♡ නිරුවත් හිතක් ♡
දහසයවන කොටස

මතකනෙ. ධර්මෙ මාමගෙන් කෝල් එකක් ආව මට ඉක්මනට ගෙදර එන්න පුලුවන් කියල. නිතිලිවත් එක්කන් එන්න අවුලක් වෙන්නෑ.
එතැන් සිට...
අපි ඒ දවස් දෙකත් එහෙම්ම ගෙවල දාල ගෙදර යන්න ලෑස්ති උනා. නිතිලිගෙ අම්මගෙනුයි සංජීව මාමගෙනුයි අවුලක් උනේ නෑ නිතිලිව එක්කන් යන එකට. නිතිලිත් එයාගෙ බඩු මුට්ටු ටිකත් අරගෙන මාර සතුටකින් මාත් එක්ක ආවෙ.
චතූ අක්ක නං තාම සීරියස් මූඩ් එකේ. එයා කෝම හරි තාත්තගෙ දේපළ ටික ගන්න ප්ලෑන් එක ගහන්න යන්නෙ.
උදේ නවයයි තිහ වෙනකොටම වගේ සුමිත් අයියා ආව වෑන් එකේ. මෑන් අපි එක්ක කතා බහ කරල , චතූ අක්ක එක්ක විස්තරෙත් අහගෙනම ගමන පිටත් වෙන්න ලෑස්ති උනා.
"අමරෙ. යන ගමන් අර වැඩේ කරන් යමු එහෙනං. මට ඒ ලියවිල්ල විතරයි ඕනෙ. ඒක අරගෙන මම වැඩ ටික ඉවර කරගන්නං."
"හරි එහෙනං. ඉක්මනට ඒක ඉවරයක් කරගන්න හොඳේ"
"හරි හරි. පුලුවන් ඉක්මනට කරන්න බලනව මං"
චතූ අක්කට පොරොන්දු උන නිසා මිසක් දැන්ම බඳිනව කියන එක නං හෙන බරපතල කේස් එකක්. ඒ උනාට ඉතින් රඟපෑමක් කියල හිත හදාගත්ත. අනික් අතට මටත් වාසියක් කැරකෙන්න බැරි නෑ. හෙ හෙ.
නමෝවිත්තියෙන් ගමන පිටත් උනා අපි හතර දෙනාම. චතූ අක්ක වෑන් එකේ ඉස්සරහ සීට් එකට දාල මමයි නිතිලී ඊට පිටිපස්සෙ එකට ආව. නිතිලි වැඩිය එහෙ මෙහෙ ඇවිදල නැති නිසා කෙල්ල ආසාවෙන් එලිය බලන් ගියා.
"චතූ මිස්. මම තැනක් බැලුව. එතනට එන්නං කිව්ව මිස්ගෙ ලෝයර්ස්ල දෙන්නත්. අපිට පාඩුවෙ වැඩේ කරගන්න පුලුවන්"
සුමිත් අයිය එලවන ගමන්ම චතූ අක්කට කතා කරනව.
"හරි සුමිත් අයියෙ. එහෙම කරමු. පුලුවන් ඉක්මනට ලියකිවිලි ටික හදාගත්තට පස්සෙ හදිස්සියක් නෑ."
"ඔව් මිස්"
මෙයාලගෙ බර ටෝක් අහල නිතිලිත් බය වෙලා. නිතිලිට මම කිව්වෙත් නෑ බොරුවට හරි චතූ අක්කව බඳින්න යනව කියල. අතට ගත්තු දේ ආපහු වට්ටන්නෙ අහවල් මගුලද.
සුමිත් අයියා කලින් චතූ අක්කට කියල තිබ්බෙ විවාහ රෙජිස්ටාර් කෙනෙක්ගෙ ඔපිස් එකක් ගැන. වෑන් එක එතන තාප්පයක් ගාව නවත්තනකොට දවල් එකට විතර ඇති. තව කාර් දෙකකුත් ඉස්සරහින් නවත්තල තිබ්බ. නිතිලිට වෑන් එකෙන්ම ඉන්න කියල අපි තුන් දෙනා බැහැල ගියා.
මට කටවහන් අත්සන් කරන්න දුන්නම එතැන අත්සන් කරන එක විතරක් කරන්න කියපු නිසා මම ප්‍රශ්න අහන්න ගියෙ නෑ.
අපි ඇතුලට යනකොටත් ටයි කෝට් ගහගත්තු මැදිවියේ දෙන්නෙක් ඇතුලෙ හිටිය. චතූ අක්කයි සුමිත් අයියයි නං එයාලව අඳුරනව වගේ. පස්සෙ දැනගත්තෙ ඒ චතූ අක්කගෙ තාත්තගෙ නීතිඥවරු කියල. ඒ හතර දෙනා මොනාද මොනාද සාකච්ඡා කරල දොරක් ඇරගෙන මාවත් අරන් ඇතුලට ගියා.
සාම්ප්‍රදායික විවාහයක් නොවන නිසා කොලේක අත්සන් කරනව ඇරෙන්න වෙන මගුලක් කරන්න තිබ්බෙ නෑ.
