♡ නිරුවත් හිතක් ♡
එකොළොස්වන කොටස

මතකනෙ. මම සුමිත් අයියයි , සංජීව මාමයි එක්ක රොබරියකට සෙට් උනානෙ. ඒක නිකං බේරාගැනීමෙ මෙහෙයුමක් වගේ. ඒ කෙල්ලයි මමයි සංජීව මාමයි එක්ක තණමල්විල පොට් එකට ගියා. ඒක ගංජ හේනක්!
එතැන් සිට...
ගංජ හේන මැදින් අඩිපාර දිගේ කෙලින්ම ගියාම සෙට් උනේ හේන මැද්දෙ ටිකක් හිස් බිමක පොඩියට හදපු ගෙයක්.
ගෙදර පිළිකන්න පැත්තෙන් තමා අපිට යන්න තිබ්බෙ. පිළිකන්නෙ බිම වාඩි වෙලා හිටියෙ පොඩි කෙල්ලෙක්. තලෙලු පාට හමක් එක්ක සාමාන්‍යයෙන් පොඩ්ඩක් පොඩි ඇඟක් තිබ්බෙ. හැබැයි චැසියයි , ඇන්ජිමයි නං නියම ගානට තිබ්බ කියල ඇඳන් හිටපු හිර කලු කලිසමටයි , ටොප් එකටයි ඈත තියාම පෙනුන.
අපි එනව දැකල ඒ කෙල්ල ඇතුලට ගිහින් තව කවුද මැදිවියේ ගෑණු කෙනෙක්ව එක්කන් ආව.
සංජීව මාම පිළිකන්න ගාවට ගිහිල්ල කරේ තිබ්බ බෑග් දෙකෙන් එකක් බිමින් තියල, අනික කරේම තියාගෙන, මටයි අර කිඩ්නැප් කරපු කෙල්ලටයි කතා කලා.
"පොඩ්ඩො. චතූ මිස්. මේ ඉන්නෙ මගෙ ගෑණියි ළමයයි. මිස්ට මොනා හරි ඕනෙ උනොත් මෙයාලට කියන්න. පොඩ්ඩට නං අවුලක් නෑනෙ. මම ඔය දෙන්නගෙ තැන පෙන්නන්නංකො. මං පස්සෙන් එන්න"
කියාගෙන මූ ගෙට නොයා ගේ වටෙන් පිටිපස්සට ගියා.
මමයි චතූ කියන කිඩ්නැප් කරපු කෙල්ලයිත් සංජීව මාම පස්සෙන් ගියා.
සංජීව මාමලගෙ පොඩි ගෙදරට පොඩ්ඩක් එහායින් සුදු හුණු ගාපු හොඳ ලස්සනට බැඳපු ගෙයක් තිබ්බ. ගොඩක් ලොකු නෑ. ඒ උනාට සුවපහසු තැනක් කියල දැක්කෙ ඇතුලට ගියාම.
නිදාගන්න ඇඳක් දාපු එක කාමරයක් තිබ්බ. ඒ කාමරේට එහා පැත්තෙ කෑම කාමරයක්. කෙලවරම පොඩි මේසෙකුයි පුටුවකුයි එක්ක දොරක් නැති චූටි කාමරයක්. මට මුලින්ම මීටර් උන දේ තමා නිදාගන්න එක ඇඳක් විතරක් තියෙන එක පොඩ්ඩක් අවුල් නේද කියන එක.
"පොඩ්ඩො. චතූ මිස්. එහෙනං ඇඳුම් මාරු කරන් මූණ කට හෝදගන්න. මම දවල්ට කන්න ගෙනත් දෙන්නං. ළිඳ පිටිපස්සෙ වැල් ගාල පිටිපස්සෙ තියෙනව. එතනින් මූණ කට හෝදන් ඇවිල්ල ඇඳුමක් දාගන්න."
කියල සංජීව මාම කරේ තිබ්බ බෑග් එක ගෙයින් තියල යන්න ගියා.
මමයි අර චතූ කියන කෙල්ලයි දෙන්නම සංජීව මාම ළිඳ පෙන්නපු පැත්තට ගියා. කිව්වත් වගේ , අපේ ගේ කෑල්ල පිටිපස්සෙ තිබ්බ කැලේ පිටිපස්සෙ ළිඳ.
කිඩ්නැප් කරපු කෙල්ලට ළිඳෙන් වතුර ඇදල හුරු නෑ. බාල්දිය ගත්ත විදිහටම තේරුනා මේකි වතුර ඇද්දොත් මේකිවත් ළිඳට වැටිල තමා නවතින්නෙ කියල.
