වීදි පුරඟන

වීදි පුරඟන


නවවන කොටස

.

අද ෆැක්ටරියෙ පිස්කල් මෙශර්මන්ට් පටන් සුදුසුම දවසක් බව මට තේරුනේ, උදෙන්ම එලිය වැටීගෙන එනව දැකල. බණ්ඩාරවෙල ස්වභාවික අඳුරු පරිසරය, ඇත්තටම මගෙ වැඩට බාධාවක්. මොකද තියෝඩොලයිට් උපකරණය ක්‍රියා කරන්න පවා යම් තරමක එලියක් අවශය නිසා. තියෝඩොලයිට් කියන්නෙ ඔය පාරවල් හදන තැන්වල එහෙම තියාගෙන ඉන්න පොඩි කැමරාවක් වගේ උපකරණයටයි.


හෙඩ් ඔෆිස් එකෙන්, මම මෙහෙට ආපු පළවෙනි දවසෙම අදාළ බඩු බාහිරාදිය ෆැක්ටරියටම එවල තිබ්බ නිසා මට තවත් කල්ගත කරන්න උවමනාවක් තිබ්බෙ නෑ.


සංජීව කතා කරල දීපු, ෆැක්ටරියෙ වැඩ කරන මිනිස්සු කීප දෙනත් එක්ක, මම උදෙන්ම ෆැක්ටරියට අදාළ ඉඩම මිනුම් කරන්න පටන් ගත්තා.


ඒ මිනිස්සුන්ට යන්ත්‍ර උපකරණ හසුරවන්න දැනුමක් නොතිබ්බත්, කියන දේ එකපාරින්ම තේරුම් අරන් ඒ වැඩේ ක්‍රියාත්මක කරන්න පුලුවන් වෙන සහජ දක්ශකමක් තිබ්බා. ඒකෙන් ලොකුම වාසියක් ලැබුනෙ මට.


ෆැක්ටරිය සෑහෙන වපසරියක පැතිරුණු බිල්ඩිමක් බව මම කලින්ම සඳහන් කලානෙ. ඉතින් ෆැක්ටරිය අයත් වෙන භූමි ප්‍රමාණයේ තරම ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ.


ඔක්කොටම වඩා අමාරු උනේ, බිල්ඩිම අවට තියෙන උස් පහත් බිම් අස්සෙ, මිනුම් කරන එක. ඇවිදින අතරෙ කකුල එහෙට මෙහෙට පෙරලෙන නිසා, මම දාන් ඉන්න සාමාන්‍ය සපත්තු දෙකට කකුල් දෙක රිදුම් දෙන්න ගත්ත.


මෙහෙ වැඩ කරන මිනිස්සු නං ගොඩක්ම දාන් හිටියෙ ටිකක් අඩිය උස සපත්තු හෝ සෙරෙප්පු.


නිල වශයෙන් රස්සාව කරන්න ගිහිල්ල මම කරගත්ත මෝඩකමක් කියල හිතුන මට.


"අයියෙ... මෙතන ලෙවලින් එක පොඩ්ඩක් බලනවද?"


කකුල් දෙකත් ගස්ස ගස්ස මම මගෙ නෝට්බුක් එකේ මිනුම් සටහන් කරගන්න අතරෙ, මගෙ උදව්වට ආපු ළමයෙක් මට කතා කරල කිව්වා.


'අයියා' කියන පදය ඒ ළමය භාවිත කලේ මගේම දැනුම්දීමකට.


"ආ බලන්නං මං. මොකක්ද අවුල?"


"කන්දෙ මේ පැත්ත පොඩ්ඩක් පහළින් තියෙන්නෙ අයියෙ. බිල්ඩිම හරිය විතරයි පුරවල උස්සල තියෙන්නෙ මම හිතන්නෙ"


ගොඩකරපු ඉඩම් කියන්නෙම මහා හිසරදයක්.


ඒ ළමයගෙ කීම නිසා මම තියෝඩොලයිට් එක සම්බන්ධ කරල තිබ්බ ස්ටෑන්ඩ් එක එජස්ට් කලා. කිව්වත් වගේ, ෆැක්ටරියෙන් ඈතට යන්න යන්න පොළව ආනත වෙනව.


