Spring is far away - 16

Spring is far away - 16

Sachy Collins
🚫 Do not copy or share without author's permission

වසන්තය තව දුර ඇති 🖤


Episode 16 | Suicide 2


Previous


"එක දවසක් අපේ ගෙදරට බාබා කෙනෙක් ආවා.. අර පාරෙ ඉන්න අනාවැකි කියන කෙනෙක්..."


එයා හැමදෙයක්ම මට කිව්වා. අවසානෙ තමා මට තේරුණේ රාදිතාව හේෂාන්ට කතා කරන්න හේතුව. මං කිසි දෙයක් නැති, අඩුම ගානෙ අම්මෙක් තාත්තෙක් වත් නැති ගෑනු ළමයෙක්. එහෙම එකේ හේෂාන් මට අයිති වෙන්නෙ නෑ. එයාට ගැලපෙන්නෙ රාදිතා වගේ උගත්, රූමත්, පොහොසත් කෙල්ලෙක්..


"දන්නවද මින්දි.. එයා තව දෙයක් කිව්වා."


මං ඇස් වලින් වැටුණ කඳුළු පිහද ගද්දි එයා මං දිහා අනුකම්පාවෙන් වගේ බැලුවා. මේ හැම දෙයක්ම දන්නවා නම් මං හේෂාන්ට කිසිම විටෙක දොස් පවරන්නෙ නෑ.


"ඒ බාබා කිව්වා.. අපේ අම්මගෙ නැතිවුණ දුව.. ආයෙ ඉපදිලා කියලා.. ඒ ඔයා.."


"මොකක් 😨 ?"


අවුරුදු විසි නවයකට කලින් ලියුකේමියා නිසා නැති උන හේෂාන්ටයි තේෂාන්ටයි නංගියෙක් උන ඒ ගෑනු ළමයා මමද. ඕවා මං විශ්වාස කරන්නෙ නෑ පොඩ්ඩක් වත්. එහෙනම් ඇයි හේෂාන් මට අයියා කෙනෙක් වගේ නොපෙනී මට ආදරවන්තයෙක් උනේ ?


"මං ඕවා විශ්වාස කරන්නෙ නෑ තේෂාන්."


"මාත් විශ්වාස කරන්නෙ නෑ. එදා ඒ පිස්සු මිනිහා ඇවිත් මේ හැමදේම කිව්වට පස්සෙ අයියයි අම්මයි අතර ප්‍රශ්න උනා. ඒ කාල සීමාවෙ තමයි රාදිතාව අපේ අයියාට කතා කලේ. ඒ කෙල්ල ආපු දවසෙ ඉඳන් අපේ ෆැමිලි එක අවුල් උනා මින්දි. අම්මා වෙනදා නැතුව ලෙඩත් උනා. අයියත් පිස්සෙක් වගේ වෙනස් උනා."


හේෂාන් වෙනස් වෙන්න හේතුව මේකද. ඒ තරම්ම මට ආදරේ කරාද. එහෙනම් ඒක වෙන්න ඇති එයා රැවුලත් වවාගෙන අවුලෙන් වගේ ඉන්නෙ. එයාට මං ඇර රාදිතා එක්ක ඉන්න අමාරු ඇති. එයාට වෙනස් වෙන්න අමාරු ඇති.


"අයියා ඔයාට ගොඩාක් ආදරේ කරලා මින්දි. එයා රාදිතා අක්කා එක්ක ඉන්න මේ අවුරුදු දෙකට හරි හුරු උනේ බොහොම අමාරුවෙන්."


"රාදිතා හේෂාන්ට ආදරෙයිද ?"


"ඔව්.. එයා නම් ඇඟේ එල්ලිලා ඉන්නේ."


"හේෂානුත් රාදිතාට ආදරෙයිනේ ?"


"වෙන්න ඇති. දෙන්නා ඉස්සරට වඩා එකතුයි දැන්."


එහෙනම් එච්චරයි. මං ආස නෑ එයාට සැනසීමක් නැති තැනක එයා ඉන්නවාට. රාදිතා ගාව එයා හොයන සතුට කොහොම හරි තියනවා නම් මට ඒ හොඳටම ඇති.


"ඔයා තවත් අයියා ගැන හිතන්න එපා. එයා රාදිතා අක්කව මැරි කරන එක වෙනස් වෙන එකක් නෑ. මොන දේ උනත් ඒක වෙනවා."


"හ්ම්ම්.."


