Spring is far away - 76 (Part 2)

Spring is far away - 76 (Part 2)

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


"හේෂාන් එහෙම පිරිමි ළමයෙක් නෙවෙයි කියලා ඔයා හොඳටම දන්නවනෙ."


"පිරිමි ගෑනු වගේ නෙවෙයි මිස්ටර් හයිසන්බර්ග්. තමන්ට හැඟීම් පාලනය කරගන්න බැරි උනාම පිරිමි ඒක කොහොම හරි නිදහස් කරගන්නවා. මොකද පිරිමින්ට ඒක කරලා, තමා ඒ දේ නොකරා වගේ ජීවත් වෙන්න පුළුවන්. ඒත් ගෑනියෙක්ට කවදාවත් එහෙම කරන්න බෑ. ඉතින් කාටද කියන්න පුළුවන් ඒ දේ ටනාෂියාගෙ කැමැත්තට විතරක්ම උන දෙයක් කියලා."


"ඒ කියන්නෙ ඔයාට හේෂාන් ගැන විශ්වාසයක් නැද්ද."


"තියනවා. මම අදටත් වැඩිපුරම විශ්වාස කරන එකම පිරිමියා එයා. ඒත් එයාගෙ හැඟීම් එයාට පාලනය කරගන්න බැරි බවත් මම හොඳටම දන්නවා. ඒ නිසා මම මේ වෙලේ කවුරුත් කියන කිසිම දෙයක් ගැන විශ්වාසයක් තියන්නෙ නෑ."


කී සැරයක් නම් හේෂාන් මාව කිස් කරාද, මට ලං වෙන්න හැදුවද. ඉස්සර සන්සුන්ව හිටපු එයා දැන් කන්ට්‍රෝල් ලොස්ට් වෙච්ච මනුස්සයෙක් වෙලා. එයා එහෙම වෙනස් වෙන්න ඇත්තේ ටනාෂියාව ආශ්‍රය කරපු දවසෙ ඉඳන්ම වෙන්න ඇති. ඒ නිසාමයි මම එදා ප්‍රොජෙක්ට් එකට සයින් කරන වෙලේ හේෂාන් එක්ක ඩීල් එකකට ආවේ. ආයෙමත් ටනාෂියාට ලං වෙන්න එපා කියලා. මගෙ කීම අහලාවත් එයා ටනාෂියාගෙන් වෙන් වෙලා නම් මට කිසිම ප්‍රශ්නයක් නෑ.


"ඔයා හේෂාන් නිසා හිත රිද්දගෙන, මම ටනාෂියා නිසා හිත රිද්දගෙන. ඔයා ගැන ආරංචි උනාමයි මම ඔයාව හොයාගෙන ආවෙ මේ ගැන කතා කරන්න. මොකද අපි එකතු උනොත් ටනාෂියාවයි හේෂාන්වයි වෙන් කරන්න පුළුවන්."


"හ්ම්ම්.. ඇත්තටම ජෝන් මට දුන්නෙ හොඳ අයිඩියා එකක්. ඒත් ඔයා දන්නවද හේෂානුයි ටනාෂියායි තාමත් එකතුද කියලා ?"


"මම දන්න හැටියෙන් එයාලා දැන් සෙපරේට් වෙලා ඉන්නේ. ඒත් ටනාෂියා වැඩේ අතාරින පාටක් නෑ. හේෂාන් ලස්සනයි, එයාට ඉක්මනින් උණුවෙන හදවතක් තියෙනවා, සල්ලි තියෙනවා. ඉතින් ටනාෂියා මේක අතාරින්නෙ නෑ මොන දේ කෙරුවත්."


"ඒත් හේෂාන් තවත් එයා පස්සෙන් යන්නෙ නැත්තම් එයාට හේෂාන්ට ලං වෙන්න චාන්ස් එකක් ලැබෙන්නෙ නෑ නේද."


"ඔව් ඒක හරි.


