Spring is far away - 60
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 60 | You broke my heart
වටේම ඉන්න මිනිස්සු බලාගෙන හිටියේ ස්ටේජ් එක උඩ හේෂාන් මාව අල්ලගෙන ඉන්න විදිහ. ඒ මදිවට එයාලා කසු කුසු ගානවාත් ඇහෙනවා. රාදිතා මාව පණ පිටින් ගිනි තියන්න වගේයි බලන් ඉන්නේ.
"Thank you හේෂාන්."
මං ඉක්මනින් එයාගෙන් අයින් උනේ ඇන්ඩෲස්ව දැකලා. මෙච්චර වෙලා එහෙම මනුස්සයෙක්ව මං දැක්කෙ නෑ. ඒත් හේෂාන්ගෙ ඇඟේ ඉන්නවා දැකලා එයා මට මොනවා කරයිද දන්නෑ.
මං කේක් කෑල්ල කන්නෙ නැති බව දැනගෙනම එයා අහස් ගාවට ගියා. තාමත් මිනිස්සු මාව වැටෙද්දි හේෂාන් අල්ලගත්තු එක ගැන කතාව. තවත් මට එතන හිටියොත් අපහසුවක් වෙන නිසා මං මිනිස්සු මැද්දෙන් කොනකට ගියා. පුළුවන් තරම් ඉක්මනින් මං හේෂාන්ට මේ ගිෆ්ට් එක දීලා යන්න බලන්න ඕනි.
ටික වෙලාවක් මං ෆෝන් එක බලන ගමන් හිටියා. හැමෝටම ට්‍රේ එකක් අල්ලගෙන ගිහින් අන්තිමට වේටර් මටත් ඩ්‍රින්ක්ස් ඇල්ලුවා. බොන්නද නොබී ඉන්නද කියලා හිතාගන්න බෑ.
"ඔයා වැඩ කරන්නේ කේටරින් එකේද ?"
"ඔව් මැඩම්. ට්‍රීට් කරන්න සර්වන්ට්ස්ලා මදි නිසා මං ආවේ."
එයාගේ සුදු ශර්ට් එකේ කොනේ චෙෆ් කෙනෙක් කියලා බැජ් එකක් ගහලා තියනවා. මට එකපාරටම මතක් උනේ හිරුෂාන්ගෙ වයිෆ්ව. මට හිතුණා අහන්න මෙයාගෙන් එයාව දන්නවද කියලා.
"මීට අවුරුදු ගාණකට කලින් තිනුලි කියලා ගර්ල් කෙනෙක් වැඩ කරාද මෙතන ?"
"ඔව්.. ඒ අපේ මාස්ටර්. එයා තමයි අපිට ඉගැන්නුවේ."
"ඔයා දන්නවද එයා දැන් ඉන්න තැනක්."
"අනේ දන්නෙ නෑ මැඩම්. එයා මැරි කරාට පස්සෙ ජොබ් එකෙන් අයින් උනා."
"හ්ම්ම්."
මං ඩ්‍රින්ක් එකක් අරගත්තම ඒ සර්වන්ට් මට ඔළුව වනලා ගියා. උගුරක් බොද්දි උගුර පිච්චිලා යනවා වගේ දැනුණු නිසාම මං ඩ්‍රින්ක් එක ටේබල් එකක් උඩින් තිබ්බා. ඒ එක්කම මං දැක්කේ තේෂාන් මගෙ පැත්තට එන විදිහ. එයා කොහොම මේ සෙනඟ ගොඩේ මාව හොයා ගත්තද මංදා.
"ඇයි මෙතන.. අතන කට්ටිය ඔයාව හොයනවා."
"Sorry.. මගෙ ඔළුව ටිකක් රිදෙනවා."
"ගොඩක් අමාරුයි නම් රූම් එකකට එක්ක යන්නද."
"නෑ එපා. එහෙම අවුලක් නෑ මට."
"හ්ම්ම්."
