වීදි පුරඟන

වීදි පුරඟන


හත්වන කොටස

.

සංජීව කියන්නෙ මේ පැත්තෙ වලව් පැලැන්තියක කෙනෙක් බව මම එයාව මුලින්ම දැක්ක දවසෙ හිතුවනෙ. ඒ සැකය තහවුරු උනේ සංජීව ජීවත් උන ඩෙවෝන් බංගලාව දැක්කට පස්සේ....


තුරුලියි මමයි, සංජීව මට කියපු පාර දිගේම කන්ද උඩට ආව කාර් එකේ. ඒ පාර, බංගලාවෙ ඉස්සරහ දොර ගාවටම වැටිල තිබ්බ නිසා, මම කාර් එක මගින් නවත්තල තුරුලිත් එක්ක බංගලාවට ඇවිදන් ආව.


බංගලාවෙ පෙනුම පරණ තාලෙ උනාට, බංගලාව ඇතුල නවීන පන්නෙට ප්‍රතිසංස්කරණය කරපු බවක් තමයි මට මුලින්ම හිතුනෙ.


සංජීවත් ඉස්සරහ දොර ගාවට වෙලා ෆෝන් එකක් කනේ තියන් ඉන්නව දැක්ක නිසා මම තුරුලිත් එක්ක සංජීව ගාවට ගියා.


ඈත තියාම මාව දැකලද කොහෙද, සංජීව ෆෝන් එක සාක්කුවට දාගෙන කට පුරා හිනාවක් එක්ක මට කතා කලා.


"ආ... පවන්... ආව නේද... වෙල්කම් වෙල්කම්..."


"තෑන්ක් යූ සංජීව... හැපි බර්ත් ඩේ..."


කියල මමත් හිනාවෙන්ම සංජීවට සංග්‍රහ කරල, සංජීව ගාවට ගිහින් එයාගෙ උරහිසට තට්ටුවක් දැම්මා.


"ගොඩක් ස්තූතියි පවන්... ම්ම්ම්ම්... මේ මිස් කවුද...?"


සංජීව මට කතා කරන ගමන් ඇහුවෙ තුරුලි දිහා බලාගෙන.


තුරුලි මීට කලින් මෙහෙම හමුවීමකට මුහුණ දීල නැති නිසාද කොහෙද එයා මගෙ පිටිපස්සට වෙලා හිටියෙ. ඇත්තටම එයා මට මුවා වෙලා හිටියෙ.


සංජීව අහපු ප්‍රශ්නෙට උත්තර දෙන්න, තුරුලි ඉස්සරහට ආව හිමින් හිමින්.


"ම... මම... මේ... පවන් ස...."


"මේ මම බඳින්න ඉන්න එක්කෙනා සංජීව... තුරුලි... මේ ඉන්නෙ සංජීව... ෆැක්ටරි මැනේජර්.."


තුරුලි ගැන කවුරු හරි මගෙන් ඇහුවොත්, එයා මම බඳින්න ඉන්න කෙනා කියල අඳුන්නල දෙනව කියල මම ගෙදරින්ම හිතන් ආවෙ. මොකද නැත්තං තුරුලිගෙයි මගෙයි සම්බන්ධය ගැන මිනිස්සු ප්‍රශ්න කරන්න හදන නිසා.


ඒත් තුරුලිට ඒ බවක් තේරිලා නැතුවද කොහෙද, එයා මගෙ දිහා ඇස් දෙක ලොකු කරන් බලන් හිටියා.


මම ඇහැ කරකවල සංජීවට කතා කරන්න කියල ඉඟි කලාට පස්සෙයි එයා, මගෙ මූණෙන් ඇහැ අහකට අරන් සංජීවට කතා කලේ.


"ඔ... ඔව්... හ... හමුවීම සතුටක්... ස.. සර්.."


"අයියෝ... සර් කියන්න ඕන්නෑ... හමුවීම සතුටක්... පවන්.. වාඩි වෙලා ඉන්න ඇතුලෙන් එහෙනං තව චුට්ටක්... අපි හතට කේක් කපන්න හිතන් ඉන්නෙ. ෆැක්ටරිය අයත් වැඩ ඉවර කරල ඒවි ටිකකින්..."


