Spring is far away - 75
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 75 | Daughter in law
"මින්දි."
"අරුෂි මැඩම්."
ඈශ්ලි කිව්වා හරියටම හරි. මාස හයක හතක රවුම් බඩක් තියෙනවා දැන් අරුෂිට. ඒ කියන්නේ මම නොදැනුවත් උනාට එයා මැරි කරලා ඉන්න ඇති. නැත්තම් මෙහෙම වෙන්න බෑනේ.
"ඔයාගෙ නම්බර් පවා චේන්ජ් කරලානේ. ඉතින් මට කන්ටැක් කරගන්න බැරුව හිටියේ."
"එහෙමද.. ඉඳගන්න හිටගෙන ඉන්න එපා."
මම එහෙම කියද්දි එයා ඉඳගත්තා. මාත් ඉස්සරහාම තිබුණු සුදු පාට තනි සොෆා එකෙන් ඉඳගෙන වැඩ කරන ගෑනු ළමයෙක්ව ඇඟිලි දෙකෙන් සංඥාවක් දීලා අරුෂිට මොනා හරි හදාගෙන එන්න කිව්වා.
"අරුෂි මැඩම්......"
"දැන් මට මැඩම් කියන්න එපා මින්දි. මම දැන් ඔයාට වඩා පහත්."
එයා එහෙම කියද්දි මම වීදුරුවෙන් එළිය බලාගෙන හිනා වුණා. උදේට වැටෙන ඉර එළියෙන් මුළු ලොබී එකම එළිය වෙලා තිබුණා. ඒත් අරුෂි මැඩම් කිව්ව කතාවෙන් මගෙ මූණ නම් අඳුරු වුණා.
"මම එහෙම කියලා තිබුණද කොතනක හරි ?"
"නෑ.. ඒකනේ ඇත්ත."
"ඔයා සම්පූර්ණයෙන්ම වැරදියි අරුෂි මැඩම්. ඔයා මගෙ මාස්ටර්. ඔයා තමයි මට හැමදෙයක්ම ටීච් කලේ. යුවසිංහ ගෲප් එකේ හිටපු කයින්ඩ් ම මැනේජර් ඔයා. ඒක මම විතරක් නෙවෙයි, යුවසිංහ ගෲප් එකේ වැඩ කරන හැමෝම දන්නවා. අනික මම අද මෙතන ඉන්නේ ඔයා නිසා. ඔයා තමයි මට මුල අල්ලලා දුන්නේ."
මම එයාට සිංහලෙන්ම කිව්වේ එයාගෙ කටින් ආයෙමත් ඒ වගේ දෙයක් අහන්න ආස නැති නිසා. මම දැන් අනිත් සමහර අයට වඩා උසස් ඇති. ඒ වගේම මම ඒ පහත් අයට පහත් විදිහටම සලකනවා ඇති. ඒත් මට ඒක අරුෂි මැඩම් වගේ හොඳ ගෑනු ළමයෙක්ට කරන්න බෑ. රාදිතා, ටනාෂියා වගේ අයට මම කොහොම කතා කලත් මට බෑ අරුෂි මැඩම්, අභිමානි වගේ මගෙ හිත හදපු අයට ලොකුකම් දාලා ලොකු කතා කියන්න.
"ප්ලීස් ආයෙ ඔය වගේ දේවල් මතක් කරන්න එපා. I don't like it."
"හ්ම්ම්."
මම හොඳට අරුෂි මැඩම්ගේ මූණ බැලුවා. එයාගෙ මූණ පිම්බිලා, ඇඟත් පිරිපුන් වෙලා ඉස්සරට වඩා මහත් වෙලා. එහෙම වෙන්න ඇත්තේ එයා ප්‍රෙග්නන්ට් නිසා වෙන්න ඇති. මට අහන්නත් ආසයි ඇතුළෙ ඉන්න කෙනා ගැන. ඒත් මම එහෙම අහන එක හරි නෑ වගේ කියලත් දැනෙනවා.
"මැඩම් මැරි කරලද හිටියේ."
"ඔව්.. මම මැරි කරලනේ හිටියේ ඒ දවස් වල ඉඳන්."
"දැන් එයාට මාස කීයක්ද ?"
"මාස හතක්."
"ඇයි මෙච්චර අමාරු තියාගෙන මාව බලන්න ආවේ. ඈශ්ලිට මැසේජ් එකක් තියලා ගියා නම් මම බලන්න එනවනේ."
"මට එහෙම අමාරු නෑ මින්දි. මම තාමත් ඔෆිස් යනවා. අදත් ඔෆිස් එකට යන්න කලින් ඔයාව බලලා යන්න ආවේ. දොළදුකක් තිබුණා මට ඔයාව බලන්න."
එයා හිනා වෙලා එහෙම කියද්දි මම එයාගෙ ඉස්සරහට නෙරා ආපු බඩට අත තිබ්බා. එයා කොච්චර වාසනාවන්තයිද තමන් ආදරේ කරන කෙනාගෙ දරුවා මෙහෙම තමන්ගෙම බඩේ දරාගෙන ඉන්න. හැමෝටම ඒ වගේ ලස්සන හීන හැබෑ උනත් මට කවදත් මේ වගේ දේවල් හීනම වේවි. මොකද මම ආදරේ කරන කෙනා මට අයිති නැති නිසා.
