Miss. Anonymous - Special Episode 1

Miss. Anonymous - Special Episode 1

Sachy Collins
🚫 Do not copy or share without author's permission



Previous


එදා සාමාන්‍ය දවසකි. මැයි මාසයට දින එකින් එක ලං වෙන නිසාදෝ අවට පරිසරයේ ගස් වල මල් විවිධ වර්ණ වලින් පිපී තිබුණි. විශේෂයෙන්ම මාර්ග දෙපස හා කැලෑවල ඇති නිල් පැහැ ජකරන්ද මල්, රතු පැහැ මැයි මල් පරිසරයට මනාව ස්වභාවික අලංකාරය ගෙනවිත් දුන්නේය..


සමහර ගස් වල කහ තැඹිලි පැහැයට හැරී ඇති පත්‍ර නටුවෙන් ගිලිහෙන්නට බලා සිටින්නේ මිහිතලය සිප ගන්නට ආශාවෙනි. මද සුලඟේ සෙලවෙන තැඹිලි පැහැ දහස්පෙති මල් අතරින් පියාඹන කුඩා සුදු පැහැ සමනල්ලු වරින් වර හෝටලයේ ලී වලින් තැනූ මේස මත තබා ඇති ස්වාභාවික මල් වලද නතර වෙති.


"මම මෙතන ගැන තමයි ඔයාට කිව්වෙ ශෙලී.. කොහොමද ලස්සනයි නේද ?"


එයාලා ආපු Hotel එක 🧡🍁


සොනායා හෝටලයේ එළිමහනේ තිබු මේසයක ඉඳගෙන තමා ඉදිරියේ වාඩි වී සිටි මිශෙල්ට එසේ කීවාය. North woods යනු ස්වභාදහමේ සුන්දරත්වය උපරිමයෙන්ම දක්නට ලැබෙන ගම්මානයකි. ඒන්ජල් විල පසුකර යද්දි හමුවන කඳු පන්තියේ අවසානය නෝර්ත් වුඩ්ස් හි ආරම්භයයි.


"හ්ම්ම්.."


"ඔයාගෙ ගම වෙලත් ඔයා මේක දන්නෙ නෑ කිව්වම නම් පුදුමයි."


"මම හැමතැනම ඇවිදින්න ගියපු කෙනෙක් නෙවෙයි කියලා ඔයා දන්නවනේ සොනා."


ඈ එසේ කියමින් ලී පුටුවකින් වාඩි වුනාය. ඒ වනවිට මිශෙල් තමාගේ නව තනතුරට පැමිණ අවුරුදු එකහමාරකි. නමුත් ඒ ටික කාලයටත් ඈ සියල්ලන් අතර කැපී පෙනෙන අයෙකු වූවාය. ඇගේ වෙනස් රූසපුව නිසා අවට තිබූ මේස වල ඉඳගෙන සිටි සියල්ලන්ගේම දෑස් තිබුණේ ඈ මතය. උදෑසන 10 ට පමණ වැටෙන අව්ව නිසා ඇගේ කොළ පැහැ දෑස් දිළිසෙන්නේ ඇගේ පපුව මත රැඳි මාලයේ සුදු පැහැ 'Moonstone' එක හා තරඟයට ය. එලෙසම ඇගේ රන් පැහැ සෘජු හිසකේ වලට පතිත වූ හිරු කිරණ නිසා ඈව සියල්ලන්ටම කැපී පෙනුණි..


"සර් කිව්වෙ එයා ගැනද ?"


හෝටලයේ කොනක තිබූ මේසයකින් තිවේන් ඉඳගද්දී ලියන්ගොල්ල පසෙක සිටි යුරේන්ගෙන් එසේ ඇසුවේ ඈත මේසයක වාඩි වී සිටි මිශෙල් දෙසට දෑස් හරවාගෙන ය. අද තිවේන් ඈට හොරෙන් ඈ දෙස බලා සිටින අවසාන දවස වනු ඇත. ඔහු අද ඇයව හඹා ආවේ මෙය මෙතනින් අවසන් කර තීරණයක් ගැනීමට ය.