ඒක ෆැක්ටරියට රතු කොඩියක් බව දැනගත්තත්, මම ඒ ළමයට ඒ බවක් සඳහන් කරන්නැතුව දිගටම මගෙ වැඩේ කලා.


මිනිස්සුන්ගෙන් හම්බුනු සහයෝගයයි, පරිසරය හොඳට එළිය වෙලා තිබ්බ නිසයි කියන කාරණා දෙකම නිසා, මගෙ වැඩේ හිතුවට වඩා ලේසි උනා. එකම අවුල සපත්තුවට කකුල් දෙක කැපුන එක.


උදේ වරුවම මගෙ වාසියට හැමදේම උනත්, දවල් දොළහ පහුවෙලා ටික වෙලාවකින් වටේම කළුවර උනේ, වැස්සකට පෙරනිමිති කියමිනුයි.


ඉතින් මගෙ වැඩේ බාගෙට නවත්ත දාල, මට ආපහු මිනුම් උපකරණ ටික මගෙ ඔෆිස් එකට ගන්න උනා. මගෙ උදව්වට ආපු මිනිස්සු ටිකත් ආපහු එයාලගෙ වැඩ වලට පිටත් කරල, මමත් ආපහු ක්වාටස් එකට යන්න ලෑස්ති උනා.


ෆැක්ටරියෙන් කාර් එකට නගිනවත් එක්කම හීන් පොදයක් වැටෙන්න පටන් ගත්තයින්, අද මීට වඩා යමක් කරන්න වෙන්නැති බව මට තේරුම් ගියා.


මම ක්වාටස් එකට එන පොඩි වෙලාව ඇතුලෙ ඒ හීන් පොදේ ටික ටික වර්ධනය උනේ, අද දවසට ඉඩමෙ ඉතුරු ටිකත් මෙශර් කරන්න මගෙ හිතේ තිබ්බ උනන්දුව නැත්තටම නැති කරල දාමිනුයි.


ටික වෙලාවකින්ම මම ක්වාටස් එක ඉස්සරහින් කාර් එක නවත්තල වැස්සෙ තෙමි තෙමිම ගෙට දුවල ගියා.


"තුරුලී...."


ක්වාටස් එකට ඇවිත් එහෙ මෙහෙ ගිහින් බැලුවත්, තුරුලි පේන්න නොහිටපු හින්ද මම පොඩ්ඩක් සද්දෙන් එයාට කතා කලා.


ඒත් එයාගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති උන හින්දා මට පොඩි බයක් දැනුන.


මම ඉක්මනටම ගියේ, නිදන කාමරේ තිබ්බ මගෙ බෑග් එක ගාවට. මොකද මගෙ ක්‍රෙඩිට් කාඩ්, අරන් ආපු සල්ලි ඔක්කොම තිබ්බෙ ඒකෙ නිසා. බෑග් එක අවුස්සල ඒ ඒ දේවල් තියෙන බවට සැකහැර දැනගත්තට පස්සෙ නං මට දැනුනෙ, තුරුලිව අවිශ්වාස කරපු එකට පොඩි වරදකාරී හැඟීමක්.


ඒත් එක්කම තුරුලිට මොකක් හරි කරදරයක් වෙලාද කියල හිතුන නිසා මම ඉස්සරහ දොර ගාවට ඇවිත් වටපිට බලන ගමන් ආපහු එයාට කතා කලා.


"තුරුලී.... කොහෙද ඉන්නේ....?"


ඒ ගමන නං, එලියෙ දොරක් ඇරෙන සද්දෙකුත් එක්කම තුරුලිගෙ කටහඬ මතු උනා.


"සර්... සර්... මම මෙහේ..."


තුරුලිගෙ කටහඬ ආවෙ වොශ්රූම් එක පැත්තෙන් නිසා මම ඒ දිහාට හැරුනා. එයා සාලුවකුත් පටලගෙන, කොණ්ඩෙත් කඩාගෙන ඔලුව විතරක් එලියට දාන් බලන් ඉන්නව.


"ආ... හරි හරි පේන්න නැති නිසා බැලුවෙ... හිමීට කරන දෙයක් කරන් එන්න..."


"හී... නාගත්තා සර්... ඉක්මනට එන්නං..."


"හරි හරි හදිස්සියක් නෑ..."


