Spring is far away - 79
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 79 | Thank you so much
"මම දන්නවා. එදා අම්මා ඔයාට මාව ප්‍රපෝස් කරපු නිසයි ඔයා ඒකට කැමති උනේ. ඒත් ඔයා දැන් ඇත්තටම එදා කිව්වා වගේම මාව මැරි කරන්න කැමතිද මින්දි ?"
එයා මගෙ මූණ දිහා බලාගෙන එහෙම අහනවා. මට ඒ මූණ දිහා බලාගෙන 'නෑ' කියන්න හිත දෙන්නෙ නෑ. ඒත් ඇයි මම යථාර්ථයට පටහැනිව වැඩ කරන්නේ. මගෙ මනස ඇතුලාන්තය තේෂාන්ව හස්බන්ඩ් විදිහට බාරගන්න අකමැති නම් ඇයි මම වෙන අයව සතුටු කරන්න මගෙ සතුට නැති කර ගන්නේ. දැන් වත් ඇත්ත කියන්න මින්දි. නැත්තම් මේ මැරේජ් එකෙන් ඔයාටයි තේෂාන්ටයි දෙන්නටම දුක් විඳින්න වෙනවා. සමහරවිට මේක ඔයාට දෙවියන් වහන්සේ දුන්න එක අවස්ථාවක් වෙන්න ඇති, මේ බොරුවෙන් මිදෙන්න. ඉතින් ඒ අවස්ථාව මෝඩයෙක් වගේ මග හැරගන්න එපා මින්දි.
"නෑ."
මම එහෙම කියද්දි තේෂාන් මගෙ මූණ දිහා බැලුවා. නොසන්සුන් වුණ හිත පාලනය කරගන්න මම අහක බලාගෙන හුස්ම ගත්තේ හරි වේගෙන්. මම දුන්න උත්තරෙන් එයාගෙ හිත රිදුනොත් මටමයි පව් සිද්ධ වෙන්නේ.
"ඇත්තටම ?"
"මම.. ඒක.. මේ.."
"නෑ මින්දි. මට මේ පාර ඇත්තම කියන්න. මොකද මම ආස නෑ බොරු කියන මිනිස්සුන්ට."
එයා එහෙම කියද්දි මම මගෙ අත් දෙක එකට ගුලි කරගත්තා. මේ මැරේජ් එක නවත්තන්න මට ලැබුණු මේ චාන්ස් එක මම මග හැරගන්න ඕනි නෑ. මොකද මේක මගේ ජීවිතේ. දැන් නුවන්ති අම්මා නැති එකේ මේ ගැන කවුරුත් කෙයා කරන එකක් නෑ. ඒත් තාත්තා දුක් වෙයිද මගෙ තීරණයට. නෑ නෑ තාත්තා කවදාවත් මම කියන දේ අවිශ්වාස කරන, නොපිළිගන්න කෙනෙක් නෙවෙයි. එයා මගෙ තීරණයට එකඟ වෙයි. මොකද එයත් මට එයාගෙ දුවෙකුට වගේ ආදරෙයි.
"මම කැමති නෑ මේ මැරේජ් එකට."
"ඒකද ඔයාගෙ ෆයිනල් ඩිසිෂන් එක ?"
"ඔයා කැමති නම් විතරක්."
"මමත් කැමතියි ඒ ඩිසිෂන් එකට."
මේක පුදුම කතාවක්. එයා මේ වගේ දෙයක් කියයි කියලා මම කීයටවත් හිතුවෙ නෑ. හිත පතුලෙ කෑ ගහන්න තරම් සතුටක් ඇති වෙද්දි ඒක පිටට නොපෙන්වලා මම නිහඬව එයාගෙ මූණ දිහා බලන් හිටියා.
"දැන් ඔයා නිදහස් මින්දි. ආයෙ අපි ලං වෙන්න ට්‍රයි කරන්න ඕනි නෑ කවදාවත්ම."
එහෙම කියපු තේෂාන් බෙන්ච් එකෙන් නැගිට්ටා. එයා කාර් එක ලඟට යන්න හදද්දිම මම එයාගෙ අතින් අල්ලලා නවත්ත ගත්තා. මම කියපු දෙයින් එයාගෙ හිත රිදුනාවත්ද එයා මෙහෙම කියලා එකපාරටම හැරිලා යන්න හැදුවේ ?
