Spring is far away - 36

Spring is far away - 36

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 36  |  Do you still love me

Previous


මේ හේෂාන් මාර මනුස්සයෙක්නේ. මං හිතන ඒවා එයා දන්නෙ කොහොමද. මගෙ හිත කියවන්න පුළුවන් වත්ද. දැන් නම් බයෙත් බෑ හැබැයි.


"නෑහ්.. මං මේ හිතුවෙ.. මං දැන් මොකද කරන්නෙ කියලා."


"ඔයාට කම්මැලියි නම් අපි යමු Library එකට."


හොඳ අදහස. මං යමු කියන්න ඔළුව වැනුවා විතරයි එයා දොරත් ඇරගෙන එළියට ගියා. මාත් ඉක්මනින් එයාගෙ පස්සෙන් ගියේ අතරමං වෙයි කියලා. මං ඔෆිස් එක ගැන දන්නවා උනාට, මේ කම්පැනි එකේ බිල්ඩින් එක ගැන දන්නෙ නෑනෙ.


එයා ලිෆ්ට් එකේ මං එක්කම උඩම තියන ෆ්ලෝ එකට ගියා. එතන කොරිඩෝ එකත් හදලා තිබුණෙ වීදුරු වලින්. එකපාරටම එයා වීදුරු දොරක් ඇරගෙන ගියා. ඔව් ඒ පුස්තකාලෙට තමා එයා ගියේ. සුදු පාට උස රාක්ක තුන හතරකින් සමන්විත ඒ රූම් එක වටේම වීදුරු වලින් පල්ලෙහා ලස්සනට පේනවා. හොඳට එළිය තියන හරි පිළිවෙළ තැනක් ඒක..


"මේ Shelf එකේ තියෙන්නෙ බිස්නස් ඇනලයිසින් ගැන. අතන අයිනේ නවල්ස්, ලව් ස්ටෝරීස්, ශෝර්ට් ස්ටෝරීස්. මෙතන අකවුන්ටින්."


මං ඔහේ බල බල ගියා. අද මෙතන කවුරුත් නෑ. සාමාන්‍යයෙන් ඔෆිස් එකක මේ වගේ තැන් හරි අඩුයි. ඒත් මානසික නිදහස වෙනුවෙන් මෙහෙම දෙයක් කරපු එක හොඳයි.


"මෙතෙනට අය එනවද ?"


"ඔව්.. හැම වෙලේම නෑ."


"මේ පොත් ගෙනියනවද ?"


"ඔව්.. එහෙම ගෙනියනවා.."


මං කෙලින්ම යන්න හැදුවේ ඩිජිටල් මාකටින් ගැන තිබුණ පොතක් බලන්න. ඒත් එකපාරටම..


"ඔන්න බලාගෙන.."


මගෙ බඩ වදින්න ගියේ මේසෙ කොනක. එයා ඉක්මනින් එයාගෙ අත තිබ්බා ඒ කොනට. නැත්තම් අද මම ඒක ඇනිලා දවසම කෑ ගගහා ඉන්නවා.


"පරිස්සමින් යන්න."


"ඔයාගෙ අත අහු උනා නේද ?"


"ඒක අවුලක් නෑ."


අවුලක් නැත්තම් මට කමක් නෑ. ඒත් මාව ඇනුන විදිහට නම් එයාගෙ ඇඟිලි වල ඇට ටික ඇනුනා වගේ තේරුණා. ඒ අත් හරි ලොකු උනාට නහර ඇට එළියට පැනලා තියෙන්නෙ. ඇයි ඉතින් ජිම් ගිහින් යකඩ ගොඩවල් උස්සනවනේ. දැන් බොඩී එකත් යකඩ ගොඩක් වගේ තට්ටු තට්ටු අහුවෙනවා. ඒ මදිවට තවත් උස ගිහින්ද මංදා. එයා මට වඩා ඔළුවක ප්‍රමාණෙක උසට හිටියා. දැන් ඊටත් වඩා වැඩිද මංදා. ටික දවසක් කෙට්ටුවට හිටියා. දැන් වේළුසුමන වගේ. මං කුරුමිණියෙක්..


"ඔතන තියනවා Zero to One කියලා එකක්. ඒක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනි එකක්."


මං ශෙල්ෆ් එකේ පොතක් තෝරද්දි එයා එහෙම කිව්වා. එයාගෙ කෝට් එකත් මගෙ උරහිස් වැහෙන්න දාලා. කවුරු හරි ආවොත් අපි ගැන මොනා හිතයිද දන්නෑ.


