Miss. Anonymous - 22
Sachy Collins
ඇය ටබ් එකේ දෙපසට අත තබා නැගිට බැලුවේ දොර ලඟ සිටි තිවේන් දෙසය. ඇයට ඔහුගේ දෑස් කියවිය නොහැකිය. එහෙත් ඔහු බලා සිටියේ ඇය දෙසය.
"I need privacy."
මිශෙල් බාල හඬකින් ඔහුට කීවාය. නමුත් ඒ වචන ඔහු ගණන් ගත්තේ නැත. ඒ වෙනුවට ඔහු වචනයකින් තොරව ඇය ලඟට පිය මැන ඇගේ ඉදිරියෙන් ඉඳ ගත්තේය. ඔහු ඇගේ දෑස් දෙස බැලුවේය. ඈ වචනයෙන් නොකියූ දේ ඇගේ මුහුණෙන් ඔහුට පෙනෙන්නට තිබුණේය.
"ඇයි තමුසෙ ඊයෙ රෑ ඉඳන් කෑවෙ නැත්තෙ ?"
මිශෙල්ගෙන් පිළිතුරක් නැත. නමුත් ඇගේ නිහඬතාවයේ ශබ්දය වැඩිය. ඇගේ කොළ පැහැ දෑස් වෙහෙසත් තරහවත් දෙකම මුසු වූ බැල්මකින් ඔහු දෙස බලා සිටියේය. තත්පර කීපයකට පසු තිවේන් තම අතේ තිබූ 'Cream tube' එකක් ගෙන එයින් ක්‍රීම් ස්වල්පයක් ඇඟිල්ලක තවරා ගත්තේය.
'මාව රිද්දලා මගෙ තුවාල වලට බෙහෙත් කරන්නද ඔයාට ඕනි' ඇගේ සිත කීවේ තරහව මැදි කරගෙනය. මිශෙල් කල්පනාවෙන් පිටට එද්දී ඔහු ඇගේ නිකටෙන් අල්ලාගෙන ඇඟිල්ලේ තිබූ ක්‍රීම් දෙතොල් මත තබන්නට උත්සහ කළේය.
"Don't touch me."
ඇගේ යටිතොලට ලංව ඔහුගේ ඇඟිල්ල නතර වූයේ ඈ කියූ දේ නිසාය..
"ඔයා මගෙ ඇඟට අතක් වත් තියනවට මම කැමති නෑ."
තිවේන් මින් පෙර නොදුටු අයුරින් ඇගේ දෑස් වල තරහවක් පිරී ඇත. ඇගේ දෙතොල් වලට ලං වූ ඔහුගේ අත සෙමෙන් පහත් විය. නමුත් ඒ තත්පර කීපයක් පමණි. එකවරම ඔහු ඇගේ දෙකම්මුල් එක අතකට තද කරගෙන ඇගේ මුහුණට සමීප වූවේය.
“I don’t need permission to touch what’s mine.”
ඔහුගේ ගැඹුරු නිල් දෑස් වල සන්සුන් බව ගිලිහෙනු ඈ දුටුවාය. ඇයට සිතන්නට වත් කල් නොතියා ඔහු ඇගේ මුහුණ තවත් තද කරගෙන, ඇඟිල්ල ඇගේ දෙතොල් මත තද කරමින් ක්‍රීම් තැවරුවේය. යන්තමින් වේළුණු තුවාලය යලිත් පෑරෙද්දී වේදනාවට ඇගේ මුවින් කෙඳිරිල්ලක් පිට වුණි.
“What the hell is wrong with you ?”
හඬ බාල කරමින් ඔහු ඇගෙන් ඇසුවේය. වේදනාවට වෙවුලන ඇගේ දෙතොල් වලට යොමු වූ ඔහුගේ දෑස් අවසානයේ නතර වූයේ ඇගේ දෑස් මතය.
"මං හිතුවා තමුසෙ මට ආදරෙයි කියලා."
