Spring is far away - 80 (Part 2)

Spring is far away - 80 (Part 2)

Sachy Collins
🚫 Do not copy or share without author's permission


"එයාට අන්තිමට ඔයාවයි එයාගෙ එකම දරුවවයි බලන්න ලොකු ආසාවක් තිබුණා."


"මම එහෙම බවක් දන්නෙ නෑ."


"ඔව් ඔයා දන්නෙ නෑ මිසිස් රත්නසිරි. මොකද ඔයා එයා ගැන එක තත්පරයකටවත් හොයලා බැලුවෙ නෑනේ ගියපු දවසෙ ඉඳන්."


මම එහෙම කියද්දි හේෂාන් මගෙ මූණ දිහා බැලුවේ මගෙ ලිමිට් එක පැන්නා කියලා දැන ගත්තු නිසාද කොහෙද. ලිමිට් පනින්නෙ නැති වෙන්නෙ කොහොමද මෙයා "මම එහෙම බවක් දන්නෙ නෑ" කිය කියා නිදහසට කාරණා කියද්දි. ඔය විකාර කතා වලට පුළුවන්ද හිරුෂාන්ට සාධාරණයක් කරන්න ?


"ඔයාට ඕනි උනේ ලෙඩ වුණ එයා එක්ක ඉන්න නෙවෙයි. ඇත්තටම කියනවා නම් ඔයාට ඕනි උනේ අලුත් කෙනෙක් හොයාගෙන එයාව අමතක කරලා සතුටින් ජීවත් වෙන්න."


"ඇත්තටම... මම..."


"ඒක නෙවෙයිද ඇත්ත ?"


මම එහෙම අහද්දි එයා බිම බලා ගත්තේ කියන්න කිසිම දෙයක් ඉතුරු වෙලා නැති නිසා වෙන්න ඇති. ඒත් මට මෙයාට කියලා දෙන්න නම් දහසක් දේවල් හිත ඇතුලේ ගොඩ ගැහිලා තියෙනවා.


"එයා ලෙඩෙක් කියලා දැනගන්නකොට ඔයාට බය හිතුණා ලෙඩෙක්ව බලාගන්න. ඒ වෙනුවට ඔයාට ඕනි උනා එයාව ඔයාගෙ ඇස් මානෙන් අයින් කරලා අලුත් ෆැන්ටසියකට යන්න."


"ඔයාට එක වතාවක්වත් එයාව බලන්න එන්න හිතුණෙ නැද්ද. අඩුම ගානෙ දරුවව පෙන්නන්න වත් ඔයාට එයා ඉස්සරහට යන්න බැරි උනාද. එහෙමත් නැත්තම් ට්‍රීට්මන්ට් කරලා ලෙඩේ හොඳ කරගන්න සල්ලි දෙන්නවත් ඔයාට හිතුණෙ නැද්ද. පාරෙ බල්ලෙක් බළලෙක් වගේ එයාත් මැරිලා යනවා දකින්නද ඔයාට ඕනි උනේ මිසිස් රත්නසිරි. ඔයා ඒ තරම්ම ටොක්සික් උනාද ?"


වචන වලට වඩා මගෙ කඳුළු ඉස්සර වෙලා කම්මුල් දිගේම පෙරිලා ගියා. ගොඩක් කාලෙකට පස්සෙ මින්දි අමේලියා රූපසිංහ ආයෙමත් වතාවක් අඬනවා. ඒ හේෂාන් වෙනුවෙන් වත් මං වෙනුවෙන් වත් නෙවෙයි. හිරුෂාන් වෙනුවෙන්.


"මේ එයාගෙ ඩයරි එක. මේ ඩයරි එකේ දහ වතාවකට වඩා ලියවිලා ඇති එයාට දරුවාව බලන්න ආසයි කියලා. ඒ වගේම ඔයාව. ඔයාට ලෙටර් යවලා තියෙනවා එක සැරයක් එන්න කියලා. ඔයා මොනවද කලේ ඒවට. පුච්චලා දාලා සැනසීමෙ හිටියද."