තේෂාන් ආයෙමත් යද්දි මං එයාගෙ පස්සෙන් ගියා. තාම හේෂාන් කේක් කපලා පැය භාගයයි ගියේ. මට පැයක් හමාරක් හිටියත් හොඳටම ඇති. ඒත් ඉක්මනින් කාලය ගෙවෙන්නෙ නැති එක තමයි අවුල.
"ඔය චූටි ගිෆ්ට් එක ඇතුළෙ මොනවද තියෙන්නේ ?"
එකපාරටම මට එහාපැත්තෙන් ඇහුණේ ඇන්ඩෲස්ගේ කටහඬ. එයාගෙ ඇස් යොමු වෙලා තිබුණේ මගෙ අතේ තිබුණු පොඩි නිල් පාටින් වැපින් කරපු ගිෆ්ට් එකට.
"වොච් එකක්."
"හ්ම්ම්.. ටූ චීප්."
එයා එහෙම කියලා කට කොනින් හිනා වෙලා කට්ටිය එක්ක කතා කර කර ඉන්න හේෂාන් දිහා බැලුවා. මට හරි බයයි ඇන්ඩෲස් හේෂාන්ට මොනවා හරි කරයි කියලා. මට නැතත්.
"මං මගෙ එකම බෑනාට දෙනවා.. මේක.."
ඇන්ඩෲස් එහෙම කියලා එයාගෙ කලිසමේ පොකට් එකෙන් අරගත්තේ පිස්ටල් එකක්. පපුවත් එක්ක ගැස්සුනා ඉස්සෙල්ලා ස්නයිපර් එකේ ලේසර් එක පපුවට වැදුණු වෙලේ වගේම.
"එපා.. එයාට ඔය වගේ දේවල් දෙන්න එපා."
"Why.. ඒ මගෙ බෑණා. So මම එයාට මගෙ ට්‍රික්ස් උගන්නන්න ඕනි අනිවාර්යයෙන්ම."
"එයා ඔය වගේ දේවල් අල්ලන්න කැමති නෑ. එහෙම කරන්න එපා. ඔයාට ඕනි නම් මේක දෙන්න."
මං එහෙම කියලා මගෙ අතේ තිබුණු ගිෆ්ට් එක ඇන්ඩෲස්ට පෙන්නුවා. මට බෑ හේෂාන්, ඇන්ඩෲස් වගේ වෙනවා බලන් ඉන්න. මනුස්සයෙක් මරලා සතුටු වෙන්න තරම් හේෂාන්ගෙ හිත හයිය නෑ. එයා කොච්චර වස උනත් අහිංසක හදවතක් තියන කෙනෙක්.
මගෙ ගිෆ්ට් එක දිහා බලලා ඇන්ඩෲස් හයියෙන් හිනා උනේ පිස්ටල් එක පොකට් එකට දාගන්න ගමන්. මගෙ ඇස් වල කඳුළු පිරිලා දැක්කම ඇන්ඩෲස්ට තවත් සතුටු හිතෙනවා ඇති.
"මේ වගේ චූටි දේවල් දීලා වැඩක් නෑ. ඔයා ඇවිත් ඉන්නේ ඉන්ස්ටග්‍රෑම්, ටික්ටොක් වලින් ෆේමස් උන නිකන් කොල්ලෙක්ගේ පාර්ටි එකකට නෙවෙයි. හේෂාන් යුවසිංහ කියන්නේ ශ්‍රී ලංකන් නම්බර් වන් බිස්නස් මන්. ඉයර්ලි ඉන්කම් එක ටූ හන්ඩ්ර්ඩ් බිලියන්. ඉතින් Ex විදිහටවත් මීට වඩා වටින දෙයක් දුන්නොත් නරකද ?"
මට කියන්න දේවල් කටට එනවා. ඒත් මම නොකියා හිටියේ ජීවිතේ වටින නිසා. මම වැරදි මොනා හරි කියන්න, කරන්න ගියොත් එහෙම ඇන්ඩෲස් එයාගෙ අතේ තියන පිස්ටල් එකෙන් මගෙ ඔළුව කුඩු වෙන්න තියලා මෙතනම මරයි.
"මින්දි.."