ඉතින් මම මටත් එක්කම් වතුර බාල්දි තුනක් ඇදල ළිඳ ගාව තිබ්බ බේසමට පුරවල දුන්න.
අපි දෙන්නම මූණ කට හෝදන් අපේ ගේ කෑල්ලට ආව.
"අමරෙ out out. මට change කරගන්න ඕනෙ. විනාඩි තිහකින් විතර එන්න"
ගේ ඇතුලට අඩිය තිබ්බ ගමන් මේ ගෑණි මගෙ ඇඟට කඩා පැනල මාව එලවන්න හැදුව.
"මේ මේ එච්චර වෙලා ඉන්න බෑ. මම ඉක්මනට ඇඳුමක් දාන් එන්නං පොඩ්ඩක් ඉන්න."
"no no. මම එයාලට ගෙවල තියෙන්නෙ. ඒ නිසා දැන් out."
"මොනවද ඉතින් අඳින්නෙ. ඔයා ඇඳුම් ගෙනාවද නෑනෙ"
"සංජීව අන්කල් මේ උස්සන් ආවෙ මගෙ ඇඳුම් බෑග් එක තමා"
මම

ඕනෙ පු@ක් කරගනින් කියල , මම මගෙ ඇඳුම් තිබ්බ කවරෙත් එතන බිමින් තියල එලියට ආව. මාව එලියට දාර ඒකි දොර වහගත්ත ඇතුලෙන්.
වටේ පිටේ සර්චින් පාරක් දැම්මොත් මරු කියල හිතල මම ඇවිදන් ගියා ඉස්සරහටම.
ගංජ හේනක් මැද්දෙ නිසා නහය කඩන් යන්න තරන් සැර හුළඟක් එන්නෙ. නිකනුත් වදිනව වගේ නිකං.
"පොඩ්ඩෝ මෙහෙ වරෙන් පොඩ්ඩක්"
මම ඇවිදිනව දැකල සංජීව මාම එයාලගෙ ගේ ළඟ තිබ්බ පොඩි බංකුවක් උඩට වෙලා මට කතා කලා.
මිනිහ බංකුව උඩ තව මොනාද මොනාද තියන් ඉන්නව කියල ඈත තියාම පෙනුන. මම ළඟට යනකොට දැක්කෙ , තේ කුඩු වගේ ජාතියක් කොලයක් උඩට දාල , තව රෝල් කරපු කොල දෙකක් එතනම තිබ්බ.
"ඇදහන් ඕන්නං මේක"
කියල මිනිහ මට අර රෝල් කරපු එක කොලයක් දික් කලා.
"මොනාද මාමෙ මේ. සිගරැට් ද"
"ගංජ බං. ඕන්නං ඇදහන්. උඹ බොනව නේ"
"ආ අවුලක් නෑ මාමෙ"
මම එහෙම කියල ඒ රෝල ගත්ත අතට. සංජීව මාම ලයිටරේ දික් කරපු නිසා ඒකත් අරන් , ගංජ සුරුට්ටුව එක පැත්තක් පත්තු කරල අනිත් පැත්ත කටට දාන් ඇද්ද.
පළවෙනි පාරටම සූස්තියක් ඇද්ද නිසාද කොහෙද ඇස් දෙකෙන් කඳුලු ඇවිල්ල , කැස්සකුත් ඇවිල්ල මල කෙලියක් උනා.
සංජීව මාම හිනාවකුත් දාගෙනම මට කතා කලා.
"මේ පළවෙනි එකද පොඩ්ඩො"
"හේ. ඔව්නෙ. අවුලක් නෑ ගහල දාන්නං"
පළවෙනි ශොට් එක අවුල් ගියාට ඊළඟට මම සිස්ටම් එක අල්ලන් ඒක ඉවර වෙනකංම ගැහුව.
මීට කලින් අරක්කු , සිගරට් මුකුත්ම බීල නැති මම , මත් වෙනව කියන එක මොනවගේද කියලවත් දැනන් හිටියෙ නෑ. ගංජ සුරුට්ටුව ගහල ඉවරවෙනකොටම නිකං අමුතු කරකැවිල්ලක් එක්ක , පොඩි ලල් එකක් දැනෙන්න ගත්ත මට.
