Spring is far away - 72

Spring is far away - 72

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 72   |  Be careful


Previous


"You poor thing මින්දි.. මෙච්චර දේවල් වලත් ඔයා ලෙසන් එකක් ඉගෙනගෙන නෑ මෙයාගෙන්."


"තියෝ Stop this nonsense. මම කියන දේ අහලා මම එනකම් මගෙ කාර් එක ලඟට වෙලා ඉන්න."


එහෙම කියපු මම හේෂාන්වත් ඇදගෙන ගියේ තවත් වෙලා එතන හේෂාන්ව තියන් ඉන්න බැරි නිසා. ලිමිට් එක දශමෙකින් හරි පැන්නොත් හේෂාන් අනිවාර්යයෙන්ම තියෝව විසි වෙන්නම එකක් දෙනවා. ඊට පස්සෙ තියෝත් අරින එකක් නෑ. එයත් හේෂාන්ට ගහයි.


හේෂාන්ව ඇදගෙන ගිහින් මම නතර වුණේ පොඩි රෙදි කඩයක් ඇතුලේ. පහල කවුරුවත් පේන්න හිටියෙ නෑ අපි දෙන්නා ඇර. හිත සන්සුන් කරගෙන හේෂාන් දිහා බලද්දි තමයි මට මතක් උනේ මම ඇයි එයාව ඇදගෙන මේ වගේ තැනකට ආවෙ කියලා. අනික කලින් කිව්ව දේවල් ගැන එයා මගෙන් ඇහුවොත් මම කොහොමද උත්තර දෙන්නේ.


"I am very sorry හේෂාන්.. මම හිතුවෙ නෑ තියෝන් ඒ විදිහට හැසිරෙයි කියලා."


"Its okay.. ඒත් ඇයි මාව එක්කගෙන මෙතෙනට ආවේ. ඔයා හරි නම් ඉන්න ඕනි ඔයාගෙ බෝයිෆ්‍රෙන්ඩ් ගාව. නැතුව මම ගාව නෙවෙයි."


එයා එහෙම කිව්වේ මගෙ ඇස් දිහා බලන්. ඒ කියන්නේ රාදිතා හේෂාන්ට කියලා තියෝ මගෙ බෝයිෆ්‍රෙන්ඩ් කියලා. ඒකට හේෂාන් තවත් තරහින් ඉන්න ඇති තියෝ එක්ක. ඒත් ඔය කොහොම උනත් මම තියෝන්ගෙයි මගෙයි අතර තියෙන ඇත්තම සම්බන්ධය ගැන හේෂාන්ට ඇත්ත කියලා මේ වැරැද්ද හදන්න ඕනි.


"එයා මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් විතරයි හේෂාන්."


"කොහොම උනත් මට ඒක ප්‍රශ්නයක් නෙවෙයි මින්දි. Sorry මම ආවෙ wrong ටයිම් එකක. ඒකයි මෙච්චර දෙයක් උනේ. මං යන්නම්."


මගෙ අතට රින්ග් එක දාපු බොක්ස් එක දීලා එයා එහෙම කියලා එතනින් ගියා. තියෝ කියපු දේවල් වලට හේෂාන්ගෙ හිත හොඳටම රිදිලා කියලා මට තේරුණා ඒ මූණෙ වෙනස දැක්කම. තියෝ වෙනුවෙන් මම හරි එයාගෙන් සමාව ඉල්ලන්න ඕනි. ටනාෂියා එක්ක පිසිකල් කනෙක්ෂන් තිබ්බ එකට මම එයා එක්ක අමනාපෙන් හිටියට, තියෝට කිසිම වරදක් නොකරපු එයාට තියෝම අනවශ්‍ය චෝදනා එල්ල කරලා එහෙම බනිද්දි මට දරාගන්න බෑ.


"හේෂාන්.."


එයා මම කතා කරපු නිසා හැරුණා. ඒ එක්කම මම එයා ලඟට ගියේ රින්ග් එක තියෙන බොක්ස් එක අතට ගන්න ගමන්. මම මේක ගත්තෙත් හේෂාන්ට දෙන්න මිසක් තියාගන්න නෙවෙයින්. ඉතින් මේ වෙලාවේ ගිෆ්ට් එක දෙන එක වරදක් වෙන එකක් නෑ මම හිතන විදිහට.


"මේක මම ගත්තෙ ඔයාට."