"I am so sorry තේෂාන්.. ඔයාගෙ හිත රිදුනද මම කිව්ව එකට."
"නෑ මින්දි. ඔයා මටත් සාධාරණයක් කලා. ඒකට මට සතුටුයි."
"මොකක්ද ඔයාට මම කරපු සාධාරණේ. මමයි තේෂාන්, මේ මැරේජ් එකට කැමති නෑ කිව්වේ. ඉතින් ඔයාට ඒක සාධාරණයක් වෙන්නෙ කොහොමද ?"
"ඒක සාධාරණයක් තමයි."
එහෙම කියපු තේෂාන් කාර් එක පැත්ත බැලුවා. කළු පාට කාර් එකේ ෆ්‍රන්ට් ඩෝර් එකක් ඇරගෙන ලස්සන ගෑනු ළමයෙක් එළියට එනවා මම මගෙ ඇස් දෙකට දැක්කා. ඒ කියන්නේ මේ ඉන්නෙ තේෂාන්ගෙ අලුත් ගර්ල්ෆ්‍රෙන්ඩ්ද. එයා අර මැරුණු ගෑනු ළමයා ගැන අමතක කරලා අලුත් ජීවතයක් පටන් අරගෙනද මටත් හොරෙන් ?
"යෙනුගිව මම මැරි කරනවා."
"......"
සුදු මූණට ඉන ලඟට දිග ස්ට්‍රේට් කොණ්ඩේ, චබී මහත හුරුබුහුටි ඩීසන්ට් ලුක් එකක් තියෙන ඒ ගෑනු ළමයා මගෙ දිහා බලලා හිනා උනා. ඒ කියන්නෙ තේෂාන් මෙයා එක්ක නිව්සීලන්ඩ් ගිහින් තියෙන්නේ කවදා හරි මෙයාවම මැරි කරනවා කියලා හිතේ තියාගෙනමයි.
"එයා ඩොක්ටර් කෙනෙක්. අපේ එෆෙයා එකට දැන් අවුරුද්දක්. ඊට කලින් අපි බෙස්ට් ෆ්‍රෙන්ඩ්ස්ලා."
එයා එහෙම කියලා අර ගෑනු ළමයා එක්ක හිනා උනා. ඇයි තේෂාන් මෙච්චර කාලයක් මගෙන් මේ දේවල් හැංගුවේ. නැත්තම් එයා අද මේ දේ මට එළි කලේ කාගෙ හරි ප්ලෑන් එකක් අනුවද.
"ඔයා.."
එහෙම කියපු මම තේෂාන්ව ශර්ට් එකේ කොලර් එකෙන් අල්ලගෙන මගෙ ලඟට ඇදලා අරගත්තා. ඒ එක්කම යෙනුගි කිව්ව ගෑනු ළමයා අපි ලඟට දුවගෙන ආවෙ මාව නවත්තන්න හිතාගෙන වෙන්න ඇති.
"How dare you තේෂාන් ?"
"මින්දි ?"
"ඔයා ඇයි මගෙන් මේ දේවල් හැංගුවෙ.. ඇයි මාව මෙච්චර කාලයක් රැවැට්ටුවේ. ඔයාගෙ අයියා කලා වගේ ?"
හිතට ආපු තරහට මිස මම කවදාවත් එයාට මෙහෙම කතා කරන්න හිතපු කෙනෙක් නෙවෙයි. මම දිගින් දිගටම ඒ මූණ දිහා බලන් ඉද්දි මගෙ කොලර් එක මිරිකිලා තියෙන එක අතක් අල්ලගෙන අර යෙනුගි කියන ගෑනු ළමයා මට තේෂාන්ව අතාරින්න කියලා ඒ ඇස් වලින් කියනවා. ඉතින් මම තේෂාන්ව අතෑරියා. ඒ එක්කම එයාගෙ ගෑනු ළමයා එයාගෙ කොලර් එක හැදුවා. ගලක් වගේ හිටපු තේෂාන් අද ගොඩක් වෙනස් වෙලා. මම දැක්කා මගෙ ඇස් වලින් ඒ දෙන්නගෙ ආදරේ. මම අවුල් කරපු කොලර් එක පවා හදලා එයාව පිළිවෙළ කරන්න තරම් මේ ගෑනු ළමයා එයාට කොච්චර ආදරෙයිද.
