Spring is far away - 76

Spring is far away - 76

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 76  |  She has no shame

Previous


"What the hell."


මම යවපු ශර්ට් එක මට මේ විදිහට ආපහු එවන්න තරම් හයියක් කාටද ආවේ. මම දන්නවා හේෂාන් කවදාවත් මේ වගේ මෝඩ පුහු වැඩක් කරන්නෙ නෑ කියලා. ඒ කියන්නෙ අර මෝඩ රාදිතා කලින් වගේම වැඩ පටන් අරන් වගේ. තවත් තත්පරයක් දෙකක් යද්දි ශර්ට් එකත් එක්ක වැටුණු සුදු කොලේ ඈශ්ලි අහුලලා මගෙ අතට දුන්නා.


'හේෂාන් මගෙ ටු බී හස්බන්ඩ්. එයාට මෙහෙම ගිෆ්ට් එවන්න ඔයාට අයිතියක් නෑ මින්දි. මම හිතනවා ඔයා මේකෙන් පස්සෙවත් මෙහෙම ගිෆ්ට් එවන එකක් නෑ කියලා'


රාදිතා එයාගෙ අකුරින්ම කොලේක ඉංග්‍රීසියෙන් සටහන් කරලා මට එවලා. ඒ කියන්නෙ එයාගෙ අතටයි මේ පාර්සල් එක ඉස්සෙල්ලාම ලැබිලා තියෙන්නේ. ඒත් හේෂාන්ගෙ ගෙදර එයා ඉන්නවද මේක එයාගෙම අතට ලැබෙන්න. මම දන්න හැටියෙන් නම් අද ගෙදර ඉන්නෙ තාත්තා විතරයි. සමහරවිට මෙයා අද පළවෙනිදා නිසා එහෙ යන්න ඇති. තාත්තා පොඩ්ඩක් එහෙට මෙහෙට වෙද්දි එයා පාර්සල් එක අරගෙන මෙහෙම දෙයක් කරලා මට ආයෙ එවන්න ඇති.


"මෑම්.. මම මේක හේෂාන් සර්ට කියන්නද 😤."


"No."


"Why ?"


"මම ම එයාට මේක කියන්නම්."


රාදිතා ඔයා මාව ගිනි තියන්න උත්සහ කරන දැල්ලෙන්ම මම ඔයාවම ගිනි තියන්නම්. පාඩුවේ ඉන්න මට ඔයා තව දුරටත් පිළලයක් වෙන්න එනවා නම් මේ මින්දි ඉස්සර වගේම ඉවසන්නෙ නෑ කියලා ඔයා දැනගනීවි අදින් පස්සේ. ෆෝන් එක අතට ගත්තු මම ශර්ට් එකේත් රාදිතා එවපු මැසේජ් එකේත් ෆොටෝ එකක් ගහලා හේෂාන්ට මැසේජ් එකකින් යැව්වා. වුණ දේ මම සහමුලින්ම පැහැදිලි කරන්න ඕනි නෑනෙ එයාට. මොකද එයා දන්නවා මම මේ ශර්ට් එක එයාට එවපු හේතුව.


"මේකට මොකක්ද කරන්නෙ මෑම් ?"


"ඩස්ට්බින් එකට දාන්න ඈශ්ලි."


මම තවත් මුකුත්ම නොකියා ගියා මගෙ ඔෆිස් එකට. අක්කා එහෙම දැන ගත්තොත් මට හොඳවයින් අහගන්න වෙනවා. ඒත් මෙතන කිසිම කෙනෙක්ගෙ වරදක් නෑ. හේෂාන් වත් මම වත්. වැරැද්ද වුණේ අනුන්ට ලැබෙන්න තිබුණු ගිෆ්ට් එකක් රාදිතාගේ අතට ගියපු එක.


📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං


ෆෝන් එක ටේබල් එක උඩින් තියලා පුටුවෙන් ඉඳගද්දිම එකපාරටම කෝල් එකක් ආවා. සමහරවිට මේ හේෂාන් වෙන්න ඇති. මම දාපු ෆොටෝස් එයා බලන්න ඇති. එහෙම හිතාගෙන මම ෆෝන් එක අතට අරගෙන ස්ක්‍රීන් එක බැලුවා. හිතුවා වගේම ඒ හේෂාන්ම තමා කෝල් කරන්නේ.


"වෙලා තියෙන දේ මම එක්ස්ප්ලේන් කරන්න ඕනි නෑ නේද හේෂාන්."


එයාගෙන් කිසිම වචනයක් නෑ. ඒ වෙනුවට ඒ හුස්ම පිටවෙන සද්දෙ විතරයි මට ඇහුණේ. සමහරවිට එයා මේ ගැන කලින්ම දැනගන්න පුළුවන්. මොකද එයා හැමදෙයක් ගැනම අවධානයෙන් ඉන්නේ, හැමවෙලාවකම.


"I know.. Everything."


"ඔයා දන්නවා හේෂාන්.. මින්දි කියන්නෙ කව්ද කියලා ඔයා හොඳටම දන්නවා. හැබැයි ඔයා රාදිතා කියන්නෙ කව්ද කියලා දන්නෙ නෑ."


"හ්ම්.. මටත් ඒක තේරුණා. ඒත් උන දෙයින් ඔයාගෙ හිත රිදුණා නම් ඒකට රාදිතා ඔයාගෙන් සමාව ගන්නම ඕනි."


"මට රාදිතාගෙ සමාව ඕනි නෑ. ඒත් ඔයා ආයෙමත් රාදිතාට මේ වගේ දෙයක් කරන්න ඉඩ දෙන්න එපා. මොකද මම ආස නෑ කලින් ප්‍රශ්න ආයෙත් ඇති කරගන්න."


"මම මේ ගැන බලාගන්නම් මින්දි. ආයෙ මෙහෙම දෙයක් වෙන්න ඉඩ තියන්නෙ නෑ."


"ඒක හොඳයි."


එයා කෝල් එක කට් කරනකම් ඉඳලා මම ෆෝන් එක ටේබල් එක උඩින් තියලා ආයෙමත් ලැප් එකට ඇස් යොමු කලා. එයා මේ සිද්ධියෙන් පස්සෙ රාදිතා ඉස්සරහා කොහොම හැසිරුණත් මට කමක් නෑ. හබැයි ආයෙමත් මෙහෙම දෙයක් මට නොවෙන්න ඕනි. මොකද මම ආසත් නෑ මගෙ ලේත් කෝප කරගන්න.


"මෑම්."


වැඩ කරන එකත් එපා වෙලා ලැප් එකත් වහලා දාලා මම ගෙදර යන්න හදද්දිම එකපාරටම ඈශ්ලි මගෙ පස්සෙන් ආවා. ආයෙමත් මොකක් හරි ප්‍රශ්නයක් නම් ඇත්තමයි මට ඔෆිස් එක කියලා නෑ කෑ ගැස්සෙනවා.


"ඒ පාර මොකද ?"


"ජෝන් හයිසන්බර්ග් කියලා කෙනෙක් මෑම්ව හම්බවෙන්න අපොයිමන්ට් එකක් දාන්න අහනවා. මෑම් හෙට බිසීද ?"


"නෑ.. 9.05 ටයිම් එක දෙන්න."


"හරි මෑම්.. හෙට තේෂාන් සර්ත් නිව්සීලන්ඩ් වල ඉඳන් එනවා. ෆ්ලයිට් එක ලෑන්ඩ් කරද්දි මිඩ් නයිට් පහුවෙයි කිව්වා."


"හ්ම්."


ඩ්‍රයිවර් කාර් එකේ දොර අරිද්දි මම ඒකට නැග්ගා. ගෙදර නෙවෙයි මට දැන් යන්න ඕනි හිත නිදහස් වෙන තැනකට. ඒත් කොළඹ ලඟපාත මට තාම එහෙම තැනක් හම්බවුණේ නෑ අද වෙනකම්. ඒ නිසා මම වෙනදට යන චර්ච් එකට ගියේ නිදහසේ ඉන්න ආසාවෙන්. රබර් කැලේකින් වට වුණ ඒ චර්ච් එකට මම හැම ඉරිදාවකම යන්න පුරුදු වෙලා හිටියා.


