Spring is far away - 37
Sachy Collins
වසන්තය තව දුර ඇති 🖤
Episode 37 | Surprise
"මම කලිනුත් කිව්වා වගේ. ඔයා වැඩ කරන්න ඕනි මං කියන විදිහට. මමයි ඔයාගෙ බොස්."
ඒ දිග ඇස් මගෙ ඇස් එක්ක පැටලිලා වගේ මට දැනුණා. මොකද මට මගෙ ඇස් ගලව ගන්න බෑ එයාගෙන්..
"නගින්න."
ටේබල් එක ඇස් වලින් පෙන්නලා එයා එහෙම කිව්වා. ආන්න ඒ විදිහට කලිනුත් කිව්වා නම් ඉවරයිනේ. බොරුවට ගලවන්න ගලවන්න කිය කියා මේ අහිංසක මාව නොමග යැව්වනේ..
ඉතින් එයාට ඉක්මනින් තරහා යන නිසා මං ශේප් එකේ මේසෙ උඩට නැග්ගා. ඊට පස්සෙ එයා මගෙ කකුල් දෙකටම ඒ සෙරෙප්පු දෙක දාලා බෙල්ට් එකත් දැම්මා. සෙරෙප්පු දෙක මටම හදලා වගේ හරි ලස්සනයි.
"මං මේක කරපු කෙනාව ඉක්මනින් හොයා ගන්නවා. මං දන්නවා මේකට කොහෙන් හරි රාදිතා සම්බන්ධ ඇති."
"එහෙමයි කියලා රාදිතාට බනින්න එපා හේෂාන්. එයාගෙ තාත්තා එහෙම කියන්න හේතුව වෙන්න ඇත්තෙ ඔයාලා දෙන්නා. එයාට බය ඇති මං නිසා ඔයාලගෙ Marriage එක කැඩෙයි කියලා."
"මං ඒක නවත්තනවා ඔයාට මොනා හරි උනොත්."
"ඒ කිව්වෙ ?"
"ඇන්ඩෲස් මට පිටින් මොනා හරි කළොත්.. මට පිටුපෑවොත්.."
"ඒක එයාගෙ පැත්තෙන් සාධාරණ ඇති. ඔයාගෙ තාත්තා උනත් අකමැති නැද්ද හේෂාන් ඔයාගෙ ජීවිතේ අපිළිවෙල වෙනවට. එයාලට ඕනි තමන්ගෙ දරුවන්ට හොඳක් කරන්න මිස එයාලගෙ ජීවිත විනාශ වෙනවා දකින්න නෙවෙයි."
"ඒක හරි.. ඒත්.."
එයා මොනා හරි කියම්දෝ නොකියම්දෝ කියලා කල්පනා කල්පනා කරනවා. මං දන්නවා එයා ගොඩාක් දේවල් මගෙන් හංගනවා.
"අපි යමු."
ටික වෙලාවක් ගිහින් එයාගෙ උත්තරය උනේ ඒක. මං ටේබල් එක උඩින් බැහැලා එයාටත් කලින් ලයිබ්‍රි එකෙන් එළියට ආවෙ එයා මට දුන්න කෝට් එකත් එයාගෙ අතට දීලා. මට ඉක්මනින් ගෙදර යන්න ඕනි. මං ආස නෑ එයා එක්ක ඉන්න. ආස නෑ කියන්නෙ මට අපහසුයි කියන එක.
"මට දැන් වත් ගෙදර යන්න පුළුවන්ද ?"
ලන්ච් ටයිම් ඇවිත්. හැමෝම එළියට ගිහින්. මමයි එයයි විතරක් එතන. අහසුයි ටනාෂියායි යන්නම ගිහින් වගේ. අරුෂි මැඩම් වත් නෑ. හේෂාන්ගෙ අභී නම් චිප්ස් වගයක් ගිල ගිල ඉන්නවා ලැප් එකේ මූණ ඔබන්. මං එහෙම හිතුවා කියලා දන්නවා නම් මගෙ කකුල් කඩනවා..
"ඉන්න.. ඔයා පියසීලි අන්කල් එක්ක යන්න එපා. මං ඩ්‍රයිවර් කෙනෙක් එවන්නම්."
"මං තනියම ආවේ."
එයා හිතන්න ඇති මං මාමා එක්ක ආවා කියලා. මම ඩ්‍රයිවින් ලයිසන්ස් අප්ඩේට් කරගත්තා හේෂාන්. මට බූරුවෙක් වගේ කාර් පිටිපස්සෙ ඉඳන් ගිහින් පුරුද්දක් නෑ.
"අහ්.. මං හිතුවා ඔයා ලයිසන්ස් අප්ඩේට් කරන් නෑ කියලා."