"හරි සංජීව..."


සංජීව ආපහු බංගලාවෙ ඇතුල් කාමරේකින් නොපෙනී ගියපු නිසා මමයි තුරුලියි, ඉස්සරහ දොර ගාවම තිබ්බ දිග වේවැල් පුටුවකින් වාඩි උනා.


තුරුලි වටපිට බල බල නොසන්සුන් ගතියකින් ඉන්නව දැකපු නිසා මම කතා කලා එයාට.


"බය වෙන්න එපා... රිලැක්ස් එකේ ඉන්න..."


"හ... හා සර්... ස.. සර් මේ ඇයි... අරම කිව්වෙ..."


"නෑ නෑ නැත්තං මිනිස්සු අහන්න ගත්තොත් එහෙම ඔයයි මමයි මොකද කරන්නෙ කියල..."


"අ... ආහ් ඔව් නේ සර්... හී..."


තුරුලි ආයාසයෙන් හිනාවක් දාගෙන ඒක කිව්වත්, එයාගෙ මූණෙන් පෙනුනෙ බලාපොරොත්තු කඩඋන පෙනුමක්.


සංජීවගෙ ගෙදර වැඩ කරන නැන්ද කෙනෙක් ඇවිල්ල තුරුලිටයි මටයි දීල ගිය බීම දෙකත් බිබී, අපි පැය කාලක් විතර ඒ බංගලාව ගැන එක එක දේවල් කතා කර කර හිටියා.


පුටුවෙ තුන් දෙනෙක්ට විතර ඉඳගන්න ඉඩ තිබ්බත් තුරුලි මගෙ ඇඟේ ගෑවෙන නොගෑවෙන තරමටම මට ළං වෙලා හිටියෙ.


කාලය මිනිත්තුවෙන් මිනිත්තුව ගෙවිල යන අතරෙ, බංගලාවට එක්කෙනා දෙන්නා එන්න ගත්තා. හවස හත ළං වෙනකොට බංගලාව අවට සෑහෙන මිනිස්සු තොගයක් රැස්වෙලා හිටියා. ඒ අතරෙ ෆැක්ටරියෙ වැඩ කරන අයත් හිටපු බව මූණු වලින් අඳුනගත්ත මම. ෆැක්ටරියෙ වැඩ කරන අයටයි, වතුවල තේ කඩන අයයි හැමෝටම එන්න කියල තිබ්බ නිසයි මෙච්චර සෙනගක් ආවෙ කියල, සංජීව මට පස්සෙ කිව්වා.


කිව්ව වගේම හත වෙනකොටම කේක් කපන්න ලෑස්ති උනත්, කේක් කැපුවෙ බංගලාවෙ ඇතුලෙ නෙවෙයි. බංගලාවෙ එලියෙ තිබ්බ ටී හවුස් එකක. රෑට තිබ්බ අධික ශීතල නිසා මිනිස්සු හැමෝම වගේ ඇඟ පුරාම ඇඳුම් එල්ලගෙන හිටියෙ.


සංජීව මේ වත්තෙ මිනිස්සු එක්ක කොච්චර හිතවත්ද කියල මට තේරුනේ, ෆැක්ටරියෙ වැඩ කරන අයයි, වත්තෙ වැඩ කරන මිනිස්සුයි සංජීවට තිබ්බ ආදරය දැකල. සංජීව පොඩි කතාවක් කරල ඉවර වෙලා කේක් කැපුවෙ අපි හැමෝගෙම අත්පොළසන් මැද්දෙ.


කේක් කපල ඉවර වෙලා, ලොකු පෙට්ටි වලට දාගෙන ආපු සැන්ඩ්විච් පාන් වලින් සංජීව හැමෝටම සංග්‍රහ කලා. ඒත් එක්කම බංගලාවෙ වැඩ කරන අය, ආපු මිනිස්සුන්ට කෝපි වත්කරන්න පටන් ගත්තා.


