Spring is far away - 17 (Part 2)
Sachy Collins
එයාලගෙ කතාව අහන් හිටපු මං ගැස්සුනේ ලසන්දි කියන නම ඇහෙද්දි. ඒ නම තියන ගෑනු ළමයෙක් අපේ අනාත නිවාසෙත් හිටියා. එයාට ඇවිදින්න බෑ. කොන්දෙ අවුලක් නිසා කොර ගගහා ගියේ. මෙයත් කිව්වනේ එයාගෙ වයිෆ් ලසන්දි, එයාගෙ කොන්දෙ අවුලක්, අම්මයි තාත්තයි නෑ කියලා. ඒ කියන්නෙ ඒ ගෑනු ළමයා..
"Excuse me.."
මං ඒ දෙන්නගෙ කතාවට බාධා කලේ ඒ ඩිරෙක්ටර් ගෙන් අහන්න. එයාගෙ වයිෆ් ඩෙෆ්නි ඕෆනේජ් එකේ හිටපු කෙනෙක්ද කියලා. කට ඇරියා විතරයි උගුර රිදෙන්න ගත්තා. ඒත් මං මෙහෙම ගොළුවෙක් වගේ හිටියොත් හැමදාටම ගොළුවෙයි.
"ඔයාගෙ වයිෆ් ලසන්දි වාසනා ද ?"
"ඔයා කොහොමද දන්නේ 😦 ?"
ඇත්තටම ඇයි මේ පිරිමි ළමයි අනාථ නිවාසෙක හැදුණ ගෑනු ළමයි තෝර ගන්නේ. හේෂාන් මාව තෝර ගත්තා වගේ. මං කියන්නේ ඒක අවුල් කියලා නෙවෙයි. සාමාන්‍යයෙන් ඒ වගේ දේවල් වෙනවා අඩුයි. මොන අම්මා තාත්තාද කැමති තමන්ගෙ පුතා අනාථ කෙල්ලෙක් බඳිනවාට.
"එයා ඩෙෆ්නි අනාත නිවාසෙද හැදුණේ ?"
"ඔ..ඔව්.."
"එයා මගෙ යාළුවෙක්. මාත් ඒකෙ තමයි හිටියේ."
අර දෙන්නා මූනට මූන බලා ගත්තා. එයාලා හිතන්න නැතුව ඇති මං අනාත නිවාසෙක හැදිලා තියෙන්නෙ කියලා. අනික ඔය ලසන්දිගෙ යාළුවෙක් කියලා.
"එහෙමද.. කියනකම් මම දන්නෙත් නෑ."
"එයාගෙ අසනීපෙ හොඳ නැද්ද තාම."
"අපි රටත් එක්කන් ගියා ඒක හරිගස්සන්න. ඒත් බෑ කිව්වා. ඒක පොඩි කාලෙ උන දෙයක්ලු."
"ඒ කිව්වේ ?"
"එයා අනාථ නිවාසෙට බාර දෙන්න කලින් ගෙදර ඉද්දි කොහෙන් හරි වැටිලා තියනවා. ඩොක්ටර්ලා කියන්නේ උස තැනකින් වැටිලා නිසා එයාගෙ කොන්ද ඇද වෙලා තියෙන්නෙ කියලා."
"ආහ්.. ඒක තමයි. දැන් මොකද එයාට ?"
"පැරලයිස් වෙලා ඉන්නේ. බර්ත් එකේදි එයාට ගොඩාක් අමාරු උනා. මට බය තියෙන්නෙ එයා ගැන. ඒ කාලෙ අපේ අම්මලත් මං එක්ක තරහා වෙලා හිටියා එයාව මැරි කරා කියලා."
හස්බන් උනාම ඉතින් වයිෆ්ට මොනා හරි වෙද්දි බය වෙන්නෙ නැතුවෑ. මොනවා උනත් එයා පව්. චූටි කාලෙ සිස්ටර්ලා ලසන්දිව ඩොක්ටර් කෙනෙක්ට කියලා චෙක් කරාම කිව්වලු ලොකු වෙලා එයාට බබාලා ලැබෙද්දි මේක අනතුරු දායකයි කියලා. මට මතකයි සිස්ටර්ස්ලා ස්ටාෆ් එකේ කතා වෙනවා. පස්සෙ කාලෙක එයා ජොබ් එකක් කරන්න කියලා ගියා ගියා විතරමයි ආවෙ නෑ. මං හිතන්නේ මේ ගයාන්ව හම්බුණාට පස්සෙ එයා ආයෙ එන්න නැතුව ඇති. හැබැයි හොඳයි. ඒ කෙල්ල එතන විඳපු දුක් වලට වඩා හස්බන් ගාව, මැරේජ් ලයිෆ් එකේ සැප විදිනවා නම්. ඒත් මෙහෙම උන එකට දුකයි.
