Spring is far away - 42

Spring is far away - 42

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 42  |  The red mark

Previous


"අහ්.. මේ දෙන්නා මොකද මෙතන ?"


අහස් ඇවිල්ලා මෙතන. මං හිනාව නවත්තලා සංජනා දිහා බැලුවා. කෙල්ල අහක බලාගෙන රවනවා මට.


"මෙයාට බඩිගිනියි කිව්වනේ. එන්න ඉඳගන්න අහස්."


"හ්ම්.. මගෙ යාළුවෙක් ඉන්නවා. එයාට කතා කරලා එන්නම්කෝ."


"අහ්.. හරි."


අහස් එතනින් ගියේ ඈත වැඩ කරන චෙෆ් කෙනෙක් ගාවට. මං සංජනා දිහා බලද්දි සංජනා අහස් දිහා බලාගෙන. මොනවා නැතත් අනාගතේ වෙන්න තියන දේවල් ගැන සංජානාගෙ මූණ දැක්කම මට හිතාගන්න පුළුවන්.


"මං දන්නවා.. ඔයා අහස්ට කැමතියි."


"හහ්.. පිස්සුද මින්දි. මොනාද මේ කියවන්නේ."


"හරි එහෙනම් මට එක ප්‍රශ්නෙකට උත්තර දෙන්න."


එහෙම කියලා මං නිකටට අත ගහගෙන සංජනා දිහා ඇසුත් හීනි කරන් බලන් හිටියා. කෙල්ල කන්ෆියුස් වෙලා බලන් ඉන්නවා.


"ඔයා.. අහස්ට.. කැමතියි නේද ?"


"නෑ......."


කෙල්ල කියපු විදිහට ආයෙමත් මට හිනා.


"ඔයාට එදා ඉඳන් බොරු කියද්දි ඇහි පිල්ලම් ගැහෙන එක නවත්තන්න බෑ සජී 😴."


"අනේ නෑ.. බොරු නෙවෙයි."


"එහෙනම් ඇයි ඉෂාණි එක්ක අහස් ඉද්දි, ෆොටෝ දාද්දි ඇඬුවෙ ?"


"මං ඇඬුවෙ වෙන හේතුවකට කියලා මං ඔයාට එදා කිව්වනේ."


"හරි හරි අපි බලමුකො."


සංජනා මට රවලා අහක බලා ගත්තා. ඒ එක්කම අහස් අපි ගාවින් ඇවිත් වාඩි උනා. එයා ආපු එකත් හොඳයි. එයාට ස්තූති කරන්නත් ඕනි මට ඇසිඩ් ගහපු කෙනා අල්ලගන්න උදව් කරාට.


"තැන්කියු අහස්.. එදා ඔයාගෙ හෙල්ප් එකට."


"ඒක සුළු දෙයක්. අපේ Mister Iceberg ගෙ දේකට මොනා හරි කරදරයක් උනොත් උදව් කරන්න එපැයි."


"Mr. Iceberg ?"


"ආහ්.. මිස්ටර් අයිස්බර්ග් කියන්නෙ හේෂාන්ට. අයිස් කුට්ටියකයි අපේ එක්කෙනාගෙයි වෙනසක් නෑනෙ."


මට හිනා ගියා. මොනවා උනත් හේෂාන්ගෙ යාළුවන්ට එයාට කියන්න හොඳ නික් නේම් එකක් හම්බවෙලා තියනවා. මිස්ටර් අයිස්බර්ග් කියන එක සාධාරණයි ඒ වගේ සීතල ගතිගුණ තියන නපුරෙක්ට.


"ඒක නම් ඇත්ත තමයි."


"ඒ උනාට ඔයා එක්ක ලව් කරන කාලෙ නම් අයිස් කුට්ටිය නිකන්ම දිය වෙන්න ඇති."


අහස් එහෙම කියද්දි මට ආවෙ එසේ මෙසේ ලැජ්ජාවක් නෙවෙයි. හේෂාන් අයිස් කුට්ටියක් නම් මම තමා එයා දිය කරපු එකම කෙනා.


"ඔයත් මොනා කියනවද මංදා."


"ඒක නෙවෙයි.. මං ඔයාගෙන් දෙයක් අහන්නද මින්දි."


"කියන්න අහස්."


"ඔයා තේෂාන් මල්ලි ගාව ඉන්නෙ කැමැත්තෙන්ම නේද ?"