"දුවෙක්ද පුතෙක්ද ?"
"දුවෙක්."
"වාව්.. එහෙනම් මැඩම් ෆියුචර් එකේ ඕවර්ටයිම් වැඩ කරන්න බලාගෙන ඉන්න. ලොකු උනාම මෙයා ඉල්ලන ඉල්ලන ඒවා අරන් දෙන්නත් වේවිනේ 😄."
"මටත් බය තියෙන්නෙ ඒක තමයි. දැනටමත් එයාගෙ රූම් එක හදලා ඉවර කරන්නම එකයි පනහකට වඩා ගියා. අනික ඇඳුම්, සපත්තු හැමදේම කාලෙන් කාල්ට ගන්න එපැයි."
"ඔව් නේද.. ඒත් එතකොට මැඩම්ගෙ හස්බන් කව්ද. මම එයාව දැකලාවත් නෑනේ. එයා මෙහෙ නෙවෙයිද ඉන්නේ ?"
"නෑ එයා ඉන්නෙ කොරියා වල. දැන් මම ප්‍රෙග්නන්ට් නිසා ලංකාවට වෙලා ඉන්නවා."
"එහෙමද."
අපි කතා කර කර ඉද්දි ගෑනු ළමයෙක් ඇවිත් වැනිලා කෝපි දෙකක් ටේබල් එක උඩින් තිබ්බා. එකක් අරුෂි මැඩම්ට දීලා මම ඉතුරු වුණ කොප්පෙ මගෙ අතට අරගත්තා. සීනි කැට වලින් දෙකක් මැඩම්ගෙ කෝප්පෙටත් දාලා මගෙ එකටත් මම දාගත්තේ අඩු සීනි ඇඟට හොඳ නිසා.
"ඔයා ගියාට පස්සෙ අපේ කම්පැනි එකට ඔයා වගේම හොඳ ගෑනු ළමයෙක් ආවා. එයා කස්තුරි. වැඩිය කා එක්කවත් කතාවක් නෑ. හැබැයි ඔයා වගේම හොඳට වැඩ කරනවා."
අරුෂි මැඩම් කියද්දි මට මතක් උනා මම යුවසිංහ ගෲප් එකෙන් එළියට බැහැපු විදිහ. රෙසිග්නේෂන් අරගෙන එන්ට්‍රෙන්ස් එක ගාවින් යද්දි ගෑනු ළමයෙක් මගෙ ඇඟේ හැප්පුණා. එයාට ෆාතිමා කතා කළේත් 'ඇසිස්ටන්ට් මැනේජර් කස්තුරි' කියලා. ඒක ඇහුණ වෙලේම මම විශ්වාස කලා ඒ මගෙ තැනට ආපු කෙනා කියලා. ඉතින් මම හිතපු එක හරියටම හරි.
"ඔයාලා අපි එක්ක එකතු වෙලා ඕෆනේජ් එකක් හදන්න නේද හදන්නේ ?"
"ඔව්.. හේෂාන් අපේ අයියා එක්ක ඇග්‍රීමන්ට් සයින් කරලා තිබුණා."
"හ්ම්ම්.. දැන් මිස් ටනාෂියා වැඩිය එන්නෙත් නෑ. එයාගෙ ප්ලේස් එකේ ඉන්නෙ අභිමානි. සර්ගෙ Cousin කෙනෙක් නිසා එයා සර්ගෙ පිළිවෙලටම වැඩ කරනවා."
"ඒක හොඳයි."
"දැන් මින්දි මොනවද කරන්න හිතන් ඉන්නේ."
"මැඩම් අහන්නේ මොන වගේ දේවල්ද ?"
"මම කිව්වේ ෆියුචර් එක ගැන. මින්දි මැරි කරන්නෙ නැද්ද කාවවත්. දැන් තිස් එකක්නේ වයසත්. අපරාදෙ තව හිටියොත් 🤔."
අරුෂි මැඩම් එහෙම කියද්දි මම සෝෆා එකෙන් නැගිටලා ග්ලාස් එක ලඟට ගියා. උදේම වතුර දාලා නිසා වටේම තිබුණු මල් පැල වතුර බිංදු වලින් දිළිසුනා අව්වට. ඒත් ඒ ලස්සන දසුන දිහා බලාගෙන මම සෘණාත්මක සිතුවිලි මගෙ මනසට ඇතුළු කරගන්නවා.
"මට හීනයක් තිබුණා එයාගෙ වෙන්න. ඒත් අපි කවදාවත් එකතු වෙන්නෙ නැතිවෙයි."
"ඒ කියන්නේ මින්දිට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියද ?"
"නෑ.. එයා බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් නෙවෙයි.. ඊට වඩා ලොකු දෙයක්."
"ඒ මොකක්ද ?"
"මගෙ සැනසීම.. ඇත්ත මින්දි හිටියේ එයා ළඟ. ඒත් එයා මගෙන් ඈතට යද්දි එයා මට ඒ පරණ මින්දිව අයෙ දුන්නෙ නෑ. ඒ වෙනුවට මට සිද්ධ වුණා අලුත් මින්දි කෙනෙක් මට හදාගන්න."
