♡ නිරුවත් හිතක් ♡
අවසන් කොටස (18)

මතකනෙ. ධර්මෙ මාම එක්ක මම උඩහ කැලේ ගාවට ගියා , කීර්ති කියන රාජගෙ දෙවනියව හම්බෙන්න.
එතැන් සිට...
"කීර්ති ප්‍රශ්න දාගන්න නෙවෙයි ආවෙ. කොල්ලා එක්ක කතා කරගන්න දෙයක් කතා කරල මේ වැඩේ ඉවරයක් කරහං"
ධර්මෙ මාම මගෙ ඉස්සරහට ඇවිල්ල කිව්ව.
ඒ කීර්ති කියන මිනිහත් හොඳට හිනා වෙලා,
"මොනා කතා කරන්නද ධර්මෙ. රාජාව ඉවරයක් කරපු නිසානෙ අද මම මෙතනට ආවෙ. ඉතින් කොල්ලට ස්තූතී කියන්න එපැයි. හැබැයි තව දෙයක් තියෙනව"
"ඒ මොකක්ද?"
"රාජව මරපු පලිය ගන්නැතුව මට හැමදාම මෙතන රැඳෙන්න වෙන්නෑ. අපේ උන් මම කියන එක අහන්න නං ඒ වැඩේට පලිය ගන්නම වෙනව. ඉතින් ධර්මෙ මට සමාවෙයන්"
කියල කීර්ති කියන මිනිහ එක පාටම අත ඉස්සුව.
ඒ ගමන්ම කීර්තිට පිටිපස්සෙන් ආපු කීර්තිගෙ මිනිස්සු දෙන්න ඉනේ තිබ්බ ලොකු පිහි දෙකක් ඇදල අරන් මං දිහාට අමෝරගෙන ආව.
ජීවිතේ පළවෙනි පාරට මට මරණ බයක් දැනුනා.
"කොල්ලට අතක් තියල අහු වෙන්න එපා තොපි එකෙක්වත්"
කියාගෙන්ද් ධර්මෙ මාමයි එයාගෙ මිනිස්සු දෙන්නයිත් කෑගහගෙන අරුන් දෙන්න පැත්තට ගියා.
ධර්මෙ මාමයි එයාගෙ මිනිස්සු දෙන්නයි කීර්තිගෙ මිනිස්සු දෙන්න එක්ක පොරබඳින අතරෙ කීර්ති පස්සෙන් පස්සට ආපහු වාහනේ ගාවට ගියා.
මම බලන් ඉඳිද්දිම ධර්මෙ මාමගෙ මිනිහෙක් කීර්තිගෙ මිනිහෙක්ට අතේ තිබ්බ පිහි තලේකින් ඇනගෙන ඇනගෙන ගියා පැනපු ගමන්.
මගෙ කකුල් දෙකත් පණ නැති උනා ඒ දේ දැකල.
ඊළඟ මොහොතෙ උනේ අපි කවුරුත් හීනෙකින්වත් හිතුවෙ නැති දෙයක්. කීර්ති කියන මිනිහ ජීප් එකට දුවල ගිහින් අරන් ආවෙ පිස්තෝලයක්!
ධර්මෙ මාම ඒක දැක්ක ගමන් මොර දීගෙන කීර්ති ගාවට දුවන් ගිහිල්ල පිස්තෝලෙත් අල්ලගෙන කීර්ති එක්ක පොරබැඳුවා.
මම එතනම ගල් වෙලා මිනිස්සු හය දෙනෙක් පොර කාගන්නව බලන් හිටියා. කරන්න දෙයක් ඔලුවට ආවෙත් නෑ.
ධර්මෙ මාමගෙ මිනිස්සු දෙන්නා කීර්තිගෙ මිනිස්සු දෙන්නමව බාවල දාල ධර්මෙ මාමට උදව්වට දුවල ගියා. කීර්තිගෙ මිනිස්සු දෙන්නා ලේ පෙරාගෙන බිම වැටිලා ඉන්නව.
'ඩෝං!....'
කණ් දෙක අගුල් වැටෙන ගානට කණ ගාවින්ම ඇහුන වෙඩි සද්දෙ නිසා මගෙ අවධානය ආපහු ධර්මෙ මාම දිහාට ගියා.