එයා හරි. ඒත් මට ඒ මතකෙන් මිදෙන්න බෑ. ඒ මදිවට මගෙ උගුර හොඳටම රිදෙනවා. තේෂාන් මං රහසින් වගේ කියන ඒවා කොහොම තේරුම් ගන්නවාද මංදා. තවත් කතා කරන්න බැරි නිසා මං සද්ද නොකර හිටියා. ඒත් තේෂාන්ගෙන් මට අහන්න ඕනි දෙයක් තිබ්බා.


"තේෂා... අහ්..."


මට කැස්සක් අල්ලපු නිසා මං බිමට නැවුණා. ඒ එක්කම තේෂාන් ඇවිත් මගෙ අතින් අල්ල ගත්තා. දැන් එයා මට බනීවි කතා කරා කියලා.


"කතා කරන්න අමාරු නම් කතා කරන්න එපා."


"නෑ.. එහෙම්ම.. නෑ."


තේෂාන්ගෙ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගැන මට අහන්න ඕනි. අම්මා කිව්ව විදිහට එයා ඒ නිසා ගොඩාක් දුක් විඳලා. එහෙම තමයි මට තේරුණේ.


"ඔයාගෙන් මට අහන්න දෙයක් තියනවා."


"කියන්න."


"ඔයා ගෑනු ළමයෙක් නිසා ගොඩක් දුක් වින්දා කිව්වේ ?"


එයා මං දිහා තත්පර ගාණක් බලන් හිටියා. මං ඉක්මනින් බිම බලාගත්තා. සමහරවිට එයා අකමැති ඇති මං ඒ ගැන අහනවට. ඒ තරම්ම ඒ කාරණාව එයාව රිද්දනවා ඇති.


"මං ආස නෑ ඒවා මතක් කරන්න."


"ක.. කමක් නෑ.. එහෙනම්.. අපි යමු."


මං එහෙම කියලා ගියේ කාර් එකේ දොර අරින්න. එයා ඒවා කියන්න අකමැති නම් මං මොනා කරන්නද. බලෙන් අහන්න බෑනේ. ඒත් මගෙ අත උඩින් අතක් ඇවිත් මං දොර අරින එක නැවැත්තුවා.


"කිව්වනෙ හිතේ ප්‍රශ්න තියන් ඉන්න එපා කියලා."


මං එයා දිහා හැරිලා බැලුවා. මගෙ හිතේ දැන් තියන එකම ප්‍රශ්නෙ එයාගෙ කලින් කතාව ගැන. එයා කොහොමද දන්නේ මං ඒක අහන්න බැරි නිසා කට වහ ගත්තා කියලා.


"ඔයාට ඒක අහන්නම ඕනි නම් කියන්න."


"ඔව්.."


මාත් වැඩි වෙලාවක් යන්නත් කලින් එයාට ඔව් කිව්වා. මට ඒක ලොකු ප්‍රශ්නයක්. මං එකපාරටම ඔව් කිව්ව එක එයාට ලොකු ප්‍රශ්නයක්.


"අපි දෙන්නා හම්බුණේ කැම්පස් එකේදි."


එයා ආයෙමත් කාර් එකට හේත්තු වෙලා මට කතාව කියන්න ගත්තා. එයා මගෙ හිත නිදහස් කරා වගේ එයාගෙ හිතත් මට නිදහස් කරන්න ඕනි. ඉතින් මම අහන් හිටියා.


"එයා මට ආදරෙන් හිටියා. හැබැයි තර්ඩ් ඉයර් යද්දි එයා වෙනස් උනා. මං එක්ක රණ්ඩු වෙන්න ගත්තා. පස්සෙ මං හේතුව හෙව්වා. අවසානෙ ඒකෙ හේතුව උනේ මගෙ ආදරේ එයාට දැනෙන්නෙ නෑ කියලා."


"දැනෙන්නෙ නෑ කිව්වෙ ?"


"මං එයාට ආදරේ කලා. හැබැයි එයා හැමවෙලේම කෝල්ස් අරගන්න එක, මැසේජ් දාන එක, මාව සැක කරන එක මට වදයක් උනා. අනික මං ස්ටඩීස් වලට තමයි ගොඩක්ම ඇටෙන්ශන් එක දුන්නේ. මගෙ ලොකුම හීනෙ මගෙ තාත්තගෙ හීනේ. එයා ආසයි මං ඩොක්ටර් කෙනෙක් වෙනවා බලන්න. ඒ නිසයි මට ඒ හීනෙ හැබෑ කරන්න ඕනි උනේ. ඉතින් මට එයා ගැන බලන්න බැරි උනා. අන්තිමට එයා වෙන පිරිමි ළමයෙක් එක්ක Affair එකක් පටන් අරන් මාව දාලා ගියා."