හැමෝම ඉස්සරහා මං ගොලුවෙක් වෙන තවත් ප්‍රශ්නයක්. මට හිතාගන්න බෑ මං තේෂාන් මැරි කරනවාද නැද්ද කියලාවත්. මං ආස නෑ යුවසිංහ පරම්පරාවෙ වැටිලා ඉන්න. හැබැයි මට මෙතනින් පැනගන්න චාන්ස් එකක් ආවොත් මං ඒක ප්‍රයෝජනයට අරන් ඉක්මනින්ම මේ හැමෝගෙන්ම දුරකට යනවා.


"ඔව්.. ඇයි ?"


"එහෙනම් කමක් නෑ. ආන්ටිගෙ කීමට තමා පුතාලා දෙන්නම වැඩ. ඔයා හොඳයි කියලා දන්න නිසා තමයි ඔයාට මල්ලිව යෝජනා කලේ."


ඒක හරි. මොනවා උනත් පුතාලා දෙන්නා අම්මට හරි ආදරෙයි. ඒකනෙ එයාට මුකුත් වෙන්න කලින් කසාද බැඳලා පිළිවෙළක් වෙන්න මෙච්චර ඉක්මන් වෙන්නෙ.


"මං දන්න හැටියෙන් තේෂාන් මල්ලිගෙ වැරැද්දක් නෑ. කොහොමටත් අපේ යකාට වඩා ඒ කොල්ලා දහ ගුණයක් හොඳයි. මෙයාට මූලග්ගින්න තිබ්බට මල්ලිට එහෙම නෑ."


"අහ්.. ඇත්තටම මටත් ඕක හිතුණා 😅."


"ඔව් මින්දි.. අපේ එක්කෙනාට පුදුම තරහක් නේ යන්නේ. මේ ඊයෙ පෙරේදා මට ගමනක් යන්න අඬ ගැහුවා. මං එන්න පරක්කු උනා කියලා ඒකට තරහෙන් හිටියේ. වෙනටද වගේ Messages නෑ, Calls නෑ. ඉතින් පොරව ටිකක් ශේප් කරගන්න තමයි මං ඔෆිස් එකට එදා ගියෙ. එතකොටනෙ ඔයාට කරදරේ උනේ."


"එයාට අම්මටවත් තාත්තටවත් නැති ගතිගුණ තියෙන්නෙ."


"ඔය ගතිගුණ ඔයා නිසාම තමා මින්දි."


"මොකක්.. මං නිසා 😩."


මං මූණත් අකුලගෙන අහද්දි අහස් හිනා වෙන්න ගත්තා. මං නිසා කොහෙද හේෂාන් යකෙක් උනේ. සමහර විට ඔය මීමුත්තලගෙ ගතිගුණ වෙන්නැති.


"ඔව්.. කලින් නම් ටික ටික තිබුණා. ඒත් වෙන බෝයිස්ලා ඔයාට බැල්ම දානවයි කියලද කොහෙද හැම වෙලේම පැටලෙන්නමයි බලන් හිටියේ. මතකනෙ ඒ කාලෙ පිරිමි ළමයි තුන් දෙනෙකුට ගහලත් සීන් එකක් ගියා."


❝ මං උන් තුන් දෙනාට ගැහුවා මින්දි.. එකෙක්ගෙ නහයෙන් පොඩ්ඩක් ලේ ආවා. මං දැන් MK ❞


මට මතකයි ඒ දවස්වල එයා මැරයෙක්ගෙ චරිතෙකටත් අවතීර්ණ උනා. කොච්චර කෙරුවත් එයා අහිංසකයි සංවේදියි. ඒ ඇස් වලින් කඳුළු ගන්න පුළුවන් හරි ඉක්මනින්, මගෙ වගේම.


"මං දන්නෑ රාදිතා ගාව ඉන්න පුළුවන් වෙයිද නැද්ද කියලා. ඒත් මේ යන විදිහට නම් හේෂාන් රාදිතාව හම ගහලා හදයි වගේ."


"ඒ ඇයි ?"


"රාදිතා ඔයා වගේ නෙවෙයි මින්දි. එයාගෙ ගතිගුණ හරි නපුරුයි. හේෂාන්ට කටගහගෙන එනවලු සමහර වෙලාවට. හැමදාම රෑට කෝල්ස් අරන් වද දෙනවලු නිදාගන්නකම් ලයින් එකේ ඉන්න නින්ද යන්නෙ නෑ කියලා."


"නින්ද යන්නෙ නෑ ?"