දැක්ක දෙයින් මම තුෂ්ණීම්භූත උනා.
ධර්මෙ මාම පපුවට අතක් තියාගෙන හිටිතැනම දණ ගහත්තා. ධර්මෙ මාමගෙ මිනිස්සු දෙන්නා දුවල ගිහිල්ල කීර්තිව අල්ලන් පිස්තෝලෙ විසික් වෙන්නම ගැහුවා අතට. පිස්තෝලෙ ඇවිල්ල වැටුනේ ධර්මෙ මාමගෙ කකුල් දෙක මුලට.
"ධ... ධර්මෙ මාමේ" කියාගෙන මම ඉක්මනට දුවල ගියා ධර්මෙ මාම ගාවට.
ධර්මෙ මාම අත තියන් හිටපු තැන ඉඳන් රතු පාටට ලොකු පැල්ලමක් ශර්ට් එකේ පැතිරෙමින් තිබ්බේ.
මෙච්චර වෙලා කරකියාගන්න දෙයක් හිතාගන්න බැරි උන මට එක පාරටම එදා වගේ යකා ආවේස උනා. මම කෙලින්ම බැලුවෙ ධර්මෙ මාමගෙ කකුල් දෙක පාමුලට විසි වෙලා ආපු පිස්තෝලෙ දිහා.
ඒක ඇහිඳල අරගෙන මම ධර්මෙ මාම දිහා බැලුව.
ධර්මෙ මාම ඔලුව නවල මට ඒක කරන්න කිව්ව.
ඒ අතරෙ ධර්මෙ මාමගෙ මිනිස්සු දෙන්න කීර්තිට ගහල ගහල කීර්තිගෙ අත් දෙක අල්ලං දෙපැත්තට ඇදල මට කෑගැහුව.
"අමරෙ. තියපං. බලන් ඉන්න එපා තියපං ඉක්මනට"
කීර්ති ගැන කිසිම අනුකම්පාවක් ආවෙ නෑ මට ඒ වෙලාවෙ. ලේ පෙරන් වැටිල හිටපු කීර්තිගෙ මනුස්සයො දෙන්න ගැනවත් මට සිහියක් තිබ්බෙ නෑ.
මම පිස්තෝලෙ අතට අරන් මාන බලල කොකා ගැස්සුවෙ, පළාතම දෙවනත් කරගෙන පිස්තෝලෙන් පිට උන දෙවනි උණ්ඩය කීර්තිගෙ පපුවට එල්ල කරල.
වරක්.... දෙවරක්..... තෙවරක්.....
'ඩෝං.... ඩෝං...... ඩෝං.....'
පිස්තෝලෙ තිබ්බ අන්තිම උණ්ඩෙත් මම කීර්තිගෙ පපුවට කිඳා බස්සල පිස්තෝලෙ බිමට දැම්මා.
කීර්තිව මෙච්චර වෙලා අල්ලන් හිටපු ධර්මෙ මාමගෙ මිනිස්සු දෙන්න , කීර්තිව කුණු කූඩයක් වගේ අතෑරල දාල ධර්මෙ මාම දිහාට දුවල ආව.
මමත් ඒත් එක්කම ධර්ම මාම ගාවට ආව.
ධර්මෙ මාම පපුව තද කරන් බිම වැතිරිලා හිටියෙ.
මම එයා ළඟට ගිය ගමන් ධර්මෙ මාම මට ළඟට එන්න කියල මූණෙන් පෙන්නුව.
"අ.... අමරෙ. අ....අම්මගෙන් ඔක්කොම අහගනින්. මම කියන්න කිව්ව කියපං....."
අන්තිම වචන දෙක තුන මට ඇහුනෙත් නැති තරම්. මගෙ ඇස් දෙකෙන්ම කඳුලු බේරෙන්න ගත්ත.
ධර්මෙ මාමගෙ එක මිනිහෙක් ඇවිල්ල ධර්මෙ මාමගෙ බෙල්ලට ඇඟිලි දෙකක් තියල ටිකක් වෙලා ඉඳල අනිත් කෙනා දිහා බලල මූණ දෙපැත්තට වැනුවා.
