Miss. Anonymous - Special Episode 2

Miss. Anonymous - Special Episode 2

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


(මෙම කොටසේ අන්තර්ගත වන්නේ අතීත සිදුවීමක් ය. මේ ගැන නොදන්නා පාඨකයින් මෙය කියවන්නට පෙර මෙහි මුල් කොටස හෙවත් Special Episode 1 කියවන්න)


ඇයට තවමත් එදා සිදුවීම අමතක කල නොහැකිය. ඔහු තමා ඉදිරියට විත් නොබියව කතා කළ අයුරු මතක් වන සෑම විටෙකම ඇගේ ඇඟ පුරා අමුතුම ශීතලක් පැතිරී යන්නේය. ඔහු කළ යෝජනාවටද තවමත් ඇගේ ළඟ නිශ්චිත තීරණයක් නැත. නමුත් ඔහු යලිත් හමු වුණොත් ඔහුට දිය යුතු පිළිතුර කුමක්ද..


ඒ යෝජනාවට කැමති වුවත් අකමැති වුවත් ඔහු තමාව කෙසේ හෝ අයිති කරගන්නා බව ඈ හොඳින්ම දනී. අවුරුදු ගණනක සිට ඔහු කරන සෑම දෙයක් ගැනම දැනුවත් ඇයට ඒ බව අමුතුවෙන් සිතන්නට අවශ්‍ය නැත.


කල්පනාවෙන් පිටට ආ මිශෙල්, පීරිසිය මත තිබූ කෝපි කෝප්පය දෙතොල් වලට ලං කරගෙන එයින් උගුරක් බිව්වේ එක් පසෙක තිබූ වීදුරුවකින් මාර්ගයේ ඇදෙන වාහන දෙස බලමිනි. ඈ සිටියේ නගරාසන්නයේ තිබූ අවන්හලක ය. එහි මේස වල සිටියේද ඇයත් තව පිරිමි පුද්ගලයින් හතර දෙනෙකුත් පමණි.


තිවේන් එදා තමාට විවාහ යෝජනාවක් ගෙනා බව ඈ ඇගේ දෙමාපියන්ටවත් කීවේ නැත. ඇගේ හොඳම මිතුරිය සොනායාත් එය දන්නේ නැත. තමා කරන රැකියාවට වඩා ඔහු ගැන සිතද්දී ඇගේ පීඩනය වැඩි වන්නේය. නිවසේ තිබෙන කාර්යාලීය කාමරයේ තද රතු පැහැ පුවරුවක අල්පෙනෙති ගසා ඇති අපරාධකරුවන්ගේ රූප අතරින් එකක සිටින අයෙකු තමාට මෙසේ විවාහ යෝජනාවක් ගෙනේවි කියා ඈ කීයටවත් සිතුවේ නැත.


ඔහු සමඟ ජීවත් වන්නට අපහසු වේවි. නමුත් ඔහුව තෝර ගන්නා ලෙස පැවසූ සිතට ඈ දැන් අවනත වී අවසන් ය. ඔහුගේ ආරක්ෂාව යටතේ සිටින ඇයට ඇගේ ඉලක්ක විනාශ කිරීමට පහසු වනු ඇත. සමාජයෙන් බහුතරයක්ම ගෙවන්නේ අසාර්ථක විවාහ ජීවිත බව දුටු ඇය සිතුවේ සදහටම විවාහ නොවී තනිව සිටින්නට ය. එහෙත් කලකට පෙර ඔහු වෙනුවෙන් ඇගේ සිතේ හටගත්, ඇයවත් පිළිගන්නට අකමැති ඒ හැඟීම් ඇයට තවත් තනිව සිටින්නට ඉඩ නොදෙනු ඇත.


නොදැනීම මිශෙල්ගේ අත තිබූ කෝපි කෝප්පය අවසන් වෙන්නට ළඟ ය. ඇගේ දෙතොල් වල තවරා තිබූ රතු පැහැ ලිප්ස්ටික්, කෝප්පයේ විවරයේ ඉරි රටාවක් මෙන් තැවරී තිබුණි. ඒ දෙස බැලූ ඇය අවන්හලේ ඇතුලට තිබූ කොරිඩෝවක් දිගේ ඇවිද ගියේ නාන කාමරයට ගොස් දෙතොල් වල ලිප්ස්ටික් අලුත් කරගන්නට ය.


