Spring is far away - 43
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 43 | The red mark
මේ හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන්න දෙවියො මට මේ තරම් හයියක් දුන්න එකට මට ගොඩක් සතුටුයි. මම ආදරේ කරන පිරිමියා අයිති කර ගත්තු ඒ ගෑනු ළමයාට දැන් මහමෙරක් ලැබිලා වගේ. හේෂාන්ගෙ සල්ලි නිසාද කොහෙද රාදිතා නීතියෙන් එයාගෙ නොවුණත් ඒ බව ඔප්පු කරන්න හදනවා වගේ ඕනෑවට වඩා කියවනවා.
මට තව ගොඩාක් දරා ගන්න වෙනවා, මේ පාළමක් නැති ලිස්සන ගල් වලින් පිරුණු ගඟ තරණය කරන්න නම්..
මං කල්පනාවෙන් මිදුණෙ අඩි සද්දයක් ඇහුණ නිසා. ගාඩ්න් එක පැත්ත බලද්දි හේෂාන් ආයෙමත් මේ පැත්තට එනවා. එයා ඉස්සරහට එද්දි මං හිනාවෙන්නද, නැත්තම් රාදිතා මාව චාටර් කලා කියලා අඬන්නද. ඒ නිසාම මං ඉක්මනින් ලිෆ්ට් එක ගාවට ගියේ මං දිහා බලපු ෆාතිමාගෙ ඇස් මට පිටිපස්සෙන් එන හේෂාන් පැත්තට හැරෙද්දි.
ආයෙමත් පරාදයි මම. එලෙවේටර් එක ගාවට ගියපු මං අනිත්පැත්ත හැරෙද්දි එයා මගෙ ඇස් ඉස්සරහම. ඉතින් මං හිනා වෙලාම වැහෙන්න ගියපු දොරවල් දෙකට අත තිබ්බා.
❝ මගෙ ඔෆිස් එකේ ඉන්නෙ. මම ඔයාගෙ බොස්. ඔයා මට ඕනි විදිහට වැඩ කරන්න ඕනි ❞
එදා ලයිබ්‍රි එකේ උන සිද්ධිය මට මතක් වෙද්දි මං එලෙවේටර් එකේ අයිනටම උනා. ඒ එක්කම එයාගෙ අලුත් පර්ෆියුම් එකේ මල් සුවඳ මගෙ නහයට දැනුණා.
"රාදිතා මොකද කිව්වෙ ?"
"හහ් ?"
එයා එකපාරටම ෆෝන් එක ඔබන ගමන් මගෙන් එහෙම ඇහුවා. දෙවියනේ එයාට පෙනුණද මට එතන උන දේ.
"නෑ.. සැලෝමි අනවශ්‍ය කතාවක් කිව්වා. ඒක හරි ගැස්සුවා එයා."
"හ්ම්.."
"මට සර්ව හම්බවෙන්න ඕනි. සර් දැන් ගෙදර යන්නෙ නැද්ද ?"
මං එයාගෙන් එහෙම අහද්දි එයා මං දිහා කන්න වගේ බලන් හිටියා. පස්සෙ තමයි මට තේරුණේ මම කියපු දේ වැරැද්ද මොකක්ද කියලා. ඒ වෙන මොකක් වත් නෙවෙයි "සර්" කියන වචනෙ.
"අහ්.. මේ.. මං ඇහුවේ ඔයා.. අම්මව චෙකප් එකට එක්ක යන්නෙ නැද්ද ?"
"නෑ.. ඒක කැන්සල්."
"අ.. එහෙමද."
"ඔයාට මොකටද මාව හම්බවෙන්න කිව්වෙ. Urgent Matter එකක්ද ?"
"නැහැ.. එච්චරම හදිස්සි දෙයක් නෙවෙයි. මගෙ ලෙටර් එකකට ඔයාගෙ සයින් එක ගන්න."
"එහෙනම්.. දැන්ම මගෙ ඔෆිස් එකට එන්න. මට පොඩි ගමනක් යන්නත් ඕනි."
"නෑ.. ඔයාට පුළුවන් වෙලාවක කරලා දෙන්න හේෂාන්. හදිස්සි නෑ මට."
"කමක් නෑ.. මට තව වෙලාව ඉතුරුයි. ඔයා ඔෆිස් එකට යන්නකෝ."
