Spring is far away - 17

Spring is far away - 17

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 17 | Sweet Cappuccinos


Previous


"බූරු කතා කියන්න එපා. තමුසෙ දැන් එයාව මැරි කරන්න ඉන්නවා නම්, ඒ කෙල්ල ගැන හොයලා බලන්න එපැයි. ලෙඩ වෙච්ච තමන් මැරි කරන්න ඉන්න කෙනාට අඩුම වතුර ටිකක්වත් දෙන්න ඕනි. මෙතෙනට වෙලා ගල් ගිලපු සුදු ගෙම්බෙක් වගේ බලන් ඉන්නේ 😑." 


"අම්මෝහ් හරි හරි 😂."


හේෂාන් රූම් එකට ගියා. අයියගෙ තරහා අවුස්ස ගත්තම ඉතින් මල්ලිත් දන්නවා තරම. ඒ මූණ රතු වෙලා තියනවා බලන්න එයත් ආසයි. පොඩ්ඩක් තරහා ඇවිස්සුවාමත් රතු වෙනවනේ. අනික එයා ලෙඩෙක් නිසා වැඩිය ටෙන්ශන් වෙන්න දෙන්නත් හොඳ නෑ. දැන් එයා කොහොමත් යටි හිතින් අවුල් වෙලා ඉන්නේ. මින්දි සුයිසයිඩ් කරගන්න ගියපු නිසා.


........


"හයියෝ අපිට මේ මොකක්ද උනේ. මට නම් දැන් ඇති වෙලා තියෙන්නේ."


අරුෂි මැඩම් එහෙම කියද්දි මං ලාවට හිනා උනා. අනිත් මැනේජර්ස්ලා කම්පැනි එකේ වැඩ. හැබැයි අපි එක්ක එක්කෙනෙක් වැඩ කරනවා. එයා විසි ගානක පිරිමි ළමයෙක්. එයා හරි හොඳයි. අනිත් අයත් ඉන්නවා. අපි පස් දෙනෙක් විතරයි දැනට.


"අරුෂි අක්කේ. අපි හොටෙල් ටිකක් හොයා ගත්තා. ඒත් ඒවා එච්චර අට්‍රෑක්ටිව් නෑ අනේ."


සෙකට්‍රි කෙනෙක් ඇවිත් කොළ වගයක් මගෙ අතට දුන්නා. ඒකෙ තිබ්බෙ හොටෙල් විස්සක විතර නම් වගයක්. ඒ එක්කම ඒවගෙ Photos තිබුණා. ඒවා ගොඩාක් ලස්සනයි. හෙන වියදමක් යන පාටයි. ඒත් ඒ එකක් වත් මෙයාලට හරි නෑලුනේ. ඔව් ඉතින් මං වගේ පොඩි මනුස්සයෙකුට මේවා ලොකුයි වගේ තමා පේන්නේ.


"ඔයා දන්නවද මින්දි. මං ඔය තියන Hotels විස්සටම ගිහින් තියනවා. ලස්සනයි, ඒ වගේම ලොකු Cost එකක් යනවා. ඒත් ඒවා එච්චර Attractive නෑ අපි හිතන තරම්."


මං ඔළුව වැනුවා. මේ හොටෙල්ස් නැතුව වෙන මොන හොටෙල් එකක ගන්නද. හේෂානුත් මාර වැඩ කරන්නෙ. අපිට සේරම බාර දිලා එයා යන්න ගියා. මෙයාගෙ අනිත් වැඩත් මෙහෙම නම් යුවසිංහ ගෲප් එක කොහොම Handle වෙනවද මංදා. මං ඒක ප්‍රශ්නයක් නිසා අරුෂි මැඩම්ට චිට් එකක් යැව්වා. එයා ඒක කියෙව්වා. මං ඒකෙ ලියලා තිබ්බේ "හේෂාන් මේ විදිහටද ඔෆිස් එකේ හැමදාම වැඩ කරන්නෙ" කියලා. අරුෂිට හිනාවක් ගියා.


"නෑ මින්දි. සර් හරි වසයි කියලා ඔයා දන්නවනේ. හැමෝම එයාට බයයි. යුවසිංහ හැමදාම No 1 වෙලා තියෙන්නේ එයාගෙ ක්‍රියා පටිපාටිය නිසා තමයි. ඉස්සර කම්පැනි එකේ Income එක 1% හරි බැස්සත් මැනේජර්ස්ලාටයි ඩිරෙක්ටර්ස්ලාටයි කෑ ගහනවා.."


මට හිනා ගියා. ඉස්සර මාවත් බාගෙට මරාගෙන කන්න හදපු මනුස්සයා මෙහෙදිත් එහෙම නොකර ඉඳී යෑ. යකාට පාලනය කරගන්න බැරි එකම දේ තරහා තමයි.