"Sorry මින්දි. මම මේ හැමදෙයක්ම හංගගෙන හිටියේ එක හේතුවක් නිසා. ඔයාට ඒක දැන්ම මට කියන්න බෑ. හැබැයි නියම දවස ආවම ඔයා හැමදෙයක්ම අකුරක් නෑර පිළිවෙළට දැනගනීවි."
"ඔයාට තිබුණා කලින්ම මට මේ ගැන කියන්න. එහෙනම් මේක මීට කලින් විසඳෙන්න තිබුණා තේෂාන්."
"එහෙම උනා නම් ඔයාගෙ ජීවිතේමයි ත්‍රෙට් වෙන්නෙ මින්දි. දැන් එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ ඔයාට. ඉදිරියට වෙන්න තියෙන දේවල් හොඳින්ම වෙයි. ඔයාට තියෙන්නෙ ඉවසන් බලාගෙන ඉන්න විතරයි."
තේෂාන් එහෙම කියද්දි මම ළඟ තියෙන ගහක් අල්ල ගත්තා. එයා කියන විදිහට මේ හැමදෙයක්ම හේතුවක් මත උනා නම්, මට දැනගන්න ඕනි ඒ හේතුව මොකක්ද කියලා. ඒත් ඒ හේතුව එයා මට කියන එකක් නෑ දැන්. ඒකනේ මට ඉවසගෙන බලාගෙන ඉන්න කිව්වේ.
"Sorry තේෂාන්."
"ඒකට කමක් නෑ මින්දි."
"එතකොට මම නිදහස්ද ?"
දැන් මට දැනෙන්නේ මම තටු ආපු කිරිල්ලියක් වගේ. මගෙ හිතේ, බරට තිබුණු ලොකුම ප්‍රශ්නයක් විසඳිලා ගියා. ඉතින් මම හිතුවා වගේම මේ මින්දි අමේලියා රූපසිංහ තවත් ගැටලු සහ ගත මාතෘකාවකින් සදහටම නිදහස් වෙලා ගියා. දැනෙන සතුටට මට කෑ ගහන්න පුළුවන් හයියෙන්.
"ඔයා නිදහස් මින්දි. දැන් ඔයා ඔයාට කැමති දෙයක් කරන්න. හැබැයි ආයෙ කෙනෙක්ව මැරි කරන්න කලින් හොඳට ආශ්‍රය කරලා, හිතලා බලලා ඩිසිෂන් එක ගන්න. අදින් පස්සෙ ඔයාට යුවසිංහ ෆැමිලි එක එක්ක කිසිම කනෙක්ෂන් එකක් නෑ."
"එතකොට තාත්තා ?"
"තාත්තා ඇයි ?"
"එයාගෙන් අවසරේ ගන්නෙ කොහොමද මේකට."
"ඒක නම් ටිකක් හිතලා බලන්න වෙනවා මින්දි."
"තාත්තා කවදාවත් ඔයාලට කිසිම දේකට බල කරේ නෑනෙ තේෂාන්. ඉතින් එයා අකමැති වෙන්නෙ නැතිවෙයි මේ ඩිසිෂන් එකට."
"හ්ම්ම්.."
දැන් හොඳටම ඇති. මට තවත් මෙතන ඉන්න බෑ. දැන්ම ගෙදර ගිහින් මට මගෙ හිත නිදහස් කරගන්න ඕනි ඉක්මනින්ම. නැත්තම් මෙතන සතුට හිර වෙලා මට මොකක් හරි වෙනවා අනිවාර්යයෙන්ම.
"තේෂාන්.."
"ඔව් ?"
"Thank you so much මට මෙච්චර උදව්වක් කළාට. මම ඇත්තටම මේ වගේ දෙයක් බලාපොරොත්තු උනා, කවදක හරි වේවි කියලා."
"බොරු බැඳීම් වලින් ලං උනාට වැඩක් වෙන්නෙ නෑ මින්දි. ඉතින් මේ ඩිසිෂන් එක හැමෝටම හොඳක් වේවි."
"You are absolutely correct.. ඔයාලා දෙන්නා සතුටින් ඉන්න හැමදාම. උදව්වක් ඕනි උනොත් මට කියන්න."
"හ්ම්ම්."
"මං දැන් යන්න ඕනි. මට ඉම්පෝර්ටන්ට් වැඩක් තියෙනවා. So.. Take care."