"හෙලෝ ගායිස්.. ඔන්න අපි දැන් එන්නේ."
"මට බඩිගිනිත් වගේ අප්පා."
ඔන්න පිස්සු සෙකට්‍රිලා දෙන්නා ආවා. අපි කතාව නවත්තලා පැත්තකට උනා. ඒ එක්කම අනිත් මැනේජර් කෙනයි කට්ටිය ආවා. දැන් ඉතින් මෙතන මොළ ගෙඩි ටික පුටුවෙ තියාගෙන ඉඳගෙන නැට්ට පෑගිලා වගේ දඟලන්න ගන්නවා. මං අදහසක් දෙන්න ඕනි මොළේ හරි තැනට එන්න නම්.
ටික වෙලාවක් වැඩ කරන් ගියා. අද ගෙස්ට්ලා ලිස්ට් එකේ නම දාලා ඉතුරු වැඩ ටික කරනවා. රාදිතා විතරයි එනවා කිව්වේ. ඒ උනාට දැන් එයාගෙ තාත්තයි යුවසිංහ පවුලමයිත් එනවලු. මට ඉතින් ඒ අය ඉස්සරහා අමුතුවට රඟපාද්දි බාගෙට පිස්සු හැදෙනවා.
"ඇත්තටම දැන් නම් මටත් බඩිගිනියි වගේ මින්දි.. අපි මොනා හරි බොමුද වැඩ කරන ගමන්."
අරුෂි මැඩම් එහෙම කියද්දි මං ඔළුව වැනුවා. ඒත් මට කිසිම බඩිගින්නක් නෑ.
"ඒක හොඳ අදහසක්. හැබැයි අද කැන්ටීන් එක වහලා හොඳේ."
"එහෙනම් පාරෙන් එහා පැත්තෙ කැෆේ එකට වත් යන්න වෙයි නේද ?"
"ඔව්.. දැන් කව්ද මෙතනින් යන්නේ ?"
හැමෝම කියනවා අපිට වැඩ කියලා. අන්තිමට මම තමා ඉතුරු වෙන්නෙ. ඉතින් මට තමා පියන් වගේ කඩේට ගිහින් ඕවා අරන් එන්න වෙන්නේ.
"මින්දි.. ඔයාට අමාරුද ගිහින් එන්න ?"
"නෑ.."
"එහෙනම් ඔයාට යන්න පුළුවන්ද. මං සල්ලි දෙන්නම්."
"හා."
දමලා ගහලා වගේ බෑ කියන්න බෑ. ඉතින් ඒ නිසා මං හා කිව්වා. අරුෂි මගෙ අතට පන්දාහෙ කොළයක් දුන්නා. ඒ එක්කම කට්ටිය කිව්වා එයාලට ඕනි ඒවා..
මං ඉතින් අව්වෙම ගියා කැෆේ එකට. ඒක ඇතුළෙ හෙනට සෙනඟ. එකේක ජාතියේ විදිහට ඇඳගත්තු මිනිස්සු. සමහර අයගෙ ඇස් මගෙ පැත්තේ. මං ලස්සනයිද එයාලා මං දිහා බැලුවේ. ඒ උනාට මට මාව ලස්සන නෑනේ. ඒවයින් මට වැඩක් නෑනේ. බීම ටික ගන්න ඕනි.
"මිස් මොනාද බැලුවේ ?"
"අ.. මට ඇමෙරිකානො දෙකයි, කැපචිනෝ තුනයි, චොකලට් මිල්ක් ශේක් දෙකයි, අයිස් කොෆී එකයි."
මම අමාරුවෙන් කැෆේ එකේ කෙනාට කියලා දාද්දි එයා අනුකම්පාවෙන් මං දිහා බලන් හිටියා. මට කතා කරන්න පුළුවන් අයියේ. ඒත් කරගත්තු මෝඩ කමක් නිසා දැන් උගුර තුවාල වෙලා.
"පොඩ්ඩක් ඉන්න මිස්."
එයාලා විනාඩි පහක් යද්දි රෙඩි කරලා දීලා මට ඒවා දාන බෑග් එකකටත් දාලා දුන්නා. මං පේ කරලා ශොප් එකෙන් එළියට යන්නයි ආවේ. ඒත් එන්ට්‍රෙන්ස් එක ගාවින් මාව කොල්ලො තුන් දෙනෙක් හරස් කරා. මේ මොකක්ද මේ වෙන්නෙ ?
