Spring is far away - 59

Spring is far away - 59

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 59  |  The light pink dress

Previous


මම බෑග් එකත් උස්සගෙන ගේ ඇතුලට යද්දි සංජානායි දුල්නෙත්මියි දෙන්නා බලාගෙන හිටියේ ගවුම බලන්න ආසාවේ. ඒත් මගෙ අමුතු වුණ මූණ දැකලා එයාලත් කන්ෆියුස්.


"ඇයි මොකෝ අවුල ?"


"මට මාර වැඩක් උනානේ ඩී මාර්ටිනස් එකෙන් හයි කොලිටි ගවුමක් ගන්න ගිහින්."


"මොකද උනේ 😨 ?"


"ශොප් එකේ වැඩ කරන අය හැමෝම මං දිහා බය වෙලා වගේ බලන් හිටියනේ. අනික එයාලා අමුතු විදිහට හැසිරුණේ."


"ඒ ඇයි ?"


"ඒක නෙවෙයි හොඳම එක. මැනේජර් කෙනෙක් ඇවිත් මම ගත්තු ගවුමෙන් ෆිෆ්ටි ප්‍රසන්ට් අඩු කරානේ."


"ඈ !!"


"ඔව්. එයාලා නිකන් ඉන්ස්පෙක්ටර්ස්ලා වගේ මං දිහා උඩ ඉඳන් පහලට බැලුවා. ඊට පස්සෙ මං කැෂියර් එකට ගියාම මගෙන් පර්සනල් ඩීටෙල්ස් අහනවා. මං නමයි නම්බර් එකයි විතරක් දීලා ආවා."


ඒ දෙන්නා කන්ෆියුස් මං කිව්ව ඒවා අහලා. කතාවෙන් කතාව මං ගවුම එළියට අරගෙන දෙන්නගෙ ඉස්සරහට ගිහින් දිගෑරියා. ගවුම දැකලා කෙල්ලොන්ගෙ ඇස් උඩ ගිහින්.


"මේ මොකක්ද මේ. මේක හොඳයි පොළට යන්න අඳින්න. ටිකක් ශයිනි එකක් ගන්න එපැයි. ගාන වගේද ගවුම."


"මේක නෝමල් වැඩියි වගේ නැද්ද බන්."


"මට නම් ඒක ලස්සනයි. ඒ විතරක් නෙවෙයි මේ ගවුම මගෙ ගාන."


ගවුම ආයෙමත් බොක්ස් එකට නවලා දාපු මං අල්මාරිය ඇරලා උඩ ඉඩ තියන තැනින් තියලා තිබ්බා. අනිද්දාට මං ලස්සනට ලෑස්ති වෙලා ගිහින් හේෂාන්ට මූණ පෙන්නලා ඉක්මනින් ආයෙ ගෙදර එන්න ඕනි. ඒත් තේෂාන් ඉන්න නිසා මට පාර්ටි එක ඉවර වෙනකම් ඉන්න වෙයි.


"ඒ කොහොමද ගවුම ඔයාගෙ ගාන උනේ ?"


"මගෙ සයිස් එකටම හිතලාම හදපු එකක් වගේ. එයාලා මගෙන් සයිස් අහලා මේඩ් කරලා දෙන්නම් කිව්වම මම මගෙ සයිස් එක කිව්වා. එයාලා කිව්වා මේ ගවුමත් ඒ සයිස්මයි කියලා."


"ඒක නම් මාරයි."


දුල් එහෙම කියද්දි සජී ලොකු කල්පනාවක. සමහරවිට එයාට මේ වෙන දේවල් ගැන මොකක් හරි අදහසක් එනවා ඇති.


"මින්දි.. මට හිතෙනවා ඔයා ඇන්ඩෲස්ට අමතරව තව කාගෙ හරි ටාගට් එකක් වෙලා තියනවා කියලා."


"ඇයි එහෙම කියන්නේ ?"


