Spring is far away - 60 (Part 2)
Sachy Collins
එකපාරටම දොර ඇරෙනවා වගේ සද්දයක් ඇහුණු නිසාම මං බාත්රූම් එකේ වැහුණු දොරට පිටුපාලා හිටගත්තා. ඒ එක්කම කාගෙ හරි පිරිමි කෙනෙක්ගේ සපත්තු සද්දයක් ඇහුණා ටක් ටක් ගාලා. දෙවියනේ ඒ ඇන්ඩෲස්ද. එයාලා මාව මරන්න ඇවිත්ද.
විනාඩි හතලිහක් මම මෙතෙන හිර කරලා තියලා මාව ටයර්ඩ් කරලා එයාලා මාව මරන්නද ඇවිත් තියෙන්නේ. ඒ අදහසත් එක්කම මම කටට අත තද කරගෙන කිසි සද්දයක් නොකර හිටියේ ආපු කෙනා යනකම්.
"Excuse me.. කවුරු හරි ඇතුලේ ඉන්නවද ?"
මං පුදුම උනා. ඒ ඇන්ඩෲස්ගෙ කටහඬ නෙවෙයි. වෙන පිරිමි ළමයෙක්ගේ කටහඬක්. එයා දොර වහලා තියන නිසා ඇරලා බලන්න ඇති. වැඩි වෙලාවක් යන්න කලින් මං බාත්රූම් එකේ දොර ඇරගෙන ඒ පිරිමි ළමයා ඉස්සරහට ගියා.
"Thank you දොර ඇරියට. මම මෙතන හිරවෙලා හිටියේ."
"ඒක තමයි මාත් මේ බැලුවේ. මැඩම්ව ඇතුළෙ දාලා කවුරු හරි දොර ලොක් කරලා."
"මම ඉන්නවා කියලා දන්නෙ නැතුව ඇති."
"ඒත් මෙතන යතුර තියෙන්නේ Storage Room එකේ. ඒකට ස්ටාෆ් එකේ අයට විතරයි යන්න පුළුවන්."
එයා දන්නවා නම් මේ බිල්ඩින් එක හදපු කම්පැනි එකේ CEO ගෙ දුව මේක කරා කියලා, එහෙම කියන්නෙ නෑ. මොනවා උනත් මට එළියට එන්න ලැබුණු එකට මම හරි සතුටින්.
"මැඩම් හොඳින් නේද ?"
"ඔව්.. මං හොඳින්."
"හ්ම්ම්.. මැඩම්ට හෙල්ප් එකක් ඕනිද ?"
"නෑ එපා. ඔයා ඇවිත් දොර ඇරපු එකත් ලොකු දෙයක්."
"එහෙනම්.. මං යන්නම්."
"හරී."
එයා ගියාම මං ඉක්මනින් මූණ හෝදගෙන ලේන්සුවෙන් මූණ පිහදගෙනම එළියට ආවා. ඇන්ඩෲස් හරි රාදිතා හරි එන්න කලින් මං මෙතනින් යන්න ඕනි. නැත්තම් එයාලා මාව මරලා දායි මෙතනම.
ලේන්සුවත් පර්ස් එකට දාන ගමන්ම මං කොරිඩෝ එක් දිගේ ගියා. සමහරවිට ඒක ඇතුළෙ මම තවත් හිටියා නම් හුස්ම හිර වෙලා මැරෙන්න තිබුණා. අනික දැන් මගෙ මූණ දැක්කම හේෂාන් දැන ගන්නවා මොකක් හරි දෙයක් වෙලා තියනවා කියලා.
"හේෂාන්.. පොඩ්ඩක් ඉන්න."
එකපාරටම මට ඉස්සරහා තිබුණු රූම් එකකින් කවුරු හරි හේෂාන්ගෙ නම මෙන්ශන් කරනවා ඇහුණා. දොර බාගෙට වැහිලා නිසාද කොහෙද රූම් එකේ සද්ද වගයක් ඇහුණා. පොඩ්ඩක් ඉන්න.