"ඒක නෙවෙයි හේතුව. රාදිතාට සැකයි හේෂාන් ඔයාට රෑට කෝල්ස් ගන්නවද, ඔයාලගෙ Affair එක තාමත් තියනවද කියලා. එයා ඒක කන්ෆර්ම් කරගන්න තමයි එහෙම කරන්නෙ."


"හේෂාන්ද ඔයාට එහෙම කිව්වෙ ?"


"ඔව්.. රාදිතා හිතාගෙන හිටියට හේෂාන්ව නටවන්න, ඒක කරන්න හම්බ වෙන්නෙ නෑ අපේ මිස්ටර් අයිස්බර්ග් එක්ක."


"රාදිතා කොහොමත් හුරතල් වෙන්න නේ බලන්නෙ. එයා හුරතලේටනෙ හැදිලා තියෙන්නෙ."


"හුරතලේට ළමයි හැදුවම ඔය පේනවනේ. අන්තිමට මැරි කරාම හස්බන්ට නලවන්න තමා වෙන්නෙ."


"ඒක හරි."


කතාවෙන් කතාව සංජානා කාලත් ඉවරයි. මං තාම සුප් එකේ බාගයයි. කොහොමත් මෙයිට වඩා බොන්නත් බෑ. අහස් කිව්ව කතා වලින් මගෙ ඇඟම පිරිලා වගේ.


"අහ්.. සංජානා අමතක උනානේ. කොහොමද දැන් ජීවිතේ ?"


අහස් සංජානා පැත්තට හැරුණා. කෙල්ල ගල් පිලිමෙ වගේ බලන් ඉන්නවා. හිතන්න නැතුව ඇති අහස් කතා කරයි කියලා.


"මං හොඳින් ඉන්නවා.. අහස්.."


ඒ දෙන්නට කතාව ගෙනියන්න දීලා මං ඇස් අහකට හරව ගත්තා. හැබැයි මගෙ ඇස් ගියෙ මීට කලින් නොදැකපු වෙනම ටේබල් එකක ඉන්න පිරිමි ළමයෙක්ට. එයා මං දිහා බලලා අහක බලා ගත්තා. හරියට මූණ පෙනුණෙත් නෑ. ඒත් පෙනුමෙන් නම් ටිකක් ලොකු තැනක කෙනෙක් වගේ.


"Huh.."


එයා මගෙ පැත්තට හැරුණා. එතකොටයි මං දැක්කෙ එයාව හරියටම,


ඒ පිරිමි ළමයා හේෂාන් වගේම සුදුයි. ඒ වගේම උස ඇඟ ගාන, හැබැයි වෙන කාටවත් නැති ලස්සනක් එයාට තිබුණා. ඒ එයාගෙ ඇස්. ඒ ඇස් ලා නිල් පාටයි. එයා මං දිහා බලාගෙන ඉඳලා කට කොනින් හිනා වෙලා අහක බලා ගත්තා. එයාට එහා පැත්තෙ හිටියෙ ලස්සන ගර්ල් කෙනෙක්. පෙනුමෙන් නම් කලම්බු වල ඉන්න කෙනෙක් වගේ.


"........"


"....මං හිතුවා ඒක ඇත්තක් කියලා."


"අපෝ නෑ.. මට හිත් දහයක් නෑ. ඉෂාණි ගියපු දවසෙ ඉඳන් මං ආයෙ කාටවත් ආදරේ කරන්න ගියෙ නෑ."


ඒ දෙන්නා බර කතාවක. මං ආයෙමත් ඒ පිරිමි ළමයා දිහා බලන්න ගියෙ නෑ. එයා බලන්න මට තවත් හිත දුන්නෙ නෑ. මට දැන් බලන්න ඕනි හේෂාන්ව. නැතුව අනිත් අය නෙවෙයි. සමහර විට අද අලුත් මැනේජර් එන නිසා එයා වෙනදටත් වඩා ලස්සනට ඒවි.


"එහෙනම් මං යන්නම්. පරක්කු උනා ටිකක්. අද ඔයාලට අලුත් මැනේජර් කෙනෙකුත් එනවනෙ නේද."


"අහ්.. ඔව්.."


"එහෙනම් මං යන්නම්."


"ඔයාලා පරිස්සමින් යන්න එහෙනම්."


"ඔයත්."