........


"රාදිතාගේ අම්මා ප්‍රතීකා ෆර්නැන්ඩස් ඇන්ඩෲස්ගෙන් ඩිවෝස් වෙලා තියෙන්නේ රාදිතාව එයාට බාරදීලා."


හේෂාන් දුන්න ලා දුඹුරු පාට කොළ දෙක අතේ තියාගෙන අහස් එහෙම කිව්වා. සාමාන්‍යයෙන් හේෂාන් දන්නවාට වඩා අහස් රාදිතාගෙ ෆැමිලි එක ගැන දන්නවා. හේතුව අහස්ගෙ අම්මා ප්‍රතීකාව ඒ කාලෙ ඉඳන් දන්න නිසා. අහසුත් සමහර වෙලාවට ප්‍රතීකා එක්ක කතා කරලා තියෙනවා.


"But why.. ඩිවෝස් එකෙන් පස්සෙ දුවෙක්ගෙ අයිතිය යන්නෙ තාත්තා කෙනෙකුට නෙවෙයි."


"සමහරවිට ප්‍රතීකාට වන්දි දෙන්න වෙන නිසා එහෙම කළාද දන්නෙ නෑනෙ."


"එහෙනම් ප්‍රතීකා හොඳ ලේඩි කෙනෙක් නෙවේ වෙන්න ඇති. කේස් එකෙන් පස්සෙ එයා වැරදියි කියලා ඔප්පු උනාද දන්නෑනේ."


"මම දන්න හැටියෙන් ප්‍රතීකා ආන්ටි එහෙම කෙනෙක් නෙවෙයි. එයා එයාගෙ පාඩුවේ ජීවත් වුණ අහිංසක ලේඩි කෙනෙක්."


ස්කෝර්පියන් ග්‍රාස් ගාඩ්න් එකට වෙලා ඒ දෙන්නා කතාවේ ඉද්දි වැඩ කරන ගෑනු ළමයෙක් ඇවිත් කෝපි දෙකක් මේසෙ උඩින් තිබ්බා. ඒ නිසාම ඒ දෙන්නා ටිකක් නිශ්ශබ්ද වෙලා ඒ ගෑනු ළමයා එළියට යනකම් බලාගෙන හිටියා. ගෑනු ළමයා එළියට ගියාට පස්සෙ අහස් ආයෙමත් කතාව කියන්න පටන් ගත්තා.


"ප්‍රතීකා කියන්නේ ඒ කාලේ ලංකාවෙ දක්ෂම ඩාන්සර් කෙනෙක්. පොඩි කාලෙ ඉඳන් එයා උඩරට වගේම බැලේ වලට මාරම දක්ෂයි. කාලයක් තිබුණා එයාගෙ ශෝ එකක ටිකට් එකක් වන් තවුසන්ඩ් ගියපු. අපේ අම්මලත් එයා එක්ක තමයි ඩාන්සින් කරලා තියෙන්නේ."


"හ්ම්ම්.. එතකොට මේක මොකක්ද ?"


එහෙම කියපු හේෂාන් අහස් ඉස්සරහින් ටේබල් එක උඩ පොඩි කොළ කෑල්ලක් තිබ්බා. ඒ මොකක්ද කියලා බලන්න අහස් ඒක අතට ගත්තා. සුදුපාට පසුබිමක නිල් පෑනකින් 'California Martinez' කියලා නමක් ඒ කොලේ සඳහන් වෙලා තිබුණා.


"කැලිෆෝනියා මාර්ටිනස් කියන්නෙ කව්ද ?"


"ඒ වෙන කවුරුත් නෙවෙයි, මින්දිගෙ අම්මා. "


"මොකක් 😨 ?"


