Spring is far away - 43 (P2)
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤 - Part 2
"හොඳ උනත් නරක උනත් මං මැඩම්ට Faithfully වැඩ කරනවා. හැබැයි.."
"හැබැයි ?"
"අ.. මට ඒක වැරදිලා කියවුණේ."
හැබැයි කියලා කියවුණේ ඇයි කියලා මටවත් හිතාගන්න බෑ. මං කන්ෆියුස් වෙලා කල්පනා කරනවා ඇයි එහෙම කිව්වෙ කියලා. උඩ ඉන්න දෙවියො වත් මට කියලා කියෙව්වද මංදා.
"Never mind. මට ඔයාගෙන් හෙල්ප් එකක් ඕනි."
"මොකක්ද මැඩම් ?"
"ඔයාට පුළුවන්ද සර්ට Email එකක් යවන්න."
"මොන සර්ටද ?"
"මෙතන ප්‍රසිඩන්ට්ට. මිස්ටර් යුවසිංහට."
"මොකක්ද යවන්න ඕනි මැඩම් ?"
"මේ පේපර් එකේ මං ලියලා තියන එක ටිකක් ඇඩ්වාන්ස් විදිහට ලියලා එයාට යවන්න. මාව මෙන්ශන් කරලා."
"හරි."
එයා මට පේපර් එකක් දීලා ආයෙ ගිහින් පුටුවෙන් ඉඳගත්තේ ලිප්ස්ටික් එක අතට ගන්න ගමන්. කොලේත් බල බලම මං එළියට ගියා. මහාවංසය ලියලා වගේ වැල් අකුරින් හෑල්ලක් කටුවට ලියලා ඒවා සේරම හොයාගන්නවට මට අඩුම තරමෙ ඔස්කාර් එකක් වත් දෙන්න ඕනි.
මල් වැල්ද ලිය වැල්ද කටු වැල්ද කියලා හිතාගන්න බෑ. ආපු දවස් දෙක තුනට තැන්කියු කරන එක කරලා තමා හේෂාන්ට යවන්න හදන්නේ. ඒකත් ලියලා තියෙන්නෙ ලව් ලෙටර් එකක් වගේ. මෙහෙම යැව්වොත් නම් හේෂාන් මාව එක්ක කනවා මෙතෙනට ඇවිත්. ඒ හින්දම ඒකෙ අඩුපාඩු නිවැරදි කරලා මං හදලාම යැව්වා.
ලන්ච් ටයිම් එක ආපු නිසා මං ඔෆිස් එක වටේ පොඩ්ඩක් කරක් ගහලා එන්න ගියා. කට්ටිය නැති වෙලේ ඔෆිස් එක නිකන් භාවනා මධ්‍යස්ථානයක් වගේ. ඒත් කුලප්පු වෙච්චි මී හරක් සෙට් එක ආවම හාන කුඹුරක් වගේ.
ලන්ච් ටයිම් ඉවර වෙද්දි මං ආයෙමත් මගෙ රූම් එකේ. මට පේනවා එතනින් සැලෝමි එහාට මෙහාට එක එක්කෙනා එක්ක යනවා. මොනවා උනත් මට එයාව අල්ලන්නෙ නෑ. පුළුවන් තරම් ඉක්මනින් අරුෂි ආවොත් හොඳයි.
"මිස්ටර් යුවසිංහ.. ඔයා වත් ඔයාගෙ ලොකු පුතාට කියලා දෙන්න මේකෙ බරපතලකම."
වීදුරුවෙන් ඇඳ උඩ ඇලවෙලා ඉන්න හේෂාන් දිහා බලලා ඩොක්ටර් විජේසිංහ ශෂීන්ද්‍රට එහෙම කිව්වා. එයාලට තරහා ගිහින් ඉන්නෙ හේෂාන් Treatment මගාරින එකට.
"හේෂාන් හරි මුරණ්ඩුයි. එයාට තේරෙන්නෙ නෑ එයාගෙ ජීවිතේ තියන වටිනාකම ගැන. දවසක් දෙකක් නෙවෙයි. එයා එක දිගට සති තුනක්ම ට්‍රීට්මන්ට් මග ඇරලා."
"ගහලා කරලා හදන්න පුළුවන් වයසක ඉන්නවා නම් මං කොල්ලට ගහන්න දෙපාරක් හිතන්නෙ නෑ ඩොක්ටර්. ඒත් දැන් එයා ස්වාධීන මනුස්සයෙක්. එයයි දැනගන්න ඕනි මේ හැම දෙයක්ම මේන්ටේන් කරගන්න."