සංජීව, මාවයි තුරුලිවයි තව ෆැක්ටරියෙ ඉහළ නිලවල කීප දෙනෙක්වයි විතරක් බංගලාව ඇතුලට අරන් අපිට වෙනම සංග්‍රහ කලා.


ඒ සංග්‍රහය නිසා සංජීවගෙ නෝනා උන ඩිශානිවයි, ෆැක්ටරියට සම්බන්ධ අනිත් කීප දෙනාවයි දැන අඳුනගන්නත් පුලුවන් උනා මට.


අටයි කාලට විතර උපන්දින සාදය ඉවර උනේ, සංජිව ආපු හැමෝටම තෑගි බෙදුවට පස්සෙ. සංජීවගෙ නෝනා, මටත් ලස්සන කොලේක ඔතපු පොඩි පෙට්ටියක් ගෙනල්ල දුන්නා.


තෑගි බෙදල ඉවර වෙනකං ඉඳල, සංජීවටයි එයාගෙ නෝනටයි දෙන්නටත් කතා කරල, මම තුරුලිත් එක්ක ආපහු කාර් එකෙන් ක්වාටස් එකට ආව.


"සර්... හෙට පෙති පාන් ටිකක් ගේමුද අපිත්..."


කාර් එකෙන් බැහැල ගෙයි ඉස්සරහ දොර ගාවට යනකොටම තුරුලි මට කිව්වා.


"ආහ්... මෙහෙත් සැන්ඩ්විච් හදන්නද..."


"හී... ඔව් සර්... සර්ට උදේට කන්නත් පුලුවන්නෙ එතකොට..."


"ආ මම ගේන්නං හෙට... අර හර්තාල් එකක් යනව කියලත් කියනව. බලමුකො... බඩ පිරෙන්න කෑව නේ දැන්..."


"හී.... ඔව් සර්..."


"එහෙනං කමක් නෑ..."


මම දොරත් ඇරන් ඇතුලට ඇවිත්, ඇඳන් හිටපු ඇඳුම් මාරු කරගෙන සාලෙ පුටු සැටියෙන් වාඩි උනා. හවස ඕෆ් කරල ගිය ලැප් එක ඒ විදිහටම සැටිය ඉස්සරහ පෝටිකෝව උඩ තිබුනා.


"සර්... බොන්න මොනව හරි හදන්නද... හරි සීතලයි නේද..."


"දැන් එපා තුරුලි... ඔයාට ඕන්නං හදාගන්න... මට තව පොඩි වැඩක් තියෙනව. ඒකත් කරල නිදාගන්න ඕනෙ..."


"හරි සර්... ආ මේ... සර්...


"කියන්න තුරුලි..."


"මේ... අර ඩිශානි මිස් දීපු පෙට්ටිය දිග අරින්නද... හී..."


තුරුලි පොඩි ළමයෙක් වගේ, සංජීවගෙ වයිෆ් අපිට දීපු පෙට්ටියත් අතේ තියාගෙන මගෙන් ඇහුවා.


"ආ දිගාරින්න දිගාරින්න..."


මගෙ අවසරය හම්බුනු ගමන් තුරුලි හිමීට ඒ පෙට්ටිය ඔතල තිබ්බ, ව්‍රැපින් පේපර් එක අයින් කලා.


පෙට්ටියෙ තිබුනෙ පුංචි රිදී පාට ඔරලෝසුවක්. ඒත් ඒක මට දීපු එකක් නෙවෙයි. ඒක ලේඩීස් වොච් එකක්.


තුරුලිටත් ඒක තේරිලාද කොහෙද, එයා ඔරලෝසුව අතට අරන් මගෙ මූණ දිහා බැලුව.


"ඔයාට නේ දීල තියෙන්නෙ...?"


තුරුලි ඒකට උත්තර නොදී බයවෙලා වගේ ඔරලෝසුව දිහා බැලුව.


"එ... ඒත් සර්ටනෙ මොකක් හරි දෙන්න ඕනෙ..."


"එහෙම එකක් නෑ... තුරුලි දාගන්න ඕක..."


"එ... එපා සර්... සර් කාටහරි දෙන්න මේක..."