"ඒ කියන්නේ මේ මින්දි මේ තරම් වෙනස් වෙන්න හේතුව එයාද ?"
"ඔව්.. මගෙ වෙනස්වීමක් වෙන හැම වෙලාවකම ඒ වෙනසට හේතුව එයා. මොකද එයා වෙනුවෙන් මගෙ හිතේ තියෙන ආදරේ මටම අනුකම්පා කරලා මාව වෙනස් කරනවා."
පරණ මතක ආයෙත් ඇවිස්සිලා ඇස් වලින් කඳුළු එන්න ඔන්න මෙන්න තියෙද්දි මම අනිත්පැත්තට හැරිලා ඇවිත් සෝෆා එකෙන් ඉඳගත්තා. මම කෝපි එකෙන් උගුරක් දෙකක් බොන්න පටන් ගද්දි අරුෂි මැඩම් එයාගෙ කෝප්පෙ හිස් කරලත් ඉවරයි.
"මින්දි තනියම ඉන්නවා නම් එහෙම ඉන්න. ඒත් හිතට එකඟ දේ කරන්න. අනිත් අය කරන කියන දේවල් අහලා ඒ දේම කරන්න යන්න එපා."
"හ්ම්.. මම ස්වාධීනයි කොහොමත්."
"ඒක හොඳයි. බැරි වෙලාවත් අයියා ඔයාට බල කළොත් කෙනෙක්ව මැරි කරන්න, ඒක නම් කරන්න එපා ඔයාගෙ අකමැත්තෙන්. මොකද අකමැත්තෙන් කෙරෙන දෙයක් නිසා විඳවන මිනිස්සු මම දැකලා තියෙනවා."
"ඔයාලගෙ CEO වගේද ?"
"ඔව් සර් තමයි."
අරුෂි මැඩම් එහෙම කියද්දි මම ඔළුව උස්සලා එයා දිහා බැලුවා. මම හේෂාන්ව මෙන්ශන් කලේ සමච්චලයට වගේ. ඒත් අරුෂි මැඩම් සීරියස් මූණක් හදාගෙන කියන දේවල් මට විශ්වාස නොකර ඉන්න බැරි වුණා තවදුරටත්.
"රාදිතා මැඩම්ගෙයි හේෂාන් සර්ගෙයි මැරේජ් එක වෙන්නෙ එයාලගෙ දෙමව්පියන්ගෙ කීමටලුනේ. ඒත් හේෂාන් සර් ඒකට වැඩි කැමැත්තක් නෑ. එයා ඒකෙන් හරියට දුක් විඳිනවා."
"මැඩම් කොහොමද ඒක දන්නේ 😨."
"ඇත්තටම මම මේක මින්දිට කියන්න ඕනි දෙයක් නෙවෙයි. මට එක දවසක් හේෂාන් සර් අහස් සර් එක්ක කතා කරනවා ඇහුණා. එතකොට සර් කිව්වා මොකක්ද කොළ දෙකක් ගැන. ඒ ගැන දැනගත්තම රාදිතා මැඩම් ගැන කලකිරුණා කිව්වා. අනික මේ ගැන තවත් දේවල් හොයන්න ඕනි කිව්වා."
කොළ දෙකක් කියලා හේෂාන් අදහස් කලේ මොකක්ද. අනික ඒ කොළ දෙකේ රාදිතා ගැන මොනවද තියෙන්නේ. අරුෂි මැඩම් කිව්ව විදිහට අහස් මේ වෙන හැමදෙයක්ම දන්නවා. සජීට ශේප් එකේ එයාගෙන් අහගන්න කිව්වොත් මේක, මට දැනගන්න පුළුවන් ඔය රාදිතාගෙ පේපර්ස් දෙක මොනාද කියලා. ඒත් මොකටද මට අනුන්ගෙ කුණු ?
නෑ ඒ අනුන්ගෙ කුණු නෙවෙයි. හේෂාන්ට මම ආදරේ කරනවා. එයා බැරිවෙලා වත් රාදිතාව මැරි නොකර හිටියොත් එයාගෙ ජීවිතේ අනතුරේ වැටෙන්න බැරි නෑ. මොකද ඇන්ඩෲස් කියන මිනිහා කපටියි. ඒ මිනිහා කරන්න තියෙන හැමදෙයක්ම කරලා තියෙයි හේෂාන්ව වට්ටලා දාන තරමට. ඒත් එයාට එහෙම වෙනවා බලන් ඉන්න මට බෑ.
"මං යන්නද මින්දි. අද නිව් ඉයර් එකේ ෆ්‍රස්ට් ඩේ එක නිසා කලින් ඔෆිස් එකට යන්න ඕනි."
මම කල්පනා කර කර ඉද්දි අරුෂි මැඩම් එහෙම කියලා සෝෆා එකෙන් නැගිට්ටේ හිස් වුණ තේ කෝප්පෙත් මේසෙ උඩින් තියන ගමන්. පේපර්ස් දෙකේ කතාවත් හිත යට තැන්පත් කරගෙන මමත් සෝෆා එකෙන් නැගිට්ටා.
