පෙගසස් (Pegasus)

පෙගසස් (Pegasus)


#GreekMythology

Photo generated via AI by DrgNo

ග්‍රීක පුරාවෘත්තයට අනුව Pegasus (පෙගසස්) කියන්නෙ පොසයිඩන්ට සහ මෙඩූසාට දාව ඉපදුන දරුවන්/සත්වයන් දෙදෙනගෙන් කෙනෙක්. පෙගසස් ගෙ බාහිර ලක්ෂණ ගැන කියනව නං, එයා පියාපත් සහිත අලංකාර, ඉතාමත් පිරිසිදුව දිස් වෙන අශ්වයෙක් වගේ.


පර්සියස්, මෙඩූසගෙ හිස කඳෙන් වෙන් කලාට පස්සෙ, ඒ රුධිරයෙන් තමයි පෙගසස් කියන සත්වයව මැවිල තියෙන්නෙ. මේ කතාවෙ වැඩි විස්තර මෙඩූසාගෙ කතා පුවතෙන් ඔයාට කියවන්න පුලුවන්.


පෙගසස් ගෙ නම හැදිල තියෙන්නෙ "සාගර හෝ උල්පත් ආසන්නයේ ඉපදී ඇති" හෙවත් Springs / Pegae කියන අර්ථය ඇතුව. මේ කතාව හොඳටම ගැලපෙන්න එක හේතුවක් තමයි, පෙගසස්ට එයාගෙ තාත්ත උන පොසයිඩන් ට වගේම ජලය හසුරවන්න හෝ ජල උල්පත් නිපදවන්න හැකියාවක් තියෙනව කියල සඳහන් වීම.


පෙගසස් ගෙ උපතින් පස්සෙ එයා නිදහසේ සංචාර කරමින් ඉඳල තියෙනව. ඒත් ඒ කාලයේ ග්‍රීක වීරයෙක් හැටියට සැලකුණ Bellerophon විසින්, පෙගසස්ව හීලෑ කරගෙන තියෙනව. මෙතනදි Bellerophon ට ඇතීනා දෙවඟනගෙන් උදව් ලැබුන කියලත් සඳහන් වෙනව.


පෙගසස් ගෙ පිටේ නැගිල සටන් කරන්න සමත් උන bellerophon ට පුලුවන් වෙලා තියෙනව Amazon (ඇමෙසන්) ලව, ගිනි පිඹිනි සත්වයෙක් උන Chimaera ව (කයිමේරා) සහ Solymi ව පරාද කරන්න.


ඊට පස්සෙ Bellerophon, තමන්ගෙ මේ විජග්‍රහණ මාලාව නිසා උඩඟු උනා. එයා හිතුව තමන් මේ සාමාන්‍ය මිනිස්සු එක්ක ඉන්න ඕනෙ කෙනෙක් නෙවෙයි, තමනුත් ඔලිම්පස් කඳු මුදුනේ දෙවිවරු එක්ක ජීවත් වෙන්න ඕනෙ කෙනෙක් කියල. ඉතින් මෑන් පෙගසස්ගෙ පිටේ නැගල ඔලිම්පස් කඳු මුදුනට ගමන ආරම්භ කලා.


මේ ගැන සියුස් දැනගත්ත ගමන්ම, සියුස්ට හොඳටම තරහ ගිහිල්ල bellerophon ට ශොට් එක දෙන්න කියල හිතාගෙන Gadfly කියන මැස්ස ලව්වා පෙගසස්ට විදල තියෙනව. පෙගසස්ට මේක දරාගන්න බැරුව තමන්ගෙ පිටේ ඉන්න අසරුවව බිමට තල්ලු කරල දාලා මරණයට පත් කරල තියෙනව.


ඊට ටික කාලෙකට පස්සෙ, පෙගසස් අසරුවෙක් රහිතවම ඔලිම්පස් කඳු මුදුනට ළඟා වෙලා තියෙනව.


ඉතින් සියුස්, පෙගසස්ව අල්ලගෙන එයාගෙ අනිත් අශ්වයන් එක්කම ආරක්ෂාකාරිව ගාල් කරල තියාගෙන ඉඳල, අවසානයට පෙගසස්ට පැවරුවා සියුස්ගෙ අකුණු සැර අවිය (Thunderbolt) රැගෙන යන කාර්‍යය.


වසර ගණනාවක් තිස්සෙම සියුස්ගෙ අවිය රැගෙන ගිය සහ බලාගත්ත සේවයට ප්‍රති උපකාරයක් විදිහට, සියුස් විසින් පෙගසස්ට තාරකා මණ්ඩලයක් ප්‍රධානය කරල තියෙනව. අදටත් එනමින්ම ඒ තාරකා මණ්ඩලය හඳුන්වනව.


ඉතින් මෙඩූසගෙන් උදුරගත් පිරිසිදුකමේ සංකේතයක් උන පෙගසස්ගෙ කතාව ඕකයි.


More pegasus pics


#Greek Mythology

Report Page