එයා එලෙවේටර් එකෙන් එළියට යද්දිම එහෙම කියාගෙන ගියා. හැබැයි එයා ගියෙ එයාගෙ ඔෆිස් එක පැත්තට නෙවෙයි. වෙන කොහෙටවත්. මගෙ කැබින් එක තියන ෆ්ලෝ එකේ නෙවෙයි එයාගෙ ඔෆිස් එක තියෙන්නෙ. ඒක ඊටත් උඩ ෆ්ලෝ එකක.
සෙටිෆිකට් එකක් මට එයාට කියලා ආයෙ සයින් එකක් දාගන්න ඕනි. එයාගෙ අත්සන තියනවා කියන්නෙ ඕනිම දෙයක්. මොකද එයා අද වෙද්දි ලංකාවෙ ඉහළම මට්ටමක ඉන්න කෝටිපතියන් ගෙන් එක්කෙනෙක් වෙලා ඉවරයි.
ඉතින් මං මගෙ ඔෆිස් එකට යන්නයි හැදුවේ ඒ ෆයිල් එක ගන්න. ඒත් මගෙ ඉස්සරහට හම්බුණේ පිපිරෙන්න ඔන්න මෙන්න වගේ තියන පරමාණු බෝම්බයක්. ඒ වෙන කවුරුත් නෙවෙයි රාදිතා. එයා ගෙදර යන්නද කොහෙද බෑග් එකත් අරන්.
"Excuse me."
රාදිතා නොදැක්කා වගේ එතනින් ගියපු මට පිටිපස්සෙන් ඇහුණේ ඒ කටහඬ. දැන් ඉතින් නූල් බෝලෙක ගැට ටිකක් එකතු වෙලා ලොකු ගැටයක් ගහනවා වගේ. මගෙ කන් දෙකටත් ඇස් දෙකටත් නිවනක් නැති වේවි.
"ඔය ඩ්‍රෙස් එක කොහෙන් ගත්තද මට අදාල නෑ. හැබැයි අනිත් දවසෙ මගෙ ඩ්‍රෙස් එකම ඇඳගෙන ඇවිත් තිබුණොත් මං තමුන්ට හොඳ පාඩමක් උගන්නනවා."
මගෙ පෙන්සිල් ඩ්‍රෙස් එක දිහා උඩට පල්ලෙහාට බලන ගමන් එයා එහෙම කිව්වෙ දත් ටිකත් මිටි කරගෙන. මොනවා උනත් රාදිතාගෙ ලාබාල හුරතල් කටහඬට මේ වගේ නපුරු ස්වරූපයක් කිසිම විදිහකින් ගැලපෙන්නෙ නෑ.
"මට ඕනි විදිහට මම අඳිනවා රාදිතා. ඒක ඔයාට නවත්තන්න බෑ."
"තමුන්ගෙ ඔය ලොකු වචන තාමත් හේෂාන් දෙන සල්ලි නිසානේ. කමක් නෑ තව චූටි කාලයයි තමුන්ට ඔහොම සල්ලි ලැබෙන්නෙ. මේ රාදිතා කිව්වා කියලා මතක තියා ගන්නවා..
හහ්..
එයා හිතන් ඉන්නෙ එයා ඔයාව මැරි කරලා ඉඳලා ඩිවෝස් කරලා වගේනේ. ඇයි ඔයාට මේ වන්දි දෙන්නෙ. එයාගෙ අතින් මොකක් හරි වැරැද්දක් වත් ඔයාට උනාද ?"
වන්දි වෙන්න ඇති. ඒත් මම මේ සල්ලි වලින් ජීවත් වෙන්නෙ මට කරගන්න දෙයක් නැති කමට. එයාව අවුරුදු ගාණක් සතුටින් තිබ්බට එයා මට දෙන සල්ලි මේවා. ඒකෙ සැකයක් නෑ.
"අපි ආදරේ කලා තමයි. ඒත් හේෂාන් කවදාවත් මගෙන් එහෙම කිසි දෙයක් බලාපොරොත්තු උනේ නෑ."
"එහෙනම් දැන් බලාපොරොත්තු වෙන්නෙ ඒවා වෙන්න ඇති."
"ඔයා මොනවා ගැනද මේ කියවන්නෙ රාදිතා ?"
"ඊයෙ රෑ තමුන් හිටියෙ හේෂාන් එක්ක නෙවෙයිද. ඊයෙ රෑ තමුන් එයා එක්ක කරපුවා මං මතක් කරලා දෙන්න ඕනිද ?"