"මට ?"


"ඔව්.. ඔයාගෙ බර්ත්ඩේ ගිෆ්ට් එක මම දැන්ම දෙන එක ඔයාට ප්‍රශ්නයක් නෑනේ."


"......"


මම පොඩි හිනාවක් දාලා එයාගෙ අත උඩින් බොක්ස් එක තියද්දි එයා ඒ බොක්ස් එක දිහා බලාගෙන හිටියා සද්දයක් වත් නැතුව. සමහරවිට එයා හිතන්න නැතුව ඇති මම එයාටමයි මේ ගිෆ්ට් එක ගත්තෙ කියලා.


"ඒ කියන්නෙ ඔයා පාර්ටි එකට එන්නෙ නැද්ද ?"


"තීරණයක් නෑ මගෙ තාම."


මම එහෙම කියලා අහක බලාගද්දි එයා මගෙ මූණ දිහා බැලුවා. තව තත්පර ගාණක් යද්දි එයා මගෙ අත එයාගෙ ඉස්සරහට අරගෙන, මම දුන්න බොක්ස් එකම මගෙ අත උඩින් තිබ්බා. මම කියපු එකට එයා අවුල් ගියාද. නැත්තම් මගෙන් ගිෆ්ට් එකක් බලාපොරොත්තු වුණේ නැද්ද එයා ?


"Why.. Don't you like it ?"


"No."


ජීවිතේ පළවෙනි වතාවට හේෂාන් මෙහෙම මම දුන්න දෙයක් ප්‍රතික්ෂේප කලේ. ඒ නිසාම මගෙ හිතට අමුතුම වේදනාවක් දැනුණා.


"ගිෆ්ට් එකක් දෙන්න ඕනි ඒක අමතක නොවෙන විදිහට."


එහෙම කියපු එයා මගෙ ඉස්සරහට එයාගෙ ඇඟිලි ටික දික් කලා. ඒ කියන්නේ එයා කියලා තියෙන්නේ මේ ගිෆ්ට් එකට කැමති නැති බව නෙවෙයි, මේක මගෙ අතින්ම එයාගෙ ඇඟිල්ලට දාන්න ඕනි කියලා.


දැන් මම එයා කියන විදිහට එයාගෙ අතට මේ රින්ග් එක දැම්මොත් ප්‍රශ්නයක් නෑ. ඒත් එයා කවදාක හරි මගෙ අතටත් රින්ග් එකක් දැම්මොත් එහෙම අපි ගිවිසගෙන. කොහොමත් එයාට බෑ මගෙ ඇඟිලි වලට මේ විදිහට රින්ග් එකක් දාන්න. ඒක මට විශ්වාසයි. මොකද මම හේෂාන්ට ආදරේ කළාට මම ම එයාව අත හැරලා ඉවරයි.


එයාගෙ මැදඟිල්ලට රින්ග් එක දාන්නයි මම හැදුවේ. ඒත් එයා වෙදඟිල්ල හොලවලා පෙන්නුවේ ඒකට දාන්න කියලා. ඒ නිසා මම එයා කියන විදිහටම රින්ග් එක දැම්මා. හැබැයි බැරිවෙලා වත් රාදිතා දැක්කොත් එහෙම එයා මෙහෙම වෙඩින් රින්ග් එක දාන ඇඟිල්ලෙම වෙන කෙනෙක් දුන්න රින්ග් එකක් දාගෙන ඉන්නවා, ඒකට අනිවාරෙන්ම අඩව්වක් අල්ලනවාමයි.


"Thank you.. මට කවදාවත් මේක අමතක වෙන එකක් නෑ."


මම තෝරපු රින්ග් එක එයාගෙ අතට දැම්මම මේ තරම් ලස්සන වේවි කියලා මම හිතුවෙ නෑ. ඒ දිග ඇඟිල්ල වට කරපු ගෝල්ඩ් මුද්ද හොඳට ෆිට් වෙලා තියෙන බව මට පෙනුණා දකිද්දිම.


"මං යන්නම්. ඔයාගෙ තියෝන්ට කියන්න ආයෙමත් මට ඔය විදිහට කතා කරන්න එපා කියලා. මම ආස නෑ හරියට දෙයක් නොදැන, ඒත් හැමදෙයක්ම දන්නවා වගේ කතා කරන මිනිස්සුන්ට."