"මට ඕක දෙන්න කවුරුත් නෑ තුරුලි... ඔයා දාගන්න..."


තුරුලිගෙ බය උන මූණට, පුංචි එලියක් ආව ඒක අහල. එයා හිමීට ඔරලෝසුව අරන්, එයාගෙ වම් අතට දාගෙන මගෙ දිහාට අත දික් කලා.


"ම්ම්ම්ම් ඔය තියෙන්නෙ ලස්සනට... පෙට්ටියත් එක්කම තියාගන්න..."


"හා සර්... හී..."


තුරුලි කට පුරා හිනාවක් දාගෙන, ඔරලෝසුවෙ පෙට්ටියයි, ඒ ඔතල තිබ්බ කවරෙයි ඔක්කොම අරන් නිදන කාමරේට ගියා. ඒ, ඔරලෝසුව එයාගෙ බෑග් එකට දාගන්න වෙන්නැති.


තුරුලි කාමරේට ගියාට පස්සෙ මම ලැප් එක ඔන් කරගෙන, හවස හදපු රිපෝට් එක ආපහු පාරක් බැලුව. ඒ, මම ඒ රිපෝට් එකේ පළවෙනි ගොණුවෙ අඩුපාඩුවක් තිබ්බොත් ඒ ටිකත් අදම හදල හෙට ඉඳල පිසිකල් මෙශර්මන්ට් පටන් ගන්න සැලසුම් කරන් හිටපු නිසා.


මම රිපෝට් එක චෙක් කර කර ඉන්න අතරෙ තුරුලි කාමරෙන් එලියට ඇවිල්ල එහෙ මෙහෙ කැරකි කැරකි හිටියා.


"තුරුලි... නිදාගන්න නිදිමත නං..."


එයාට නිදාගන්න විදිහක් නැතුව එහෙම කැරකි කැරකි ඉන්නව කියල හිතුන නිසා මම එයාට කතා කරල කිව්ව.


"නැ... නෑ සර්... සර් එක්කම නිදාගන්නං මං.. නිදිමත නෑ..."


"එහෙනං එන්න මෙතනින් වාඩි වෙලා ඉන්න..."


තුරුලි ඒ ගමන සද්ද බද්ද නැතුවම ඇවිල්ල පුටු සැටියෙ මට එහාපැත්තෙන් වාඩි උනා.


"ස... සර්..."


"ම්ම්ම්ම්ම්"


"සර් ඔය කරන්නෙ ඉන්ජිනේරු වැඩක්ද..."


"එහෙම කියන්නත් පුලුවන්... ඒත් මේක මිනුම් කිරීම් සම්බන්ධ වැඩක්..."


"ආ... හී..."


රිපෝට් එක මුල ඉඳල අගටම තුන් පාරක් කියවල, ඒකෙ තිබුනු සුලු සුලු අඩුපාඩු ටිකත් හැදුවට පස්සෙ මම ලැප් එක වහල දැම්මා. ඒ වෙද්දි නවය හමාරත් පහු වෙලා තිබුනෙ. තුරුලිත් මට කිට්ටු වෙලා ඒ මුලු වෙලාවෙම මම වැඩ කරන හැටි බලන් හිටියෙ.


මම ලැප් එක ඕෆ් කරල වහල දැම්මට පස්සෙ තුරුලි කතා කලා මට.


"වැඩ ඉවරද සර්..."


"ඔව් අදට ඉවරයි වගේ... හෙට ඉඳන් ආපහු ෆීල්ඩ් එකේ වැඩක් තියෙන්නෙ දවස් දෙකක් විතර... මේ... ඒක නෙවේ... තුරුලි ඇඳුමක් මාරු කරගන්නැද්ද..."


මම තුරුලිගෙන් ඇහුවෙ එයා හවස ඇඳගත්ත ගවුමම තාමත් ඇඳන් ඉන්න නිසා.


"ඔ... ඕන්නං මාරු කරන්නම් සර්..."


"නෑ නෑ... මම නිකං කිව්වෙ..."