"නෑ මං කරගත්තා. මට තනියම යන්න පුළුවන්. බොරුවට කරදර වෙන්න එපා."
"ඒ උනාට ඔයා තනියම යන එන එක සේෆ් නෑ."
"එයාලා ආයෙ මට මුකුත් කරන එකක් නෑ."
"ඒ උනාට පොඩ්ඩක් ඉන්න. මං මගෙ ඩ්‍රයිවර්ට කතා කරලා එන්නම්."
එයා එහෙම කියලා එයාගෙ රූම් එකෙන් ගියා. මං ඉක්මනින් බෑග් එකයි මගෙ කෝට් එකයි අරගත්තා. එයා ඩ්‍රයිවර්ස්ලා හොයන්න යන ටිකේ මට පුළුවන් ගෙදරටත් යන්න. ඉතින් මං එලෙවේටර් එකෙන් යන්නෙ නැතුව තරප්පු පෙළින් බැහැලා ගියේ එයාට හොරෙන්.
මං ආස නෑ හේෂාන් ඔයා මට ඕනෑවට වඩා කෙයා කරනවට..
හවස් උනා 🦊🍂🧡..
"දිනුමි.."
"ඔව් නෝනා ?"
මං යද්දි දිනුමි කුස්සිය අතු ගානවා. වෙනදට මං කරන ඒවා එයා කරනවා බලන් ඉන්නත් බෑ වගේ. මට මෙයාව කොහොම හරි යවාගන්න ඕනි.
"ඔයාට හේෂාන් සැලරි එක කීයක් වගේ දෙනවද ?"
"ආ.. මේ.. පනහක් විතර."
"ඔයාව කොහොමද හේෂාන් දන්නෙ ?"
"මගෙ තාත්තා එතන ඩ්‍රයිවර් කෙනෙක් නෝනා."
"එතකොට ඔයාගෙ අම්මා ?"
මම ලෝයර් කෙනෙක් වගේ ප්‍රශ්න එක දිගට අහන් යද්දි දිනුමි කන්ෆියුස් වෙලා මං දිහා බලන් හිටියා. මොනා කරන්නද ඉතින් සැකය තහවුරු කරගන්න එපැයි මට.
"අම්මා රාදිතා මැඩම්ලගෙ ගෙදර වැඩ."
"එහෙමද.. හේෂාන් ඔයාට මෙහෙට එන්න කිව්ව එකට හේතුවක් කිව්වෙ නැද්ද ?"
"නෝනගෙ අත කැඩිලා කියලා තමයි කිව්වෙ. වෙන මුකුත් කිව්වෙ නෑ."
"කවදා වෙනකම් කියලා කිව්වෙ නැද්ද ?"
දැන් නම් දිනුමි මං දිහා බලන් ඉන්නෙ 'ඔයාට පිස්සු හැදීගෙන එනවද නෝනා' කියලා කියන්න බලාගෙන වගේ. මට පිස්සු තමයි. රාදිතා ගැන හොයන්නත් ඕනි, අභී ගැනයි ටනාෂියායි ගැන හොයන්නත් ඕනි, හේෂාන් ගැන හොයන්න ඕනි. ඔය සේරම මනස ඇතුළෙ හිර උනාම මට කොහොමත් පිස්සු තමා.
"එහෙම නම් කිව්වෙ නෑ නෝනා."
"හ්ම්.. පුසාට බත් දුන්නද ?"
"ඔව් නෝනා.. මාලුයි බතුයි අනලා දුන්නම හොඳට කෑවා."
"හ්ම්ම්.."
මං ඔළුව වනලා එහෙම්ම ඉස්සරහා ඉස්තෝප්පුවේ පුටුව උඩට ගියා. ඒ යද්දිම පාර දිගේ ලස්සන සුදු පාට ලෑන්ඩ් කෲසර් එකක් ගියේ මගෙ අවධානය ඒ පැත්තට යොමු වෙද්දි..
අපි දෙන්නා ඉස්සෙල්ලාම මේ ගෙදරට ආවේ එයාගෙ තාත්තා එයාට දීලා තිබ්බ ලෑන්ඩ් කෲසර් එකේ. මට හොඳට මතකයි අපි දෙන්නා අලුත් ගෙදර කිරි උතුරවලා කිරි බතුත් හදපු හැටි. ඒ වගේම අපි එකට එකම ඇඳේ නිදා ගත්තු පළවෙනි දවසත් එදා උනා. මට පුදුමයි එයා පිරිමි ළමයෙක් වෙලත් මං එක්ක එකට නිදා ගත්තා කියලා. වෙන කෙනෙක් නම් මං එක්ක නිදා ගත්තා නම් වෙන දේ හිතා ගන්න පුළුවන්..
