Spring is far away - 71

Spring is far away - 71

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 71  |  Meow Meow

Previous


"ඒ බූරුවා මම කියන ඒවා අහන් ඉඳලානේ. ඒ උනාට සද්දයක්වත් කලේ නෑ 🥴️."


"දැන් ඉතින් එයා ඕක කිය කියා හිනා වෙන්නෙ මටම තමයි."


එහෙම කියපු මම සෝෆා එකෙන් ඉඳගත්තේ එයාලා ගෙනාපු කුකී එකක් අතට ගන්න ගමන්. බැරිවෙලාවත් හේෂාන්ට මෙයා කිව්ව එක මතක තිබ්බොත් එහෙම මගෙන් අහයි අනිවාර්යයෙන්ම 'දුල්නෙත්මි තාම වතුර යටද' කියලා. නැත්තම් පාර්ටි එක දවසේ දුල්ගෙන් අහයි 'දැන්ද වතුරෙන් ගොඩට ආවේ' කියලා. හැබැයි ඔය මොන දේ හේෂාන් කිව්වත් ඒකෙන් චාටර් වෙන්නෙ මම ම තමයි.


........


ඒ දෙන්නා ගියාට පස්සෙ මම ඔෆිස් ගියා. ඇඳන් ඉන්න ලා රෝස පාට ගවුමෙ පටියක් අතින් කරකවන ගමන් මම රූෆ්ටොප් එකේ වැට වටේටම කැරකුණා. ගිනිගහන අව්වේ සීතල හුළං එන තැන් දෙකයි අපේ කම්පැනි එකේ තියෙන්නේ. එකක් පල්ලෙහා කාර් පාක් එක. අනික මේ රූෆ්ටොප් එක.


වහලෙන් එල්ලෙන අයිවි වැල්, කණු වටේ ඔතපු කඹ දිගේ ගිය මල් වැල් මගෙ හිතට පොඩි හරි සැනසීමක් ගෙනාවා. ඒත් ඇඟට පණ නැති ගතියක් දැනෙනවා. ඒ වගේම මගෙ හිතටත් ලොකු හිස් බවක් දැනෙනවා. ඒ දැනෙන ආගන්තුක හැඟීම් දෙක ගැන මම හිතන්න ගියොත් දරාගන්න බැරි හිසරදයක් එනවා. ඒ නිසා මනසට එකේක විකාර සිතුවිලි ඇතුළු කරලා මම ඒ කාරණා දෙක අමතක කරන්න උත්සහ ගත්තා.


"මෑම්.."


"Yes ?"


"මහීෂා මැඩම් එන්නලු කන්ෆරන්ස් රූම් එකට."


මම ඉන්න තැනට ඇවිත් වැඩ කරන ගෑනු ළමයෙක් එහෙම කියද්දි මම පඩිපෙළ පැත්තට හැරුණා. අක්කා මොකක් හරි විශේෂ දෙයක් කියන්න වෙන්න ඇති එන්න ඇත්තේ. නැත්තම් එයා මෙහෙට එන්නෙ නෑ වැඩක් නැතුව.


ඉතින් මම කන්ෆරන්ස් රූම් එකට ගියේ අක්කා ඉන්නවද බලන්න. ඒ යද්දි අයියයි අක්කයි අපේ කම්පැනි එකේ ඉන්න නම්බර් වන් ඩ්‍රෙස් ඩිසයිනර් එක්ක මොනවදෝ කතා කර කර හිටියා. එයාලාගෙ අතේ මොනවද මංදා දිළිසෙන රයින්ස්ටෝන් වගේ දේවල් තිබුණා. දොරේ වීදුරුවෙන් තවත් හොරෙන් නොබලා මම ඇතුළට ගියා.


"ආහ්.. නංගි ආවද."


"අපි මේ ඔයා එනකම් හිටියේ."


සුදුපාට ඩමි එකකුත් තියාගෙන අක්කා අයියා එක්ක එහෙට මෙහෙට කැරකි කැරකි ඉන්න ගමන් එහෙම කිව්වා. ඒ පාර මොකටද මේ දෙන්නා ලෑස්ති වෙන්නේ.


