Spring is far away - 72 (Part 2)
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
මම රෙඩ් කාපට් එක දිගේම ගිහින් හොටෙල් එකෙන් එළියට යන්නයි හැදුවේ. ඒත් මට එකපාරටම හේෂාන්ව මතක් වෙලා එක තැන නතර වුණා. ආයෙමත් හැරිලා කේක් එක තිබුණු තැන බලද්දි රාදිතායි හේෂානුයි දෙන්නා ලොකු කතාවක. තවත් බලාගෙන ඉන්නෙ නැතුව මම ඒ දෙන්නා දිහාවට ගියේ යනවා කියන්නයි. මම එයාලා ලඟට යද්දි එයාලත් මං දිහා බලාගෙන හිටියා. විශේෂයෙන්ම රාදිතා. මගෙ මූණට නොකිව්වට ඒ හිතේ මට කියන්න දේවල් ගොඩ ගැහිලා බව ඒ ඇස් වලින් මට පෙනුණා. සමහරවිට ඉස්සර වගේම කියුට් ත්‍රෙට් එකක් වෙන්නත් පුළුවන්.
"මම යනවා කියන්නයි ආවෙ.. හේෂාන්.."
මම රාදිතාව අවුස්සන්නත් එක්ක හේෂාන් දිහා අමුතු විදිහට බලලා එහෙම කිව්වා. ඒ වෙනකොටත් රාදිතා තරහව, ඊර්ෂ්‍යාව අස්සෙන් මාත් එක්ක හොඳට හිනා වෙනවා.
"Take care මින්දි."
"You too."
මම දෙන්නටම හිනා වෙලා යන්න හැරුණා. පොඩ්ඩක් ඉන්න. මම දුන්න රින්ග් එක හේෂාන්ගෙ අතේ තවමත් තියෙනවා මම ලාවට වගේ දැක්කා. එයා කොහොමද රාදිතා ඉස්සරහා එහෙම එන්ගේජ් උන කෙනෙක් වගේ ඒක දාගෙන ඉන්නේ.
"Wow.. The ring I gave you is perfect for you."
(වාව්.. මම දුන්න මුද්ද ඔයාට ගැලපෙනවා)
මම හේෂාන්ගෙ ඇඟිල්ල පෙන්නලා එහෙම කියද්දි රාදිතා හැරිලා බැලුවේ ඒ ඇඟිල්ල දිහා. මම හිතුවා හරියට හරි. රාදිතා හේෂාන්ගෙ ඇඟිල්ල කපන්න වගේ බලන් ඉද්දි මම තේරුම් ගත්තා රාදිතා මගෙ ඉස්සරහා හොඳ කෙනෙක් වගේ කරන්නේ බොරු රඟපෑමක් කියලා.
"Thank you mindi."
හේෂාන් එහෙම කියද්දි මම එතනින් හැරිලා ඇවිත් හොටෙල් එකෙනුත් එළියට ආවා. රාදිතා කවදා වෙනකම් මෙහෙම රඟපාන්නද. මිස් යුනිවර්ස් ක්‍රව්න් එක ගත්තු නිසා වෙන්න ඇති මේ තරම් රඟපෑමක් කරලා තමන්ගෙ පර්සනැලිටි එක සම්පූර්ණයෙන්ම වෙනස් කරගන්න හදන්නේ. ඒත් පරණ රාදිතාගේ ඇත්තම මූණ මම ඉක්මනින් එළියට ගන්නවා කොහොම හරි. මොකද ඉස්සර මින්දිට ඒ මූණට බය හිතුණට, දැන් මින්දිට ඒ මූණ දැක්කම සතුටක් ලබාගන්න පුළුවන්.
"ආයෙ හේෂාන් ඉස්සරහට ආවේ මගෙ දුවගෙ සතුට නැති කරන්නද."
එකපාරටම මට හුරුපුරුදු කටහඬක් ඇහුණ නිසා මම දකුණු පැත්තට හැරුණා. පිරිමි කෙනෙක්ගෙ සපත්තු දෙකක සද්දයක් මගෙ ලඟින්ම ඇහිලා නතර වුණා.
"I know.. ඔයා ආවේ මගෙ දුවගෙ ලයිෆ් එක එක්ක සෙල්ලම් කරන්න."
මට දකුණු පැත්තෙන් හිටගෙන ඉස්සරහා බලාගෙන ඉන්න ඇන්ඩෲස් එහෙම කිව්වා. ඉස්සර මට ස්නයිපර් එකක් ඒම් කරලා මාව බය කරන්න හදපු ඇන්ඩෲස් ආයෙමත් මගෙ ඉස්සරහා. ඒත් එහෙම කියලා ඉස්සර වගේම මම එයාට බය වෙයිද.
"වාව්.. ඔයා ගොඩාක් දක්ෂයි මිස්ටර් ඇන්ඩෲස්. ඔයා මගෙ හිතේ තියෙන දේ කිව්වා."