ඒත් එයා පුදුමාකාර ආදරණීය මනුස්සයෙක්. මට ආදරේ කලත් මට සමහර වෙලාවට ලං උනත් මාව හරියට පරිස්සම් කරා. හරියට නිකන් තාත්තෙක් වගේ. ඒත්,
❝ සර් කියන්න එපා. ඔයා මට ඉස්සර කතා කරපු විදිහටම කතා කරන්න. අපි හිතවත් අය නෙවේද ❞
❝ අපි අතර එහෙම දෙයක් උනේ නෑ කියලා අමතක කරන්න ❞
❝ මේ ඉන්නෙ ඔයාගෙ ලවර්ද ❞
ඕනිම පැත්තකට නැමුවම නැවෙන රබර් එකක් වගේ ඔයා දැන්. මාව හරියට රිද්දනවා. ඔයා දන්නවා නම් ඔයා ඔහොම මට රිදෙන විදිහ, ආයෙ නම් කවදාවත්ම ඔයා මට ඔය විදිහට කතා කරන එකක් නෑ. මං දන්නවා හේෂාන්ට තරහා ගිහාම ඒ වගේ කතා කියනවා කියලා. ඒත් එයා දැනගන්න ඕනි එයාගෙ කලින් ගර්ල්ෆ්‍රෙන්ඩ් ඉස්සරහා තරහා පාලනය කරන් කතා කරන්න.
"අක්කේ.."
මං එකපාරටම ගැස්සුනේ සයුම්දිගෙ කටහඬින්. එයා දැන් විභාගය ලියලා රිසාල්ට් අරන් ඇවිත් වගේ. අම්මත් ඇවිත් මට ගහන්නද මංදා 🥲.
"ආහ්.. සයුම්දි නංගි.. එන්න ඉඳගන්න."
"නෑ එපා අක්කේ. මං මේ ඔයාට කියන්න ආවේ එදා ඔයා මට උදව් කරපු පේපර් එකේ ලකුණු කියන්න."
"අවුලක් නැද්ද කීයද ?"
"මට හැත්ත හයක්ම තියනවා. මං හිතුවෙ නෑ එහෙම තියෙයි කියලා."
මං ඒ නංගිගෙ අම්මා දිහා බලන් ඉන්නවා. ඒ අම්මාගෙ මූණ දැක්කම මට කිව්වැහැකි එයා දැන් මාව හම්බවෙන්න ඇවිත් ඉන්නෙ මොකක් කියන්නද කියලා.
"ඇත්තටම සතුටුයි දුව. මම හිතුවෙ නෑ අපේ කෙලී මෙච්චර ලකුණු ගනීවි කියලා."
"අහ්.. ඒක ඉතින් එයාගෙ මහන්සියනේ."
"ඒ උනාට දුවත් උදව් කරපු නිසා හොඳයි. නැත්තම් පාඩම් කරලා වත් ලකුණු ගන්න බෑනේ."
"අහ්.. මටත් සතුටුයි ඉතින් 😊."
"මං ඔය දුවගෙන් දෙයක් අහන්නද ?"
"ඔව් ?"
"දුවට පුළුවන්ද අපේ කෙලීට පොඩි කලාස් එකක් කරන්න. මම දන්න තව දුවෙකුත් ඉන්නවා. එයත් කොමස් ක්ලාස් එකක් හොයනවා."
පර්ෆෙක්ට් ටයිම්. මට හිතුණා ඒ ආන්ටි එහෙම කියයි කියලා. දැන් මං මොනා කියන්නද කියන්නකෝ. මට සල්ලි ලැබෙනවා උනත් එහෙම අදහසක් හිතේ තිබුණෙම නෑ අද වෙනකම්.
"අ.. මේ මං ?"
"ඔව්.. අපි මාසෙට ගාණක් දෙන්නම්. ඔය දුවට පුළුවන්ද ගෲප් ක්ලාස් එකක් කරන්න ?"
"ඔව් අක්කේ. මගෙ යාළුවො දෙන්නෙකුත් ඉන්නවා. එයාලටත් කොමස් ක්ලාස් එකක් නැතුව ඉන්නේ."
"අහ්.. අම්.. මට ඉතින් එකපාරටම උත්තරයක් දෙන්න බෑ."
"කමක් නෑ හිතලා බලලා අපිට පස්සෙ කියන්න."
එහෙම කියලා ඒ ආන්ටි මට බ්‍රවුන් පේපර් එකක ඔතපු මොකක් හරි දෙයක් දික් කරා. මට පගාවට ආස නෑ නැන්දේ.
"අනේ මේවා එපා."
"එහෙම කියලා හරියන්නෙ නෑනෙ දුව. උදව්වක් කරා නම් ප්‍රතිඋපකාරයක් තියෙන්නම ඕනි."