"එච්චර හිතන්න එපා. මමත් මැඩම්ව දැකපු මුල් දවසෙම හිතුවෙ නෑ එයා එහෙම කෙනෙක් කියලා."


"ඒ උනාට සර් හදන්නෙ ගින්දර එක්ක සෙල්ලම් කරන්න හදනවා වගේ වැඩක්."


ලියන්ගොල්ල එසේ කියද්දි යුරේන් හිස දෙපසට සැලුවේ තිවේන් මේ කරන්නට යන්නේ කුමක් ගැනද කියා සුළුවට හෝ අදහසක් නොමැති නිසාය. ලියන්ගොල්ල කියූ දේ නිවැරදිය. මිශෙල් යනු නීතිය සමඟ ක්‍රියා කරන අයෙකි. ඒ අනුව ඇයට තිවේන් යනු අපරාධකරුවෙකි. මේ හමුවේ තිවේන්ගේ ඉදිරි සැලසුම් සියල්ල වතුරේ යාවිද සාර්ථක වේවිද කියා ඔවුන් දෙදෙනාටම සිතාගත නොහැකිය.


"එතකොට ශෙලී තමුසෙ කියනවා වගේ ඒ මනුස්සයා මේකට සම්බන්ධයිද ?"


"එයාගෙ හැසිරීම් ගැන ඩීප්ලි ස්ටඩි කරාම මට එහෙම හිතුනා. ඒකයි මම කිව්වෙ එයාවත් Interrogation එකකට ගන්න කියලා."


"That's good."


සුදු පැහැ පීරිසිය මත ඇති චොක්ලට් කේක් කොටසේ ඉහල තිබූ ස්ට්‍රෝබෙරි ගෙඩිය ගෑරුප්පුවේ රඳවාගත් මිශෙල් තමාට වම්පසින් පෙනෙන මේස දෙස බැලුවේ අමුත්තක් දැනුණු නිසායි. එවිට ඈ දුටුවේ ආගන්තුක දෑසක් ඇගේ මත රැඳී ඇති අයුරුය. එසැනින් ඈ දෑස් වෙනත් අතකට හරවා ගත්තේ ඔහු දෙස දිගින් දිගටම බලා සිටීමට අපහසු නිසායි..


"ඒ ගර්ල් ලංකාවෙ කෙනෙක් නෙවෙයිද ?"


ලියන්ගොල්ල යුරේන්ගෙන් එසේ ඇසුවේ තිවේන් මිශෙල් දෙස බලමින් මේසය මත තිබූ සුදු පැහැ කෝපි කෝප්පයේ විවරය වටා දබරැඟිල්ල ගෙන යන දෙස බලාගෙනය.


"ලංකාවෙ කෙනෙක් තමයි. ඒත් අම්මා හරි තාත්තා හරි දෙන්නගෙන් එක්කෙනෙක් ජර්මන්. ඒකයි හෙයා කලර් එකයි අයි කලර් එකයි වෙනස්."


"I see.."



හෝටලයේ වැට මායිමක තිබෙන දහස්පෙති මල් අතරේ පියාඹමින් සිටි සුදු පැහැ සමනලුන් දෙදෙනෙක් සොනායා සහ මිශෙල් සිටි මේසය අසලට එද්දි මිශෙල්ගේ කොළ පැහැ දෑස් ඒ දෙසට යොමු වෙන අයුරු තිවේන් බලා සිටියේය. ඔහු මෙලෙස ඈ දෙස බලා සිටින්නේ කෙටි කාලයක සිට නොවේ. ඔහුට මතක අයුරින් ඔහු ප්‍රථම වතාවට ඈව දකිද්දී ඇයට වයස අවුරුදු දහ නවයකි. එදා සිට අද වෙනතුරු ඔහු ඈට හොරෙන් ඈ දෙස බලා සිටි අවස්ථා දහසකටත් වැඩිය. හේතුව ඔහු ඇයට ඒකපාර්ශ්විකව ආදරය කරන නිසායි.