(Yuvasinghe Group එක සංචාරකයින්ට හැම පහසුකමක්ම දෙන Hotel සමාගමක්. ලංකාවෙ අංක එක..නමුත් එයාලා එයාලගෙ හොටෙල් එක ස්පොන්සර් කරන බිල්ඩින්ග්ස් වල කන්ස්ට්‍රක්ෂන් පවා කරනවා ෆර්නැන්ඩස් ගෲප් එක එක්ක එකතු වෙලා. හැබැයි හොටෙල් එකේ කේටරින් එක හෝ sponsored නම් විතරයි. එයාලාගෙ හොටෙල් වල පරණ ඩීටේල්ස්, ඉන්කම් ස්ටේට්මන්ට්ස්, අලුතෙන් එන බ්‍රාන්ච් වල වැඩ කටයුතු, හොටෙල් එකේ ප්‍රොසෙස් එක, අනිත් දේවල්, වගේ හැමදෙයක්ම ප්ලෑන් කරන්නේ කම්පැනි එකෙන්. කම්පැනි එකේ ඇතුලෙ වෙන්නේ ඒක තමා. නැත්නම් ඔයාලා බලයි හොටෙල් සමාගමකට වෙනම ඔෆිස් තියෙනවද කියලා. ලංකාවෙ අංක එක කිව්වම හිතා ගන්න පුළුවන් නේද)


"දැන් අපි හොටෙල් එකට මොකද කරන්නෙ ?"


"අනේ මංදා අක්කේ. මට කිසිම අදහසක් නෑ. දැන් සර් මෙතෙනට කෝල් කරලා මොනාද කරේ ඇහුවොත් අපිට කියන්න වෙන්නෙ 'මුකුත් නෑ' කියලා තමයි."


යුවසිංහ ගෲප් එකේ තියෙන්නෙ හොටෙල්ස්, කන්ස්ට්‍රක්ශන්ස් නෙවෙයිද. ඇයි මෙයාලට එයාලගෙ හොටෙල් එකක් ගන්න බැරි. ඒවා මං පාරෙ යද්දි දැකලා තියන අහස උසට විතර උස, ක්‍රීම් පාටින් පාට කරපු, ගෝල්ඩ් පාටින් 'Yuvasinghe group' කියලා උඩින්ම ගහපු හෙන ලොකු හෝල්ස් තියනවනේ. ඒවාට අලි සීයක් දැම්ම හැකි සයිස්. ඉතින් ඒ වගේ Luxurious හොටෙල් තියන් ඇයි මේ තුට්ටු දෙකේ ඒවා හොයන්නේ ?


මං ස්ටිකි නෝට් එකක් යැව්වා අරුෂිට "අපිට පුළුවන්නේ යුවසිංහ ගෲප් එකේම හොටෙල් එකක් ගන්න. තියන හොඳම එකක්" කියලා. එයා ඒක කියවලා බැලුවා.


"ඇයි අපිට ඒක මතක් උනේ නැත්තේ. අපේ තියන හොටෙල්ස් අපිට පාවිච්චි කරන්න පුළුවන්නේ 🤦."


මෙච්චර වෙලා මොලේ තියාගෙන ඉඳගෙනද කොහෙද ඉඳලා තියෙන්නෙ. මට තරම්වත් මොළයක් නෑනෙ මෙයාලට. යුවසිංහ ගෲප් එකේ ඉඳන් වෙන හොටෙල් ඕගනයිස් කරන්න හදනවා. Educational Qualifications තිබ්බට එතනින් එහා මෙලෝ දැනුමක් නෑ වගේ.


"සර් අපිට මුකුත් කියයිද ?"


"අපෝ නෑ. අපි අද හොටෙල් එකේ වැඩ ටික ඕගනයිස් කරලා හෙට ඩෙකරේශන් ටිකයි කෑම බීම ටිකයි ඕගනයිස් කරමු."


"සර්ගෙන් පර්මිශන් ගන්න ඕනි නේද හොටෙල් එක යූස් කරන්න."


"ඔව් ඒක අපි අනිද්දා කරමු. ඊට කලින් මේ වැඩ ටික ඉවර කරමු. මින්දි මට සර්ච් කරලා අපේ බ්‍රාන්ච්ස් වල හොඳම එක Select කරලා දෙන්නකෝ."


මං ඔළුව වැනුවා. මට යුවසිංහ ගෲප් එකේ හොඳම හොටෙල් එක හොයන්න නම් රිවීව්ස් වත් බලන්න වෙයි. මොකද මං ඒවා ඇතුලට ගිහින් නෑ. හැබැයි හේෂාන් මාව මෙහෙ ළඟ තියන එකකට ඒ කාලෙ එක්කන් ගියා. ඒක ඇතුළ දැක්කම මට පිස්සු හැදුණා.