"ඒ උනාට.."
"මේක ගන්න."
මට හේෂාන් නිසා කිසිම දේකින් අඩුපාඩුවක් නෑ. ඒත් මනුස්සයෙක්ගෙ හිත රිද්දන්න බැරි නිසා මං ඒක තැන්කියු කරලම ගත්තා.
"තැන්කියු."
"අපි එහෙනම් ගිහින් එන්නම් අක්කේ."
"හරී."
සයුම්දි මට වැඳලා ගේට්ටුව පැත්තට ගියා. ඒත් එයාගෙ අම්මා නැවතුණේ මට ආයෙ කතා කරන්න හිතාගෙනද කොහෙද.
"මේ.. දුවගෙන් මං දෙයක් අහන්නද ?"
"ඔව් ?"
"දුවද අර හේෂාන් මහත්තයා එක්ක ඉන්නේ ?"
මගෙ ඇස් නිකන්ම ගැස්සිලා ගියා. ඇත්තටම මෙහෙ මිනිස්සු දන්නෙ නෑ වැඩිය මම කව්ද කියලා. ඒත් මේ ගෙදරට යන එන මිනිස්සු දැක්කම හිතා ගන්න පුළුවන් ඇති. රාදිතා හේෂාන්ව මැරි කරන්න ඉන්නවා කියලා මේ හැමෝම දන්නවා ඇති. ඉතින් හේෂාන් මෙහෙ එන යන නිසා එයාලා හිතනවා ඇති මම එයාගෙ සීක්‍රට් ලව් එක කියලා.
"ඔ..ඔව්.. මම එයාගෙ බෙස්ට් ෆ්‍රෙන්ඩ්."
"ආහ්.. මට හිතුණා. ඒ මහත්තයාගෙ කාර් එක මෙහෙ නිතරම යනවා එනවනේ."
"නිතරම යනවා එනවා කිව්වෙ ?"
"දැන් ටික කාලෙකට කලින් මේ ගෙදර පියසීලි විතරක් ඉද්දි ඒ මහත්තයා දවස් දෙක තුනකට සැරයක් වගේ ඇවිත් ගියා. මේ ඊයෙ පෙරේදත් මෙහෙට ආවා නේ."
එයා කියන්නෙ මම සිඩ්නි වල ඉද්දි හේෂාන් මෙහෙ ඇවිත් ගියා කියලද. ඒකද ටනාෂියා මට එදා එහෙම කිව්වේ,
❝ ඔයා ගෙදර නැති ටිකේ මම තමයි ඔයාගෙ ගෙදර බලා ගත්තේ ❞
ටනාෂියා එහෙම කිව්වට හේෂාන් ටනාෂියා ලව්වා මං වෙනුවෙන් ඒ හැම දෙයක්ම කරාද. එයාට මාව එපා කිය කිය, රාදිතාට ආදරෙයි කිය කිය අපි ගැලපෙන්නෙ නෑ කියලා වෙන් කරලා එයා මං ගැන හොයලා බලන්නේ ඇයි ?
ඔව් ඉතින්..
අවුරුදු අටක ආදරයක් කොහොම එයා අමතක කරන්නද ?
"ආ.. ඔව්.. මට කිව්වා තමා එහෙම."
"මං නිකමට ඇහුවෙ. වැරදියට හිතන්න එපා. මං යන්නම් දුව. අර ගැන හිතලා බලන්න."
"ආහ් හරි.."
පපුවට ලාවට ගිනි තියලා ඒ ඇන්ටි ගියා. මං ඉස්සරහා පුටුව උඩ වාඩි උනේ අයිනෙ තියන මාලු ටැංකිය දිහා බලන ගමන්. මගෙ ජීවිතේ හරි පැටලුමක්. ඒකත් හේෂාන් මාව අයින් කරපු දවසෙ ඉඳන්. ඒ මදිවට මගෙ කතාවට අලුත් චරිතත් ඇවිත්,
• ඇන්ඩෲස්
• ටනාෂියා
• රාදිතා
• තේෂාන්
මොන දේ කරත් මට ටනාෂියා විශ්වාස නෑ. එයා හරි අමුතු කෙනෙක්. එයා මං ගැන විපරමින්. හේෂාන්ට හරී එකතුයි. සේරටම හපන් එක්කෙනා හේෂාන්. මට පේන්නෙ ඔය බතල අභීයි කැහුටු ටනාෂියායි හේෂාන්ගෙ සීක්‍රට් ලවර්ස්ලා දෙන්නද කොහෙද 😑..