"තමුසෙ ඔහොම්ම ගෙදර යනවා ශෙලී. මම රණසිංහ සර්ව මීට් වෙලා මේ ගැන කතා කරන්නම්."


"ඒත් මාවයි ඒ කේස් එකට අසයින් කරලා තියෙන්නෙ සොනා. මමයි එයාලට රිපෝට් එක ගිහින් දෙන්න ඕනි."


"විජයවර්ධන සර් දන්නවනෙ ඔයා ගැන. So don't worry. අනික ඔයා මේ සතියෙම නින්දක් නැතුව හොයන හොයන තැන ඇවිදිනවා. ඉතින් අද හවස ටිකක් රෙස්ට් කරලා හෙට උදේම ඔෆිස් එන්න. මම අනිත් දේවල් ගැන බලා ගන්නම්. ආන්‍යා මට හෙල්ප් කරයි."


"හ්ම්ම්.."


සොනායා ටිෂූ කොළයකින් අත පිසදමමින් මේසයෙන් නැගිටිද්දී හෝටලයේ සේවකයෙක් පැමිණ හිස් වූ පීරිසි රැගෙන ගියේය. ඒ කාලයේ මිශෙල් ජීවත් වුණේ ඇගේ දෙමව්පියන් සමඟය. එනිසා මෙතැන සිට ඇයට නිවසට යෑමට මිනිත්තු දහයක් වත් ගත නොවුණි.


"එහෙනම් මම යනවා. පරිස්සමින් ගෙදර යනවා හරිද."


"හ්ම්ම්.. ඔයත් පරිස්සමින් යන්න."


සොනායා එසේ කියමින් මිශෙල්ගෙ හිස අතගා එතැනින් පිටව ගියාය. තත්පර කීපයක් ගිය පසු මේසය මත තිබූ ෆයිල් කවරය අතට ගෙන ඇය එහි ඇතුලත තිබූ ලියකියවිලි දෙස බැලුවාය. ඇගේ දෑස් ලියකියවිලි වලින් සෙලවුණේ නැත. නමුත් ඈ අවට වෙන සියල්ලම දුටුවාය. එකවරම ඈට ඇසුණු ඔක්ස්ෆර්ඩ් සපත්තු දෙකක අඩි ශබ්දය තහවුරු කලේ ඈ ඉදිරිට කවුරුන් හෝ පිය නැගූ බවය.


"Mind if I steal a minute of your time ?"

(ඔයාගෙ වෙලාව ටිකක් හොරාගන්න බැරිද)


ඇගේ නිර්ණය අනුව එය මැදි වයස පිරිමියෙකුට හිමි ගැඹුරු කටහඬකි. තවත් තත්පර කීපයක් ලියකියවිලි දෙස බලා සිටි ඇගේ කොළ පැහැ දෑස් ඉහලට එල්ල වුණි. ඔහු මෙලෙස තමා ඉදිරියට එන බව ඈ මුල සිටම දැන සිටියාය.


"You don't look like someone who asks before stealing."

(අහලා හොරාගන්න කෙනෙක් විදිහට නම් මට ඔයාව පේන්නෙ නෑ)


ඈ දිගින් දිගටම තියුණු බැල්මකින් ඔහු දෙස බලද්දී, ඔහුගේ දෙතොල් අග සියුම් සිනහවක් රැඳෙන අයුරු ඈ දුටුවාය. එය දුටු පමණින් මුවග රැඳි සිනහවක් කිව නොහැකිය. ඔහු තවමත් සිටගෙන ය.


"ඔයා හරි.. මම සාමාන්‍යයෙන් දෙයක් Steal කරන්න කලින් අහන්නෙ නෑ.. ඒත් ඔයා.."


ඔහු කියන්නට ගිය දේ නවතා ඇගේ මුහුණ දෙස බැලුවේය. අවුරුදු හයකට පමණ පෙර ඔහු ප්‍රථම වතාවට දුටු ඇගේ මුහුණේ අදටත් වෙනසක් නැති තරම් ය.


"ඔයා මෙහෙම ඉන්න සුදුසු නෑ."