ආයෙමත් වතාවක් මගෙ නම කියනවා ඇහුණා. හැබැයි ඒ තේෂාන්ගෙ කටහඬ නෙවෙයි. එයාගෙ අයියාගෙ කටහඬ. මං ඉක්මනින් හැරුණේ හේෂාන් මායි ඇන්ඩෲස්යි ගාවට එන නිසා.
"අංකල් ඇයි මෙතන. රාදි ඔයාව හොයනවා."
"අහ් එහෙමද. මං මේ දුව එක්ක ටිකක් කතා කරා."
"කතා කරාද.. බය කරාද ?"
හේෂාන් ඇන්ඩෲස් ගාවටම ගිහින් නැවතිලා එහෙම ඇහුවේ අමුතුම තාලෙකට. මම ඇන්ඩෲස්ට කොච්චර බය උනත් හේෂාන්ගෙ ඇස් වල කිසිම බයක් ගෑවිලා නෑ.
"අනේ.. මට උවමනාවක් නෑ එහෙම කරන්න. මං මේ ඇහුවේ හොඳින් ඉන්නවද කියලා."
"එහෙම උනොත් හොඳයි."
"හ්ම්ම්.. සුදූ මාව හොයනවා කිව්වා නේද. මං යන්නම් එහෙනම්."
එහෙම කියපු ඇන්ඩෲස් ඈත හිටපු රාදිතා ගාවට ගියා. දැන් පැයක් ගිහින් ඉවරයි පාර්ටි එකේ. තව පැය භාගයක් ඉඳලා මං යනවා ගෙදර.
"Happy birthday හේෂාන්."
මං එයාට මගෙ අතේ තිබුණු ගිෆ්ට් එක දුන්නා. එයා වෙනදා වගේම ආසාවෙන් ඒ ගිෆ්ට් එක ගත්තා. සමහරවිට එදා ෆොටෝ එක ලීක් උනේ නැත්තම් හේෂාන් මාව තුරුලු කරගෙන කිස් කරන්නත් ඉඩ තිබුණා. මොකද මම දෙන පුංචි තෑග්ගක් එයාව හරි ඉක්මනින් සතුටු කලා. හැමදාම.
"Thank you මින්දි."
ඉස්සර එයාගෙ බර්ත්ඩේ එක එයා සමරන්නෙ මං එක්ක. අපේ පුංචි ගෙදර බල්බ් වැල් වලින් සරසලා මට ලස්සන ගවුමක් ගෙනවිත් දීලා ඒකට ගැලපෙන්න එයත් ඇඳුමක් ඇඳලා දෙන්නා එක්ක කේක් එක කපනවා. ගොඩාක් වෙලාවට මගෙ බර්ත්ඩේ එක එයාගෙත් බර්ත්ඩේ එක. එයාගෙ බර්ත්ඩේ එක මගෙත් බර්ත්ඩේ එක. මොකද අපි එකට කේක් කපන නිසා..
ඒත් අද රාදිතා මගෙ තැනට රිප්ලේස් වෙලා. එයා හේෂාන් එක්ක කේක් කපලා, නුවන්ති අම්මට කවන්නත් කලින්ම පැනගෙන ගිහින් කේක් කෑල්ල කෑවා. එයා බලෙන්ම ඒ හැමදේම කරලා මාව රිද්දන්න උත්සහ ගන්නවා.
"ඇන්ඩෲස් ඔයාට මොනවා හරි කිව්වද ?"
"නෑ.. එයා මගෙන් ඇහුවා දැන් මොකද කරන්නෙ කියලා. එයා දන්නවා මං රෙසිග්නේෂන් දුන්න බව."
"හ්ම්ම්.. රෙසිග්නේෂන් එක හරි කියලා මට කිව්වා. හෙට පුළුවන් ඔයාට ඒක ඇවිත් ගන්න."
"Thank you."
"දැන් ඩී මාර්ටිනස් එකටද යන්නේ ?"