ඒ මදිවට මටත් ලයින් දෙනවා, අමුතු කතා කියනවා. අද තමා හොඳම එක. සයිස් දෙකකින් දෙන්නෙක් ඉන්න එකේ මීඩියම් කෙනෙක් හොයනවා ඇති මං වගේ. තුන් වෙනි සීක්‍රට් ලව් එක කරගන්න. ඇත්තටම මට දැන් ඔය කවුරුත් විශ්වාස නෑ පොඩ්ඩක් වත්.
මටත් පුළුවන් නම් මේ මාළු ටැංකිය ඇතුළෙ එහෙ මෙහෙ පීනන මාළුවෙක් වගේ නිදහස් වෙන්න. කුරුල්ලෙක් වගේ අහස උසට පියාඹලා යන්න. මං ආසයි මගෙ ජීවිතේ කියන නූල් බෝලෙ ක්‍රමවත් විදිහට එතෙනවාට..
📲 ට්‍රිං ට්‍රිං ට්‍රිං
තේෂාන්ගෙන් කෝල් එකක්. මං දන්න හැටියෙන් මේ ලෝකෙ ඉන්න අහිංසකම හුරතල්ම කොල්ලද කොහෙද. අයියගෙ පෙනුමෙන් පොඩ්ඩක් තිබුණට තේෂාන්ගෙ ගතිගුණ හොඳයි. මනුස්සයෙකුට හිත රිදෙන්න මුකුත් කියන්නෙ නෑ. යක්ෂ අයියා වගේ.
"හෙලෝ.. කියන්න තේෂාන්.."
"ඔයා වැඩකද හිටියෙ මින්දි ?"
"නෑ නෑ. මොකක් හරි හදිස්සියක්ද ?"
"අපෝ නෑ. හෙට මෙහෙ එනවද අහන්න."
හෙට එහෙ යද්දි හේෂාන් හිටියොත් මගෙ බෙල්ල මිරිකයි. ඇයි මම අද හොරෙන් නේ ආවේ. එයා ඩ්‍රයිවර් හොයන් මාව හොයන්න එද්දි මං එතන හිටියෙ නෑනෙ.
"අයියත් හෙට ඔෆිස් යනවා. අම්මා එක්කන් තාත්තා හොස්පිටල් යනවා චෙකප් වගේකට. එයලා නම් ඉක්මනින් එනවා කිව්වා."
"මට ඔෆිස් එකට එන්න කියයිද දන්නෑ."
"අපෝ නෑ. මං අයියට කියන්නම්."
"එපා 😩."
ගේත් එක්ක දෙවනත් වෙන්න කෑ ගහපු මට මතක් උනේ අහල පහල ගෙවල් වල අය. ඉක්මනින් කටට අත තද කරගත්තා. මට එකපාරටම ෆෝන් එක එහා පැත්තෙන් ඇහුණේ තේෂාන් හිනා වෙනවා.
"අහ්.. අයියා මුකුත් කියන එකක් නෑ. මං කියන්නම්."
"ඒත් අරුෂි මැඩම් දන්නෙ නෑනෙ. එයයි මට පර්මිශන් දෙන්නෙ."
"හරි ඔයා එයාටත් කියන්න මං කිව්වා කියලා."
"හ්ම්.. එද්දි ඔයාට මොනා හරි ගේන්න ඕනිද ?"
"මොනා වගේද 🤔 ?"
"කන දෙයක් හරි."
"නෑ නෑ එපා. ඔයා එන්නකෝ."
"හ්ම්.. මං එන්නම් එහෙනම්."
"උදේම එන්න ඕනි නෑ. ලන්ච් ටයිම් එකට සෙට් වෙන්න වගේ එන්න."
"හ්ම්ම්.. මං එන්නම්."
"තියන්නම්.. බායි.. ගෝඩ් බ්ලෙස් යූ."
"ගෝඩ් බ්ලෙස් යූ."
හම්මෝ හේෂාන් කියන මිනිස් වේශයෙන් ඉන්න යක්ෂ පැටියා එහෙ නැත්තම් ඕනි දෙයක්. ඒත් ඇයි මේ එකපාරටම තේෂාන් මට එන්නයි කිව්වේ. වෙනටද එයා එහෙම කියන්නෙ නෑනෙ. මොනා උනත් කමක් නෑ. මං එයාට මොනා හරි අරගෙන යන්න ඕනි.
අලුත් දවසක් 🌞☁️🍃..
"මොනාද හදලා තියෙන්නේ ?"
"පාං තමා තියෙන්නෙ."
තේෂාන් ඉතින් ගෙදර වැඩ කරන්න හරි ආසයිනේ. මේ ටිකේ මේඩ්ස්ලා නිවාඩු. අද දවල් වෙද්දි තමා එයාලා එන්නේ. ඉතින් උදේට උයලා යන්න අම්මටයි තාත්තටයි බැරි උන නිසා තේෂාන් කෑම මේසෙ ලෑස්ති කරේ සැන්විචර්ස් හදලා. හේෂාන් කැමති නෑ බත් ඇර වෙන පිටි දේවල් කන්න. ඒත් ඉතින් අද කරන්න දෙයක් නෑ.