එහෙම කියපු හේෂාන් අමුතුම හිනාවක් දාලා ශොප් එකෙන් එළියට ගියා. එයා යනකම් ඉඳලා මම එළියට ආවේ තියෝන් ලඟට යන්න. මම ආයෙමත් වතාවක් හේෂාන් ඉස්සරහා බොරුවට අපහසුතාවයට පත් උනේ තියෝගෙ බ්‍රේක් නැති කට නිසා තමයි. ආයෙ නම් මට බෑ මෙහෙම එක එක්කෙනාගෙන් එකේක කතා අහලා ලැජ්ජ වෙන්න.


"තියෝ.."


මගෙ කාර් එක ඉස්සරහා තියෝ ඉන්නවා දැකලා මම ගිහින් එයාගෙ අතින් ඇද්දෙ මගෙ පැත්තට හැරෙන්න. ඉස්සෙල්ලා මාව බේරගන්න ගිහින් එයාගෙ අතට ගත්තු සුදු පූස් පැටියත් දැන් ඒ අතේ පේන්නවත් නෑ.


"මොකක්ද ඔයා ඒ කලේ ?"


"ඔයාට රිදෙනවා නේද හේෂාන්ට බනිනකොට. පුදුම ලව් එකක්නේ ඒක."


"තියෝ මම ඔයාට කියලා තියෙනවා මම කියපු දේවල් තව අයට කියන්න එපා කියලා. ඇයි ඔයා හේෂාන්ට කිව්වේ මම ඔයාට කියපු දේවල්."


"ඒක තමයි රියලිටි එක මින්දි. ඔයා ඔය හේෂාන්ට සිඩියුස් වෙලා ඉන්නේ. ඒකයි ඔයාට රියලිටි එක තේරුම් ගන්න බැරි 😑."


තියෝට කොච්චර තේරුම් කලත් තේරුම් කරන්න බෑ කියලා හිතුණු නිසා මම සද්ද නොකර අහක බලාගත්තා. ඒත් කෝ එයාගෙ අතේ හිටපු, මම ටිකකට කලින් බේරගත්තු ඒ සුදු පාට පූස් පැටියා. තරහට ආයෙ විසික් කරාද දන්නෑ.


"කෝ දැන් පූසා ?"


"එයා මගෙ කාර් එකේ."


"එයාව මට දෙන්න. මම දැන් යන්න ඕනි ගෙදර."


"මම එයාව තියාගන්නවා."


"හදාගන්න ?"


"Yeah.. ඇයි මොකක් හරි අවුලක් පේනවද ?"


පුදුම කොල්ලෙක් මෙයා නම්. මම බේරගත්තු පූස් පැටියා එයාට ඕනි කියලා, මටත් නොකියා ගෙදර ගෙනිහින් හදාගන්න අහනවා. කමක් නෑ එයා තනියම ඉන්න එකේ පාළු මකන්න පුළුවන් වෙයිනේ මේ පූස් පැටියට.


"එහෙනම් එයාව පරිස්සමින් බලාගෙන දැන් ගෙදර යන්න. මටත් ගෙදර යන්න ඕනි. හැබැයි ආයෙ හේෂාන්ට ඔය වගේ කතා කරලා පැටලෙන්න ගියොත් එහෙම අමතක කරන්න මේ මින්දි ඔයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා."


එහෙම කියපු මම කාර් පාක් එකේ ලඟම තිබුණු මගෙ කාර් එකට නැග්ගා. මට හේෂාන් ඉස්සරහා තියෝන්ගේ පැත්ත ගන්න බෑ. එහෙම උනොත් මම හේෂාන්ට කරන ආදරයටත් අසාධාරණයක් කරනවා වගේ වෙනවා. මොනවා උනත් හේෂාන් සයිලන්ට් එකේ ඉද්දි තියෝ එහෙම කතා කරපු විදිහට මට බලාගෙන ඉන්න බැරි උනා.


රෑ උනා 🌨️🌛💙..


බැල්කනියට වෙලා උදේ වුණ සිද්ධිය මතක් කර කර මම හිටියේ. මම කියපු වචන වලට තියෝගෙ හිත රිදුනද දන්නෑ. ඒත් මට වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ එයා හේෂාන්ට බනිනකොට.