සංජානාත් එහෙම්ම ගියා එයාගෙ ඔෆිස් එකට. මං කැෆේ එක ඉස්සරහා හිටියේ පාර පනින්නත් එක්ක. එතකොටම රාදිතා කාර් එක මගෙ කාර් එකට එහයින් පාර්ක් කරලා ඇතුලට යනවා දැක්කා. දැන් මට තියන ප්‍රශ්නෙ එයා ආපු එක නෙවෙයි. මගෙ පෙන්සිල් ඩ්‍රෙස් එකේම රෝස පාට එක ඇඳලා ශෝල් එකකුත් දාලා එයාත්.


මට තේරෙනවා දැන් වෙන්න යන දේ..


ආයෙමත් පාරක් මං ලැජ්ජ වෙන්නයි යන්නෙ හේෂානුයි අලුත් මැනේජර් කෙනයි ඉස්සරහ.


පීක්..


ඒ ගැන හිත හිත ගොනෙක් වගේ පාර පැන්න මං එකපාරටම ගැස්සුනේ වාහනේක හෝන් සද්දෙකින්. වැඩි වෙලාවක් ගියෙ නෑ මට ඒ වාහනේ අඳුන ගන්න. හේෂාන් කාර් එකෙන් බැහැලා මට හොඳවයින් කියන්න කලින් මං ඉක්මනින් පාර පැනලා ඔෆිස් එකට ගියා.


එයා එන්න කලින් මං රූම් එකට යන්න ඕනි. එහෙම හිත හිත යනකොටම,


"මින්දි.. Good Morning."


"Good Morning ගයාන් සර්."


නොහිතපු වෙලාවක ගයාන් සර්ව මට හම්බුණානේ. දැන් ඉතින් මෙයා අලුත් මැනේජර් ගැන කියවන්න පටන් ගනී.


"මං අරුෂි එක්ක කතා කරා. ඉස්වෙස්ටිගේෂන් එකේ ගොඩාක් එවිඩන්ස් තියෙන්නෙ එයාට විරුද්ධව. සමහර විට එයාව ටර්මිනේට් කරයි."


"එයා නෙවෙයි නේද ඒක කරලා තියෙන්නෙ ?"


"අනේ මංදා. මාත් හිතන්නෙ නම් එහෙම තමයි. ඒත් වෙන දෙයක් නම් අපිට කලින් හිතාගන්න බෑ."


"හ්ම්.."


"මං මේ සර්ව හම්බවෙන්න යන්නේ. මිස් සැලෝමි මඟ එනවලු. එයාට වෙල්කම් එකක් දෙන්න එපැයි. කොහොමත් එයාව ගෙන්නන්නේ Temporary නිසා වෙල්කම් පාර්ටි එකක් වත් ඕගනයිස් කලේ නෑ අපි."


"මිස් සැලෝමි ?"


"ඔව්.. මින්දි දන්නෙ නැද්ද. ඒ අපේ අලුත් මැනේජර්. එයා පිළිගන්න ඔයාටත් එන්න වෙයි."


එහෙම කියපු ගයාන් ගියා යන්න. මං එක තැන ගල් වෙලා කල්පනා කරනවා මිස් සැලෝමි කියන්නෙ කව්ද කියලා. මං හිතුවෙම මේල් මැනේජර් කෙනෙක් ඒවි කියලා.


ටික වෙලාවක් යනකම් මං මගෙ රූම් එකට වෙලා හිටියා. ඕනි නම් කවුරු හරි මාව හොයාන එන්නැතෑ කියලා..


......


"My bae.."


රාදිතා ප්‍රසිඩන්ට්ස් ඔෆිස් එකේ දොරත් ඇරගෙන එද්දි හේෂාන් ඉක්මනින් සෝෆා එකට පැන ගත්තේ ටේබල් එකේ වැඩ කරන ගමන් හිටියොත් මෙයා ඒක උඩ වාඩි වෙන නිසා.


"ඔයා ඇයි ඔතන."


"මුකුත් නෑ.. දැන් පල්ලෙහාට යන්න ඕනිනෙ සැලෝමිගෙ වෙල්කම් එකට."


"හ්ම්.. මං ඒත් බැලුවා වෙනදා නැතුව මොකද මේ කියලා."


රාදිතා ගිහින් හේෂාන්ට එහා පැත්තෙන් ඉඳ ගත්තා. හේෂාන් රාදිතාගෙ මහ ලොකු වැරැද්දක් දකින්නෙ නෑ. ඒත් වෙලාවකට සැක කරන එකයි, තවත් වෙලාවකට එකම දේ දහ සැරයක් විතර කියන එකයි, ඇඟේ එල්ලෙන්න එන එකයි තමා කොල්ලට පෙන්නන්නම බැරි. නැත්තම් වෙලාවකට මින්දි වගේම පාඩුවේ ඉන්නවා.