"අපෝ.."
"බත් ඕනි නම් මට උදව් කරනවා අයියේ. නැත්තම් හදන්නෙ නෑ. ඇයි දෙයියනේ මටම මේ හැම එකම කරන්න පුළුවන් යෑ 😤."
"ඇයි තමුසෙනෙ මහ ලොකුවට චෙෆ් කෙනෙක් වගේ අම්මා එක්ක උයන්නේ."
"පැහැදිලි ඉරිසියාව. මට උයන්න පුළුවන් කියලා 😑."
"අපෝ නෑ. තමුසෙ කාලා නෑ මම හදපුවා."
"කන්නෙ නැත්තෙත් ඒ හින්දා තමා."
"ඇයි.. මොකක්ද අවුල ?"
"ඇයි එක දවසක් මහ ලොකුවට උයනවා කියලා හොද්දට ලුණු බෝතලයක් අතෑරලා තිබ්බේ. ඇඹරැල්ලා හැදුවා. ලුණු පොදක් නෑ පට්ට පැණි රහයි."
"මිනිස්සුන්ට තමා වරදින්නෙ. ඇයි තමුසෙට වැරදිලා නැද්ද උයන්න ඉගෙන ගද්දි ?"
"අපෝ නෑ. මට ඉතින් ආයෙ පුරුදු වෙන්න ඕනි නෑනෙ. උපතින්ම හැකියාව තියේ."
"මං කියන්නෑ මුකුත් 😒."
"අද ඔෆිස් යන්නෙ නැද්ද ?"
"ඇඟට අමාරුයි."
හේෂාන් ඔළුවටත් අත ගහගෙන මේසෙ උඩින් වාඩි උනා. මේ සතියේ තිබ්බ Treatment වලට එයා ගියෙ නැති බව තේෂාන් දැනගත්තා. මොකද එයා ඉන්න ගමන් හේෂාන්ගෙ රිපෝට් එහෙම බලන නිසා.
"මේ දවස් ටිකේම ඔයා අමාරුවෙන් ඉන්නේ. ඇයි Treatment වලට නොගියේ. ඊයෙ නේ තිබුණේ."
"......"
හේෂාන් බය වෙලා වගේ බලන් ඉන්නවා තේෂාන් දිහා. එයා බැලුවෙ කොල්ලා කොහොමද මේ ගැන දන්නෙ කියලා.
"ඊට කලින් එකත් ස්කිප් කරලා. ඔයා හිතන් ඉන්නෙ ඔයා මොනවා කරනවා කියලද. මම දැක්කා ඔයාගෙ රිපෝට් වල. ඔයා පහුගිය ඩේට් දෙකකම ගිහින් නෑ.."
"ඔයා හිතන් ඉන්නෙ මේක පොඩි හෙම්බිරිස්සාවක් කියලද. අයියේ මේක හොඳ කරන්න පුළුවන් හරියට Treatment කළොත් විතරයි. නැතුව පැනඩෝල් පෙති දෙකක් බිව්වා කියලා හොඳ වෙන්නෙ නෑ."
තේෂාන් එහෙම කිව්වේ දුකක් හිතේ හංගන්..
"මට කමක් නෑ මං මැරිලා ගියත්. එතකොට වත් මට සතුටින් ඉන්න පුළුවන් නේ."
"ඇයි දැන්.. ඔයා සතුටින් නෙවේද ඉන්නේ ?"
"තමුසෙ තවත් කියෝගෙන ආවොත් මගෙ තියන සතුටත් නැතුව යනවා 😑."
"අහන්න.. ඔයාට ඔයාගෙ ජීවිතේ වටින්නෙ නැති උනාට අපිට ඔයාව වටිනවා අයියේ. අම්මා හරියට දුක් වෙනවා. තාත්තාත් එහෙමයි. අනික මින්දි මේ දේවල් ගැන දැන ගත්තොත් මොන තරම් දුක් වෙයිද. ඔයාට මොනා හරි උනොත් අපි කාටවත් සතුටක් නෑ. ඔයා නැතුව අපිට ඉන්න බෑ. සෝ ප්ලීස්. අනිවාර්යයෙන් Treatment වලට පරක්කු වෙන්නෙ නැතුව යන්න."
"අනේ මල්ලි.. තමුසෙ කන්නෙ නැත්තම් යනවකො. නැත්තම් කට වහගෙන කනවකො. මට පාං හිර වෙයි තමුසෙගෙ අඳෝනාව අහන් ඉඳලා."