"ඔයාගෙ ආදරේ මේකද මිසිස් රත්නසිරි. ලෙඩ වෙච්චි ඔයාගෙ හස්බන්ඩ්ව උවමනාම වෙලාවෙ තනි කරලා දාලා ගියේ ආදරේ නිසාද. එහෙනම් මේක මතක තියාගන්න. ඔයාලට ශාප වෙයි එයාට ඔයාලව මතක් වුණ වාර ගාණටම."


"දන්නවද මම ඔයා උනා නම් කවදාවත් මට ඔහොම කරන්න බෑ. මම ආදරේ කරන කෙනාට ඔය වගේ කාටත් ලේසියෙන් හැදෙන්නෙ නැති, හොඳ කරන්නත් අමාරු ලෙඩක් හැදුනොත් මම කවදාවත් එයාව දාලා යන්නෙ නෑ. මොකද ඒ අවස්ථාව තමයි එයාට මාව අවශ්‍යම වෙලාව. මටත් එයාව දාලා යන්න බෑ. එහෙම උනොත් මට මොනවා වෙයිද කියලා මට හිතාගන්නත් බෑ. එහෙව් එකේ ඇයි එයාව තනි කලේ."


"මම කියන දේවල් විහිළුවක් වගේ ඇති ඔයාට. මොකද ඔයාට මට දැනෙන ඒ වේදනාව දැනෙන්නෙ නෑ. හිරුෂාන් මට නිකන් යාළුවෙක් නෙවෙයි. එයා හරියට නිකන් මගෙම සහෝදරයෙක් වගේ. එහෙම වෙලත් මට මෙච්චර දුකක් දැනිලත් ඇයි ආදරේ කරපු ඔයාට ඒ දුක දැනෙන්නෙ නැත්තේ."


"තාත්තෙක්ගෙයි පුතෙකුගෙයි බැඳීම මම හොඳටම දන්නවා. ඒ බැඳීම ඔයාගෙ පුතයි හිරුෂානුයි අතරත් තියෙන්න ඇති. ඒත් හිරුෂාන්ට අවසානෙ වෙනකම් බලන් ඉන්න උනා එයාගෙ එකම දරුවා දකින්න. එහෙම වෙලත් එයාට බැරි උනා දරුවා දැකලා මේ ලෝකෙන් යන්න."


"අවසානෙට ඔයා මේකද ඔයාගෙ ආදරේට දුන්න වටිනාකම. එයා ඔයාව සතුටින් තිබ්බ ඒ කාලෙට ඔයා එයාට දුන්න තෑග්ගද මේ. ඔයා නොදන්නවා උනාට එයා සැනසීමෙ මැරුණෙ නෑ. එයාට අන්තිම හුස්මෙදිත් ඔයාවයි දරුවවයි මතක් වෙන්න ඇති. ඒත් ඔයාට......."


"මින්දි.."


හේෂාන් මගෙ අත උඩින් එයාගෙ අත තියලා මගෙ මූණට ලං උනා. මම මගෙ හිතට එන දුකට තිනුලිට කෑ ගැහුවට, හිරුෂාන් මං එනකම් වත් ජීවත් උනේ නෑ කියලා අදටත් මතක් වෙද්දි මගෙ පපුවෙ ගින්දරක් ඇවිලෙනවා.


"Stop this."


................................................... 🖤 ...


මින්දි අද කිව්ව දේවල් වැරදි ඇති කියලා මම හිතන්නෙ නෑ. කෙනෙක් අතාරින්න කලින්, කෙනෙක්ට දුකක් දෙන්න කලින් අපි තේරුම් ගන්න ඕනි ඒ කෙනා ඉන්න තත්වේ


හිරුෂාන් එහෙම ලෙඩක ඉද්දි ඒ විදිහට තිනුලි එයාව අනාත කරාම එයාට මොනා හිතෙන්න ඇත්ද 😢


Sachy Collins

Report Page