තුරුලිගෙ ගවුම එයා සාමාන්‍යයෙන් අඳින සායවල් තරන් කොට නැතත්, ඒ ගවුම නිසා එයාට සරාගී පෙනුමක් ඇවිල්ල තිබ්බෙ. මට ඒ බව හොඳටම තේරුනේ සාදය අතර තුරේ එතන හිටපු ගොඩක් පිරිමින්ගෙ ඇස් තුරුලි දිහාට යොමු වෙලා තිබුනු බව දැක්ක නිසා.


මමත් හවස ඉඳලම ඇවිස්සිලා හිටියෙ තුරුලිගෙ අලුත් පෙනුම දැකල.


"සර්... මම ඇඳ හදල එන්නං... දැන් නිදාගන්නව නේ..."


"ඉන්න පොඩ්ඩක්..."


තුරුලි නැගිටල යන්න හදපු නිසා මම එයාගෙ අතින් අල්ලල නැවැත්තුවා.


තුරුලිත් මගෙ දිහා බලන් ආපහු හිමීට වාඩි උනා පුටුවෙන්.


"ඇ... ඇයි සර්..."


"නිකං... පොඩ්ඩක් කතා කරමු..."


"මොනව ගැනද සර්..."


"එහෙම විශේෂයක් නෑ... නිකං දැනහඳුනගන්න. අපි දෙන්නට දෙන්නා..."


තුරුලිගෙ මූණෙන් මම කියපු දේට අකමැත්තක් නොපෙනුනත්, විශේෂ කැමැත්තක් පෙනුනෙත් නෑ. එයා මගෙ දිහා නිකංම බලන් හිටිය විතරයි.


"තුරුලිගෙ ගෙවල් කොහෙද...?"


"මෙ... මේ....."


"නෑ නෑ ඒකට ප්‍රශ්නයක් නෑ... තුරුලි අකමැත්තෙන් කතා කරන්න ඕන්නෑ... මම මේ නිකං ඇහුවෙ... අපි දැන් ටික කාලයක් මෙහෙ ඉන්න නිසා... දෙන්නට දෙන්න මීට වඩා පොඩ්ඩක් දැන හඳුනගෙන ඉන්න එක හොඳයිනෙ..."


තුරුලිත් කියන්න ආපු එක නවත්තල බිම බලන් ඔලුව වැනුවා.


ඊළඟට එයා ලොකු හුස්මක් අරන්, පැකිළීමක් නැතුවම කතා කලා මට.


"මම මාවනැල්ලෙ සර්..."


"තුරුලිගෙ අම්මල තාත්තල මොකද කරන්නෙ..."


කතාව පටන් ගත්ත හැටියෙම මම සීමාව ඉක්මවල ගියා කියල මට තේරුනේ, තුරුලිගෙ මූණ අඳුරු වෙනව දැකල. ඒත් එයා මුකුත් හංගන්නැතුවම මට විස්තරේ කිව්වා.


"අම්ම නැති උනා සර්... තාත්තා නෑ... අම්ම පස්සෙ බැඳපු කෙනා එක්ක හිටියෙ..."


"අහ්... අනේ සොරි... ඒ බවක් දැනන් හිටියෙ නැති නිසා ඇහුවෙ..."


"ඒකට කමක් නෑ සර්..."


තුරුලිගෙන් අවුලක් නෑ කියල හිතුන නිසා මම, මගෙ හිතේ මෙච්චර කල් උඩුදුවපු ඒ එකම එක ප්‍රශ්නය තුරුලිගෙන් ඇහුවා.


"තුරුලි ඇයි ඔය වගේ... මේ... රස්සාවක්... මම කිව්වෙ... මේ... කලින් ඔයා..."


මම අහපු දේ බරපතල උනත්, මම ගොත ගගහ කතා කරපු විදිහට තුරුලිට හිනා ගියා.


"අම්ම නැති උනේ මම ඕලෙවල් කරනකොට සර්. ඊට පස්සෙ ලොකු තාත්ත බොන්න පුරුදු උනා. එයා කරදර කරයි කියල බය වෙලා මම ගෙදරින් ආව..."