"ඔව්.. මම ඔය නම දැක්කේ ඇන්ඩෲස්ගේ ඩයරි එකක තිබිලා. මට හිතෙන විදිහට කැලිෆෝනියා මාර්ටිනස් එක්ක ඇන්ඩෲස්ට මොන විදිහකින් හරි කනෙක්ෂන් එකක් තිබිලා තියෙනවා."


"මොන වගේ කනෙක්ෂන් එකක් කියලද ඔයා හිතන්නේ ?"


"අපහැදිලි එකක්.. මට ඒ ගැන හොයාගන්න බැරි උනා. ඒත් මම හිතනවා ලොකර් එකේ තිබුණු ඇන්ඩෲස්ගේ පෙන් ඩ්‍රයිව්ස් වලින් මේ ගැන මොනා හරි මට හොයාගන්න පුළුවන් වෙයි කියලා."


එක දවසක් රාදිතා හේෂාන්ගෙ ඔෆිස් රූම් එකට පැනලා මින්දිගෙ ෆොටෝ තිබුණු පෙන් එකක් අරන් ඇන්ඩෲස්ට මින්දිව බ්ලැක්මේල් කරන්න ෆොටෝ අරන් දුන්නා. ඉතින් රාදිතා කරපු දේම හේෂානුත් කරපු නිසා මේ කොළ දෙකෙන් ඇන්ඩෲස් ගැනයි රාදිතා ගැනයි සැබෑ ස්වරූපය යම්තාක් දුරකට දැනගන්න පුළුවන් උනා. කොල්ලගෙ වාසනාවට ඇන්ඩෲස්ගේ රූම් එක ඇරලා තිබුණෙ එදා. ඉතින් ලොකර් එකේ යතුරත් හොයාගෙන තිබ්බ ගොඩාක් දේවල් චෙක් කරලා තමයි හේෂාන් මේ කොළ දෙක හොයාගත්තේ.


"ආයෙ දවසක ඔයාට එහෙ යන්න පුළුවන් වෙයිද ?"


"සාමාන්‍යයෙන් ඇන්ඩෲස්ගෙ ප්ලේස් එකේ අඩියෙන් අඩියට රූම් ළඟ හිටන් ගෝලයෝ ඉන්නවා. එදා ඒ ගොඩාක් අය ඇන්ඩෲස් එක්ක වැඩකට ගිහින් තිබුණා. රාදිතා ගෙදර හිටියත් එයාට ඔය දේවල් ගැන වැඩි ගාණක් නෑ. කොටින්ම කියනවා නම් මම කිව්වොත් මට ඇන්ඩෲස්ගෙ රූම් එක බලන්න ඕනි කියලා, කෙල්ල මාව එක්කගෙන උනත් යයි."


"රාදිතා කොහොමත් එයාගෙ ඩැඩී කරන වැඩ හරියට දන්නෙ නෑ හේෂාන්. අනික ඩැඩී යන පාත් එකේ යන්න රාදිතාට ආසාවක් නෑ. ඒ නිසා එයා ඒ දේවල් ගැන වැඩි Interest එකක් නෑ."


"ඔව් ඒක මට ලොකු හෙල්ප් එකක්.. So තවත් දේවල් හොයාගන්න මට බැරිවෙන එකක් නෑ."


"ඒක හොඳයි. ඒත් දැන් ඇන්ඩෲස් දැනගත්තොත් මේ කොළ දෙක නෑ කියලා ?"


එහෙම කියපු අහස් හේෂාන්ට එයාගෙ අතේ තිබුණු කොළ දෙක පෙන්නුවා. කොළ දෙක දිහා තියුණු බැල්මකින් බලපු හේෂාන් අහකට ඇස් හරවගෙන කට කොනින් හිනා උනා. මොකද ලොකර් එකේ අස්සක තිබිලා හොයාගත්තු මේ පරණ වුණ කොළ දෙක ඇන්ඩෲස්ට ගාණක් නොවෙයි කියලා කොල්ලට හිතුණ නිසා.


"අපි බලමු."


"එහෙම උනොත් එහෙම ?"


"එදාට මට නෙවෙයි කට උත්තර නැතුව යන්නෙ අහස්, එයාලටමයි."