"මම කිව්ව දේ කාටවත් කියන්න එපා ඔයා."
අරුෂි මැඩම් හොරෙන් අහගෙන ඉන්න ඇත්තේ කාටවත් කියන්න නෙවෙයි වෙන්න ඇති. මම ඒ රහස රකිනවා වගේම, මේ කතාවේ ඇත්ත නැත්තත් සුළුවට හරි දැනගන්න ඕනි.
"හරි මම එහෙම කරන්නම්."
"එහෙනම් මං යන්නම් මින්දි. අපි ආයෙ දවසක මීට් වෙමුකෝ."
"මැඩම් මගෙ නම්බර් එක ඉස්සරහා ඉන්න ගර්ල්ගෙන් ඉල්ලගන්න. එතකොට මට මැඩම්ව කන්ටැක් කරගන්න පුළුවන්නේ."
"හරී."
මැඩම් ඈතට යනකම් බලන් ඉඳලා මමත් තනියම මගෙ රූම් එකට ගියා. හේෂාන් කියපු ඒ කොල දෙක ඇතුලේ තියෙන්නේ මොන වගේ දේවල්ද කියලා මට දැනගන්න අවස්ථාවක් හම්බුණොත් ඒක ලොකු දෙයක්. එයාට රාදිතාව ඒ තරමටම කල කිරෙන්න තරම් ඒක ඇතුළෙ දෙයක් තියෙනවා නම් මට ඒක අනිවාර්යයෙන්ම දැනගන්න ඕනි.
"මෑම්."
ඒ පාර ඈශ්ලි මගෙ රූම් එකට ඇවිත් ෆයිල්ස් වගයක් ටේබල් එක උඩින් තිබ්බා. අද දවසටම මට මේ ටික ඇති මහන්සි වෙන්න.
"මම අර පාර්සල් එක හේෂාන් සර්ට යැව්වා."
"Good.. එයාට ඒක පැය දෙකක් ඇතුලත වගේ ලැබෙන්න ඕනි."
"දැනටමත් ඒක සර්ගෙ ගෙදරටම ගිහින් ඇති මෑම්."
"Good girl. එහෙනම් ඔයා කෝකටත් යුවසිංහ බන්ග්ලෝ එකේ ලෑන්ඩ් ෆෝන් එකට කෝල් එකක් දීලා කියන්න ඒ පාර්සල් එක එයාගෙම අතට දෙන්න කියලා."
"ඕකේ මෑම්."
මම ලැප් එක දිග ඇරලා දවස පටන් ගද්දි ඈශ්ලි රූම් එකෙන් එළියට ගියා කෝල් එක දෙන්න. ඊයෙ මගෙ අතින් වැරදිලා එයාගෙ ශර්ට් එකේ ලිප්ස්ටික් ගෑවුණා. ඒකට මම එයාට ඒ නිල්පාට ශර්ට් එක පාර්සල් කරලා යැව්වේ ණයකාරියක් වෙන්න බැරි නිසාමයි.
ඉර මුදුන් උනා 🌞..
රාදිතා යුවසිංහ බංගලාවට ඇතුල් වෙද්දිම ශෂීන්ද්‍ර පඩිපෙළ බැහැලා සාලෙට ආවා. බෑග් එක වන වනා එන රාදිතා දැක්කම ශෂීන්ද්‍රට පුදුමයි. මොකද මෙච්චර දවසක් රාදිතා ගෙදර පැත්තකටවත් ආවෙ නැති නිසා.
"දුව මෙහෙ."
"මට ගොඩ කාලෙකින් එන්නත් බැරි උනානෙ තාත්තාව බලන්න."
"ඒකනේ.. මාසෙකට විතර පස්සෙද කොහෙද."
"ඔව් නේ."
"ඉඳගන්න ඇවිත්."
රාදිතා ඔළුව වනලා ඇවිත් සෝෆා එකකින් ඉඳගත්තා. මිස් යුනිවර්ස් උන නිසා රාදිතාට දැන් වැඩිය එළියට බහින්නත් බෑ. ඒ වගේම ගොඩාක් ප්‍රෝග්‍රෑම් වලින් එයාට ආරාධනා එනවා. මිස් යුනිවර්ස් වෙලා මාසයකට පස්සෙ වගේ තමයි කෙල්ල ලංකාවට ආවෙත්. මොකද එච්චර කාලයක් එයා එහෙ ප්‍රෝග්‍රෑම් වලට ගියානේ.
"තාත්තා.. අපේ ඩැඩී කිව්වා මැරේජ් එක ටැමිල් නිව් ඉයර් එක පහුවෙලා ලඟම ඩේට් එකකට දාගමු කියලා."
"එහෙමද.. හැබැයි ලොකූගෙන් නම් තාම ඒ ගැන සද්දයක් නෑ. දුව ඒක එයාට කිව්වද ?"
"ඔව්.. ඒත් එයාත් මට මුකුත් කිව්වෙ නෑ තාත්තා."
"එයා මේ ටිකේ බිසී. දැන් අලුතෙන් ප්‍රොජෙක්ට් එකක් කරනවනේ ඕෆනේජ් හවුස් එකක් හදන එකක්. ඒ නිසා අනිත් දේවල් ගැන වැඩිය කෙයා කරන්නෙ නෑ."