එහෙම කියපු මම තවත් වෙලා එතන නොහිට කාර් එක ලඟට ගියා. මම එනවා දැකලා ඈශ්ලිත් කාර් එකට නැග්ගේ එතනින් පිටත් වෙන්න හිතන්. අද ඔෆිස් එකට යන්න හිතුවට, ඇත්තටම මට දැන් ඕනි ගෙදර ගිහින් මේ සතුට සමරන්න. කාර් එකේ ග්ලාස් එකෙන් යෙනුගියි තේෂානුයි දිහා මම පාක් එකෙන් එළියට යනකම් බලාගෙන හිටියා. මේ වතාවේ නම් තේෂාන්ට ගැලපෙනම කෙනා ලැබිලා. ඒත් කලින් කෙනාට අත් උනා වගේ ඉරණමක් නම් මේ ගෑනු ළමයාටත් අත් වෙන්න එපා කියලා මම ප්‍රාර්ථනා කරනවා මුලු හදවතින්ම.
මට දැන් තියෙන ප්‍රශ්නේ මේක හේෂාන් දන්නවද නැද්ද කියන එක. සමහරවිට එයා මේක දන්නෙ නැති වෙන්නත් පුළුවන්. හේෂානුයි තාත්තයි දෙන්නම යෙනුගිටයි තේෂාන්ටයි දෙන්නට කැමැත්ත දුන්නොත් හොඳයි. මොකද මොන දේ කරන්නත් තේෂාන්ට එයාගෙ එකම අයියාගෙනුයි තාත්තාගෙනුයි ආශිර්වාදය ගන්න ඕනි නේ.
"ඈශ්ලි.. ඔයා ටවුන් එකට ගිහින් පෝස්ට් ඔෆිස් එකෙන් මම කිව්ව පාර්සල් එක අරන් එන්න."
"හරි මෑම්. මං අරන් එන්නම්."
මාව ගෙදර ඉස්සරහින්ම බස්සලා ඩ්‍රයිවර් ඈශ්ලි එක්ක පෝස්ට් ඔෆිස් එකට ගියේ මගෙ Important ෆයිල් වගයක් තියෙන පාර්සල් එක අරගෙන එන්න. අද මම ඔෆිස් ආවෙ නැත්තෙ ඇයි කියලා තියෝන් බලයි. ඒත් ඉතින් ඔෆිස් යන්න තරම් මූඩ් එකක නෙවෙයි මං ඉන්නෙ. දැන් මම ඉන්නේ අධික සතුටකින් පිරුණු මානසිකත්වයක.
හීල්ස් දෙකත් වරෙන්ඩා එකෙන්ම ගලවගෙන මම හීසරේක වේගෙන් දුවලා ගිහින් සෝෆා එකට පැන්නා. ඇඳට දුවන්න කලින් සෝෆා එක උඩ පොඩ්ඩක් උඩ පැනලම ඉන්න ඕනි 😌. කොච්චර කෙරුවත් සමහර වෙලාවට මගෙ ළමා ගතිය එළියට එන අවස්ථා තියෙනවා. හැබැයි අති දුර්ලභයි. කොහොමත් මම ලෝකෙට පෙන්නන ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම මගෙ ඇඟෙන් වෙන් කරන්නෙ මේ ගේ ඇතුලෙදි. මේ ගෙදර, මගෙ රූම් එක විතරමයි දන්නෙ ඇත්ත මින්දි කව්ද කියලා.
"ඈව්ව්.."
සෝෆා එකට පැනලා ඒකෙ කොට්ට හතර පැත්තටම විසි කරලා මම ඒක බහිනකම්ම එහෙට මෙහෙට පෙරළුනා. අද අවාරාත් මාකට් එකට යන නිසා ගෙදර කවුරුත්ම නෑ. ඒ නිසාම මගෙ සතුට සමරන්න මට අවස්ථාවක් ලැබුණා.
"මම.. තමයි.. මින්දි.. ඇහුනද.. තමුසෙට.."
මලක් හැඩේට මූණක් එක්ක මහලා තියෙන පොඩි කොට්ටයක් මූණ ලඟට අරගෙන මම ඒක දෙපැත්තට මිරිකුවා. තනියම ඉන්නකොට මම බය වෙන්නෙ නෑ මගෙ ඇත්ත ස්වරූපය එළියට දාන්න.
"අහ්ම්."