එයා කොහොමද ඒක දන්නේ. මම ඩී මාර්ටිනස් එකට ඇප්ලිකේශන් දැම්ම බව එයා දැනගත්තේ කවුරු මාර්ගෙන්ද. සමහරවිට එයාගෙ යාළුවාගෙන් වෙන්න ඇති. ඩී මාර්ටිනස් එකේ CEO එයාගෙ හොඳම යාළුවෙක්ලුනේ.
"හ්ම්ම්.."
"කොහොම හරි අන්තිමට ඔයා හරිම දේ හොයා ගත්තා. යුවසිංහ ගෲප් එකේ එක එක්කෙනාට ඕනි විදිහට වැඩ කරපු කාලෙ ඉවර වෙයි ඉක්මනින්."
"ඒ කිව්වේ ?"
"නෑ ඉතින්. එහෙදි ඔයාට කරදර කරන්න කිසිම කෙනෙක් නෑනේ. සැලෝමිගෙන් ඔයාට උන දේවල් ආයෙ ඒ කම්පැනි එකෙන් වෙන එකක් නෑ. මොකද එහෙ රාදිතාගෙ වත් ඇන්ඩෲස්ගෙ වත් කනෙක්ෂන් නෑනේ."
ඒක නම් එහෙම වෙයි. ඒත් ඔයා ගැන හොයලා බලන්නෙ නැතුව ඉන්නෙ කොහොමද කියලයි මම කල්පනා කරන්නේ. මොකද ඔයා ලෙඩෙක්. ඒ නිසා ඔයාගෙන් වෙන් වෙන්න හැදුවට මට ඒක කරන්න ලේසි දෙයක් නෙවෙයි.
"ඔයා ඔයාට සේෆ්ම තැනට යන්නේ. So don't worry."
"හ්ම්ම්."
"බබාහ්.."
එකපාරටම රාදිතා ඇවිත් හේෂාන්ව පිටිපස්සෙන් තුරුලු කරගත්තේ මගෙ ඇස් ඒ පැත්තට යොමු වෙද්දි. රාදිතාගේ දිග රතුපාට නියපොතු තියන ඇඟිලි හේෂාන්ගෙ බ්ලේසර් එක ගුලි කරගත්තා. මට ඒ දිහා බලාගෙන ඉන්න අපහසුවක් උන නිසාම මං ඇස් බිමට හැරෙව්වා.
"මයි බේබි.. අපි පොඩ්ඩක් ඩාන්ස් කරමුද ?"
"ඔයාට පේනවනෙ රාදි. මම මින්දි එක්ක කතාවක්. මං එන්නම් තව ටිකකින්."
"No.. මගෙ ෆ්‍රෙන්ඩ්ස්ලා සේර්ම ඩාන්ස් ෆ්ලෝ එකේ. Let's go. Please."
"රාදි I already......"
"ප්ලීස් හේෂාන්. මම ඔයාගෙ ෆියන්සි. හැමෝම බලන් ඉන්නෙ අපි දිහා."
"හේෂාන් ඔයා රාදිතා එක්ක ඩාන්ස් කරන්න."
මං එහෙම කියලා හිනා උනා. රාදිතාගෙ දුඹුරුපාට ඇස් මටයි යොමු වෙලා තිබුණේ. ඒවා හරි ඉරිසියාවෙන් මං දිහා බලාගෙන හිටියා.
"අපි පස්සෙ කතා කරමු."
එහෙම කියලා හේෂාන් රාදිතා එක්ක මං ඉන්න තැනින් ගියා. මාත් තේෂාන් හොයාගෙන ගියේ එයා මාව හොයනවා කියලා හිතන්. අම්මලටත් හරියට කතා කරන්න බැරි උනානෙ මට.
මං අම්මා ගාවට ගියා. අම්මයි තාත්තයි, හේෂානුයි රාදිතායි නටන හැටි බලන් ඉන්නවා. එකපාරටම මගෙ ගාවට තේෂාන් ආවේ එයාගෙ යාළුවෙකුත් එක්කගෙන.
"මින්දි.. මේ ඉන්නෙ මගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කෙනෙක්. වගීෂ කියලා."
"එහෙමද.. It's nice to meet you."