"ඒක නම් ඇත්ත තමයි. හැබැයි නෑ කියලා දැනගත්තොත් ඇන්ඩෲස් අංක එකටම සැක කරන්නෙ ඔයාවම තමයි. ඒ නිසා අපි මොන දේ කලත් පරිස්සමින්."


"හ්ම්.. සේරටම කලින් අපි ප්‍රතීකා ඉන්න තැනක් හොයාගමු. මොකද මේ දේවල් ගොඩාක් දුරට විසඳන්න පුළුවන් එයාගෙන් අපි නොදන්න දේවල් අහගත්තොත්."


"ඔයා හරි."


ඒ දෙන්නා රාදිතායි ඇන්ඩෲස් ගැනයි ගොඩාක් දේවල් දන්නවා. ඒ වගේම ශෂීන්ද්‍රත් දන්නවා. ඒත් ඔය කිසිම කෙනෙක්ට අද වෙනකම් රාදිතාගෙ අම්මා හොයාගන්න ලැබිලත් නෑ, ඇන්ඩෲස්ගෙ අතීතය මුළුමනින්ම හොයාගන්න ලැබිලත් නෑ. හැබැයි එයාලා බලාපොරොත්තු වෙනවා එයාලට ඒ දේවල් ඉක්මනින්ම හොයාගන්න ලැබෙයි කියලා.


අලුත් දවසක් 🌞☁️🍃..


පැයක් ගෙවෙනවා තියා දවස් ගෙවෙනවා වත් මට තේරෙන්නෙ නෑ. උදේම නැගිටිනවා, ඔෆිස් යනවා, හවස ගෙදර එනවා, නිදියනවා විතරයි. සරලවම කිව්වොත් අයියා ගෙවන ජීවිතේ හා සමාන ජීවිතයක් මම මේ ගෙවන්නේ. අක්කා වගේ ක්ලබ් යන්නෙ නැතුව, යාළුවො එක්ක පාර්ටි දාන්නෙ නැතුව, බෝයිස්ලා ආශ්‍රය කරන්නෙ නැතුව ඉන්න මට කොහොමත් මේ ජීවිතේ ඒකාකාරියි වගේ තමා.


"මෑම්.. අද අපොයිමන්ට් එක මතකද ජෝන් හයිසන්බර්ග් ගේ."


"Yeah."


"එයා ඇවිත් ඉන්නේ."


"හ්ම්.. ගාඩ්න් එකට එන්න කියන්න."


එහෙම කියපු මම බෑග් එකත් මගෙ ටේබල් එක උඩින් තියලා ගාඩ්න් එකට ගියා. මම යද්දිම එතන තිබුණු සුදුපාට ටේබල් එකක් ලඟට හේෂාන් වගේම සුදු උස පිරිමි ළමයෙක් ආවා. හැබැයි මේ මූණ මම මීට කලින් කොහෙදිවත් දැකලා තිබුණු මූණක් නම් නෙවෙයි. නමට හරියන්න වෙස්ටර්න් විදිහේ පෙනුමක් තියෙන, මාව මීට් වෙන්න ආපු මේ ජෝන් හයිසන්බර්ග් කව්ද ?


"Sit."


මම එයාට පුටුවක් පෙන්නලා එතනින් ඉඳගත්තා. මං ඉඳගන්නවාත් එක්කම එයත් මට ඉස්සරහා තිබුණු පුටුවකින් ඉඳගත්තා.


"ඔයා දන්නවද දන්නෙ නෑ මාව."


"ඇත්තටම මම ඔයාව දන්නෙ නෑ මිස්ටර් හයිසන්බර්ග්. මම ඔයා වගේ කෙනෙක් දැක්කෙත් අදමයි."


"හ්ම්ම්.. හැබැයි මිස් රූපසිංහ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් නම් ඕනි තරම් දැකලා ඇති."


"ඔයාගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ?"


"Yeah."


"Who ?"


"ටනාෂියා ජොස්ෆයින්."