ඇතුළෙ හැම තැනම එල්ලලා තියන මැණික් වගේ ලොකු ශැන්ඩෙලියර් ලයිට්, මැද මිදුල වගේ වීදුරු දාල හදපුවා, පඩියක් නෑර ලයිට් ගහපු තරප්පු පෙළවල්, වීදුරු වගේ දිළිසෙන මේස පුටු, ඇතුළෙ සුවඳ දෙන ස්වාභාවික රෝස මල්.. ඒවා දැක්ක මට නිකන් හීනයක් වගේ. යුවසිංහ ගෲප් එකේ හොටෙල් එකක් වගේ තමයි ඒ යුවසිංහ බංගලාවත්. කළම්බු තියන බන්ග්ලෝ එක මීට වඩා ලස්සනයි කියලා කියනවා. ඒත් මං ගිහින් නෑ. පිංතූර වලින් දැකලා තියනවා. ඒවාගෙ බිත්ති පවා රත්තරන් වගේ නේ දිළිසෙන්නේ.


කොහොම හරි මං හවස් වෙලා ඔෆිස් එකෙන් පැන ගත්තා. අරුෂි අද යන පාටක් නෑ වගේ. ඒ තරම්ම එයාටයි මැනේජර්ස්ලාටයි වැඩ වැඩියි. හේෂාන් නම් මීටින් එකෙන්ම ගෙදර ගිහින්. මෙලකට ඔෆිස් එකේ CCTV චෙක් කරනවා ඇති. අපි මොනාද කරන්නෙ කියලා. අයියෝ.. මගෙ රූම් එකෙත් CCTV එකක් තියනවානේ 😬..


ගෙදර වැඩ ගොඩ ගැහිලා යද්දි. ගේ අතුගාන්නයි මල් වලට වතුර දාන්නයි. ඉතින් මං ඇඟ හෝදන්නෙ නැතුව නිකන් ගවුමක් දාන් ගෙදර වැඩ ටික කලා. ඒ මදිවට බල්ලෙක් හරියටම ගෙදර ගේට්ටුව ඉස්සරහා 💩 දාලා. ඒකත් අස් කරන්න උනා මට. උයලා ඉවර වෙලා ඉක්මනින් හෝස් එකක් ඇදගෙන ඇවිත් මල් වලට වතුර දාන්න කියලා මං ටැප් එක ලඟට යන්නයි ගියේ. එතකොට මට ලිලී පිලී ගස් අස්සෙන් කළු පාට කාර් එකක් වගේ පෙනුණා.


මං හොරෙන් හොරෙන් ගියේ කව්ද මෙවෙලෙ මාව බලන්න ආවෙ කියලා බලන්න. ඒ කාර් එක මට ටිකක් හුරුයි. එකපාරටම කව්ද මංදා කෙනෙක් ඒකෙන් බැස්සා. කළුපාට ට්‍රව්සර් එකක් ඇඳන් හිටපු කෙනෙක්.


හොඳට අඳුගන්න පුළුවන් මානෙ මං හොයා ගත්තා ඒ කව්ද කියලා. වෙන කවුරුත් නෙවෙයි ඒ රාදිතා. කොහෙන් මගෙ ගේ හොයා ගත්තද මංදා. මාත් ඉතින් ඉස්සරහට ගියා. ඇත්තටම ඇයි මං ගියේ. ආයෙත් ඒ සැර පරුෂ වචන අහලා අඬන්නද. මට තේරෙන්නෙ නෑ ඊළඟට මොනා වෙයිද කියලා.


"ඕහ්.. ඔයා ගෙදරද ?"


එයා ශොපින් ගිහින්ද කොහෙද මොනාද මංදා මළු වගයක් උස්සන් ඉන්නවා. මං ඉතින් මුකුත් නොකියා බලන් හිටියා.


"ඇයි ආවේ ?"


"තමුන්ට ඉතින් හොඳක් කරන්න ගියාමත් ලොකුකමනේ. මේක ගන්නවා 😒."


එහෙම කියලා රාදිතා මට දික් කලේ ලියුම් කවරයක්. සුදු පාට ලියුම් කවරෙක රෝස පාටින් හාට් එකක් අලවලා. එකපාරටම ඒක අනිත්පැත්ත හරවද්දි මං දැක්කේ අග කොනේ 'Heshan' කියලා කියලා තියනවා. මං ඒක ගත්තට එතනම කඩන්න ගියේ නෑ. ඒත් හේෂාන් ඇයි මට මේ විදිහට ලියුමක් දෙන්නේ. එයා දැන් රාදිතා මැරි කරන්න ඉන්නේ. එහෙම එකේ මෙහෙම හාර්ට් අලවලා එවන්නේ.