මේ කටහඬ ?
ඒ ටනාෂියාගේ කටහඬ. රාදිතාගේ නෙවෙයි. ඒත් ඇයි එයා හේෂාන් එක්ක රූම් එකක කරන්නේ. මං බිත්තියට පිටුපාලා හේත්තු වුනේ රූම් එකේ දොරට ඔන්න මෙන්න තියලා.
"ටනාෂියා.. මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න."
"මම ගිහින් රාදිතාට මොකක් හරි කියන්නම්."
"මොනවා කියන්නද තව. එයා හැම දෙයක්ම දැනගෙන ඉවරයි ටනාෂියා. එයාගෙ මහ ලොකු ඩැඩී තමයි මේ සේරටම මුල."
"හරි.. ඒත් රාදිතාට ඔයාට බනින්න අයිතියක් නෑ හේෂාන්. එයාත් තාමත් වර්ජින්ද ඔයාටම වැරැද්ද පටවන්නේ."
මොනවද එයාලා මේ කියන්නේ. ටනාෂියා එයාගෙ ජොබ් එකෙන් පිට දේවල් ඇයි හේෂාන් එක්ක කියන්නේ. අනික රාදිතා මොනවද හේෂාන්ට කියලා බැනලා තියෙන්නේ.
"ඔයයි වැරදි ටනාෂියා.."
"ඇයි ඔයා වැරදි නැද්ද. ඒ හැමදෙයක්ම වුණේ අපි දෙන්නගෙම කැමැත්තට."
මොන දෙයක් ගැනද මෙයාලා කියවන්නේ. කියන කිසි දෙයක් නොතේරෙන නිසා මං දොරෙන් ඇරිලා තියන තීරුව දිහා බැලුවා. එතකොට මං දැක්කේ ටනාෂියා අත් දෙකෙන්ම හේෂාන්ගෙ ඔළුව අතගාන විදිහ.
"Calm down.. මං දන්නවා ඔයාට තරහා ගිහින් ඉන්නෙ කියලා. So අපි අපිට වැරැද්ද පටව ගන්න ඕනි නෑ."
"ඒත් මට මේක හිතට වදයක් ටනාෂියා."
"මොකක්ද ඔයාගෙ හිතට වදේ ?"
"අපි හම්බුණේ Blind Date එකකින්. අමතක කරන්න එපා අපි සෙක්ස් පාට්නර්ස්ලා කියලා."
දෙවියන් වහන්ස මට කියන්න එයාලා මේ කරන්නෙ ජෝක් එකක් කියලා. කාව හරි රවට්ටන්න ගහපු ප්ලෑන් එකකට එයාලා මේ වගේ දේවල් කියා ගන්නවා කියලා මට පහදලා දෙන්න.
"අපි අපේ කැමැත්තට Two days එකම හොටෙල් එකක එකම රූම් එකක නයිට්ස් ස්පෙන්ඩ් කලා. මම හිටියේ ඉන්ටොක්සිකේට් වෙලා. ඔයත් එහෙමයි. අපිට හිතලම අපි දෙන්නව කන්ට්‍රෝල් කරගන්න තිබුණා. ඒත් අපි එහෙම කලේ නෑ අපිට ඕනි උනේ අපේ ෆීලින්ග්ස් වලට ඉඩ දෙන්න විතරයි."
"ඉතින්. දැන් උන දේ උනා. ඒක රාදිතාටත් තේරුම් ගන්න කියන්න."
"එයා තේරුම් ගන්නෙ නෑ."
"ඔයා වගේ කෙනෙක්ට මිස්ට්‍රෙස් කෙනෙක් හරි සෙක්ස් පාට්නර් කෙනෙක් හරි නොහිටියොත් පුදුමයක්. ඔයා වගේ කෙනෙක්ගෙ අතින් අල්ලන්න උනත් සමහර ගෑනු ළමයි බලාගෙන ඉන්නවා. ඉස්සර මමත් එහෙම කෙනෙක්."