"ආන් චතූ මිස් ආව. ඇඳුමක් දාන් වරෙන් පොඩ්ඩො. මූණ කටත් හෝදගනින්"
සංජීව මාම මට අපේ ගේ කෑල්ල පෙන්නල කිව්ව. මම ඒ දිහා බලනකොට අර කිඩ්නැප් කරපු කෙල්ල ගෙයි දොර ඇරන් , කොණ්ඩෙ පීර පීර එලියට එනව.
ඒකි දණහිස ගාවට විතර වෙන ඩෙනිමකුයි ටී ශර්ට් එකකුයි ඇඳන් හිටියෙ.
ගංජ සුරුට්ටුව ගහපු නිසා නිකං පාවෙන්න ගත්ත. අලුව කපන්න වගේ වැනි වැනි ගිහිල්ල , අරකිටත් කින්ඩි හිනාවක් දාල මම ඇතුලට ඇවිත් මූණ කට හෝදන් ශෝටකුයි කමිසෙකුයි දාගත්ත.
ගහපු සූස්තියට කණ පැලෙන්නම වැදෙන්න ගත්තම මම

ඇස් දෙකත් පියවෙන්න වගේ ආපු නිසා මම එහෙම්ම වැනි වැනි ඇවිත් ඇඳට ගොඩ වෙලා හරහට දපනෙ දාගෙන වැටුන.
නිකං පාවෙනව වගේ.....
ආපහු ඇහැරෙනකොට කාමරේ ඇතුලට පොඩි එලියක් එනව. ඇඳෙන් බැහැල කාමරෙන් එලියට එනකොටම දැක්කෙ, චතූ කෑම මේසෙ ඉඳන් රොටි කනව හොද්දක් එක්ක. කෑම මේසෙ උඩ භූමිතෙල් ලාම්පුවක්. මාව දැකල ඒකි ඔරවල බලල කතා කලා මට.
"ආ ඇහැරුනාද. ආපු ගමන් පටන් ගත්ත නේද"
මේකි මොකක්ද මේ කියන්නෙ.
"මොකක්ද පටන් ගත්තෙ?"
"ඇයි සංජීව අන්කල් කිව්වෙ ඔහේ ගංජ සුරුට්ටුවක් බිව්ව කියල."
"ආ... ඒක මේ නිකං... ඒක වැඩක් නෑනෙ ඔයාට"
"හා හා. වාඩි වෙලා කනව දැන්."
ඒකි කන්නෙ හෙන කැටයම් දාපු පෝසිලෙන් පිඟානක. මට තිබ්බෙ බෙලෙක් තහඩුවක් වගේ මගුලක්.
කෙහෙල් කොලයක් උඩ තිබ්බ රොටි තුන හතරෙන් රොටි දෙකක් අරන් ගහල ඇරියා. දවල්ටත් කෑවෙ නෑනෙ මුකුත්.
"අමරෙ ඒලෙවල් නේද. මේ අවුරුද්දෙ."
"ඉස්කෝලෙ යන්නෑ මං. ඒලෙවල් ලියන්නෑ ඒ නිසා"
"ඒ මොකද. විභාගෙ කරන් ඉන්නව මුලින්"
"වැඩක් නෑ අප්ප. ඔහේ ඉස්කෝලෙ යනවද"
"මම last year ඉස්කෝලෙන් අවුට් උනේ"
හුටා. මේකි අක්ක කෙනෙක්ද. සුමිත් අයියා කිව්වෙ මගෙ වයසෙම කියලනෙ. ඒ නිසා ගානක් නැතුව හිටියෙ.
"එ... ඒ කියන්නෙ ඔයා මට අක්ක නේද"
"ඔව් මෝඩයො. ඇයි මොකෝ. මාව ටෝක් කරන්නද හිතන් හිටියෙ"
ටෝක් කරන්න? මේකිව?
නැට්ට ගිනි අරන් ඉන්න වෙලාවක මේකි ආතල් එකේ කොහොම කතා කරනවද මංද.
"නෑ නෑ. පළවෙනි දවසෙම ටොක් කරන්නෑ. ටිකක් දවස් ගිහින් ටෝක් කරන්නෙ"
"අප්පටබොල. මේකා බලපියකො."
කියල චතූ අක්ක මගෙ අතට එකක් ගැහුව.
කයියක් දාගෙනම අපි රෑට කෑව. මුලින්ම හම්බුනු වෙලාවෙ මම ඒකි ගැන හිතන් හිටපු ඒව පොඩ්ඩ පොඩ්ඩ වෙනස් උනා කතා කරනකොට. මම හිතුවෙ මේකි පොස් , හෙන ලයින් කෙල්ලෙක් කියලනෙ. ඒ උනාට මෙයා හෙන හොඳ කෙල්ලෙක්. කාලයක් තිස්සෙ යකෙක් වගේ මාම කෙනෙක් එක්ක හිටපු නිසාද කොහෙද මේකිට සෑහෙන ගල් හිතක් තිබ්බෙ.