මගෙ හිතට එන විවිධාකාරයේ සිතුවිලි වලට අනුව හාප් එක කකුල් දෙක මැද්දට තියාගෙන මම ප්ලේ කලා. කිසිම තාලයක් නැති, ඒත් අහගෙන ඉන්න පුළුවන් කනට මිහිරි හඬක් තියෙන මගෙ වාදනය බැල්කනියෙන් හිස් වුණ පරිසරයට එකතු වුණා. ඒත් එකපාරටම මට මතක් වුණා ළඟදි මට ඇහුණු සින්දුවක්. පදපේලි නොදත් ඒ සින්දුවේ තාලය විතරක් මම ප්ලේ කලේ හිත නිදහස් කරගන්න.


එක මඟ යන මුත් කිසිදා..

හමු නොවෙනා දෙදෙනෙකු නම්..


තනිවෙන්නම් සැමදා මා..

ඔබ සැනසේ නම්..


කඳුලු බිඳක් මා වෙනුවෙන්..

නොසැලෙන්නයි ඔබේ ඇසින්..


ආදරයේ අනුකම්පා..

අයදින්නට එපා මගෙන්..


සමහර සින්දු වලට මට මාවම ෆීල් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ. ඒත් ඒ අතර තිබුණා තවත් සින්දු, මාව අඬවපු. මම ඒ සින්දුවක් ඇහුනොත් නෑහුනා වගේ යන්න පුරුදු උනා. මොකද ඒවගේ පද පේලි වලට මගෙ හිත හරියට රිදෙනවා. ඒ වගේම මට උරුම වුණ ඒ පරණ වේදනාත්මක මතක හාරවුස්සනවා. එතකොට මගෙ ඇස් වලින් කඳුළු පිට වෙනවා. මම ආස නෑ මගෙ ඇස් වලින් කඳුළු එනවට. මම මෙච්චර කාලයක් ඇඬුවා හොඳටම ඇති. මට බෑ ආයෙ මාවම දුර්වලයෙක් කරගන්න.


හාප් එක ස්ටෑන්ඩ් එක උඩින් තියලා මම ඇඳට නැග්ගා. තියෝ හේෂාන්ට කතා කරපු විදිහත් වැරදියි, මම තියෝට මුලදි හැමදෙයක්ම තේරුම් කරලා දීලා තියෙනවාත් වැරදියි. එයා දකින්නේ හේෂාන්ගෙ වැරදි විතරමයි. හේෂාන් මට කරපු හොඳ දේවල් ගැන එයා දන්නවා උනත් එයාට දැන් මතක හේෂාන් මාව රවට්ටපු එක විතරයි.


කොච්චර අමතක කරන්න හැදුවත් ඇස් පියාගන්න හදද්දිම මට මතක් වෙන්නෙ ඒ මූණ රෝසපාට වුණ නීල කොබෙයියාව. එයා මට එයාගෙ ඇඟිල්ලට මුද්ද දාන්න කිව්ව විදිහ, තියෝට කියන්න කියලා වර්නින් එක දුන්න විදිහ මතක් වෙද්දි තේරෙනවා, මේ හේෂාන් ආයෙමත් මගෙ ජීවිතේට ඇතුල් වෙන්න යන්නේ කියලා. ඒත් ඒක වෙන්න ඉඩ දෙන එක හොඳ දෙයක් නෙවෙයි. මම කොහොම හරි මේ බර්ත්ඩේ පාර්ටි එකෙන් පස්සෙ එයා එක්ක බිස්නස් වලින් හරි තියෙන සම්බන්ධකම් නවත්තන්න ඕනි.


දවස් තුන හතරක් ගෙවිලා ගියා..


තියෝව කොහොම හරි ආයෙ යාළු කරගන්න ඕනි. එයා මේ ටිකේම ඔෆිස් ආවෙ නෑ යාළුවො එක්ක ට්‍රිප් එකක් ගිහින්. මම ගත්තු කෝල්ස් වලට ආන්ස්වර් කළෙත් නෑ, යවපු මැසේජ් බලලත් නෑ. වැඩිහිටියෙක් වෙලත් පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නෙ මං එක්ක වලියක් දාගත්තොත් එහෙම 😑.


"නංගි.. ඔයා රෙඩිද ?"


එහෙම කියාගෙන අක්කා රූම් එකට ආවා. මම හිටගෙන ඉද්දි ඩීඩී තව ගෑනු ළමයි දෙතුන් දෙනෙක් එක්ක මට ගවුම අන්දලා ගානට ෆිට් වෙන්න සිපර් එකත් දැම්මා.