"Nice meet you too මින්දි."
මං එයා එක්ක හෑන්ඩ් ශේක් කලා. ඒ එක්කම මගෙ ඇස් අහම්බෙන් යොමු උනේ රාදිතා එක්ක කපල් ඩාන්ස් එකක ඉන්න හේෂාන්ට. ආයෙමත් මං ඇස් අහකට ගන්න හදද්දි රාදිතා මං දිහා සමච්චලයට වගේ බලලා හේෂාන්ව තුරුලු කරගත්තා.
මාව රිද්දන්න හිතාගෙන රාදිතා හේෂාන්ව කිස් කලේ මගෙ දිහාවට ඇස් හරවන්. කොහොමද මං බලාගෙන ඉන්නේ මං ආදරේ කරපු කෙනා වෙන කෙනෙක් කිස් කරනකොට. ඉතින් මං අහක බලාගත්තා.
"මේ හොටෙල්ස් වල රූම් සේරම සීල් කරලා නේද තියෙන්නේ."
"ඔව්.. මේ හෝල් එකේ සවුන්ඩ් එක රූම්ස් වලට ඇහෙන්නෙ නෑ. රූම්ස් වලින් පිටට සවුන්ඩ්ස් ඇහෙන්නෙත් නෑ."
තේෂාන් යාළුවා එක්කම හොටෙල් එක ගැන කියව කියව කතාවක. මං ඒ දෙන්නට හිනා වෙලා වටපිට බල බල හිටියා. ඒත් ආයෙමත් වතාවක් මගෙ ඇස් වලට යොමු උනේ ස්ටේජ් එකේ රොමෑන්ටික් විදිහට සැරෙන් සැරේට කිස් කරන ඒ දෙන්නව.
රාදිතා මාව රිද්දන්න හිතන්ම හේෂාන්ගෙ ඇඟට තද වෙලා කොහෙ හරි කිස් කරන ගමන් නටනවා. ඔව් එයා හිතන තරම්ම මට රිදෙනවා. එයා එයාගෙ දෙතොල් හේෂාන්ගෙ දෙතොල් වල ස්පර්ශ කරන වාරයක් ගානෙ මාව පිච්චිලා යනවා වගේ. තවත් බලන් හිටියොත් මගෙ ඇස් වල කඳුළු පිරෙනවා අනිවාර්යයෙන්ම.
"Excuse me."
මං එහෙම කියලා ගියේ වොශ්රූම් එක හොයාගෙන. හිටපු සර්වන්ට් ගෑනු ළමයෙක්ගෙන් ඇහුවම කිව්ව නිසා මං වොශ්රූම් එකට ගිහින් සින්ක් එක ඉස්සරහින් හිටගත්තා. ඒ වෙද්දිත් මගෙ ඇස් වලින් කඳුළු එළියට ඇවිත් ඉවරයි.
'ඇයි මින්දි ඔයා මේ තරම් දුර්වල වෙන්නේ. ඔයා තාම දැක්කේ රාදිතා හේෂාන්ව කිස් කරනවා විතරයි. ඒ දෙන්නා මැරි කරලා එකට ආදරෙන් ඉන්නවා දැක්කම ඔයාට මොනවා වෙයිද දන්නෑ'
මගෙ මනස එහෙම කිව්වට මට බෑ එකපාරටම ශක්තිමත් වෙන්න. වෙන කිසිම කෙනෙක් ගැන බලාපොරොත්තු නොතියන් හේෂාන් වෙනුවෙන් තනියම ජීවත් වෙන්න හදන ඔයාට එයාලා ආදරේ කරනවා දකිද්දි ගිනි ගොඩක් මැද පිච්චෙනවා වගේ තමයි. ඉතින් ඒකට ගන්න තියන හොඳම විසඳුම හේෂාන්ව ආයෙ නොදකින්න වගබලාගන්න එක.
"Hey."