"ඒත් ඒක එහෙම නෙවෙයිද ?"
ඈ තම දෑස් ඔහුගේ දෑස් වලින් පිටට ගත්තේ නැත. ඇගේ හුස්ම රටාවද වේගවත් වී ඇත..
"ඔයා මට මෙහෙම රිද්දනවා නම්, ඔයාට හේට් කරනවා ඇරෙන්න මට වෙන ඔප්ශන් එකක් නෑ."
තමා කියූ දෙයින් ඔහුගේ මුහුණ වෙනස් වන අයුරු ඈ බලා සිටියාය. ඇගේ වචන ඔහුට දැනුණේ පිහි තුඩක් තමාව පණ පිටින් සිදුරු කරන්නාක් මෙන් ය. ඈ දිගින් දිගටම ඔහුගේ දිගු දෑස් දෙස බලා සිටිද්දී ඇයට දැනුනේ ඔහුගේ තද වූ ඇස් ටිකෙන් ටික ලිහිල් වෙන බවය.
"එතකොට.. තමුසෙ මට හේට් කරනවද.."
ඔහුගේ කටහඬ මදක් බිඳී ගොස් ය. ඇයත් නිහඬය..
"මොනා හරි කියනවා ශෙලී."
"තමුසෙ කවදාවත් මට ආදරේ කරේ නැද්ද ?"
ඈ දිගු වෙලාවක් ඔහු දෙස බලා සිටියාය. කුණාටුවකට පෙර තිබෙන සන්සුන් බව සේම මුළු නාන කාමරය පුරාම නිහඬතාවය පැතිරී තිබුණි.
"නෑ.."
එය ඇගේ හර්දසාක්ෂිය පවා එකඟ නොවන බොරුවක් ය. එහෙත් ඔහුට නොදැනෙන්න ඈ එය කියා දැමුවාය.
ඈ වෙනත් අතක් බලාගෙන සිටිද්දී ඔහු තවමත් ඇගේ දෙස බලා සිටියේ ඈ යලිත් තමා දෙස බලන තෙක් ය. නමුත් ඈ ඇස් සම්බන්ධතාවයෙන් වැලකී සිටියාය. ඇගේ අකමැත්ත මත තවත් එතන සිටින්නට ඔහුගේ හිත ඔහුට ඉඩ දුන්නේ නැත. නිහඬ වී ඔහු එතනින් නැගිට දොර අසලට ගියේය.
"Is that all you have to say ?"
එයට ඇගෙන් පිළිතුරක් නැති බව තිවේන්ට තේරුම් ගියේය. තවත් බලා නොසිටි ඔහු නාන කාමරයේ දොර තදින් වසාගෙන ඇගේ කාමරයෙන් පිටතට ගියේය. ඔහු යන තුරු බලා සිටි ඇය ටබ් එකට හේත්තු වී දෑත් වලින් තම හිස දෙපස අල්ලා ගත්තාය. ඇගේ හිස තදින් වේදනා දුන්නේය. එලෙසම ඇගේ දෑස්ද ගිනියම් වී තිබුණි. වෙනදාට වඩා තම පපුව බර වී ඇති බවත් ඇයට තේරුම් ගියාය.
ඔහුගේ විවාහ යෝජනාවට කැමති වී ඔහු ලඟට ආ දින සිට තමාගෙ ජීවිතය තවත් අඳුරු වුනාක් මෙන් ඇයට දැනුණි. ඈ සිතුවේ ඔහු තමාගේ ජීවිතයේ තිබූ හිස්තැන් පුරවාවි කියාය. නමුත් දැන් ඇයට දැනෙන්නේ ඔහු තමාගේ ජීවිතයේ හිස්තැන් තවත් වැඩි කරනවාක් සේය.