"හ්ම්ම්. ඒත් එහෙමයි කියලා අපේ මැරේජ් එක නම් තවත් ලේට් කරන්න බෑ තාත්තා. දැන් මුළු වර්ල්ඩ් එකම දන්නවා අපි මැරි කරන්න ඉන්නවා කියලා."
"I can understand දුව. මම ලොකූගෙන් අහලා කියන්නම්."
"ඒක හොඳයි තාත්තා. අනික මම හිතුවා අපේ වෙඩින් සෙරමනි එකේ තීම් කලර් එකට වයිට් ඇන්ඩ් ලයිම් ග්‍රීන් ගන්න. ෆ්‍රෙශ් ෆ්ලවර්ස් ගත්තා නම් මාරම ඩීසන්ට්."
රාදිතාට කියව කියව ඉද්දි මතක් උනා මින්දිව. සාමාන්‍යයෙන් කෙල්ල ගෙදරට දවස් දෙක තුනකට සැරයක් කෝල් එකක් ගන්න බව රාදිතා හොඳටම දැනගෙන හිටියා. අනික මින්දි තාමත් තේෂාන්ගෙ ෆියන්සි නිසා යුවසිංහ බංගලාව එක්ක කනෙක්ෂන් එකක් තියන එකත් රාදිතාට නොරිස්සන කරුණක්.
"තේෂාන් ගැන කොහොමද තාත්තා ?"
"දෝණි කියනවා එයාලට තව කල් ඕනි කියලා. ඒ නිසා එයාලා එහෙම හිටපුවාවේ. අනික අපිට ඕනි විදිහට එයාලගෙ මැරේජ් එක වෙලා වැඩක් නෑනේ."
නුවන්තිගෙ අවසාන බලාපොරොත්තුව වුණේ හේෂාන් රාදිතාව මැරි කරනවා බලන්නයි. ඒකයි ශෂීන්ද්‍ර තවමත් මේ මැරේජ් එක නොකඩා ඉදිරියටම කරගෙන යන්නේ. ඒත් අද වෙනකම් එයා තාත්තා හැටියට පුතාගෙන් අහලා තියෙනවා දහස් වතාවකට වඩා, මේ මැරේජ් එක කැමැත්තෙන් වෙන එකක් නේද කියලා. ඒත් ඒ හැම වතාවකම හේෂාන් ඔළුව හොලවලා උත්තර දුන්නා 'ඔව්' කියලා.
"මම ජූස් එකක් හදන් එන්නම් දුවට."
"තාත්තා බොරුවට මහන්සි වෙන්න ඕනි නෑ අනේ."
"කමක් නෑ අද හීට් එක වැඩියිනේ. ලෙමන් ජූස් එකක්වත් කූල් එකට බොමු."
එහෙම කියපු ශෂීන්ද්‍ර කිචන් එකට ගියා. රාදිතා එයා යනවා බලන් ඉඳලා සෝෆා එකෙන් නැගිටලා සාලෙ වටේට රවුමක් ගියා. නුවන්ති ගෙදර නැති නිසාමද කොහෙද වෙනදට වඩා ගෙදර පාළුයි කියලා කෙල්ලට දැනුණා. ඒ වගේම මූසල පාටකුත් සාලෙ පුරාවට විසිරිලා තිබ්බා.
☎️ ට්‍රිං ට්‍රිං ට්‍රිං
ගෙදර ලෑන්ඩ් ෆෝන් එකට එකපාරටම කෝල් එකක් එනවා ඇහිලා රාදිතා ෆෝන් එක තියලා තිබ්බ ස්ටෑන්ඩ් එක පැත්තට හැරුණා. ඒ එක්කම කාමරේකින් ආපු මේඩ් කෙනෙක් ඇවිල්ලා ෆෝන් එකේ ස්පීකර් එක අතට ගන්නයි හැදුවේ. ඒත්,
"Hey."
රාදිතාගෙ වචනෙට ගැස්සුන ළාබාල ගෑනු ළමයා තමාගෙ ඒප්‍රන් එකේ දෙපැත්ත තමන්ගේ අත් වලට මිරික ගත්තා. බිමට ඇස් හරවගෙන ඉන්න මේඩ් ලඟට ගියපු රාදිතා ඒ මූණෙ ඉඳන් යටිපතුල් වෙනකම්ම බැලුවා.
"මම මෙතන ඉද්දි තමුන් කොහොමද නොදැක්කා වගේ ගිහින් කෝල් එක ආන්ස්වර් කරන්නෙ ආ ?"
"සොරි මෑම්. මම මගෙ ජොබ් එක කලේ."
"ජොබ් එක.. හහ්.. එතකොට තමුන්ගෙ ජොබ් එක කෝල්ස් ආන්ස්වර් කරන එකද. මෙන්න මේක හොඳට අහගන්නවා වැඩකාර කෙල්ල. තමුන් යුවසිංහ ෆැමිලි එකේ ටු බී Daughter in law දැක්කම ඔහොමද ට්‍රීට් කරන්නෙ ආ. මේ මාව දැක දැක නොදැක්කා වගේ ගිහින් කෝල්ස් ආන්ස්වර් කරන්න තරම් තමුන් මට වඩා උසස් කියලද තමුන් හිතන් ඉන්නේ ?"