තුරුලිගෙ පිරුණු කලව දෙක වැහිපොද අස්සෙන් දැක්ක උනත්, වැඩට බාධා උන නිසා කලබල උන මගෙ හිත සන්සුන් කරන්න, ඒ දසුන හොඳටම ප්‍රමාණවත් උනා.


මම ආපහු සාලෙ සැටියෙන් වාඩි වෙලා, සපත්තු දෙකයි මේස් දෙකයි ගලවල දාල කකුල දිහා බැලුව.


ඔෆිස් එකක සමතලා පොළවෙ ඇවිදිනව වගේ නෙවෙයිනෙ, ගල්මුල් උඩ මේ සපත්තු දාන් ඇවිදින එක. ඉතින් කකුල් දෙකේම තැන් හතර පහක්ම සපත්තුවට කැපිල තිබ්බා.


ටික වෙලාකින් තුරුලි ඉස්සරහ දොරින් ඇතුලට ආවෙ, "සර්... සොරී... මම ආවා... අනේ... තාම කෑම හැදුවෙත් නෑ.. සර් කලින්ම ඇවිල්ලනෙ..." කියාගෙනයි.


තුරුලි කියපු දේවල්, එකපාරට ග්‍රහණය කරගන්න අමාරු උන නිසා මම එයා දිහා බැලුව ඇස් දෙකත් ලොකු කරල. ඒත් මගෙ ඇහැ ගියේ තුරුලිගෙ මූණට නෙවෙයි. එයාගෙ අතේ තිබ්බ ප්ලාස්ටික් බේසම දිහාටයි.


"ඒකට කමක් නෑ. ඔය බේසමේ මොනාද තුරුලි?"


"ආ... මේ... ඊයෙ ඇඳුම් ටික හෝදල දැම්ම සර්... අද වේලන්න නං වෙන්නෑ... වහිනවනෙ"


එතකොටයි මටත් මතක් උනේ ඇඳුම් ගැන. මේ දවස් තුනේම මම වැඩ ගැනම හිතුව මිසක ඇඳුම් ගැන හිතුවෙ නෑනෙ. මේ කෙල්ල දවල්ට ඒ වැඩපල ඔක්කොම කරල දාල.


"ආහ්... ඇඳුනුත් තියෙනව නේ... අනේ සොරි තුරුලි මට ඒ ගැන අමතකම වෙලා ගිහින් තිබ්බෙ. මමත් හෙට ඉඳන් උදව් කරන්නං.."


"ඕන්නෑ සර්... ගොඩක් නෑනෙ... සර් ඉන්න මම ඉක්මනට උයන්න ගන්නං..."


"හරි හරි හදිස්සියක් නෑ... මම ආපහු යන්නැති වෙයි... වැස්සෙ එලියෙ වැඩක් කරන්න බෑ. එළියත් නෑනෙ..."


"හරී... මම මේ ටික ඇතුලෙන් තියන්නං... හෙට මම වේලන්න එළියට දාන්නං..."


"එලියෙ කොහෙන්ද දාන්නෙ... රෙදි වැලක් බැඳල දෙන්නද.."


"ඕන්නෑ සර්... අර පිටිපස්සෙ තියෙන ලී වැටෙන් දාතැකි..."


"ඇහ්.. පිටිපස්සෙ එහෙම එකකුත් තියෙනවද?"


මම පුදුමෙන් වගේ ඒක අහපු පාර තුරුලිට හිනා ගියා. එයා කටත් වහගෙන හිනා වෙවීම, රෙදි බේසම නිදන කාමරේ ඇතුලෙන් තියල කුස්සියට ගියා.


මම එයා කුස්සිය ඇතුලෙ නොපෙනී යනකංම බලන් ඉඳල, වීදුරු බිත්තියෙන් එලිය බැලුවා.


මේ වගේ තැනක නියම ෆීලින් එක එන්නෙ මෙන්න මේ වෙලාවටයි. මීදුම හිමීට මෝදු වෙන වෙලාවක, කළුවර පරිසරයක් මැද්දෙ පුංචි වීදුරු පෙට්ටියක ඉන්නව වගේ හැඟීමක් මට දැනුනෙ.


ඇඟට දැනුන හීතලත් එක්කම මට මතක් උනේ තුරුලිගෙ උණුහුම.