තුරුලිගෙ මූණෙන්වත් හැසිරීමෙන් වත් නොපෙනෙන තද හිතක් මේ කෙල්ලට තියෙන බව එයාගෙ ඒ කතාවෙන් මට තේරුනා.


"එතකොට ඉන්න හිටින්න තැනක්... කෑම බීම..."


"අර... මම සර්ට කිව්වෙ මැඩම් කෙනෙක් ගැන... මට ඒ මැඩම්ව හම්බුනාට පස්සෙ, මැඩම් මට ඉන්න තැනක් හදල දීලා රස්සාවකුත් දුන්නා..."


"ඒ කියන්නෙ... එයාද තුරුලිව අර වැඩේට..."


"අනේ... නෑ සර්... ඒ මැඩම් මාව ස්පා එකකට දැම්මා. එතන වැඩ කලේ මම..."


ස්පා එකක වෙන වැඩ ගැන මට අමුතුවෙන් කියන්න දෙයක් නෑ. වෙන තැන්වල ස්පා ගැන මම නොදන්නව උනත්, ටවුමෙ තියෙන ස්පා ගැන මම හොඳටම දන්නවා.


"එතකොට ඒ මැඩම්ගෙද ඒ ස්පා එක.."


"නෑ සර්... ඒ මැඩම් හෝටලයක් කරන කෙනෙක්. ස්පා එකට දැම්මෙ මට වෙන කොහෙන්වත් රස්සාවක් හොයාගන්න බැරි උන නිසා..."


ඒ මැඩම් කවුරු උනත්, තුරුලි ඒ කෙනාට ගොඩක් ගරු කරන බව තුරුලි කතා කරන විදිහටම තේරෙනව.


"හම්ම්... තුරුලි දැන් දිගටම එතන වැඩ කරනවද ඉස්සරහටත්..."


එයා ඔලුව දෙපැත්තට වනල "නෑ" කියල ඉඟි කරපු නිසා මට පුදුම හිතුන.


"එහෙනං... අයින් උනාද ඒකෙන්..."


"එතන ප්‍රශ්නයක් උනා සර් ගිය සතියෙ... මට යන්න බය හිතුන ඒ නිසා..."


"ඒකද අරම කරන්න හැදුවෙ..."


තුරුලි ඔලුව පහළට කරල 'ඔව්' කියපු විදිහට මට මේ කෙල්ල ගැන දුකත් හිතුනා. ඒත් තුරුලි කියන්නෙ අපවිත්‍ර කාන්තාවක් කියන කාරණය නං මගෙ ඔලුවෙන් අයින් උනේ නෑ. ස්පා වල මහා ලොකු දේවල් නොකළට, සමහර තැන් වල "සතුට" ලබාදෙන්න පොඩි පොඩි දේවල් කරනව. ඒ පොඩි පොඩි දේවල් වලට තුරුලිව මට හම්බුනු දවසෙ, එයා මට දීපු "සතුටත්" ඇතුලත්.


"තුරුලි... මෙ... ඔයා මීට කලින් එතකොට... වෙන කාත් එක්කවත්..."


"නෑ... සර්..."


"හම්ම්... මට සර් සර් කියන්න ඕන්නෑ හැමතිස්සෙම... පවන් කියල කියන්න..."


මම තුරුලිගෙ ඔලුවට පොඩි තට්ටුවක් දාල කිව්ව.


"බෑ සර්..."


"ඒ ඇයි..."


"සර් හොඳ කෙනෙක්නෙ..."


එයා කියපු දේ මට නොතේරුන නිසා මම තුරුලි දිහා පුදුම වෙලා බැලුවා. තුරුලි ආපහු මට කතා කලේ, පුංචි හිනාවකුත් එක්ක.


"හොඳ අයට ගරු කරන්න ඕනෙ සර්... ඒකයි..."


"ඇයි තුරුලිට හිතෙන්නෙ මම හොඳ කෙනෙක් කියල...?"


"නිකං හිතුන සර්..."


"හම්ම් හම්ම්... දැන් කතා කරපු දේවල් නිසා අවුලෙන් නෙවෙයි නේද ඉන්නෙ... අපහසුවක් දැනුන නං සමාවෙන්න මට..."


