♡ නිරුවත් හිතක් ♡

♡ නිරුවත් හිතක් ♡


දහහත්වන කොටස

මතකනෙ. මම නිතිලිවත් එක්කන් ආපහු ගෙදර ආවනෙ. ඉතින් ධර්මෙ මාම කිව්ව රාජගෙ දෙවනියට මාව හම්බෙන්න ඕනෙ කියල.


කලින් කොටසට



එතැන් සිට...


පහුවදා උදෙන්ම ඇහැරුනේ ගයානය වැට ගාව ඉඳන් මහ හයියෙන් කෑ ගහනව ඇහිල.


"ඕයි අමරේ..... නැන්දේ අමරේ ඉන්නවදෝ...."


මල පැනගෙන නැගිටල ශර්ට් එකක් නැතුවම මම වැනි වැනි ගියා දොර ගාවට. මාව දැකල ගයානය හිනාවක් දාගෙනම ඇවිල්ල ගෙට ගොඩ උනා.


"උඹ ආපහු ඇවිල්ල කියල නිව්ස් එක ආවෙ අද බං. ඒකයි තකහනියෙම ආවෙ."


"ඉතින් පරයො පොඩ්ඩක් දවල් වෙලා එන්න එපැයි. මගුලටද මහ පාන්දර එන්නෙ"


"හරි හරි ඉතින්. මම මේ ආවෙ අර සීන් එකත් අහන්නමයි."


"මොන සීන් එකද?"


"ඇයි උඹ ගෑනියෙක් ගෙනාව කියල නිව්ස් එකක් යන්නෙ. ඒක බොරුද. කෝ කෙල්ල"


මල හත්තිලව්වයි. ගම පුරා නිව්ස් එක ගිහිල්ල තියෙන්නෙ මම ගෑණියෙක් එක්කන් ආව කියල. නැතුව ඉස්කෝලෙට දාන්න කෙල්ලෙක් ගෙනාව කියල නෙවේ.


"එහෙම මගුලක් නෑ බං. නංගි කෙනෙක්ව එක්කන් ආවෙ. ඒකිට මෙහෙ ඉස්කෝලෙට යන්න. ඒකි ධර්මෙ මාමලගෙ ගෙදර නැවතුනා. නිකේශ නංගිත් ඉන්නවනෙ එහෙ"


"අප්පා එල එල. මට පෙන්නහං ඈ චාන්ස් එක ආවොත්. මේ තව දෙයක්"


"ඒ ගමන මොකක්ද?"


ගයානය හිමීට මගෙ කණට ළං වෙලා,

"පන්සීයෙ කෑල්ලක් හම්බුනා ජිල්ලගෙන්. ගහමුද?"

කියල ඇහුව.


පන්සීයෙ කෑල්ල කියන්නෙ ත්‍රෛලෝක විජේපත්‍ර වලට. ජිල්ලා කියන්නෙ අපේ වයසෙ කොල්ලෙක්. මෑන් කරන්නෙ මත්ද්‍රව්‍ය බිස්නස්. ගමේ උන් වගේ ලෝකල් කසිප්පු නෙවේ. බ්‍රෑන්ඩඩ් ඒව.


සංජීව මාම එක්ක දිගටම එහෙ ඉඳන් ඇටි හැලෙන්න ගහපු නිසා මට මහ ලොකු ආසාවක් තිබ්බෙ නෑ ආපහු ගහන්න.


"උඹ ගහන් බං. දැන් එපා. හවසට වැඩකුත් තියෙනව මට"


"ආ එල එල එහෙනං. අපි ගියා බං ඒනම්."

කියාගෙන ගයානය අතත් වන වන ආපහු වත්තෙන් එලියට ගියා.


මම එහෙම්ම කුස්සියට ගිහිල්ල අම්ම හදපු ඉඳිආප්ප හත අටක් ගිලල ඇරිය. අක්ක උදෙන්ම ගිහිල්ල.


උදේට කාල ශර්ට් එකකුත් ගහගෙන මම ධර්මෙ මාමලගෙ ගෙදෙට්ට් ඇද්දුව. නිතිලිව ඉස්කෝලෙට දාන්න විදිහක් බලන්නයි , ධර්මෙ මාම එක්ක හවස කේස් එක ගැන කතා කරන්නයි.


මම ධර්මෙ මාමලගෙ ගෙදෙට්ට යනකොට ධර්මෙ මාම හිටියෙ නෑ. නිකේශ නංගි නිතිලිවත් ඇදගෙන කයිය ගහනව වත්තට වෙලා. දෙන්න දැනටම යාලුවො වෙලාද කොහෙද. මම ආපු ගමන් නිකේශ නංගි අතත් වනල හිනා උනා. නිතිලිත් අහිංසක හිනාවක් දාගෙන මං දිහා බලන් හිටිය.