ඩොක්ටර් විජේසිංහ තදින් කතා කරද්දි එයාගෙ පුතා උන ඩොක්ටර් සනෙල් විජේසිංහ ශෂීන්ද්‍ර දිහා බලාගෙන හිටියේ අනුකම්පාවෙන්. හේෂාන් සනෙල්ගෙ වයස. ඒ නිසාම සනෙල්ට දැනෙනවා මේ තත්වෙ ඉන්න තාත්තා කෙනෙකුගෙ දුක. ඒ දුකින් තමයි තමන්ගෙ තාත්තා ශෂීන්ද්‍රට කතා කරන්නෙ බවත් එයා දන්නවා.
"අහන්න.. තාත්තේ.."
ශෂීන්ද්‍ර ඇස් වල කඳුළු රඳවන් හේෂාන් දිහා බලාගෙන ඉද්දි සනෙල් කලේ එයාගෙ උරහිස් දෙකට අත තිබ්බ එක.
"හේෂාන්ට තාම 32යි. එයාට තව ජීවිතේ භාගයක්ම තියනවා. එයා තාම තරුණයි. එයාට තව කරන්න ගොඩාක් දේවල් ඉතුරු වෙලා තියනවා. එහෙම එකේ ඔයාලවත් එයාව මෝටිවේට් කරන්න. නැත්තම් එයාගෙ Situation එක තවත් නරක අතට හැරෙයි."
නුවන්ති අම්මා එක්ක ආවා නම් එයාට මේ ඇහෙන ඒවා දරාගන්න බැරි වෙයි. ශෂීන්ද්‍රට වෙලාවකට තරහාත් යනවා හේෂාන්ගෙ මුරණ්ඩු කමට.
"එයා ට්‍රීට්මන්ට්ස් මගෑරියා කියලා දන්නෙ කොහොමද ?"
"චූටි තමා හොයාගෙන තියෙන්නෙ. නුවන්ති අසනීපෙන් නිසා මට එයා ගැන බලනවා මිසක් ලොකූ ගැන බලන්න වෙලාවක් නෑ. ඒ හින්දා චූටිට තමා මං බාර දීලා තියෙන්නෙ."
"හ්ම්.. Don't worry අංකල්. මං හේෂාන් එක්ක කතා කරලා බලන්නම්."
සනෙල් ශෂීන්ද්‍රගේ උරහිසට තට්ටුවක් දාලා එතනින් හේෂාන් ඉන්න තැනට ගියා. සනෙල්ට පුදුමයි හේෂාන් ගැන. වෙන මිනිස්සු තමන්ට මෙහෙම ලෙඩක් තියනවා කියලා දැනගත්තම අඬලා විලාප තියලා තමන්ව කොහොම හරි බේරලා දෙන්න කියනවා. ඒත් හේෂාන් හරි වෙනස් එදා උත්තරයක් දුන්නේ.
°•°•°•°
"Reports ටික ඇවිත් ඩොක්ටර්."
සනෙල් හේෂාන්ගෙ චෙක් එකේ රිපෝට්ස් බැලුවා. එක දිගට එන අසනීපයි ඇඟේ අමාරුයි ගැන සැක හිතුණෙ ඉස්සෙල්ලාම ශෂීන්ද්‍රටමයි. මොකද එයාට කලින් ලෙඩක් තිබුණ නිසා.
"......"
රිපෝට් එක ගැන කතා කරන්න කලින් ඒකෙ තියන දේ දිහා බලලා සනෙල්ගෙ ඇස් යොමු උනේ හේෂාන්ට. ඒත් ඒ මූණෙ කිසිම ප්‍රකාශනයක් පේන්න නෑ. බයක්වත්, හිනාවක්වත්, කුතුහලයක් වත්..
"කලබල වෙන්න එපා. අපිට එයාව ඉක්මනින් හොඳ කරගන්න පුළුවන් වෙයි."
"ඩොක්ටර් මොකක්ද අවුල ?"
"හේෂාන්ට Blood Cancer එකක්."
නුවන්තිටයි ශෂීන්ද්‍රටයි තේෂාන්ටයි තුන් දෙනාටම අඬන්න තරම් දුකයි. ඒත් එයාලා එවෙලෙම බලාපොරොත්තුවක් ඇති කරගත්තා හේෂාන් ගැන. මොකද මේක කැන්සර් එකේ ෆ්‍රස්ට් ස්ටේජ් එක නිසා.
................................................... 🖤 ...
හේෂාන්ගේ ලෙඩේ සනීප කරන්නම්කෝ මං මින්දිව දාලා 🤧
රාදිතා ගැන අදහසක් ඕනි. එයාව හදාගන්න පුළුවන් වෙයිද හේෂාන්ට ?
Sachy Collins