"Gimme a kiss."

(කිස් එකක් දෙන්නකෝ)


මෙච්චර වෙලා අහක බලාගෙන හිටපු හේෂාන් Kiss කියන වචනෙ ඇහුණා විතරයි රාදිතා දිහා බැලුවෙ ඇස් දෙකත් ලොකු කරන්. මිනිත්තුවක් ගත වෙන්නත් කලින් ඒ වෙනස් උන ඇස් දිහා බලන් හිටපු රාදිතා කොල්ලගෙ දෙතොල් සිපගත්තා.


"I'm obsessed with your puffy cheeks 😘."

(මම වශී වෙලා ඔයාගේ බෝල කම්මුල් වලට)


එහෙම කියපු රාදිතා හේෂාන්ගෙ කම්මුල් දෙකම මිරිකුවා. දැන් හේෂාන්ට රාදිතාව පේන්නෙ පැණි හැලියකට ආපු කරදරකාර මැස්සෙක් වගේ.


"ඇයි මේ ?"


හේෂාන් එහෙම ඇහුවේ රාදිතාගෙ අත් දෙකත් කම්මුල් වලින් අයින් කරන ගමන්.


"කෝ ඔයා මට කිස් එකක් දුන්නෙ නෑනෙ."


"රාදි...."


"Noo.. අපි දැන් මීට වඩා රොමෑන්ටික් වෙන්න ඕනි නැද්ද බබා. අපි මැරි කරන්න ඉන්නෙ ළඟදිම."


"ඕනි දෙයක් මැරි කළාට පස්සෙ."


"එහෙම හරියන්නෙ නෑනෙ. මැරි කළාට පස්සෙ මොනා කරන්නද. දැන් ඔයා මට කිස් එකක් වත් දෙන්නෙ නැත්නම්."


"Raditha.. This is my office."


"At least.."

(අඩුම..)


එහෙම කියලා රාදිතා එයාගෙ රෝස පාට තවරපු කම්මුල පෙන්නනවා. වදෙන් බේරෙන්න බැරි නිසාම හේෂාන් ඒ කම්මුලේ සිප ගැන්මක් තැවරුවා.


"දැන් හරිද."


"Yeah.. I love you so much."


ආයෙමත් රාදිතා හේෂාන්ව තුරුලු කරගෙන. කවුරු හරි ආවොත් කියලා කොල්ලා එයාව අහකට කලා. රාදිතාට දැන් නම් තේරුණා හේෂාන් ඉන්නෙ අන්කම්ෆටබල් තත්වෙක කියලා.


"Baby.. You look exhausted. Are you okay ?"

(බබා.. ඔයා මහන්සියෙන් වගේ. ඔයා හොඳින්ද)


"Ya."


ඒ පාර රාදිතා ඒ මූණෙන් අල්ලගෙන හොඳට බලනවා.


"ඔයාගෙ මූණ සුදු මැලි වෙලා ගිහින් හේෂාන්. ඊයෙ හරියට නිදාගත්තෙ නැද්ද.. කෑවෙ නැද්ද ?"


"එහෙම මුකුත් නෑ."


"කෝ ඉන්න.."


"මොකක්ද ඔයා කරන්න හදන්නෙ ?"


රාදිතා හේෂාන්ගෙ කළුපාට ශර්ට් එකේ බොත්තම් ටිකක් ගැලෙව්වා. ඒත් ඒකට කොල්ලගෙ ඉඩ ලැබුණෙ නෑ.


"රාදි.. ප්ලීස් ස්ටොප්."


"ඇයි.. ටිකක් ෆ්‍රෙශ් වෙන්න."


දැනටමත් ඒ අත් දෙකෙන් ශර්ට් එකේ පපුව මැදට වෙන්න විවර වෙලා ඉවරයි. ඒත් රාදිතාගෙ ඇස් වල ගැටුනේ කිසිම විටෙක නොපතපු දෙයක්.


"හේෂාන්.."


"ඇයි ?"


මෙච්චර වෙලා රාදිතාගෙ මුණෙ තිබුණු හිනාව වෙනුවට දැන් තිබුණේ වියවුල් වුණ මූණක්. ඇයි එහෙම උනේ,


රාදිතාගෙ ඇඟිලි ගියේ හේෂාන්ගෙ වම් පපුවෙ තියන රතු පාට සලකුණට. රාදිතා ඒක අල්ලද්දි හේෂාන් එයාගෙ ශර්ට් එකේ බටන්ස් ටික දාගත්තේ තත්පර දෙක තුනක් යන්නත් කලින්.


