ඉන්නකම් එයා හැදෙන්නෙ නෑ. එයාගෙ ඩැඩීගෙ වචනෙන් පිට යන්නෙත් නෑ."
"ඒක හරි. ඒත් ඒක ඔයා මට එවපු එකක්. එහෙම එකේ එයාට ඒ වගේ දෙයක් කරන්න කිසිසේත්ම අයිතියක් නෑ."
එයා එහෙම කියද්දි මම දිහ හුස්මක් පිට කලා. රාදිතාව ඔයාට තියා එයාගෙ තාත්තටවත් හදාගන්න බැරිවෙයි හේෂාන්. මොකද රාදිතා දැන් සම්පූර්ණයෙන්ම ටොක්සික් කෙල්ලෙක් වෙලා. එයා දැන් ඉන්නෙ මර්ඩර් එකක් උනත් කරන තත්වෙක.
"අපි ආයෙ ඒ ගැන කතා නොකර ඉමු හේෂාන්."
"හ්ම්ම්."
බෑග් එක ඔඩොක්කුවේ තියෙද්දි මම ග්ලාස් එකෙන් ඔළුව තියා ගත්තා. ඉස්සෙල්ලා බඩේ දැවිල්ලක් ආවට මට දැන් පොඩි සැනසීමක් දැනෙනවා AC එකටද කොහෙද. විශේෂයෙන්ම මම භූත පාර නිසා බය වෙලානේ හිටියේ. ඉතින් නිගම්බු වලට තව දුර තියෙන නිසා මම එහෙම්ම ඇස් පියා ගත්තා. ටික වෙලාවක් යද්දි මට කොහෙවත් නැති නිදිමතක් ඇවිත් ඇස් සම්පූර්ණයෙන්ම වැහිලා ගියා.
විනාඩි හතලිස් පහක් විතර ගියා..
ආයෙ ඇස් අරිද්දි කාර් එක නතර කරලා මාලිගාවක් වගේ ගෙදරක් ඉස්සරහා. මගෙ උකුලෙ තිබ්බ පොඩි හෑන්ඩ් බෑග් එකත් කාර් එකේ ඩෑෂ් බෝඩ් එක උඩ. අපි දැන්ද කොහෙද තිනුලිගෙ ගෙදරට ආවේ. ඒත් පොඩ්ඩක් ඉන්න. එයා කොහොමද හරියටම දන්නෙ මම යන්න ඕනි තැන. ඒ ගැන නොදැන එයා කොහොමද හරියටම තිනුලිගෙ ගේ ඉස්සරහින් නැවැත්තුවේ ?
"මේ කොහෙද ?"
"තිනුලි රුහස්නා රත්නසිරි කියන ඇක්ට්‍රෙස්ව හොයාගෙන නේද ඔයා ආවේ ?"
මගෙ දිහා බලලා එයා එහෙම ඇහුවා. කොහොමද මෙහෙම වෙන්නේ. ඒ කියන්නෙ හේෂාන් මගෙ ෆෝන් කෝල්ස් අහන් ඉඳලද, නැත්තම් මගෙ ගෙදර රෙකෝඩර්ස් හයි කරලා මම කියන ඒවා අහන් ඉන්නවද. මේක නම් හරි පුදුමාකාර නැවතුමක්.
"ඔ..ඔයා කොහොමද ඒක දන්නේ ?"
"ඔයාගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා ඇසිස්ටන්ට්ගෙන්. එයා එවලා තිබුණ ලොකේශන් එක මේක."
ඒ කියන්නෙ එයා මගෙ ෆෝන් එකට ආපු මැසේජ් එක බලලා. පුදුමයක් නෙවෙයි මගෙ ෆෝන් එක තිබ්බෙ බෑග් එකේ නෙවෙයි, ඩෑෂ් බෝඩ් එක උඩ. එයා මෙතෙනට එනකම්, මැසේජ් ආවත්, යන තැන නොදන්නවා උනත් මාව නැගිට්ටෙව්වෙ නෑ. ඒ මදිවට එයා මගෙ බෑග් එක පවා අයින් කරලා ඩෑෂ් බෝඩ් එක උඩින් තියලා. එයා එහෙම කලේ බෑග් එක මගෙ උකුල උඩ තිබ්බොත් මගෙ නින්දට බාධාවක් වෙයි කියලා වෙන්න ඇති. ඒත් ඇයි ?
ඒත් ඇයි එයා මාව අතෑරියට පස්සෙ මගේ ගැන හොයන්නේ. මගෙ ආරක්ෂාව, සුවපහසුව ගැනම බලන්නෙ ඇයි එයා. ටනාෂියා එක්ක Physically ලං උන එයාට ඇයි මට වටිනාකමක් දෙන්න හිතුණේ. මේ හැමදෙයින්ම එයා කියන්නෙ, තාමත් මට ඉස්සර වගේම ආදරෙයි කියලද. ප්‍රශ්න දාහක් මගෙ ඔළුව වටේ කැරකෙද්දි මම නිහඬතාවය රැකගෙන කාර් එකෙන් පිටට ඇවිත් දොර වැහුවා.