හේෂාන් ටනාෂියාගෙන් වෙන් වෙලා ඉන්නවා නම්, ටනාෂියා විතරක්ම තාමත් හේෂාන් පස්සෙන් යන්න උත්සහ කරනවා නම් මේක සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දාන්න අපිට අමාරු වෙන එකක් නෑ. ටනාෂියාව ආයෙමත් ජෝන්ට ලං කරගත්තා නම් ටනාෂියාට නිකන්ම හේෂාන්ව අතෑරෙනවා. ඒත් ඒ අතරින් හේෂාන්වත් වෙන පැත්තකට අදින්නම වෙනවා. ඒක මට කරන්න බෑ මොකද හේෂාන්ගෙ ෆියන්සි ඉන්න නිසා. හැබැයි රාදිතාට පුළුවන් උනොත් හේෂාන්ව එයාගෙ පැත්තට නම්ම ගන්න, මගේ ප්ලෑන් එක සාර්ථක වෙනවා.


"අවුල් යන්නෙ නැත්තම් මම ඔයාගෙන් දෙයක් අහන්නද ?"


"කියන්න."


"ඔයාට හේෂාන් එක්ක එෆෙයා එකක් පටන් ගන්න බැරිද."


මම හිතන්නවත් ආස නැති පවුකාර හැඟීමක් ඒක. එයාගෙ මිස්ට්‍රෙස් වෙලා මට බෑ එයාගෙ ලයිෆ් එක විනාශ කරලා දාන්න. මොකද මගෙ හිතේ එයාට තියෙන ආදරේ රබර් එකක් වගේ ඒ මේ අතට නැවෙන්නෙ නෑ. අනික හේෂාන් එයාට ලං වෙලා ආයෙමත් ඈත් වෙලා යන දේවල් ලේසියෙන් අමතක කරන්නෙ නෑ. ඉතින් මේ වතාවෙත් මම එයාට ඉස්සර වගේම ලං උනොත් එයාගෙ මැරේජ් ලයිෆ් එක අන්සක්සස්ෆුල් වෙලා මගෙන් තොර ලෝකයක් නැති වෙලා යාවි.


"ප්ලීස්.. ආයෙ මගෙ කන් දෙකට ඇහෙන්න ඒ වගේ දෙයක් කියන්න එපා. මම ආස නෑ ඒ වගේ දෙයක් මතක් කරන්නවත්."


"I am so sorry මිස් රූපසිංහ.. මම ඒක වැඩිය හිතලා නෙවෙයි කිව්වේ."


"කමක් නෑ. ඒත් ඊට වඩා දෙයක් වෙන්න ඕනි ටනාෂියාගෙ පැත්තෙන්. ඔයාට පුළුවන් නම් ටනාෂියාව ආයෙමත් ඔයා ලඟටම ගන්න, අපිට වෙන මුකුත් කරන්න ඕනි වෙන එකක් නෑ."


"ඒත් කොහොමද ?"


"ඒක තමයි මටත් තියෙන ප්‍රශ්නේ."


මම කල්පනා කලා ඒක කොහොම කරන්නද කියලා. ඒත් දැන් මගෙ හිත කලබල නිසා මට ඒක කරන්න විදිහක් නෑ. නිදහස් වෙලාවක ගෙදරට වෙලා ඒ ගැන කල්පනා කරද්දි නම් මට වෙන්න ඕනි දේ හිතාගන්න පුළුවන් වේවි.


"Excuse me මෑම්.."


එකපාරටම ඈශ්ලි ඇවිත් මට කතා කරා. ඒ නිසාම මම ජෝන්ට කියන්න හදපු එකත් නවත්තලා නිශ්ශබ්ද වෙලාම කෙල්ලගෙ මූණ දිහා බැලුවා.


"මෑම්ව මීට් වෙන්න අහස් සර් ඇවිත් ඉන්නවා."


"මාව මීට් වෙන්නද නැත්තම් සංජානාව මීට් වෙන්නද."


"ඇවිල්ලා නම් දැන් ටිකක් වෙලා."


"හ්ම්.. එයාට ගාඩ්න් එකට එන්න කියන්න."


"හරි මෑම්."


අහසුත් ඇවිත් තියෙන්නේ මට විශේෂ දෙයක් කියන්න වෙන්න ඇති. හැබැයි අද නම් මම කොල්ලගෙන් අහනවා සංජානා එක්ක එෆෙයා එකක් හොරෙන් පටන් අරන්, අපිට කිව්වෙ නැතුව හිටියෙ ඇයි කියලා.