ඇගේ දෑස් එක් වරක් ඇහිපිය සැලුවාය. එසැනින් ඔහු ඇගේ ඉදිරියේ තිබූ ලී පුටුවක් ඇද ඉඳ ගත්තේය. සාමාන්‍යයෙන් බහුතරයක් මිනිසුන් ඇගේ මේ නිහඬතාවයට හා තියුණු බැල්මට තැති ගනිති. නමුත් ඇය ඉදිරියේ ඔහුගේ මුහුණෙන් එවැන්නක් පෙනෙන්නට නැත.


"මම ඔයාව දන්නවද ?"


කකුලක් පිට කකුලක් දමාගෙන ඒ මත ෆයිල් කවරය තබාගෙන සිටින ඇගේ උදාසීන මුහුණු ප්‍රකාශනය දෙස ඔහුද නිහඬව බලා සිටියේය.


"තාම නෑ.. හැබැයි මම ඔයාව දැනන් හිටියා. ඔයා හිතනවට වඩා ලොකු කාලෙක ඉඳන්."


එසේ කියූ තිවේන් ඇගේ දෑස් දෙස බලමින් පුටුවට හාන්සි වුනේය.


"එතකොට ඔයාට වයස දහ නවයයි මම හිතන්නෙ. ඔයාගෙ හනී බ්ලොන්ඩ් කොණ්ඩෙ පීරලා තදට ගෙඩියක් බැඳලා තද නිල් පාට යුනිෆෝර්ම් එක ඇඳලා. මට අද වගේ මතකයි."


නිහඬතාවය තවත් වැඩි වෙන බවක් ඔහුට දැනුණි. ඇය ඇහිපිය නොහෙලා ඔහු දෙස බලා සිටියාය. ඔහු ඇගෙන් බලාපොරොත්තු වූවේද එවන් පිළිතුරකි.


"ඔයාගෙ ඔය Silence එක.. මට ඒක සද්දෙයි මිශෙල්.. මට හැමවෙලේම ඕනි උනා ඔයාගෙ ඒ සයිලන්ස් එක කඩන්න විදිහක් හොයන්න."


ඈ නිහඬව ෆයිල් කවරය වසා දැමුවාය. ආගන්තුකයෙකු ලෙස මෙතැනට පැමිණියත් ඔහු තමා ගැන ගැඹුරටම දන්නා බව ඇයට තේරුම් ගියාය. පිටට නොපෙනුනත් ඔහු තමා ගැන කතා කල ආකාරය ඇගේ සිතේ පුදුමයක් ඇති කලේය.


"ඔයා මං ගැන නොදන්න තරමට හොඳයි."


"But මම ඔයා ගැන හොයන එක නවත්තන්නෙ නෑ."


පුටුවෙන් ඉහලට නැවුණු ඔහු වැලමිට මේසය මත තබා ඇගේ කොළ පැහැ මදක් විසල් වූ දෑස් දෙස බලා සිටියේය. ඔහු ඉදිරියට නැවුණු නිසා ඔහුගේ කළු පැහැ බ්ලේසරය තද වී අත් වල තිබූ ඝන මාංශපේශි පිටට කැපී පෙනුණි. එලෙසම බාල හඬකින් කිසිවෙකුටත් නෑසෙන පරිදි ඔහු එය කියූ ආකාරයට ඈට දැනුණේ ඔහු තමාට කාරුණිකව තර්ජනය කරන්නාක් සේයි.


"මං දන්නවා. ඔයා මගෙ ගැන ගොඩක් දේවල් දන්නවා. හැබැයි ඔයා මගෙ පස්සෙ එළවන්නෙ නැති එක මට පුදුමයක්. මාව අතාරින්න විශේෂ හේතුවක් තිබුණද ?"


ඔහු කියූ දේ හමුවේ ඈ ඇසිපිය සැළුවා පමණි. පෙනෙන අයුරින් ඔහු ඇයව හිතුවාට වඩා ගැඹුරින් අධ්‍යයනය කර ඇත.


"මෙච්චර දේවල් දන්න එකේ ඒකත් දන්නවා ඇතිනේ."