"ඇයි ඔයා මේ වගේ තැනකට එන්න හිතුවේ ?"
බ්ලේසර් එක ගලවපු එයා, ඒක කාර් එක ඇතුලේ ශීට් එකකට විසි කලා. සුදු පාට අත් දිග ශර්ට් එකට කළු කලිසම ඇඳලා ලා නිල්පාට ඉරි ටයි එක දැම්මම එයාට අමුතුම ඩීසන්ට් ලුක් එකක් තියෙනවා මම අදමයි දැක්කේ. ඉනටත් අත් දෙකම ගහගෙන එයා දිග හුස්මක් හෙළුවා.
"මට යුතුකමක් තියෙනවා. ඒක මම අද ඉවරයක් කරන්නම ඕනි."
"අර බෝයිටද ?"
"කාටද ?"
"මගෙ කුරුණෑගල හොටෙල් එකේ ග්‍රවුන්ඩ්ස් කීපර්ට හිටපු හිරුෂාන්ට සාධාරණයක් ඉෂ්ට කරන්නද ඔයා මේ ගමන ආවේ ?"
දැන් නම් මගෙ ඇඟත් එක්ක සීතල වෙලා. එයා මම නොදන්නවා උනාට ගොඩාක් දේවල් දැනගෙන. සමහරවිට මම යන එන තැන් එයා ඒ කාලෙ හොයපු නිසා අදටත් මතක ඇති. අනික හිරුෂාන් එයාගෙ හොටෙල් එකකනේ වැඩ කලේ. ඒකත් කුරුණෑගල බ්‍රාන්ච් එකේ. එහෙව් එකේ එයා නොදන්නවා වෙන්න බෑනේ.
"එයා ගැන කියන්නද යන්නෙ ඔයා ?"
"හ්ම්ම්."
"මම හිතන්නෙ නෑ මිසිස් රත්නසිරි ඒක ගැන එච්චර හොයලා බලයි කියලා."
"කමක් නෑ. මේ ඩයරි එක මම එයාට දෙන එක යුතුකමක්. මොකද හිරුෂාන්ගෙයි මගෙයි අතර තිබුණේ හිතවත්කමක් නෙවෙයි. එයා මට මගෙම සහෝදරයෙක් වගේ. ඉතින් එයාගෙ මරණයට මම සාධාරණයක් කරන්න ඕනි."
"මල් වත්තක ලස්සනම මල ඉක්මනින්ම කවුරු හරි විසින් කඩනවා. අන්න ඒ වගේ හොඳ මිනිස්සු තමයි ඉස්සෙල්ලාම දෙවියන්ගෙ තේරීම වෙන්නෙ, ඒ අයව තමා ලඟට ගන්න දෙවියන්ට හැම වෙලේම උවමනායි. ඉතින් ඒ වගේ දෙවියෝ හිරුෂාන්වත් තෝරගන්න ඇති."
එයා අද වෙනස්. වෙනදට කට කොනින් හිනා වෙලා මට ඇනුම් පදයක් කියන එයා අද සීරියස් අරන් කතා කරන්නෙ ලෙඩ නිසා ජීවිතේ කළකිරීමක් ඇති වෙලා නිසාද. ඒ කොහොම උනත් මම එයාගෙන් මෙහෙම දෙයක් අහන්න බලාපොරොත්තු උනේ නෑ. විශේෂයෙන්ම හේෂාන් යුවසිංහ කියන්නෙ මෙහෙම දුර්වල වෙලා වගේ කතා කියන කෙනෙක් නෙවෙයි.
"පරක්කු වෙන්න එපා. ගිහින් කතා කරන්න එයා එක්ක."
"එතකොට ඔයා ?"
"මම මෙහෙන් ඉන්නම්."
"ඔයත් එන්න මං එක්ක. එළියෙ ඉන්න එපා."
මට බෑ එයාව එළියෙ තියන්න. විශේෂයෙන්ම වැහි අඳුරක් තියෙනකොට. මට බයයි මම ආදරේ කරන එයා මම නැතිව තනිවෙලා කුණාටුවකට අහුවෙයි කියලා. මොකද තනිවුණ වෙලාවක කුණාටුවකට අහු උනොත් එයාට මම ඕනිමයි ඒකෙන් බේරෙන්න. අවුරුදු අටක් එයාට ලං වෙලා ආදරේ කරපු මම එයා ගැන හොඳටම දන්නවා. එහෙව් එකේ තව මොන කතාද.
අපි ගෙදර වරෙන්ඩා එක ඉස්සරහට ගිහින් බෙල් එක ගැහුවා. ඒ එක්කම ගෙදර වැඩට ඉන්න කෙනෙක් දුවගෙන ආවා. මගෙ දිහා බැලුවට එයාගෙ ඇස් වල පුදුමයක් තිබුණෙ නෑ. ඒත් මට එහා පැත්තෙ ඉන්න ලංකාවෙ නම්බර් වන් බිස්නස්මන් වුණ හේෂාන් යුවසිංහව දැක්කම ඒ ගෑනු ළමයා කලන්තෙ දාන තරමට පුදුම වෙලා. එයා හිතන්න නැතුව ඇති. හේෂාන් තමන් ඉස්සරහට ඒවි කියලා.