"එදා ගෑනු ළමයෙක් ඇවිත් ඔයාව හොයලා ගියා. ඒ මදිවට ශොප් එකේ අයත් අමුතු විදිහට බැලුවා, ඔෆර් දුන්නා නම් ඩී මාර්ටිනස් එකේ කවුරු හරි ඔයාව ටාගට් කරන් ඉන්නවා."


"හේෂාන්ගෙ යාළුවෙක් ඉන්නවා කිව්වා ඒකේ."


"එහෙනම් එයා වෙන්න පුළුවන්. ඒ ගෑනු ළමයා ඔයාව හොයාගෙන ඇවිත් අපිට නොකියා යුවසිංහ ගෲප් එකේ වැඩ කරන කෙනෙක් ඉන්නවද කියලා ඇහුවේ ඔයාව හොයන නිසා වෙන්න ඇති."


"ඒත් ඇයි එයාලා මාව හොයන්නේ ?"


"සමහර විට කපුකමකට වෙන්න පුළුවන් ළමයා."


දුල් එහෙම කියලා සජී එක්ක අමුතු තාලෙකට හිනා වෙද්දි මම රවලා අහක බලාගත්තා.


"අනේ මේ.. සීරියස් වෙලාවක විහිළු කරන්න එපා. මං යනවා. මට බඩිගිනියි."


"ඇයි ඔය යන්නේ. ලැජ්ජ හිතුණද ?"


ඒ දෙන්නා එහෙම කියද්දි මං ඉක්මනින් කිචන් එකට ගියා. ප්‍රශ්න ගොඩක් අස්සෙ ඉද්දි මෙයාලා කපුකම් ගැනත් කතා කරනවා. කවුරු ආවත් වැඩක් නෑනෙ දැන්. මට හේෂානුත් නැති උනා, ඒ මදිවට තේෂාන්ගෙ නමට ෆියන්සි වෙන්නත් වෙලා.


දවස ගෙවිලා අවසානෙට හේෂාන්ගෙ බර්ත්ඩේ එකත් ආවා..


ගවුමත් ඇඳෙන් තියලා ඒකට සිල්වර් කලර් හීල්ස් දෙකකුත් ලෑස්ති කරන් මං නාගන්න ගියා. ටිකකට කලින් තේෂාන් මට කෝල් කරලා කිව්වා එයා මට කාර් එකක් එවන්නම් කියලා ටවුන් එකට. ඒ මදිවට එයා දැන් දන්නවා මං ඉන්නෙ දුල්ගෙයි සජීගෙයි ගෙදර කියලා.


කොණ්ඩෙ වේලගන්න කියලා රොබ් එක ඇඳගෙන මං කණ්නඩිය ඉස්සරහට ගියා. සමහරවිට අදත් රාදිතා මාව හැමෝම ඉස්සරහා හෑල්ලුවට ලක් කරලා කතා කරලා චාටර් කරයි. ඒ නිසා පුළුවන් තරම් මං සද්ද නොකර පාඩුවේ පැත්තකට වෙලා ඉන්න ඕනි.


රොබ් එකත් ගලවලා මං ගවුම දාගෙන කොණ්ඩෙත් පීරගත්තා. ලොකු සරුංගල් ඕනි නෑ. මං ආසම කොහෙ හරි යද්දි කොණ්ඩෙ දෙකට බෙදලා කඩා හැලෙන්න දාගෙන යන්න. ඒක එදා ඉදන්ම මං ආසම විදිහ. ඉතින් මං බ්ලෂ් විතරක් ගාලා මස්කාරා එකත් ගාලා හීල්ස් දෙක දාගෙන කාමරෙන් එළියට ආවා. සාලෙ ඔෆිස් එකේ වැඩ වගයක් කර කර හිටපු කෙල්ලො දෙන්නා මගෙ උඩ ඉඳලා පල්ලෙහාට බැලුවේ ගල්වෙලා වගේ.