"ඔව්.. මං දන්නවා. ඒ ගැන කතා කරන්න තමයි මම අද ඔයා ඉස්සරහට ආවෙ."


යලිත් වතාවක් ඔහුගේ හඬ බාල විය,


"අපි දෙන්නම Darkness එකේ ජීවත් වෙන්නෙ. ඔයා නීතිය වෙනුවෙන්.. මම ඒකට විරුද්ධව.. ඒත් ඒකෙන් අපි අතරෙ ලොකු ගැප් එකක් තියනවා කියන්න බෑ."


එය තර්ජනයක්ද පසුතැවීමක්ද එසේත් නොමැති නම් ආරාධනයක්ද කියා ඈට නිශ්චිතව සිතාගත නොහැක. තමා ඉදිරියේ බයක් හෝ සැකයක් නොමැතිව සන්සුන්ව කතා කරන ඔහු වැනි අයෙක් ඈට මීට පෙර මුණගැසී තිබුණේ නැත.


"What do you want ?"


මිශෙල් අත් බැඳගෙන ඔහු දෙස තියුණු බැල්මකින් බැලුවාය. ඇගේ ප්‍රශ්නය හමුවේ ඔහු යලිත් පුටුවට වාරු වුණි..


"I'm not here to threaten you."


"I'm here with a solution."


එසේ කියූ ඔහු දකුණත ඉහලට එසෙව්වේ පිටුපස සිටි ආරක්ෂකයින්ට දෙන සංඥාවක් ලෙසින් ය. එසැනින් ආරක්ෂකයෙකු ඔහු අසලට පැමිණ කළු පැහැ ෆයිල් කවරයක් අතට දුන්නේය. මිශෙල් ඒ දෙස කුතුහලයෙන් බලා සිටිද්දි ඔහු ෆයිල් කවරය විවෘත කල ඇතුලත තිබූ සුදු පැහැ කොළය ඇයට හොඳින් පෙනෙන්නට මේසය මතින් තැබුවේය.


"......"


මුහුණෙන් නොපෙන්වුවත් එය දැක ඈ පුදුමයට පත් වූ බව ඔහුට පෙනී ගියේය. හේතුව නම් මේසය මත තිබූ හිස් විවාහ සහතික කොළය නිසායි. එනමුත් ඔහුගේ මුහුණෙන් පෙනෙන්නේ ඔහුට මෙය සුළු දෙයක් බවය.


"You're calling this a solution ?"


ඇය දෙබැම ඔසවා ඔහුගෙන් එසේ ඇසුවේ මෙය සෙල්ලමක් ලෙස ඇයට නොපෙනෙන නිසායි..


"Yes.. ඔයා මේකට සයින් කරන්න කැමති නම්, මේ හැමදෙයක්ම හොඳින් සිද්ධ වෙයි."


"නැත්නම් ?"


ඇය එලෙසින් ප්‍රශ්න කරද්දි ඔහු යලිත් ව‍රක් මේසය මතට බර වුනේය. කළු පැහැයට පෙනෙන, නමුත් ගැඹුරු නිල් පැහැයක් ඇති ඔහුගේ හැඟීම් රහිත දිගු දෑස් දෙස ඈ බලා සිටියාය.


"ඔයා කාලෙක ඉඳන් මට ඇටෙන්ශන් එක දෙනවා. ඩීටේල්ස් හොයනවා. ඒත් දැන් ඔයාට මුකුත් හොයන්න වෙන්නෙ නෑ. හේතුව මම ඒ හැම දෙයක්ම වැළලුවා. මට පුළුවන් හැම පෲෆ් එකක්ම ඩිලීට් කරලා දාන්න. නැත්නම් ඔයාගෙ වැඩ අවුල් කරලා දාන්න."


මිශෙල් නිශ්ශබ්දව සිටියාය. නමුත් ඇය කොළ පැහැ දෑසින් ඔහුගේ මුහුණ අවධානයෙන් පරීක්ෂා කළාය.


"මම ගොඩක් කල් බලන් හිටියා මිශෙල්.."