එහි දොර වසා දැමූ ඇය කැඩපතක් ඉදිරියට ගියාය. ඈ සිටින තැනට අවන්හලේ කෑම ගන්නා මේස තිබෙන කොටසේ වෙන කිසිම දෙයක් පෙනෙන්නේ හෝ ඇසෙන්නේ නැත. ලිප්ස්ටික් කූරක් අතට ගෙන ඈ කැඩපතෙන් බලා ඒවා දෙතොල් මත තැවරුවේ අවට ගැන අවධානයෙන් ය.


එකවරම අවන්හල ඉදිරියෙන් නැවතුණේ කළු පැහැ 'BMW' මෝටර් රථයක් සහ 'Lincoln Continental' මෝටර් රථ දෙකකි. දෙපස තිබූ මෝටර් රථ දෙකේ සිටි ආරක්ෂකයින් පිටතට පැමිණ අවන්හල වටා විසිරුණෝය. ඉන් එකකින් පිටතට ආ ලියන්ගොල්ල දොර තදින් වසා අවන්හල තුලට ගියේය. ඒ සමඟම මැද තිබූ මර්සඩීස් රථයේ රියදුරු, එහි පිටුපස දොර විවර කර තිවේන්ට එයින් පිටතට එන්නට සැලැස්වුවේය.


අවන්හලේ දොරෙන් ඇතුළු වූ ආරක්ෂකයින් එහි තිබූ ආරක්ෂිත කැමරා සියල්ලටම වෙඩි තැබුවෝය. ඇතුලත මේසයක ඉඳගෙන සිටි හතර දෙනා බිය වී දුවා ගන්නට අතක් නොමැතිව දඟලද්දී ලියන්ගොල්ල ඔවුන් සියල්ලටම පිස්තෝලය ඉලක්ක කළේය. මේ සිදුවීමෙන් බියට පත් වූ අවන්හලේ සේවකයින් වෙනත් තැන් වල සැඟවුණෝය.


එකවර වෙඩි පහරවල් කීපයක් ඇසෙද්දී දෙතොල් වල ලිප්ස්ටික් තවරමින් සිටි මිශෙල් මොහොතකට නැවතුණි. අවන්හලේ කුමක් හෝ අපරාධයක් සිදුවන බව වැටහුණු ඇය ක්ෂණිකව නාන කාමරයේ දොරට හේත්තු වූවාය.


"උඹලා හැප්පුනේ වැරදි මිනිහා එක්ක."


ලියන්ගොල්ල එසේ කියද්දී තිවේන් යුරේන් සමඟ අවන්හලට ඇතුළු විය. මීට දින කීපයකට පෙර ඔවුන් හතර දෙනා කිසියම් පුද්ගලයෙකුගේ අණක් යටතේ තිවේන්ව මරා දමන්නට හැදුවත් ඒ උත්සහය ව්‍යර්ථ විය. නමුත් එයට තිවේන් මෙතරම් ඉක්මනින් පිළිතුරු දක්වයි කියා ඔවුන් සිතුවේ නැත.


"තමුසෙලට මේක කරන්න ඕඩර් එක දුන්න එකාව කිව්වොත් ලොකු ප්‍රශ්නයක් වෙන එකක් නෑ."


කියූ තිවේන්, ලියන්ගොල්ලගේ අත තිබූ පිස්තෝලය උදුරා ඔවුන් හතර දෙනාගෙන් එක් අයෙකුට ඉලක්ක කළේය.


"අපි දන්නෙ නෑ සර්. අපිට සල්ලි නෑ කිව්වම උන් අපිව එක්කගෙන ගිහින් මෙහෙම කන්ට්‍රැක්ට් දෙනවා එක එක මිනිස්සුන්ට අරෙම මෙහෙම කරන්න කියලා."


එක් පුද්ගලයෙක් එසේ කියද්දී තිවේන් ඔහුගේ හිසට වෙඩි පහරක් එල්ල කළේය. ඒ සැනින් ඔහු බිම ඇදගෙන වැටුණේ මුහුණ දිගේ ලේ ගලද්දීය. පිටත වෙන කිසිම දෙයක් නොදත් මිශෙල්ට යලිත් වෙඩි හඬක් ඇසුණි. තමා තවත් මෙතැන සිටියහොත් එය වරදක් වනු ඇතැයි සිතූ ඇය තම කළු පැහැ කබායේ සාක්කුවක තිබූ පිස්තෝලය අතට ගෙන උණ්ඩයක් යොදා ගත්තාය.