"අක්කයි අයියයි මොකෝ මේ හදිස්සියේ ?"


"අපි ආවෙ ඔයාට ඩිසයින් කරන ඩ්‍රෙස් එක හොඳද අහන්න."


"ඩ්‍රෙස් එකක්.. මට ඩිසයින් කරන.. ඒ මොකක්ද 🤔"


"යුවසිංහ ග්‍රෑන්ඩ් පාර්ටි එකට ඔයා අඳින ඩ්‍රෙස් එක."


එයාලා කියද්දියි මට මතක් උනේ මට හේෂාන්ගෙ බර්ත්ඩේ පාර්ටි එකට යන්න ගවුමක් ඩිසයින් කරන්න දෙන්නවත් සිහියක් තිබුණේ නෑ කියලා. හොඳ වෙලාවට මම කරන්න කලින් මම ගැන හොයලා බලලා වෙන්න ඕනි හැමදෙයක්ම එයාලා කරනවා.


"මොනාද බලන් ඉන්නේ.. මෙතනින් ඉඳගන්නකෝ."


එහෙම කියපු අක්කා මාව ඉස්සරහා තිබුණු පුටුවකින් ඉන්දෙව්වා. එයාලා මගෙ මැෂිමන්ට් එකත් දන්න නිසා මට බලන් ඉන්න විතරයි තිබුණේ. ඩීඩී මගෙ සයිස් එකට හදපු ඩමි එක එකේක හැඩ වලට කපපු කඩදාසි කෑලි තියලා ගවුමක් හැදුවා. ඒ ගවුම අත් නැති ගවුමක්.


"කලර් එක බ්ලැක් ඇන්ඩ් පර්පල්. ස්ට්‍රැප්ලස් ඩ්‍රෙස් එකක් මේක. මිලිමීටර් ත්‍රී වලින් එන රයින්ස්ටෝන් වලින් තමයි මේ සම්පූර්ණ ඩ්‍රෙස් එක නිර්මාණය වෙන්නේ."


"මේක යුනික් ඩිසයින් එකක් වෙන්න ඕනි."


"ඔව්.. මින්දි සෙලිබ්‍රිටි කෙනෙක් වගේම අඳින්න ඕනි. මොකද ලංකාවේ ඉන්න හැම සෙලිබ්‍රිටි කෙනෙක්ම මිස්ටර් යුවසිංහගෙ බර්ත්ඩේ එකට එනවා."


"ඔව් එහෙම වෙන්නම ඕනි. මගෙ නංගි හේෂාන්ගෙ Ex ලවර්. ඉතින් එයා දැන් හේෂාන්ගෙ ෆියන්සිටත් වඩා ලස්සනට ඉන්න ඕනි 😏."


අක්කා මොනවා කියනවද කියලා මට තේරෙන්නෙ නෑ. ඒත් ඇයි මම රාදිතාට වඩා ඉහලට යන්න දඟලන්නේ. මට රාදිතා එක්ක තරඟයක් නෑ කවමදාවත්. මට කා එක්කවත් තරඟයක්, අවධානයක්, ජනප්‍රියත්වයක් ඕනි නෑ. මට ඕනි ආයෙමත් දුක්ගැහැට නැති, මගේ පාඩුවේ තනියම ජීවත් වෙන්න පුළුවන් ජීවිතයක්. මොකද එක වෙලාවකට ජනප්‍රියතාවය, මිලමුදල් තියෙන මනුස්සයෙකුට ඒ මාතෘකා දෙකම තමාගේ ජීවිතේත් එපා කරවන අවස්ථා තියෙනවා.


"ඔයා දන්නවද නංගි. මෙයා තමයි හේෂාන්ගෙ බර්ත්ඩේ පාර්ටි එකට අඳින රාදිතාගේ ඩ්‍රෙස් එකත් ඩිසයින් කලේ."


"එහෙමද."


"නැත්නම් ඉතින්. මෙයා ගාව දැනටමත් තියෙනවා රාදිතාගෙ ඩ්‍රෙස් එකේ ඩිසයින් එක. ඔයාට ඕනි නම් මම මෙයාගෙන් ඒක ඉල්ලලා දෙන්නම් බලන්න."