මිශෙල් ඇගේ අත තිබූ ලා දම් පැහැ නිදන ගවුම ඇඳගෙන නිදන කාමරයට විත් පනාවත් රැගෙන කැඩපත ඉදිරියට ගියාය. නමුත් ඒ ලඟ තිබූ මේසය දෙස බලද්දී ඈ මොහොතකට නතර වූවාය.
එය කුඩා බඳුනක දුම් නගින සුප් එකකි. ඈ මේසය අසලට ගොස් නිහඬව ඒ දෙස බලා සිටියාය. ඊයෙ රාත්‍රියේ සිටම ඈ ආහාරයක් නොගත් බව ඔහු දැන සිටියේය. සහ ඇගේ යටිතොලේ තුවාලය ඔහුගේ මතකයේ තිබුණේය. ඉතින් ඔහු ඇයට මෙය ගෙනවිත් තැබුවේ ඈ ඒ සියල්ලම හේතුවෙන් අපහසුවෙන් සිටින බව දන්නා නිසාය.
මෙය සමාව අයදීමක්ද. එසේත් නොමැති නම් ඔහුගේ සිතේ ඇති වරදකාරී හැඟීම යටපත් කරන්නට කල දෙයක්ද. ඇයට කිසිවක් සිතාගත නොහැක. බන්දේසිය මත තිබූ සුප් බඳුන ගෙන ඈ සඳලුතලයට ගියාය. සඳ රැස් දියවී තද නිල් පැහැයට දිළිසෙන ඒන්ජල් විල දෙස බලමින් ඈ ලඟ තිබූ බිත්තියකට පිටු පා බිම ඉඳ ගත්තේ දෙපාද ලං කරගෙන ය.
❝ තමුසෙ කවදාවත් මට ආදරේ කරේ නැද්ද ❞
❝ නෑ ❞
සුප් බඳුන තවමත් එක උගුරකින් වත් අඩු නොවී බිම තිබුණි. මිශෙල් තම මුහුණ දෑත් වලින් වසාගෙන පෙර තමා ඔහුට කියූ දේවල් කල්පනා කළාය. ඇගේ මුවින් ඒ වචන පිට වුවත් ඇගේ සිත ඒ වචන පිළිගන්නට අකමැතිය.
තමා දෙවරක් නොසිතා එවැනි පිළිතුරක් දෙන විට ඔහු බිඳී ගිය හැටි ඇයට යලිත් මතක් විය. ඔහුගේ දෑස්ද එයට ප්‍රතිචාර දැක්වූ හැටි ඇගේ මනසේ චිත්‍ර මෙන් ඇඳුනේය. මේ සියල්ල මතක් වන විට, පැළුණු යටි තොලට දැනෙන වේදනාවට වඩා ඇගේ සිතේ වේදනාව වැඩි වෙන්නට පටන් ගත්තේය.
හේතුව ඈ කියූ සෑම දෙයක්ම බොරුවක් නිසාය..
මිශෙල් තදින් රිදෙන හිස පිටුපස බිත්තියට තද කරගෙන දෑස් පියා ගත්තාය. සමහර අවස්ථා වල ඇයට ඇයව පාලනය කරගත නොහැකිය. ඒ දුක වේදනාව මිශ්‍ර වූ වෙලාවලට ය. නමුත් එයින් බිඳෙන්නේත් ඇයමය.
"I’m sorry.. Thiwen.."
"I’m sorry I said that."
ඈ ඇයටම කියා ගත්තේ අසල තිබූ දුම් නගින සුප් බඳුන දෙස බලාගෙන ය..
........
සතියක් පමණ ගත විය..
මිශ්කා සිටියේ ඇගේ නිවසේ එළිමහන් මේසයක ඉඳගෙන තේ කෝප්පයක් අතැතිවය. ඇගේ ඉදිරියෙන් ඒඩ්‍රියන් සහ නඳුනිද වාඩි වී කතා කරමින් සිටියේය. ඔවුන් අශේන්ගේ සිරුර හමු වූ ස්ථානයට ගොස් යලි ආවා පමණි.