"වාව්.. ඇස් වහක් නම් වදින්න එපා මගෙ කෙල්ලට."


"මං දෙයක් කියන්නද.. එක්කො හේෂාන්ට පිස්සු හැදෙයි නැත්තම් තේෂාන්ට පිස්සු හැදෙයි."


ඒ දෙන්නා මාව කොච්චර වර්ණනා කලත් යුවසිංහලාට ෆර්නැන්ඩස්ලට මං පහත් කෙල්ලෙක් විතරයි. හිත හදාගෙන මං අද මේ ගමන යන්නේ. හේෂාන්ව හෙටින් පස්සෙ නොදකින්න..


"මින්දි.."


මගෙ ඇස් වලින් කඳුළු වැටිලා කම්මුල් දිගේ පෙරෙනවා දැක්කම දුල්නෙත්මියි සංජානායි දෙන්න මගෙ ලඟට ආවා. මම අඬන හැම වෙලාවකම මාව සනසන්න හිටියේ එයාලා.


"ඇයි මේ අඬන්නේ. දැන් මූණ කැත වෙයි අඬලා."


"මට බයක් දැනෙනවා."


"ඒ ඇයි ?"


"හේෂාන් ගැන."


මම දන්නෙ නෑ ඒ ඇයි කියලා. ඒත් මගෙ හිතට ලොකු බයකුයි දුකකුයි දැනෙනවා. මට ඉස්සර වගේ නිදහසේ දේවල් කියන්න හිරුෂානුත් නෑ. ඉස්සර වගේ යුවසිංහ බංගලාවට ගිහින් අම්මා තාත්තා බලන්නත් නෑ.


"එයා ගැන මොකට බය වෙන්නද. රාදිතා මැරි කරාට පස්සෙ හේෂාන්ට ඔයාව අනිවාර්යයෙන්ම අමතක වෙනවා."


ඒත් කලින් දවසක හේෂාන් මගෙ ඉස්සරහට ඇවිත් මට කියපුවා එයාලා දන්නවා නම් මෙහෙම කියන්නෙ නෑ. එයා රාදිතාට ආදරේ කරන්නෙ ලෝකෙට පේන්න. ඒත් එයා තාමත් ආදරේ මට.


❝ ඔයා මොන තරම් දේවල් මට දුන්නත් ඔයාට එක දෙයක් දෙන්න බෑ. ඒ මාව. මම තාමත් ඉන්නෙ ඔයා ගාව ❞


❝ රාදිතාට බොරු ආදරයක් පෙන්නලා මං අද වෙනකම් ඇත්තටම ආදරේ කලේ ඔයාට ❞


❝ මම රාදිව මැරි කරන්නේ අම්මගෙයි තාත්තාගෙයි බලාපොරොත්තු ඉෂ්ට කරන්න විතරයි ❞


එයා ඒක කිව්ව විදිහ, එවෙලේ ඒ ඇස්වල තිබුණු අහිංසකකම මට මැවිලා පේන කොට පපුව අත් දෙකකින් පොඩි වෙන්න මිරිකනවා වගේ. එයාගෙ අනාගතේ ගැන මට කිසිම සතුටක් නෑ. මොකද එයා දැන් යුවසිංහලගෙයි ෆර්නැන්ඩස්ලාගෙයි අතකොලුවක් වෙලා ඉවරයි.


"එහෙම උනොත් උනොත් හොඳයි."


"එහෙම වේවි මින්දි. ඔයා හිත හදාගන්න එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා බලන් ඉන්න."


"මට ඒක කරන්න බෑ."


මම කොහොම කරන්නද ඒක. මම අනන්තවත් එහෙම කරන්න හිතුවත් මට කරන්නම බැරි ඒක. අද වෙනකම් මං හේෂාන් රාදිතා එක්ක ඉන්න දිහා බලන්න පුරුදු වෙන්න හැදුවත් ඒ උත්සහය අසාර්ථක උනා.