"ඔයාට ජෝක්ද මං කියන එක 😒."
"ඔව් තමුසෙ කොහොමත් මට ජෝක් එකක්. ඒක නෙවෙයි. මොකෝ මේ අද ගෙදර."
"මට ඉතින් හොස්පිටල් ගිහින් නිකන් ඉන්න බැරුවට පේශන්ට්ලා අත පත ගගා ඉන්නද කියන්නේ ?"
"හදිස්සියක් උනොත් ?"
"ඒක අවුලක් නෑ. අනික අද මින්දිට මං මෙහෙ එන්නයි කිව්වා."
"අහ්.."
හේෂාන්ට නම ඇහුණා විතරයි කැස්සක් ඇල්ලුවෙ නැද්ද කියන්නේ. තේෂාන් කන්ෆියුස් වෙලා වතුර එකත් අරගෙන හේෂාන්ගෙ අතට දුන්නේ පිටට තට්ටුවක් දෙන ගමන්.
"මින්දි.. මෙහෙ.. එනවා ?"
"ඔව්.. එයා අද ඕෆ් එකක් දාගෙන එන්නම් කිව්වා. මට එයාට මගෙ ගානෙ ලන්ච් එකක් දෙන්න ඕනි."
"තමුසෙට මට තමා බත් ටිකක් උයලා දෙන්න බැරි. මින්දි එනවා කිව්වොත් එහෙම.."
"ඔව් එයා මගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ්. එයාට හොඳට සලකන්න එපැයි."
"මම කියන්නෑ තමුසෙට.. මං හින්දා තමයි මින්දි තමුසෙගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් උනේ."
"අතීත කතා මට අදාල නෑ. ඒක නෙවෙයි. ඇයි ඔයාට ඒ නම ඇහෙද්දි කැස්සක් ඇල්ලුවෙ ?"
"ඊයෙ ඒ කෙල්ල මට, මහ කැත වැඩක් කරා."
"ඇයි ?"
"මං ඩ්‍රයිවර් කෙනෙක් හොයන් එද්දි එයා ගෙදර ගිහින් මට කියන්නෙත් නැතුව."
"හරි ඉතින් ඒ අය ආයෙ එන්නෙ නෑනෙ ඇසිඩ් ගහන්න."
"ඒ උනාට එයා දැන් තනියම ඉන්න එක සේෆ් නෑ. ඊයෙ එයාට මුකුත් උනේ නැති නිසා එයාලා බලන් ඇත්තෙ වෙන ඔප්ෂන් එකකින් හරි එයාට මොනා හරි කරන්න."
"ඒක හරි.. ඒත් ඒ ගෙදරට කවුරුත් එහෙම එන එකක් නෑ. මින්දි තනියම නෙවේනේ. අක්කත් ඉන්නවනේ. වටේ ගෙවලුත් තියනවානේ."
"අක්කා කියද්දි මතක් උනේ. ඊයෙ මින්දි නංගිගෙන් මං ගැන ප්‍රශ්න කරලා."
"වැඩි දවසක් නෑ අයියෙ ඔයාගෙ වැඩ වරදින්න 😑."
"කට වහගෙන පාං කනවා. නැත්තම් ගෑස් හැදෙයි."
........
උදේම කේක් ටිකකුත් කඩේට දාගෙන තේෂාන්ට චොකලට් කප් කේක් වලින් දෙක තුනක් අරගෙන මං වෙනදා එන පාක් එකට ආවා. එතන Fresh Flowers තියන ශොප් එකක් තියේ. එතනින් තේෂාන් ආසම ඩේසි මල් ටිකක් එයාට ගිහින් දෙන්න ඕනි. එයා ආසයිනේ ස්වාභාවික මල් Bouquet වලට..
මං කාර් එක පාක් එකට දාලා පාක් එකේ අඩි පාර මැද්දෙන් ඒ කඩේට යන්නයි ගියේ. එකපාරටම මගෙ පිටිපස්සෙන් හුරුපුරුදු කටහඬක් ඇහුණා..
"මේ අර මිස් නේ."
එදා මට රෝස මලක් දුන්න පිරිමි ළමයා අද මගෙ ඉස්සරහා ඉන්නවා. ඇත්තටම මට එයාව හම්බවෙන්න උවමනාවක් තිබුණෙ නැතුවම නෙවෙයි. එදා අපි කතා කරපු ටිකට මට හිතුණා එයා හොඳ ගතිගුණ තියන මනුස්සයෙක් කියලා.
"මේ ඔයානේ.. අර රෝස මලක් මට දුන්නේ ?"
"ඔව්.. මිස් කොහෙද මෙහෙ ?"