මං දන්නෙ නෑ කාගෙද වැරැද්ද කියලා. ඒත් තේෂාන් පව්. මාත් ආස නෑ මට වද දෙන අයට. විශේෂයෙන්ම සැක කරනවට. ඒක තේරුම් ගන්න බැරි අයට යන්න දුන්නා නම් එච්චරයි.


"එයා මට හම්බුණේ නෑ ආයෙ."


"කවදාවත්ම ?"


"හම්බුණා මීට අවුරුදු තුනකට කලින්. මං දුර පළාතක හොස්පිටල් එකක වැඩ කරේ. පස්සෙ තමයි තාත්තා මාව මේකට දැම්මේ. ඒ හොස්පිටල් එකේ ඉද්දි එයා ආවා. ඒ වෙද්දි එයා ප්‍රෙග්නන්ට්. එයා මාව දැකලා කතා කරා. කැම්පස් එකේ හිටපු කෙනා එක්ක Affair එක නැවතිලා ප්‍රෙග්නට් උන නිසා."


හොඳ වැඩේ. හරියට තේරුම් ගන්න බැරි මිනිස්සුන්ට අවසානෙ වෙන්නෙ ඔය වගේ දේවල් තමයි. මොනා උනත් ඒ ගෑනු ළමයාට තේෂාන්ගෙ අගේ තේරෙන්න ඇති.


"මාස හතක් විතර යද්දි එකපාරටම බබා නැති උනා."


"ආ 😦 ?"


"ඔව් මින්දි.. අපි චෙක් කරා. එයාගෙ බඩේ ලොකු ගෙඩියක් ඇවිත් නිසා තමයි දරුවා නැති වෙලා තියෙන්නේ. අන්තිමට එයා මානසිකව පවා වැටුණා. අපිට එයාගෙ සර්ජරි එක ඉක්මන් කරන්න උනා. මොකද ඒ ගෙඩිය පිපුරුණොත් එයා මැරෙනවා. ඒ වෙද්දි එයා ගොඩාක් අමාරුවෙන් හිටියේ. සර්ජරි එක සාර්ථක වෙන්නත් ඉඩකඩ තිබ්බේ 10% වගේ. මං ගොඩාක් බය උනා එයාගෙ ජීවිතේට මොනා හරි වෙයි කියලා."


එයාට ඇඬුනා මං ඉස්සරහාම. හිතට ලොකු දුකක් දැනුණා. ඉතින් මං එයාගෙ කඳුළු පිහලා දැම්මා. එතකොටම එයා පුදුමෙන් වගේ මං දිහා බැලුවා. මම ඉස්සර ඉඳන් මෙහෙමයි. මම අඬද්දි මගෙ කඳුළු පිහින්න කවුරුත් නැති උනත් මම අනුන් අඬද්දි නිකන් ගල් පිළිමයක් වගේ බලන් ඉඳලා නෑ. තේෂාන් කියන්නෙත් මං වගේම මනුස්සයෙක්.


"මමයි මගෙ අත් දෙකෙන්ම එයාගෙ සර්ජරි එක කරේ. ඒත්.. මට එයාව බේරගන්න බැරි උනා."


"අඬන්න එපා."


පිරිමි ළමයෙක් ගෑනු ළමයෙක් වගේ ඉකි ගහලා අඬන්නෙ නෑනේ. එයාගෙ දුක ඒ සුදු පාට කම්මුල් වලින් බේරිලා ගියා. මට එයාගෙ කතාව අහන්න ඕනි උනත් ඒක එයාට මෙහෙම දුකක් ගේනවා කියලා දන්නවා නම් මං ඒක අහන්නෙ නෑ කීයටවත්.


"එයා ඉන්න තැනක දැන් සතුටින් ඇති.. පොඩි බබෙක් වෙලා."


මට කතා කර ගන්න බැරි උනත් මං අමාරුවෙන් එයාට කිව්වේ එයාගෙ හිත සනසන්න. මං දන්න හැටියෙන් යුවසිංහ මිනිස්සු ලේසියකට අඬන අය නෙවෙයි. එයාලා දුක් විඳලා මේ තැනට ආපු මිනිස්සු. විශේෂයෙන්ම ශෂීන්ද්‍ර යුවසිංහ. ඒ වගේම ඒ පුතාලා දෙන්නත් ශක්තිමත්. මං ඒක දැනගත්තෙ හේෂාන්ගෙන්.


"Im sorry මින්දි මං ඔයාට කලින් කෑ ගැහුවට. මං ආස නෑ ඔයා වගේ අය නැති වෙනවට."