"මම නිදහසට කාරණා වලට ආස නෑ කියලා තමුසෙලගෙ බොස් කියලා දුන්නෙ නැද්ද ?"


උමතු වූවෙකු මෙන් මුහුණේ සිනහවක් රඳවා ගත් තිවේන් තව එකෙකුට පිස්තෝලය ඉලක්ක කළේය. ඒ අතරේ අනෙකුත් ආරක්ෂකයින් අවන්හලේ සේවකයින් සොයා ගියේ ඔවුන් වත් සාක්ෂි මකා දැමුවාක් සේ මරා දමන්නටය.


"සර් අපි......"


දොරට පිටුපා සිටි මිශෙල්ට තුන් වන වෙඩි හඬත් ඇසිණි. තවත් බලා නොසිට ඈ සෙමෙන් නාන කාමරයේ දොර විවෘත කර එහි හිඩසෙන්, කොරිඩෝවේ කවුරුන් හෝ සිටිනවාද කියා පරික්ෂා කළාය.


"සර් මම සර් කියන ඕනිම දෙයක් කරන්නම්. මාව මරන්න නම් එපා."


ඔහුටත් සිදු වුයේ හිසට වැදුණු වෙඩි පහරින් ක්ෂණිකව මිය ගොස් අනෙක් දෙදෙනාගේ නිසල සිරුරු මතට වැටෙන්නට ය. හතරවන වෙඩි හඬ ඇසුණු විගස පිස්තෝලය අත් දෙකෙන්ම අල්ලාගෙන මිශෙල් නාන කාමරයෙන් පිටතට විත් කොරිඩෝව දිගේ සෙමෙන් සෙමෙන් ඉදිරියට ඇදුණාය.


කොරිඩෝවේ අවසානයට ගිය ඈ දුටුවේ කෝකියන් හා සේවකයින්ද ලේ විලක් මැද මිය ගොස් වැටී සිටින අයුරු ය. බිත්තියට පිටුපාගෙන ඇය මේස දෙසින් ඇසෙන ගැඹුරු පිරිමි කටහඬට සවන් දුන්නාය.


"මට නාස්ති කරන්න කාලයක් නෑ. ඒ නිසා ඇත්තම කියනවා."


"මම දන්නෙ නෑ සර්."


වැරදීමකින් මිශෙල්ගේ දෑස්, ඉදිරිපස බිත්තියේ එල්ලා තිබූ කුඩා කැඩපතකට යොමු විය. ඒ සැනින් ඇගේ කොළ පැහැ දෑස් විසල් වී ගියේය. එතැන සිදුවන දේ සෘජුව නොපෙනුනත් ඇය ඒ සියල්ල කැඩපතෙන් දුටුවාය. එක් පුද්ගලයෙකුගේ ටී කමිසයේ කොලරයෙන් අල්ලාගෙන ඔහුගේ හිසට පිස්තෝලයක් තබාගෙන සිටියේ තිවේන් ය. වෙනදා නොමැතිව ඔහුගේ දෑස් තරහින් පිරී දෙඅත් වල පිටි අල්ලේ නහර ඉලිප්පී ගොස් තිබුණි. ඊට පසෙකින් හිසට වෙඩි වැදී මිය ගොස් සිටි අනෙක් පුද්ගලයින් වත් මරා දමන්නට ඇත්තේ ඔහුමද කියා ඇයට දෙවරක් සිතන්නට අවශ්‍ය නැත. තම පෞද්ගලික විමර්ශන වාර්තා වල ලියවී ඇති, මෙතුවක් කල් ඔහු කල මිනීමැරුම් හා අනෙකුත් අපරාධ ගැන සලකා බලන විට ඇයට මෙවන් දෙයක් දැකීම අරුම පුදුම දෙයක් නොවීය.


"තමුන්ට මාව පේන්නෙ මොකෙක් වගේද ?"


"නෑ සර් මම ඇත්තමයි කියන්නෙ. උන් අපිට කෝල් එකෙන් හැම දෙයක්ම කියන්නෙ. අපි උන්ගෙ මූනක් වත් දැකලා නෑ."