"කව්ද ඒක කලේ.."


"මොකක්ද ?"


රාදිතා සෝෆා එකෙන් නැගිට්ටෙ හී සරයක වේගෙකින්. ඒ මදිවට ඒ ඇස් වල කඳුළු.


"මොන ගෑනිද ඒක කලේ.. කියන්න මට.."


"ඔයා මොනවා ගැනද කියන්නෙ රාදි."


"මං අහන්නෙ ඔයා එක්ක ඊයෙ රෑ හිටපු ගෑනි ගැන."


"මං එක්ක කවුරුත් හිටියෙ නෑ.."


"එහෙනම් කොහොමද එහෙම උනේ. කව්ද එහෙම දෙයක් කලේ."


රාදිතා ආයෙමත් ශර්ට් එකේ බටන් ටික ගලවලා එතෙනට අත තියලා හේෂාන්ට පෙන්නනවා. පපුවෙ තියන සලකුණේ ටොපික් එක ඇදලා ගත්තු ගමන් හේෂාන්ගෙ මූඩ් එක සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. උදේම මෙයා රණ්ඩුවකට එන්ටර් වෙන්නයි යන්නෙ.


"ඔයා ඇයි මෙහෙම දෙයක් කලේ මට. මින්දිද මේක කලේ. නැත්තම් වෙන කෙල්ලෙක්ද."


"රාදි ඒක රෑශ් එකක්."


"මේක රෑශ් එකක් කියලා පිලිගන්නද ඔයා මට කියන්නෙ හේෂාන්."


"ඔව්.. ඒක ඇත්ත නිසා. ඔයා දන්නවනෙ මට mosquitoes ඇලජික් කියලා. ඊයෙ එහෙම උනේ. තාම අඩු වෙලා නෑ. මේක බහින්න නම් සතියක් වත් යනවා."


"තවත් මට බොරු කියන්න එපා ඔහොම."


"ඔයා විශ්වාස කරනවා නම් මාව විශ්වාස කරන්න. ඔයා දන්නවනේ මම එහෙම කෙනෙක් නෙවෙයි."


"එතකොට ඔයා කියන්නෙ මේක මොස්කිටෝ ඇලර්ජි එකක් කියලද."


"ඔව්. පිළිගන්නවා නම් පිළිගන්න."


රාදිතාගෙ සද්දෙ ඒ පාර නෑ. එයා අහක බලාගෙන අඬනවා. මොනවා උනත් හේෂාන්ට එයා එහෙම තමන් ඉස්සරහා අඬනවා බලන් ඉන්න බැරි නිසා ඒ කම්මුල් වලින් වැටෙන කඳුළු පිහදලා තුරුලට ගත්තා.


"අඬන්න එපා රාදි. ඔයා බොරුවට මාව සැක කරන්නේ. ඔයා දන්නවනෙ මං ගැන."


පැය භාගයක් විතර ගියා.


මාව එන්ට්‍රෙන්ස් එක ලඟට එක්කන් ගියපු අභිමානි මල් බොකේ එකකුත් අතේ තියන් ඉන්නවා. ඔය කියන සැලෝමි අද එන එක්කෙනෙක් නෙවෙයි වගේ.


"මින්දි මැඩම්.. ඔයාට කෝල් එකක්."


ෆාතිමා මට කතා කලේ ලොබී එක ගාවට. එතන තිබ්බ ෆෝන් එක අරන් මං කනේ තියාගත්තෙ කව්ද බලන්න.


"Hello."


"ගෑනියේ මේ මං."


දුල්නෙත්මි කතා කරපු විදිහට තව ටිකකින් ෆෝන් එක අතෑරෙනවා.


"ඇයි ගත්තෙ ?"


"කෝ තමුසෙගෙ ෆෝන් එක. සංජානා තාම ඔෆිස් එකට ආවෙ නෑ. මැරිලද දන්නෑ මග."


"ඇත්තමයි ඔෆිස් එකේ නෙවෙයි නම් මං හොඳවයි කියලා දෙනවා 😒."


"ඇත්තටම අහන්නෙ."


"එයා අහස් එක්ක කතා කර කර හිටියේ. දැන් එයි."


"අම්මට සිරි.. එහෙමත් එකක්ද."