ඇඟත් එක්ක මොකක්ද වෙලා ගියා එයා තරහින් මට එහෙම කියද්දි. ඊයෙ රෑ හේෂාන් හිටියෙ කොහෙද කියලාවත් මං දන්නෙ නෑ. රාදිතා මෙහෙම කියන්න මොකක්ද හේතුව.
"මට කියනවා.. තමුන් හේෂාන්ගෙ මිස්ට්‍රෙස් නේද ?"
අනියම් පෙම්වතිය.. එහෙම වෙන්න මට මොකක්ද තියන උවමනාව. එයා මට මොන තනතුරක් බාර දුන්නත් මම කවදාවත්ම වෙන දෙන්නෙක්ගෙ ජීවිත කතාවකට වැටෙන පිළලයක් වෙන්නෙ නෑ.
"තමුන් කොහොමද හේෂාන්ව අල්ල ගත්තේ ?"
"ඔයා කිසිම දෙයක් දන්නෙ නැතුව කතා කරන්නෙ."
"එතකොට තමුන් කියන්නෙ එහෙම නෙවෙයි කියලද ?"
"එයාට එහෙම දේවල් ඕනි නෑ.. කවදාවත්."
"එතකොට තමුන් නෙවෙයිද ඊයෙ එයා එක්ක හිටියේ. අර Shitty ගුබ්බෑයම් අස්සෙ ඉන්න කෙල්ලෙක්ද ඒක කරලා තියෙන්නෙ ?"
මම තාමත් වෙන දෙයක් හිතාගන්න බැරුව බලාන ඉන්නවා. ඒත් මෙහෙම බලන් ඉඳලා වැඩක් නෑ මට. මොකද රාදිතා හැමදාම මොකක් හරි ටොපික් එකක් ඇදගෙන මාවයි හේෂාන්වයි සැක කරන්න හදනවා. මට ඕනි තරම් වැඩ තියනවා. ඒ නිසා මට මෙයාගෙන් බේරිලා යන්න ඕනි.
"Very marvelous acting Mindy. You did so good."
(මාරම පුදුමාකාර රඟපෑමක් මින්දි. ඔයා හොඳටම කරා)
"Raditha.. Let's end this conversation. I have lot of work to do."
(රාදිතා.. අපි මේ කතාව මෙතනින් නවත්තමු. මට කරන්න වැඩ ගොඩාක් තියනවා)
"තමුන් කොහොමද....."
"මේක හේෂාන්ගෙ ඔෆිස් එක. ප්ලීස් මෙතන මේ විදිහට හැසිරෙන්න එපා."
මං එහෙම කියලා එතනින් මගෙ රූම් එකට ආවේ රාදිතා අත් දෙකත් ගුලි කරන් නලියද්දි. කියන්න වචන දාහක් විතර එන්න ඇති. ඒත් මම ගියපු නිසාම හැම දෙයක්ම යටපත් කරගන්න ඇති. බැරි වෙලා වත් මං එතන තවත් හිටියා නම් මට අමතක වෙනවා රාදිතා මට වඩා ලොකු කෙනෙක් කියලා.
ආයෙමත් මං ලිෆ්ට් එකෙන් එයාගෙ ඔෆිස් එකට ගියා. අභිමානි මැෂින් එකක් වගේ ටයිපින්. මොකක් හරි එකකට හේෂාන්ගෙන් බැනුම් අහන්න ඇති.
මම දොරත් ඇරගෙන ඇතුලට ගියා. ඒත් එයා එතන නෑ. මොකක්ද ලොකු කළුපාට බෑග් එකක් සෝෆා එක උඩ තියනවා. පෙනුමෙන් නම් ඒකෙන් පේන්නෙ රෙදි වගයක්. ඒක අල්ලන්නවත් හොඳ නැති නිසා මං හිටගෙන හිටියෙ එයාගෙ මේසෙ දිහා බලාගෙන.
එයාගෙ ටේබල් එක උඩ තිබුණෙ ලැප් එකයි සුදු පාට ස්වාභාවික ලිලී මල් දෙක තුනක් තියන වීදුරුවයි විතරයි. ටේබල් එකට දකුණු පැත්තෙන් එදා මට හම්බුණ මැගසීන් එකේ පවුලම ඉන්න ෆොටෝ එක රාමු කරලා තියනවා. ඊට එහයින් එයාගෙ Graduation එකේ ෆොටෝ එකක් තියනවා. එයා අහසුයි නේරංජනටයි මැදි වෙලා ඇකඩමික් ඩ්‍රෙස් එකේ කැප් එක උඩ දාන්.