ඔන්න ඕකයි අක්කා අයියාගෙනුයි මගෙනුයි හාත්පසින්ම වෙනස් වෙන්න හේතුව. එයා කවුරු හරි කෙනෙක් එක්ක අමනාපයක් පටන් ගත්තොත් ඒ කෙනාව නැත්තටම නැති කරලා දාන්නයි බලාගෙන ඉන්නේ. දැන් රාදිතාගේ ඩ්‍රෙස් එකත් සල්ලි වලට ගන්න හදන්නේ ඒක අධ්‍යයනය කරලා මගෙ ඩ්‍රෙස් එක ඊට වඩා ලස්සනට හදන්න වෙන්න ඇති. ඒත් මම ආස නෑ ඒ වගේ වැඩ වලට. රාදිතාට අපියි හැමදාම ඩ්‍රෙසස් ඩිසයින් කලේ. එහෙව් එකේ මෙහෙම දෙයක් කරන එක නරකයි වගේම කම්පැනි එකේ රූල්ස් වලටත් පටහැනියි.


"එපා මට."


"Why.. ඔයාට ඒ වගේ දේවල් කරද්දි ෆන් එකක් එන්නෙ නැද්ද නංගි ?"


"මට එච්චර Interest එකක් නෑ ඒ ගැන. ඒ නිසා එපා."


"Aww.. ඔහොම වෙන්න එපා නංගි. It's so boring."


එහෙම කියපු අක්කා රයින්ස්ටෝන් තියෙන පෙට්ටිය ලඟට ගියා. කළුපාට, තදනිල් පාට, දම්පාට රයින්ස්ටෝන් එකින් එක අරගෙන බලපු අක්කා මගේ ලඟට ආවා.


"හේෂාන්ට දෙන බර්ත්ඩේ ගිෆ්ට් එක මොකක්ද ?."


අක්කා එකපාරටම එහෙම කියද්දියි මට මතක් උනේ ගිෆ්ට් එක ගැන. ගිය සැරේ මම එයාට දුන්නේ පොඩි වොච් එකක් විතරයි. ඒත් මේ වතාවේ එයාට හොඳ දෙයක් දෙන්න ඕනි. මොකද මගෙ අතේ දැන් සල්ලි තියෙන නිසා.


"අනේ මංදා."


"කොට්න් ශර්ට් එකක් දුන්නොත් මොකද. නිව් කලෙක්ෂන් එකේ තියෙනවා කොට්න් වලින් එන ශර්ට්ස්."


"බලමු."


"ඇයි සයිස් එක දන්නෙ නැද්ද එයාගේ ?"


"කොහොමද මම ඒක නොදන්නේ. අවුරුදු අටක්ම එයා එක්ක එකට ජීවත් වුණ මට එයාගෙ මිලිමීටරයක දෙයක්වත් මිස් වුණේ නෑ 😄."


හැබැයි මම එයාගෙ සයිස් එක නොදන්නවා කිව්වොත් නම් අක්කා හේෂාන්ව මැනලා හරි මට මැශිමන්ට් එක ගෙනවිත් දෙනවා. ඒත් 'එයාගෙ සයිස් එක' වගේ පොඩි දෙයක් ගැනත් මම දන්නෙ නැත්තම් එයත් එක්ක ගෙව්ව ඒ අවුරුදු අටක කාලයත් අපරාදේ නෙවෙයිද.


"ම්ම්.. ඔයාට ඕනි දෙයක් තියෙනවා නම් කියන්න. රින්ග් එකක් හරි වොච් එකක් හරි, ඕනිම දෙයක්. මම ඔයා කියන විදිහටම ඩිසයින් කරලා එවන්නම්."


"හ්ම්.. උවමනාවක් උනොත් මම කියන්නම්. තාම තීරණයක් නෑ මගෙ, ඒක ගැන."