"ඔව් ඔව්.. දැන් තියනවා. මං ෆෝන් එක රූම් එකේ තියලා ආවේ."


Beep.


මට අමතක උනා. අභිමානි මාව ඇදගෙන යද්දි මට ෆෝන් එක ගන්න බැරි උනානේ. සංජානා අහස් එක්කද නැත්තම් කරදරයක්ද කියලා බලන්න ෆෝන් එක ගන්න කියලා මං එහෙම්ම ලිෆ්ට් එක පැත්තට ගියා. ඒ යද්දි මගෙ ඉස්සරහට ආවේ හේෂානුයි මගෙ ඩ්‍රෙස් එකේම රෝස පාට ඇඳන් ඉන්න රාදිතාවයි.


රාදිතාගෙ මූණ නම් අඬපු පාටයි. වෙනදා නැතුව රතු වෙලා ඇසුත් ඉදිමිලා. ඒ උනාට වෙනදා වගේම මාව දෙකට කඩන්න වගේ බලන් ඉන්නවා ඒ ඉරිසියාකාර මූණෙන්.


මං හිනා වෙලා එතනින් ගියා. රාදිතාට නම් මට කතා කරලා චාටර් කරන්න උවමනාවක් තිබුණා. ඒත් මං ගණන් ගත්තෙත් නෑ. මොනවා උනත් හේෂාන් අද ලස්සනයි. කළුපාට ශර්ට් එකට කළු ට්‍රව්සර් එක ඇඳලා කළුපාටම බ්ලේසර් එකක් දාලා ඇන්දම එයාට මාරම විදිහට මැචින්.


උඩට ගිහින් ෆෝන් එකත් අරගෙන ආයෙ පහලට එද්දි සැලෝමි ඇවිත්ද කොහෙද හැමෝම එළියේ සතුටු සාමිචියක්.


මං ඉක්මනින් දුවගෙන ගියේ මං පරක්කු වෙලාද බලන්න. කට්ටිය අයිනෙන් ගියපු මං දැක්කෙ සැලෝමි කාර් එකෙන් බහිනවා. ඒ එක්කම අභිමානි මාව ඉස්සරහට ඇදලා ගත්තා.


"Wellcome miss Salomi."


එයා එද්දිම රාදිතා ඇවිත් පැනලා මල් පොකුර දීලා තුරුලු කරගත්තා. සැලෝමිගෙන් මට පෙනුණේ ටනාෂියා වගේම අමුතුම පෙනුමක්. මට වැඩිය ටිකක් වැඩිමල් පෙනුමක් තියන ඒත් මහත කැරළි කොණ්ඩෙ දුඹුරු පාටින් පාට කරපු උස කෙට්ටු සරාගී ගෑනු ළමයෙක්.


"Thank you."


මං සැලෝමි දිහා බලාගෙන ඉද්දි හේෂාන් එයා එක්ක හෑන්ඩ් ශේක් කරලා අත ආයිමත් සාක්කුවට දාගත්තා. මට සැලෝමි දිහා හිනා වෙලා බලාගෙන ඉන්න විතරයි තිබුණේ. එයත් මං එක්ක හිනා උනා හොඳට.


"මිස්ටර් යුවසිංහට වයිෆ්ලා දෙන්නෙක් ඉන්නවද ?"


එයා ඇඟිල්ලෙන් හේෂාන්ගෙ වම් අත පැත්තෙන් හිටපු රාදිතාවයි දකුණු පැත්තෙන් හිටපු මාවයි පෙන්නලා එහෙම ඇහුවා. දැනුයි මට මතක් උනේ හේෂාන්ගෙ අභී මාව එයා ගාවට තල්ලු කලානේ කියලා.


මං හේෂාන් දිහා අපහසුවෙන් බලන් ඉද්දි එයත් මං දිහා බැලුවෙ කන්ෆියුස් වෙච්ච මූණෙන්. රාදිතා අපි දෙන්නා දිහා මාරුවෙන් මාරුවට බලනවා. එකම ඩ්‍රෙස් එක පාට දෙකකින් ඇඳන් ඉන්න අපි දෙන්නා දැක්කම එහෙම නොහිතුණොත් තමා පුදුම.


"අයියෝ.. ඔයාට වැරදිලා මිස් සැලෝමි. මේ ඉන්නෙ හේෂාන්ගෙ බෙස්ටි."