එකපාරටම පිරිමි කෙනෙක් මගෙ පිටිපස්සෙන් උගුර පාදනවා වගේ මට ඇහුණා. දෙවියනේ මම ඉන්නෙ සෝෆා එක උඩ දණ ගාගෙන. පෙන්සිල් ස්කර්ට් උඩ ගිහින් නේද කියලා මතක් වෙද්දි මාව කරන්ට් එක වැදිලා වගේ සෝෆා එකෙන් නැගිට්ටුනා. නැගිටලා ස්කර්ට් එකයි බ්ලවුස් එකයි හදාගත්තු මං ඒ උගුර පෑදුවේ කව්ද කියලා බැලුවා.
"මම අදයි දන්නෙ ඔයාගෙ මෙහෙමත් සයිඩ් එකක් තියෙනවා කියලා."
තියෝන් මම විසි කරපු කොට්ටයක් අතේ තියන් සෝෆා එකට වෙලා ඉඳගෙන ඉන්නේ වැලමිටි දණහිස් උඩින් තියාගෙන. ඒ මූණෙ තියෙන සමච්චල් හිනාව දැක්කම මට හිතාගන්න පුළුවන්, එයා ඉස්සරහා මම නොකරන්න ඕනි දේවලුත් කරලා කියලා. දැන් මම මේ කරපු එක මතක් කරලා දිගටම හිනා වෙයි.
"මම.. තමයි.. මින්දි.. ඇහුනද.. තමුසෙට.. 😅"
තියෝ මම කරපු විදිහටම කොට්ටෙත් දෙපැත්ත මිරිකගෙන එහෙම කියලා සෝෆා එකට හේත්තු වෙලා හිනා වෙන්න ගත්තා. තිබ්බ හදිස්සියට මම දැක්කෙ නෑ එයා සෝෆා එකේ ඉන්න බවක්. හොඳ වැඩේ මටත් සතුට සමරන්න ගියාට.
"තාමත් වයිල්ඩ් ගර්ල් කෙනෙක් වගේනේ හැසිරෙන්නේ. සිංහල ගර්ල්ස්ලා අර කුවේණිද කාගෙද රෙලටිව්ස්ලා කියන්නෙ නිකන් නෙවෙයි එහෙම බැලුවම."
"ඔයා ඇයි මට මෙහෙ එනවා නොකිව්වේ ?"
"ඔයා උදේ ඔෆිස් එකට ආවෙ නැති නිසා මම හිතුවා ඊයෙ කැන්ඩි ගිහින් අසනීප වෙලා ඇති කියලා. ඒකයි බලන්න ආවේ."
"මම තේෂාන් මීට් වෙන්න ගියා."
"එයා ඔයාට I love you කිව්වද. ඒකට මෙච්චර උඩ පැන්නේ ?"
"නෑ.. එයා මට ආදරේ නෑ."
"එහෙනම් ?"
"අපි අපේ මැරේජ් එක නැවැත්තුවා."
"ඒ ඇයි ?"
"ඔයා දන්නවනේ අපි ඇත්තටම ආදරේ කලේ නෑ කියලා. ඉතින් එයා අලුත් ගර්ල් කෙනෙක් හොයාගෙන. දැන් මට තියෙන්නෙ තාත්තාට කියලා මේකට කැමැත්ත ගන්න."
"වාව්.. එහෙනම් ඔයාට වෙන කෙනෙක් ගැන හිතන්න පුළුවන් දැන්."
තියෝන් එහෙම කියද්දි මම ආයෙමත් සෝෆා එකෙන් ඉඳගත්තා. එයා ඒ වගේ දෙයක් කිව්වේ ආයෙමත් හේෂාන් ගැන ඇදලා ගන්නද නැත්තම් එයාගෙ හිතේත් මට යෝජනා කරන්න කෙනෙක් ඉන්නවද කියලා මට හිතාගන්න බෑ.
"කවුරු ගැනද ?"
"කවුරු හරි."
"ඔයාගෙ හිතේත් ඉන්නවද මට ප්‍රපෝස් කරන්න කෙනෙක් ?"
"ඔව්."
"කව්ද ?"
"මම."
තියෝ අමුතු විදිහට හිනා වෙලා එහෙම කියද්දි මගෙ ඇඟත් එක්ක සීතල උනා වගේ. කිව්ව තාලෙට මට හිතාගන්න බැරි උනා එයා මේක විහිළුවට කිව්ව එකක්ද නැත්තම් සීරියස් අරන් කිව්ව එකක්ද කියලා.
"Are you serious Theo ?"
(ඇත්තටම)
"Nope."