"සර්... වොශ් දාගන්නව නං දාගෙන එන්න... රෑ වෙනකං ඉන්න එපා... අද හීතලයි ගොඩක්..."


තුරුලිගෙ කටහඬට ගැස්සුන මම, ඔලුව හරවල කුස්සිය පැත්තට හැරුනා. තුරුලි මං දිහා බලන් ඉන්නව කටත් උල් කරගෙන.


"ආහ්... ඔව් තුරුලි මාත් වොශ් එකක් දාගන්නං. ආයෙ යන්න බෑ වගේ දැන් නං."


මගෙ උත්තරේ අහපු ගමන්, "හරී...." කියාගෙන තුරුලි ආපහු පාරක් කුස්සිය ඇතුළට ගියා.


ඒත් එක්කම මමත් කාමරේට ඇවිල්ල, ඇඳුම් කෑලි දෙකකුයි සාලුවයි අරන්, වැස්සෙ තෙමි තෙමිම එළියෙන් වොශ් රූම් එකට ගියා.


පුදුම මොළකාරයෙක් මේ හවුස් ඩිසයින් එක හදල තියෙන්නෙ. මේ වගේ පැත්තක හරි නං වත්තම වැහෙන්න වහළයක් දාන්න ඕනෙ. ඒත් වොශ් රූම් එකට යන්නත්, එළියට එන්න ඕනෙ.


කොහොම උනත්, හීටරේ තිබ්බ නිසා හීතල වතුර ඇඟේ තවරගන්න ඕනෙ උනේ නෑ මට. මෙහෙට කරන්ට් එක තියෙනකං වතුරෙ හීතල ගතිය ප්‍රශ්නයක් නෙවෙයි.


වොශ් දාල ඉවර වෙලා, මම සාලුවත් ඔලුවට දාන් ආපහු ගෙට ආව.


එහෙම්ම මම ගියේ කුස්සියට. ඒ, වෙන කරන්න වැඩකුත් නැති නිසා තුරුලිට උයන්න උදව් කරන්න කියල හිතාගෙන. මම කුස්සියට ගිය ගමන් තුරුලි මට කතා කරල, "සර් ඉන්න. මම ඉක්මනට කෑම හදන්නං" කියල කිව්ව.


"නෑ නෑ... මාත් උදව් කරන්න ආවෙ. මට ඔය එලවලු කපන වැඩ එහෙම පුලුවන් පොඩ්ඩක්"


"ඕන්නෑ සර්... සර් වාඩිවෙලා ඉන්න"


"නිකං වාඩිවෙලා ඉන්න බෑ අනේ"


මම නෝක්කාඩුවට වගේ ඒක කියපු නිසා, තුරුලි හිනාවෙලා ඔලුව වැනුව.


"ම්ම්ම්ම් හරි එහෙනං. සර්ට පුලුවන් නං මේ අල ටික සුද්ද කරල දෙන්නකො"


"හරී.."


මෙච්චර වෙලා මම ලොක්ක වගේ හිටියට, කුස්සියට ආපු ගමන් මම ගෝලයා උනා.


තුරුලි දීපු අල භාජනේ ළඟට අරන්, එයාගෙන්ම පිහියකුත් ඉල්ලගෙන මම හිමීට අල ගෙඩියක් සුද්ද කරන්න ගත්තා.


පණ්ඩිතකමට ඉල්ලගත්තට, මම මීට කලින් කවදාවත් අල සුද්ද කරල නෑ. ඒත් ඒක එච්චර අමාරු වැඩක් නෙවෙයි වගේ පෙනුන නිසයි, මම එයාට උදව් කරන්න හැදුවෙ.


අල පොතු අරින එක ලේසි වැඩක් වගේ දැක්කට, ඒකට ඇත්තටම පොඩි හරි පුහුණුවක් ඕනෙ බව මට තේරුනේ ටිකක් වෙලා ගිහිල්ල. ඒ, පිහිය ලිස්සල ඇවිල්ල වම් අතේ සුළැඟිල්ල පොඩ්ඩක් කැපුන නිසා.


"ඌයිහ්..."


වේදනාවක් නොදැනුනට, එක පාරම ඇඟිල්ලෙන් ලේ එන්න ගත්ත නිසා මට කියවුනා.