"ක..කව්ද මේක දුන්නේ 😨 ?"


"හේෂාන් කියලා English වලින් නම ගහලා පේන්නෙ නැද්ද. තමුන්ගෙ ඇස් පොට්ටද ?"


මගෙ ඇස් දෙක නම් පේනවා. ඒත් මේක මට විශ්වාස කරගන්න බෑ. හේෂාන් මං එක්ක Giveup වෙලා ඉවරයි. දැන් අවුරුදු දෙකකට කිට්ටුයි.


"ඒත් ඇයි එයා මට එහෙම ලියුමක් එවන්නේ ?"


‍එහෙම කියලා මං දස අතේ කල්පනා කරද්දි රාදිතා ගස්සගෙන හැරුණා. මගෙ ගෙදරට ඇවිත් මටම ලොකුකම්.


"මට ඕනි නෑ මේ ගුබ්බෑයම අස්සට එන්න. හේෂාන් ඕක දෙන්න කිව්ව නිසා මං දුන්නේ."


මාරම ලොකුකමක් නේ. හේෂාන්ව අල්ල ගත්තා කියලා අඩි දහයක් විතර උඩින් යන්නේ. අනික දැන් මෙයා යුවසිංහ පරම්පරාවේ අනාගත ලේලිනේ. ඉතින් මාත් පොඩි ලේලි නේ.


"තමුන් තාමත් හේෂාන් හදලා දුන්න ගෙදර වැටිලා ඉන්නවා නේද. හිතක් නැද්ද මේ ගෙදර ආපහු එයාටම දෙන්න. අර කාර් එකත් ඒ හේෂාන්ගෙ සල්ලි වලින් නේ අරන් දීලා තියෙන්නේ. ඔය ඇඳන් ඉන්න ඒවා පවා. ලැජ්ජාවක් නැතුව තාමත් එයාගෙ මත්තෙ වැටිලා නේද ඉන්නේ. හැබැයි මං එයාව මැරි කළොත් එහෙම.. මේ සේරම නවත්තලා දානවා."


ඔව්.. මං තාමත් එයාගෙ මත්තේ. මට එකපාරටම නැගිටින්න බෑ. කොහෙන්ද මට සල්ලි ගෙයක් හදාගන්න. කොහෙන්ද මට සල්ලි වාහනයක් ගන්න. අඩුම ඉඩමක් වත් ගන්න.


"තාමත් මාසෙකට සැරයක් අකවුන්ට් එකට ලක්ෂෙ ගානෙ වැටෙනවා නේද ?"


"මං ඒ සල්ලි වලින් තඹ සතයක්වත් වියදම් කරේ නෑ රාදිතා. හේෂාන් මට තාමත් සල්ලි දැම්මා කියලා මට කරන්න දෙයක් නෑ. ඒවා මං බාරගන්නෙ නෑ. ඔයාට ඕනි නම් බලන්න. අද ඉඳන් එදා වෙනකම්ම මාසෙ ගානෙ එකතු වෙච්චි ලක්ෂ ගාන තාමත් ඒ විදිහටම ඇති. ඒක අඩුවෙන්නෙ නෑ එන්න එන්න වැඩි වෙනවා මිසක්."


මම සල්ලි පෙරේතියක් නෙවෙයි. එහෙම උනා නම් හේෂාන් දාන හැම ලක්ෂයක්ම වියදම් කරලා නැති කරලා දාලා. ඇත්තටම මට දැන් හිතෙනවා මේ සල්ලි ටික එකතු කරලා හේෂාන්ට ගිහින් දෙන්න. ඔව් මට ඒක කරන්නමයි හිතෙන්නෙ. එතකොට මට මේ රාදිතාගෙන් මුකුත් අහන්න ඕනි නෑනේ.


"අනාථ උනත් මාරම ලොකුකමක් නේද තමුන්ගෙ තියෙන්නේ."


එහෙම කියපු රාදිතා තරහින් පුපුර පුපුර යන්න ගියා. එයා එහෙම කියන්න ඇත්තෙ මං මගෙ සල්ලි වලින් ජීවත් වෙලා හේෂාන්ගෙ සල්ලි ඉතුරු කරන නිසා වෙන්න ඇති. ඒ මගෙ දැක්ම. මම පොඩි කාලෙ ඉදන් හැදුනේ අනුන්ගෙ දේවල් වලින්. අනිත් මිනිස්සුන්ගෙ සල්ලි වලින්. හැබැයි ඒ ඉරණම දැනුත් මට ඕනි නෑ.


රාදිතා කාර් එකේ ඉගිල්ලිලා වගේ යන්න ගියා..