ඊට පස්සෙ අනිත් මනුස්සය මට කතා කලා.
"අමරෙ. ගෙදර පලයන්. අපි මෙතන බලාගන්නං. ධර්මෙ අයියා කිව්ව කියල ඔක්කොම අහගනින් අම්මගෙන්. අම්මට කියහං ධර්මෙ අයියා නැති උනා කියල"
ඒක ඇහුනට පස්සෙ මගෙ ඇඟට පණ නැතුව ගියා.
හැමෝම කතාවෙන මේ දේ මොකක්ද කියලවත් දැනගන්න මට උවමනාවක් තිබ්බෙ නෑ.
කිසිම පාලනයකින් නැතුවම මම ගෙදෙට්ටම දුවල ගියා. දිව්වෙ නෑ දිවවුනා. අසිහියෙන් වගේ නවතින්නැතුවම දිව්වා. අන්තිමට ගෙයි දොරකඩ ගාවට ඇවිල්ල මාව දණගැස්සුනා.
මම ආපු සද්දෙ ඇහිලද කොහෙද අම්ම දොර ගාවට ඇවිල්ල බැලුව. මම දණගහන් ඉන්නව දැකල අම්ම කලබල වෙලා මගෙ ළඟට දුවන් ආව.
"අනේ.... පුතේ... ඇයි රත්තරනෙ. මොකද උනේ. ඇයි මේ...... එන්න ගේ ඇතුලට"
"අ.... අම්මෙ"
"කියන්න පුතේ. ඇයි මේ"
"ධර්මෙ මාමා....."
"ඉතින්..."
"ධර්මෙ මාම නැති උනා"
අම්ම කිසිම කලබල ගතියක් පෙන්නුවෙ නෑ. එයා සද්ද බද්ද නැතුවම මගෙ මූණ දිහා ටිකක් වෙලා බලන් ඉඳල ළඟ තිබ්බ පුටුවකින් වාඩි උනා. වාඩි වෙලා බිම බලන් හිටියා.
"අම්මේ"
"ම්ම්ම්ම්"
"ධර්මෙ මාම කිව්ව මට අම්මගෙන් ඔක්කොම අහගන්න කියල. මොනාද අම්මෙ මම අහගන ඕනෙ"
"මං කියන්නං පුතේ. අක්කත් එනකං ඉමු."
කියාගෙන අම්ම නැගිටල එයාගෙ කාමරේට ගියා.
මමත් දොර පඩිය උඩට වෙලා ඈත බලන් හිටිය.
වෙච්ච දේවල් තාම හීනයක් වගේ. කලුවර වැටෙන්න ඔන්න මෙන්න තියෙද්දි අක්ක ගෙදර ආව. ගෙදර තිබ්බ මූසල ගතිය දැනුන නිසාම අක්ක ආපු ගමන් මට කතා කලා.
"මල්ලි. මොකක් හරි උනාද?"
"ධ.... ධර්මෙ මාම නැති උනා"
අක්කගෙ අතේ තිබිච්ච බෑග් එක එකපාටම වැටුනා ඒක අහපු ගමන්.
"කෝ මල්ලි අම්මා"
"කාමරේට ගියා"
අක්කත් බෑග් එක දොර ගාවින්ම තියල දාල අම්මගෙ කාමරේ පැත්තට දුවල ගියා. ටිකක් වෙලා අක්කයි අම්මයි දෙන්න මුණු මුනු ගානව ඇහුන මට ඇතුලෙ ඉඳන්.
පස්සෙ අම්මයි අක්කයි ඇවිල්ල දොර ගාව පුටු දෙකකින් වාඩි උනා.
"පුතේ මම කියන දේ හොඳට අහගනින්."
"මොකක්ද අම්මා"
හැඟීමක් නැතුවම මම අම්මගෙන් ඇහුව. ඇත්තටම මට දැනගන්න ඕනෙ උනේ නෑ හැමෝම කියපු අම්මගෙන් අහගන්න කියපු දේ මොකක්ද කියල.
ඒ උනාට අම්ම ඊළඟට කිව්වෙ මම හීනෙකින්වත් හිතපු නැති දෙයක්.