කටහඬක් ඇහුණ නිසා සින්ක් එකට අත් දෙක තියන් හිටපු මම ඔළුව උස්සලා කණ්නඩියෙන් පිටිපස්ස බැලුවා. වොශ්රූම් එකේ දොර වහපු රාදිතා අඩි දෙක තුනට මගෙ ගාවට ආවේ මම ක්ෂණිකව ඒ පැත්තට හැරෙද්දි.
"තමුන්ට මං කිව්වා හේෂාන් එක්ක ආයෙ කතා කරන්න එපා කියලා. how dare you break my words."
"එයායි මාව හොයාගෙන කතා කරන්න ආවෙ රාදිතා."
මම කියලා තත්පරයක් යන්නත් කලින් රාදිතා මගෙ කම්මුලට එකක් ගැහුවේ දත්මිටි කාගෙන. රිදුණ කම්මුලත් අල්ලගෙන මං ආයෙමත් රාදිතා පැත්තට හැරුණා. ඉස්සෙල්ලා මාව වැටෙන්න යද්දි හේෂාන් මාව අල්ලගත්තු එකටද කොහෙද එයාට මෙච්චර තරහා ගිහින් තියෙන්නේ.
"තමුන් හැමදාම කලේ හේෂාන්ගෙ ඇඟේ එල්ලෙන්න ගියපු එක. තමුන් කවද්ද එයාගෙන් ඈත් උනේ. ඩැඩී මෙච්චර ත්‍රෙට් කරලත් තමුන්‍ට ගාණක් නැද්ද තමුන්ගෙ ජීවිතේ ගැනවත්."
"ඔයා මට ගහන්නෙ ඇයි ?"
එයා මට බැන්නයි කියලා මම එයාට බැනලා වැඩක් නෑනේ. ඒ නිසාම මං එයාගෙන් එහෙම ඇහුවේ ඇස් වලත් කඳුළු රඳවන්. ඇයි මං මෙහෙම නිකරුණේ ගුටි කන්නේ.
"ගහපු එක මදි තමුන්ට. ඉන්නවකෝ. මං ඩැඩීට කියලා තමුන්ව මෙතනින්ම ඉවරයක් කරලා දාන්නම්."
එහෙම කියපු රාදිතා අඩි දෙකට වොශ්රූම් එකෙන් එළියට ගිහින් හයියෙන් දොර වැහුවා. වැහුව පාරට දොර ලොක් වුණාද මංදා අගුලක් වැටෙනවා ඇහුවා. ඉතින් මං ගිහින් දොර අරින්න හැදුවා.
"රාදිතා.. මේ දොර අරින්න."
මම හිතපු විදිහටම දොර ලොක් වෙලා. කොච්චර නම් හැඬල් එකෙන් අල්ලලා අරින්න උත්සහ කලත් මට ඒක කරගන්න බැරි උනා.
"රාදිතා මං ආයෙ හේෂාන් ළඟටවත් යන්නෙ නෑ. So please open the door."
එයා දොර ගාව නැතුව ඇති. තවත් මං මොකට කෑ ගහන්නද. එයා හිතලම පිටතින් මේක ලොක් කරන්න ඇති. අනික එයා මෙහෙම කලේ මාව මරන්නද. ඇන්ඩෲස් ගාව තියන ගන් එකෙන් එයාලා මට මෙතන වෙඩි තියලා මරලා දායිද ?
මං පුළුවන් තරම් දොර අරින්න උත්සහ කලත් මට ඒක කරගන්න බැරි උනා. බයට මට දාඩියත් දාලා. පැය කාලක්ම දොර අරින්න උත්සහ ගත්තත් මට ඒක ඇරගන්න බැරි උනා.
❝ මේ හෝල් එකේ සවුන්ඩ් එක රූම්ස් වලට ඇහෙන්නෙ නෑ. රූම්ස් වලින් පිටට සවුන්ඩ්ස් ඇහෙන්නෙත් නෑ ❞
හරිනේ. ඉතින් කොහොම මගෙ කෑ ගැහිල්ල ඇහෙන්නද වොශ්රූම් එකෙන් එළියට. රාදිතා ඒ බව හොඳට දන්න නිසාද කොහෙද මෙහෙම කලේ. ෆර්නැන්ඩස් ගෲප් එක නේ මේ බිල්ඩින්ග්ස් හදන්නේ. එයාලා හොඳටම දන්නවා මේක සීල් කියලා.