සමහරවිට මේ එයා, එයාගෙ ජීවිතේ වැඩිපුරම හොයලා බලන, ආදරේ කරන මිනිස්සු වෙන්න ඇති. පොඩි කාලෙ ඉඳන් ඉන්න පිස්සු යාළුවො දෙන්නයි අම්මයි තාත්තයි තාමත් පොඩි ළමයා වගේ ඉන්න මල්ලියි එයාගෙ ජීවිතේ හැම දෙයක්ම වෙන්න ඇති. එතන කවදාවත් මට ඉඩක් ගන්න බෑ. එහෙව් එකේ ඒක රාදිතාට වත් කරන්න බෑ. අපි කාට උනත් හදවතට දැනෙන්නෙ මගින් හම්බුණ මිනිස්සු නෙවෙයි. අපිට අමාරු කාලෙ ඉඳන් අපි එක්ක එකට හිටපු මිනිස්සුන්ව.
එයා ආසයි වැඩ කරන ගමන් අයිස් කෝපි බොන්න. ඉස්සර එහෙ ගෙදර ඉද්දි මටත් කියලා හදව ගන්නවා දවසට දහයක් විතර. අභිමානිත් එයාට හදලා ගෙනත් දෙනවා ඇති. ඒත් මං තරම් සීනි අඩුවෙන් දාන්නෙ නැතුව ඇති.
අපේ ඒ ලස්සන අතීතය මතක් කරන්න ගියොත් මගෙ කඳුළු ඉස්සර වේවි. ඒ හින්දම මං අහක බලාගත්තා. වීදුරුවෙන් පේන විදිහට නම් වහින්නත් වගේ කළු වලාකුළු වලින් බර උන අහසක්..
"Sorry.. Am I late ?"
(සමාවෙන්න, මම පරක්කුද)
එයාගෙ කටහඬ පිටි පස්සෙන් ඇහෙද්දි මං හැරුණා. ඒත් මං බලාපොරොත්තු නොවුන විදිහකටයි එයා ඔෆිස් එකට ආවෙ. ඉස්සෙල්ලාම එයා ඇඳන් හිටපු කෝට් එකයි කළු ශර්ට් එකයි වෙනුවට ලා නිල් පාට වැලමිට ගාවට අත් නවාපු ශර්ට් එකක් ඇඳලා කළු ඩෙනිමට. ඒත් ඇයි එයා මෙවෙලෙ මෙහෙ ඉඳන් ඇඳුමක් මාරු කලේ ?
"නැහැ ස්..."
සර් කියවෙන්න යද්දි මං බොහොම අමාරුවෙන් මගෙ හඬ ගිලගත්තා. නැත්තම් මේ ගලෝලා තියන රෙදි බෑග් එකෙන් මට ගහයි.
"ඔයා දැන් කොහෙ හරි යන්නද ?"
"ඔව්.. පොඩි ගමනක් යන්න වෙනවා."
එහෙනම් ඒක වෙන්න ඇති එයා ඇඳුම මාරු කරන්න ඇත්තේ. ඔෆිස් එකට යන විදිහෙන් වෙන ගමන් බිමන් යන්න එයා එදා ඉඳන් ආස නෑනෙ.
"මොකක්ද ඕනි කිව්වෙ."
"මේක මගෙ සෙටිෆිකට් එකක්. ඕපනේජ් එකෙන් දුන්නේ. දැන් මට පොඩි වැඩකට මේ ඔෆිස් එකේ මං වැඩ කරනවා කියලා කන්ෆර්ම් කරගන්න ඕනි. ඒකට මේකෙ කොපි එකක ඔයාගෙ සයින් එක ඕනි."
"දෙන්න."
එයා මම දුන්න ෆයිල් එක බලන්නෙවත් නැතුව යටින් අත්සන් කරගෙන කරගෙන ගියා. මගෙ කටත් ඇරුණා එයා කිසිම ගාණක් නැතුව සයින් කරන විදිහ දැක්කම. බැරි වෙලාවත් මං එයාට කියලා ගෙදර ඔප්පුව ලියා ගත්තත්, කම්පැනි එක ලියා ගත්තත් එයා මේ විදිහටම අත්සන් කරාවි.
"ඔයා ඕක ටිකක් කියවලා බැලුවොත් නරකද."
"ඇයි ගෙදර ඔප්පුවද තියෙන්නෙ ?"