විවාහ රෙජිස්ටාර් හිටියෙ ඇන්ටි කෙනෙක්. එයා ධර්මෙ මාමගෙ ඇඳුනුම නිසා තමාලු මේ වැඩේට සෙට් වෙලා තියෙන්නෙ.
චතූ අක්ක එතන තිබ්බ මේසයක් ගාවින් වාඩි උනා. මාවත් එහා පැත්තෙන් වාඩි කරගත්ත.
"අමරෙ. මේක අත්සන් කලාට පස්සෙ මම ඒ වැඩ ටික ඉවර කරගෙන ආපහු ඩිවෝස් පෙපර් එක ගෙනත් දෙන්නං"
"මම නං දන්නෑ ඕව. වැඩේ ඉවරයක් කරල දෙන්නකො. ඒ ඇති මට"
"හරි හරි. මේක මෙතනින් අත්සන් කරන්න"
කියල චතූ අක්ක මට කොළේකුයි පෑනකුයි දික් කලා.
මීට කලින් අත්සනක් ගහල නැති නිසා මම නිකං සිංහලෙන් මගෙ නම ලියල දැම්ම.
"අමරෙ ලොකු උදව්වක් මට කලේ. මේ වෙලාවෙ හැටියට. මම ඒකට අමරෙටත් උදව්වක් කරන්නං මේ වැඩේ ඉවර කරගත්තට පස්සෙ"
"හරි හරි ඒව පස්සෙ බැරියෑ"
කටින් කියවුනේ ඒක උනාට හිත කිව්වෙ නං 'උදව්වක් කරන්න ඕනෙ තමා යකෝ. බූදලයක් නිසා කසාද බැන්ද එකාට මොනා හරි කරන්න ඕනෙ' කියල.
විනාඩි 30ක් යන්නත් කලින් එතන වැඩේ ඉවර කරගත්තු ගමන් චතූ අක්ක අර එයාගෙ ලෝයර්ස්ල දෙන්නගෙන් එක්කෙනෙක් එක්ක කාර් එකේ නැගල යන්න ගියා අත්සන් කරපු කොල ටිකත් අරන්.
"එහෙනං පොඩ්ඩො දැන් ගෙදර යන්."
සුමිත් අයියා හිනා වෙලාම කිව්ව.
"දැන් චතූ අක්ක කොහෙද ගියෙ අයියෙ"
"චතූ මිස් දැන් එයාගෙ ලෝයර්ස්ල දෙන්න එක්ක යනවලු මාමගෙ ගෙදෙට්ට. එතනින් ඒ වැඩේ ඉවරයක් කරගන්නවලු. පොඩ්ඩා බය වෙන්න එපා. චතූ මිස් පොඩ්ඩටත් සලකයි හොඳට"
සුමිත් අයියයි මමයි ආපහු ඇවිල්ල වෑන් එකට නගිනකොට නිතිලිට නින්ද ගිහිල්ල. කෙල්ලට මහන්සි ඇති.
මම එයාට එහා පැත්තෙන් වාඩි වෙලා නිතිලිගෙ ඔලුවෙන් අල්ලල මගෙ උරහිසට හේත්තු කරගත්ත.
පැය දෙක හමාරකින් විතර සුමිත් අයියා මාව ගමේ ධර්මෙ මාමගෙ ගෙදරටම ගෙනත් දැම්ම. අම්මයි අක්කයි දෙන්නම ධර්මෙ මාමගෙ ගෙදර ඉස්සරහ බිම වාඩි වෙලා හිටියෙ වෑන් එක වත්තට දානකොටත්. වෑන් එක ආපු ගමන් ඒ දෙන්න නැගිටල දුවගෙන ආව වෑන් එක ගාවට. මම දොර ඇරල බහින්නත් කලින් අක්ක ඇවිල්ල වෑන් එකේ දොර ඇරන් මට කතා කලා.
"අනේ රත්තරනේ..... ඇයි දෙයියනේ එහෙම දෙයක් කලේ වස්තුවේ....."
කියාගෙන අක්ක ඇවිල්ල මාව තුරුල් කරගත්ත.
අක්කට කියලවත් නෙවේනෙ මම ගියේ.
"අනේ මල්ලියේ ඇයි මගෙ වස්තුවේ එහෙම දෙයක් කලේ"
"දැන් ඒව හරිනෙ අක්කෙ. අඬන්න එපා. මං ආවනෙ"
කියල මාත් අක්කගෙ බෙල්ල වටේ අත් දෙක දාන් බදාගත්ත.
අක්කගෙ ඇස් දෙකෙන් කඳුලු ගලනව හෝ ගාල. අම්මත් ඇවිල්ල මාව තද කරගත්ත. දෙන්නම අඬනව.
වත්තෙ සද්දෙ නිසාද කොහෙද ධර්මෙ මාමත් ගේ ඇතුලෙ ඉඳන් එලියට ආව. මාව දැකල ධර්මෙ මාමගෙ මූණෙ පොඩි හිනාවක් ගියා.