"ඒ කියන්නෙ උන් ඇනොනිමස්ද ?"


"ඔව් සර්."


"තමුසෙගෙ ෆෝන් එක දෙනවා!"


තිවේන් උස් හඬින් කියද්දී බිම වැටී සිටි පුද්ගලයා දුරකතනය අතට ගත්තේය. ඔහු දුරකතනය තිවේන්ට දික් කරද්දී ඔහුගේ දෑත් වෙවුලන අයුරු මිශෙල් දුටුවාය. ඈ තිවේන් ගැන හොඳින් දනී. ඔහුගේ අතින් දුරකතනය ගත් විගස තිවේන් ඔහුව මරා දමන බවට ඇගේ සිතේ සැකයක් නැත.


තවත් බලා සිටිය නොහැකි බව ඇගේ සිත කීවාය. තිවේන් බිම සිටි පුද්ගලයාට පිස්තෝලය ඉලක්ක කර එහි ට්‍රිගරය දබරැඟිල්ලෙන් පිටුපසට තද කරද්දී මිශෙල් කොරිඩෝවෙන් පිටට පැමිණ තම අත තිබූ පිස්තෝලය තිවේන්ගේ හිසට ඉලක්ක කළාය.


"Stop this.. Right now.."


කොරිඩෝව දෙසින් ඇසුණු හුරු පුරුදු කටහඬත් අඩි උස යුගලයක ශබ්දයත් නිසා තිවේන් මදකට ඒ දෙසට හැරුණේය. ඔහු බලාපොරොත්තු නොවූ අයුරින් එතැන සිටියේ ඔහු දකින්නට ආසා කරන එකම ගැහැණු රුව ය. තමාගේ ඉලක්ක මෙම හෝටලයේ සිටින බවට ලැබුණ ඔත්තුවකට ඔහු ආවා මිසක ඇය මෙතැන සිටින බව ඔහු දැන සිටියේ නැත.


ඔහු තවමත් බිම වැටී සිටි පුද්ගලයාට පිස්තෝලය ඉලක්ක කරගෙන ඇගේ දෙස බලාගෙන ය. ඇයත් ඔහුට තම පිස්තෝලය ඉලක්ක කරගෙන දිගින් දිගටම බලා සිටියාය. නමුත් ඔහු ඇගේ කීම ඇසුවේ නැත. නිහඬ තත්පර කීපයකට පසු ඔහුගේ අත තිබූ පිස්තෝලයෙන් නිදහස් වූ උණ්ඩය බිම සිටි පුද්ගලයාගේ හිසට වැදෙන අයුරු ඇය දුටුවාය.


Bang..


එතැන සිටි අවසාන පුද්ගලයාද ඇගේ දෑස් ඉදිරියේ වෙඩි වැදී මිය ගියේය. තිවේන් තමා කියූ දේ අබමල් රේණුවකට වත් ගණන් නොගත්තේ ඇයි. සිතමින් මිශෙල් තම අත තිබූ පිස්තෝලය සෙමෙන් පහත් කළාය.


"ඔයා මගෙ ඉස්සරහා අපරාධයක් කරා. ඔයාට ඒකට පනිශ්මන්ට් එක ලැබෙයි."


කියූ මිශෙල් අඩි කීපයක් ඉදිරියට ආවාය. කළු පැහැ කලිසමට තද රතු පැහැ තනි අතක් සහිත හැට්ටක් ඇඳ ඊටත් උඩින් කළු පැහැ දිගු කබායක්ද ඇඳ සිටි ඇගේ ලස්සන පෙනුම දෙස ඔහු දෑස් ඉවතට නොගෙන බලා සිටියේය.


මිශෙල් ඇඳන් ඉන්න කිට් එක AI වලින් ❤️


වෙනදාට ඇය සාක්කුවක සඟවාගෙන සිටින නිල හැඳුනුම්පත අද ඇගේ කබායේ එල්ලා තිබුණේ එහි සියළුම විස්තර හොඳින් පෙනෙන්නට ය.


"ඔයාගෙ අතින් ලැබෙන ඕනිම පනිශ්මන්ට් එකක් මම බාරගන්න ලෑස්තියි."


යැයි පැවසූ තිවේන් මිශෙල් ඉදිරියට ආවේය. සති කීපයකට පසු ඇයව යලිත් දුටු විට ඔහුගේ හිතට දැනුණේ සැනසීමකි.