මම එහෙම කියද්දි අක්කා ඩමි එක ලඟට ගියා. ඩීඩී මොනවා හැදුවත් මට අඳින්න වෙනවා මම රූපසිංහ ෆැමිලි එකේ චූටිම සාමාජිකාව නිසා. කොහොමත් මගෙ නම අහලා තිබුණත් මාව දැකලා නැති මිනිස්සු, මාව දකින්න ආසාවෙන් ඉන්නේ. ඒ අය හේෂාන්ගෙ බර්ත්ඩේ පාර්ටි එකටත් ඒවි. ඉතින් මම ලස්සනට යන එකත් හොඳයි එහෙම බැලුවම.


"මේක තමයි ලංකාවේ බිහි වුණ කොලිටිම, කොස්ට් එකෙන් වැඩියෙන්ම ගිය එකම ඩ්‍රෙස් එක. හේෂාන් යුවසිංහගෙ ග්‍රෑන්ඩ් බර්ත්ඩේ පාර්ටි එකට මින්දි අමේලියා රූපසිංහ ඇඳගෙන යන ගැලැක්සි ඩ්‍රෙස් එක. ඇක්ට්‍රෙස් කෙනෙක්ට අඳින්න හිතන්නවත් බැරි මින්දි අමේලියා රූපසිංහට විතරක්ම අයිති මේ ඩ්‍රෙස් එක ඉන්ටර්නැෂනල් යන්නම ඕනි. එතකොට ඩ්‍රෙස් එක ෆේමස් වෙනවා වගේම මින්දිවත් ෆේමස් වෙනවා ඉමීඩියට්ලි."


අක්කා ඩමි එකට නොගෑවෙන තරමින් අත් එහාට මෙහෙට කරලා රඟපාලා වගේ පෙන්නද්දි මම එයා දිහා බලන් හිනා වුණා. මම හිනා නොවී අවුලෙන් වගේ ඉන්න වෙලාවල් වලට එයාලා මාව සනසන්න කොච්චර නම් උපක්‍රම ගහනවද. ඉතින් මගෙ මූඩ් ෆික්ස් කරන්න වෙන්න ඇති මේ උත්සහයත්.


"Well but.. මට ඉන්ටර්නැෂනල් යන්න ඕනි නෑ අක්කේ. මේ ඉන්න විදිහට හිටියාම ඇති."


"එහෙම කියලා හරියන්නෙ නෑනේ. තව ටික කාලෙකින් වික්ටෝරියා සීක්‍රට් එකට ඔඩිෂන් එකක් තියෙනවා. ලංකාවෙන් මම ඒකට ජොයින් වෙනවා. So එදාට මම ඔයාවත් එක්කගෙන යනවා එහෙට. ඒ දේවල් පෙන්නන්න."


"මාව මොඩ්ල් කෙනෙක් කරන්නද 😄."


"කැමති නම් කරන්නම්."


"අම්මෝ එපා.. මෙහෙම හොඳයි."


"හ්ම් හ්ම්.. මේ ඩ්‍රෙස් එක හොඳයි නේ එහෙනම්."


"ඔව් ඒක හොඳයි."


"අපි සයිඩ් එකෙන් ස්ප්ලිට් එකක් දාමු."


"ගොඩක් එපා."


"එහෙනම් නී ලෙන්ත් එකට දාමු."


තරු පිරුණු දම්පාට මන්දාකිණියක් හා සමාන මගෙ ඩ්‍රෙස් එක එයාලා ලස්සනට ආර්ට් එකක් විදිහට ඇඳලා තිබුණා. මගෙ බොඩි ශේප් එකත් එක්ක ඒ ඩ්‍රෙස් එක එදාට ඇන්දාම මට ලස්සනට තියේවි කියලා මම හිතනවා.


ඔෆිස් එකෙන් ගෙදරට ගිහින් මම කල්පනා කරේ හේෂාන්ට මොන වගේ ගිෆ්ට් එකක් දෙනවද කියලා. ගිය සැරේ මම දුන්න සිල්වර් වොච් එක තාමත් එයා ගාව ඇති සමහරවිට. ඒ වගේම දෙයක් මේ පාරත් දුන්නොත් හොඳයි කියලා හිතෙනවා, මොකද මම දුන්න ඒ පොඩි දෙයින් පවා එයා එදා සතුටු උනා. ශර්ට් එකක් දුන්නත් එයා කැමති වෙයි. ඒත් මම දැන් එයාගෙ කවුරුත් නෙවෙයිනේ එහෙම දේවල් දෙන්න. ඒ නිසා මම වොච් එකක් හරි රින්ග් එකක් හරි දෙන එක තමයි හොඳම. දුල් සජි දෙන්නමත් ඒ වගේ පොඩි දෙයක් දේවිනේ.