"මං.. ආයෙ එහෙම කරන්නෙ නෑ.. තේෂාන්."


"මොලයක් තියෙන්නෙ යූස් කරන්න නේ. මොකක් හරි ප්‍රශ්නයක් උනොත් මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න. ඔයාට ෆ්‍රෙන්ඩ් කෙනෙක් හරි ඉන්නවා ඇතිනේ. එයාට කියන්න. නැත්තම් මට කියන්න. විසඳුමක් දෙන්න පුළුවන් නම් මං දෙන්නම්."


"හ්ම්.."


"ඒ වගේම... පරිස්සම් වෙන්න... රාදිතාගෙන්."


"ඇ..ඇයි එහෙම කියන්නෙ 😨 ?"


"රාදිතා ඔයා හිතන කෙනා නෙවෙයි මින්දි. එයා ඔයාට කරදරයක් කරන්න ඉඩ තියෙනවා."


ඒ කියන්නෙ තේෂාන්ටත් තේරිලා තියනවා රාදිතාගෙ වෙනස. එහෙනම් මට දැන් කරන්න තියෙන්නෙ එක දෙයයි. හැමදෙයක්ම තේෂාන්ට කියන එක. ඒත් මට දැන් ඒක කරගන්න බෑ. හේතුව මට හරියට කතා කරගන්න බෑ දැන්. මේ චුට්ට කතා කරලත් මගෙ උගුර රිදෙනවා.


"අපි යමු."


එහෙම කියලා එයා කාර් එකේ දොර ඇරියේ මට නගින්න කියලා. මං මුකුත් නොකියා නැග්ගා. මට සතුටුයි තේෂාන් එයාගෙ කතාව මට කිව්ව එකට. දැන් නම් එයාගෙ මූඩ් එක ටිකක් හොඳයි. පැය භාගයක් විතර යද්දි එයා මාව ගෙදරින් බස්සලා, පියසීලි මාමටත් මොනාද කියලා යන්න ගියා.


අලුත් දවසක් 🌞☁️🍃..


"ඇයි තාම මිස්ටර් ෆර්නැන්ඩෝ නැත්තේ ?"


"අනේ මංදා. එයාගෙ වයිෆ්ට අමාරුයි කිව්වා. සමහරවිට හොස්පිටල් එකේද දන්නෙ නෑ."


මං උදේම ඔෆිස් ගියා. අඳින්න එකක් තිබ්බෙ නෑ. ඉතින් ටයිට් දිග ගවුමකට කෝට් එකක් දැම්මා. දැන් ඔෆීෂියල් නේ. 9.00 ට ගෙන්නපු අපි තාම මීටින් රූම් එකේ. අර කව්ද ෆර්නැන්ඩෝ කියලා කෙනෙක් ලේට් වෙලා නිසා පැය කාලක්ම නිකරුණේ නාස්ති වෙලා ගියා.


"සර්ත් ගියා ගියා මයි තාම නෑ."


හේෂාන් දැන් ටිකකට කලින් ඇවිත් කට්ටිය ආවද අහලා මට රවාගෙන ගියා. රැව්වෙමත් නෑ ඉතින් ඒ එයාගෙ හැටිනේ. ආයෙ ආවෙ නෑ. හැබැයි මට දැන් පේනවා වීදුරුවෙන් එයා එනවා. මුකුත් නොකියම මං බිම බලන් හිටගත්තා. කම්පැනි එකේ බොස් එද්දි ඉතින් ඉඳගෙන ඉන්න බෑනෙ.


"ගයාන් ආවෙ නැද්ද ?"


"නෑ සර්. සමහරවිට එයාගෙ වයිෆ්ට අමාරු වෙන්න ඇති."


"හ්ම්.. Sit Down."


මං ඉඳගෙන කෝකටත් ස්ටිකි නෝට් බුක් එකක් අරගත්තේ මට අදහසක් ආවොත් කියන්න. කට අරින්න බෑනෙ උගුර තුවාල වෙලා නිසා. ඩොක්ටර්ත් බේත් ගොඩාක් දුන්නා. ඒ ටික බොන්නෙත් අමාරුවෙන්. ඊයෙ තේෂාන් එක්ක කතා කරාට මට අද නම් කට අරින්නත් බෑ වගේ. බත් කන්නත් බැරි නිසා සුප් එකක් බීලා ආවේ. දැනුයි මට තේරෙන්නෙ මගෙ මෝඩ මොළේ ගැන.