රාදිතා දත්මිටි කාගෙන බැනගෙන බැනගෙන යද්දි ඒ ගෑනු ළමයාගෙ ඇස් වලින් කඳුළු ඇවිල්ලා ටයිල් පොලව උඩට වැටුණා. කොච්චර සන්සුන් වෙන්න හැදුවත් එක පුංචි කාරණාවක් උනත් ඇති රාදිතාගෙ කලින් ගතිගුණ ඉස්මතු වෙන්න.
"තමුනුත් හිතන් ඉන්නවද ඕෆන් කෙනෙක් වගේ ඉඳලා අර මින්දි අමේලියා රූපසිංහ වගේ ලොකු තැනකට යන්න පුළුවන් වෙයි කියලා. එහෙනම් ඒක අමතක කරගන්නවා. මින් මනතට මේ රාදිතා, එයාට වැඩිය ඉහලට යන්න කිසිම කෙනෙක්ට ඉඩ තියන්නෙ නෑ. Did you hear that ?"
"යෙස් මෑම්."
"එහෙනම් මෙතනින් යනවා. හැබැයි ආයෙමත් දවසක මෙහෙම හැසිරුණොත් මම තමුන්ව යුවසිංහ බන්ග්ලෝ එකෙන් ලස්සනට අයින් කරලා දානවා."
රාදිතාට ඔළුව නමපු මේඩ් එතනින් ගියා. තමාට බය වෙලා යන මේඩ් දිහා කට කොනෙන් හිනා වෙලා බලන් හිටපු රාදිතා ෆෝන් එකේ ස්පීකර් එක උස්සලා තමාගෙ කන ලඟට ගත්තේ මේ වෙලාවේ යුවසිංහ බංගලාවට කෝල් කරන්නේ කව්ද බලන්න.
"හෙලෝ."
"හෙලෝ මේ යුවසිංහ බන්ග්ලෝ එකෙන්ද කතා කරන්නේ ?"
"Yes, මම බන්ග්ලෝ එකේ මේඩ් කෙනෙක්. ඔයාට කාවද කන්ටැක් කරගන්න ඕනි."
"නෝ තෑන්ක්ස්. මම කතා කරන්නේ ඈශ්ලි ස්ටෙලියානා. ඩී මාර්ටිනස් CEO මිස් රූපසිංහගේ ප්‍රයිවට් සෙකට්‍රි. මට මැඩම් හේෂාන් සර්ට මැසේජ් එකක් දෙන්න කිව්වා."
මින්දිගෙ ප්‍රයිවට් සෙකට්‍රි මෙහෙට මොකට කතා කරනවද කියන එක නෙවෙයි රාදිතාට තියෙන ප්‍රශ්නේ. මින්දි හේෂාන්ට දෙන්න හදන මේ මැසේජ් එකයි කෙල්ලට තියෙන දැවෙන ප්‍රශ්නේ. ඉතින් ඒ ගැන දැනගන්න ඕනි නිසාම රාදිතා තවදුරටත් මේඩ් කෙනෙක් වගේම කතා කලා.
"මොකක්ද මැසේජ් එක ?"
"සර්ට පාර්සල් එකක් එවනවා මැඩම්. ඒක සර්ගෙ අතටම ඔයාලා දෙන්න ඕනි. මොකද ඒක ස්පෙෂල් පාර්සල් එකක්."
"ඕකේ මම සර්ට කියන්නම්."
"Thank you."
ඈශ්ලි ෆෝන් එක කට් කරද්දිම රාදිතා ෆෝන් එකේ ස්පීකර් එක ආයෙමත් ෆෝන් එක උඩින් තියලා කල්පනාවකට වැටුණා. මින්දි ස්පෙෂල් පාර්සල් එකක් හේෂාන්ට එවන්නෙ ඇයි කියලා හිතා ගන්න බෑ කෙල්ලට කොච්චර කල්පනා කරත්. ඒත් ඔය පාර්සල් එකේ මොනවා හරි සිදුවීමක් හැංගිලා තියෙන බව රාදිතාට දැනුණා.
🎶 Ding Dong
ගෙදර බෙල් එක වදිද්දිම රාදිතා දොර පැත්තට හැරුණා. කෝල් එක ඉවර වෙලා විනාඩියක් යන්නත් කලින් පාර්සල් එක ගෙදරටම ඇවිත් ඉවරයි. දොර ළඟ ඩිලිවරි මෑන් කෙනෙක් හිටන් ඉන්නවා දැක්ක නිසා කෙල්ල එතෙනට ගියා.
"මැඩම් මේක හේෂාන් සර්ට."
"හරි මම මේක එයාට දෙන්නම්. But ඔයා ටිකක් ඉන්න ගේට් එක ලඟට වෙලා."