"එහෙනම් මම යන්නම් මිස් රූපසිංහ. මට කියන්න ඕනි දේවල් හැමදෙයක්ම මම ඔයාට කිව්වා."


"Okay.. මම කැමතියි ඔයාගෙ ඩීල් එකට. අපි මේ ගැන තව ටිකක් හිතලා මොකක් හරි ප්ලෑන් එකක් හදමු."


පුටුවෙන් නැගිටලා මම ජෝන් එක්ක හෑන්ඩ් ශේක් කලේ එයාගෙ අදහසට මගෙ එකඟතාවය 100% ක්ම තියෙන නිසා. හේෂාන්ට හොඳක් වෙනවා නම්, ටනාෂියා කියන පිළලේ එයාගෙන් ඈත්වෙලා යනවා නම් මම මේ වගේ තීරණයකට අකමැති වෙන එක කරන ලොකුම මෝඩකමක්.


"ඒකට මිස් රූපසිංහ මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නේ ?"


"මට මුකුත් ඕනි නෑ මිස්ටර් හයිසන්බර්ග්. මම ඔයාගෙන් මෙවෙලෙ බලාපොරොත්තු වෙන්නෙ එකම එක පුංචි දෙයයි."


"ඒ මොකක්ද ?"


"ඔයා මැග්නට් එකක් වගේ වෙන්න. පුළුවන් තරම් ටනාෂියාව ඔයා ලඟට ඇදලා ගන්න බලන්න. ඊට පස්සෙ එයාගෙ හිත දිනාගන්න බලන්න. මට ප්ලෑන් එකක් තිබ්බොත් මම ඔයාට ඒ ගැන දැනුම් දෙන්නම්."


"Okay.. මම මගේ උපරිමෙන්ම කරනවා."


"Glad to hear."


මගෙත් එක්ක හෑන්ඩ් ශේක් කරපු ජෝන් එතනින් යන්න ගියා. තඹ කොණ්ඩෙට දුඹුරු පාට ඇස් තියෙන උස මහත ගානට තියෙන ඒ ලස්සන කොල්ලව අතාරින්න තරම් ටනාෂියා මෝඩ උනේ කොහොමද. අනික එයා ටනාෂියාට තාමත් ආදරෙයි වගේම, ඒ කෙල්ලව බලාපොරොත්තු වෙනවා මොන වැරැද්ද කලත්. එහෙම පිරිමි ළමයෙක් නම් ආයෙ එයාට ජීවිතේට ලැබෙන එකක් නෑ. බැරි වෙලාවත් මම ටනාෂියා කරපු වැරැද්දම කරලා තිබුණා නම් හේෂාන් මාව අතෑරලා දැන් අවුරුදු ගාණක්. එහෙව් එකේ ජෝන් වගේ එයාව කලින් තත්වෙට හදාගන්න දඟලන පිරිමි ළමයෙක් වටින්නෙ නැද්ද එයාට.


"මෙයාව දැන් මීට් වෙන්න අපිට තියන අමාරුව."


හේෂාන් වගේම ඇනුම් පදයකුත් කියාගෙන අහස් ඇවිත් මගෙ ඉස්සරහා පුටුවෙන් ඉඳගත්තා. මම මුකුත් නොකියා කොල්ලා දිහා රවලා බලාගෙන හිටියා. මගෙ වෙනස තේරිලාද කොහෙද එයා ඔළුව පොඩ්ඩක් ඇල කරලා අමුතු විදිහට හිනා උනා.


"ඇයි ?"


"මමයි අහන්න ඕනි ඇයි කියලා."


"ඇයි ඇත්තටම ?"


"ඔයාලා මේ මින්දිට හොරෙන් මොනා හරි කරන්න හිතාගෙන ඉන්නවා නම් මේක මතක තියාගන්න අහස්."


"මොකක්ද 🙄."


"ඔයාලාට රැවටෙන්න මම පඹයෙක් නෙවෙයි. ඔයාලා හැරෙද්දිම මම හොඳට දන්නවා, ඔයාලා එන්න හදන පොට."