"දක්ෂයි නෙවෙයි. ඔය මූණ දැක්කම පේනවා ඔයා ඇවිත් ඉන්නෙ මගෙ දුවගෙන් පළිගන්න කියලා."
"ඔව්.. මට ඕනි ඔයාගෙ දුවගෙන් පළිගන්න. Because රාදිතා මගෙ ආදරේ මගෙන් උදුරගත්තා. මගෙ හැම ඩ්‍රීම් එකක්ම රුයින් කරලා දැම්මා. හේෂාන්ගෙ අම්මවත් එයාගෙ පැත්තට නම්ම ගත්තා. මට ඕනි ඒ හැමදේකින්ම එයාගෙන් පළිය ගන්න."
"Really ?"
"Yeah.. මම ඒක කරලා මිසක් නවතින්නෙ නෑ."
"ඒත් කොහොමද ?"
"ඔයා හිතනවද ඒක නවත්තන්න."
"නැවැත්තුවොත් ?"
"එහෙම ඩ්‍රීම් එකක් තියෙනවා නම් ඒක ඩ්‍රීම් එකක්ම විතරක් වේවි මිස්ටර් ඇන්ඩෲස්."
එහෙම කියපු මම ඇන්ඩෲස්ගෙ පැත්තට හැරුණා. ඉස්සර ඇන්ඩෲස්ගෙ මූණ දැක්කත් කටහඬ ඇහුණත් බය හිතුණට අද මට එහෙම කිසිම හැඟීමක් දැනෙන්නෙ නෑ. ඒ වෙනුවට මට දැනෙන්න්නේ එකම දෙයයි. මට ආසයි ඇන්ඩෲස් එක්කයි එයාගෙ මෝඩ දුව එක්කයි සෙල්ලම් කරන්න.
"ඉස්සර වගේ ඔයා ස්නයිපර් එකක් ඒම් කලත් දැන් ඉන්න මින්දි නිකන් ඉඳීවි කියලා හිතන්න එපා. මොකද ඔයාට වගේම ඒ දේවල් අල්ලන්න මටත් අත් දෙකක් තියෙනවා. ඒ වගේම ඒවා අල්ලන්න මම බයත් නෑ."
"අනික ඔයාගෙ දුවට කියන්න මගෙ ඉස්සරහා කරන ඔය බොරු රඟපෑම නවත්තන්න කියලා. මොකද මම ආස නෑ ඕවර් ඇක්ටින් දාලා දඟලන අයට. මම දන්නවා ඔයාගෙ දුව ඒකෙන් කරන්නෙ මාව රවට්ටන එක කියලා. ඒත් මේ මින්දි ඉස්සර වගේ එහෙම රැවටෙන්නෙ නෑ කියලා ඔයා වත් කියලා දෙන්න එයාට, එයාගෙ තාත්තා හැටියට."
මම එහෙම කියද්දි ඇන්ඩෲස් මගෙ මූණ දිහා බලලා මගෙ කරේ තිබුණු මාලෙ දිහා බැලුවා. නිල් ඩයමන්ඩ් නෙක්ලස් එක හැමදාම මගෙ පපුව උඩ දිළිසෙනවා හැමෝම දකිනවා. හැමෝම වගේ ඒකට හූල්ලනවා. ඒත් ඇන්ඩෲස් තවමත් ඒකට කෙල ගිලිනවා. මම දන්නෙ නෑ ඇයි මේ මනුස්සයා මේ තරම් මගෙ නෙක්ලස් එක පස්සෙ එළවන්නෙ කියලා. අනික එයා මේ ඩයමන්ඩ් එක ඇත්තටම වටින එකක් කියලා දැනගත්තෙ කොහොමද කියලාවත් මම දන්නෙ නෑ. හැබැයි මගෙ නෙක්ලස් එකට තියා ඇඟටවත්, මගෙ ප්‍රතිවාදියෙකුට මම අත තියන්න ඉඩ දෙන්නෙ නෑ.
"මම ආස නෑ වැඩිය කියවන්න. So be careful."
ඇන්ඩෲස් හොටෙල් එක පැත්තට යද්දි මම කාර් එක ලඟට ගියා. මගෙ නෙක්ලස් එකයි ඇන්ඩෲස් අතරයි ලොකු සම්බන්ධයක් තියෙනවා. මට ඒක දැනගන්න ඕනි. අනික අයියා ඇන්ඩෲස් එක්ක මෙච්චර තරහක් තියාගන්නත් ලොකු හේතුවක් ඇති. මට ඕනි ඒ හේතුවත් දැනගන්න අයියාට නොකියා, මගෙම උත්සහයෙන්.
................................................... 🖤 ...
Sorry ඇන්ඩෲස් අංකල් 🤧
හැමදාම සෙකන්ඩ් වෙන්න බෑනේ
Sachy Collins