මගෙ සද්දෙට, තුරුලි ඔලුව හරවල මං දිහා බැලුව බය වෙලා වගේ. ඇඟිල්ලෙන් ලේ එනව කියල දැක්ක ගමන් එයා කෑගහන්න ගත්තා.


"අ... අනේ සර්... අත කපාගත්තද..."


"පොඩ්ඩක් කැපිල වගේ නේ. අවුලක් නෑ එච්චර. ඉන්නකො මේ ටික සුද්ද කරල ඉන්න"


"අනේ එපා එපා. සර් අත හෝදගන්න හොඳට. තව මොකක් හරි කරගනීවි නැත්තං. ඉන්න මම ප්ලාස්ටරයක් හොයන් එන්නං."


"ආ මේ මගෙ අර ට්‍රැවලින් බෑග් එකේ එලියෙම පොඩි පොකට් එකක් තියෙනව. ඒකෙ ඇති ඩෙටෝල් ප්ලාස්ටර් දෙක තුනක්"


"මම ගේන්නං සර්. සර් අත හෝදගන්න දැන් හොඳට."


තුරුලි, බත් එක ලිපේ තිබ්බ ගමන්ම ඒ. එයා ඒ ඔක්කොම වැඩ දාල ගේ ඇතුලට ගියා. එයා ගිහින් එනකං මම කැපුන තැන හොඳට හෝදගෙන, රෙදි කෑල්ලකින් තෙත මාත්තු කරගත්ත.


"ආ සර්... කෝ අත දෙන්න..."


තුරුලි ආපහු කුස්සියට ආවෙම, ප්ලාස්ටරේ කවරෙ ගලවන ගමන්. එයා දිහාට මම අත දික් කලාට පස්සෙ, එයා සුළැඟිල්ල දිහා හොඳට බලල, සීරුවෙන් ප්ලාටරේ ඇලෙව්ව කැපුන තැනට.


"ඇඟිල්ලට තද නෑ නේද සර්.."


"ම්ම්ම්ම් අවුලක් නෑ... කෝ දෙන්න මං ඉතුරු ටිකත් සුද්ද කරල දෙන්නං... දැන් ක්‍රමේ දන්නවා..."


"නෑ නෑ... සර් ගිහින් වාඩි වෙලා ඉන්න එලියෙන්. මම ඉක්මනට කෑම ටික හදන්නම්..."


දැන් නං තුරුලිගෙ මූණෙ පේන්නෙ තියෙන්නෙ පක්ෂපාතී බව හඟවන පෙනුමකටත් වඩා, තරහ ගිය පෙනුමක්. ඒ නිසා මම එයාට විරුද්ධ නොවී හිමීට ඇවිදන් ඇවිල්ල, සාලෙ සෝෆාවෙන් වාඩි උනා.


වෙන කරන්න වැඩකුත් නැති නිසා, මම ෆෝන් එක අරන්, ඇවිල්ල තිබුණ මැසේජස් ටික බැලුව. හැබැයි ෆේස්බුක් අනං මනං වල නෙවෙයි.


සෝශල් මීඩියා කියන්නෙ මම ඉස්සර ඉඳලම ප්‍රතික්ෂේප කරපු දෙයක්. ඒ මම හනමිටි අදහස් දරන නිසා නෙවෙයි. මම මගෙ පෞද්ගලිකත්වය අගයන නිසා.


ෆෝන් එකෙත් බලන්න තරන් දෙයක් තිබ්බෙ නෑ. ඩයලොග් එකෙන් එවන ප්‍රමෝශන් මැසේජ් ඇරෙන්න, මගෙ දුක සැප හොයල බලන්න තරන් කෙනෙක් නෑ කොහොමත්. ඒ නිසා මම ෆෝන් එක කාමරේ චාජරේට ගහල ඇවිල්ල සෝෆාවෙන් ඇල උනා.


මගෙ ඇහැ පියවිලා කොච්චර වෙලාවක් ගත උනාද කියල නං මම දන්නෑ.


ඒත් මට ආපහු ඇහැරුනේ තුරුලි ඇවිල්ල මගෙ උරහිසට තට්ටු කර කර කතා කරනව ඇහිලා.