මං ඉක්මනින් ඒ ලියුම් කවරෙ කැඩුවා. ඒකෙ කොළයක් හරි හතරැස් විදිහට නවලා තිබ්බා. ඉතින් මං ඒක දිග ඇරියා,


මෙලෝ සසරක් තේරෙන්නෙ නැති සුදු පාට පසු බිමක රතුපාට පෑනකින් කූටු බූටු ගාපු කොළයක්. රාදිතාට මාව විහිළුවක් වගේ පෙනුණද. මං දන්නවා හේෂාන් මෙවෙලෙ මට ලියුම් එවන්නෙ නෑ කියලා. රාදිතා දැන් හිතන් ඇති එයාගෙ මෝඩ ප්ලෑන් එකට මගෙ හිත ගොඩාක් රිදුණා කියලා. ඒත් මේ වගේ මොළේ කලඳක් නැති විකාර වැඩ කරනවට මං පොඩ්ඩක් වත් ආස නෑ. ඒ එක්කම මගෙ ෆෝන් එකට ආවේ Notification එකක්,


❝ මෝඩ කෙල්ල.. රැවටුණා නේද 😂 ❞


රාදිතාගෙ ඒ මැසේජ් එක. ඇත්තටම මෙයාට මොනාද ඕනි වෙලා තියෙන්නෙ කියලා මටවත් තේරෙන්නෙ නෑ. ඇත්තටම මොළේ පාගගෙන ඉන්න මෝඩකම ඉහවහා ගියපු කෙල්ලෙක්.


......


"තේෂාන්.."


අම්මව බලලා සාලෙට ආපු තේෂාන්ව දැකලා රාදිතා කතා කලා. කොල්ලට ඒ කපටි කෙල්ලව දැක්කම මරන්න තරම් තරහක් ආවේ. එදා තමන් ඉස්සරහා ඒ විදිහට හැසිරිලා දැන් ලැජ්ජ නැතුව ආයෙත් ඇවිත්.


"මොකටද තමුන් මෙහෙ ආවේ ?"


"මං ඉතින් ඔයාගෙ නෑනා නේ. එන්නෙ නැතුව කොහොමද මල්ලි."


එදා කිසිම දෙයක් නොවුණා වගේ රාදිතා අද තේෂාන් එක්ක කතා කරනවා. එයාටත් පුදුමයි මේ ලස්සන රඟපෑම ගැන.


"තමුන් රඟපාන්න එපා. මං දන්නවා තමුන් කව්ද කියලා."


"මොනාද මල්ලි මේ කියවන්නේ. හේෂාන්ට ඇහුණොත් ඔයාට පිස්සු කියලා හිතයි."


එහෙම කියපු රාදිතා හිමිහිට තේෂාන්ගෙ කනට ලං වෙලා,


"එදා මං කතා කරපු විදිහ වැරදියි තමයි. ඒ නිසා මට සමාවෙන්න. ආයෙ මං එහෙම කතා කරන්නෙ නෑ මල්ලි. ඇත්තටම මං මහා මෝඩ කෙල්ලෙක් 😩."


"රාදිතා.. තමුන් කිව්ව ඒවා මට අමතක නෑ."


"ඒවා අමතක කරන්නකෝ. මං කිව්වනෙ ආයෙ එහෙම වෙන්නෙ නෑ කියලා."


"තමුන් මින්දිට මොනාද කලේ.."


"කවද්ද ?"


"ඊයෙ මින්දි සුයිසයිඩ් කරගත්තා. ඒක එයා කරගත්තු එකක්ද නැත්තම් තමුන් කරපු එකක්ද ?"


"අනේ මං මිනීමරුවෙක් නෙවෙයි තේෂාන් 😓."


රාදිතා බොරුවට ඇස් වලින් ආපු කඳුලුත් පිහදගෙන තරප්පු පෙළ දිහා බැලුවා. බැලින්නම් හේෂාන් එතෙනට වෙලා හිටන් ඉන්නවා. කිව්ව ඒවයින් මොනා ඇහුණද කියලා කෙල්ලගෙ හිත දෙගිඩියාවෙන්.


"හේෂාන්.."


රාදිතා මූණත් අවුල් කරන් පඩිපෙළ බැහැපු කොල්ලගෙ ඇඟේ එල්ලුනා. තේෂාන් කට වහ ගත්තේ අයියා ඉස්සරහා රාදිතාගෙ වැරදි කියලා වැඩක් නෑ කියලා දන්න නිසා.


"ඇයි මේ හදිස්සියේ ආවේ ?"


"මට මේක ඔයාට දෙන්න ඕනි උනා හේෂාන්."