එහෙම කියපු රාදිතා ඒ පිරිමි ළමයාගෙ අතේ තිබුණු පාර්සල් එකත් අරගෙන ඉක්මනින් උඩ තට්ටුවට නැග්ගා. රාදිතා අන්තිමට කියලා ගියපු දේ නිසා ඒ පිරිමි ළමයා ගල් ගැහිලා වගේ බලාගෙන හිටියා. ශෂීන්ද්‍ර හදනවා කිව්ව ජූස් එක හදලා ඉවර කරන්න කලින් රාදිතා ඉක්මනින්ම හේෂාන්ගෙ රූම් එකට ගිහින් පාර්සල් එක ඇඳෙන් තියලා කතුරක් හෙව්වා. කොල්ලගෙ ලොකර් එක අරිද්දි කෙල්ලට කතුරක් හම්බුණා.
පාර්සල් එකට හානියක් නොවෙන විදිහට කොනකින් කොටසක් කපලා අයින් කරපු රාදිතා ඒ කවරෙ අතින් අල්ලගෙන අනිත්පැත්තට හරවලා ඇතුළෙ තියෙන දේ ඇඳ උඩට හැළුවා. ඊයෙ හේෂාන් මින්දිගෙ පාර්ටි එකට ඇඳගෙන ගියා වගේම ලා නිල් පාට ශර්ට් එකක් කවරෙන් එළියට ආවා. ඒ එක්කම සුදු පාට කාඩ් එකකුත් බිමට වැටුණා.
ශර්ට් එක එක අතකට ගත්තු රාදිතා ඒ වැටුණු කාඩ් එක අහුලගෙන කියවන්න ගත්තා. මේ කාඩ් එක මින්දි තමන්ගේ අතින්ම ලියපු කාඩ් එකක් බව කෙල්ලට තේරුණේ යටින් මින්දි කියලා සයින් එක තියෙනවා දැක්කමයි.
.... 💌 ....
මම මේ ශර්ට් එක ඔයාට එව්වෙ වෙන හේතුවකට නෙවෙයි හේෂාන්. ඊයෙ වැරදිලා ඔයාගෙ ශර්ට් එකේ මගෙ ලිප්ස්ටික් පාරක් වැදුණා. ඒක මගේ වරද. ඉතින් මේ ශර්ට් එක ඒ වෙනුවට මම දුන්නේ. මේක ඔයා බාරගනීවි කියලා මම හිතනවා.
මම Mindi
.... 💌 ....
මින්දි හේෂාන්ට එවලා තිබුණු ඒ මැසේජ් එක කියවලා රාදිතා ඒ කොලේ තනි අතට මිරිකුවා. මේ වෙන දේවල් වලින් හේෂාන් ආයෙමත් මින්දිට බැඳේවි කියලා කෙල්ල බයකින් ඉන්නේ. ඒකයි මේ තරම් එයාට තරහා යන්න හේතුව.
❝ හේෂාන්.. මේ ලිප්ස්ටික් පාර වැදුනේ කොහෙන්ද ❞
ඊයෙ රාදිතායි හේෂානුයි පාර්ටි එක ඉවර වෙලා ගෙදර එද්දි කළුවර වැටිලා. වාහනේ එනකම් කොල්ලගෙ උරහිසේ නිදන් ආපු රාදිතා ගෙදර ඉස්සරහා ඇහැරෙද්දි ඉස්සෙල්ලාම දැක්කේ ඇස් වලට කෙලින් පේන කොල්ලගෙ ශර්ට් එකේ කොලර් එකක තිබුණු තද රෝස පාට ලිප්ස්ටික් පාර. දැකපු වෙලේම රාදිතා හේෂාන්ගෙන් ඒ ගැන ඇහුවා.
❝ ඔයාට නින්ද ගිහින් හිටියේ රාදි. ඔයාගෙන් වදින්න ඇති ❞
හේෂාන් කිසිම ගාණක් නැතුව තමාගේ ප්‍රශ්නෙට උත්තර දුන්න විදිහ රාදිතාට මතක් වුණා. ඒත් කෙල්ල හිතුවෙ නෑ එවෙලෙ හේෂාන් තමන්ට කිව්වෙ බොරු කියලා. හැබැයි මින්දිගෙ මැසේජ් එක දැක්කම කෙල්ල ඇත්තම කතාව දැනගත්තා සාක්ෂි සහිතව.
"ඒ කියන්නෙ ඔයා මාව රැවැට්ටුවා හේෂාන්. මම නැති වෙලේ බීච් එකේදි මින්දි ඔයාව කිස් කරන්න ඇති. එතකොට මේක වදින්න ඇත්තේ. හැබැයි මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් ඔයා ඔයාගෙ ෆියන්සිට මේ තරම් බොරු කිව්ව එක වීරකමක් නෙවෙයි 😠."
ශර්ට් එකේ D Martinez කියලා එල්ලෙන ටැග් එක රාදිතා දැක්කා. ඒත් තව දුරටත් එයාට බලාගෙන ඉන්න බැරි වුණා මේ ශර්ට් එක දිහා. ලඟම තිබුණ කතුර අරගෙන රාදිතා ශර්ට් එක හැම අතටම කපන්න ගත්තා. ශර්ට් එකෙන් කැපිලා සමහර කෑලි බිමට වැටුණා. ඒ වගේම දැනටමත් ශර්ට් එක තැනින් තැනින් කැපිලා අඳින්න බැරි තත්වෙටම. තරහින් හිටපු රාදිතාට ඕනි වුණෙත් මේ පාර්සල් එකට මේ වගේ අවසානයක් දෙන්නමයි.