"වාව්.. කෙල්ල මාරම සෙක්සි ඒ ඩ්‍රෙස් එකට."


ඇඟට ෆිට් උන රයින්ස්ටෝන් වලින්ම හදපු තරු මන්දාකිණියක රටා තියෙන ඩ්‍රෙස් එක අතින් අල්ලලා අක්කා එහෙම කිව්වා. එයා නම් කළුපාට නෙට් එකක් තියෙන ඩ්‍රෙස් එකක් ඇඳලා දණහිසෙන් වියතක් විතර උඩට. අයියත් ලස්සනට ඇති අපි එනකම් එළියට වෙලා.


"Thank you අක්කේ. ටයිම් එක හරිද යන්න ?"


"ඔයා රෙඩි නම් අපි යමු."


"හරි මම හීල්ස් දෙක දාගෙන එන්නම්. ඔයාලා එළියට වෙලා ඉන්න."


අක්කා රූම් එකෙන් යද්දි ඩීඩීත් ගෑනු ළමයි එක්ක එළියට ගියා. ගවුමෙ තියෙන රයින්ස්ටෝන් ගැලවෙයි කියලා බයට මම සෝෆා එකෙන් ලාවට ඉඳගෙන හීල්ස් දෙක දැම්මා. රාදිතා දැන් ඉස්සර වගේ දඟලන්නෙ නැති නිසා, අක්කලත් මං එක්ක ඉන්න නිසා මට පාර්ටි එකේදි කරදරයක් වෙන එකක් නැතිවෙයි.


එළියට බැහැලා බලද්දි අයියත් කළුපාට බ්ලේසර් එකක් දාලා බෝ එකකුත් දාලා ඉන්නවා. වැඩි වෙලා ඉන්නෙ නැතුව මම ගිහින් කාර් එකට නැග්ගා. හේෂාන් කේක් කපද්දි අපිත් එතන ඉන්න ඕනිනේ. අනික අයියා හේෂාන්ගෙයි තාත්තාගෙයි දෙන්නගෙන හිතවතෙක් නිසා එහෙම පරක්කු වෙලා ගිහිනුත් හරි නෑනේ.


විනාඩි දහයක් ඇතුලත අපි හොටෙල් එකට ගියේ අද ට්‍රැෆික් අඩු නිසා. මේ මම කලම්බු වල හොටෙල් එකට යන හතරවෙනි පාර. ඒ නිසා මට හොඳට හුරුයි මෙතන. එළියේ ගෑනු ළමයි දෙතුන් දෙනෙක් හිනා වෙවී කතා කර කර ඉන්නවා මං දැක්කා. ඒත් ලයිට් වල එළියෙන් හොයන්න බෑ ඒ කව්ද කියලා. මොකද මූණවල් මේකප් කරන් ඉන්නේ එම්බාම් කරන අයගෙ දූවරු වගේනේ. දුල්නෙත්මියි සංජානායි දෙන්නා ඇවිත් ඇතුළෙ ඉන්නවා ඇති මං එනකම්. ඉතින් අක්කයි මායි අයියයි එකටම හොටෙල් එකෙන් ඇතුලට ගියා.


පිස්සු කෝච්චි දෙක ටේබල් එකක ඉන්නවා දැක්ක මම එතෙනට ගියේ අක්කයි අයියයි තවත් ඉස්සරහටම යද්දි. අපි තුන් දෙනාට වෙනම ටේබල් එකක් හදලා තියෙනවා ඇති. ඒත් මට මෙයාලා එක්ක ඉන්න ඕනි. නැත්තම් ඉස්සරහා වෙන විගඩම් බලන් ඉන්න ගිහාම මගෙ ඇස් රිදෙනවා.


"අම්මට සිරි අපේ කෙල්ලගෙ ලස්සන."


ඒ දෙන්නා එක වගේම මෙරුන් පාට ගවුම් දෙකක් ඇඳලා ඇවිත්. ඒකත් අපේ බ්‍රෑන්ඩ් එකෙන්ම. දැන් දෙන්නටත් මන්ත්ලි ලැක් එකකට වඩා සැලරි එක හම්බවෙන නිසා අඳින්න ඇඳුම් ගන්න, හිතන හිතෙන දේ කන්න, වාහනයක් ගන්න පුළුවන් උනා.