අද උදයේ එක්තරා පුද්ගලයෙක් දුන් තොරතුරකට අනුව පොලිසිය දින ගණනක් අතුරුදන්ව සිටි අශේන්ව අතහැර දැමූ කර්මාන්ත ශාලාවක වතුර ටැංකියක තිබී සොයා ගත්තේය. මිශ්කා තවමත් පරාජිතයෙකු මෙන් කල්පනා කරද්දී ඈ අකමැතිම කෙනා වූ මිශෙල් ඇගේ එක් ගොදුරක් ඩැහැගෙන හමාරය.
"කිලර් ගෑනු ළමයෙක්ම තමයි. නේම් ටැග්ස් වල තියෙන එයාගෙ Handwriting බලන්න. ඒ එක අකුරක වත් ඇදයක් නෑ. අඩුම පෑන් තීන්ත වත් බොඳ වෙලා නෑ. අනික එයා ඒ අයව මරන්නෙ, තැන් තැන් වලට ගෙනවිත් දාන්නෙ හරිම පිළිවෙලට. අඩුම එයා ආපු වාහනයක ටයර් පාරක් වත් නෑ."
මිශ්කා කියද්දී ඒඩ්‍රියන් තම හඬ අවදි කළේය..
"එයාට ඇත්තෙ ටයර් ගෙවුණු වාහනයක්. අනික එයා පිළිවෙලට හරිම සූක්ෂමව වැඩ කරන කෙනෙක්. අදාල මනුස්සයා මරනවට වඩා එයා අවධානය දෙන්නෙ ඒ අයව මයික්‍රො එවිඩන්ස් එකක් වත් නැතුව ගෙනවිත් දාන එකට."
ඒඩ්‍රියන් කියූ දේට එකඟව නදුනි හිස වැනුවාය..
"කාඩ් එකේ තියෙන කෝඩ් එක ගැන හොයාගන්න බැරි උනාද මිශ්කා ?"
"ඔව්.. මට හොයාගන්න බැරි උනා. මම බැලුවා මේක වෙන රටක හරි පරණ අක්ෂර වර්ගයක්ද කියලා. ඒත් එහෙමත් නෑ. ඒකෙ තියෙන සමහර අකුරු English වලට සමාන උනාට ඒකෙන් තේරුමක් ඇති වචනයක් හැදෙන්නෙ නෑ. හෙඩ් එකෙන් පවා ඒක හොයනවා. එයාලා කියන්නෙත් ඒක කම්ප්ලෙක්ස් කියලා. අනික තව මතයක් තියෙනවා. කිලර් ඒ ටැග් එකෙන් අපිව නොමග යවනවා වෙන්න පුළුවන්. මොකද අනිත් දේවල් ගැන හොයනවට වඩා අපි ඒකට ඇටෙන්ශන් එක දෙන නිසා."
"ඒත් එහෙම කියන්නත් බෑ මිශ්කා. මේ කාඩ් වල තේරුමක් තියෙනවා මයි. කිලර් අපිට ඒකෙන් එයා ගැන හරි මේ මැරෙන අය ගැන හරි එයාගෙ ඊලඟ ටාගට් ගැන හරි කියනවද දන්නෙ නෑනෙ."
ඒඩ්‍රියන් කුමක් කීවත් මිශ්කා එය පිළිගන්නට අකමැති වූවාය..
"ඒත් කෝ.. අපි මෙච්චර දවසක් ට්‍රයි කලා. හෙඩ් එකේ ඉන්න සීනියර්ස්ලාත් ට්‍රයි කලා. එයාලා වගේම මම මගේ පැත්තෙන් මේකට නොකරන දෙයක් නෑ. මට හිතෙන්නෙම අපි බොරුවට මේකෙ එල්ලිලා ඉන්නවා කියලා."