"හදිස්සි කාරණාවක් නෙවෙයි. මේ Sunday අපේ ඕසී වල ඉන්න ලොකු අප්පච්චි එනවා. නිම්නාදියි සශිකයි එයාගෙ පුතයි එක්ක. අපි ඒකට ග්‍රෑන්ඩ් පාර්ටි එකක් ඕගනයිස් කරන්න ඕනි. ඒ පාර්ටි එකේ ඕගනයිසේෂන් එක ඔයාලා කට්ටිය කරන්න ඕනි. මේක අනිත් එම්ප්ලෝයිස්ලට දුන්නට හරියට වෙන්නෙ නෑ. අනික මෙතන ඉන්න ඔයාලා තමා එදාට මං එක්ක මේ පාර්ටි එකට යන්නේ."


"එතකොට සර්.. මේ ගෲප් එක විතරද. අපි දහදෙනා විතරක්ද ?"


රාදිතා එනවා කියලා කියයි ඔන්න. ඒ සරුංගලේ හැම වෙලේම හේෂාන්ගෙ අතේ පැටලිලානේ තියෙන්නේ. අනිවාර්යයෙන් මොකක් හරි බාග කෑල්ලක් ඇඳන් එයි මාව අඬ වන්න.


"මගෙ ෆියන්සි එනවා."


හරියටම හරි. මේ මින්දි දෙයක් හිතුවොත් වරදින්නෙ නෑ ලේසියකට. දැන් එදාට ඇවිත් මොනවා මට කියයිද දන්නෙ නෑ.


"ආහ්.. Ok sir. එතකොට අපි මොන මොන දේවල්ද ඕගනයිස් කරන්න ඕනි ?"


"හැමදෙයක්ම. හොටෙල් එක පවා."


හැමෝගෙම කටවල් වැහුණා. බිස්නස් වැඩ කර කර ඉඳලම එකපාරටම මේ වගේ දෙයක් කිව්වම කට්ටියට අමුතුයි වගේ. මේ CEO ත් එකපාරටම විකාර නටනවනේ.


"ඔයාලට මොනා හරි දේකට Help එකක් ඕනි නම් මට කියන්න. මං කරන්නම්."


"හරි සර්."


"Organization එක ගැන ඩීටේල්ස් මං ඔයාලට තව ටිකකින් එවන්නම්. එතකන් තම තමන්ගෙ වැඩක් කරගන්න. ඒක හම්බුණට පස්සෙ ආයෙම මෙතෙනට ඇවිත් වෙන දේවල් ගැන කතා කර ගන්න."


"Ok sir."


හේෂාන් නැගිටලා යන්න ගියා. මටත් මගෙ රූම් එකට යන්න ඕනි. ලොකු වතුර තිබහක් එනවා. කොහෙද ඉතින් හේෂාන් නොපෙනී යනකම් ඉන්න එපැයි. මං අරුෂි මැඩම්ට තට්ටු කරලා අතින් පෙන්නුවේ යන්නම් කියලා. එයා ඔළුව වනපු නිසා මං ගියා. හේෂාන් පේන්න නෑ. එයා එයාගෙ ඔෆිස් එකට ගිහින්ද කොහෙද.


"ඇයි මට කෝල් අරන් වද දෙන්නෙ. ඔෆිස් එකේ නෙවේද ඉන්නේ ?"


"තේෂාන්ට කැමැත්ත දුන්නද මෝඩියේ."


"ඔව් ඉතින්."


"ඇයි එහෙම කරේ."


දැන් ඉතින් දුල්නෙත්මිගෙනුයි සංජානාගෙනුයි හොඳවයින් මට අහගන්න වෙයි. මං බයටත් එක්ක ඩබලට කිව්වෙ නැත්තෙ මං තේෂාන්ට කැමැත්ත දුන්නා කියලා.


"එහෙම උනොත් මට හේෂාන් ගාවට යන්න පුළුවන්."


"මොනාද මේ කියවන්නේ ?"


"නෑ මං කිව්වේ.. අර රාදිතා කියන්නෙ කව්ද කියලා හොයන්න පුළුවන් නේ."


"ඔව් ඒක නම් ඇත්ත. ඒත් ඔය තීරණය ගැන තව හිතලා බලන්න."


සංජානායි දුල්නෙත්මියි කියන්නෙ මගෙ බෙස්‍ටියො. මං එයාලට මගෙ යටින් දුවන ප්ලෑන් එකේ නියම පොයින්ට් එක කියන්න ඕනි. නැත්තම් මේ කෙල්ලොත් හිතයි මං තේෂාන්ව සල්ලි නිසා මැරි කරන්න හදනවා කියලා. දැනටමත් මගෙ ප්ලෑන් එකේ කොටස් තුනයි,


• රාදිතාගෙ ඇත්ත හොයාගන්න එක

• රාදිතා මට කරපු දේවල් තේෂාන්ට කියන එක

• තේෂාන් එක්ක එකතු වෙලා රාදිතාගෙ ඇත්ත ස්වරූපය හොයා ගන්න එක.