අලුත් දවසක් 🌞☁️🍃..


ඔෆිස් ගියේ නෑ අද මං. ඒ වෙනුවට මම ගියා ටිකක් ඇවිදින්න. බෝරිච්චි අත් තියෙන දිග තනි සුදුපාට ගවුම ඇඳලා කොණ්ඩෙ කඩලා දාලා යද්දි කාටවත් හිතාගන්න බෑ මම රූපසිංහ ෆැමිලි එකේ අලුත් සාමාජිකාව කියලා. ඉතින් ඒක මට ලොකු උදව්වක් උනා පාරෙ බැහැලා සාමාන්‍ය මනුස්සයෙක් වගේ එහේ මෙහේ යන්න.


ඊයෙ රෑ දුල්නෙත්මි කෝල් කරලා කිව්වා සජී අහස් එක්ක ගමනක් ගියා කියලා. මට දැන් තේරෙනවා අහසුයි සජීයි අතර මොකක් හරි හුටපටයක් තියෙනවා කියලා. මොකද අහස් සජීට කැමතියි, සජී අහස්ට කැමතියි. ඒත් දුල්ටයි මටයි තාම කන්ෆර්ම් කරගන්න බැරි උනා ඒ දෙන්නා ලව් කරනවද කියලා. ඔය කොහොම උනත් අහස්ව සජීට සෙට් උනොත් කෙල්ලගෙ ජීවිතේ ගොඩ යාවි. මම දන්න හැටියට අහස්ගේ දෙමව්පියො හොයන්නේ අහස්ට ආදරේ කරන ගෑනු ළමයෙක් විතරයි. එයාලා හොයලා බලන්නෙ නෑ කිව්වා තනතුරු, තත්ව, පැලැන්ති ගැන. සජී අහස් සෙට් උනොත් ඒක මැරේජ් එකට යනකම් යාවි. මොකද බාහිරින් බලපෑමක් නෑනේ.


"ගුඩ් මෝර්නින් මිස්.. මොනා වගේද බැලුවේ ?"


මම ජුවලරි ශොප් එකකට ඇතුළු වෙද්දිම කළුපාට කෝට් එකක් දාගෙන හිටපු ගෑනු ළමයෙක් එහෙම ඇහුවා. මම හිතුවා හේෂාන්ට ලස්සන රින්ග් එකක් දෙන්න. ගිය සැරේ වොච් එකක් දුන්න නිසා මේ වතාවෙත් එහෙම දෙන එක හොඳ දෙයක් නෙවෙයිනේ. ඉතින් චාම්, ටිකක් වටින රින්ග් එකක් මම එයාට දෙනවා.


"මට ටිකක් එක්ස්පෙන්සිව්, චාම් රින්ග් එකක් බලන්න ඕනි."


"ඕකේ මැඩම්.. සිට්.."


එයාලා එහෙම කියද්දි මම පුටුවකින් ඉඳගත්තා. ඒ එක්කම එකේක විදිහේ රින්ග්ස් වර්ග එයාලා මට ගෙනවිත් දුන්නා. හැබැයි ගොඩාක් ඒවගේ එකේක කැටයම් තිබුණා. හේෂාන් කැමති නෑ වැඩි විච්චූරන වලට. එයා ආස නෝමල් ඒවට. ඉතින් අවසානේ මගෙ මහපට ඇඟිල්ලත් දබරැඟිල්ලත් අතර නතර වුණේ හරි චාම් රින්ග් එකක්.


"කොහොමද ප්‍රයිස් එක ?"