"අනික කිලර්ගෙ CCTV footage එකක් වත් හම්බුණේ නෑ. එයා මෙහෙ ගැන හොඳ දැනුමක් තියෙන කෙනෙක් වගේ. ඒකනෙ එයා කැලෑ වලට ගම් වලට මේ මිනිස්සුන්ව ගිහින් දාන්නෙ."
අදටත් මේ ඝාතන සිදු කරන ඝාතකයාගේ CCTV දර්ශනයක් වත් සොයා ගන්නට නැත. මේ ගෙවෙන්නේ අවුරුද්දේ අවසාන කාලය නිසා විටින් විට එන වැසි තත්ව හේතුවෙන් සමහර තැන් වල ඉතිරිව තිබූ ක්ෂුද්‍ර සාක්ෂි පවා මැකී ගිය නිසා කිසිවෙකුටත් තවම ඝාතකයා කවුරුන්ද කියා දැන ගන්නට නොහැකි විය.
"බලමුකො.. හෙඩ් එකෙන් සේරම චෙක් කරගෙන යද්දි අනිවාර්යයෙන්ම එවිඩන්ස් එකක් හම්බවෙයි කිලර් ඉන්නෙ කොහෙද කියලා."
අශේන්ගේ සිරුර කොටස් වලට වෙන් කර වතුර ටැංකියේ දමා තිබුණේ මීට දින තුනකට පමණ පෙරය. නමුත් එයින් ගන්ධයක් ආවේ ඊයේ රාත්‍රියේය. මින් පෙර ඝාතනය වූ අනෙක් අයගේ මෙන්ම ඔහුගේ වෙන් වුන එක අතකද ∆И|)318Z0И යන අක්ෂර සහිත කාඩ් පතක් ඔහුගේම ලේ තැවරූ නූලකින් ගැට ගසා තිබුණි. නමුත් මේ කාඩ් පතේ තිබූ රහස් වචනය තියා පෙර කාඩ්පත් තුනෙහිම තිබූ රහස් වචන අද වෙනතුරු කිසිවෙකුටත් සොයාගන්නට නොහැකි විය. මිශ්කාද එයින් තේරුමක් සහිත වචනයක් නිර්මාණය කරන්නට උත්සහ කළත් ඒ උත්සහයන් සියල්ලම ව්‍යර්ථ විය..
දහවල් දොලහට තවත් ඉතිරිව තිබුණේ මිනිත්තු විස්සක් පමණි..
මිශෙල් සිටියේ ඇගේ උවමනාවකට දුර ඈතක ගමකට යන අතරතුරය. මිනිත්තු කීපයක සිට ඇයට අදත් තමා පසුපස කවුරුන් හෝ ලුහුබඳින බවක් දැනුණාය. පිටුපසින් එන වාහනයක් දුටුවේ නැතත් ඇගේ සිත කීවේම මදකට නවතින ලෙසය. ඉතින් ඈ මෝටර් රථය මාර්ගය මැදම එකවර නතර කළාය.
ලා දුඹුරු පැහැ දිගු කබාය ඇතුලත සාක්කුවක තිබූ පිස්තෝලයත් අතට ගෙන ඈ මෝටර් රථයෙන් බැස එහි දොර වසා දැමුවාය. මෝටර් රථය අසලම සිටගෙන ඈ බලා සිටියේ ඇගේ සිතුවිල්ල නිවැරදි බව ඔප්පු වන තුරුය. ඈ ඇසිපිය ගසන ක්ෂණයට ඇගේ ඉදිරියෙන් කළු පැහැ 'BMW' වර්ගයේ මෝටර් රථයක් ක්ෂණිකව තිරිංග යොදමින් නැවතුණි. ඇගේ සිතුවිල්ල නිවැරදිය. යලිත් වතාවක් තිවේන්ගේ ආරක්ෂකයෙකු ඇයව ලුහු බැන්දේය.