"බෑ නෙවෙයි කරන්නම ඕනි. නැත්තම් හැමදාම ඔයාට අඬ අඬම ඉන්න වෙන්නේ."


"ඔව්.. ටික කාලයක් යද්දි උබට ලස්සන කොල්ලෙක් හම්බවෙන්නත් බැරි නෑ. ඔය ඩී මාර්ටිනස් එකේ සීන් එකත් එක්ක බැලුවම වසන්තෙ එන්න වැඩි කාලයක් යන්නෙ නෑ."


එයාලා මගෙ කඳුළු පිහදාලා මාව තුරුලු කරගත්තා. තවත් ඇඬුවොත් මගෙ ඇස් ඉදිමෙනවා. ඒ හින්දා මං පුළුවන් තරම් ට්‍රයි කරලා කඳුළු නවත්ත ගත්තා.


"අන්න අර කිව්ව ඩ්‍රයිවර් ඇවිත්."


එළියෙන් කාර් එකක් හෝන් ගහන නිසාම අපි තුන් දෙනාම එළියට ගියා. තේෂාන් මම දැන් ඉන්නෙ මේ ගෙදර කියලා දන්න නිසාම කාර් එක මෙහෙටම එවලා. ඉතින් මං එයාට දෙන්න තියන ගිෆ්ට් එකත් අරගෙන පර්ස් එකත් අරගෙන අර දෙන්නට බායි කියලා කාර් එකට නැග්ගා. තෑග්ගක් කිව්වට ලොකු තෑග්ගක් නෙවෙයි. එයා ආසයි සිල්වර් වොච් වලට. ඉතින් මං මට ගන්න පුළුවන් තරමේ එකක් අරගත්තා. මම දන්නවා එයා මම මොන දේ දුන්නත් ඒක සතුටින් බාරගන්න බව.


ඩ්‍රයිවර් මාව එක්කගෙන හත හමාර වෙද්දි යුවසිංහ හොටෙල් එකට ගියා. ගිය සැරේ කලම්බු වල පාර්ටි එක ගත්තට එයා මේ සැරේ කුරුණෑගල බ්‍රාන්ච් එකේ තමයි බර්ත්ඩේ එක ගන්න යන්නේ. කලම්බු එකට වඩා පරිසරය වෙනස් නිසාම මං කාර් එකෙන් බැහැලා ගාඩ්න් එක දිගේම වටේ බල බල ගියා. සැරෙන් සැරේට එකේක විදිහට සැරසුණ ගෑනු ළමයි එළියට ආවා..


මං දොර ගාවට යද්දි එතන හිටපු පිරිමි ළමයි දෙන්නා මට දොර පියන් දෙක ඇරලා දුන්නා. බිමට එලලා තියන දිග රතු පාට කාපට් එකක් දිගේම මං ඉස්සරහට ඇදුණා. ඇතුළෙ හිටපු හැමෝම වගේ මං දිහා අමුතු විදිහට බැලුවා.


"ඔයා ආවද මින්දි ?"


එකපාරටම මගෙ ඉස්සරහට ආවේ තේෂාන්. එයා මගෙ දිහා බලලා ආයෙමත් පිටිපස්සට හැරුණා.


"අයියලා තාම ආවෙ නෑ. දැන් මග එනවලු. අපි එතකන් යමු අම්මලා ගාවට."


"හරී."


තේෂාන්ගෙ අතින් අල්ලගෙන මං හැමෝම මැද්දෙන් ඉස්සරහට ගියා. මාව දැක්කම සමහර ගෑනු ළමයි බැලුවේ ඉරිසියාවෙන්. එයාලා දන්නවනේ මම හේෂාන්ගෙ බෙස්ටි වගේම තේෂාන්ගෙ ෆියන්සි කියලා.


"අම්මා රූම් එකක ඉන්නේ. මං එක්ක එන්නම්කෝ."