"මේක මිස් ෆයිව් ලැක්ස් වෙනවා. හන්ඩර්ඩ් ප්‍රසන්ට් ගෝල්ඩ් එකෙන් තමයි හදවලා තියෙන්නේ."


"එහෙමද.. එහෙනම් ඒක මට ගන්න ඕනි."


මල් කැටයම් නැති ඒ සරල මුද්ද මම අතට අරගෙන සයිස් එකත් බැලුවා. එයාගෙ සයිස් එක මට හොඳට මතකයි. ඒ ඇඟිලි හීනියි වගේම දිගයි. ඉතින් මේක එයාටම හදලා වගේ තියෙයි ඒ සුදු අතට දැම්මම.


එයාලගෙන් රින්ග් එක ගත්තු මම ශොප් එකෙන් එළියට ආවා. අද ටිකක් රස්නෙ වැඩියි වෙනදට වඩා. නැත්තම් වෙනදට රෑට හරිම සීතලයි. මොකද දෙසැම්බර් ළඟ ලඟම එන නිසා. කාර් එකටත් තව දුර යන්න තියේ. ඒ හින්දා මම ඉක්මනින් යන්න ඕනි එතෙනට, අව්වෙ කර වෙන්නෙ නැතුව. ඈත තියෙන කාර් එක දිහා බලාගෙන මම පාර අයිනට ගියේ ක්‍රොසින් එකෙන් පනින්න හිතාගෙන. ඒත් පාර මැද්දෙන් මට සද්දයක් ඇහුණා පොඩි සතෙක් කෑ ගහනවා වගේ.


Meow Meow..


පාර මැද සුදු පූස් පැටියෙක් බය වෙලා එහෙට මෙහෙට පනිනවා වාහන අස්සෙන්. දකිද්දි මගෙ පපුවත් එක්ක සීතල වුණා. අනේ දෙවියනේ එයා මගෙ ඇස් ඉස්සරහා වාහනේකට යට උනොත් එහෙම දෙවියො මට සමාවක් දෙන එකක් නෑ, එයාව බේරගන්නෙ නැතුව බලාගෙන හිටියට.


ඉක්මනින් මම පාර මැදට දිව්වේ පූස් පැටියව ගන්න හිතාගෙන. මාව දැකලා සමහර වාහන හිටි තැනම බ්‍රේක් කලා. පූසාව වඩාගෙන රින්ග් එක තියෙන බෑග් එකත් අරගෙන මම පාරෙන් නැගිට්ටේ ආයෙමත් අයිනට යන්න හිතන්. ඒත් මම නොහිතපු විදිහට මගෙ ඉස්සරහට කළුපාට ප්‍රියස් එකක් ආවේ විදුලි වේගයෙන්.


"මින්දි.."


එකපාරටම මට ඇහුණේ කවුරු හරි මගෙ නම කියලා කතා කරනවා වගේ. වාහනේ ලඟටම එද්දි මම මගෙ ඇස් පියාගත්තා පූස් පැටියාවත් තුරුලු කරගෙන. ඒත් එක තැන හිටපු මම එකපාරටම කවුරු හරි ඇදලා අරගත්තා. ඒ එක්කම මගෙ අතේ හිටපු පූස් පැටියා අතෑරුණා මට තේරුණා.


"අහ්.."


ක්‍රොසින් එක ඉස්සරහා මම හිටියේ නොහිතපු කෙනෙක්ගේ පපුවක් උඩ. එක අතකින් මාව තුරුලු කරන් අනිත් අතින් පූස් පැටියාවත් අල්ලගෙන ඉන්න තියෝන්ගෙ ඇස් මගෙ දිහා බලන් හිටියේ තරහින් වගේ.


"මොලයක් නැද්ද. ඉස්සෙල්ලාම වාහන නවත්තලා රෝඩ් එක මැද්දට පනින්න තිබුණා."


"මම කෙනෙක්ට උදව්වක් කරන්න ගියෙ තියෝ. ඔයාට එහෙම මට චෝදනා කරන්න බෑ."