(නෑ)
ඒ පාර මගෙ හාට් බීට් එක හාරසිය ගාණකට නග්ගලා එයා හිනා වෙනවා. හොඳ වෙලාවට මම දන්නවා තියෝ එදා ඉඳන් කරන ජෝක් වල ලිමිට් එකක් නෑ කියලා. ඒත් එයා එහෙම කියද්දි මගෙ හිත හරියට බය උනා. හේතුව මම කවදාවත් මගෙ හොඳම යාළුවෙක්ට ආදරේ කරන්න ලෑස්ති නැති නිසා. අනික මගෙ තීරණය අනුව මම කවදාවත්ම හේෂාන්ගෙ තැන වෙන කිසිම කෙනෙකුට දෙන්න හිතන්නෙවත් නෑ.
"නූරි ඊයෙ ආවා මාව මීට් වෙන්න."
"What ?"
හේෂාන්ට ටනාෂියා ඉන්නවා වගේ තියෝන් එක්ක ඒ කාලෙ හිටපු ලංකාවෙ ගෑනු ළමයා තමයි නූරි කියන්නේ. නූරිට හැමවෙලේම ඕනි උනේ තියෝන් එක්ක ඉඳලා, ඇවිදලා එයාගෙ සල්ලි ටික හූරගෙන කන්න. ඒත් වැඩි කාලයක් ඒ ගේම් එක නූරිට කරන්න දුන්නෙ නෑ මේ මින්දි. තියෝන්ගෙ කනෙන් අල්ලලා මම කියලා දුන්නේ ලංකාවෙ ජීවත් වෙන විදිහ ගැන.
"එයා කියනවා ඔයා එයා එක්ක ජෙලස් නිසා අපිව බ්‍රේක් කලා කියලා."
"ඉතින් ඔයා එයාව විශ්වාස කරනවද ?"
"අනේ මංදා."
"හරි ආන්ස්වර් එකක් දෙන්න තියෝ. එකේක විකාර කියන්නෙ නැතුව."
"ම්ම්.. එහෙම බැලුවොත් එයා කියන එක වැරදියි."
"ඇයි ?"
"ඔයා එයාව මගෙන් ඈත් කලේ මගෙම හොඳටනේ."
"Good boy.. මම කිව්ව දේ පස්සෙ හරි Understood උන එක හොඳයි."
නැත්තම් ඉතින් මට අදත් ඔළුවට එකක් ඇනලා ඔය පාගගෙන ඉන්න මොළේ ආයෙ හරි තැනට ගන්නම වෙනවා. තියෝ ලංකාවෙ වැඩි කල් ජීවත් වෙලා තිබුණෙ නෑ. එයා Russia වලනේ පොඩි කාලෙ ඉඳන් හිටියේ. ඉතින් එයා දන්නෙ නෑ කෙටි කාලීනව හරි ලංකාවට ආපු සුද්දෙකුගෙන් ලංකාවෙ සමහර කෙල්ලො සල්ලි අරගන්න ආසාවේ පස්සෙන් එනවා කියලා. සමහරවිට අද මම ඉන්න තැනත් එහෙම කෙල්ලෙක් හිටියා නම් මේ වෙද්දි තියෝන්ට මොනවා වෙයිද දන්නෑ.
"ඉන්න මම ටී එකක් හදන් එන්නම්."
"ෆ්‍රෙෂ් මිල්ක් ටිකකුත් දාන්න."
"හ්ම්ම්."
එයාට කිරි තේ එකක් හදාගෙන එන්න මම කිචන් එකට ගියා. හෙට මට පොඩි ගමනක් යන්නත් තියෙනවා. ඒ වෙන කොහෙවත් නෙවෙයි, එදා මට රෝස මලක් දීලා, මම කියපු හැම දෙයක්ම අහන් ඉඳලා, මාව සනසලා, මාව මෝටිවේට් කරලා අන්තිමට මට නොකියාම යන්න ගියපු ඒ අහිංසකයාගේ පුතා බලන්න යන්න.