"දැක්කද රාදිතාව ?"


"ඇයි මොකක් හරි අවුලක්ද ?"


"එයත් ඇඳලා ඉන්නේ ඔය වගේම වර්ක් කරපු ඩ්‍රෙස් එකක්."


"මේ වගේ 😨 ?"


"නෑ නෑ ඔය වගේම නෙවෙයි. ඒත් පර්ල්ස් වලින් හදපු ටයිට් ඩ්‍රෙස් එකක්. හේෂාන් නම් වෙනදා වගේම නෝමල් එකේ ඇඳන් හිටියා."


"හ්ම්ම්."


මට අමුත්තක් දැනෙනවා. රාදිතාගෙ ඩ්‍රෙස් ඩිසයින් කරන්නෙ අපේ බ්‍රෑන්ඩ් එකේ ඉන්න හොඳම ඩීඩී. දැන් එයාම තමයි මගෙ ඩ්‍රෙස් එකත් ඩිසයින් කලේ. මේක දිගටම වෙන එක හොඳ දෙයක් නෙවෙයි. මගෙ ඩ්‍රෙස් එක රයින්ස්ටෝන් වලින් හදලා රාදිතාගෙ එක පර්ල්ස් වලින් හැදුවා කියන්නේ දෙකේම පොඩි හරි සමානකමක් තියනවා කියන එකනේ. අන්තිමට ඩීඩී, රාදිතාගෙයි මගෙයි අතර ආයෙමත් ගින්දරක් ඇති කළොත් එහෙම මට තියෙන සැනසීමත් නැතුව යනවා.


ටික වෙලාවක් යද්දි මම දැක්කා රාදිතා හේෂාන් එක්ක ඉන්නවා. එයාගෙ ඩ්‍රෙස් එක කිරිපාට මුතු වලින් හදපු ඩ්‍රෙස් එකක්. ඩ්‍රෙස් එකේ අත් නැති නිසා ඒකට හරියන්න උඩින් ෆීදර් කෝට් එකක් දාලා. මටම සමානකම් නොකිව්වත් ස්ටෝන්ස් වලින් වර්ක් කරපු එක්ස්පෙන්සිව් ඩ්‍රෙස් දෙකමයි පාර්ටි එකට තිබුණේ. ඒ මගෙ එකයි රාදිතාගෙ එකම තමයි. රාදිතාව කලින් ඉඳන්ම කට්ටිය දැකපු නිසා මම දැන් එළියට පැන්නොත් කට්ටියට නෝට් වෙනවා මගෙ ඩ්‍රෙස් එක රාදිතාටත් වඩා පෙනුමට තියෙනවා කියලා.


හේෂාන්ගෙ 34 වෙනි උපන්දිනේ කේක් එක තනි කළුපාටට තිබුණේ හිස් වෙලා වගේ. ඇයි එයා ඒ වගේ කේක් එකක් හදන්න දුන්නේ. ඒ හිස් වුණ කේක් එකෙන් එයා අඟවන්න හදන්නෙ මොකක්ද. කේක් එක දිහා බලලා වම් පැත්ත බලද්දි ටනාෂියා ඉන්නවා තැඹිලි පාට දිග ටයිට් ඩ්‍රෙස් එකක් ඇඳලා. සයිඩ් දෙකෙන්ම දණහිසෙන් උඩට ස්ලිට් එකක් තිබුණු ඉනෙන් චේන් එකක් දාපු ගවුමට ඒ ඉන්නෙ ඩිටෙක්ටිව් ටනාෂියා හෙවත් හේෂාන්ගෙ සීක්‍රට් ලවර් කියලා හොයන්නවත් බෑ. ටනාෂියා දිහා බලලා ඉස්සරහා බලද්දි හේෂාන් කේක් එක කපලා කට්ටියට කවලත් ඉවරයි. දැන් අපේ අක්කා එයාව හග් කරනවා.


"කෝ මින්දි ?"


හේෂාන්ගෙ දෙතොල් හෙල්ලෙන විදිහට මට තේරුණා එයා අහන්නෙ මං ගැන කියලා. එතකොටයි අක්කා හැමෝම දිහා බල බල මාව හොයන්න ගත්තේ.


"අන්න අක්කා ඔයාව හොයනවා මින්දි. යන්න ඉක්මනින්."