"ඒක කොහෙද ?"


"ඒක උඩ ඇත්තේ. ඉන්නකො මං අරන් දෙන්නම්."


එහෙම කියලා එයා උඩට ඉස්සෙද්දි මං ඒ පපුවත් එක්ක Shelf එකට හිර උනේ මගෙ තොල් එයාගෙ ශර්ට් එකෙන් ඇරුණ පපුවෙ වදිද්දි. ජෙලි වගේ තිබුණ ලිප්ස්ටික් එක එයාගෙ පපුව උඩ ලා දුඹුරු පාටට ඇතිල්ලිලා ගිහින්. එකපාරටම එයා පොතත් එක්ක අහකට උනා. මං ශෙල්ෆ් එකට තවත් තදින් හේත්තු උනේ යටි තොලත් හපන්. ශර්ට් එකේ ගෑවිලා නම් අපරාදෙ..


"අනේ.. සොරි.. මට අහකට වෙන්න බැරි උනා."


"ඉට්ස් ඕකේ "


"ඔයාගෙ පපුවෙ ගෑවුනා නේද ?"


මං එහෙම කියලා එයා ගාවට ගියේ පපුවෙ තියන ලිප්ස්ටික් පාර අයින් කරන්න. එකපාරටම මගෙ ඉන වටෙන් අතක් යනවා වගේ දැනුණ.


"අහ්.."


එයා මගෙ ඉනෙන් අල්ලන් මාව ඒ පපුව උඩට තද කරගත්තේ මගෙ මූණ ඒ මූණට සමීප වෙද්දි. අපරාදෙ මං වැරදි දෙයක් කිව්වද මංදා..


"Sorry.. ඔයා අකමැති නම්... කමක් නෑ.."


"මං එහෙම කිව්වද ?"


"මොකක්ද 😶 ?"


"මං අකමැතියි කියලා කිව්වෙ නෑ."


"අහ්.. එහෙමද 😄."


මම එළියෙන් පොඩ්ඩක් හිනා උනාට එයා අල්ලන් ඉන්න හරිය ගිනි ගන්නවා වගේ. පපුවත් ඩක් ඩක් ගාලා ගැහෙනවා. ඇයි ඔයා මාව මෙහෙම තද කරන් ඉන්නෙ. මොනා උනත් උදේ උන එකට හරියන්නම දවල් වෙද්දි තවත් ඒවා වෙනවා වගේ..


"මාව අතාරින්න."


"මේක මගෙ ඔෆිස් එක."


දෙයියනේ. මේ හේෂාන්ට මොනා වෙලාද. නූලක් වත් පෑගිලාද. ඒක කිව්ව ලස්සන විතරක්. එයා කලින් කිව්වා වගේම දැන් මං එයාගෙ හොර ලව් එක වගේ 😑.


"මොකක්ද ?"


"මගෙ ඔෆිස් එකේ ඉන්නෙ. මම ඔයාගෙ බොස්. ඔයා මට ඕනි විදිහට වැඩ කරන්න ඕනි."


උදේ මට ගහපු ඇසිඩ් වලින් ටිකක් හරි මෙයාගෙ ශරීර ගත වෙලාද මංදා. ලැජ්ජාවට මගෙ මූණයි ඇඟයි දෙකම රතු වෙලා. එයාට මෙලෝ ගාණක් නෑ.


"ඔයා හොඳින්ද ?"


"ඇයි ?"


"නෑ.. ඔයා අද අමුතුයි."


"ඔයාට එහෙම හිතෙනවද ?"


"ඔ..ඔව්.. ටිකක්.."


මං අපහසුවෙන් හිනාවක් මවාගද්දිත් එයා එකම රියැක්ශන් එකේ. ඇස් වලින් හෙලවීමකට වෙන්නෙ ඇහිපිය ගහන එක විතරයි.


"Never mind.. ඒත් ඇයි ඔයා මාව මෙහෙම අල්ලන් ඉන්නෙ ?"


"තේරෙන්නෙම නැද්ද ?"


තේරෙන්නෙ නැති නිසා තමයි අහන්නේ. ඇත්තටම මම එයා එක්ක Relationship එකේ හිටියා නම් ඔලුවට දෙකක් අනිනවා. පිස්සෙක් වගේ හැසිරෙන හින්දා.


"නෑනේ.."