මම මින්දි අමේලියා කියලා දැක්කම එයාලා මාව සතුටින් ගෙදරට පිළිගනීවි. ඒත් මට හිරුෂාන්ගෙ වයිෆ්ගෙන් මූණටම අහන්න ඕනි මොන හිතකින් ඒ අහිංසක මනුස්සයාව අතෑරලා දාලා ගියාද කියලා. සමහරවිට ඒ ප්‍රශ්නෙන් පස්සෙ එයාලා මාව එළව ගන්න බලයි. ඒත් මට බෑ හිරුෂාන්ට සාධාරණයක් නොකර ඉන්න. අනික මෙවෙලෙ එයා වෙනුවෙන් මට කරන්න තියෙන එකම සාධාරණය, එයාගෙ මරණය ගැන පවුලට දැනුම් දීලා, මෙ ඩයරිය අතට දෙන එක විතරයි. ඉතින් මම ඒක අනිවාර්යයෙන්ම කරනවාමයි.
........
"බබා මට ඔයාව දාලා යන්න දුකයි වගේ 😩."
ශොපින් කරලා ඇවිත් රාදිතා ආයෙමත් ගෙදර එක්ක යන්න වාහනයක් ඇන්ඩෲස් එවලා තිබුණා. ඉතින් කෙල්ල කාර් එකට නැඟලා වරෙන්ඩා එකේ කණුවකට හේත්තු වෙලා කොෆී එකක් බොන හේෂාන් දිහා බලාගෙන හිටියා.
"ඊයෙ දවසම ඔයා මං එක්ක හිටියේ. ඒ මදිද ඔයාට."
"You are absolutely correct Baby."
(ඔයා හරියට හරි බබා)
"එහෙනම් ආයෙ වෙන ෆ්‍රී දවසක එන්න."
"ආයෙ මට කවදා සෙට් වේවිද දන්නෙ නෑ මේ වගේ ඩේට් එකක්."
"ඒවි.. බලන් ඉන්න.. දැන් ඔයා ගෙදර යන්න ඉක්මනින්ම. ඔයාගෙ ඩැඩී බලාගෙන ඇති ඔයා එනකම්."
"හ්ම්ම්."
රාදිතා මූණත් එල්ලගෙන කාර් එකේ යන හැටි හේෂාන් බලාගෙන හිටියා. මේ කෙල්ල ගෙදර යන්න මෙච්චර දුක් වෙන්නේ තමාව දාලා යන එකට නෙවෙයි, දැන් පටන් ඉන්ස්ටග්‍රෑම් එකට දෙන්නා එක්ක එකට ඉන්න ෆොටෝස් අප්ලෝඩ් කරලා මින්දිට රිද්දන්න බැරි වෙන නිසා කියලා හේෂාන් හොඳින්ම තේරුම් අරන් හිටියේ.
"You.. Foolish girl."
(ඔයා.. මෝඩ කෙල්ලෙක්)
වැහිබර කාලගුණය දිහා බලන් කෝපි කෝප්පෙ භාගයක්ම ඉවර කරපු එයා එකපාරටම දැක්කේ ගේට් එකෙන් තේෂාන්ගෙ කාර් එක ඇතුලට ගන්න හැටි. ඉතින් කොල්ලා ඒ දෙන්නා බැහැලා තමා ඉස්සරහට එනකම්ම නිහඬව බලාගෙන හිටියා. ටික වෙලාවක් යද්දි යෙනුගියි තේෂානුයි දෙන්නම කොල්ලා ඉස්සරහට ආවා.
"අයියේ."
යෙනුගි මාස ගාණකට පස්සෙයි හේෂාන්ව දැක්කෙ. ඉතින් කෙල්ල හේෂාන්ට වැන්දේ තමන් ආදරේ කරන කෙනාගෙ අයියා නිසා. අනික යෙනුගිට තාම අවුරුදු 27 ක් නිසා කොල්ලට වැන්දට පව් සිද්ධ වෙන්නෙ නෑ. තත්පර ගාණක් පහු වෙද්දි හේෂාන් තේෂාන්ගෙ පැත්තට හැරුණේ ප්‍රශ්නයකුත් අහන ගමන්.
"මොකද උනේ ?"
"ඔයා කිව්ව විදිහටම මම වැඩේ කලා අයියේ."
"ඒ කිව්වේ ?"
"මම මින්දිට ඇත්ත කිව්වා."
"එයා මොකද කිව්වේ ?"
"එයා තැන්කියු කලා අපිට. හෙල්ප් එකක් ඕනි නම් කියන්න කිව්වා. මේ ගැන තාත්තාට හිමිහිට කියන්නම් කියලත් කිව්වා."
"ඒ කියන්නෙ එයාත් මේක නවත්තන්න බලාගෙන මයි ඉඳලා තියෙන්නේ."