එයා මාව බොක්ස් එකකින් වහලා තියන බර්ත්ඩේ කේක් එක ගාව නතර කරලා ගියා. අභිමානි, අරුෂි මිස්, ගයාන් සර්, අහස්, අපේ ඉස්කෝලෙ මං දන්න ගොඩාක් අයියලා අක්කලාත් ඇවිත් හිටියා. රුවිනි, සෙවිඳි, ක්‍රිෂ්නි වගේම රාදිතාගෙ යාළුවොත් හිටියා. මං පුළුවන් හැම කෙනා එක්කම හිනා උනා.


"මේ අර ගර්ල් නේද ?"


"ඔව්. හේෂාන්ගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ් කියලා කියන්නේ."


"මං අහලා තියෙන්නෙ එයා තර්ඩ් ක්ලාස් කියලා. ඒ උනාට බලන්නකෝ ඩ්‍රෙස් එක."


"ඔව්.. හේෂාන්ගෙන් හොඳට සල්ලි ගරනවා ඇති."


මට ළඟ ඉන්න අය මං දිහා බලාගෙන එහෙම කියනවා මට ඇහුණා. එයාලා හිතන්න ඇති අපි අතර තියන හිතවත්කම රාදිතා නිසා කැඩෙයි කියලා. ඔව් ඒක කැඩුනා තමයි. එයාලා කියනවා වගේ මං තර්ඩ් ක්ලාස් කෙල්ලෙක් නිසාම අපි වෙන් වුනා..


"අහ්.. මේ ගර්ල්ද මම ගන්න හිටපු ඩ්‍රෙස් එක අරන් තියෙන්නේ."


"වට්.. ඒ ගර්ල් ඇඳන් ඉන්නෙ ඔයා ගන්න හදපු ඩ්‍රෙස් එකද. කොහොමද එයා එච්චර එක්ස්පෙන්සිව් එකක් ගත්තේ."


"අනේ මංදා. ඩී මාර්ටිනස් එකේ අහම්බෙන් මං ඕක දැක්කේ. But එවෙලෙ මගෙ අතේ ක්‍රෙඩිට් කාඩ් එක තිබුණෙ නෑ. ඉතින් මං ගෙදර ගියා අරන් එන්න. ඒ විනාඩි ගාණට මේ ගර්ල් ඇවිත් අරගෙන. ඒකයි මට මේ චීප් ඩ්‍රෙස් එක ඇඳන් එන්න උනේ."


තද නිල් පාට දිළිසෙන ගවුමක් ඇඳලා ඉන්න ගෑනු ළමයෙක් එහෙම කියනවා මට ඇහුණා. ඒ කියන්නේ ඒ ඩ්‍රෙස් එක දාපු ගමන්ම මට කලින් තව කෙනෙක් දැකලා තියනවා. ඒත් ඒ ඩ්‍රෙස් එක හදලා තියෙන්නේ එයාට නෙවෙයි. එයා මට වඩා ගොඩාක් කෙට්ටු කෙනෙක්. එයාගෙ අතත් අඬුවකින් අල්ලන්න පුළුවන් සයිස්. එහෙව් එකේ එයා මේක ඇන්දා නම් සරුංගලයක් වගේ ඉන්න තිබුණා.


"මින්දි.."


එකපාරටම හුරු පුරුදු කටහඬක් ඇහිලා මං හැරිලා බැලුවා. ඒ එක්කම මගෙ ඇස් දෙකට යොමු උනේ ඉස්සර මගෙ පස්සෙන් ආපු නේරංජනව.


"නේරංජන ඔයා ?"


"මෙයා ලස්සන වෙලානේ ඉස්සරට වඩා."


"ඔයත් හොඳටම වෙනස් වෙලා."