එයා එකපාරටම එහෙම කියද්දි මම පුදුමෙන් ඒ මූණ දිහා බැලුවා. ඇත්තටම මට විශ්වාස කරන්න බෑ මේ කෙනා ටනාෂියාගෙ ඇත්තම ලවර් කියලා. මොකද මෙච්චර ලස්සන කෙනෙක් ඉද්දිනේ ටනාෂියා හැම කෙනාටම විකිණෙන්නේ.


"එදා ඔයා බැනලා එලව ගත්තු, හේෂාන් එක්ක කනෙක්ෂන්ස් තිබ්බ ගර්ල් මගෙ Ex - Girlfriend."


මම අදයි දන්නෙ ටනාෂියාට මේ වගේ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා. හරි නම් මෙයා දැනගන්න ඕනි ටනාෂියාට බැනලා හරි හදලා ගන්න. ඒත් මෙයා කරන්නෙ මෙයාගෙ Ex ට වටේ යන්න ඉඩ දෙන එක නෙවෙයිද.


"So.. ඔයා ආවෙ ඒකට මගෙන් පළිගන්නද ?"


"අපෝ නෑ. මට එහෙම අයිඩියා එකක් නෑ 😄."


"එහෙනම් ඔයාට මොකක්ද මගෙන් වෙන්න ඕනි ?"


"මට ඔයාගෙන් හෙල්ප් එකක් ඕනි මිස් රූපසිංහ."


"මොන වගේ එකක්ද ?"


"ටනාෂියා තාමත් හේෂාන්ගෙ පස්සෙන් යනවා. මට ඕනි එයාව හේෂාන්ගෙන් වෙන් කරන්න. මම දන්නවා ඔයාට හේෂාන් එක්ක දැන් කනෙක්ෂන් නෑ කියලා. ඒත් එයාගෙ Ex විදිහට ඔයාට පුළුවන්කම තියෙනවා නේද ටනාෂියාව එයාගෙන් ඈත් කරන්න."


හොඳ අදහසක් ජෝන් මට දුන්නේ. ඒත් මේ මාතෘකාව මට දැන් අදාල නෑ. මොකද හේෂාන් එදා මගෙ ඉස්සරහා කිව්වා, ටනාෂියාව එයා ඈත් කරලා ඉවරයි කියලා. හැබැයි ටනාෂියා තාමත් හේෂාන් පස්සෙන් එනවා කියන්නේ මේ මාතෘකාව සර්ව සම්පූර්ණයෙන්ම විසඳිලා නෑ කියන එක. ඒ නිසාම ජෝන් දුන්න මේ අයිඩියා එකේ මටත් වටිනාකමක් තියෙනවා.


"ඒක හොඳ අයිඩියා එකක්. මට බැරිකමක් නෑ ඔයාට උදව් කරන්න. ඒත් මට එක දෙයක් දැන ගන්න තියෙනවා ඔයාගෙන්."


"මොකක්ද ?"


"ටනාෂියා ඇත්තටම ඩිටෙක්ටිව් කෙනෙක්ද නැත්තම්......"


ඉතිරි ටික නොකියා මම එයා දිහා බලාගෙන ඉද්දි එයා හිනා වෙන්න ගත්තා. ටනාෂියා කියාගත්තට එයා ඩිටෙක්ටිව් කෙනෙක් කියලා, ඒත් ටනාෂියා වැඩි හරියක් කරන්නෙ කේස් බාරගන්න එක නෙවෙයි. බෝයිස්ලා එක්ක නයිට් ස්පෙන්ඩ් කරන එක. ඒකනේ හේෂාන්වත් අහු උනේ.


"එයා ඩිටෙක්ටිව් කෙනෙක්. ඒත් එයා එයාගෙ හැඟීම් වලටම වහලියක් උනා. එක සැරයක් උන වැරැද්ද එයා හදාගන්නෙ නැතුව දිගින් දිගටම කරන් ගියා."