"ධර්මෙ කියන්නෙ උඹේ තාත්තා පුතේ. සමාවෙන්න මෙච්චර කල් ඒක හැංගුවට"
මම බය වෙලා වගේ අම්ම දිහා බැලුවම දැක්කෙ අම්මගෙ ඇස් දෙකෙන් කඳුලු බේරෙනව කියල.
"මල්ලි. අපේ තාත්තගෙ ළමය මම විතරයි. ධර්මෙ මාම එයාගෙ හැමදේම ලියල තිබ්බෙ මල්ලිට"
මගෙ උගුර කට වේලිලා ගියා අක්කගෙයි අම්මගෙයි කතාව ඇහුනම.
එයාල මට සම්පූර්ණ විස්තරේම කිව්ව.
ධර්මෙ මාම ඉස්සර අම්ම එක්ක යාලුවෙලා ඉඳල. ඒ උනාට අම්ම තාත්තව බැඳපු නිසා ඒ සම්බන්ධෙ නතර වෙලා. තාත්තගෙ බේබදු ජීවිතේ නිසා අම්මට කලකිරිල ආපහු ධර්මෙ මාම එක්ක සම්බන්ධයක් තියන් ඉඳල. මම ඉපදුනේ ඊට පස්සෙලු. අපේ පවුල මෙච්චර සැලකිල්ලක් ලැබෙන්නෙ ඒකලු.
අම්මයි අක්කයි එකතු වෙලා කියපු කතාවෙන් පස්සෙ මට තවත් දුක වැඩි උනා. ධර්මෙ මාම ගැන පොඩි තරහක් එක්කම අනුකම්පාවක් ආව මට.
පහුවදා ගම වටේම ලැව් ගින්නක් වගේ ධර්මෙ මාමගෙ මරණය ගැන පැතිරුනා. ඒ වගේම මම කීර්තිව මරල දාපු එකත් පැතිරුනා. ධර්මෙ මාම එයාගෙ දේපල ඉඩකඩම් ඔක්කොම මට ලියල දීල තිබ්බෙ. පහුවදාම ධර්මෙ මාමගෙ මිනිස්සු ඇවිල්ල මාව එක්කන් ටවුමෙ නීති මහත්තයෙක් ගාවට එක්කන් ගිහිල්ල ලියකිවිලි වැඩ ඉවර කලා.
ධර්මෙ මාමගෙ නෝනා... සුභෝදා මිස් ගොඩක් දුක් උනා ධර්මෙ මාමගෙ මරණය දැනගත්තු වෙලේ. ඒ උනාට එයා කලින් ඉඳන් එහෙම දෙයක් දැනන් හිටිය වගේ වැඩිය කලබල කලේ නෑ. සුභෝදා මිස්ගෙන් කිසිම බාධාවක් ආවෙ නෑ ධර්මෙ මාමගෙ ඉඩකඩම් මට ලැබෙනවට. එයා බොහොම කැමැත්තෙන් ඒකට එකඟ උනා.
නිතිලි නංගිවත් එක්කන් මට සුභෝද මැඩම් ගාව පදිංචියටම එන්න කිව්ව. චතූ අක්කට ඩිවෝස් එක ගන්න ලැබුනෙ නෑ. එයා රට ගියා. ඉතින් පහුකාලෙක ඩිවෝස් එක ගන්න එයා එන්නම් කිව්ව. ධර්මෙ මාමගෙ මිනිස්සු හැමෝම මගෙ යටතෙ වැඩකරන්න කැමති උනා. මුල් කාලෙ මට අවබෝධයක් තිබ්බෙ නෑ කිසිම දෙයක් ගැන. ඒ උනාට අක්කයි අම්මයි දීපු ශක්තියයි , සුභෝද මැඩම් දීපු අත් උදව් ආදිය නිසා මම ඉක්මනට ඒ දේවල් වලට පුරුදු උනා.
සංජීව මාමටයි නිතිලිගෙ අම්මටයි එහෙම ඉන්න ඕනෙ කියපු නිසා මම ගංජා හේන එයාලටම බාර දුන්නා.
අවුරුදු 21ක පොඩි කොල්ලෙක්ට එක රැයකින් හැමදේම ලැබුණු හැටි......