"ඔයාට ඕනි නම් මාව මෙතනම මරලා දාන්න."


"ඔය සිනිදු අතට තද වෙලා තියෙන ගන් එකෙන්ම."


තිවේන් මිශෙල්ගේ දෑස් දෙස බැලුවේය. මේ ඔහු ඇගේ කොළ පැහැ දෑස් ඒතරම් ලඟට දකින පළමු අවස්ථාව ය. ජීවිතයේ ප්‍රථම වරට ඔහු කෙනෙකුගේ දෑස් තුලින් තමාවම දුටුවා නම් ඒ මිශෙල්ගේ දෑස් පමණි.


"මාව මරන්න කලින් මට එකක් කියන්න."


"එදා මම අහපු දේට අදවත් ඔයා ලඟ ආන්ස්වර් එකක් තියෙනවද ?"


ඔහු මේ ප්‍රශ්නය අසන බව ඈ දැන සිටියාය. නමුත් එයට දෙන පිළිතුර කුමක්ද. ඇය තවමත් සිටින්නේ මේ ගැන කල්පනා කරමින් ය.


"මට තව කල් ඕනි."


මිශෙල් වෙනත් අතක් බලාගෙන කීවාය.


"මම කොහොම බලාගෙන ඉන්නද."


යලිත් ඈ නිහඬය. නමුත් ඒ නිහඬතාවයට ඔහු අකමැතිය..


"Nevermind.. ඔයාට මම තව කල් දෙන්නම්. හැබැයි වැඩි කාලයක් නෙවෙයි."


ඈ යලිත් ඔහු දෙස බැලුවාය. තවත් වෙලා ඔහු මෙතැන සිටියොත් ඇයට පෙර අවස්ථාවල මෙන්ම මෙවර ඔහුව නීතියෙන් ගැලවිය නොහැක. එනිසා ඈ නිහඬව සිටියේ තමා එයට එකඟ බව ඔහුට නොකියා කියන්නට ය.


"I'm leaving.. Have a nice day."


කියූ ඔහු අනෙක් පසට හැරුණේ එතැනින් යන්නටයි. නමුත් ඇයට කියන්නට තවත් දෙයක් ඒ සිතේ ඉතුරු වී තිබුණි. ඉතින් ඔහු යලිත් ඇගේ දෙසට හැරුණේය.


"But.. remember this.."


කියූ තිවේන් මිශෙල්ගේ කනට දෙතොල් ලං කළේය. ඒ සමඟම ඔහුට ආවේ ඇගේ හුරු පුරුදු ස්ට්‍රෝබෙරි සුවඳ ය. එය තමා ලඟ තිබෙන ඇගේ බ්ලොන්ඩ් පැහැ කෙස් ගසෙන් එන සුවඳ මෙන් දස දහස් ගුණයකින් වැඩි බව ඔහුට දැනුණේය.


"ඔයාගෙ ආන්ස්වර් එක මොකක් උනත් වෙන්නෙ එකම දේ තමයි.. ශෙලී.."


තමාගේ කනට ලං වී ඔහු රහසින් කියද්දී ඇගේ කොළ පැහැ දෑස් ඇයටත් නොදැනීම විසල් විය. එය තර්ජනයක්ද. නැතිනම් තමාව කෙසේ හෝ අයිති කරගන්නා බවට දුන් ඉඟියක්ද. මිශෙල් තත්පර කීපයක් තුල දහසක් දේ සිතුවාය.


'එයා කොහොමද මගෙ නික්නේම් එක දන්නෙ'


ඇයට 'ශෙලී' ලෙස අමතන්නේ ඇගේ දෙමාපියනුත් සොනායාත් පමණි. වෙනත් කිසිම පුද්ගලයෙකු ඇයව ඒ නමින් හඳුනන්නේ නැත. ඉතින් ඔහු එයත් දැන ගත්තේ කෙසේද කියා ඇගේ සිතේ පුදුමයක් ඇති විය.