සංජානාටත් ඒක මීටර් වෙලා එහෙම කිව්වා. ඉතින් මම ටේබල් එකෙන් එළියට ආවේ රෙඩ් කාපට් එක දිගේම එයාලා ලඟට යන්න. ඒ උනාට රෙඩ් කාපට් එකට ආපු ගමන්ම කට්ටිය මගෙ දිහාවට හැරෙනවා දැක්කම මට වෙනදා නොදැනුණු ලැජ්ජාවක් දැනෙන්න ගත්තා. ඒත් ඒක මම මූණෙන් පෙන්නන්න ගියේ නෑ. එහෙම උනොත් මින්දි අමේලියා රූපසිංහගෙ ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටෙනවා.


පාර්ටි එකට ආපු හැමෝම වගේ කසු කුසු ගාද්දි මම රෙඩ් කාපට් එක දිගේ ඉස්සරහටම ගියා. රාදිතාත්, රාදිතාට එහාපැත්තෙන් හිටගෙන හිටපු හේෂානුත් මගෙ දිහා පුදුමෙන් බලාගෙන හිටියා.


"වාව්.. ඒ මිස්ටර් රූපසිංහගේ බාලම නංගි නේද ?"


"ඔව් ඒ එයා තමා. හේෂාන්ගෙ Ex ලවර්නේ."


"බලන්නකො එයා රාදිතාටත් වඩා ලස්සනට ඇඳලා ඇවිත්නේ."


"කොහොමත් එයා එහෙම එන්න ඕනි. දැන් ඩී මාර්ටිනස් එක එයාටනේ අයිති වෙන්න යන්නේ."


මට ඇහුණා වටේ පිටේ හිටපු අය කිව්ව දේවල්. ගිය සැරේ මම හේෂාන්ගෙ බර්ත්ඩේ එකට ගිහාම මම ඇඳගෙන හිටපු ඇඳුමට පවා ලොකු ලොකු අය කියවපුවා මට හොඳට මතකයි. එයාලා එදා මාව පහත් කරලා කතා කලේ.


❝ මං අහලා තියෙන්නෙ එයා තර්ඩ් ක්ලාස් කියලා. ඒ උනාට බලන්නකෝ ඩ්‍රෙස් එක ❞


❝ මේ ගර්ල්ද මම ගන්න හිටපු ඩ්‍රෙස් එක අරන් තියෙන්නේ ❞


❝ ඒ ගර්ල් ඇඳන් ඉන්නෙ ඔයා ගන්න හදපු ඩ්‍රෙස් එකද. කොහොමද එයා එච්චර එක්ස්පෙන්සිව් එකක් ගත්තේ ❞


❝ හේෂාන්ගෙන් හොඳට සල්ලි ගරනවා ඇති ❞


එදා මට එහෙම කියපු අයගෙ අද සද්දයක් නෑ. අද කාටවත් මට එහෙම කියන්න තරම් ධෛර්යයක් නෑ. හේතුව හේෂාන් යුවසිංහට දෙවනි වෙලා ඉන්න එකම බිස්නස්වුමන් මම. උරුමයෙන් හම්බුණු දෙයක් තමයි. ඒත් මාස එකොළහක් ඇතුලත ඩී මාර්ටිනස් එක තනියම හසුරවපු එක මම මගේ කියලා හදාගත්තු ස්කිල් එකක්.


"තාත්තේ."


හේෂාන්ට එහාට වෙන්න හිටපු තාත්තා දැකලා මම ගිහින් ඒ කකුල් අල්ලලා වැන්දා. අම්මා තාත්තා නැති ජීවිතේ මට මගෙම තාත්තා වගේ හිටියේ, උපදෙස් දුන්නේ හේෂාන්ගෙ තාත්තා විතරමයි. එයා තමයි මම මේ ලෝකෙ දැකපු කිසිම අඩුපාඩුවක් නැති නියම පිරිමියා. කොච්චර සල්ලි තිබ්බත් පුතා වගේ වටේ ගියෙ නෑ තාත්තා. එයා හැමදේකින්ම උසස් පිරිමියෙක්. මම විතරක් නෙවෙයි, තාත්තාව ළඟින් ආශ්‍රය කරපු හැමෝම දන්නවා ඒ ගැන.


"දැන් තාත්තගෙ අසනීප කොහොමද ?"