ඊටත් හපන් මගෙ අනිත් කාරණාව තමයි මගෙයි තේෂාන්ගෙයි වෙඩින් එක කඩන එක. මං අවසානෙ මේ සේරම නවත්තනවා. යුවසිංහලා මට මොනා කලත් කමක් නෑ. මට එහෙම අයියගෙ මල්ලිව මැරි කරන්න බෑ. මං තේෂාන්ට කැමැත්ත දුන්නේ මට රාදිතාගෙ ඇත්ත හොයන්නයි, ඒ නිසා හේෂාන්ට මොකක් හරි කරදරයක් වෙයිද බලන්නයි. මට හේෂාන් පේන මානෙ ඉන්න ඕනි. එයත් දන්නවා දැන් රාදිතා කියන්නෙ වෙනස්ම කෙල්ලෙක් කියලා. ඉතින් මට බය වෙන්න දෙයක් නෑ. තේෂාන් වගේම හේෂානුත් දන්නවා රාදිතා කියන්නෙ ඩබල් සයිඩ් කෙල්ලෙක් කියලා.


අවසානෙ මං මේ සේරම අතෑරලා ඉතුරු කරගත්තු සල්ලි ටිකත් එක්ක වෙන කොහෙ හරි ගිහින් ජීවත් වෙනවා. හේෂාන්ගෙයි තේෂාන්ගෙයි ලෝකෙන් මං අයින් වෙලා යනවා. කොටින්ම යුවසිංහ නම ඇහෙන්නෙ නැති දිහාවකට මං යනවා..


"හ්ම්.. කොහොමත් මං හිතන් ඉන්නේ අවසානෙ මේක කඩන්න."


"වට් 😨."


"ඔව්.. මට බෑ තේෂාන් එක්ක ජීවත් වෙන්න. මං අවසානෙ මේක නවත්තන්නයි හිතන් ඉන්නේ. ඊට කලින් මට රාදිතා කියන්නෙ කව්ද කියලා හොයා ගන්න ඕනි."


"යුවසිංහලා මොනා කරයිද දන්නෑ."


"එයාලා එහෙම අය නෙවෙයි. මං අවසානෙ අම්මටයි තාත්තටයි ඇත්ත කියනවා. එතකොට මං නිදහස්."


"අනේ මංදා. ඔයා කරන්න හදන හැම දෙයක්ම හිතලා බලලා කරන්න. මේක ජීවිතේ ගැන ගන්න තීරණයක්."


"හ්ම් හ්ම්."


........


ඇඟට අමාරු නිසා හේෂාන් මීටින් එකෙන් පස්සෙ ගෙදර ගියා. ඒ යද්දි තේෂානුත් සාලෙට වෙලා ඉඳන් ඉන්නවා. අම්මටත් හිටියට අමාරුයිනේ. තාත්තා ගෙදර හිටියට තේෂාන්ට බයයි. ඒ නිසා එයා හොස්පිටල් ගියෙ නෑ.


"අයියේ.."


"ඇයි ?"


නිදන් වගේ හිටපු එක්කෙනා හේෂාන් බලන් ඉඳලා යනවා දැකලා නැගිටලා කතා කරා. එයාට උවමනාව තියනවා අයියට ඊයෙ උන දේ කියන්න.


"මින්දි ඊයෙ සුයිසයිඩ් කරගන්න හැදුවා."


තේෂාන් දැක්කා හේෂාන්ගෙ ඇස් ගැස්සෙනවා වගේ. එයත් කීයටවත් බලාපොරොත්තු උනේ නෑ මෙහෙම දෙයක් අහන්න. ඒ නිසාම එයාගෙ අඩි හිමින් හිමින් ආයෙමත් සාලෙ පැත්තට ඇදුණා.


"මොකක්ද කිව්වෙ ?"


"ඔව්.. මං යද්දි එයා පැනඩෝල් බීලා කාමරේ වැටිලා හිටියෙ සිහි නැතුව."


"ඊට පස්සෙ ?"


"මං කතා කරලා කරලා සිහිය අරගත්තා. ඒ එක්කම එයාට වොමිට් උනා. පැනඩෝල් ගොඩක් බීලා."