මගෙ අත එයාගෙ මූණෙ. වෙන කොහෙන් අල්ලන්නද මං. එයා මගෙ ඉන සම්පූර්ණයෙන්ම ඒ අත් වලින් වහගෙන. මගෙ අනිත් අත එයාගෙ වෙස්ට් කෝට් එක උඩ.


"ඔයා හෙල්ලෙන්න එපා."


"ඇයි ?"


"එහෙම උනොත් ඔයා අනිවාර්යයෙන් වැටෙනවා."


"වැටෙනවා ?"


"ඔව්.."


එකපාරටම එයා මාව දකුණු පැත්තට බර කලේ මං හයියෙන් එයාව මිරිකගද්දි. මොකක්ද දෙයියනේ මෙයාට වෙලා තියෙන්නේ.


"ගලවන්න."


"මොකක් 😱."


මුළු Library එකටම ඇහෙන්න මං එහෙම කිව්වා. මොනාද හේෂාන් ඔයා මේ කියන්නේ. මගෙ කනේ දෝෂයක් වත්ද. නැත්තම් එයාට යකෙක් වැහිලද කොහෙද. මට මොකක්ද ගලවන්න කියන්නේ.


"ගලවන්න.. මොකක්ද ඔයාට වෙලා තියෙන්නෙ හේෂාන් ?"


"මං මෙච්චර වෙලා කිව්වෙ හීල් එක ගැන."


එයා ආයෙමත් බිම බලාගෙන. මං එකපාරටම නැමෙන්නයි ගියෙ මොකක්ද හීල් එකට වෙලා තියෙන්නෙ බලන්න. ඒත් එයා මාව තවත් තද කරලා අල්ලන්.


"හීල් එක ?"


"ම්ම්.. ඔයාගෙ වම් කකුලෙ හීල් එක බුරුල්. ඒක කැඩිලා. ඔයා ආයෙ එක සැරයක් හරි අඩිය තිබ්බොත් වැටෙනවා."


මං කන්ෆියුස්. එකපාරටම එයා ගලවන්න කිව්වා. ඇයි මට දැනුණෙ නැත්තෙ මගෙ හීල් එක කැඩිලා කියලා. එහෙම උනා නම් එක සැරේ තේරුම් ගන්නවනේ.


"මං මෙච්චර වෙලා කිව්වෙ ඒ ගැන. ඔයා මොකක් කියලද හිතුවේ ?"


ඒ පාර එයා කට කොනින් හිනා වෙනවා මට. ඇත්තටම පොළව පලාගෙන යන්න හිතෙනවා. මොන ලැජ්ජාවක්ද මේ. මං මුකුත් නොකියා ලාවට හිනා උනා. වෙන මොනා කියන්නද.


"ඔයාට දැනුණෙවත් නැද්ද ඇවිදිද්දි, ඒක කැඩිලා කියලා. මම මුල ඉඳන්ම දැක්කා ඒකෙ හීල් එක බුරුල් වෙලා තියනවා. සමහර විට ඔයා එලෙවේටර් එකේ වැටෙද්දි කැඩෙන්න ඇති."


"අහ්.."


එකපාරටම එයා මාව අත් දෙකට අරගත්තා. දහවෙනි පාරටද කොහෙද මම එයා ඉස්සරහ ලැජ්ජ උනේ.


පුස්තකාලෙ තිබුණ සුදු පාට මේසෙ උඩින් මාව ඉන්දෝපු එයා මගෙ කකුල් දෙකේ තිබ්බ හීල්ස් දෙක ගැලෙව්වෙ මගෙ අවසරේකින් තොරව. ඒ ගලෝලා මටම පෙන්නනවා කැඩිච්ච එක. ඒ මදිවට ඒ මූණෙ හරි අමුතු හිනාවක්. මං ලැජ්ජාවට අහක බලාගත්තා.


"මේ උසට පෙරළුනා නම් එහෙම දවස් ගාණක් වීල් චෙයා එකක ඉන්න වෙනවා."


"තැන්කියු හේෂාන්."


"ඒකට තැන්කියු කරන්න ඕනි නෑ. ඒත් ඉස්සෙල්ලා මොකක්ද හිතුවේ ?"


"අහ්.. නෑ. මං.. මේ.."


"මොකක් ගලවන්න කියලද හිතුවේ 😌 ?"