රාදිතාගෙ අතේ තිබ්බ රෝස පාට බෑග් එකක් හේෂාන්ගෙ අතට දුන්නා. එයා එතනම ඒක ඕපන් කරලා බැලුවා. බැලින්නම් සුදු පාටට හුරු ක්‍රීම් පාට ශර්ට් එකක්. එයා සුදු පාට හැර කිසිම පාටක් ඔෆිස් එකට අඳින්නෙ නෑ. ගමන් බිමන් අඳින්න ශර්ට් ගොඩාක් දුරට පාවිච්චි වෙන්නෙත් නෑ.


විශේෂයෙන්ම ලා පාටවල් අඳින්න එයා ආස නෑ. මේ හැමදෙයක්ම අකුරක් නෑර මින්දි දන්නවා..


"හ්ම්.. Thank You රාදිතා. ඒත් මතක තියාගන්න. මං ඔෆිස් අඳින්නේ White or Black විතරයි."


"අහ්.. ඔයා මට මේ දේවල් කියලා නෑනේ. ඉතින් මං දන්නෙ නෑනෙ. මං ගෙනාවා."


"ඒකට කමක් නෑ. මං මේක අඳින්නම්."


ශේප් වෙන්න කොල්ලා එහෙම කිව්වා. රාදිතා ඉතින් හේෂාන් ගැන මොනාද දන්නේ. එයාගෙ නම හේෂාන් යුවසිංහ, ගෲප් එකේ CEO එයා කියලා විතරමයිද කොහෙද දන්නේ. ඒකට මින්දි එයා ආස කෑම, ඇදුම් වගේම අනිත් හැම දෙයක් ගැනම දන්නවා. කරන්න දෙයක් නෑ. රාදිතා හේෂාන්ගෙ මූණ දිහා බැලුවට අඳින්නෙ මොනාද කියලා වත් දකින්නෙ නැතුව ඇති.


"අහන්නකෝ.. මං.. අද.. මින්දිව බලන්න ගෙදර ගියා. එයා සුයිසයිඩ් කරගන්න ගියා කිව්වනේ. ඒ නිසා පොඩ්ඩ්ක්...."


"මොකටද එහෙ ගියේ ?"


හේෂාන් යකෙක් ආවේස වෙලා වගේ රාදිතාගෙන් අහද්දි කෙල්ල ගැස්සිලා ගියා.


"එ.. එයාට අමරුයි කියලා කිව්වනේ."


"මම යන්න කියලා කිව්වෙ නෑනේ.. අනික කොහෙන්ද ගෙදර Address එක. මොකටද එහෙ යන්නේ. මින්දි එක්ක සම්බන්ධකමක් තියනවා නම් තියෙන්නෙ මට. නැතුව ඔයාට නෙවෙයි. ඔයා මගෙ ෆියන්සි විතරයි. එහෙම එකේ ඔයා මින්දිට ඔච්චර කෙයා කරන්නෙ ඇයි."


තේෂාන් සද්ද නොකර එතනින් මාරු උනේ කිචන් එකට ගිහින් වතුර එකක් ගේන්න. තරහා ගියපු අයියට දෙන්න. නැත්තම් ලෙඩ උන එයා තරහා ගිහින් මැරෙන්නෙ. මේ රාදිතාගෙ වැඩ නිසා.


"ම..මං යාළුකමටයි ගියේ 🥺."


"යාළුකම.. මොකක්ද ඔයයි මින්දියි අතර තියන් යාළුකම. එහෙම එකක් අද වෙනකම් තිබුණේ නෑ. සේරටම කලින් කියනවා කොහෙන්ද ඒ ගෙදර Address එක හොයා ගත්තේ ?"


රාදිතාගෙ ඇස් වල කඳුළු. හේෂාන්ට තේරෙන්නෙ නෑ මේ කිඹුල් කඳුළුද නැත්තම් ඇත්තටම එන සාධාරණ කඳුළුද කියලා. ඒ උනාට දැනටමත් හේෂාන්ගෙ හිතේ තියන රාදිතාගෙ විශ්වාස 50% ක්ම ගිලිහිලා ඉවරයි.


"ඔයා දවසක් කාටද කෝල් කරද්දි කිව්වා ඇහුණා. මට ඒක මතක තිබ්බා. No 26 කියලා."


"මගෙ කෝල්ස් අහන් ඉන්න ඔයා මගෙ වයිෆ් නෙවෙයිනේ. අනික මේ මගෙ පර්සනල් දේවල්. මින්දි සම්බන්ධ මගෙ ලයිෆ් එකට විතරයි. නැතුව ඔයාට නෙවෙයිනේ. ප්ලීස් රාදිතා ඔයා මගෙ පර්සනල් ලයිෆ් එකට ඇඟිලි ගහන්න එන්න එපා. විශේෂයෙන්ම මින්දි ගැන. එයාව මට හොරෙන් මීට් වෙන්න යන්න ඔයා කව්ද. ඔයාට එහෙම උවමනා නම් මගෙන් අහන්න තිබුණා."