එයා කට කොනට හිනාවක් අරගෙන එහෙම කියද්දි මං අපහසුවෙන් හිනා උනේ ඒ ඇස් මගෙ පැත්තට යොමු වෙලා තිබුණ නිසා.
"ඒක තිබුණත් ඔයා සයින් කරනවා කියලා මම දන්නවා."
"තාමත් අමතක කරලා නෑ නේද මං ගැන."
සම්පූර්ණයෙන්ම හිනා වෙනවට වඩා පොඩි හිනාවකින් එයාගෙ මූණ හැඩ උනාම ඒ ඇස් හරි ලස්සනට පේනවා. ටේබල් එක උඩ තියන ලිලී මලකට සමානයි ඒ ඇස්. කොළ පාට දිග කොළ වලින් වට උන පිරිසිදු සුදු පාටට බිමට නැවුණු ලිලී පොකුරෙ පාටම තමා ඒ ඇස් වල ඉංගිරියාවත් ගිලිලා තිබුණේ.
"උත්සහ කරනවා. අමතක කරන්න."
"ඒත් ඒක ටිකක් අමාරුයි."
මම කියන්න ඕනි වාක්‍යක් අරන් එයා නිහඬතාවය බිඳිද්දි තවත් මිනිත්තු ගාණක් වැය කරලා මං ඒ ඇස් දිහා බලන් හිටියා. මම කව්ද කියලා මටත් වඩා තේරුම් ගත්තු මනුස්සයෙක් ඉස්සරහා මං මොනවා හිතනවද මංදා.
"වෙන්න තියන දේට පොසිටිව් විදිහට හිතලා මුහුණ දෙන්න. පරණ හැම දෙයක්ම අමතක කරන්න කොහොම හරි."
ඉන්වෙස්ටිගේටර් කෙනෙක් මාව ඉන්ස්පෙක්ට් කරනවා වගේ. අවුරුදු ගාණක මතකයක් අමතක කරන්න එයා බෙහෙත් බිව්වද දන්නෑ. එහෙනම් ඒ බේත මටත් ඕනි.
"කවදහරි අමතක වෙන්නෙ නැතෑ."
"I'm done."
එයා නැගිටලා මගෙ අතට ෆයිල්ස් ටික දුන්නා. මං තාමත් Uncomfortable situation එකක. හේෂාන් හම්බවෙන්න ආවොත් ඉවරයි. දවසටම හරියන්න මගෙ හිතට කළු ගල් අතාරිනවා වගේ බරක් දානවා.
"Thank you."
ක්ලික්..
යන්න කියලා දොර ගාවට යද්දි මගෙ ශෝල් එක එයාගෙ පෑන් දාලා තිබුණ හෝල්ඩර් එකේ වැදිලා හෝල්ඩර් එකයි ශෝල් එකයි දෙකම බිමට වැටුණා.
ගවුම පටි නිසයි මං අත් දෙකට තද කරලා ශෝල් එකෙන් අත් දෙක වහන් හිටියේ. මගෙ විදිහටම රාදිතාත් ඇඳගෙන හිටියට ඒක හේෂාන්ට එච්චර නෝට් වෙන්න නැතුව ඇති. ඒ නිසාද කොහෙද එයා මං දිහායි වැටුණ ශෝල් එක දිහයි මාරුවෙන් මාරුවට බලනවා.
"අ.. අයිම් සොරි.. ඒක ශෝල් එකේ පැටලෙන්න ඇති."
එහෙම කියන ගමන් මං ශෝල් එක අහුලන්න ගියා. ඒත් එයා ඒක මට අහුලලා දුන්න නිසාම මං ඒක ගන්න අඩියක් ඉස්සරහට තිබ්බා.
"අහ්.."
තිබ්බ හදිස්සියට බිම දිගේ එල්ලෙන ශෝල් එකටම අඩිය වැදිලා මං ටයිල් එක උඩ ලිස්සුවෙ එයාගෙ අත් දෙකම මගෙ බඳ වටේ එතෙද්දි.
ඇස් දෙකම බයට තද කරගෙන තත්පර ගාණක් විතර හිටපු මං ආයෙමත් හිමිහිට ඇස් ඇරියා. ඒත් මගෙ ඇස් ලඟින්ම තිබුණෙ මං කිසිම විටෙක බලාපොරොත්තු නොවුන ඒ සුදු මූණ. හැමදාම ෆිල්ම් එකක වගේ එයාගෙ ඉස්සරහට ගිහාම මට මේ වගේ දෙයක් වෙනවා මයි. නැත්තම් හේෂාන් හිතලම මාව මේ වගේ ප්‍රශ්න වල පටලවනවාද කොහෙද.