"ඔව් ඔයා හරියටම හරි අයියේ. ඔයා කිව්වා වගේම එයා හරි සතුටින් එතනින් ගියේ. එයා දැන් නිදහස් කෙනෙක් කියලා එයා මගෙ ඉස්සරහාම කිව්වා."
"Great."
තේෂාන් මේ එෆෙයා එක පටන් ගද්දිම හේෂාන් කැමැත්ත දුන්නා කිසිම ප්‍රශ්නයක් නැතුව. මින්දිට තේෂාන්ව නුවන්ති විසින් යෝජනා කරපු එක නිසා එයාලට පුළුවන් උනා මහීක ගාවට යනකම්ම මින්දි ගැන ඇලට් එකේ ඉන්න. ඇන්ඩෲස් රාදිතා දෙන්නම මින්දිව ටාගට් කරන් ඉන්න බව මුල ඉඳන්ම හේෂාන් දැනගෙන හිටියා. හැබැයි හේෂාන් මේක මැද්දට නොපනින්න හේතුව, එයා තවත් මින්දි ගැන හොයලා බලනවා කියලා දැනගත්තොත් රාදිතා ඇන්ඩෲස් දෙන්නා තවත් ඇවිලෙන නිසා.
"මින්දි තාමත් ඔයා එක්ක තරහින් ඉන්නෙ අයියේ."
"මම දන්නවා. ඒත් එයා මගෙන්ම ඇත්ත දැන ගත්තම මට වෛර කරන එකක් නෑ."
"කවදා වෙනකම් ඔයා නොකියා ඉන්නද මේ ගැන ?"
"ටික කාලයක්. එයාගෙ හිත නිදහස් වුණ වෙලාවක මම කියනවා ඒක ගැන. පිළිගන්න එක එයාගෙ අතේ."
"කොච්චර තරහින් හිටියත් ඇත්තටම එයා ඔයාට ආදරෙයි අයියේ. එයා තාමත් ඔයා ගැන බලාගෙන ඉන්නවා."
"I know that."
(මම දන්නවා ඒක)
"එහෙනම් මේ මැරේජ් එක නවත්තලා එයා ලඟට යන්නකො."
තේෂාන් කිව්වෙ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කියලා හේෂාන් දන්නවා. මොකද ඇන්ඩෲස් අන්ඩර් වර්ල්ඩ් එකට ඒ කාලෙ ඉඳන් කනෙක්ෂන් තියෙන නිසා. අනික අහස් එක්ක තමා එකතු වෙලා හොයාගත්තු දේවල් එක්ක බැලුවම හේෂාන් නොහිතපු පැත්තකට ගියා ගහපු ප්ලෑන්ස් පවා. ඉතින් හැම දේකමට ටික කාලයක් අවශ්‍යමයි කියලා කොල්ලා තේරුම් ගත්තා.
"මල්ලි ඒක හිතන තරම් ලේසි දෙයක් නෙවෙයි. කරන්න පුළුවන් නම් මම ඒක කලින්ම කරනවා. ඒත් ඇන්ඩෲස් කියන්නෙ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. මගෙ කම්පැනි එකත් බේරගෙන, මින්දිගෙ ජීවිතෙත් බේරගෙන විසඳන දෙයක් විසඳන්න මට ටික කාලයක් දෙන්න."
"එතකොට රාදිතා අක්කා ?"
"එයාට ඕනි දෙයක් උනාවේ. මගෙ වයිෆ් වුණත් නැතත් මම එයා ගැන කෙයා කරන්නෙ නෑ දැන්."
"ඇයි ?"
"ඔයා තාම අහසුයි මායි දන්න දේවල් වත් දන්නෙ නෑ මල්ලි. ඔයාටත් මම මේ දේවල් කියන්නම් හරිම ටයිම් එක ආවම. එතකන් පොඩ්ඩක් ඉවසන්න. මම ආස දේ මම මගෙ ජීවිතේ අන්තිම දවසෙ හරි ලබා ගන්නවා. ඒක කාටවත් නවත්තන්න බෑ."
"හ්ම්ම්."
................................................... 🖤 ...
හේෂාන් මේ ඩ්‍රීම් එක Achieve කරගනීවිද, නැත්තම් එයා ෆේල් වෙයිද 😖
කියවන හැමෝම රියැක්ට් එකක් දාන් යමු ☺️
Sachy Collins