ඒ කියන්නේ මෙතන මොකක් හරි අතීත කතාවක් තියෙනවා. ටනාෂියා මේ වගේ දේවල් වලට වහල් වෙන්න තරම් කරපු වරද මොකක්ද. මට ඒ ගැන දැනගන්න හිතේ බලාපොරොත්තුවක් ඇති වුණා. ඒත් ජෝන් කැමති නම් විතරයිනෙ මට ඒක එයාගෙන් අහගන්න පුළුවන්.


"ටනාෂියා ඉස්සර මෙහෙම කෙනෙක් නෙවෙයිද ?"


"නෑ.. එයත් ඔයා වගේම පාඩුවේ හිටපු ගර්ල් කෙනෙක්. අපි හම්බුණේ කොලේජ් එකේදි. ඒ කාලෙ එයා කිසිම බෝයි කෙනෙක් දිහා ඔළුවක් වත් උස්සලා බලපු ගර්ල් කෙනෙක් නෙවෙයි. ඇත්තටම කියනවා නම් එයාගෙන් මම එෆෙයා එකක් පටන් ගන්න අහද්දිත් එයා අදිමදි කලා."


"එතකොට මෙහෙම වෙනස් වුණේ කොහොමද. Now she has no shame."


"මාත් එක්ක එෆෙයා එකේ ඉද්දි එයා වෙන බෝයි කෙනෙක්ට රැවටුණා. මම එයාව ආයෙමත් මගෙ ලඟට ගන්න හැදුවට එයා මගෙ ලඟට ආවෙ නෑ. එයා කිව්වා එයා මට වැරැද්දක් කරපු නිසා එයාට ආයෙ මගෙ ලඟට එන්න හයියක් නෑ කියලා. එදයින් පස්සෙ එයා හැමදාම ක්ලබ් ගිහින් බෝයිස්ලා එක්ක හිටියා. ගොඩක් දවස් වලට මම එතෙනට යනවා එයාව මීට් වෙන්න. ඒත් එයා මාව ගණන් ගන්නෙ නෑ. ඉතින් මම එයා කරන දේවල් බලාගෙන ඉන්නවා කොහෙට හරි වෙලා."


"දැන් ගොඩක් කල්ද මේක වෙලා ?"


"Like 4 Years. මම එයා එක්ක ත්‍රී ඉයර්ස් එෆෙයා එකේ හිටියා. මැද හරියෙදි එයාට හම්බුණා මට වඩා සල්ලි තියෙන බෝයි කෙනෙක්ව. ඉතින් එයා එයා එක්ක කනෙක්ෂන්ස් තියන්න පටන් ගත්තා. ඒක බ්‍රේකප් වෙලා යද්දි මම එයාව ආයෙමත් බාර ගන්න ඇහුවත් එයා මගෙ ලඟට ආවෙ නෑ."


"ටනාෂියා හේෂාන් එක්ක හිටපු එක ගැනත් ඔයා දන්නවද ?"


"ඒ ගැන නම් මම එච්චරම දන්නෙ නෑ. එයා මට හේෂාන් ගැන කියන්න කැමති නෑ. ඒත් මම දන්න එකම දේ එයා හේෂාන්ට කැමතියි කියන එක. ඒ දෙන්නා දෙවතාවක් එකට ඉඳලා තියෙනවා. හැබැයි ඒ හේෂාන්ගෙ කැමැත්තෙන් නෙවෙයි."


"හේෂාන්ගෙ කැමැත්තෙන් නෙවෙයි ?"


මම ජෝන් දිහා ඔළුව හරවලා බැලුවේ පුදුමයක් ඇස් වල රඳවන්. කලිනුත් ටනාෂියා මගෙ ඉස්සරහට ඇවිත් ඔය බොරුව කිව්වා. සමහරවිට එයා ඒ බොරුවම ජෝන්ටත් කියන්න ඇති. ජෝන් නෙවෙයි කවුරු කිව්වත් මම ඒක විශ්වාස කරන්නෙ නෑ.


ඉතුරු ටික කියවන් යන්න හැමෝම 🌝,


https://telegra.ph/Spring-is-far-away---76-Part-2-01-14


Sachy Collins

Report Page