"ඔයා මාව දැකපු නැති තැන් වල ඉඳන් මම ඔයා දිහා බලන් හිටියා. මම දන්නවා. ඔයා මාව අතෑරලා දැම්මෙ මගෙ වැඩ රුයින් කරන්න තියෙන අකමැත්ත නිසා. ඔයාට ඕනි නැද්ද මම ඇත්තටම කව්ද කියලා දැනගන්න ?"


ඇගේ කොළ පැහැ දෑස් යලිත් වරක් විවාහ සහතික පත්‍රයට යොමු විය. දෙකලවා උඩ තිබූ ෆයිල් කවරයේ කොනක් ඇගේ අතකින් තද වෙන්නට විය. නමුත් ඇගේ මුහුණෙන් හැඟීමක් පෙනෙන්නට තිබුණේ නැත.


"ඔයා තවත් මෙහෙම මගෙ ඉස්සරහා රඟපාන්න ඕනිත් නෑ. ඔයාගෙ හිතේ තියෙන දේ මගෙන් හංගන්න ඕනිත් නෑ.."


"මගෙ ලීගල් වයිෆ් වෙන්න. මගෙ ලඟ ඉන්න. මේකෙන් ඔයාටත් Benefits තියෙනවා කියලා ඔයා දන්නවනේ.. මිශෙල්.."


"හැබැයි මාත් එක්ක ප්ලේ කරන්න හදන්න එපා."


ඒ වචන හමුවේ ඈ ඔහුගේ දෑස් දෙස බැලුවාය. එතැන් පටන් ඉදිරියට ගෙවුනේ නිහඬ මිනිත්තු දෙක තුනකි.


"මම මේකට බෑ කිව්වොත් ?"


"ඔයාට ප්‍රශ්න මිස වෙන කිසිම දෙයක් ඉතුරු වෙන්නෙ නැතිවෙයි."


එය ඔහු විසින් තමාට කල නිහතමානී තර්ජනයක් බව ඈට දැනුණි. ඔහු කෙදිනක හෝ තමා ඉදිරියට එන බව ඈ දැනගෙන සිටියත්, මෙවැනි දෙයක් සමඟ ඔහු තමා ඉදිරියට එයි කියා ඈ කීයටවත් සිතුවේ නැත. නමුත් ඈ මෙයට එකඟ වුවහොත් ඇගේ බලාපොරොත්තු සියල්ලම පහසුවෙන් ඉටු වනු ඇත.


"ඔයාට මේකෙන් මොනවද ලැබෙන්නෙ ?"


"ඔයාව.."


ඔහු කියූ දෙයින් ඇති වුණ ඒ හැඟීම ප්‍රතික්ෂේප කරන්නට නොහැකි වූ මිශෙල්ගේ සිතේ කැළඹීමක් ඇති විය. ඇය යලිත් වරක් මේසය මත තිබූ විවාහ සහතික පත්‍රය දෙස බැලුවාය.


"බය වෙන්න එපා. මම ඔයාව කිසිම දේකට යූස් කරන්න හිතාගෙන මේක කරන්නෑ. එහෙම උවමනාවක් තිබුණා නම් මම මෙච්චර කල් මේක අහන්න බලාගෙන ඉන්නෙත් නෑ."


"හදිස්සි වෙන්න ඕනි නෑ. ඔයාට ඕනි වෙලාවක මට මේකට ආන්ස්වර් එකක් දෙන්න පුළුවන්."


ඔහු පුටුවට බර වී එසේ කියද්දි ඈ හිස් බැල්මකින් ඔහු දෙස බැලුවාය. දෙදෙනා තුලම ඇත්තේ දිගු නිහඬතාවකි. ටික වේලාවකින් මුළු හෝටලයම හිස් වී ගියේ ඈත මේසයක සිටි එකම කාන්තාවත් තමාගේ තේ කෝප්පය අවසන් කර පිටට ඇවිද ගිය නිසායි..


"මම ඔයා ගැන හරියටම දන්නෙ නෑ."


"ඔයා ඉක්මනින් ඒ ගැන දැනගනී."