"මට සමාවෙන්න.."
මං එයාව තල්ලු කරන්න කියලා අත තිබ්බෙ වැරදි තැනකට. එයාගෙ ශර්ට් එකෙන් ඇරිලා තිබුණ පපුවට. ඒත් අත අහකට ගද්දි මං දැක්කෙ එයාගෙ පපුව උඩ රතුපාට වුණ පැල්ලමක්.
එයාට මොස්කිටෝ ඇලර්ජි එකක් තියනවා. සමහර විට එහෙම වෙලා වෙන්න ඇති මෙහෙම රතුපාට වෙන්න ඇත්තෙ. එහෙනම් ඒකද උදේ රාදිතා ඇඬුවේ. එයාගෙ මූණ තඩිස්සි වෙලා තිබුණේ අඬලම මේ ගැන සැක හිතලද.
"පරිස්සමින් වැඩ කරන්න. මං ඔයාව බේරගන්න දෙවනි වතාව මේ."
"I'm so sorry. ඒත් ඔයාගෙ Pencil holder එක ?"
"ඒක කමක් නෑ. මං එදත් කිව්වා හීල්ස් දාන්න එපා කියලා."
මගෙ හීල්ස් දෙක එක කටට ගිලින්න වගේ බලන ගමන් එයා එහෙම කිව්වා. ඒත් දැන් මට තියන ප්‍රශ්නෙ ඒක නෙවෙයි. එයාගෙ පපුව මැද තියන රතු පාට උන සලකුණ තමයි දැන් මගෙ ඔළුවට ඇතුළු වෙලා තියෙන්නෙ.
"මදුරුවෙක් විෂ වෙලාද ?"
"ඔව්.. කොහොමද දන්නෙ ?"
එයා මං දිහා ඔහේ බලන් ඉන්නවා. මගෙ ඇස් එයාටයි පපුවෙ රතු උන තැනටයි කැරකෙනවා. ඒ කියන්නෙ එයා දන්නෙ නැද්ද එයා ශර්ට් එකේ භාගයක් ඇරලා ඉන්නෙ කියලා.
බැරි තැන මං එයාට ඇඟිල්ලෙන් ශර්ට් එක පෙන්නුවා. එතකොටම තමයි එයා ඉක්මනින් ශර්ට් එකේ බොත්තම් ටික දාගත්තේ. ඔෆිස් එකේ හිටියට සිහිය වෙන කොහෙවත්ද කොහෙද.
"තැන්කියු කිව්වට. මට අමතක උනා ඒක."
"කමක් නෑ.. මං විතරයිනෙ දැක්කෙ."
"රාදිතත් දැක්කා."
"හහ් ?"
"මං කිව්වෙ රෑශ් එක."
මගෙ තර්කය හරි. රාදිතා උදේ අඬන්න ඇති එයාගෙන් ඕක පෙන්න පෙන්නම. ඒකට තරහා ගිහින් අනිත් අතට හේෂානුත් බැන්නද දන්නෙ නෑනෙ. රාදිතා කියන්නෙ සැකයෙන් ජීවත් වෙන කෙනෙක්. එහෙව් එකේ මේකත් සැක කරන එක වැරදි නෑ.
❝ ඊයෙ රෑ තමුන් හිටියෙ හේෂාන් එක්ක නෙවෙයිද. ඊයෙ රෑ තමුන් එයා එක්ක කරපුවා මං මතක් කරලා දෙන්න ඕනිද ❞
❝ තමුන් කොහොමද හේෂාන්ව අල්ලගත්තේ ❞
❝ තමුන් හේෂාන්ගෙ මිස්ට්‍රෙස් නෙවේද ❞
❝ එතකොට තමුන් නෙවෙයිද ඊයෙ එයා එක්ක හිටියේ. අර Shitty ගුබ්බෑයම් අස්සෙ ඉන්න කෙල්ලෙක්ද ඒක කරලා තියෙන්නෙ ❞
දැනුයි මට තේරෙන්නෙ. එහෙනම් රාදිතා මට ඒ විදිහට කතා කරන්න ඇත්තෙ, මං හේෂාන්ගෙ පපුව උඩ කිස් එකක් තියලා කියලා හිතාගෙන වෙන්න ඇති.