"නිකේශා කෝ ධර්මෙ මාම නැද්ද"


"ලොකු තාත්ත කොහෙද ගියා අයියෙ. නිතිලිගෙ ඉස්කෝලෙ වැඩේ ගැන බලන්නද කොහෙද"


අඩේ. ධර්මෙ මාම මටත් කලින් ඒ වැඩ ගැන බලලනෙ.


මම නිතිලි දිහා බලල,

"මෙහෙ හොඳයිද. යාලුවො හම්බෙලා තියෙන්නෙ දැනටම නේ" කියල ඇහුව.


නිතිලි අර සුපුරුදු ලැජ්ජාශීලි හිනාව දාල බිම බලාගත්ත.


"අමරෙ අයියෙ. නිතිලිට ගම වටේ පොඩ්ඩක් පෙන්නනවකො. එක්කන් ආව ආවමයි මෙයාව මෙහෙ දාල යන්න ගියා"


නිකේශ නංගි කියෝනව ඒ පාර.


"හා හා ඉතින්. ඒකටත් එක්ක තමා ආවෙ. පොඩ්ඩක් වට පිටාව පෙන්නල දෙන්න."


"ආ නිතිලි. ඔයා එහෙනං අමරෙ අයියා එක්ක යන්න. දවල්ට කන්න එන්න..."

කියාගෙන නිකේශා එතනින් ගියා මටයි නිතිලිටයි තනිවෙන්න දීල.


නිකේශ ගිය ගමන් නිතිලි ඇස් දෙකත් ලොකු කරන් බිම බලන් හිටිය බය වෙලා වගේ.


"නිතිලි"


"ම්ම්ම්ම්ම්"


"මෙහෙ හොඳයිද."


"හම්ම්ම්"


"පොඩ්ඩක් ඇවිදල එමු. ගම වටේ පෙන්නන්නං මං"


"හ.. හා අයියෙ"


එහෙම්ම නිතිලිත් එක්ක මම ගම වටේම ඇවිද්ද. මිනිස්සුත් හොඳට හිනා වෙලා නිතිලිව පිළිගත්ත. නිතිලි අඳුරන්නැති අය ගාව නං මාරම ලැජ්ජාවෙන් ඉන්නෙ. එදා රෑ මම නිතිලිට නිදාගන්න කතා කරන්න ගිහිල්ලත් නිතිලි ආවෙම නෑනෙ. ඒ උනාට අපි දෙන්න මාරම ඉක්මනට ලං උනා. සමහරවිට ඔය සමහරු කියනව වගේ දෛවෝපගත සිදුවීමක් වෙන්නැති.


"අපේ වැව ගාව පොට් එකක් තියෙනව එතෙන්ට යමුද?"


හදිස්සියෙම ඇඟට ආපු අමුතු ෆීලින් එකක් නිසා මට කියවුනා.


නිතිලි හිනා වෙලා ඔලුව වැනුව හා කියන්න.


මම කෙල්ලගෙ අතින් අල්ලන් වැව පැත්තට ආව. නිතිලි මීට කලින් වැවක බැහැලවත් නෑලු. ඉතින් වැවේ පඩි පේලිය ගාවින් බස්සගෙන පොඩ්ඩක් වෙලා හිටියා. කෙල්ලත් මාරම සතුටින් දණක් එනකං වතුරෙ බැහැන් වතුර කලත්ත කලත්ත ඉඳිය. තව ටිකකින් කට්ටිය රෙදි හෝදන්න එහෙම එනව කියල දන්න නිසාම මම ඉක්මනට නිතිලිවත් එක්කන් උඩට ආව. මොකද ඔතන ඉන්න අම්මන්ඩිලට ඕන්නැති මගුලක් නැති නිසා.


වැව් පඩි ටිකෙන් උඩට ඇවිල්ල මම නිතිලිව එක්කන් ගියා අපේ පොට් එකට. කෙල්ල බය උනා කැලේ රිංගන්න වගේ ගිය නිසා. ඒ උනාට පොට් එක දැක්කම කෙල්ලට හිනා ගියා. පඳුරු වලින් වට වෙලා ගානට. නිකං ෆිල්ම් හෝල් එකක බොක්ස් එකක් වගේ තමා.


කෙල්ලව එතනින් වාඩි කරවල මමත් වාඩි උනා.


"මෙහෙ හොඳයිද එහෙට වඩා"


"ම්ම්ම් හම්ම්ම්"

කෙල්ල වටපිට බල බල කියනව.


මම පොඩ්ඩක් ඉස්සිලා නිතිලි ගාවට ගිහිල්ල එයාගෙ කම්මුලෙන් ඇල්ලුව.


නිතිලි හිනා වෙලා බිම බලාගත්ත. දැන් නං කිසිම විරුද්ධත්වයක් නෑ වගේ.


කම්මුලේ තිබ්බ අත අරන් මම නිතිලිගෙ නිකටෙන් අල්ලල මූණ උඩට උස්සල ආපහු එයාගෙ තොල් දෙකේ රස බැලුව. නිතිලිත් මූණ උස්සල මට සහයෝගය දුන්න නිසා , කලින්ට වඩා රසක් දැනුන මට.