ඉස්සර මගෙ පස්සෙන් පිස්සෙක් වගේ කියව කියව ආපු නේරංජන අද රැවුල වවලා හරියට වෙනස් වෙලා. දැන් ඉස්සර වගේ කෙට්ටු නෑ. මට මතකයි හේෂානුයි මායි එෆෙයා එක පටන් ගද්දිම වගේ එයා නිව්සීලන්ඩ් ගියා.


"කවද්ද ආවෙ ලංකාවට ?"


"ඊයෙ ආවේ. වයිෆ් එක්ක. මෙයාගෙන් බේරිල්ලක් නෑනේ බර්ත්ඩේ එකට ආවෙ නැත්තම් ආයෙ මූණ වත් බලන්නෙ නෑලු."


"ඔයා මැරි කරාද ?"


"ඔව්.. එයා එහෙ කෙනෙක්. අර අතන ඉන්නෙ එයා."


නේරංජන එහෙම කියද්දි මං බැලුවේ ඒ ගර්ල් දිහා. එයා මට අත වැනුවා. එයාට තියෙන්නෙ බ්ලොන්ඩ් කොණ්ඩයක්. සුදුමැලි වුන හමත් එක්ක කෙට්ටු ඇඟෙන් පේනවා වෙන රටක කෙනෙක් කියලා.


"වාව්.. එයා ලස්සනයිනේ."


"ඔයාගෙයි අපේ අයිස්බර්ග් ගෙයි එෆෙයා එක නැවතුණා කියලා මට අහස් කිව්වා."


"හ්ම්ම්.. අපි ගැලපෙන්නෙ නෑනේ. එයාට ගැලපෙන එකම කෙනා රාදිතා."


"මම නම් එහෙම හිතන්නෙ නෑ. පොර තාම ඔයා ගැන තමයි හිතන් ඉන්නේ."


"මාත් දන්නවා ඒක. ඒත් එයා බොරු බලාපොරොත්තු තියන් ඉන්න එක අපරාදේ."


එකපාරටම තේෂාන් අපේ පැත්තට ආවා. එයාට පිටිපස්සෙන් අම්මයි තාත්තයි ආවා. නේරංජන මට ටිප් එකක් දීලා එයාගෙ වයිෆ් ගාවට යද්දි මං තේෂාන් ගාවට ගියා. අම්මා හැමදාම වගේ අදත් වීල් චෙයා එකක. සමහර වෙලාවට එයාට කෙලින් හිටගන්නත් පණ නෑ. එදා පුදුමයි මං යද්දි පල්ලෙහාට ආවා.


"අයියා එනවා."


තේෂාන් එහෙම කියද්දිම හොටෙල් එකේ දොර පියන් දෙක ඇරුණා. හේෂාන් රාදිතා එක්කම රෙඩ් කාපට් එක දිගේ ඇවිදගෙන ආවා. කළුපාට බ්ලේසර් එකට රතු පාට බෝ එක දාලා යුවසිංහ ලෝගෝ එකත් සයිඩ් එකෙන් ගහලා එයා වෙනදා වගේම ලස්සනයි.


රාදිතා එයාගෙ වමතේ එල්ලිලා එන්නේ රැජිණක් වගේ. රතුපාට ඉන හරියට විතර කොට රතුපාට දිළිසෙන ගවුමක් ඇඳලා කොණ්ඩෙත් ගෙඩියක් ගහලා සුරංගනාවියක් වගේ. ඇයි මෙච්චර ලස්සන ගෑනු ළමයෙක් ඉද්දි හේෂාන් තාමත් මාව බලාපොරොත්තු වෙන්නේ. මම සිඩ්නි ගිහින් එද්දි එයා සම්පූර්ණයෙන්ම රැවුල වවාගෙන හිටියේ. දැන් ගානට කපලා නිසා හොඳයි. නැත්තම් පිස්සෙක් වගේ පේන්නේ.