තේෂාන් දැක්කා ඒ ඇස් කඳුළු පටලයකින් වැහිලා යනවා. කොහොමත් ඕක නොකියා හිටියත් කවදා හරි එළියට එනවනේ.


"හොස්පිටල් එක්කන් ගියාද ?"


"ඔව්.. දැන් කතා කරන්න බෑ. උගුර තුවාල වෙලා. ඩොක්ටර් කිව්ව විදිහට එයාගෙ ආමාශයත් තුවාල වෙලාලු. බත් එහෙම කන්න බෑ සුප් වගේ ඒවා විතරයි බොන්න පුළුවන්."


හේෂාන්ට කියා ගන්න දෙයක් නැති නිසා එතනින් යන්නයි ගියේ. ඒත් එයා මේකට හේතුව දන්නෙ නෑ. ඒ නිසා එයා තව දුරටත් තේෂාන් දිහා බලාගෙන හිටියා.


"එයා.. ඔයා රාදිතා එක්ක ඉන්නවා දැකලද කොහෙද Upset වෙලා තියෙන්නේ."


"ඒ කියන්නේ ?"


"ඊයෙ උදේ ඔයා රාදිතා අක්කා එක්ක මින්දි ඉස්සරහා මොනා හරි කිව්වද, නැත්තම් එයාගෙ හිත රිදෙන විදිහට හැසිරුණාද ?"


හේෂාන්ට මතක් උනේ රාදිතා එයාව කිස් කරපු විදිහ. ඒ නිසා මින්දිට අවුල් යන්න ඇති කියලා එයා හිතුවා. ඒත් ඒක කොල්ලා එයාගෙ කැමැත්තෙන් කරපු එකක් නෙවෙයි. හැබැයි,


එවෙලෙ රාදිතා දැක්කා මින්දි ඉස්සරහා ඉන්න බව. ඒ නිසාම එයාට හේෂාන්ව කිස් කරන්න ඕනි උනා. එයාට ඕනි මින්දිගෙ කඳුළු දකින්න නම් ඒ වෙනුවෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. හැබැයි හේෂාන් මේ බවක් දන්නවා නම්,


"මං මුකුත් කිව්වෙ නෑ. රාදිතා ඊයෙ මාව කිස් කලා. මගෙ කැමැත්තකිනුත් නෙවෙයි. මට හරි තරහයි ඒ කෙල්ල ඒ වගේ දේවල් කරනවට. විශේෂයෙන්ම මින්දි ඉස්සරහා."


"එහෙනම් ඒක වෙන්න ඇති මින්දි මෙහෙම කරගන්න හේතුව."


හේෂාන් හරියටම රාදිතා ගැන දන්නෙ නෑ, තේෂානුත් දන්නෙ නෑ. ඒ දෙන්නටම එකම වෙලේ එකම වාක්‍යක් විතරයි ඇහුණේ,


❝ ඔයා හිතන කෙනෙක් නෙවෙයි මං.. තේරුණාද ❞


❝ පුළුවන් නම් හේෂාන්ට කියනවා.. එයා පිළිගන්නෙ නෑ මැරුවත්.. එයාට ඔයාට තරම් වත් මොලයක් නෑනේ ඉතින් 😃 ❞


❝ හහ් හ්හ් ❞


ආන්න එතනින් තමයි අයියගෙයි මල්ලිගෙයි හිත් වල සැකයක් ඇති උනේ. ඒත් ඒ දෙන්නාට වඩා මින්දි දන්නවා රාදිතාට ඕනි මොකක්ද කියලා. ඒ තමයි මින්දිව රිද්දන එක. ඒ දවස් වල මින්දි හේෂාන් එක්ක එෆෙයා එකේ ඉද්දි රාදිතා එයාට කැමැත්තෙන් ඉන්න ඇති. ඒ නිසා තමයි එයාට ඒ තරම්ම මින්දිව රිද්දවන්න ඕනි,


❝ මගෙ තරහා තමුන් එක්ක නෙවෙයි. තමුන් මගෙන් උදුර ගත්තු හේෂාන්ගෙ ආදරේ එක්ක ❞


❝ තමුන්ට හේෂාන් ඒ කාලෙ ආදරේ කරපු තරම් ඒ කොල්ලා මට ආදරේ නෑ ❞


❝ දන්නවද මං ඒකාලෙ විඳපු දුක තමුන් හේෂාන් එක්ක ඉන්නවා බලාගෙන. ඒ දුක තමුන්ටත් විඳින්න දෙන්න ඕනි. මං තමුන්ව මැරෙනකම්ම රිද්දනවා. ඒකයි මේ රාදිතා එක්ක හැප්පෙන්න එන්න එපා කියන්නේ ❞


රාදිතා හේෂාන්ට උමතුවෙන්ද, එයාගෙ සල්ලි වලට උමතුවෙන්ද නැත්තම් යුවසිංහ ගෲප් එකට උමතුවෙන්ද කියලා මින්දිට හිතා ගන්න බෑ. එයාට රාදිතා ඉස්සරහට යන්න හයියක් නෑ. හේතුව ඒ කෙල්ල හැම වෙලේම මින්දිව අඬවන නිසා.