රොටි ටික කාල ඉවර වෙලා මම අපේ ගේ කෑල්ලෙන් එලියට බහිනකොටම , සංජීව මාමගෙ ගේ පැත්තෙන් මිනිහ වැඩ අල්ලනව ඇහුන.
කිරි කිරි සද්දෙකුයි ගෑනියෙක් කෙඳිරි ගාන සද්දෙකුයි හොඳට ඇහෙන්න ගත්ත.
අර අපි එනකොට දැක්ක කෙල්ලත් එලියෙ කොටයක් උඩට වෙලා අහස දිහා බලන් ඉන්නව. හඳ එලියත් වැටිල සේපට.
"කොහොමද ඉතින්"
සාකච්ඡාව පටන් ගන්න ඕනෙ නිසා මමම ස්ටාට් එක දුන්න ඒකි ළඟට ගිහින්. ඒකි ගැස්සිලා වගේ බැලුව මම දිහා. ඒකි පොඩ්ඩක් බයෙන් වගේ හිටියෙ කියල හඳ එලියෙන් දැක්ක මං.
"හො.... හොඳයි සර්"
"සර් කියන්න ඕන්නෑ. මම අමරෙ"
ඒකි හිනාවක් දාල අනිත් පැත්ත බලාගත්ත. තලෙලු හමක් තිබ්බට හෙන හුරුබුහුටි පෙනුමක් තිබ්බෙ ඒකිට. ටෝක් කරනවනං මෙන්න කෑලි.
"ඔයා ඉස්කෝලෙ එහෙම යනවද"
ඒකි ඔලුව දෙපැත්තට වනල නෑ කිව්ව.
මම කයියක් ගහන්න පටන් ගන්න හැමසැරේම ඒකි වචනෙන් දෙකෙන් උත්තර දීල සේප් වෙනව.
අන්තිමට තටමල තටමල විස්තර ටිකක් අහගත්ත මං ඒකිගෙන්.
ඒකිගෙ නම නිතිලි. අර ඇන්ටි මෙයාගෙ අම්මලු. තාත්ත මෙයාලව දාල ගිහිල්ල. ධර්මෙ මාම ගාවට ආවම මෙතන වැඩ පල කරන් ඉන්න කියල. සංජීව කාරය ඉතින් මේ චාන්ස් එකෙන් වැඩක් අරන් අනිනව ගානට.
සංජීව මාම බීපු දවසට මෙයාටත් කරදර කරනවලු. ඒ නිසා ඒ දෙන්න සුදියක් දාන වෙලාවට මෙයා ඉක්මනට එලියට ඇවිල්ල ඉන්නවලු.
මම කොච්චර කිව්වත් මේකි මට කතා කරන්නෙ සර් කියල. මට වඩා අවුරුදු දෙකක් බාලයි.
"දැන් කීයටද ඇතුලට යන්නෙ ඉතින්"
"අද එලියෙ ඉන්නම් සර්. සර්ල නිදාගන්න."
"එහෙම බෑනෙ ඉතින්. අපේ එකට එන්න. අපි එක්ක නිදාගමු."
ඒකි ලැජ්ජාවෙන්ද මංද හිනාවක් දාන් අහක බලාගත්ත.
සංජීව කාරය වැඩ අල්ලනව ඇහුන නිසා මමත් ගිනියම් වෙන්නම රත් වෙලා හිටියෙ. අතපත ගෑවත් සැපයි වගේ තේරුන නිසා මේකිව ලයින් කරගන්න බැලුවෙ.
"බය වෙන්න එපා. තව අක්කෙක් ඉන්නව ඇතුලෙ. එලියෙ ඉන්න බෑනෙ. ලෙඩ වෙයි. අපි ඇතුලට යං"
පස් හය වතාවක් බල කරල අන්තිමට යන්තන් මම ඒකිවත් එක්කගෙන අපේ ගෙට ආව.
"ඈ යකෝ. ආපු ගමන් ගෑණියෙක් ගෙනාවද ගෙට"
ගෙට ඇතුල් උන ගමන් නිතිලි නංගිව දැකල , චතූ අක්ක මගෙ ඇඟට ගොඩ උනා.
චතූ අක්කටත් සේපක් දාගෙන මම නංගිව තියාගත්ත.