හේෂාන් කේක් එක ගාවට ආවට ඇස් තිබුණේ මගෙ පැත්තේ. එයා මං දිහා බලාගෙන ඉන්නවා කවුරු හරි දැක්කොත් එහෙම ඇත්ත දැනගනීවි. මං හේෂාන් දිහා නොබලා අම්මයි තාත්තයි දිහා බලාගත්තා.


"ඔයාලා කිව්ව වෙලාවට වඩා ටෙන් මිනිට්ස් පරක්කුයි."


"Sorry.. රාදිට රෙඩි වෙන්න ලේට් උනානේ."


"අපි එහෙනම් කේක් එක කපමු නේද ?"


"හ්ම්ම්."


එහෙම කියපු හේෂාන් කේක් එක ගාවට ගියා. ඒ එක්කම සර්වන්ට් පිරිමි ළමයෙක් ඇවිත් කේක් එක ඇරියා. කළුපාට තට්ටු දෙකක කේක් එකක්. රාදිතා හේෂාන් එක්ක කේක් එක කැපුවේ හැමෝගෙම අත්පොලසන් හඬ මැද්දෙ.


"Happy Birthday හේෂාන්.."


හේෂාන් රාදිතාට කේක් කෑල්ල කවද්දි රාදිතා එහෙම කියලා එයාගේ දෙතොල් සිපගත්තා. බලන්න බැරි කමට මං ඇස් අහකට හරවගත්තා. මං දන්නවා රාදිතා මාව රිද්දන්න එහෙම කරන්නෙ කියලා. ඇත්තටම මට රිදෙනවා. මාව පිච්චිලා යනවා වගේ.


හේෂාන් නුවන්ති අම්මටත් කවලා තාත්තටත් කවලා තේෂාන්ටත් කැව්වා. මං දන්නවා ඊලඟ වාරෙ මට කියලා.


"Happy birthday අයියේ. හැමදාම සතුටින් ජීවත් වෙන්න ඔයා."


"එහෙම උනොත් හොඳයි."


තේෂාන්ට විතරක් ඇහෙන්න හේෂාන් එහෙම කියද්දි මං අත් දෙකත් තද කරගෙන බිම බලාගත්තා. ඒක එයා මට ඇහෙන්න කිව්ව බව මම දන්නවා.


"මින්දි."


තේෂාන් මගෙ නම කියලා මට කතා කරද්දි මං ඔළුව ඉස්සුවා. එකපාරටම මගෙ ඇස් යොමු උනේ හේෂාන් මට ලං කරපු කේක් කෑල්ලට.


"අහ්.. මේ.."


හැමෝම කාපු කෑල්ලෙන් කන්න බැරි නිසා මං එහෙම අදි මදි කරන ගමන් පස්සට අඩියක් තිබ්බා. ඒත් නොහිතපු විදිහට එතන ලයිට් එකක් සෙට් කරලා තිබුණු වයර් එකක් මගෙ හීල් එකේ පැටලුනේ මං පිටිපස්සට ඇලවෙද්දි.


"අහ්.."


පිටිපස්සට ඇලවුණ මාව ඉනෙන් අත දාලා හේෂාන් අල්ලගත්තේ මාව ඒ පපුව උඩට තද වෙන විදිහට. එයාගෙ ඇස් මගෙ ඇස් කෙලින් වැටිලා, ඒ දෙතොල් මගෙ දෙතොල් වලට ලං වෙලා තියෙනවා දකිද්දි මගෙ මූණ රෝස පාට වුණා.


................................................... 🖤 ...


මමයි වයර් එක දැම්මෙ ළමයි.. 🤧


Season 02 ඉවර වෙයි තව එපි දෙකකින් හරි තුනකින් හරි


(හැමෝටමට කියන්න ඕනි. මම මේ ටිකේ එක්සෑම් කරනවා. ඒ නිසා හැමදාම කතාව දෙන්න බැරි වෙයි. හැබැයි පුළුවන් හැම වෙලාවටම මම කතාව දෙනවා. ඔයාලා බලන් ඉන්න)


Sachy Collins

Report Page