"ඔයා රාදිතා අක්කට පැහැදිලි කරලා දෙන්න අයියේ. මින්දි කියන්නෙ ඔයාගෙ Ex ගර්ල්ෆ්‍රෙන්ඩ්. ඒත් එයා ඉස්සරහා ඒ විදිහට හැසිරෙන්න හොඳ නෑ. මොකද මින්දි ඔයාව දාලා ගියෙ නෑනේ. ඔයා මින්දිව අයින් කරා මිසක්. අනික මින්දි නරක කෙනෙක් නෙවෙයි. එයා ඔයාට කිසිම වැරැද්දක් කරලා නෑ අයියේ. ඒ තරම්ම හොඳ කෙල්ලෙක්ට නරක විදිහට සලකන්න හොඳ නෑ.. එයා එහෙම නරක කෙල්ලෙක් නම් ඔයා රාදිතා අක්කා එක්ක එකතු වෙලා එහෙම හැසිරිලා රිදෙව්වට කමක් නෑ. ඒත් එයා ඔයාට අවංකව ආදරේ කරා අයියේ. එහෙම එකේ ඒ කෙල්ලට එහෙම සලකන්න එපා. රාදිතා අක්කටත් කියලා දෙන්න ඒක ඔයා."


"මටත් ඒක අවුල් ගියා තමයි. ඒකයි මං මින්දි දැක්ක ගමන්ම රාදිතාව තල්ලු කලේ."


"එයාව අවුරුදු 8 ක් ආශ්‍රය කරපු ඔයා ඇර වෙන කව්ද එයා ගැන දන්නෙ අයියේ. ඔයා දන්නවනේ එයා හරි සෙන්සිටිව් කෙල්ලෙක් කියලා. හැම එකටම හිත් රිද්ද ගන්නවා, අඬනවා කියලත් ඔයා දන්නවනේ. ඒ නිසා රාදිතා අක්කා එක්ක හැසිරෙද්දි මින්දි ගැනත් හිතන්න."


අද මීටින් එකේ කටක් වත් අරින්නෙ නැතුව හිටිය මින්දිව හේෂාන්ට නෝට් වෙලා තිබ්බේ. වෙනදට අරුෂි එක්කවත් කතා කරන කෙනා අද සද්ද නොකර කටත් තද කරන් හිටියා.


"එයාට බේත් එහෙම බොන්න දුන්නද ?"


"නෑ. සිරප් එකක් දුන්නා. උගුරෙ තුවාල හොඳ වෙන්න."


"හ්ම්.."


සෑහෙන්න නිහඬ විනාඩි කිහිපයකට පස්සෙ,


"ඔයා ආයෙ එයාව හම්බවෙන්න යනකොට කියන්නකෝ."


"ඇයි ?"


"සුප් එකක්වත් හදලා දෙන්න මං."


"අතෑරපු අය ගැන හොයන්නෙ ඇයි. දැන් එයා මගෙ ෆියන්සි නේ 😌."


"බූරු කතා කියන්න එපා. තමුසෙ දැන් එයාව මැරි කරන්න ඉන්නවා නම්, ඒ කෙල්ල ඉන්නෙ තනියම නම් ඒ ගැන හොයලා බලන්න එපැයි. ලෙඩ වෙච්ච තමන් මැරි කරන්න ඉන්න කෙනාට අඩුම වතුර ටිකක්වත් දෙන්න ඕනි. මෙතෙනට වෙලා ගල් ගිලපු සුදු ගෙම්බෙක් වගේ බලන් ඉන්නේ 😑."


"අම්මෝහ් හරි හරි 😂."


........................................................ 🖤 ...


මගෙ යකා අවුස්සගන්න එපා

- මීට හේසාන් 😅


රියැක්ට් කමෙන්ට් කරන අයට ආදරෙයි 🔥. කතාව විකාරයක් වගේ දැනෙයි මුල් ටිකේ. හේතුව මේ මගෙ පළවෙනි කතාව. ඒ වගේම මේක මම ලිව්වේ OL ඉවර උන ගමන්මයි 🥲


Sachy Collins

Report Page