"මින්දි.. තමුන් හිතන්න එපා හේෂාන් එක්ක එකතු වෙලා මාව රවට්ටන්න. ඔයාගෙ ඔය ලයින් එක ඉක්මනින්ම ඩවුන් කරන්නම් මම."
කැපුණු ශර්ට් එකයි එකතු කරපු කෑලියි බෑග් එකට ආයෙමත් දාලා රාදිතා පාර්සල් එක තිබ්බ විදිහටම සෙලෝටේප් ගැහුවා. තමන් මින්දිට දකින්න ලියපු කොලයකුත් කෙල්ල ඒක ඇතුලට දාලා අතට අරගෙන සාලෙට ආවා. එළියට යද්දි ගාඩ්න් එකට වෙලා ඩිලිවරි කොල්ලා බලාගෙන ඉන්නවා එයාගෙ කීම අහලා.
"මේක එවපු ඇඩ්ඩ්‍රස් එකටම යවනවා පැයක් දෙකක් ඇතුලත. තේරුණාද තමුන්ට ?"
"ඕකේ මැඩම්."
රාදිතා පාර්සල් එක කොල්ලගෙ අතට දීලා ආයෙමත් ගේ ඇතුලට ගියා. ඒ වෙද්දි ශෂීන්ද්‍රත් කෙල්ලට ජූස් එක හදාගෙන සාලෙට ඇවිත් ඉඳගෙන බලන් ඉන්නවා. දුන්න පාර්සල් එක අතට ගත්තු කොල්ලාත් ආයෙමත් හැරුණේ පාර්සල් එක එවපු තැනටම ගිහින් දෙන්න.
........
ලන්ච් ටයිම් එක ඇවිත් ඉවරත් වෙන්න ලඟයි. ඒත් මම තාමත් කන්නෙ නැතුව වැඩම තමා. අක්කා හරි අයියා හරි හදිස්සියේ ආවොත් එහෙම මට හොඳ බැනුමක් අහගන්න වෙනවා අනිවාර්යයෙන්ම. මොකද ඩොක්ටර් මට රෙකමන්ඩ් කරලා තියෙන්නෙ උදේටයි, දවල්ටයි, රෑටයි තුනටම වෙලාවටම කන්න කියලා.
"මෑම්."
පුටුවෙන් නැගිටින්න හදද්දිම ඈශ්ලි මගෙ ඉස්සරහට ආවා. කෙල්ලගෙ මූණ දැක්කම නම් මොකක් හරි අවුලක් වෙලා තියෙන පාටයි. මගෙ ඉස්සරහට ඇවිත් කෙල්ල මොනා හරි කියන්න අදිමදි කරනවා නම් එතන අනිවාර්යයෙන්ම ප්‍රශ්නයක් තියෙන බවත් මම අත්දැකීමෙන්ම දන්නවා දැන්.
"සෙන්ඩ් කරපු පාර්සල් එක එහෙන් රිටන් කරලා එවලා මෑම්."
"What.. හේෂාන්ද ?"
"I don't know මෑම්. ඒත් අර යවපු බෝයි ලොබි එකේ බලන් ඉන්නවා."
"Let's go."
එහෙම කියපු මම මගෙ රූම් එකෙන් එළියට ඇවිත් ලිෆ්ට් එකට ගියා. මගෙ පස්සෙන් ආපු ඈශ්ලිත් මාත් එක්කම ලොබි එකට ගියා. අපි යද්දි ඩිලිවරි කරපු පිරිමි ළමයා පාර්සල් එකත් අතේ තියාගෙන බලාගෙන ඉන්නවා. පාර්සල් එක දැක්කම හිතාගන්න පුළුවන් ඒක කවුරු හරි ඕපන් කරලා තියෙනවා කියලා.
"මොකද උනේ ?"
"මැඩම් මේක ගර්ල් කෙනෙක් මගෙ අතට ආයෙමත් දුන්නා, මැඩම්ට දෙන්න කියලා."
එයා එහෙම කියද්දි මම ඈශ්ලිට පාර්සල් එක පෙන්නලා කිව්වේ ඒක කඩලා බලන්න කියලා. ඈශ්ලි මගෙ කීම අහලා ඒක සෙලෝටේප් වලින් වෙන් කරලා කඩලා බැලුවා. ඇතුළෙ තියෙන ශර්ට් එක කෑලි කෑලි වෙලා සෝෆා එක උඩට වැටුණා සුදු පාට කොළ කෑල්ලක් එක්කම.
"What the hell."
(මොන මගුලක්ද)
................................................... 🖤 ...
රාදිතා Be like :- මමයි යුවසිංහ පවුලේ අනාගත ලොකු ලේලි. හො.ම.ත.ග.යු. 😏
අරුෂිගෙ බබා හේෂාන්ගෙ කියලා හිතපු අයත් හිටියා. ඒ අයට මගේ ගෞරවණීය පොලු ප්‍රහාරයක් 💥
Sachy Collins