"ඒත්.."


"මින්දි මගෙ Ex ගර්ල්ෆ්‍රෙන්ඩ්. අම්මා තාත්තා නැති එයාට තාමත් මට අයිතිය තියෙනවා. ඔයා දන්නවනෙ එයාගෙ Sibling කෙනෙක් විදිහට මම අයිතිය අරන් ඉන්නෙ. අවුරුදු 10 ක් පුරාවටම. අදටත් එහෙමයි. ඒ ගෙදර, ඒ හැමදෙයක්ම මගෙ නමට තියෙන්නෙ..."


බිත්තියට වාරු උන රාදිතාගෙ මූණට හේෂාන් ලං උනේ නොහිතපු විදිහට. කෙල්ල මීට කලින් මෙහෙම බැනුම් අහලා නෑ. මේ එයාගෙ පළවෙනි වතාව. හේෂාන් කියන්නෙ කව්ද කියලා දැනගන්න.


"මින්දිත් මගෙ නමින් ඉන්නේ. එයා අනාථ කෙල්ලෙක් නෙවෙයි. ඒක හොඳට මතක තියා ගන්න."


"ඉතින් මං.. මින්දි අනාථ කෙල්ලෙක් කියලා කිව්වෙ නෑනේ."


"ඔයා එහෙම හිතන් ඉන්නවා නම් ඒක අමතක කරන්න."


"ඒත්.. ඔයා මාව මැරි කරාට පස්සෙත් මින්දිගෙ භාරකාරයා වෙනවද. ඒකට මං කැමති උනත් අපේ ෆැමිලි එක කැමති වෙන එකක් නෑ."


"ඒක මං බලාගන්නම්. මට ඔයාගෙ ෆැමිලි එකෙන් වැඩක් නෑ රාදිතා. ඔයා මාව මැරි කරාට පස්සෙ ඔයත් යුවසිංහ කෙනෙක් නේ. හැබැයි මෙතන ඔයාට හිතෙන විදිහට නටන්න බෑ. මේක මගෙ තැන. මේක මගෙ ගෙදර. අවසානෙට ඔයාට එන්නෙත් මගෙ නම... හොඳට මතක තියාගන්නවා. මින්දිගෙ ගෙදර ගියොත් හරි ඒ කෙල්ලට මොනා හරි කියලා තිබ්බොත් එහෙම මං ඔයාගෙ කකුල් දෙක කඩලා දානවා."


"ඔයා මට ඔහොමද කතා කරන්නෙ හේෂාන් 😫."


රාදිතා ගේ දෙකක් වෙන්න කෑ ගහද්දි ශෂීන්ද්‍ර පල්ලෙහාට දුවන් ආවා. රාදිතා තාත්තව දැකලද කොහෙද තවත් අඬනවා.


"මොකක්ද ලොකූ මෙතන වෙන්නේ. ඇයි මේ රාදිතා දුව අඬන්නේ ?"


රාදිතා බයේ වගේ අත් දෙකත් ගුලි කරන් අඬනවා. හේෂාන්ට ආපු තරහට කොල්ලා ආයෙ බලන්නවත් ගියෙ නෑ සෝෆා එකෙන් ඉඳගත්තා මිසක්. ඒ අතරේ තේෂාන් ඉක්මනින් දුවන් ඇවිත් අයියට ඇහැක් ගහලා වතුර එක දුන්නා. දැන් ඉතින් හේෂාන්ගෙ යකා ඉහළටම..


"තාත්තේ.. හේෂාන්ට කියන්න මට බනින්න එපා කියලා. මං හිතලා නෙවෙයි මින්දිගෙ ගෙදර ගියේ. එයා සුයිසයිඩ් කරගන්න ගියපු නිසයි ගියේ."


"දෝණි සුයිසයිඩ් කරගන්න ගියා 😨 ?"


තාත්තාට කවුරුත් මෙලෝ දෙයක් කිව්වෙ නෑ. ඊට පස්සෙ ඒ දෙන්නා බය වෙන නිසා. මේ රාදිතා මේං ගාලා කියලා දාද්දි තේෂාන්ගෙයි හේෂාන්ගෙයි පුටු රත් උනා.


"නෑ තාත්තේ.. එයා පොඩ්ඩක් අවුලෙන් හිටියේ. කළකිරිලා වගේ. ඉතින් මං මගෙ යාළුවා ගාවට එක්කන් ගියා ඉන්ස්ට්‍රක්ශන් එකක් දෙන්න."


"ඉතින් ඇයි චූටි මට කිව්වෙ නැත්තේ ?"


"තාත්තා වොරි වෙයි කියලා කිව්වෙ නැත්තේ ?"