තොල් දෙක අතෑරපු ගමන් මම නැගිටල ඇවිල්ල නිතිලිගෙ පිටිපස්සෙන් වාඩි වෙලා එයාව මගෙ ඇඟට ඇදල අරන් තද කරන් හිටිය ටිකක් වෙලා.


ටිකකින් නිතිලි මට කතා කලා එයාට ඉස්කෝලෙ වැඩේ කරගන්න ඕනෙ කියපු නිසා.


"අ... අයියේ... අපි යමුද.... ධර්මෙ මාම එනව කිව්ව දවල්ට. ඉස්කෝලෙ ගැන කතා කරගන්න මාවත් එක්කන් යන්න ඕනෙ කිව්ව."


"ම්ම්ම්ම්ම් හරී. එහෙනං යමු දැන්. මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් මට කියන්න හරිද. මම එන්නම්"


නිතිලි දඟකාර හිනාවක් දාල,

"හා අයියේ..."

කියල කිව්ව.


ආපහු පාරක් පොඩියට වටයක් ගහලම මම නිතිලිවත් එක්කන් ධර්මෙ මාමගෙ ගෙදෙට්ට ආව. අපි එනකොටත් ධර්මෙ මාම ඇවිල්ල ගෙයි ඉස්තෝප්පුවෙ පුටුවක වාඩි වෙලා හිටියෙ.


"ආ මම බැලුව උඹ කෙල්ලවත් උස්සන් ආපහු එහෙ ගියාද කියල."


මාම අපි දෙන්නව දැක්ක ගමන් ඈත තියාම හිනාවක් දාන් කතා කලා.


"නෑ මාමෙ මේ පොඩ්ඩක් මෙයාට ගම වටේ පෙන්නන්න එක්කං ගියා."


"ආ හරි හරි. මම ඉස්කෝලෙ එක්ක කතා කලා. කෙල්ලට හෙට ඉඳන් එන්න කියන්න කිව්ව ලොකු ඉස්කොලෙ මහත්තය."


නිතිලි ඒක අහල සතුටින් මගෙ දිහා බැලුව. මමත් නිතිලි දිහා බලල හිනාවක් දැම්ම.


"අමරෙ. හවසට අර වැඩෙත් තියෙනව. මගෙත් පොඩි වැඩ වගයක් තියෙනව. දෙන්නත් එක්ක යමුද පොඩ්ඩක් ගාමන්ට් එක පැත්තෙ ගිහිල්ල එහෙම එන්න. ඒ ගමන්ම උඩහ කැලේටත් යමං"


"ආ යමු මාමෙ."


මම එහෙම කිව්වම ධර්මෙ මාම පුටුව උඩ දාල තිබ්බ ශර්ට් එකත් අරන් ඇඳගෙන බයික් එකට නැග්ග. මමත් නිතිලිට යනවා කියාගෙනම ඇවිල්ල පිටිපස්සෙන් වාඩි උනා.


පැය දෙකක් තිස්සෙ ධර්මෙ මාමගෙ බිස්නස් වැඩ ටිකත් කරගෙන , ගාමන්ට් එකටත් ගිහිල්ල එහෙම අපි දෙන්න උඩහ කැලේ ගාවට ආව. ධර්මෙ මාම එයාගෙ මිනිස්සු දෙන්නෙක්ටත් එන්න කියල තිබ්බ. ධර්මෙ මාම එතනට ඇවිල්ල රාජගෙ දෙවනියට කෝල් එකක් ගත්ත මම ආව කියන්න.


"කීර්ති. වරෙන්. අපි ඇවිල්ල ඉන්නෙ. අමරෙත් ඉන්නව."


ධර්මෙ මාම එයා එක්ක මොනාද මොනාද කතා කරල ෆෝන් එක තිබ්බ.


පැය කාලක් යන්නත් කලින් ජීප් එකක් ඇවිල්ල නැවැත්තුව ඈතින්. මිනිස්සු තුන් දෙනෙක් ඒකෙන් බැහැල කෙලින්ම අපි දිහාට ආව.


"ආ. අමරෙ කියන්නෙ මේකද?"


ඒ මිනිස්සු තුන් දෙනාගෙන් ලොක්කා වගේ හිටපු එකා මං දිහා බලන් ඇහුව.


ධර්මෙ මාම මාව පස්සට දාල ඉස්සරහට වෙලා කතා කලා.


"කීර්ති. ප්‍රශ්න දාගන්න නෙවෙයි ආවෙ. උඹට කොල්ලා එක්ක කතා කරන්න ඕනෙ කිව්වා. ඉතින් අරන් ආව. මෙතනින් මේක ඉවරයක් කරගනින්."


ඒ කීර්ති කියන මිනිහ මං දිහා හොඳට බැලුවා.


මතු සම්බන්ධයි


Report Page