එහෙම කියපු මම එයාව තල්ලු කරලා ඈතට වුණේ මිනිස්සු බලන් ඉන්න නිසා. ඒත් එයාව තල්ලු කරන්න ගිහින් මගෙ අතින් හේෂාන්ට දෙන්න කියලා ගත්තු රින්ග් එක තියෙන බෑග් එකත් බිමට වැටුණා. බෑග් එකෙන් එළියට ආපු රින්ග් එක දාලා තිබුණු පෙට්ටිය පහලට තියෙන පල්ලම දිගේ රූටලා යද්දි මම ඉස්සරහට ගියේ ඒක අල්ලන්න හිතාගෙන.


ටක්..


රින්ග් එක තිබ්බ පෙට්ටිය නැවතුණේ පොලිශ් කරපු කළුපාට සපත්තුවකට යටවෙලා. සපත්තුව දිහා බලලා මම ඒක පාගගෙන ඉන්න කෙනා දිහා බැලුවා. තියෝන් ඉස්සරහා මතු වෙන්නවත් හොඳ නැති රුවක් මගෙ ඇස් වලට පෙනුණේ.


"හේෂාන්.."


මම බලාගෙන ඉද්දි හේෂාන් බිමට නැවිලා වැටුණු පෙට්ටිය අතට ගත්තා. ඒ දිගැටි ඇස්, හැකිළුණු ඇහිබැම් මගෙ දිහාද, පිටිපස්සෙ ඉන්න තියෝන් දිහාද මංදා නපුරු පාටට බලන් හිටියා. අතේ තිබුණු පෙට්ටිය පවා ඒ දිග ඇඟිලි වලට තද වෙලා.


"මං බලාගෙන හිටියේ හැමදෙයක්ම."


"එහෙනම් ඇයි මින්දිව බේරගන්න ආවෙ නැත්තේ ?"


හේෂාන් අරෙහෙම කියද්දි තියෝන් එහෙම ඇහුවා. වෙන්න බැරි දෙයක් නෙවෙයි මේක. තියෝන් හිතන් ඉන්නේ හේෂාන් මාව රිද්දපු කෙනා කියලා. එහෙව් එකේ එයා බලාගෙන ඉන්නේ හේෂාන් එක්ක පැටලෙන්නමයි. ඒත් මගෙ හොඳම යාළුවාට එහෙම හේෂාන්ට මුකුත් කියන්න ඉඩ දෙන්න බෑ මට. මොකද තියෝන් කියපු දේට හේෂාන්ට තරහා ගියොත් එහෙම සේරම ඉවරයි.


"මින්දිව බේරගන්න ඔයා මැද්දට පැන්නනේ. ඉතින් මං බලන් හිටියා."


"Oh.. කොහොමත් බලන් ඉන්න එකනේ ඔයාගේ ෆේවරිට්ම දේ. ඒකනේ එදා රාදිතා මින්දිගේ......"


"තියෝ.."


තියෝන් ඕනෑවට වඩා කියවන් එනවා කියලා තේරුණු නිසා මම එයාගෙ පැත්තට හැරිලා රවලා බැලුවේ 'කට වහගන්න' කියන්නයි. මේ නපුරු සුද්දා හේෂාන්ගෙත් තරහා අවුස්සන්න යන්නේ 🤦.


"රාදිතා මින්දිට මොනවා කරද්දිද මම බලාගෙන හිටියේ ?"


හේෂාන් එහෙම අහද්දි මම එයා දිහා බැලුවා. තද නිල්පාට කිට් එකක් ඇඳගෙන නීල කොබෙයියෙක් වගේ ඉද්දි එයාගෙ මූණ රෝසපාට වෙලා කියලා මට හොඳට පෙනුණා.


"රාදිතා මින්දිට ගහද්දි ඇයි නිකන් හිටියේ. මම උනා නම් ඉවසන්නෙ නෑ මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට ගහද්දි."


"මම ගෑනු ළමයෙක්ට අත උස්සන ජාතියේ පිරිමියෙක් නෙවෙයි."


"එහෙමත් එකක්ද. එයිට් ඉයර්ස් රිලේෂන්ශිප් එකක් තියලත් තමන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්ට එහෙම කතා කරද්දි, ගහද්දි නිකන් ඉන්න පුළුවන් කියන්නෙ ඔයා නියම පිරිමියෙක්."