තිවේන් මද සිනහවක් සහිත මුහුණෙන් හිස වනා අවන්හලේ දොරෙන් පිටව යද්දී මිශෙල් නිහඬව බලා සිටියාය. පිටට නොපෙනුනත් ඇගේ මුළු සිරුර පුරාම ශීතලක් පැතිරී තිබුණි. සිතූ පමණට වඩා ඔහු තමා ගැන දන්නා බව ඇය අද දැන ගත්තාය. කල්පනාවේ සිටි මිශෙල් එකවරම දැක්කේ තිවේන් සමඟ සිටින යුරේන් යලි තමා දෙසට එන බවය.


"මම දන්නවා මැඩ්ම් සර්ව මේකට අහු කරන්නෙ නෑ කියලා."


"මැඩම්ට ප්‍රශ්නයක් නොවෙන්න මැඩම් කියන්න අපි මැඩම්ව වොෂ්රූම් එකේ හිර කලා කියලා. ඉතුරු ටික අපි බලා ගන්නම්."


කියූ යුරේන් ඇයට හිස නවා දොරෙන් පිටතට ගියේය. ඔවුන් සියල්ල මෝටර් රථ වලින් එතැනින් යද්දී ඈ පණක් නැති සිරුරු හතරක් සමඟ අවන්හල තුල තනි විය. තමා පොලිසියට කුමක් කියන්නද. මේ සිදුවීම කවුරුන් හෝ මුල ඉඳන් දුටුවා නම් එවන් බොරුවක් කරන්නේ කෙසේද. ඈ පිස්තෝලයද එක් අතක තිබෙද්දී අනෙක් අතින් දුරකතනය ගෙන ඒ ලඟම තිබූ පොලිස් ස්ථානයක ඈ හඳුනන නිලධාරියෙකුට ඇමතුමක් ගත්තාය.


"රිවර් සයිඩ් රෙස්ටුරන්ට් එකේ ශොට් කරලා මිනිස්සු හතර දෙනෙක් මැරුණා."


කියූ ඈ ඇමතුම අවසන් කර දුරකතනයත් පිස්තෝලයත් කබාය තුලට දමා ගත්තාය. එක් පසෙක වෙනම වැටී සිටි පුද්ගලයාගේ ඇඳුමේ කරෙන් තිවේන් අල්ලාගෙන සිටි අයුරු ඇයට මතක් වෙද්දී ඈ සිතුවේ ඔහු මේ අපරාධයෙන් බේරෙන්නේ කෙසේද කියායි. මේ පුද්ගලයාගේ සිරුරේ අඩුම ඔහුගේ ඇඟිලි සලකුණුක් වත් අනිවාර්යයෙන්ම සටහ වී ඇති බව ඈ දනී. නමුත් ඔහුව බේරන්නට තමා මෙයට මැදිහත් වන්නේ කෙසේද.


සිතුවිලි ගොන්නක් අතරේ තනි වූ මිශෙල් ලඟ තිබූ මේසයකින් ඉඳ ගත්තාය. අද මේ අවන්හලේ මොහොතකට හෝ නැවතී තමා කරගත්තේ වරදක් බව ඇයට සිතුණාය. ඔහු කියූ දේවල් වලින් හා මේ වුන සිදුවීමෙන් වූයේ ඇය තවත් පීඩනයට පත් වීමය.


"You are a troublemaker."


කියූ මිශෙල් මේසයට අතකින් පහරක් ගැසුවේ එය මත තිබූ, ඇය මීට මිනිත්තු ගණනකට පෙර අවසන් කල ලිප්ස්ටික් සහිත කෝපි කෝප්පය පවා ගැස්සෙන අයුරිනි..


මේ සිදුවීමෙන් පසුව ඈ පැතුවේ යලිත් ඔහුව තමාට මුණ ගැසෙන්නට එපා කියායි. නමුත් ඊට මාස කීපයකට පසු තිවේන් ඇයව නීතියෙන්ම ඔහු ලඟට ගත්තේ යලි කෙදිනකවත් ඇයව දිනයකටවත් ඔහුගෙන් ඈත් නොවෙන්නට ය.


........................................................... 🖤 ...


මේ කොටස කතාවෙ Episode වලට සම්බන්ධ නෑ. ඒක පටලගන්න එපා ❌


ඊලඟට මොන වගේ අතීත සිද්ධියක්ද / අතුරු සිද්ධියක්ද ඕනි ඔයාලට ?


තිවේන් ශෙලීට Obsessed වගේ කියලා ඔයාලට තේරෙන්නෙ නැද්ද ?


Sachy Collins

Report Page