"කියන දෙයක් තේරෙන්න කියන්නකො."


"මෙච්චර කියද්දි ඔයා නොදන්නවා වගේ රඟපාද්දි මට මේ මල් පෝච්චිය ඔයාගෙ ඔළුවට අතාරින්න හිතෙනවා ඇත්තමයි 😑."


ළඟ තිබ්බ පතොක් පැලේ උස්සලා මම එහෙම කියද්දි මෙයා හිනා වෙනවා. ඇත්තටම මෙයත් හරි කපටියෙක්. ඔව් ඒක එහෙම වෙන්න එපැයි. මේ ඉන්නෙ පොඩි කාලෙ ඉඳන් හේෂාන්ගෙ අතිජාත මිත්‍රයානේ. මොන ගොං වැඩේ කලත් ඒ කාලෙ දෙන්නා එකටමනේ කලේ. මට මතකයි නුවන්ති අම්මා ඇල්බම් එක පෙන්නද්දි ෆොටෝ එකක් තිබුණා, මෙයයි හේෂානුයි මඩ වලක පෙරලිලා මඩ නාගෙන හිටපු හැටි.


"ඇත්තටම මට තේරෙන්නෙ නෑ ඔයා කියන දේ."


"සජී එක්ක එෆෙයා එකක් පටන් අරන්, අපිට හොරෙන් ඇවිදින්නත් ගිහින්, රෙස්ටුරන්ට් ගානෙ ගිහින් කාලා බීලා, ගෙදර යන්න කලින් හග් කරලා කිස් කරලත් යන්නේ. හිතුවද අපි දකින්නෙ නැතිවෙයි කියලා."


මම එහෙම කියද්දි අහස් හිනා වෙනවා. ඇත්ත එළි උනාම හැමෝම කරන්නෙ හිනා වෙලා මගාරින්න හදන එකනේ. ඒත් මෙයාට බැරි නම් සජීටවත් මට කියන්න තිබුණානේ ඒ දෙන්නා එෆෙයා එකක් පටන් අරන් කියලා. ඒ බවක් දන්නෙ නැතුව මායි දුල්නෙත්මියි දෙන්නා තමා කන්ෆියුස් වෙන්නේ මේවා දැකලා.


"Sorry ඉතින්. ඒක හදිසි තීරණයක්."


"ඔයාට බැරි නම් සජීටවත් මේ ගැන කියන්න තිබුණා මට. ඇයි මගෙ ඇස්වහ වදී කියලා බයයිද ඔයාලට."


"එහෙම එකක් නෑ මින්දි. සංජනා මට කැමැත්තෙන් හිටියා කියලා මම දන්නවා එදා ඉඳන්ම. එයාටත් මගෙ කිසිම අකමැත්තක් නෑ. So අපි එෆෙයා එකක් පටන් ගත්තා. බොරුවට අපි දෙතැනකට වෙලා ඉඳලා වැඩක් නෑනේ."


"එෆෙයා එක පටන් ගත්තු ගමන් දෙන්නා එක්ක එහෙ මෙහෙ ඇවිදින්න ගත්තද ?"


"ඇත්තටම කියනවා නම් ඔයාලා ගොඩාක් දේවල් දන්නෙ නෑ මින්දි 😌."


"මොනවද මම දන්නෙ නැත්තේ ?"


"අපි මේ එෆෙයා එක පටන් අරගත්තේ ඔයා අක්කයි අයියයි දෙන්නා ලඟට ගියපු දවසට පස්සෙ දවසේ."


"What."


.................................................. 🖤 ...


දැන් ඔයාලට, හේෂාන්ගෙයි ටනාෂියාගෙයි අතර තියෙන කනෙක්ෂන් එකේ ඇත්තම කතාව ගැන යම් දෙයක් තේරෙනවා ඇති


ඔයාලගෙ අදහස් මට කියන්න. මම ආසයි ඒවා කියවන්න, කොච්චර බිසී උනත්. ට්‍රේන් එකේ යද්දිත් මම ඒවා කියව කියව හිනා වෙවී යන්නේ 🤧


Sachy Collins

Report Page