"අනේ කවුරු හරි මට උදව් කරන්නකෝ."
දොරට කොච්චර හයියෙන් ගැහුවත් දොර හෙල්ලෙන්නෙවත් නෑ. ලී වලින් කැටයම් දාපු දොරට ගහන්න ගිහින් මගෙ අතත් එක්ක රතු වෙලා.
"Please.. Help me."
දොර දිගේ රූටලා ගිහින් මං නැවතුණේ ෆ්ලෝ එකේ. ඒ මදිවට මගෙ කම්මුල් දිගේ කඳුළු පෙරෙනවා. මම මොන තරම් පාපයක් කරලද මේ තරම් දුක් විඳින්න.
මගෙ Ex එක්ක කතා කරා කියලා එයාගෙ ෆියන්සි මට මෙච්චර දඬුවමක් දෙන්න තරම් කුරිරු උනේ කොහොමද. රාදිතායි තාත්තයි දෙන්නම එකයි. කොච්චර කිව්වත් රාදිතාව හදාගන්න කියලා, හේෂාන් නම් ඒක කීයටවත් කරන්න බැරි වෙයි.
මම මෙතන අඬලා වැලපිලා කෑ ගහලා හරියන්නෙ නෑ. මට ඉක්මනින් ගෙදර යන්නත් උවමනාවක් තිබුණා. ඒත් මොන දේ කරන්නත් මම මේ දොර ඇරගෙන ඉන්න ඕනි. ආයෙමත් නැගිටපු මං පර්ස් එකේ තිබුණු හෙයා පින් එකක් අරගෙන දොරේ ලොක් එක අරින්න හැදුවා. ඩ්‍රාමා වල වගේ මට දොර ඇරගන්න බෑ. තිබ්බ හෙයා පින් එකත් ඇඹරිලා ගියා.
පුළුවන් තරම් ශක්තිය පාවිච්චි කරලා මං හැඬල් එකෙන් අල්ලගෙන පිටිපස්සට ඇද්දත් දොර හොල්ලන්නවත් බැරි උනා.
දැන් පැය භාගයකටත් වැඩියි..
මම තාමත් හතර වටේ කැරකි කැරකි දොර අරින්න තැනක් හොයනවා. ලඟපාත පේන්න කවුළුවක් වත් නෑ. අවසානෙට මං බාත්රූම් එකට ගියේ කවුළුවක් තියනවද බලන්න. පොඩි හරස් තීරු තුනකින් සමන්විත යන්තම් එළිය පේන කවුළුවක් මට හම්බුණා.
හීල්ස් දෙක ගලවලා ළඟ තිබුණු ටවල් එක දාන ස්ටෑන්ඩ් එකට නැඟලා මං කවුළුවේ හිල් අස්සෙන් ඇඟිලි රිංගවලා හිට ගත්තා. ලාවට පේනවා එළියේ ගාඩ්න් එකේ ලයිට්ස්. ඒත් හෝල් එකේ ඉන්න කිසිම කෙනෙක්ට මගෙ කෑ ගැහිල්ල ඇහෙන්නෙ නැති බව මම දන්නවා.
Screak..
එකපාරටම දොර ඇරෙනවා වගේ සද්දයක් ඇහුණු නිසාම මං බාත්රූම් එකේ වැහුණු දොරට පිටුපාලා හිටගත්තා. ඒ එක්කම කාගෙ හරි පිරිමි කෙනෙක්ගේ සපත්තු සද්දයක් ඇහුණා ටක් ටක් ගාලා. දෙවියනේ ඒ ඇන්ඩෲස්ද. එයාලා මාව මරන්න ඇවිත්ද.
මින්දිට මොනාද වුනේ කියලා බලන්න ඉතිරි ටිකත් කියවන්න 😱,
https://telegra.ph/Spring-is-far-away---60-Part-2-12-23
Sachy Collins