මොනාද දෙයියනේ ආයෙ මේ අහන්නේ. මං මේ මේසෙන් වැටිලා අතක් පයක් කැඩෙයි. මට ඉස්සෙල්ලාම පොඩ්ඩක් වැරදුනා තමයි. ඒත් ඔයත් වැරදියි. ඔයානෙ ඉස්සෙල්ලාම (මමයි ඔයාගෙ බොස්, මං කියන විදිහට ඉන්න, තේරෙන්නෙම නැද්ද, හෙල්ලෙන්න එපා, ගලවන්න) කියලා පටන් ගත්තේ. මාව නොමග යවන්නද හැදුවෙ.


"මං දන්නවා ඔයා මොකක්ද හිතුවෙ කියලා."


ඒ පාර මගෙ ඇස් ඒ ඇස් එක්ක එක කෙලින්. මගෙ කම්මුල් දෙකත් ගවුමෙන් ඇරුණු හැම තැනක්මත් දැනටමත් රෝස පාට වෙලා වගේ.


"මම හිතුවෙ නෑ ඔයාට එයිටීන් ප්ලස් මයින්ඩ් එකක් තියෙයි කියලා."


එයා ටිකෙන් ටික මට ලං වෙලා එහෙම කියද්දි මං මේසෙට අත් දෙකත් තියන් පුළුවන් තරම් පිටිපස්සට ඇල උනා. එයාගෙ පර්ෆියුම් එකේ සුවඳ ලයිබ්‍රි එක ආක්‍රමණය කරලා.


"ඒ උනාට ඔය මූණෙන් නම් එහෙම පේන්නෙ නෑ."


ඒ ඇස් මගෙ මූණ පුරාම සක්මන් කරද්දි මං පුළුවන් තරම් මූණ අහකට හරව ගත්තා. එයා මේ අහිංසක මාව ලැජ්ජ කරලා සතුටු වෙනවද කොහෙද.


"මේක මගෙ කම්පැනි එක.. මම මේකෙ චෙයාමන්.. සෝ.. මං ඒ විදිහට හැසිරෙයි කියලා ඔයා හිතනවද මින්දි ?"


"අහ්.. නෑ.."


"එහෙම දෙයක් ඕනි උනා නම් මං ඔයාව මෙතනට එක්ක එන්නෙ නෑනෙ."


"හහ් ?"


මං ආයෙමත් ඒ මූණ පැත්තට හැරෙද්දිම එයා මගෙන් ඈත් වෙලා පිටිපස්සට ගියා. ඔයා මාව නොමග යවලාත් සතුටු වෙන්නද බලන් ඉන්නෙ හේෂාන් ?


"දැන් ඔහොම ඉන්න බෑනේ.. ඉන්නකෝ.. මං ශූස් දෙකක් Order කරලා දෙන්නම්."


"නෑ එපා.. මං.."


"සෙරෙප්පු නැතුව ඇවිදින්නද ?"


ඒ පාර එයාගෙ මූණ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා. මාව දෙකට මැද්දෙන් කඩන්න වගේ බලන් ඉන්නේ. තරහා යන්න දෙයක් කිව්වද මං ඉතින්.


"අහ්.. නෑ.."


"පොඩ්ඩක් ඉන්න.. මං අරන් එනකම්."


එහෙම කියපු එයා කාටද මංදා කෝල් එකක් දෙන ගමන් ලයිබ්‍රි එකෙන් එළියට ගියා. මං මේසෙට පාරවල් දෙක තුනක් ගැහුවෙ උන ලැජ්ජාවට. මම ලැජ්ජ වෙනවා කියලා දන්න නිසාමද කොහෙද එයා මාව එන්න එන්නම අපහසුතාවයට පත් කරා. ඊට පස්සෙ මං තරහා ඇවිස්සුවා වගේ Boss Mode ඔන් කරන්..


අනේ මංදා මේ හේෂාන් නම් 😪..


විනාඩි දෙක තුනක් නෙවෙයි.. පැය කාලක් විතර මං ඩෙස් එක උඩ. බැරි තැන මං මේසෙන් බැහැලා ගියේ එයාගෙ අතින් වැටුණ පොත ගන්න. එතකොට තමයි මං දැක්කේ ශෙල්ෆ් එකක් යට වැටිලා තියන මැගසීන් එකක්. බිම දණ ගහලා ඒක අතට අරගෙන තමා මං නැවතුණේ. ඒත් ඒ මැගසීන් එක..