"ආ මේ ඇවිල්ල තියෙන්නෙ. අමරෙ අම්මලට කතා කරල පොඩ්ඩක් වරෙන් පිටිපස්සට මාව හම්බෙන්න."
"මං එන්නං මාමෙ"
අම්මගෙයි අක්කගෙයි සිපගැනීම් වැලැඳගැනීම් ඉවර කලාට පස්සෙ මම ආපහු වෑන් එකට නැගල නිතිලිට කතා කලා.
"නිතිලි. ඇහැරෙන්න. අපි ආව."
කෙල්ලත් ඇස් දෙක ඇරල වටපිට බලල ලැජ්ජාවෙන් වගේ බිම බලන් වෑන් එකෙන් බැස්ස බිමට.
"මේ කවුද පුතේ"
අම්ම නිතිලි දිහා බලල ඇහුව.
"මේ නිතිලි අම්මෙ. එහෙ නංගි කෙනෙක්. මෙයාට ඉස්කෝලෙ යන්න විදිහක් නෑලු එහෙ. මම ඉතින් එක්කන් ආව. අපිට පුලුවන් නේ අම්මෙ මෙයාව ගෙදරින් තියාගන්න. මේ අවුරුදු දෙක තුනට හරි"
අම්ම නිතිලි දිහා බලල
"ඉගෙන ගන්න දරුවෙක්ට කොහොමද පුතේ බෑ කියන්නෙ. ඉස්කෝලෙ යනකං අපේ දිහායින් ඉමු." කියල නිතිලිගෙ ඔලුව අතගෑව.
මම හිතුවෙ අම්ම නැතත් අක්ක හරි කේස් දායි කියල කෙල්ලෙක් එක්කන් ආවට. ඒ උනාට ඒ දෙන්නම අවුලක් පෙන්නුවෙ නෑ.
"කෝ දෙන්න නංගි බෑග් එක"
කියල අක්ක නිතිලිගෙ බෑග් එක ගත්ත.
අම්මයි අක්කයි හිතන් ඇත්තෙ මම මේ අධ්‍යාපනය සම්බන්ධ වැඩක් නිසා නිතිලිව එක්කන් ආව කියලද කොහෙද. ලව් කරන්න පටන් ගත්ත කියන්නත් බෑනෙ දැන්ම.
චතූ අක්කත් මොන මගුලක් කරගනීද දන්නෑ. දැන් දික්කසාදෙ ගන්නත් එපැයි. ගහන ගේමක් ගහල පණපිටින් හිටියොත් මදෑ.
අම්මයි අක්කයි නිතිලි එක්ක කතා කරගන්න අතරෙ මම ධර්මෙ මාමගෙ ගෙයි පිටිපස්සට ගිහිල්ල , ධර්මෙ මාමට කතා කලා. ධර්මෙ මාම එතන පුටුවක වාඩි වෙලා හිටියෙ.
"ධර්මෙ මාමේ... මට එන්න කිව්වේ....?"
"ආ කොල්ලො. අවුලක් උන්නෑනෙ මුකුත්. සංජීව හොඳට සැලකුව නේද?"
"ඔව් මාමෙ. එහෙම ප්‍රශ්නයක් නෑ"
"හරි හරි මම එන්න කිව්වෙ මේකයි. හෙට හවසට රාජගෙ දෙවනිය උඹව හම්බෙන්න එනව කිව්ව. උඩහ කැලේ ගාවට එන්න කිව්වෙ. වැඩේ ඉවරයක් කරල දාන්න මයෙ හිතෙ."
"ආ. හරි මාමෙ. මම හෙට එන්නං"
"අනිත් කාරණාව තමා අර කෙල්ලව ඕන්නං මෙහෙන් තියාගන්නං. නිකේශත් ඉන්නවනෙ"
"අනේ ලොකු උදව්වක් මාමෙ. ඉස්කොලෙ යනකං හරි මෙහෙන් තියාගන්න පුලුවන් නං"
"හරි හරි ඒක බලාගමුකො. හෙට තුනට විතර මම එන්නං. උඹ ලෑස්ති වෙලා හිටපං. කෝකටත් මම මිනිස්සු දෙතුන් දෙනෙක් අරන් එන්නං"
"හරි මාමෙ"
දවස් කීපෙකට කලින් මගෙ හිතේ තිබ්බ බය ආපහු දැනෙන්න ගත්ත වගේ උනා. ධර්මෙ මාම කිව්වනෙ වැඩේ අවුලක් නෑ කියල. ඒ නිසා එහෙම කියල හිත හදාගත්ත.
නිතිලිව ධර්මෙ මාමගෙ ගෙදරින්ම නවත්තල මමයි අක්කයි අම්මයි තුන් දෙනා ගෙදර ආව. අක්ක අද වැඩට යන්නෙත් නැතුව ගන්න ඇවිල්ල තියෙන්නෙ. සුභෝද මැඩම්වත් බලන්න යන්න ඕනෙ පහුවෙලා.
ගෙදරට ගිය ගමන්ම මම කලේ ඇඳට පැනපු එක.
ලොකු හෝටල් වල නැති සැප ගෙදර ඇඳේ ඇත.... කියනවනෙ.