එහෙම කියපු රාදිතා හේෂාන්ගෙ වම් අත අස්සෙන් අත පටලවගත්තා. මං ඉක්මනින් එතනින් අහකට උනා. රාදිතා එහෙම කියන්න හේතුව හේෂාන්ගෙ හිත දිනාගන්න වෙන්න ඇති. ෆියන්සි වෙලත් එයාගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට හොඳින් සලකනවා කියලා පෙන්නන්න.


"Abhi.."


"Sir ?"


"I have to go to a checkup with my mother. You must teach Miss Salome everything."

(මට අම්මා එක්ක චෙකප් එකකට යන්න තියනවා. ඔයා මිස් සැලෝමිට හැමදෙයක්ම කියන්න)


"Ok sir."


එහෙම කිව්ව එයා රාදිතාගෙ අත හිමිහිට පල්ලෙහාට දාලා එයාගෙ ඔළුවත් අතගාලා ගාඩ්න් එක මැද්දෙන් පාක් එක පැත්තට ගියා.


"දෙන්නම එකම ඩ්‍රෙස් එක ඇඳන් ඉන්න නිසා හැමෝටම පේන්නෙ එහෙම."


සැලෝමි එහෙම කියද්දි රාදිතාගෙ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් උනා. හේෂාන් මෙතනින් ගියපු නිසා රාදිතාගෙ හැසිරීම් සාමාන්‍ය අතට හැරුණා. එක අහඹුවක් නෙවෙයි. හැමදාම හේෂාන් ඉස්සරහා දේවතාවියක් වගේ හැසිරිලා මං ඉන්න තැන මට යක්ෂණියක් වෙනවා.


"ඕහ්.. මේක ඩී මාර්ටිනස් බ්‍රෑන්ඩ් එකේ නිව් කලෙක්ෂන් එකේ එක්ස්පෙන්සිව් ඩිසයින් එකක්. රිලීස් උනේ Yesterday."


කටත් උල් කර කර රාදිතා එහෙම කියද්දි මං බිම බලාගෙන හිටියා. දැන් එයා කියන්නෙ මේක කොපියක් කියලනේ. ඒත් එයා දන්නෙ නෑ මාත් මේක ගත්තෙ ඩී මාර්ටිනස් එකෙන් කියලා.


"හරි පුදුමයක් නේද."


"ඒක පුදුමයක් නෙවෙයි මිස් සැලෝමි. මොකද Yesterday Arrive උන එකක් අද උදේ වෙද්දි කොපි වෙලා චීප් ප්‍රයිස් එකකට එන්න බැරි නැහැ. බලන්නකො අද දවසටම ඔයාට මගෙ ඩ්‍රෙස් එකම ඇඳන් ඉන්න ගර්ල්ස්ලා ඕනි තරම් හම්බවේවි."


"That's true."


"Forget all this.. let's go inside."

(අමතක කරන්න ඕවා. අපි යමු ඇතුලට)


එහෙම කියපු රාදිතා මට කින්ඩියට වගේ හිනා වෙලා සැලෝමි එක්කන් යන්න ගියා. මං තාමත් එතන හිටගෙන මගෙන් තවත් ඈතට යන එයාලා දිහා බලාගෙන.


"As the fiancee of the president of this company, I will show you everything here."

(මේ කම්පැනි එකේ ප්‍රසිඩන්ට්ගේ ෆියන්සි විදිහට මම ඔයාට හැම දෙයක්ම පෙන්වන්නම්)


මේ හැම දෙයක්ම දරාගෙන ජීවත් වෙන්න දෙවියො මට මේ තරම් හයියක් දුන්න එකට මට ගොඩක් සතුටුයි. මම ආදරේ කරන පිරිමියා අයිති කරගත්තු ඒ ගෑනු ළමයාට දැන් මහමෙරක් ලැබිලා වගේ. හේෂාන්ගෙ සල්ලි නිසාද කොහෙද රාදිතා නීතියෙන් එයාගෙ නොවුණත් ඒ බව ඔප්පු කරන්න හදනවා වගේ ඕනෑවට වඩා කියවනවා.


මට තව ගොඩාක් දරාගන්න වෙනවා, මේ පාළමක් නැති ලිස්සන ගල් වලින් පිරුණු ගඟ තරණය කරන්න නම්..


................................................... 🖤 ...


My Telegram Channel OR My Whatsapp Channel


මින්දි කොච්චර නම් තැන් වල අසරණ වෙනවද. ඇත්තටම මේ අහිංසක කෙල්ලට සැනසීමක් ඇත්තෙම නැද්ද 🥺


Sachy Collins 

Report Page