රාදිතා පොඩි බබෙක් වගේ හේෂාන් දිහා හොරෙන් බල බල අඬනවා. ඉස්සර මින්දි අඬද්දි අහන් ඉන්නවත් බැරි තරම් හිත උණු වෙන කොල්ලගෙ හිත රාදිතාගෙ ඉස්සරහත් උණුවෙන්න වැඩි වෙලා ගියේ නෑ. තමන් නිසා එහෙම කෙල්ලෙක් අඬනවා බලන් ඉන්න එයාට බෑ.


"අඬන එක නවත්තන්න රාදී.."


හේෂාන් රාදිතා ගාවට ගිහින් ඒ කඳුළු ටික පිහ දැම්මා. දැන් නම් කෙල්ල Satisfied වෙලා ඉන්නේ. ඒත් හේෂාන්ගෙ හිත ඇතුලෙන් ගිනි ජාලාවක් වෙලා තියෙන්නේ. මින්දි සුයිසයිඩ් කරගන්න ගියපු නිසාවෙන්.


අලුත් දවසක් 🌞☁️🍃..


"ගුඩ් මෝර්නින් ළමායි.."


කව්ද මංදා ලස්සන කෝට් එකක් දාලා ඇඳපු කෙනෙක් ආවා. සමහරවිට මෙයා වෙන්න ඇති ගයාන් කියන්නේ. ඊයෙ ආපු නැති කෙනා. ඒත් ඇයි එයා ගුඩ් මෝර්නින් කිව්වේ. දැන් දහයටත් ලඟයි.


"ආ.. දැන්ද ආවේ.. ඊයෙ සර්ටත් තරහා ගිහින් හිටියේ ඔයා නැති නිසා."


අරුෂි මැඩම් එහෙම කියද්දි එයා මං දිහා බැලුවා. මං මීට කලින් ඉන්නවා එයා දැකලා නැතුව ඇති. මාත් ඉතින් පොඩ්ඩක් හිනා උනා.


"කව්ද අනේ මේ ප්‍රිටී ගර්ල් ?"


"ආහ්.. මේ ඉන්නෙ මගෙ ඇසිස්ටන් මිස් අමේලියා.. කොහොමද ලස්සනයි නේද ?"


"ඔව් නේ. ඒත් මේ අපේ සර්ගෙ බෙස්ටි නෙවෙයිද ?"


"ආහ් ඔව් එයා තමයි. ඔයා හරි ගයාන්."


එයා චොකලට් පාට උනාට ලස්සනයි. මං හිටියෙ හේෂාන් එක්ක නිසා මං දැක්කෙ සුදු කොල්ලො විතරයි. ඒත් දැන්......


"කොහොමද වයිෆ්ට ?"


"එයාට ටිකක් අමාරුයි අක්කේ. මං හිටියට බයයි මොනා හරි වෙයි කියලා."


"ඇයි මොකද උනේ ?"


එයා අපිට එහාපැත්තෙන් ඉඳගත්තා. අද දවසටම මං හේෂාන්ව දැක්කෙ නෑ. ඒකත් හොඳයි. මොකද එයා දකින දකින සැරේට මගෙ ඇඟත් එක්ක මොකක්ද එකක් වෙලා යනවා. හරියට නිකන් බයේ වෙවුලනවා වගේ. අද අර පිස්සු සෙකට්‍රිලා දෙන්නත් නෑ. නැත්තම් මෙහෙම මෙතන සයිලන්ට් එකේ තියෙන්නෙ නෑ.


"එයාගෙ කොන්දෙ අවුලක් තිබ්බ නිසා ඒක බලපෑවා කියලා ඩොක්ටර්ස්ලා කියන්නේ. එයාලා කියනවා සමහරවිට ආයෙ ඇවිදින්න බැරුව යයි කියලා."


"අයියෝ.. එතකොට ?"


"අනේ මංදා අක්කේ. වෙන දෙයක් බලන් මං ඉන්නවා."


"එහෙම උනොත් එයාව බලාගන්නෙ කව්ද ?"


"මටම තමයි ඉතින්. එයාට අම්මයි තාත්තයි නෑනේ. අපේ අම්මලත් බලන්නෙ නෑනේ."


"බබා හොඳින්ද ?"


"ඔව්.. කොල්ලා නම් මං වගේමයි."


"මං බලන්න එන්නම්කෝ. ලසන්දිට සිහිය එයිද ?"


"බලන්න ඕනි."


එයාලගෙ කතාව අහන් හිටපු මං ගැස්සුනේ ලසන්දි කියන නම ඇහෙද්දි. ඒ නම තියන ගෑනු ළමයෙක් අපේ අනාත නිවාසෙත් හිටියා. එයාට ඇවිදින්න බෑ.


ඉතිරිය :- https://telegra.ph/Spring-is-far-away---17-Part-2-08-17

Report Page