මං දන්නෙ මෙච්චරයි. මං ඕවා තියන්න දන්නෙත් නෑ, මට ඕවා තියන්න උවමනාවකුත් නෑ. හේෂාන්ට මට වගේම එහෙම උවමනාවක් ඇත්තෙත් නෑ. ආයෙමත් මගෙ ඇස් හැරුණෙ එයා දිහාවට. ඒ පාර එයා මං දිහා බලන් ඉන්නවා අමුතුවට. හේතුව නම් මට රාදිතාගෙ සැක සහිත ක්‍රියාදාම මතක් වෙද්දි හිනා ගියපු නිසා.
"ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවෙ නැද්ද. ඕක තවත් වැඩි වෙනවා තියන් හිටියොත්."
"වෙලාවක් තිබුණෙ නෑ. මේ ටිකේම මම Busy."
"එහෙම කිය කිය ඉන්න එපා. වැඩි උනාම ඔයාගෙ ඇඟ හැම තැනම කසන්න අරගෙන රතු වෙයි. ඊට පස්සෙ උණත් ගනීවි. මතකනෙ එක දවසක් එහෙම උනා."
පළු දැම්මොත් ඔය කිරි පාට සුදු ඇඟ කැතවෙයි කසලාම. එයාලගෙ පැත්තෙ මදුරුවො ඉන්නවා කියන එකත් පුදුමයක්. විශේෂයෙන්ම යුවසිංහ බංගලාවට මදුරුවො එන්නෙ කොහොමද Appointment එකක් වත් දාන්නෙ නැතුව. කියන්නත් බෑ ඉතින්. ලේ බොන්නෙ මදුරු කෙල්ලොනේ. ආස ඇති හේෂාන්ගෙනුත් බීලා බලන්න 😌.
"නැත්නම් ඔහොම්ම ෆාමසි එකට ගිහින් ඒ ටියුබ් එක අරන් එන්නද. මට මතකයි තාමත් ඒකෙ නම. එතකොට ඩොක්ටර්ස්ලා ගාවට යන්න ඕනිත් නෑනෙ."
මොනවා උනත් එයාගෙ නියපොත්තක් කැඩෙනවට වත් ආස නැති නිසාම මං එහෙම ඇහුවා. එයා අහක බලාගෙන කල්පනාවක්.
"මං දන්නවා. අපි අතර එහෙම සම්බන්ධයක් නෑ තමයි ඒත්. ඔයා ලෙඩ වෙනවා මට බලන් ඉන්න බෑ. බිස්නස් ගැන හිතන ගමන්ම ඔයා ගැනත් හිතන්න. නැත්තම් ඔයාට හැමදාම රාදිතා එක්ක Argue කරන්න වෙයි."
මං එහෙම කියද්දි එයාට හිනා ගියා. ඉතින් ඇත්තනෙ කිව්වෙ. හේෂාන්ගෙ මූණෙ පිම්පල් එකක් ආවත් රාදිතා හිතන්නෙ ඒක ආවෙ කෙල්ලෙක් නිසා කියලනේ.
"ඒ කියන්නෙ උදේ උන දේ ඔයා දන්නවා ?"
"හ්ම්.. ඒ ගැන වෙනම දැනගන්න ඕනි නෑ. රාදිතා ඔයාගෙ රෑශ් එක දිහා බලලා ඒක ගෑනු ළමයෙක් කරපු දෙයක් කියලා හිතන්න ඇති. ඊට පස්සෙ ඔයා එක්ක Argue වෙන්න ඇති. අන්තිමට අඬන්න ඇති."
"ඔයා හරියටම හරි."
"එයා යද්දි මගෙන් ඇහුවා ඊයෙ රෑ මං ඔයා එක්කද හිටියෙ කියලා."
"තව මොනවද කිව්වෙ ?"
"වෙන මුකුත් කිව්වෙ නෑ. පව් එයා දුකෙන් කතා කලේ."
මම බොරු කියන විදිහට අපායෙ නෙවෙයි වෙන කොහෙට හරි යන්නෙ. මට ඕනි එයාගෙ සතුට නම් මේ විදිහට බොරු කියන්නම වෙනවා. හැබැයි මං කිව්ව එකට එයාට දුක හිතිලද කොහෙද මූණ අවුල් ගියා පෙනුණා.
"එයා ගියාද ?"
"ඔව්.."