මම බලාගෙන ඉද්දි මාව පාස් කරපු හේෂාන් තියෝ ලඟට ගිහිනුයි නැවතුණේ. දැන් නම් හොඳට හිටපු හේෂාන් ඇවිස්සිලා ඉන්නෙ. මම දැන් මොකද කරන්නෙ මේ දෙන්නා නවත්තන්න. දෙන්නම නහරකාරයො දෙන්නෙක්.


"ඔයා ඔයාට අදාල දේවල් විතරක් කතා කරලා ඔයාගෙ ලිමිට් එකේ හිටියොත් හොඳයි මිස්ටර් තියෝන් විලියම්ස්. මගෙයි මින්දිගෙයි පර්සනල් දේවල් වලට ඔයා කතා කරන්න කිසිම විදිහේ අවශ්‍යතාවයක් නෑ."


"මින්දි මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. එයා ගැන හොයන එක මගෙ වගකීමක්. කවුරු එයාව අතෑරියත් මම එයා වෙනුවෙන් ඉන්නවා ඕනිම වෙලාවක. අනිත් අය වගේ මම එහෙම එයාව දාලා යන්නෙත් නෑ, එයා වෙනුවෙන් කතා කරන්න, ෆේස් කරන්න බයත් නෑ."


"ඒ කියන්නේ අවුරුදු අටක් එයා එක්ක එකට හිටපු මට වඩා ඔයා එයා ගැන දන්නවා, එයාව පරිස්සම් කරනවා කියලද මට කියන්න හදන්නේ 😄."


"හේෂාන්.. Please stop."


මම ඒ දෙන්නගේ මැද්දට පැනලා හේෂාන්ව අල්ලගෙන එහෙම කිව්වා. ඒ තද අළුපාට ඇස් ගැස්සෙන විදිහට පේනවා කොච්චර තරහා ගිහින්ද කියලා. මම දන්නෙ නෑ එයාට තරහා යන්න හේතුව සාධාරණද අසාධාරණද කියලා. ඒත් තරහා ගියොත් එයාගෙ හැටිත් මම දන්නවා කාලයක් එයාගෙ ලවර් වෙලා හිටිය නිසාම.


"මින්දි.. ඔයාට හේෂාන්ව ලොකු උනාට මට එහෙම නෑ. ඔයාට මතක නැද්ද මෙයා එයාගේ සෙකට්‍රි එක්කම පිසිකල් කනෙක්ෂන්ස් තියද්දි ඔයා දුක් විඳපු තරම්. ඒ කාලේ ඔයා ළඟ හිටියේ කව්ද කියලා ඔයාට මතකද. මෙයා තමයි එදා ඉඳන් ඔයාව පුළුවන් තරම් රිද්......"


"තියෝ ඔය හොඳටම ඇති.


"එයා ඉස්සරහා ඇත්ත කියද්දි ඔයාට රිදෙනවා නේද මින්දි. ඒ කියන්නේ ඔයා තාමත් හේෂාන්ට ආදරෙයි."


"ඔව් මම ආදරෙයි."


කියලා ඉවර උනාමයි මට තේරුණේ අනවශ්‍ය දේවලුත් කියවුණා කියලා. එහෙම වෙන එක සාධාරණයි. හේෂාන් මොන වැරැද්ද කලත් නොකළත් මට එයාව ලොකුයි තමයි. මොකද ඒ මගෙ ආදරේ. මම එයාට ගොඩක් ආදරෙයි ඉස්සර වගේම. තියෝ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් උනා කියලා එයාට එහෙම හේෂාන්ට බනින්න අයිතියක් නෑ.


"You poor thing මින්දි.. මෙච්චර දේවල් වලත් ඔයා ලෙසන් එකක් ඉගෙනගෙන නෑ මෙයාගෙන්."


................................................... 🖤 ...


දැන් මෙතන වලියක් ගියොත් ඉස්සෙල්ලාම ඇවිස්සෙන්නෙ,


හේෂාන්ද ? නැත්තම් තියෝන්ද ?


Sachy Collins

Report Page