"මිසිස් රත්නසිරි ඉන්නවද ?"
"ඔ..ඔව් සර්. එන්න ඇතුලට."
හේෂාන්ව දැක්කා විතරයි ඒ ගෑනු ළමයාට මාවත් අමතක උනා. එයා අපිට එන්න කිව්ව නිසාම අපි දෙන්නා ගිහින් සාලෙ මැද්දෙන් හිටගත්තා. ටික වෙලාවක් යද්දි තිනුලි කිව්ව ගෑනු ළමයා අපි ඉස්සරහට ආවා. සුදුම සුදු හමක් තියෙන, දිග කළු පාට කොණඩයක් තියෙන, සාමාන්‍ය උස මහත කෙනෙක්. ඒ උනාට මම දැකලා නෑ මෙයාව ටීවී එකෙන් වත්.
"සර්.."
හේෂාන්ව දැක්ක පාර තිනුලි එයා ලඟට ගියා. සමහරවිට මේ එයාගෙ කලින් බොස් නිසා එයාලා එකතු ඇති. ඒ දෙන්නා කතා කරනවා බලාගෙන මම ඔහේ හිටගෙන හිටියා ලිවින් රූම් එක වටේ වෝල් ටිකේ එල්ලලා තියෙන ෆොටෝ දිහා බල බල. එයාගෙ අලුත් හස්බන්ඩ් හරි ලස්සනයි. ඒත් හිරුෂාන් තරම් නෑ. බබාගෙ මූණ එච්චර හොයන්න බෑ, මොකද මට දුර පේනවා අඩුයි. අනික බබාගෙ පොඩි කාලෙ ෆොටෝ තියෙන්නේ.
"ඉඳගන්න සර්."
එයා මටත් එක්ක සෝෆා එක පෙන්නලා ඉඳගන්න කිව්වා. ඉතින් හේෂානුයි මායි දෙන්නම එකම සෝෆා එකේ කොන් දෙකේ වාඩි වුණා. මගෙ බෑග් එක ඇතුලේ තියෙන ඩයරිය මට මෙයාට දෙන්න හිතයි දැන්ම. ඒත් තාම දැන අඳුන ගත්තෙවත් නෑනෙ අපිව.
"මේ මින්දි අමේලියා. ඔයාලා ක්ලෝතින් කරන්නේ මෙයාගෙ බ්‍රෑන්ඩ් එකෙන්."
"වාව්.. එහෙමද.. එහෙනම් Nice to meet you මැඩම්."
"Nice to meet you too."
හේෂාන් මාව එයාට අඳුන්වලා දුන්නා. උඩ තට්ටුවෙන් මට සැරෙන් සැරේට එකේක සද්ද ඇහෙනවා. සමහරවිට බබා අද ස්කූල් යන්න නැතුව ඇති. එයා උඩ දඟලනවා ඇති.
"සර් ඇයි මේ වෙනදා නැතුව මෙහෙ ඇවිත් 🤔."
"මට නෙවෙයි.. මින්දිට ඕනි උනේ ඔයාව මීට් වෙන්න."
හේෂාන් එහෙම කියද්දි තිනුලි මගෙ මූණ දිහා බැලුවා. එයා මාව දැකලා තිබුණෙ නෑනෙ මම එයාව ෆොටෝ එකකින් හරි දැකලා තිබුණට. ඒ නිසාම එයා මගෙ දිහා අමුතු විදිහට බැලුවේ කොහොමද මම එයාව දන්නෙ කියලා අහන්න වගේ.
"ඔයා දැනගන්නම ඕනි දෙයක් කියන්නයි මම ආවේ."
"මොන වගේ දෙයක්ද ?"
"ඔයාගෙ Ex හස්බන්ඩ් ගැන."
මම එහෙම කියද්දි තිනුලිගෙ මූණෙ තිබ්බ හිනාව නැති වෙලා ගියා. ඒ කියන්නෙ එයා අකමැතියි හිරුෂාන් ගැන මතක් කරන්නවත්. ඒත් මේක නොකියා ඉන්න බෑ මට තව දුරටත්.
"ඇයි.. එයාට අමාරුයිද ?"
"නෑ."
"එහෙනම්."
"මීට අවුරුදු එක හමාරකට කලින් එයා නැති උනා."
"මොකක් 😧."
මම හිතුවෙවත් නැති Expression එකක් එයාගෙ මූණෙ තිබුණා. හරියට නිකන් හිරුෂාන්ගෙ මරණය ගැන අහලා හිතට වේදනාවක්, අනුකම්පාවක් දැනුණා වගේ. ඒත් මෙච්චර කල් ඒ අහිංසකයාව බලන්න ආපු නැති හිතක් පපුවක් නැති මේ ගෑනු ළමයා දැන් මොන හේතුවකට දුක් වෙන්නද.
ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---80-Part-2-01-20
කියවන හැමෝම රියැක්ට් එකක් දාන් යන්න හොඳේ 🖤
Sachy Collins