"එ... එහෙම එකක් නෑ සර්... අනේ සමාව ඉල්ලන්න එපා..."


"හම්ම්...."


තුරුලි ගැන ගොඩක් දේවල් දැනගත්තෙ නැති උනත්, තුරුලි කියන්නෙ මොන වගේ කෙල්ලෙක්ද කියන කාරණය මට තේරුනා අපේ පුංචි කතාවෙන් පස්සෙ.


ඒත් එක්කම හවස ඉඳලම මගෙ හිතේ මෝදු වෙවී තිබ්බ ආශාවන් යටපත් උනේ, තුරුලි ගැන මගෙ හිතේ ලොකු අනුකම්පාවක් ඇති උන නිසා. මට ඕනෙ උනේ නෑ තුරුලිට වැරැද්දක් කරන්න. හෝ එයා නොවෙන කෙනෙක් බවට එයාව පත් කරන්න.


"සර්... නිදාගම්මුද අපි..."


"ආ නිදාගමු තුරුලි... උදේට ඇහැරෙන්නෙ කීයටද ඔයා...?"


"මට ඇහැරෙනව සර් 4ට විතර..."


"එච්චර උදෙන් ඇහැරෙන්න ඕන්නෑ... පොඩ්ඩක් පරක්කු වෙලා ඇහැරෙන්න... අනික මෙහෙ පාන්දරට හීතලයි ගොඩක්..."


"හ... හා සර්..."


"එන්න නිදාගන්න යං..."


"මම මෙතනින් ඉන්නද සර්... සර්ටත් නිදහසේ ඉන්න නෑ නේද මම නිසා..."


"මෝඩ කතා කියන්න එපා... මමනෙ ඔයාව එක්කන් ආවෙ. අනික දැන් දවස් දෙකක් හිටියෙ අවුලක් නැතුව. එන්න යං"

කියල මම තුරුලිගෙ අතින් අල්ලන් සැටියෙන් නැගිට්ටා.


තුරුලිත් එතනින් නැගිට්ටෙ අහිංසක විදිහට හිනා වෙලා.


මම ලයිට් ඕෆ් කරල දාල තුරුලි එක්කම නිදන කාමරේට ගියා. කායිකව අපි දෙන්න මීට කලින් කොච්චර ළං උනත්, ඇඳට ගිය ගමන් මම වගේම තුරුලිත් එහාට උනා. ඒ සමහරවිට අපි දෙන්න අතර තිබ්බ සමාජ දුරස්තරබව නිසා වෙන්නැති.


ඒත් තුරුලි කියන්නෙ අපවිත්‍ර කෙනෙක් කියන කාරණාව මගෙ හිතේ උඩුදුවන අතරෙම, එයා මම හිතන් හිටපු තරන් නරක කෙල්ලෙක් නොවන බවයි මගෙ හිත කිව්වෙ. ඇරත් මට මේ කෙල්ලගෙ කිසිම නරකක් පේන්නෑ.


"ස... සර්..."


ඇඳට ඇවිල්ල ටික වෙලාවකින් තුරුලි කතා කලා මට.


"කියන්න තුරුලි..."


"මම සර් ළඟට එන්නද..."


තුරුලිගෙ ඉල්ලීම ඇහිල මට පුදුම හිතුනත්, මට දැනුනෙ එයා ඒක අහනකං මම බලන් හිටපු බවක්.


"සීතලයිද තුරුලි..."


"ටි... ටිකක් සර්..."


"එන්න..."


මම පොරෝනාව ඇතුලෙන් ඇඳේ මැද්දට ආවෙ තුරුලිවත් මගෙ ගාවට ඇදල ගන්න ගමන්මයි.


තුරුලි ඇවිල්ල මගෙ ඇඟට තද උන වෙලාවෙ, එයාගෙ ස්පර්ශයෙන් මට දැනුන රස්නයයි, එයා ගාවින් විහිදුන සුවඳයි නිසා මට මාව තවදුරටත් පාලනය කරගන්න බැරි උනා...


Report Page