එහෙම කියපු ටනාෂියා හේෂාන්ගේ පපුවට හේත්තු උනේ මගෙ ඇස්වල කඳුළු පිරිලා කම්මුල් දිගේ පල්ලම් බහිද්දි. මම කොහොමද විශ්වාස කරන්නේ හේෂාන් මට වගේම රාදිතාටත් පිටුපෑවා කියලා.
"මට ඒ Desire එක ඇති උනේ ඔයාව ඉස්සෙල්ලාම දකිද්දි. ඔයා වගේ ඩීසන්ට්, ලස්සන බෝයි කෙනෙක් එක්ක නයිට් එකකට යන්න මට ඩ්‍රීම් එකක් තිබුණා."
"ඒකෙන් ඔයා කලේ ඔයාගෙ ඩ්‍රීම් එක සක්සස් කරගත්තු එක."
"ඔයාට ඕනි නම් මං ඔයාට ආදරේ කරන්නත් ලෑස්තියි හේෂාන්. ඔයා වගේ බෝයි කෙනෙක් ලැබෙන ගර්ල් හරි ලකී. රාදිතාට ඒක තේරුම් ගන්න බැරි ඇයි කියලා මටත් අයිඩියා එකක් නෑ. ඒත් කවුරුත් නැතත් මං ඔයාට ඉන්නවා."
එහෙම කියපු ටනාෂියා එයාගෙ මූණ දෙපැත්තෙන් අල්ලගෙන ඒ දෙතොල් සිපගත්තා. හේෂාන් කිසිම ගාණක් නැතුව වෙන ගෑනු ළමයෙක්ව සිපගන්න විදිහ මම ඇස් වල කඳුළු පුරවන් බලාගෙන හිටියා. රාදිතාව කිස් කරද්දි දැනෙන වේදනාවට වඩා එයා කොහෙවත් ඉන්න අභිසරුවක් වගේ කෙල්ලෙක් කිස් කරනවා දැක්කම මට දැනෙන වේදනවා දස දහස් ගුණේකින් වැඩියි.
❝ ඔයාව එයාපෝර්ට් එකේ දාලා ආපු දවසෙ රෑ තමයි මට එයාව හම්බුණේ. එදා ඉඳන් එයයි මායි යාළුවො ❞
❝ සමහර දවස් වලට එයා මට කෝල් කරනවා. නැත්තම් මම එයාට කෝල් කරනවා ❞
❝ ඊයෙ රෑ තමුන් හිටියෙ හේෂාන් එක්ක නෙවෙයිද. ඊයෙ රෑ තමුන් එයා එක්ක කරපුවා මං මතක් කරලා දෙන්න ඕනිද ❞
❝ එතකොට තමුන් නෙවෙයිද ඊයෙ එයා එක්ක හිටියේ. අර Shitty ගුබ්බෑයම් අස්සෙ ඉන්න කෙල්ලෙක්ද ඒක කරලා තියෙන්නෙ ❞
❝ මදුරුවෙක් විෂ වෙලාද ❞
ඒ කියන්නෙ එදා හේෂාන්ගෙ පපුවේ තිබුණු රතුපාට මාර්ක් එකට හේතුව ටනාෂියා. ඒ දෙන්නා කලින් දවසේ රෑ නයිට් එකකට ගිහින් තියනවා. එයාලා Blind Date එකකින් හම්බුණා කියන්නේ හේෂාන් මාව එයාපෝර්ට් එකට දාලා ඇවිත් එයා එක්ක රූම් ගියා කියන එකනේ.
"මින්දිට වඩා ඔයාට මාව දැනුණෙ නැද්ද. ඔයා එයාට වඩා මට ලං උනේ නැද්ද. ඉතින් එයාව අමතක කරන්න ඉක්මනින්. ඔයාට රාදිතාගෙනුයි මගෙනුයි කෙනෙක් තෝරගන්න වෙනවා."