"වට් අ බියුටිෆුල් ගර්ල්."
ජීවිතේටවත් දැකලා නැති තුන් දෙනෙක් ටිකෙන් ටික මගෙ ඉස්සරහට එද්දි මං අඩියෙන් අඩිය පස්සට ගියා. මෙතෙනට ශොප් එකේ කවුරුත් පේන්නෙ නෑ. ගස් වවලා එන්ට්‍රෙන්ස් එක හදලා තියෙන්නේ. මට අමුතුම බයක් දැනුණා ඒ මිනිස්සු බැලුවෙ මගෙ ඇඟ දිහා. ගවුමත් ටිකක් ටයිට් නිසා ඇඟත් කැපිලා පෙනුණා, කරත් කැපිලා නිසා පපුව පොඩ්ඩක් පෙනුණා. කරන්න දෙයක් නෑ ඉරිදාට ශොපින් කරන්න යනකම් මට අඳින්න එකක් නෑ. ඒකයි ගමන් අඳින ඒවා ඇඳලා කෝට් එකක් උඩින් දාන් එන්නේ.
"ඔයා කොහෙන්ද ආවේ මෙහෙට ?"
"සුරංගනා ලෝකෙකින්ද බැස්සෙ ?"
"සෙක්සි ගර්ල්.."
මගෙ ඇස් වලින් කඳුළු ආවා. එයාලා මට යන්න දෙන්නෙ නැතුව පාර හරස් කරන් ඉන්නවා. මං කොහොමද දෙයියනේ මෙතනින් දැන් යන්නේ. මං ආපහු දිව්වත් මෙයාලා මාව අල්ල ගන්නවා. කට ගහන් යන්නත් බෑ තනියම, පිරිමි තුන් දෙනෙක් ඉස්සරහා. ඇයි හැම පිරිමියෙක්ම හොඳ නැත්තේ. ගෑනියෙකුගේ ඇඳුමකට පවා, ඇඟකට පවා ඇයි එයාලා හූල්ලන්නේ. ඇයි අපිට ආස විදිහට අඳින්න බැරි ?
"බය වෙන්න එපා ස්වීටි.. අපි එහෙම නරක අය නෙවෙයි."
එතන ඉන්න එක්කෙනෙක් මගෙ අතින් අල්ල ගත්තා. දෙවියනේ මොකක්ද මේ වෙන්නේ. මට කෑ ගහගන්නත් බෑ. මෙයාලා මාව අල්ලගෙන කොහෙ ගෙනියයිද ?
"කවුරු හරි ආවොත් එහෙම අපි ඉවරයි."
"පොඩ්ඩක් හිටහන්කෝ."
එහෙම කියලා එතන හිටපු මනුස්සයෙක් මගෙ පපුවට අත තියන්න අත දික් කලා. මට කෑ ගහගන්නත් බෑ. මං මගෙ අතින් ඒ අත එහාට කරගන්න හැදුවත් මගෙ අතත් එක්කෙනෙක් ඇදලා අර ගත්තේ පිටිපස්සට.
දඩස්..
එකපාරටම මං කාගෙම හරි පපුවකට ඇඳිලා ගියේ මගෙ පපුවට අත තියන්න හදපු මනුස්සයා අතත් අල්ලන් බිමට වැටෙද්දි. කව්ද කියලාවත් නොබලා මං ඒ කෙනාගෙ ඇඟට තද උනා. කව්ද මාව බේරගන්න ආවේ ?
"ආයෙ මෙහෙම දෙයක් උනොත් මං තමුසෙලා කපලා පාර්සල් කරලා යවන්නේ !!"
එයාගෙ කටහඬ දෝංකාර දුන්නා. ඒ එක්කම මට ඇහුණේ අර තුන් දෙනා එළියට දුවන සද්දෙ. මං කවුරු එක්කද ඉන්නේ, ඒ මිනිස්සු තුන් දෙනා ගහපු පාරින්ම බයේ දුවන්න තරම් ?
"ඔයා හොඳින් නේද මින්දි ?"
හුරුපුරුදු කටහඬත් එක්ක මං ඔළුව උස්සලා බැලුවා..
........................................................ 🖤 ...
*කව්ද මේ මින්දිව බේරගන්න ආපු දේවදූතයා 👼 ?*
(React කරන්න හැමෝම හොඳේ 😍🔥)
Sachy Collins