"මං අර ෆ්ලෝරල් ශොප් එකට යන ගමන්."
"ආහ්.. මාත් ඒකෙන් අරන් තමා එදා මිස්ට මලක් දුන්නේ."
"ඔයාට පුළුවන්ද මට කෙනෙක්ට බොකේ එකක් තෝරන්න උදව් කරන්න."
"අනිවාර්යයෙන්."
එයා එක්ක කතා කරන්න ඕනි නිසාම මං එයාව එක්කගෙන අඩිපාර දිගේ ගියා. එදා හිටියට වඩා එයා දැන් ගොඩාක් වෙනස් වෙලා. හිටියටත් වඩා කෙට්ටු වෙලා. හකු බැහැලා වගේ.
"ඔයා හැමදාම මේ පාක් එකේද ඉන්නෙ ?"
"ඔව්.. මං මෙතන වැඩ."
"ඒ කිව්වෙ ?"
"මල් වලට සාත්තු කරනවා, කුණු අදිනවා, අතු පතු ගානවා, සුද්ද කරනවා. මගෙ උදව්වට තව කෙනෙක් ඉන්නවා."
"......"
මගෙ කටින් කිසිම වචනයක් පිට උනේ නෑ. පොඩි හුස්මක් විතරයි පිට උනේ. එයා මෙතන වැඩ කරනවද. කුණු අදිනවද. ඇයි එයා වගේ ලස්සන පිරිමි ළමයෙක්ට එහෙම දෙයක් උනේ. උසට සුදුවට ඉන්න එයාට හරි ලස්සන ඇස් දෙකක් තියනවා. කැප් එක ගැලෙව්වා නම් ඊට වැඩිය ලස්සන ඇති.
"ඔයාට කීයක් වගේ සැලරි එක හම්බෙනවද ?"
"පහලවක් විස්සක් විතර."
"මෙහෙ එන මිනිස්සුත් ඔයාට සල්ලි දෙනවද ?"
"ඔව් සමහර අය දෙනවා. ඒත් මං ගන්නෙ නෑ. උදව්වක් කළොත් විතරයි මං සල්ලි ගන්නේ. එහෙම මිනිස්සුන්ගෙන් නිකන් සල්ලි අරන් ජීවත් වෙලා මට පුරුද්දක් නෑ මිස්."
"ඒක හරී.."
"මිස් කාටද මල් තෝරන්නේ ?"
"මම මැරි කරන්න ඉන්න කෙනාට. එයා ආසයි එයාගෙ රූම් එක ෆ්‍රෙශ් එකේ තියාගන්න ස්වාභාවික මල් වලට."
"මාත් ආස දෙයක් තමයි ස්වාභාවික මල් කියන්නේ."
"ඔයා නම් ආස රෝස මල් වලටනේ."
"අහ්.. ඔව්."
අපි පොඩ්ඩක් නිශ්ශබ්ද උනා. දැනටමත් අපි කඩේ ගාවට ඇවිත්. මට පේනවා ලස්සන පාට පාට මල් ගොඩාක් සුවඳට වැනි වැනි තියන විදිහ.
"මොනවා උනත් මිස් මැරි කරන්න ඉන්න කෙනා නම් වාසනාවන්තයි."
"ඇයි ?"
"මිස් හරි ලස්සනයි. ඒ වගේම මිස්ගෙ හිතත් හරි ලස්සනයි. මං හිතන්නෙ මිස් තමා මං එක්ක මෙහෙම හරි කතා කරපු එකම කෙනා."
"මට මිනිස්සු භේදයක් නෑ. මම හැමෝටම එකයි."
අපි එහෙම්ම කඩේ ඇතුලට ගියා. ගියපු ගමන්ම මං දැක්කෙ ලස්සන ලා රෝස පාට රෝස මල් බොකේ එකක්. මම ගන්න ආවේ ඩේසි උනත් මගෙ තේරීම වෙනස් වෙයි වගේ.
"මට අදත් එදත් කොහොමත් ලස්සනම ලා රෝස."
"මටත් එහෙම හිතුණා."
එයා ලස්සන විහිදුණ ටිකක් ලොකු මල් බොකේ එකක් තෝරලා මගෙ අතටම දුන්නා. මට එයාගෙන් එක ප්‍රශ්නයක් අහන්නම හිතුණා..
"ඔයා ඇයි කැප් එකක් දාන් ඉන්නෙ. පොඩ්ඩක් ගලවන්නකො. මට එහෙම බලන්න ආසයි."
මං එහෙම කියද්දි එයාගෙ මූණ වෙනස් උනා මං දැක්කා. ඇයි එයා ඒකට පසුබට වෙන්නෙ. මම මහලොකු දෙයක් කිව්වෙ නෑනෙ.
ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---37-2-10-06