මම රැවටිලා. අන්තිමට හැමකෙනෙක්ම මාව රවට්ටලා. හේෂාන් මට ඇත්තටම ආදරෙයි වගේ, මාවමයි ඕනි වගේ එදා කතා කරාට එයා වෙන ගෑනු ළමයි එක්ක එයාගෙ ආශාවල් ඉෂ්ට කරන්. එයාලා හැමෝම එකතු වෙලා මාව රවට්ටලා මෙච්චර ලොකු වැරැද්දක් වෙලත්. ඒත් කොහොමද හේෂාන් මෙච්චර වෙනස් උනේ. මාත් එක්ක අවුරුදු අටක් එෆෙයා එකේ හිටපු කෙනා නෙවෙයි දැන් මේ ටනාෂියා එක්ක කරපුවා ගැන පාපොච්චාරණය කරන්නේ.
කොහොමද මම ඉවසන්නේ. වෙන කෙනෙකුට මේක පොඩි දෙයක් වුණත් මට මේක ලොකු හිත් වේදනාවක්. මෙච්චර කාලයක් මට ආදරේ කරපු කෙනා, මාවම බලාපොරොත්තු උන කෙනා කොහෙවත් යන ගෑනු ළමයි තියාගෙන ලෝකෙට බොරු කිය කියා ඉන්නෙ කොහොමද කියලයි මම කල්පනා කලේ.
❝ මිස් ටනාෂියා සර්ගෙ ප්‍රයිවට් සෙකට්‍රි ❞
❝ හේෂාන්ට හොඳ නැට්ටිච්චියක්ද මංදා අහු වෙලා තියෙන්නෙ ❞
❝ මොනවා උනත් ප්‍රයිවට් සෙකට්‍රි කියන Position එක හොඳ එකක් නෙවෙයි ❞
❝ ටනාෂියා ගැන ඔයා ටිකක් හෙවිල්ලෙන් ඉන්න. ඔයා හේෂාන්ව පරිස්සම් කරගන්න ❞
සජී එදා කිව්ව හැමදේම හරි. ප්‍රයිවට් සෙකට්‍රි කියන තනතුර නෙගටිව් විදිහට වගේම පොසිටිව් විදිහටත් යූස් කරන්න පුළුවන්. ගොඩාක් තැන් වල වෙන්නෙම ප්‍රයිවට් සෙකට්‍රි එක්ක Physical Connection තියන එක. ඒත් මම කවදාවත් හිතුවෙ නෑ මට අවුරුදු අටක් අවංකව ආදරේ කරපු හේෂානුත් එහෙම කරයි කියලා.
"ටනාෂියා.. මගෙ වැරැද්දට මම සමාව ගන්නම්. But......"
එකපාරටම මගෙ අතින් දොර තල්ලු වුණේ වැරදීමකින්. හේෂාන් ටනාෂියාව අහකට තල්ලු කලේ මං දිහා බලන ගමන්. කොහොමද මම එයාලා දෙන්නා දිහා කෙලින් බලන්නේ. දොරේ හැඬල් එක අතකින් අල්ලන් මං ඒ දෙන්නා දිහාවට ඇස් යොමු කලේ මාරුවට.
"මි..මින්දි ?"
................................................... 🖤 ...
මින්දි දැනගත්තා නේද ඇත්ත 😪
දැන් හේෂාන්ට බනින්න හදන්න එපා ළමයි. එහෙම උනොත් ගෙදරටම ඇවිත් පරම්පරාවටම වෙඩි තියනවා හරී 😤. මින්දිට හරියටම අහගන්න හම්බුණේ නෑනෙ ඇත්තම කතාව. හේෂාන් ඒක කියන්න යද්දිම තමයි මින්දිගෙ අතින් දොර ඇරුණේ. So මේ අහිංසකයාට බනින්න එන්න එපා ධනිතට බැන්නා වගේ 🥲
Sachy Collins