"සර්... කෑම හැදුවා... කන්න පුලුවන්..."


මම ඇස් දෙක ඇරල කෙලින් උනේ, "ආහ් කමු එහෙනං" කියන ගමන්.


"කෑම කාමරෙන් ඉන්න සර් වාඩි වෙලා. මම බෙදන් එන්නං."


"අහ් හරි තුරුලි"


තුරුලි මට ඉස්සර වෙලා කුස්සියට යන අතරතුරේ, එයාගෙ සාය දිහාට ඇහැ ගියත් ඒක මට එච්චර ලොකු දෙයක් උනේ නෑ. ගෑණු ළමයෙක් ගොඩක් කොට සායක් අඳිනව කියන එක මෙච්චර කාලෙකට මට ආගන්තුක උන දෙයක්. මම වැඩිය සමාජය එක්ක ගැටෙන්නැති එකයි, පොඩි කාලෙ ඉඳලම හැදුන වැඩුන පවුල් පරිසරයයි නිසා වෙන්නැති, එහෙම දෙයක් දකිනකොට මට අපහසුවක් දැනුනා.


ඒත් තුරුලි එක්ක ගතකරපු මේ දවස් කීපය නිසා, එයාගෙ ඇඳුම් විලාසිතා වලට මමත් ඉබේම හැඩගැහිලා. මට ඒක තවත් ඇඳුමක්ම විතරක් වෙන තත්වයට මාව වෙනස් වෙලා.


මම කෑම කාමරේට ගිහිල්ල වාඩි වෙලා ඉන්න අතරෙ තුරුලි බත් එකක් බෙදාගෙන ආව. එයා බත් එක මේසෙ උඩින් තිබ්බත්, මම ගාවින් නෙවේ තිබ්බෙ. මම හිටපු තැනට එහයින් තිබ්බෙ.


ඒ තියල එයත් මට එහාපැත්තෙන් වාඩි උනා.


"සර්... පොඩ්ඩක් රස්නෙයි. හිමින් කමු..."


කමු? තුරුලි කියපු දේ එක පාර ඔලුවට ගියෙ නැති නිසා මම මුකුත් නොකිය එයා දිහා බලන් හිටිය.


එයා බත් එකට පිඹ පිඹ අමාරුවෙන් බත් කටක් අතට අරන් මගෙ කට දිහාට අරන් ආව.


"කෝ... ආ කියන්න... බත් හැලෙයි නැත්තං..."


මට පුදුම හිතුනත්, තුරුලිගෙ අණ කිරීමට මට කට ඉබේම කට ඇරුනා.


එයා කවපු බත් කට ගිලල ඉවර වෙලා මම කතා කලා එයාට.


"මෙ... මේ ඇයි මේ කවන්නෙ. මම කන්නං..."


"සර්ගෙ අත කැපුනා නේ දැන්... ඒ නිසා දැන් අතින් කන්න එපා... හොඳ උනාම කන්න..."


"ඉතින් කැපුනෙ වම් අතනෙ. මම දකුණු අතින්නෙ කන්නෙ"


"ඒකට කමක් නෑ... ආ කියන්න දැන්..."


තුරුලි ලැජ්ජාවෙන් ඔරවගෙන ඒක කියපු විදිහට, මට නං හිතුනෙ එයා ආසාවෙන් මේ වැඩේ කරන්න හදනව කියල. ඒ නිසා මමත් මුකුත් නොකියම තුරුලිට කියල කවාගත්තා.


"සර්... ආයෙ යන්නෙ නැද්ද අද"


"නෑ තුරුලි. ගිහිල්ල වැඩක් කරන්න බෑනෙ. මේ වහින විදිහට"


"එතකොට සර් ඇතුලක නෙවේද ඉන්නෙ."


"ඇතුලෙ වැඩත් තියෙනව. ඒත් මුලින් ඉඩම මෙශර් කරල ඉන්න ඕනි. ඒක කරන්න එලියට බහින්න විදිහක් නෑ."


"ම්ම්ම්ම්ම්ම්... එතකොට හෙට වැස්සොත් හෙටත් යන්න වෙන්නැද්ද..."


"ඒ වගේ තමා. බලමුකො..."


"සර් එහෙම උනොත්, අපි හෙට ටවුමට පොඩ්ඩක් ගිහිල්ල එමුද?"