එයා මට දුන්න ශෝල් එකත් පටල ගත්තු මං ෆයිල් එකත් අතට ගත්තා. එයා පෑන් ටික අහුලගන්නම් කිව්වනේ. සැලෝමි මං එනකම් බලාගෙනත් ඇති.
"වැඩි වෙන්න කලින් ඉක්මනින්ම ඕකට බේත් දාගන්න හේෂාන්."
"මං ගැන ඔච්චර කෙයා කරනවා නම් ඇයි ඔයාට ඒක කරන්න බැරි."
යන්න කියලා හදපු මං ආයෙමත් හැරුණෙ එයා කිව්ව එකට. ඒ කියන්නෙ එයාට මට කියලා ඒක ගා ගන්න උවමනාවක් තියනවා කියලද. නැත්තම් එයා මගෙන් වැඩ ගන්න හදනවද.
"මොකක්ද ?"
"ඔයාට අත්ගුණේ තියනවා. ඔයාට පුළුවන් මනුස්සයෙක් ඉක්මනින්ම සනීප කරන්න."
"ඔයා මොනා ගැනද මේ කියන්නෙ හේෂාන් ?"
"මං ඔයාට කියන්නෙ මට බෙහෙත් ගාන්න කියලා නෙවෙයි. එදා ඔයා මට ෆේන්ට් උන වෙලේ සලකපු එකට මට තැන්කියු කරන්න ඕනි. ඔයා දුන්න කැඳ එක නම් ටිකක් තිත්තයි. හැබැයි ඒකෙන් මගෙ උණ බැස්සා. ඒ වගේම ඇඟේ අමාරුවත්. ඉතින් මට කියන්න ඕනි උනේ.. තැන්කියු මින්දි.."
මට නිකන්ම සතුටක් නෙවෙයි ආවේ. මං හිතුවා එයාට ආවතේව කරා කියලා මට බනීවි කියලා. ඒත් අද හේෂාන් හාත්පසින්ම වෙනස්. මට වෙලාවකට ලොකු ලයින් දෙන කෙනා අද මට තැන්කියු කරනවා.
"තැන්කියු කරන්න එපා ඒකට."
මට ඕනි තැන්කියු එකක් නෙවෙයි හේෂාන්. මට ඕනි ඔයාගෙන් ඇනුම් පදයක්. මොකක් හරි දේකට වෙනදට මට පුළුවන් තරම් නෝක්කාඩුවට කතා කිව්වට අද මදුරුවෙක් කාලා නිසා තැන්කියුත් කරනවා.
එයා බලාගෙන ඉද්දි මං රූම් එකෙන් එළියට ආවා. බලන්න කොහෙවත් හිටපු අහිංසක මදුරු කෙල්ලෙක් හේෂාන්ව අද දවසටම හරියන්න වෙනස් කරලා තියන විදිහ. බැරි වෙලාවත් මට ඒ මදුරුවා හම්බුණොත් උම්මා එකක් දීලා යවන්නේ.
"ඔයා මින්දි අමේලියා.. මම හරි නේද ?"
මිස් සැලෝමි මං එයාගෙ රූම් එකට එන්ටර් වෙද්දිම එහෙම ඇහුවා. එයා රතුපාට ලිප්ස්ටික් එකත් එක දිගට දෙතොල් වල එහාට මෙහාට තද කර කර ඉන්නවා.
"ඔව් මැඩම්."
"කොච්චර කල්ද ඇවිත් ?"
"මාස දෙකක් වගේ."
"හ්ම්ම්.."
එකපාරටම එයා ලිප්ස්ටික් එකත් තියලා මගෙ ගාවට ආවා. පෙනුමෙන් නම් ටිකක් ලොකුකම වගේ. ටනාෂියා වගේම පුවක් ගහක් වගේ උස කෙනෙක්. මට ඔළුව උස්සන්න ඕනි බලන්න නම්.
"මම හොඳට හොඳයි. නරකට නරකයි. ඒ නිසා මං කියන විදිහට වැඩ වෙන්න ඕනි. තේරුණාද ?"
මං දිහා අමුතු බැල්මකින් බලලා එයා අත දික් කලා. එයා මට අවවාදයක් දුන්නද නැත්තම් තර්ජනයක් කළාද කියලා මට හිතාගන්න නම් බෑ. ඒත් මං අත දීලා හෑන්ඩ් ශේක් කලා.
"හොඳ උනත් නරක උනත් මං මැඩම්ට Faithfully වැඩ කරනවා. හැබැයි.."
ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---43-P2-10-16