මෝටර් රථයේ සිටි රියදුරාටද ඇගේ මෝටර් රථය නවතා තිබෙන අයුරු නොපෙනුනේ එතැනම ඇති වංගුව නිසාය. ඔහු කරකියා ගන්නට නොහැකිව ඇගේ දෙස බලා සිටිද්දී ඈ පිස්තෝලයත් තම අත තබාගෙන මෝටර් රථය අසලට ලං වුනාය.
"What the f*ck do you want ?"
ඈ අනෙක් පස තිබූ ජනේලයෙන් එබී ඔහුට පිස්තෝලය ඉලක්ක කළාය. ඒ සමඟම ඔහුගේ මුහුණ වෙනස් වෙන අයුරු ඈ දුටුවාය.
"මගේ දේවල් වලට ඇඟිලි ගහනවට මම කැමති නෑ කියලා තමුසෙගෙ බොස් කියලා දුන්නෙ නැද්ද ?"
ඇගේ කොළ පැහැ දෑස් තරහින් විසල් වී තිබෙනු ඔහුට පෙනුනේය. මෙය මෙතනින් අවසන් බව ඔහුට වැටහුණේය.
"මැඩම්......"
"Listen to this carefully.. If you follow me again, I will kill you and throw you into this estate."
ඈ කියූ දේට එකඟව ඔහු හිස වැනුවේය. තවමත් ඇගේ අත තිබූ පිස්තෝලය ඔහුගේ මුහුණටම ඉලක්ක වී තිබුණි.
"තව දෙයක්.. තමුසෙගෙ බොස්ට කියනවා මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න කියලා."
යලිත් ඔහු හිස වනද්දී මිශෙල් තියුණු බැල්මකින් බලා තම මෝටර් රථය අසලට ගියාය. නමුත් මගක් දුර ගිය ඈ නැවත හැරී ඔහු සිටි මෝටර් රථයේ ඉදිරි රෝද දෙකටම වෙඩි පහරවල් දෙකක් එල්ල කළාය. ආරක්ෂකයින්ගේ වචන වතුරේ ඇන්ද ඉරක් හා සමාන බව දන්නා නිසා ඈ එය කරන්නට සිතුවාය.
මිශෙල් යලිත් තමාගේ ගමන යන්නට පිටත් වූවාය. ඈ ගියේ නෝර්ත් වුඩ්ස් සිට පැය දෙකක් පමණ දුරින් පිහිටි ගමකටය. දිගු අතුරු පාරක් දිගේ ගොස් අවසානයේ ඇගේ මෝටර් රථය නතර වුනේ පැරණි නිවසක් ඉදිරියේය. ඈ මෝටර් රථයෙන් පිටතට එද්දී ඈ එනතුරු බලා සිටි කාන්තාව නිවසේ ඉස්තෝප්පුවට ආවාය.
"ශෙලී.. මං ඒත් හිතුවා ඔයා බිසී ඇති කියලා."
"ඔව් ආන්ටි.. මම මේ දවස් වල මර්ඩර් කේස් එකක් එක්ක පැටලිලා. ආයෙ යන ගමන් මට හෙඩ් ක්වාටර්ස් යන්න තියනවා."
මිශෙල් තම අතේ තිබූ බඩු මල්ල ඇගේ අතට දුන්නාය. ඇය නිවස තුලට යද්දී මිශෙල් තමා ඇඳ සිටි කබාය ගලවා පුටුවේ අතකින් තබා වාඩි වුනාය. මේ මිශෙල් ඇයව හමුවෙන්නට ආ තුන් වන අවස්ථාව ය. අද ඇය මෙතන සිටින බව තිවේන් තියා කිසිඳු අයෙකු දන්නේ නැත.
........................................................... 🖤 ...
කවුරුත් දන්නෙ නෑ කිව්වට ඔයාලා දන්නවා නම් කියන්න මිශෙල් මේ කොහෙද ආවෙ කියලා ?
ඔයාලට හිතෙන විදිහට මිශෙල් තිවේන්ට වෛර කරනවද, ආදරෙයිද, නැත්තම් තාම Loading ද 🥹
Sachy Collins