"අහ්... මොනා හරි අඩුපාඩුවක් තියෙනවද?"


"බේත් මුකුත් නෑනෙ සර් මෙහෙ. හදිස්සියෙ හෙම්බිරිස්සාවක් වත් හැදුනොත් එහෙම. කලින්ම අරගෙන ඇවිල්ල තියාගන්න එක හොඳයි නේද සර්..."


"ආහ් ඒක මතක් කරපු එකත් හොඳයි. හෙට යං එහෙනං හවස් වෙලා හරි."


"හා සර්... ආ කියන්න..."


ඇත්තටම මේ ගමන තනියම ආව නං මට රස්සාවත් එපා වෙනව. තුරුලිගෙ පැමිණීම මට ලොකු හයියක් උනා වගේම, හිතට අමුතු නිදහසකුත් දැනෙනව.


මට කවල ඉවර කලාට පස්සෙ, තුරුලිත් කෑම කාමරේ ඉඳන්ම කෑව. මම ඉන්නකොට එයාට කන්න ලැජ්ජයි කිව්ව නිසා මම එයා කනකං, එලියට ගිහිල්ල කාර් එකේ තිබ්බ බඩුත් ගෙට අරන්, ඒක ලොක් කරල දාල ආව.


වැස්සත් එක්කම වටෙන්ම කලුවර වීගෙන ආපු නිසයි, ඇඟට දැනුන අධික සීතල නිසයි පුදුම කම්මැලි කමක් දැනුනෙ.


ඉතින් තුරුලි කනකං මම ගිහින් ඇඳට වැටුනා.


වැඩි වෙලාවක් යන්න කලින්ම තුරුලිත් කාමරේට ආවෙ, "සර් නිදාගන්නවද දැන්" කියල අහන ගමන්.


"ආහ් නෑ නෑ පොඩ්ඩක් ඇල උනා. කෑවද..?"


"ඔව් සර්..."


"රෑට බත් ඉතුරුයි නේද... ආයෙ උයන්න ඕන්නෑනෙ..."


"ඔව් සර්... රත් කරල ගමු ඉතුරු ටික..."


"හම්ම්... තුරුලි... ඉස්සරහයි පස්සෙයි දොරවල් දෙක වහල එනවද?"


"හා සර්... ඉන්න..." කියාගෙන එයා කාමරෙන් එලියට ගියා ආපහු.


තුරුලි තත්පර කීපෙකින්ම ආපහු ආවෙ "හරී...." කියාගෙන.


"දෙකම වැහුව නේද..."


"ඔව් සර්..."


"වෙන වැඩක් නෑ නේද දැන් තුරුලිට..."


"දැන් නං නෑ සර්... සර් නිදාගන්න ඕන්නං. මම එලියෙන් ඉන්නං."


"ම්ම්ම්ම්ම්... ලයිට් එක නිවං එන්න ඔයත්..."


ඒක අහල තුරුලිගෙ ඇස් දෙක දිලිසෙනවත් එක්කම එයා ආපහු හැරිල කාමරේ ලයිට් එක නිව්ව. ලයිට් එක නිව්වත්, වහපු ජනේලෙන් එන පොඩි එලිය නිසා අපි දෙන්නටම අපි දෙන්නව හොඳට පේනව.


මම ඇඳ උඩට තට්ටු කරන ගමන්, "ඇඳට එන්න..." කියල කිව්වයින්, තුරුලි හිමින් සැරේ ඇඳ දිගේ ඇවිල්ල මම ගාවින් වැතිරුනා.


ඒත් එක්කම මම එයාගෙ ඉන වටේට අත දාල, එයාව මගෙ ඇඟට තුරුල් කරගත්තා.


මගේ විශ්වාසයට අනුව, මට හොඳ ශක්තිමත් මනසක් තියෙනව. මට ඕනෙම දෙයක් හෝ හැඟීමක් පාලනය කරගන්න පුලුවන්.


ඒත් මේ කෙල්ලගෙ උණුහුම එක්ක ඒ හැම ශක්තියක්ම හීන වෙලා ගිහිල්ලා. මම මේ චූටි කෙල්ලට ඇබ්බැහි වෙලා...!


<< 09 >>

Report Page