"දැන් ටිකක් අඩුයි දෝණි."


"එහෙනම් කමක් නෑ."


මම පුළුවන් හැම වෙලාවකම තාත්තාට කෝල් එකක් අරගෙන කතා කරනවා. 'වෙලාවක් නෑ' කියන වචන දෙක සමහර අය ලොකු කරගෙන දැඟලුවට මම වෙලාවක් හදාගත්තා මම ආදරේ කරන මිනිස්සුන්ට කතා කරන්න. බිසී මනුස්සයෙකුට උනත් තමන් ආදරේ කරන අය වටිනවා නම් 'වෙලාවක් නෑ' කියන්නේ හෝඩියකින් අකුරු ගලපලා හදපු හිස් වචන දෙකක් විතරයි.


තේෂාන් මීට මාස ගාණකට කලින් නිව්සීලන්ඩ් ගියා. එයාගෙ ජොබ් එක නිසාම එයාට ඒ වගේ චාන්සස් හම්බවෙනවා ඒ ජොබ් එකත් දැනුමත් තවත් වැඩිදියුණු කරගන්න. එයත් මට සැරෙන් සැරේට කතා කරනවා, මාත් එයාට මතක් වුණ වෙලාවට ගන්නවා. මොකද එයා මගෙ නමට ෆියන්සිනේ.


"Happy Birthday Heshan."


කේක් කෑල්ලේ කවුරුවත් නොකාපු කොනක් එයා මගෙ පැත්තට දික් කරද්දි මම ඒකෙන් පොඩි කොටසක් කඩාගත්තා. නැත්තම් හැමෝම ඉස්සරහා නොකෑවොත් හරි නෑනේ. ඊට පස්සෙ මම අක්කලා ලඟට ගියේ එතන හේෂානුයි රාදිතායි එක්ක ඉන්න අපහසු නිසා.


සයිඩ් එකක ස්ටෑන්ඩ් එකක් උඩ අම්මාගේ ෆොටෝ එක වට කරලා සුදු පාට මල් මාලයක් දාලා තිබුණා. එයා නැති අඩුව තාත්තාටයි හේෂාන්ටයි තේෂාන්ටයි දැනෙනවා ඇති මට නොදැනුණාට. මොකද එයාලා තරම් මම අම්මට සමීප වුණේ නෑනේ.


"කේක් එක එක්ක බැලුවම හේෂාන් කළු කුමාරයා වගේ පේන්නෙ 🙄."


මම ආයෙමත් දුල් ලඟට යද්දි එයා මට එහෙම කිව්වා. ඇඳගෙන ඉන්න ඇඳුමත් කළු නිසා, කේක් එකයි ඩෙකරේෂන්ස් පවා කළු නිසා එයාව පේන්නේ තාර ගොඩක වහලා ඉන්න සුදු පරවියෙක් වගේ. පාර්ටි එකේ හැමදෙයක්ම හොඳින් සිද්ධ වුණා. ඒත් මට නිකන් මේ පාර්ටි එක නීරසයි වගේ. එකට හේතුව මමවත් දන්නෑ.


"අක්කේ.. මම ගෙදර යනවා. ඔයාලා එන්ජෝයි කරලා එන්න."


මම ඩාන්ස් ෆ්ලෝ එක අයිනේ හිටපු අක්කා ගාවට ගිහින් එහෙම කිව්වා. මගෙ මේ හදිස්සි තීරණය ඇහුවම අක්කා ප්‍රශ්නාර්ථ බැල්මකින් මගෙ දිහා බැලුවා.


"ඇයි මොකක් හරි අවුලක්ද ?"


"No.. I'm bored here."

(නෑ.. මට හරි කම්මැලියි මෙතන)


"Okay.. එහෙනම් පරිස්සමින් ගෙදර ගිහින් කෝල් එකක් දෙන්න."


"හ්ම්."


එහෙම කියපු මම රෙඩ් කාපට් එක දිගේම ගිහින් හොටෙල් එකෙන් එළියට යන්නයි හැදුවේ. ඒත් මට එකපාරටම හේෂාන්ව මතක් වෙලා එක තැන නතර වුණා.


ඉතුරු ටික කියවලා යන්න,

Happy New Year හැමෝටම 🌷🩷


https://telegra.ph/Spring-is-far-away---72-Part-2-01-02


Sachy Collins

Report Page