යුවසිංහ පවුලම කවර් පේජ් එකේ. අම්මයි තාත්තයි ලොකු පුතයි පොඩි පුතයි. සමහරවිට මේක පබ්ලිශ් කරන්න ඇත්තේ මම ඕස්ට්‍රේලියා වල ඉන්න කාලෙ වෙන්න ඇති. අම්මයි තාත්තයි පරණ කෝච්චි පෙට්ටියක දොර ගාව ඉඳගෙන. පුතාලා දෙන්නා දෙපැත්තේ. තාත්තා ගාව හේෂාන්. අම්මා ගාව තේෂාන්..


තාත්තට වැඩිපුරම ආදරේ හේෂාන්. අම්මට වැඩිපුර ආදරේ තේෂාන්. ගැලපෙන විදිහට එයාලා එකට හරි ලස්සනට හිනා වෙලා ඉන්නවා. හරි ලස්සන ආදරණීය පවුලක්. ලොකු පුතා නම් කිසිම වෙනසක් නෑ තාත්තාගෙ පලුවක්මයි. ඒ උනාට තාත්තාගෙ ගතිගුණ නම් මේ යක්ෂයාට නෑනෙ 😑.


"අහ්ම්.."


මං ගැස්සුනේ කාගෙ හරි උගුර පෑදිල්ලකට. බය උන පාරට මැගසීන් එකත් අතැරුණා. මං හැරිලා බැලුවේ මම හිතපු කෙනාද ඉන්නෙ බලන්න.


"මොකද මේ බිම ?"


"අහ් නෑ.. මං මේ වැටිලා තියන මැගසීන් එකක් අහුල ගත්තා."


හේෂාන්ගෙ අතේ Box එකක්. සමහරවිට මට ශූස් දෙකක් වෙන්න ඇති. දැන් ඒකෙන් වෙන්නෙ මම එයාට ඒ ශූස් දෙකට ගියපු ගාණටත් ණය කාරයෙක් වෙන එක. වැඩි වෙලා යන්න කලින් එයා මගෙ අතින් අල්ලගෙන මාව නැගිට්ටෙව්වා.


"Size එක තිස් නවය, ආසම පාට ලා නිල්. දැන් ඒ හැම දෙයක්ම වෙනස් ද ?"


එයා එහෙම අහද්දි මං දෙපැත්තට ඔළුව වැනුවා. මං ගැන දන්න කෙනෙක් ඉන්නවද ඔයා තරම් ඉතින්..


ඒ උනාට මං ආසම නැත්තෙ එයාගෙ හින්ට් වලට. කොහොමත් ඔය යක්ස කට ඔහොම්ම තමා. අන්තිමට මගෙ හිත රිදෙනවා. එයා බොක්ස් එක තියලා ශූස් දෙක අතට ගත්තා. එතකොට මං දැක්කෙ මට ගෙනවිත් තියන එක.


ලා නිල් පාට පටි ගියපු ෆ්ලැට් ශූස් දෙකක්. එයා ටිකක් අකමැතියි මං හීල්ස් දානවට. දැන් අද උන එකත් එක්ක තවත් අකමැති වෙයි.


"මං දාන්නද ?"


"නෑ එපා හේෂාන්. මම තනියම දාගන්නම්."


"ඇයි මං දැම්මොත් මොකද ?"


"ඔයාගෙ කම්පැනි එක.. ඔයා මෙතන චෙයාමන්.. ඉතින් ඔයා එහෙම මට ශූස් දාන එක හොඳ දෙයක් නෙවෙයි."


මම එයා කියපු එක රිපීට් කලේ එයා මං දිහා ඔළුවත් බාගෙට ඇල කරන් බලන් ඉද්දි. මින්දි දැන් ඔයාට මෙයා රිසයිනේෂන් දීලා යවයි කට ගහන් එනවා කියලා.


"ඔව්.."


"ආ ?"


එයා අඩියෙන් අඩිය මං ගාවට එද්දි මං ගිහින් නැවතුණේ ටේබල් එකේ වැදිලා. කොන්ද ඇනුණා වගේ දැනුණා හොඳට..


"මම කලිනුත් කිව්වා වගේ. ඔයා වැඩ කරන්න ඕනි මං කියන විදිහට. මමයි ඔයාගෙ බොස්."


ඒ දිග ඇස් මගෙ ඇස් එක්ක පැටලිලා වගේ මට දැනුණා. මොකද මට මගෙ ඇස් ගලව ගන්න බෑ එයාගෙන්..


................................................... 🖤 ...


මින්දිගෙ බොස් දැන් +18 වෙලානේ 🥲


මින්දිව අපහසුතාවයට පත් කරන්නමයි හදන්නේ 🫡


Sachy Collins 

Report Page