තිවේන් යනු ශක්තිමත් හා සෘජුව කතා කරන පිරිමියෙකි. මිශෙල් ඒ බව දැන සිටියේ අවුරුද්දකට පමණ පෙර සිටය. එලෙසම ඔහු ඔහුට අවශ්‍ය දේ ලබාගෙන මිසක නොනවතින අයෙකු කියාද ඈ දැනගෙන සිටියාය. එනිසා මෙය ගැනීමට පහසු තීරණයක් නොවෙනු ඇතයි ඈට සිතුණි..


තත්පර කීපයක් ගෙවුන පසු නිහඬතාවය බිඳි ඇය තමාගේ දෙකලවා උඩ තිබූ ෆයිල් කවරය අතට ගෙන පුටුවෙන් නැගිණි. ඇගේ අඟල් හතරක් පමණ උස කළු පැහැ 'Louboutin' අඩි උස යුගලය දෙවතාවක් බිම වැදී හදිසියේ නතර වෙනු ඔහුට ඇසුණි. පියවර දෙකක් මේසය පසුකර ගිය ඇය නැවතී හිස පමණක් හැරෙව්වාය.


"මම දෙයක් ලේසියෙන් අමතක කරන කෙනෙක් නෙවෙයි.. තිවේන්.."


ඇය දෙපාරක් නොසිතා තමාගේ නම කියනු ඇසී ඔහුගේ දෙතොල් අග සිනහවක් ඇඳුණි. ඔහු එය ඇගෙන් බලාපොරොත්තු වූ එකකි.


"මමත්.."


ඔහුගේ ගැඹුරු කටහඬ අසා සිටි ඇය යලිත් අනෙක් පැත්ත හැරුණාය..


"I'll think about it."


තිවේන් නිහඬව බලා සිටිද්දි ඈ හෝටලයෙන් පිටව ගියාය. ඇගේ මෝටර් රථය මාර්ගයේ ඈතට ඇදෙනු දැක ඔහු මේසයෙන් නැගිට ලී වැට අසලට ගියේය. මිශෙල් යනු සාමාන්‍ය ගැහැණු ළමයෙකුට සමාන කල හැකි කෙනෙක් නොවේ. ඇය සෑම විටෙකම නිහඬ සීතල ගති පැවතුම් ඇති අයෙකි. එවැනි කෙනෙක් තවකෙකුගේ වචන වලින් පාලනය කල නොහැකිය. නමුත් පෙනෙන පරිදි තමාට එය ලේසි පහසු වෙනු ඇති කියා තිවේන්ගේ සිත කීවේය. හේතුව නම් මේ වනවිට ඔහුගේ සැලැස්ම අඩකට ලං වෙන්නට සාර්ථක වී ඇති නිසාය.


"My dear future wife."


"From now on.. you are under me."


........................................................... 🖤 ...


❗ළමයි මේකෙ ලියලා තියෙන්නෙ තිවේන් & මිශෙල් ඉස්සෙල්ලාම හම්බ වෙලා කතා කරපු දවස ගැන❗


එවෙලෙ මිශෙල් තිවේන්ව නොදන්නවා වගේ කතා කලාට, එයා තිවේන්ව දන්නවා ගොඩ කාලෙක ඉඳන්. තිවේන් Mafia Boss කෙනෙක් කියලා දන්නවා උනත් මිශෙල්ට ඕනි උනේ නෑ තමාගෙ වැඩ වලට තිවේන්ව ගාවගෙන එයාගෙ වැඩ අවුල් කරලා දාන්න. ඒකට හේතුව ඔයාලට හිතාගන්න පුළුවන් නේ. ආයෙ ඒකට තව හේතුවක් තියෙනවා. ඒක Episode වලදි පැහැදිලි වෙයි.


Special Episode 02 න් ඒ දෙන්නගෙ දෙවන හමුවීම ඔයාලට කියවන්න ලැබෙයි ගොඩක් දුරට. එහෙනම් Next Episode එක එනකම් මේකට React කරන් යන්න කෝඩ් එකේ දුන්න විදිහට. කමෙන්ට් එකකුත් දාන්න අනිවාර්යයෙන්ම 📍


Sachy Collins

Report Page